Monday 26 July 2010

මයියා ගේ ආර්ය්‍ය කථාව..................

මයියා පොඩි කාලේ ඔය පොත් පත්තර කියවන්න ගන්න කොට මයියා ගේ ඇහැට වැටුනු වචනයක් තමයි "ආර්ය්‍යන්" කියන්නේ. මේ ගැන මයියා අප්පච්චිගෙන් ඇහුවම, ඒ ගැන එතරම් තෙරුමක් ඔහුට තිබුනෙ නැති උනත් , අප්පච්චි මයියාට කිව්වේ, අපි පැවතගෙන එන්නේ මීට අවුරුදු 4000 ට පමන කලින් ඉන්දියාවට වයඹ දිගින් ඇතුල් උන ආර්ය්‍ය න් ගෙන් කියල යි.



පස්සෙ මයියා ට යමක් කමක් තේරෙන කාලේ තේරුම් ගිය දෙයක් තමයි මේ ආර්ය්‍ය කියන වචනේ පාවිච්චි කරලා එක එක පොරවල් නියම සෙල්ලම් ටිකක් නටලා තියෙන විත්තිය. ඒක හින්දම මයියා ට හිතුනා මේ ආර්ය්‍යන් ගැන මයියා කියවා දැන ගත්ත කරුණු ටිකක් එලියට දැමීම වටිනවයි කියලා..

වචනේ තේරුම ගැන කියන්න කලින් මයියා මේ කියපු සෙල්ලම් ටිකකුත් මුලින්ම කියලා ඉන්න එක හොදයි කියලා මයියාට හිතෙනවා. මේ ආර්ය්‍යන් කියන නෙයියාඩකම් මාලාවේ ඉහලින්ම සදහන් වෙන්නෙ දෙවෙන ලෝක යුද්දෙට මුල් වෙච්ච් ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් ගේ නාසිවාදයයි. ජර්මානු නාසිවාදය අනුව , ආර්ය්‍යන් යනු ජර්මනිය භූමිය මූලිකව බිහිවු ශ්‍රේෂ්ඨ රණකාමී උසස් ජාතියක් ලු. ඔවුන් පසුව ලෝකයේ ගිණිකොණ දෙසට ව‍ය්‍යාප්ත වෙලා වර්තමාන ඉරාන, ඉන්දියානු හා රුසියානු (යුක්‍රේන්) සංස්කෘතීන් බිහිකරාලු..කොහොමින් කොහොම හරි දෙවන ලෝක යුද්දේදි හිට්ලර් ට ලක්ශ ගනන් මිනිස්සු මරන්න අවශ්‍ය න්‍යායික මතවාදය මේ ආර්ය්‍ය සංකල්පය හරහා බිහිවෙලා තියෙනවා..



තවත් හොද නෙයියාඩගම්ක් තමයි යටත් විජිත යුගයේදී බ්‍රිතාන්‍යන් විසින් ඉන්දියාවේ ඇති කරන ලද බේදීම. යටත්විජිත පාලනය කිරීමට බ්‍රිතාන්‍ය ජාතිකයන්ට තිබ්බ හොදම අයුදය තමයි " බෙදා වෙන් කර පාලනය කිරීම". මේක ඔය කාල්තුවක්කු, බොම්බ ආදීය අයුදවලට වඩා හොද මේවලමක්. ඉංග්‍රීසීන් තමන් ගේ යටත් විජිත වල පාරම්පරික වැසියන් අතර බේදීම් ඇති කරන්න නොයෙක් මථවාද පාවිච්චි කලා. ඔය ආර්ය්‍ය සංකල්පයත් ඒ වගේ මිනිස්සු අතර බේදීමක් ඇති කරන්න පාවිච්චි කරපු, ඒ මිනිස්සු මත බලෙන් පටවපු සංකල්පයක් බවයි මයියා කියවලා තියෙනනේ.මේ අනුව ආර්ය්‍යන් හා ද්‍රවිඩ යනු වෙනස් ජාතින් දෙකක් ලෙස අර්තකතනය කරනවා. මේකේ ශ්‍රී ලංකන් වර්ශන් එකතමයි ආර්ය්‍යන් ගේන් පැවත එන සිංහල හා වෙනත් ජාතියක් උන ද්‍රවිඩ යන බේදීම. අපි දෙගොල්ලන්ගේ කන බොන හැටි, මියුසික් අදී නොයෙක් දේ වල තියෙන වෙනස ගැන නොවෙයි මයියා මේ කියන්නේ. මයියා මේ කියන්නේ එක් ජාතියක් අනේකාට වඩා උසස් යැයි නොදැනීම මනසට පොවන ආර්ය්‍ය සංකල්පය ඔස්සේ එන බෙදීමයි..




