Tuesday 26 April 2011

බැන් කී මූන් අක්කා පෙන්නා නංගී දීම


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා වන බෑන් කී මූන් මහතා විසින් ශ්‍රි ලංකාව සම්භන්ධයෙන් පත් කර ඇති ත්‍රි පුද්ගල උපදේශක කමි‍ටුව හා ඔවුන්ගේ වාර්තාව පිලිබදව මේ වනවිට ලංකාව තුල ඉමහත් ආන්දෝලනයක් ඇති කරමින් පවතිනවා. පවතින අසීරු ආර්ථික තත්වය යටතේ, සාමාන්‍ය ජනතාව තම එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීමට මහත් වෙහෙසක් දරන අතර තුර ලාංකික දේශපාලනයේ මහා මොලකරුවන් මේ වන විට මෙකී ත්‍රි පුද්ගල කමි‍ටු වර්තාව සම්භන්ධයෙන් අනුගමනය කල යුතු ක්‍රම උපායන් පිලිබදව හදාරමින් සිටිනවා. මෙවන් වතාවරනයක් තුල මෙකී කමි‍ටු වාර්තාව හා එහි දේශපාලන ප්‍රතිවිපාක පිලිබදව කතා කීරීම කාලෝචිත මාතෘකාවක්.

2010 ජූනි 22 වෙනි දින එක්සත් ජාතින්ගේ මහලේකම්වරයා පත් කරන ලද මේ උපදේශක මණ්ඩලය තම අවසන් නිගමන ඇතුලත් කමි‍ටු වාර්තාව, 2011 අප්‍රියෙල් 12 වෙනි දින මහලේකම්වරයා වෙත භාරදුන්නා. එදිනම මහලේකම්වරයාගේ දෙවෙනියා උන විජය නම්බියාර් මහතා විසින් මෙහි පිටපතක් එක්සත් ජාතින්ගේ ශ්‍රි ලංකා කාර්‍යාලයේ උප නියෝජිතයා වුන මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතට නිල වශයෙන් ලබා දුන්නා. මේ වාර්ථාව සම්භන්දයෙන් වැදගත් කරුනක් වන්නේ මෙය තාක්ෂනික වශයෙන් එක්සත් ජාතින්ගේ ලියැවිල්ලක් ලෙස හුවා දැක්වීමට ඇති නොහැකියාවයි. නමුත් ඇතැමුන් මෙය එක්සත් ජාතින්ගේ සංවිධානයේ වාර්තාවක් ලෙස නාමිකව හදුන්වනවා.මෙය වැරදි යෙදීමක්. එසේ වන්නේ, මෙම වාර්ථාව ඒක්සත් ජාතින්ගේ සංවිධානය හෝ එහි අනුබද්ධිත සංවිධානයක් තම සමාජික රටක් අරඹයා කරන ලද වර්තාවක් නොවෙන්නක් වන නිසායි. මෙය හුදෙක් මහලේකම්වරයා විසින් තමන්ට වැඩිදුර කරුනු ලබා ගැනීම සදහා පත් කරන ලද පෞද්ගලික කමි‍ටුවක්. මෙම කමි‍ටුව පත් කිරීමද විවාදසම්පන්නයි. මෙවැනි කමි‍ටුවක් පත් කිරීමට මහලේකම්වරයාට ඇති නෛතිකම හිමිකම පිලිබදවද විවිද මතිමතාන්තර පවතිනවා. ඒ කුමන මතිමතාන්තරයක් පිහිටියත් මෙම ලියවිල්ල එක්සත් ජාතීන්ගේ ලියවිල්ලක් ලෙස නාමිකව හැදින්වීම තාක්ශනික වැ‍රැද්දක්.

