Friday 2 July 2010

සිංහල ලේ පරිශුද්ධ ද?

මයියා ට හිතෙන්නේ එක එක දේවල්ය. පසුගිය දොහේ ආදරය ගැන කුප්පි දාපු මයියා ට මෙදා පාර හිතෙන්නේ සිංහලකම ගැන මයියා කියවා දැන ගත් කරුණු ටිකක් වමාරන්ටය.

සිංහලකම හි ආරම්භය ගැන එක එක මත මයියාට ඇස ගැටී ඇත්තේ ය. මෙයින් වඩා ප්‍රසිද්ධ හා පිලිගත් මතය වන්නේ මහාවංශයේ සදහන් වී ඇති පරිදි බුද්ධපරිණිර්වාණය දින සිදු වු විජය කුමරුගේ ලංකාවට ගොඩ බැසීමත් සමග සිංහලත්වය ආරම්ඹ වූ බවයි.ඉන්පසුව මදුරාපුරයෙන්( දකුණු ඉන්දියාව) හා ඉන්දියාවේ වයඹ දිග සිට පැමිණි ශාක‍ය්‍ය වංශික කුමරුන්ගේන් සිංහල ජාතිය ගොඩ නැගී ඇත.ඉන් පසුව ක්‍රි.පු 3 වන සියවසේ දි සිදු වු මහිනදාගමනයත් එමගින් ලැබුනු බුදුදහම හා කලාශිල්ප මගින් සිංහලත්වය ශක්තිමත් වී ඇත.

තවත් මතයක් වන්නේ පණ්ඩුකාභය රජ කාලයේදී විජය රජු දවස සිට පැවති පිරිසත්, ලංකාවේ (එකල හෙලයේ) එතෙක් සිටි යක්ෂ හා නාග ගොත්‍රිකයනුත් එකතු කර පණ්ඩුකාභය රජු විසින් සිංහල ජාතිය ආරම්භ කරන ලද බවයි. (ජැක්සන් මහත්තයාගේ අබා චිත්‍රපටියට මෙම මතය පාදක වී ඇත)

නලීන් ද සිල්වා මහත්තයා ගෙනෙන නවතම මතයකට අනුව නම් නියම ලෙසම සිංහල ජාතිය බිහි වී ඇත්තේ දුටුගමුණු යුගයේදීය. ගැමුණු කුමාරයා පරාජය කර ඇත්තේ දෙමල රජකු නොව එලාර නම් යක්ෂ ගොත්‍රිකයෙක් ය. කාශ්‍ය්ප රජුන්ගේන් පසුව මුගලන් යුගයේදී මේ කර්තව්‍ය සම්පූර්ණ වී ඇත .කාශ්‍යප රජු මව් පාර්ශවයෙන් යක්ෂ වන අතර මුගලන් කුමරු අතින් ( රකුසු මුගලන්) පරාජය වී ඇත්තේ මේ යක්ෂ ගොත්‍රිකයන් ගේ දේශපාලනයයි. එතුමාට අනුව වර්තමාන වැදි ගොත්‍රිකයන් හා යක්ශ ගොත්‍රිකයන් යනු දෙපිරිසක්ය.

එතකොට එල්.ටි.ටි.ඊ න්‍යාචාර්යවරයා උන බාලසිංහම් මහතාට අනුව ක්‍රි.පු 6 වන සියවසේ විජය රජු ලංකාවට පැමිනෙන විට මේරට සිට ඇත්තේ ද්‍රවිඩ ජාතිකයන්ය.ද්‍රවිඩයන්ගේ පාරම්පරික නිජභූමිය , විජය රජුගේන් පැවතෙන සිංහලුන් විසින් පැහැර ගේන ඇත.