හරි එහෙනම් දැන් කාරණාවට බහිමුකො..ඔය ආර්ය්‍ය කියන වචනය මුලින්ම හම්බවෙන්නේ පරන හින්දු ඉන්දියානු වේද ග්‍රන්ථ වලයි, මේවා බුදුහාමුදුරුවන්ගේ කාලයටත් බොහෝ පෙර ලි‍යැවී ඇත්තක්. ( ඔන්න මයියා පණ්ඩිතයා වගේ වේද ග්‍රන්ත ගැන කිවිවට , මයියා වේද ග්‍රන්ථ කියවලා නම් නැ..ඒත් මයියා මේ කියන කරුන ඇත්තක් බව වෙනත් ලිපි කීපයකින් මයියා සැක හැර ගෙන තියෙනවා)

වේද ග්‍රන්ත වල කියන අන්දමට එම පොත් ලියා ඇත්තේ මීට ඇවුරුදු 4000 ට එහා, වයඹ දිශාවේ සිට ඉන්දියාවට පැමිනි ජන කොටසක් ලු. ඔවුන් ආර්ය්‍යන් ලෙසයි හැදින්වෙන්නේ. පසුකාලිනව මේ ආර්ය්‍ය කියන වචනය බ්‍රහ්මණ, ක්ශතීය, වෛශ්ය්‍ය යන උසස් යැයි නම් කරන ලද කුල වල අය හැදීන්වීමට යොදාගෙන තිබෙනවා.

බුදුදහමේත් " ආර්ය" කියන වචනය වෙනත් තේරුමකින් භාවිතා වේනවා. ඒහීදී උප්පතිය අනුව වෙන් කිරීමක් නොව,අඩු කුලවල් යැයි සම්මත වූවන් නමුදු, යහපත් දේවල් වල යෙදෙන අය ආර්ය්‍යන් ලෙස හදුනවා දී තිබේනවා.

මේ ආර්ය්‍ය කියන සීන් එකේ තියෙන තවත් කතාවක් තමයි, ඉන්දු යුරෝපිය ආර්ය්‍ය භාෂා කුලකය" කියන සංකල්පය  මේකට නම් මුල් වෙලා තියෙන්නේ ජර්මානු ජාතික උගතෙක් උන මැක්ස් මුලර් මහත්තයයි. මේතුමා සංස්කෘත ගැන හොද දැනීමක් හා අසාවක් තිබ්බ කෙනෙක්. ඉන්දියානු ශිෂ්ඨාචාරයට හා සාහිත්‍යට ඒ මහතා තුල තිබ්බ අශාව කොතරම් ද කියනවනම්, ඒ මහත්තයා අන්තිමට ඉන්දියානු භාශා හා යුරොපියානු භාශා ඔක්කොම එකම මූලයකින් හෙවහ් ආර්ය්‍ය භාශා කුලකයකටඅයිතියි කියලා මථවාදයක් ගේනාවා.

මේකට ඉන්දියාවේ හිටපු සම්කාලීන රබීන්ද්‍රනාත් තාගෝර් පඩිතුමන් වැනි අයෙගෙත් සපොර්ට් එක හම්බ උන නිසා කථාව නැගලා ගියා. කොහොමින් කොහොම හරි මේ කතාවෙන් ප්‍රයෝජන ගත්තේ යටත් විජිත පාලකයන් උන ඉංග්‍රීසීන්. ඔවුන් මෙය දකුනු ඉන්දියාවේ ක්‍රිස්තියානි ආගම පැතිර වීමට යොදා ගත්තා. මොකද ඒ වන තුරුත් ද්‍රවිඩයන් ගේ ඉතිහාසය උනේ හින්දු අගම හා බැදුනු කතාවලුයි. ඉතින් හින්දු ආගම හා තිබිච්ච සම්භන්දය කඩලා දාන්න මේ කියන ආර්ය සංකල්පය ඉංග්‍රීසීන් යොදා ගත්තා...ඒ ඔබ ද්‍රවිඩයන්, හින්දු ආර්ය්‍යන් ගේන් වෙනස් කියන මථය ව්ය්‍යප්ත කිරීමයි..මේක තාමත් ද්කුනු ඉන්දියාවේ අයට නැගලා යන කථාවක්...