මෙම ත්‍රි-පුද්ගල කමි‍ටුව සමන්විත වන්නේ හිටපු ඉන්දුනීසියානු නීතිපතිවරයෙක් උන මාර්සුකි දරුස්මාන් (සභාපති), දකුනු අප්‍රිකානු මානව හිමිකම් උල්ලංගනය පිලිබද කමි‍ටු සමාජිකාවක් උන යැස්මින් සූකා සහ ජාතීන් අතර ගැ‍ටුම් වලදී සිදුවන මානව හිමිකම් කඩවීම් පිලිබදව පොතක් ලියා පල කර ඇති ඇමරිකානු ජාතික ස්ටීවන් ‍රැට්නර් යන අයවලුන්ගෙනුයි. මොවුන් අතරින් කමි‍ටු සභාපති මාර්සුකි දරුස්මාන් මහතා ගේ පත් කිරීම අතිශය විවාද සම්පන්නයි. මේකට ප්‍රධානතම හේතුව වන්නේ 2006 වසරේදී ඒවකටත් ලංකා ජනපති වූ මහින්ද රාජපක්ෂ මහතා පත් කල කමි‍ටුවකුයි. මෙකල සිදු වී ඇතයි චෝදනා කරන ලද මානව හිමිකම් කඩවීම් සිදුවීම් 15 ක් පිලිබදව විමර්ශනය කිරීමට ජනපති විසින් 2006 වසරේදී කමි‍ටුවක් පත් කෙරුවා. මේකේ විශේෂත්වය උනේ මේ කමි‍ටුවේ කටයුතු නිරීක්ශනය කිරීමට ජාත්‍යන්තර නිරීක්ෂන කණ්ඩායමක්ද සහභාගී කර ගැනීමයි. මර්සුකී දරුස්මාන් යනු මේ කමි‍ටුවේ ප්‍රබල සමාජිකයෙක්. ඒවකට ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා උනේ සී.ආර්.ඩි සිල්වා මහතායි. ( හිටපු රාජකීය රගර් කණ්ඩායම් නායකයෙකි. හිතවතුන් ආමන්ත්‍රනය කරන්නේ 'බුල්ලා' ලෙසය). නමුත් මේ ජනපති කමි‍ටු ‍රැස්වීම් වලදී හිටපු නීතිපතීවරයා ගේ ක්‍රියාකාලපයන් කීපයක් සමග ඇති කරගත් ප්‍රශ්න කීපයක් මුල් කරගෙන, ඉහත විස්තර කරන ලද ජාත්‍යන්තර නිරීක්ශන කන්ඩායම එම කමි‍ටු නීරික්ශනයෙන් ඉවත් උනා. මේ ඉවත් වීම සදහා දරුස්මාන් මහතා විශාල බලපැමක් කර තියෙනවා. මෙය එක්තරා අකාරයක ප්‍රසිද්ධ රහසක්. මේම ජාත්‍යනතර නිරීකශකයන්ගේ ඉවත් වීම ජනපති කමි‍ටුවේ පිලිගැනීමට විශාල ලෙස බලපැවා. කෙසේ නමුත් වඩා වැදගත්ම ඝට්ටනය මීට වඩා පුද්ගලික කරුනක්. ඒ බැන් කී මූන් මහතාගේ කමි‍ටුවට ලංකාවේ රජයේ පිලිතුර වන 'පාඩම් ඉගැනුම් හා සංහිදියා' කමි‍ටුවේ සභාපති වන්නේ සී.ආර්.ඩී සිල්වා (බුල්ලා) වීමයි. කෙසේ නමුත් 2006 කමි‍ටුව සම්භන්දයේන් දරුස්මාන් මහාතා ගේ ඒක පාර්ශවීයභාවය හා ඔහු නැවත ලංකාව සම්භන්ද කමි‍ටුවකට පත් කිරීම, බන් කී මූන් මහතාගේ කමි‍ටුවේ ස්වාදීනත්වය පිලිබද දැඩි සැකයක් මතු කරනවා. කමි‍ටුවේ අනිකුත් සමාජිකයන්ගේ ස්වාදීනත්වය පිලිබදවද ප්‍රශ්න ඇතත් එවා ඔප්පු කර පෙන්වීමට තරම් ප්‍රභල නෑ.මේ කරුන පෙන්වා දීමේදී ඇතැම් අයෙක් පෙන්වා දෙන්නේ ' පනිවිඩය මිස පනිවිඩකරුවා වැදගත් නොවන බවයි' . එහෙත් මෙහිදී මතක් කල යුතු කාරනය වන්නේ, මෙම කාරනාවේදී පනිවුඩකරුවා මෙන්ම් පනිවුඩ නිර්මානකරුවාද වන්නේ එක් අයෙකු බවයි.