ක්‍රි.පු. 5 සියවසේ ලියැවී ( කාල සීමාව ගැන එකග තාවයක් නැත) ඇති වාල්මිකී ගේ රාමායනයේ එන රාවාණා රජු හා සිංහලකම ගැනද අදහස් පවතී. රාවණා රජු ද ඉන්දියාවේ සිට ලංකාවට පැමින ලංකාව පාලනය කල රජෙක්ය,නමුත් රාවණා රජු ට පෙර සිටම ලංකාවේ හෙලයන් ( රාක්ශ,යක්ශ, නාග දේව) සිටි බව කියැවේ. බුදුදහම ලංකාවට පැමිනි පසු හෙලයන්ගේ දිවයින වු හෙල ය , සිOහල වු බව කියැවේ.

මයියා ලියන්න ගියේ වෙන යමක්ය. නමුත් ලියන්න ගිය දේට සෙට් වෙන කොට , පොස්ට් එක ගොඩක් දිග වැඩි බව මයියා ගේ ටිකිරි මොලේට මීටර් වී ගියේය. ඒ නිසා කියන්න ගිය දේ ඊලග පෝස්ට් එකෙන් දමනවාය.

ආ තව එකක් කියන්න ඕනැය. මයියා ඉතිහාසය අවුසන්නේ නැති බේද ඇති කරන්නවත්, තියෙන බේද වැඩි කරන්නවත් නොවන බවයි. මයියාට අවශ්‍යය වනුයේ වර්ථමාන යේ අප කල යුත්තේ කුමක්දැයි කියා මයියා ගේ අදහස කියා පැමටය..


ප.ලි.: බින්දුව හරිහැටි ටයිප් කරන විදිහ දිල් නගා මයියාට කුප්පියක් දැමු මුත් මේවර ද එය හරි හැටි ටයිප් කිරී නැත්තේ, මයියා ගේ කීබොඩ් එකේ වරදක් නිසාය.

22 comments:

  1. කොහෙන් මොකාගෙන් පටං ගත්තත් ඉවරවෙන්නේ වලපල්ලෙනේ..ඉතින් මක්කටෙයි ඔය වෙනස් කන්..කොහොමටත් අපි (ශ්‍රිලාන්කිකයන්) තරම් පාරිශුද්ද ලේ තියෙන ජාතියක් තව ඉන්න විදිහක් නෑ...මොකද අපෙ ලේවලින් 50% විතර අරක්කුනේ...ඉතින් අඩුමගානෙ 60%වත් proof ...තව කවර නම් කතාද..:D...

    ReplyDelete
  2. මයියා2 July 2010 at 10:17

    හේමලයා ගේ පැමිනීමට මයියා ගේ තුති..විහිලුවෙන් නමුත් හේමලයා අසා ඇති පුරස්නයනම් බරපතලයි. හැමෝම වලපල්ලට යනකල ඉන්න ටිකේ වෙනස් කමක් මොකටද? ගොඩක් සිOහල, දෙමල ආදී නොයෙක් ජාතිකවාදීන් කොර වෙන ප්‍රශ්ණයක් තමයි මේක.

    මයියා ගේ අදහස විවිද ජාතින් නිරුපනය කරන්නේ විවිද දැනුම් පද්දති බවයි.

    උදහරනයක් ලෙස සමාජ්යක ට විවිද අදහස් තිබේන පුද්ගලයින් ඉන්නවා.ඔවුන්ගේ විවිදත්වය තුලින් සමාජය අදහස් අතින් පෝසත් වෙනවා, තනිමථයකට සමාජය වැරදි පැත්තකට යොමු කරන්න බැ. විවිද අදහස් තුලින් වඩා හොද මතයක් සමාජය හි ස්ථානගතවෙනවා. හැබැයි ප්‍රශ්නේ එන්නේ කවුරු හරි තමන්ගේ මථය අනිත් අයට බලේන් එත්තු ගන්නවන්න හදනකොට තමයි. එතකොට මයියා කලින් කිව්ව විවිදත්වය තුලින් නිවැරදි දෙය කරා ලගා වෙන්න බැ.

