Saturday 26 June 2010

ගමන දිගයි..යුග හතරයි....ඈවරයි..දෑවරයි

මේක නම් මයියාට හිතුනු දෙයක් නෙමේ. මයියා කොහේදි හරි අහපු දැකපු දේයක්. එත් හරියට මතකයක් නම් නෑ කවදා කොතනකදි කියලා. හැබැයි ඔය කාපු බීපු වේලාවලට මයියා එලියට දාන කථා සOග්‍රහයේ..මේකත් එක කථා වස්තුවක් තමයි..

හරි දැන් එහෙනම් කථාවට බහිමුකෝ..
කථාව නම් මේකයි..දැන් ඔය කොල්ලෝ, කෙල්ලො යාළු වෙනවා නෙව, යාළු වෙලා කාසාදත් බැන්දයි කියමුකො..කසාද බැදලා, දරුමල්ලො හදලා, ලොකුමහත් කරලා, අන්තිමේ වයසට ගිහිල්ලා පොලොවට පස් වෙලා යනවා..ඕක ඉතින් ජීවන චක්‍රය නොවැ..

කතාවේ හැටියට ඔය ඕනැම කොලු කෙලි සම්භන්දෙක අවස්ථා 4 ක් තියෙනවලු..

පලමු අවදියේදි කොල්ලයි කෙල්ලයි ලව් කරන අවධිය.අනේ ඒ කාලේට කොල්ලායි කෙල්ලයි හරිම එකිනෙකාට ආදරෙයි. අනේකා ගෙ තියෙන වැරදි, නොගැලපෙන දේවල් උනත් ඉස්මතු වෙනවා හොරයි..ඇයි ඉතින් දෙන්නම තම තමන්ගේ හොද දේවල් නේ අනිකට පෙන්නන්නෙ..මේ අවධිය ඉතින් හරීම සුන්දරයි..මේක ලියන කොට මයියටත් ඒ කලේ මතක් වෙනවා

දෙවැනි අවධිය එන්නෙ ජොඩුව බැදලා මාස කීපයක් , අවුරුද්දක්, දෙකක් යන කොට..එතකොට ඉතින් අර ලව් කරන කාලේ හOගගෙන හිටපු නොගැලපෙන ගතිගුණයි, නරක ගතිගුණයි දෙන්නගේන් ටික ටික එලියට එනවා, එකට ජීවත් වෙන කොට ඉතින් හැමදාම ඔවා හOගගෙන ඉන්නත් බැ නෙව......මේක ඉතින් ටිකක් දරුණු අවදියක්...රන්ඩු වැඩියි, නොරුස්සන තැන් වැඩියි..සමහර වේලාවට කෙලවර වෙන්නේ දික්කසාදෙන් තමා..ඔන්න කොහොම හරි අමාරුවේන් මේකත් පහු කරලා තුන් වේනි යාමයට පහන් වෙනවයි කියමුකෝ..

තුන් වෙනි යාමයෙදි තමයි දරු මල්ලො ලැබිලා, ජිවිතේ නියම ප්‍රශ්ණ ටික එලියට එන්නේ..ඒ ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න නම් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දෙන්නට එකට වැඩ කරන්න වෙනවා. මේවගේ දෙන්නා එකට වැඩ කරන කොට ,ඔන්න දෙන්න අතර අවබොධය විවිද අකාර වලින් වැඩ් වෙනවා..අඩු ලුහුඩු කම් ඉවසන්න පුරුදු වෙනවා..අවසානය වෙන කොට ටික ටික ප්‍රශ්ණ ටික අඩු කර ගෙන , අවසාන අවදිය වුන හතර වේනි යාමයට සැපත් වේනවා..

තියරියේ හැටියට මේක තමයි ගැඹුරුම ආදරය ඇති වේන , ආතල් ම අවදිය..මේ වේන කොට දෙන්නා හොදටම එකිනේකාව දන්නවා. අනෙකාට තරහා යන තැන්, අකමැති දේවල්, කැමති දේවල් ආදිය..මේ අවදියේදි දෙන්න ජීවිතේ අභියෝග වලට එක්ව මුහුන දීලා, ඒවයේ ප්‍රතිපල ගැන සතුටු වේන ගමන් අනේකාට ගැඹුරු ලේස ආදරය කරනවා..