බැන් කී මහතාගේ මෙම කමි‍ටුව පත් කිරීමේ නිල අරමුන ගැන කතා කිරීමේදී, එය 2009 වසරේ මැයි මාසය තුල සිදු වු මහලේකම්වරයාගේ ශ්‍රී ලාංකික සංචාරය හා ඇදෙනවා. මෙම සංචාරය අවසානයේ මහලේකම්වරයා හා ශ්‍රි ලංකා ජනාධිපතිවරයා හවුල් ප්‍රකාශනයක් නිකුත් කලා. මේ හවුල් ප්‍රකාශනය මෙම ත්‍රි පුද්ගල කමිටුව පත් කිරීමේ මූලික හේතුව ලෙස මහලේකම්වරයාගේ පාර්ශවයෙන් සදහන් කර තිබෙනවා.මෙම ත්‍රී පුද්ගල කමි‍ටුව පත් කිරීමේදී මහලේකම් ප්‍රකාශකවරයා ඉදිරිපත් කර ඇති හේතු පාඨය වන්නේ මෙයයි.

The panel will advise the Secretary-General on the implementation of the commitment on human rights accountability made in the Joint Statement issued by President [Mahinda] Rajapaksa of Sri Lanka and the Secretary-General during the latter’s visit to Sri Lanka in May 2009. It will look into the modalities, applicable international standards and comparative experience with regard to accountability processes, taking into account the nature and scope of any alleged violations in Sri Lanka. It will be available as a resource to Sri Lankan authorities should they wish to avail themselves of its expertise in implementing the comittment”

මෙයට අනුව මෙම කමි‍ටුව මහලේකම්-ජනපති හවුල් ප්‍රකාශනයේ සදහන් වන මානව හිමිකම් පිලිවද ව ශ්‍රී ලංකා රජය ගන්නා ක්‍රියා මාර්ගයන් පිලිබදව සෙවීමට පත් කරන ලද්දක්.

දැන් අපි මේ මහලේකම්- ජනපති හවුල් ප්‍රකාශනය දෙසට හැරෙමු. මේ ප්‍රකාශනයේ 'මානව හිමිකම්' යනු තවත් විවිද කාරනා 6 ක් අතුරෙන් එකකි. දැන් අපි ඒ ප්‍රකාශයේ 'මානව හිමිකම්' පිලිබද සදහන් කාරනාව විශ්ලේශනය කර බලමු. මෙය කොටස් තුනකින් යුක්තය.


1.) 'Sri Lanka reiterated its strongest commitment to the promotion and protection of human rights in keeping with international human rights standards and Sri Lanka’s international obligations’. ( ලංකා රජය මානව හිමිකම් පිලිබද ජාත්‍යන්තර නීති රීතී ‍රැකීමට කැප වී සිටී.)

2.) the 'Secretary General underlined the importance of an accountability process for addressing violation of international humanitarian and human rights law’.(මානව හිමිකම් උල්ලංගනය සම්භන්ද කරුනු කාරනා විමසීමේදී එහි පාරදෘශ්‍යභාවය පිලිවදව මහලේකම් වරයා අවදාරනය කරයි.)

3.)the Govrernment undertook ‘to address those grievances’. (ශ්‍රී ලංකා රජය මෙම කාරනාව ඉ‍ටු කිරීම භාරගනී.)


මේ කාරනා සැලකීමේදී පෙනී යන පැහැදිලි කාරනාව වන්නේ මහලේකම්වරයා - ජනපති හවුල් ප්‍රකාශනය තුල, මහලේකම්වරයාගේ ත්‍රීපුද්ගල කමි‍ටු පත් කිරීමට අනුබල දෙන කිසිම කාරනාවක් ඇතුලු නොවන බවයි. මෙම ප්‍රකාශය තුල ක්‍රියාමාර්ග ගැනීමට එකග වී ඇත්තේ ලංකා රජයේ පාර්ශවයෙන් පමනකි.

කෙසේ නමුත් මහලේකම් වරයා මෙම ගන්නා ක්‍රියාමාර්ග පිලිවද ව සෙවීම වෙනුවට, ඒයට කිසීසේත්ම අදාල නොවන ලෙස 'යුද්ධයේ අවසන් අදියරදී සිදුවූවා යැයි කියන ' මානව හිමිකම් උල්ලංගන හා ඒ පිලිබද සෙවීමට කමි‍ටුවක් පත් කර ගන්නවා. එය මහලේකම්වරයා දක්වන්නේ පහත ආකාරයටයි.