    ලොකයට විවිද ජාතීන් අවශ්‍ය වන්නේත් ඔය විවිත්වය හා විවිද දැනුම් පද්ධති ලෝකයට අවශ්‍ය වන නිසයි, හැබැයි ජාතීන් අතර ගැටුම් ඇති වී මනුශ්‍ය ගතිගුණ තුරන් ව යනව නම්, ඒ ජාතිකත්වයේන් තේරුමක් නැ.

    ජාතිකත්වය කියන්නේ කියතක් වගේ ආයුදයක්..එක පාවිච්ච් කරලා හොද නිර්මාණ ලොකයට බිහි කරන වා විනා අනිත් මිනිස්සුන්ගේ බෙල්ල කපා දැමීමට එය පාවිච්ච් කිරීමට මයියා කැමති වෙන්නේ නැ

    ReplyDelete
  3. මම නම් ජාතීන් ආගම් හෝ වෙන මොන යම් අයුරකින් හෝ මිනිසුන් වෙන් නොකල යුතුයි යන මතයේ ඉන්නේ. පළමු දේ මනුෂ්‍යත්වය. අන් හැම දෙයක්ම ඊට පරිබාහිර වේ. සම්මත ලෝකයේ අප දමාගෙන ඇති වැට කඩුළු වලට උඩින් ගොස් බැලූ විට මේ සියල්ල කෙතරම් බොරුවක්දැයි වැටහේ.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  4. මයියා2 July 2010 at 10:48

    @මැණික්

    මැණික් කියන දේට මයියා 100% එකගයි..පලමු දෙය මනුෂ්‍යත්වය.
    ජීවිතයේ යථාර්තය තෙරුම් ගැනීමට උත්සහ කිරීමේදී මේ බේදීම් කිසි වැඩකට නැති දේවල්ය. එයට ද මයියා එකගය.

    නමුත් මිනිසුන් සමග සමාජයේ ජීවත් වෙන විට මේ විවිදත්වය ඉබේ ඇති වෙන්නක්ය. එය ප්‍රතික්ශේප කරනවාට වඩා, මේ විවිදත්වය පිලිගෙන එයින් ලෝකයට යහපත් දෙයක් දීම වඩා ගැලපෙන බව මයියා ගේ අදහසය.

    මැණික් ගේ සටහනට මයියා ගේ ස්තුතිය

    ReplyDelete
  5. මේ ලිපියෙන් ඔයා සිදු කර ඈත්තේ දත්ත ඉදිරිපත් කිරීමයි. ඔයාගේ විශ්ලේෂණය එන්නේ ඊළඟ පොස්ට් එකෙන්.. මම හරි නේ? :)

    ඒත් ඔයාගේ දර්ශනය ඉතාම පෑහෑදිලිව පේනවා කොමෙන්ට්ස් වලින්.

    මම ආසාවෙන් ඉන්නවා ඊළඟ ලිපිය කියවන්න. මමත් මේ මාතෘකාව ගෑන උනන්දුයි. මේ සම්බන්ධයෙන් ලියෑවුණු පොස්ට් දෙකකට මම ලියපු කොමෙන්ට්ස් ටිකත් ඔයාගේ ඊළඟ ලිපිය ලියන්න කලින් බලනවා නම් මම කෑමතියි. ලින්ක් පහත දාලා තියෙනවා.
    සුබපතනව.

    http://kepilla.blogspot.com/2010/06/blog-post_06.html

    http://kepilla.blogspot.com/2010/06/blog-post_5119.html

    ReplyDelete
  6. මයියා2 July 2010 at 20:29

    @පිටස්තරයා-2

    පිටස්තරයා-2 ගේ පැමිනීම මයියා ඉතා අගේ කොට සලකනවාය. පිටස්තරයා-2 ගේ ඉතිහාස අවබෝධය හි දිග පලල ගැන මයියාට අවබෝධයක් ඇති අතර මයියා ලියන කරුනු සම්භන්ධයෙන් විවේචනාත්මක ප්‍රතිචාරයකට මයියා ඉතා කැමතිය.