අම්මෝ....ලියලා ලියලා මයියගේ අතත් රිදෙනවා...මේදා පාර නම් මයියා ට නොදැනීම පෝස්ට් එක දිග වැඩි උනා...ඔන්න එහෙනම් මයියා ගේ ආර්ය්‍ය කතාව මේතනින් ඉවර කරනවා..කියවන්න කම්මැලි වගේ හිතුන නම් ඔන්න සමාවෙන්න ඔනේ........

12 comments:

  1. ඔව්..මෙන්න අදාල පොතකුත්

    http://en.wikipedia.org/wiki/Empire_(book)

    ReplyDelete
  2. නියමයි ම‍චං ස්තූතියි.... කාන්තාරයේ මං

    ReplyDelete
  3. මයියා27 July 2010 at 02:19

    @ වැම්පයර්

    බොහොම ස්තුතියි පොත ගැන කිව්වට, මයියා මේ පොත කියවලා නැ..ඒත් ඒක හොයාගෙන කියවලා බලන්න ඕනා...

    @ ඇනොනිමස් / කාන්තාරයේ මO

    බොහොම ස්තුතියි දිරි ගැන්වීමට

    ReplyDelete
  4. මයියා, මොකො බං බිංදුවට 0 ගහන්නෙ ..

    ReplyDelete
  5. ආර්යන් ගෙන පැවතගෙන එනවා යන්නට වඩා ආර්ය ආභාෂය ලබාගෙන භාෂාව හා අනෙකුත් සංස්කෘතිකාංග ඇති වී ඇති බව පෙනෙ.

    ReplyDelete
  6. මයියා28 July 2010 at 15:44

    @ වැම්පයර්

    මයියා ගේ කී බෝඩ් එකේ අවුලක් ඇත, සමහර වේලාවට ස්ලැශ් කී එක වෙනුවට වදින්නේ හැශ් කී එකය..එම නිසා බිOදුව ලිවීමට ඇතැම් විට නොහැක..කියවන විට සිදුවන අපහසු තාවයට සමාවෙන්න ඕනා...

    ReplyDelete
  7. සිංග්‍රීසි ට්‍රයි එකක් දෙන්න බලන්න. බින්දුවට එක්ස් අකුර තියෙන්නෙ.

    ReplyDelete
  8. මයියා28 July 2010 at 16:19

    @රවා,
    රවා එක පේලියකින් ලියා ඇති මුත්, ඒ කියන කරුණ බොහෝ විවාද සම්පන්නයි.මේ ආර්‍‍යයන් කියලා කොටසක් ගැන මිනිස්සු කතා කරන්න ගත්තෙත් ඔය භාෂාව මුල් කරගේනයි.. පොදු සOස්කෘතියක් ගැන නම් මයියා ට කියවන්න ලැබී නැ..එකම දේ භාෂාව පමණයි. ඒ නැතුව මේහෙම් ආර්‍ය් කොටසක් ගැන කිසිම පුරාවිද්‍යා සාක්ශියක්වත් හමු වී නැ..

    මේකේ මූලාමරම්භය තමයි 1786 දී සමුවෙල් ජෝන්ස් නමැති අයෙක් ඉන්දියාවේ සOස්කෘත හා ග්‍රිකයන්ගේ ලතින් භාෂාව අතර සමීප සඹ්හදකමක් ඇති බව පෙන්වීම. මේකට හේතු විදිහට අර්ත දැක්වුයේ මේ සියලු ජන කොටස් වල මූලාරම්භය එකම තැනකින් බව කීමයි.. මොවුන් ආර්‍යන් ලෙස නම් කෙරුනා..නමුත් මේවැනි සම්භන්දතාවයක් ගැන පැහැදිලි පුරාවිද්‍යා සාක්ශී නැ.. ඇමරිකානු ඉතිහාසකරුවන් මෙම ආර්‍ය සOකල්පය ප්‍රතික්ශේප කරනවා මෙන්ම මේය බ්‍රිතානයන් විසින් පාවිච්චි කර ඇති අකාරය ගැනද බොහො විට විග්‍රහ කරනවා.