‘The Secretary General had decided to establish a panel of experts to advise him on the implementation of the said commitment with respect to the final stages of war’.

මෙය එක්තරා අකාරයකට නංගී පෙන්වා අක්කා දීමකට සමානයි.

කොටින්ම මහලේකම්-ජනපති එකගතා ප්‍රකාශයේ 'යුද්ධය අවසාන කාලය' යනුවෙන් වෙන් කර මානව හිමිකම් ගැන කතා කර නැහැ. නමුත් කමි‍ටුව පත් කිරීමේදී ඔහු එය ඉතා ඕනෑ කමින් වෙන් කර දක්වා තිබෙනවා.

ශ්‍රී ලංකා රජය මානව හිමිකම් කඩවීම් විමර්ශනය විනිවිද අකාරයකින් සිදුකරනවාද යන්න සොයා බලනු වෙනුවට, ඔහු මානව හිමිකම් කඩවීම විමර්ශනය කිරීම තමන්ම භාර ගන්නවා.මෙහිදී ඔහු තමන්ට අදාල නැති රජකාරියකට අත ගසන ගමන්, එකගතා ප්‍රකාශනයේ කිසි සේත් සදහන් නොවන 'යුද්ධයේ අවසාන කාලය' වෙන කර අවධාරණය කර දක්වනවා.

කියන්නේ එකක් - කරන්නේ වෙන එකක් ජාතියේ වැඩ ලංකාවේ ජීවත්ව්වෙන අපට නම් එක්තරා අරුම වැඩකුත් නෙවේ.එසේ නමුත් නාමික වශයෙන් හරි ලෝකයේ නායකයා වන එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාත් එවැනි ගනයේ අයෙකු වීම පුදුමයට කාරනාවක් නොව, එසේ වීමට හේතුව කුමක්දැයි සෙවීමට තරම් කරුනකි

Sunday 17 April 2011

ජෙ.වී.පී බිය නොවන්න..දිනපු හැටි මයියා පෙන්වන්නම්...( JVP you are a winner)


picture source: lanaka e news


හැමෝටම සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්තනා කරන ගමන්, මයියා ගොඩ කාලෙකට පස්සෙ ඔන්න ලියන්න සෙට් උනා. මේ ටික කාලේදි සිංහල බ්ලොග් වලත් ලොකු වෙනස් කම් කීපයක් උනා. වැඩිය සද්ද බද්ද නැති උනත් මයියාත් වෙන දේවල් දිහා විපරමින් බලා ගෙන උන්නා. ( ආන්ඩුව විපක්ශය උඩ පැන පැන තලද්දී මහජනතාව අවදියෙන් බලාගෙන උන්නා.. හි හි...ඇම්ඩන් ගේ පොඩි කථාවක් මතක් උනා)

ලංකාවෙන් එලියෙ හිටියත්, අන්තර්ජාලෙට පින් සිද්ද වෙන්න ලංකාවේ වෙන දේවල් ගැන නම් මයියා අප්ඩේට්. පහුගිය දවස් වල තිබ්බ ඡන්දය ගැන ලංකාවේ කට්ටියගේ වගේම , මයියා ගෙත් තිබ්බේ අඩු උනන්දුවක්.අඩු උනන්දුවට හේතුව..සමහර විට ඡන්ද ප්‍රතිපලය ගැන හැමෝම දැනගෙන හිටිය නිසා වෙන්න ඇති. අනිත් එක කවුරු දින්නත් වැඩි වෙනසක් වෙන්නැති බව අපි හැමෝම දන්නවනේ..හැබයි අපේ දේශපාලුවෝ නම් මේ අඩු උනන්දුවත් සංවර්ධනයේ ලක්ෂණයක් විදිහටත් අර්ථකතනය කරන්න ඉඩ තියෙනවා. මොකද ඔය බටහිර සංවර්දිත රටවල මහජනතාවටත් ඡන්ද ගැන තියෙන්නේ ඉතාම ස්වල්ප උනන්දුවක් නිසා ( මෑත කාලයේ ඇමරිකානු මැතිවරණය හැරුනු කොට). ඇත්තටම සමහර රටවල චන්දය පාවිච්චි කලේ නැතිනම් දඩයක් ගැසීමට තරම්, චන්ද පිලිබද ජනතාවට තියෙන්නේ අඩු උනන්දුවක්..