    පිටස්තරයා-2 යොමු කල තැන් වලට මයියා ගොඩ වු අතර ඒමගින්ද මයියා යමක් මීටරේට් දා ගත්තේය,

    පිටස්තරයා-2 අතිශය කාර්‍යබහුල යුගයකදී, මයියා ගේ කෙටි දැනුම් දීමකින් මෙහි පැමිනීම ගැන නැවත වරක් මයියා ගේ ස්තූතිය.

    ReplyDelete
  7. සිංහලයගෙ මුල පැහැදිලි නෑ. ඒ ගැන හොය හොය නැති පුරස්න, නැති වාද අවුල ගන්නවට වඩා හොදයි නිකම් හිටිය නම්

    ReplyDelete
  8. මයියා3 July 2010 at 15:14

    @පද්දා

    පද්දා ගේ යෝජනාවට බොහොම ස්තුතියි.

    මයියා ගේ අරමුන සාමකාමිය.

    ReplyDelete
  9. සිංහලයාගේ ආරම්භයටත් වඩා ගැටළුවක් වන්නේ වර්තමාන හා අනාගතයේ සිංහලයාගේ තත්වය කුමක් වේවිද කීයන එකයි....

    ReplyDelete
  10. මයියා5 July 2010 at 16:56

    @ හසිත

    ඔබගේ අදහස හා මයියා එකග වනවාය. මේ ලිපි කීපය ලිවීමේ මුලික් අරමුනද මේයම වෙන වා. ලිපි පෙල අවසානයේ මයියා මේ පිලිබද අදහස් දැක්වීමට සිතා සිටිනවාය.

    ReplyDelete
  11. @ හසිත

    //සිංහලයාගේ ආරම්භයටත් වඩා ගෑටළුවක් වන්නේ... අනාගතයේ සිංහලයාගේ තත්වය..//

    ඈයි හසිත සිංහලයාගේ අනාගතේ විතරද ප්‍රශ්නේ? අද අපේ සහොදර දෙමළ ජාතියම අනාථ ජාතියක්. ඒ අයගෙත් අනාගතේ අපිට වෑදගත් නෑත්ද?

    @ මයියා
    //ඔබගේ අදහස සමග මයියා එකඟ වෙනවා. මේ ලිපිය ලිවීමේ මූලික අරමුණද එයම වෙනවා...//

    මයියා, ඔබ අවසානයට කියන්න හදන්නෙත් ලාංකිය දෙමළා නොසළකා හෑර සිංහලයාට වූ විපතක් ගෑන නම් මේ බ්ලොග් අඩවියට පෑමිණීම ගෑන පවා මම දුක් වෙනවා.

    ReplyDelete
  12. මයියා5 July 2010 at 20:30

    @ පිටස්තරයා-2

    ඔබගේ අදහස් මයියා සැමවිටම ඉතා අගය කොට සලකන අතර ලිහන්නට තිබෙන මල්ල ඔබා නොබලන ලෙස කාරුණික ඉල්ලීමක්ද මයියා ඉල්ලා සිටිනවා.

    ඔබගේ අදහස් දැක්වීම් හා ලිපි සම්භන්ද විවේචන මයියා ගේ ඇතැම් අදහස් පෝශනයෙහි ලා ඉමහත් ලෙස ඉවහල් වු බවද මයියා දැඩි ලෙස විශ්වාස කරනවා.

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. Please don't get intimidated by so called Pseudo-Humanitarians. It is your blog you have the right to express your views whether someone likes or not. Don't be intimidated by their threats.

    ReplyDelete
  15. මයියා7 July 2010 at 07:09

    @ Sl


    ඔබගේ අදහස ට බොහොම ස්තුතියි.

    මයියා විවිද අදහස් වලට ගරු කරන අතර, මයියා නිවැරදි යැයි විශ්වාස කරන අදහස ප්‍රකාශ කිරීමට ද මයියා ගේ කිසිම පැකිලීමක් නැත.