මයියාට හිතෙන විදිහට මේ තියරියෙ ඇත්තකුත් තියෙනවා වගෙයි..මුල් යුග දෙක නම් මයියා පසු කරලා ඉවරයි..මය්යා හිතෙන විදිහට , දැන් මයියා ඉන්නේ තුන් වේන අවදියේ..

එකෙන් කමක් නැ..මයියට හිතුනා මේ තියරිය තව ටිකක් ඉස්සරහට ගෙනියන්න..මය්යා හිතන විදිහට..මේ ප්‍රධාන යුග හතරත් , ඒ වගේම වු තවත් අනු යුග හතරකට බේදෙනවා..ගලපලා බලන්නකො ඔගොල්ලන්ටත් මේ සීන් එක සෙට් වෙනවද කියලා..

7 comments:

  1. මයියා කියන කතාවේ ඇත්තක් තියෙනවා වගේ

    ඒත් මම දැකලා තියෙනවා සමහරු අවසාන කාලෙත් අනෙක් එකාට චෝදනා කර කර ඉන්න තමයි කැමති

    සමහර විට ඒක ජීවිත වල වෙනස් කල නොහැකි ගති ලක්ෂන වෙන්න ඇති . .

    වැඩේ කියනනෙ මම දැකපු ගොඩක් ඒවා ඒ වගේ නේ . .. .

    එතකොට මයියා කියපු දේට එක්ඟ වෙනන් බෑ වගේ . .

    එත් අද පරම්පරාව පොත් පත් කියවන නිසා කලාව රසවින්දින නිසා අනාගතේ ජීවිතයේ යථාර්තය දකී කියලා හිතෙන නිසා මයියා එක්ක මමත් එකඟ වෙනවා

    ReplyDelete
  2. තාම මට නම් ඔය අවධි එකක් ගැනවත් අත්දැකීම නැහැ නොවැ. ඒත් මට හිතෙනවා මේක හරි වෙන්නත් පුලුවන් කියලා. බලමුකෝ ඉස්සරහට :)

    ReplyDelete
  3. @ දුකා

    ස්තුතියි කමෙන්ට් එකට

    ඔව් මේක සමහර ජොඩු වලට හරියන තියරියක් නෙවේ..හැබැයි ටිකක් මධ්යස්ථව හිතන පතන ජොඩුවකට නම් හරි යයි වගේ..ම්O වටේ ඉන්න කීප දෙනෙන්ක් ට නම් මේක හරි වගේ..


    @ හසිත

    ස්තුතියි මේ පැත්තෙ අවාට..

    ඔව් මේ වගේ කතාවක් තියෙනවා කියලා හිතාගෙන, ලව් කරන දවසකට වැඩේට බහින්න්කො..හැල හැප්පිම් අවොත් එහෙම කථාව ප්‍රයෝජනවත් වෙවි..

    ReplyDelete
  4. සමහර දේ නම් සහතික ඇත්ත. ඒත් අත්දැකීමෙන් මුකුත් කියන්න බැරි මම පහුකලේ එක අවදියක් විතරක් නිසාමයි. ඒ අවදියත් නොසිතූ වෙලාවක් හොරු අරන් ගියා.....

    ජීවිතේ සමහර දේවල් තියෙනවා මේ විදියටම සිද්ධ වෙනවා කියලා අපි කාටවත් කියන්න බෑ.මයියා සඳහන් කරපු දේත් ඒ වගේ වෙන්න පුළුවන්.ජීවිතේ ගැන හොඳ අවබෝධයක් ඇති දෙන්නෙක් ඔය අවදි සාර්ථකව ජය ගන්නත් පුළුවන්. මොකද දෙන්නෙක් කියන්නෙ නොගැලපීම් ගොඩක එකතුවක්. ඔය නොගැලපීම් ගලපන්න ගියාමනෙ ප්‍රශ්ණ ඔක්කොම. ඒත් නොගැලපීම් ගැන අවබෝධයෙන් උන්නොත්........