    කොහොම හරි මයියා ට කියන්න තියෙන්නේ ආර්ය සOකල්පය පැහැදිලිව තහවුරු කර නැති සOකල්පයක් විතරක් බවයි..නමුත් මේ සOකල්පයක් පමනක් වු කතාවක් නිසා, ලෝක ඉතිහාස්යේ සිදු වි ඇති ඝාතන හා අරගල නම් බොහෝමයි..

    කෙසේ වුවත් මේ ආර්‍ය සOකල්පය වෙනුවෙන් පෙනී සිටින හා එයට විරුද්ධ ව ලියන අය අතාරත් විවිධ හැOගිච්ච අරමුණු තියෙන බව පේන්නට තියෙනවා..

    ReplyDelete
  9. මයියෝ.. මම නම් ඔය මාතෘකාවට එහෙමටම උනන්දුවක් නෑ.. හැබැයි ටික කාලෙකට කලින් නම් තිබ්බා.... 100% ෂුවර් මචං සිංහල කියන්නේ ශුද්ධ ආර්ය ජාතියක් නෙවෙයි කියන එක... ආර්ය ලක්ෂණ වලට ලඟින්ම යන ජාතිය තමයි ඉරාන් ජාතිය... මේක මුලින්ම මට දැනගන්ට හම්බවුනේ සිංහල ජාතිය ගැන සෑහෙන අධ්‍යයනයක් කරපු මනුස්සයෙක්ගෙන්... ඊට පස්සේ මාත් ටිකක් දුරට ඔය ගැන හෙව්වා.. පස්සේ හිතුණා මොන මඟුලක්ද කියලා...

    ReplyDelete
  10. මයියා29 July 2010 at 02:31

    @ පුතා

    පුතා හරියටම හරි..මේක අල්ලන් දගලන එක පිස්සු මගුලක්,,කොටින්ම කියනවනම් මේ අර්‍ය කියන සOකල්පය ඇති කරන්නේ ප්‍රශ්ණ මිස , තීබෙන ප්‍රශ්ණ විසදීමක් කරන්නේ නැ..

    ඒත් මේ කියන සOකල්පය ගැන ටිකක් හරි දැනගෙන ඉන්න එක ඇගට ගුණයි..මොකද ඔය හිට්ලර් වගේ පිස්සු පොරක් ඇවිල්ලා, මේ කරුණ පාවිච්චි කරලා, කවදහරි මිනිස්සුන්ගේ මොල හොදන්න ගත්තොත්, මේවා ගැන යන්තම් හරි දැන ගේන ඉන්න එක ඇගට ගුණයි...මොකද මිනිස්සුන්ගේ නොදන්නාකම පාවිච්චි කරලා තමන්ගේ බලය වැඩි කරගන්න මේ වගේ පුදිගලයන්ට තියෙන්නේ මාර හැකියාවක් නිසා..

    ReplyDelete
  11. මයියෝ... උඹ සෑහෙන්ට ඉස්සරහින් හිතලා.. නියමයි මචං.... මටත් හිතුනා ජෝකර්ලා බස්සලා මේ Brain wash කරගෙන යන්නේ මොකක් හරි ජිල්මාට් එකකට තමා කියලා.. ඒත් උඹ කියනකම් ඔය ආර්ය සීන් එක ඕකට සම්බන්ධ කරගන්ට පුළුවන් කියලා මීටර් වුනේ නෑ.. අනේ මන්දා මචං... සදාම් හුසේන් බොරුවට කෑගහලා ඇරගත්තා වගෙ ඇරන් තියාගන්ටද හදන්නේ කියලා..

    ReplyDelete
  12. aryayan yanu bududahamata anuwa honda wada karana aya nemei , sowan sakrudagami , anagama, maharahath uthuman ha arya ashtangika margaye gaman karana niwana aramunu kara gath shrawakayan.

    ReplyDelete

2222