    ReplyDelete
  16. මයියෝ යට task bar එකේ EN තියෙන තැන click කරලා ඉන් පස්සේ එන EN,TA,SI කියන තුනෙන්,SI කියන එක Select කරන්න..ඉන් පස්සෙ ඔයාට "අං" ශබ්දය ගන්න ඕනේ තැනට key board එකෙන් "x" ගැහුවාම නිකන්ම බින්දුව (අනුස්වාරය ) එනවා....

    ReplyDelete
  17. මයියා7 July 2010 at 14:31

    @ SL

    ඔබ ගේ අදහසට මයියා ගේ ස්තුතිය.

    ඔබ ව්‍යාජ් මානවහිතවාදීයෙක් ලෙස නම් කර ඇත්තේ පිටස්තරයා ගැන නම්, මයියා කිසිලේසකින්වත් පිටස්තරයා ගැන ඒ අකාරයෙන් නොසිතන බවත්, ඔහුගේ අදහස් මයියා ට ඉතා වැදගත් බවත් කියා සිටිනවා.

    මයියා තමා හරි යැයි කියා සිතන අදහස් ප්‍රකාශ කිරීමට කිසිම පැකීලීමක් නැතිවා මෙන්ම , මයියා එම අදහස් වැරදි යැයි පෙන්වා දුනහොත් ඒවා වෙනස් කර ගැනීමටත් පැකිලීමක් නැති බව නිහතමානීව පවසනවා .

    ReplyDelete
  18. මයියා7 July 2010 at 14:36

    @නිනු සත්‍යා

    සත්‍යා ගේ උපදේසට බොහොම ස්තුතියි. සත්‍යා ගේ සත්‍යයයෙන් මෙවර හෝ මයියා ගේ ටයිප් කිරීම නිවැරදි වේ වා යි මයියා ගේ පැතුමයි.

    ReplyDelete
  19. බාලසි0හම් ට මහතා කියනවාට මම එකග නෑත..ප්‍රබාකරන් ට මහථ කියල සමහරු ආමන්ටරනය කරද්දි එය පට්ට ගෑසු සින්හල අපිට ඔබද කරන්න්නෙ විහිලුවකි...දෙවන හා තෙවන කොටස් කියවා දිගු උට්තරයක් ලියන්නම්...ඔබට ජය!

    ReplyDelete
  20. @ ඪොන්ඪ්

    දොන් ගේ පැමිනීමට ස්තුතියි.

    දොන් යම්කිසිවකු අමතන අකාරය ගැන මයියා ට ගැටලුවක් නැත.

    එහෙත් මයියා මේ ලිපිය මගින් කිසිම පුද්ගලයෙකු පහත් හෝ උසස් කර කථා කරන්නේ නැත, එම නිසා පුද්ගයකුගේ නම ඉදිරියේ මහතා ලේස සාමාන්‍ය ව්‍යවහාරයට අනුව යොදා ඇත. පුද්ගලයෙකු උසස් හෝ පහත් වන්නේ ඔහුගේ ක්‍රියවෙන් බව මයියා විශ්වාස කරන්නේය.

    මයියා දැනටමත් ඉතිරි ලිපි ලියා ඇති බැවින් දොන් හට එවා කියැවීමට බාධාවක් නැත.

    ReplyDelete
  21. "පරිශුද්ධ" කියන එකෙන් අදහස් කළේ මොකක්ද?
    එතකොට "පරිශුද්ධ නොවන" ලේ කියන්නෙ මොනවටද?

    ReplyDelete
  22. @ Akila J

    ලිපිය ලියා බොහෝ කල් ගත වී ඇතත්, අකිල ගේ පැමිණීමට ස්තුතියි..මයියා පාරිශුද්ධ කියා අදහස් කර ඇත්තේ සිOහලයා ජානමය අතින් කලවම් වීම/ නොවීමයි,,,මෙයට සම්භන්ද අනිත් ලිපි හා ඒ හා බැදුනු අදහස් පල කිරීම් ද කියවන ලේස මයියා අකිලට ඇර්යුම් කරනවා

    ReplyDelete

2222