    එහෙම නේද ?

    ReplyDelete
  5. මායියා27 June 2010 at 13:24

    @ දිල්

    බොහොම ස්තුතියි මේ පැත්තෙ අවාට..ඔව් ඔයා මේකෙ පලමුවෙනි අවධිය ගත කරලා ඇති..එත් තාම ඒක හොරු අරO ගිය හැටි තාම අපට කිව්වේ නැනේ..

    හරියටම හරි..දෙන්නේක් එකතු වෙනවා කියන්නේ නොගැලපීම් වල එකතුවක් තමා (ගැලපෙනවයි කියලා හිතාගෙන බැන්දට)..එවා 100% ගලපන්න ත් බැ..එකම දේ දෙදෙනාම එක එක මට්ටමේන් අනේකා වෙනුවෙන් කරන කැපවීමුයි..ආදරය කියන්නේ දෙන දෙයක් මිස ලබා ගන්න පුලුවන් දේයක් නේමේ....මයියා , ම්යියගේ බිරින්දැට ( ම්යිලේඩි ...ම්ම්ම්.. නැ ම්යියාවට ) ආදරේද කියන එක ම්යියාට කියන්න තේරෙන්නේ නැ...ඒත් ම්යියාට ඕනේ එයාව හැමතිස්සේම සතුටින් තියන්න..ම්යියා වත් එහෙම හිතනවා කියලා මයියට තේරිලා තියේනවා..අපි දෙන්නම මේ මට්ටමට හිතන්න ගොඩක් දුෂ්කර කාලයක් පසු කලා...තවමත් අපි ඉගෙන ගන්නවයි කියලා තමයි මයියියට හිතෙන්නේ....

    ප.ලි: මයියයි, මායියාවයි බැදින්න කලින් අවුරුදු පහක් ලව් කලා..උපරිමයෙන්..හි හි

    ReplyDelete
  6. මුලින්ම කියන්න ඕනෙ... මම ගොඩක් සටහන් කියෙවුවට කොමෙන්ටු දාන්නෙ බොහොම අඩුවෙන්...

    ම'අයියගෙ කතාව මටත් හිතෙන විදියට ගොඩක්ම හරි.
    මම නම් තාම ඕකෙ මුල් අවදියට වත් ඇවිත් නෑ..
    (ඇවිත් ආපහු ගියා)

    ඒත් හිතන්න පුලුවන්නෙ.

    හතර වෙනි අවදිය වඩාත්ම ගැලපෙන්නෙ යෝජිත ජෝඩු වලටද මන්දා...

    ReplyDelete
  7. මයියා27 June 2010 at 17:59

    @ සුලග

    බොහොම ස්තුතියි ගොඩ වෙලා, සටහනකුත් තබා ගියාට.

    ම්ම්ම්ම්...හතරවෙනි අවධිය ගැන මයිය ත් ප්‍රයොගික පරීක්ශනයට පෙනී හිටියේ නැනේ..හැබැයි ඔය තුන් වෙනි අවධිය හරිම කාර්‍යබහුලයි..දරුම්ල්ලොත් හම්බ උනාම වැඩ කෝටියයි...ලව් කරන්න තියා පොඩි රණ්ඩුවක් දා ගන්නවත් වෙලාව හොයා ගන්න අමාරුයි...එහෙම ගත්තොත් නම්.. අයේ ලව් කරන්න වෙන්නේ හතර වේනි අවධියේ තමයී..ම්යියගෙ පැතුම ඕක ඉක්මනටම උදා වෙන්න කියලා...මොකද ඔය හතර වේනි අවධිය උදා වෙන්න ජෝඩුව නාකි වෙන්නම ඕනේ නති නිසා..

    ReplyDelete

2222