Sunday 24 October 2010

ඩැනිෂ් කුකීස් හා ලOකාවේ බුදුදහම


මයියා මේ ලගදී ෂොපින් ගියේය. ගියේ සුපර් මාර්කට්ටුවකටය. වැඩිදුරක් යන්නට ලැබුනේ නැත. මයියාගේ ඇස ගැටුනේ ඩෙන්මාර්කයේ නිෂ්පාදනය කොරන ඩැනිශ් කුකීස් බිස්කට් ටින් එකක් ලගය. මේ බිස්කට් ගැන මයියා ට පොඩි කාලයේ රසවත් මතකයක් ඇත. බිස්කට් ටින් එක දැක්ක ගමන් මේ බිස්කට් කුකීස් වල රස මයියා ගේ දිවගට දැනෙන්න ඇත්තේ ඒ නිසා විය යුතුය. අවුරුදු ගාණක් තිස්සේ කොතක් සේ ගසා ගන්නා බත් පිගානට රසාඥතාවය සීමා කල මයියා ට, බිස්කට් කුකියක රස වැටීමත් එක්තරා පුදුමයකි....

පොඩි කාලයේ මයියා ගේ ගෙදරට මේ වර්ගයේ බිස්කට් ටින් එකක් තැගී ලැබුනේය. ඒ දවස් වල මේ වර්ගයේ බිස්කට් ටින් එකක් යනු ලක්ෂරි අයිටම් එකකි. පුරුද්දක් වශයෙන් මෙවැනි දෙයක් ලැබුනු විට ගෙදර අය එය පාවිච්චියට ගත්තේ නැත...( ඒ කාලයේ හැම ගෙදරම එසේ දැයි කියා මයියාට අවබෝධයක් නැත... මයියා ට දැන් තියෙන අමාරුව වගේ එකක් ඒ කාලයේ තිබුනා නම් ඒ ගැනත් හරියටම කියන්න තිබුනාය..කෙසේනමුත් මයියලාගේ ගෙදර එසේ විය...)
කොහොමින් කොහොම නමුත් එදින වෙනදා මෙන් නොවීය...අපි එකතු වී බිස්කට් ටින් එක කැඩුවෙමු...පට්ටය..බිස්කට් ටික නම් මරුය...අවුරුදු විස්සකට පසුත් මයියා ට ඒ බිස්කට් රසය මතක් කරවන තරම් මරුය...


මේ බිස්කට ගැන ලියන ගමන් මයියා ට හැගීගියේ ලOකාවේ බුද්ධාගම කියන්නේත් මයියලාගේ ගෙදර බිස්කට් කැම වගේ කියලා ය..මන්ද මයියා ලා කලින් කලේ ගෙදරට ලැබෙන හොද දේවල් , ගෙදරට එන අමුත්තෙකුට දෙන්න ඉතුරු කල එකය,,, නැතිනම් ගෙදරකට යන විට තැගි ලෙස ගෙන යන්න තියා ගත්ත එකය..

ලOකාවේ බුද්ධාගම ද එසේය. මිහිදු මහා රහතන් වහන්සේගේන් අපට බුදධාගම තැගි ලැබුනේය..පරම්පරා ගනනක් තිස්සේ එය අපි තැග්ගක් ලෙස ඊලග පරපුරට තැගී කරන්නේය..කලින් පරම්පරා ගැන මයියා කතා කරන්නේ නැත ...මයියා ගෙ සමකාලින පරම්පරා නම් ලැබුනු තැග්ගේන් වැඩක් ගන්නේ නැත,, එහෙත් ඔවුන් එය ඊලග පරම්පරාවට තැගී කරන්න හිතා ගේන ඉන්නවාය. එසේ කිරීමට ද මාරම වෙහෙසක් ගන්නවාය..ඒ සදහා ඔවුන් දිවිහිමියෙන් උවත් ඉදිරියට එන්නේය...අඩුම වශයෙන් කථාවට හරි එසේ කියනවාය

ප්‍රශ්ණය තියෙන්නේ මයියා ලාට ඩැනිශ් බිස්කට් එක කඩා එහි රස බලන්න හිතුනා වගේ .....පරම්පරාවෙන් පරාම්පරාවට තැගී ලැබුනු බුද්ධාගම තුලට කිදා බසින්නට, එහි රසය විද ගන්නට මේ පරම්පරාව සිතන්නේ නැති වීමය..ඒ සදහා ඔවුනට වෙලාවක්ද නැත..ඔපිස් එක වැඩයි, ගෙදර දරුවන්ගේ වැඩයි සෙට් උනාම ඉතුරු වන්නේ මෙගා ස්ටාර් බලා නින්දට යන වෙලාව විතරය..
කොලුවන්ට නම් ක්ලාස් ගොස් බස් ස්ටැන්ඩ් එකේ වලක් බැස, ගැණු දරුවෙකුට සූවක් දමා ගෙදර ඇවිත් ෆෙස්බුක් ස්ටෙටස් අප්ඩේට් කලාම මල් කඩන වෙලාව එන්නෙය....කෙලි පොඩිත්තන්ගේද වැඩි වෙනසක් නැත..කාට කාටත් වෙලාවක් නැත...ඒක නිසා බුදුදහමේ මොනවා තිබුනත් කමක් නැත..පරම්පරාවෙන් ලැබුනු නිසා ඊලග පරම්පරාවට දුන්නම හොදටම ඇතිය...ඒකට ඉරිදට පන්සල් ගොස් ලමයි ටිකව දහම් පාසල් යවා අවුරුද්දකට පාරක් දානයක් දුන්නම වැඩියත් එක්කය...

පසුව ලියමි;

මයියා බ්ස්කට් ටින් දෙකක්ම මිල දී ගත්තේය..එක බිස්කට් ටින් එකකට නම් මයියා තනියෙන්ම වග කී අතර මයි පැටවුන් ඉතිරි එකට වග කීවේය...මයියාව නම් සිනාමුසු මූනෙන් මයි තාත්තලා හා පුතාලාගේ බඩජාරී කම බලා සිටියාය..

2222