මයියා ගේත් මේවර චන්දය ගැන උනන්දුව අඩු උනාට චන්දේන් පස්සේ ජේවීපී අයියා ලගේ කතාවක් ගැන නම් මයියා ට ටිකක් ෆීල් උනා. ඒ ගොල්ලො කියන විදිහට පැරදිලා තියෙන්නේ ඒගොල්ලෝ නෙවෙයිලු. පැරදිලා තියෙන්නේ ජනතාවලු. මයියාට හිතෙන විදිහට නම් ඒ කතාවේ දෙවෙනි කොටස නම් ටක්කේටම හරි. ඒ උනාට මොකද, ජෙවිපි දින්නයි කියලා ජනතාවත් දිනුම් කියලා නම් හරියටම කියන්න බැ.... ? ඕක ගැන කතා කරන්න ගියොත් ඉතින් විවිද අයට විවිධ මත තියෙනවනේ. ලෝකය ගෝලාකාරයි අදහස් විවිධාකරයි කියලා මහාමූකලන්යායේ මුදලිහාමි කියලා තියෙන්නේ ඒකනේ.

හරි, ඒකට කමක් නැ.මොනා උනත් මෙහෙම කථාවක් ජෙවීපී මහත්තුරු ටික කිව්වෙ මොකද කියලා මයියා කල්පන කලාම තමයි මයියට තේරුනේ මේක මේ පැරදුන හින්ද කියපු හෝ එහෙමත් නැත්නම් නරියා මිදි තිත්තයි කියපු ජාතියේ කතාවක් නොවන වග..

ටිල්වින් මහත්තයාගේ මේ දාර්ශනික කථාවට යටින් තියෙන තියරිය මයියා තේරුම් ගත්තේ මෙහෙමයි.

අපි හිතමු මිනිස්සු තුන් දෙනෙක් ඉන්නවා කියලා. ඒ එක් එක් අයගේ දෙශපාලන කැමැත්ත මෙන්න මෙහමලු....

පලමු මනුස්සයගේ දේශපාලන කැමැත්ත මෙහෙමයිලු
සංධානේ > යු එන් පී > ජේවීපී -----------------------(1)

ඒතකොට අනිත් මනුස්සය ගත්තොත් එයා කැමති මෙහෙමලු
යු එන් පී >ජෙවීපි > සංධානේ ------------------(2)

අන්තිම මනුස්සයා නම් හාර්ඩ් කොර් ජේප්පෙක්. ඒ ම්නුස්සයගේ කැමැත්ත මෙහෙමලු
ජෙවීපී > සංධානේ > යුඑන්පි ----------(3)



දැන් මේතැන ' > 'කියන සලකුණ දාලා තියෙන්නේ ගණිතයේ එන අදහසින්ම තමයි...ඒ කියන්නේ...  ' > ' එකේ කට  ඇරිලා තියෙන පැත්තෙ ගොඩ ලොකුයි....කට වැහිලා තියෙන පැත්තේ ගොඩ පොඩියි......


ලංකාවේ වර්තමාන දේශපාලන රටාව බලද්දි බහුතරයක් මිනිස්සු මේ කැටගරි තුනෙන් එකකට වැටෙන බව , මයියා ඉතින් අමුතුවෙන් මතක් කරන්න ඕනේ නැනේ.

හරි ඒකෙන් කමක් නැ..දැන් මේ 1,2,3 කාරණා තුන පොඩ්ඩක් ඕන කමින් බලන්නකෝ.. අහන්න දෙයක් නෑනේ......තාමත් ලංකාවේ 1 කේ කට්ටියයි 2 කේ කට්ටියයි නේ වැඩි....... එහෙම බලද්දි පැහැදිලි වන දෙයක් තමයි බහුතර කැමැත්ත තියෙන්නේ පහත කාරනා වලට කියන එක..

සංධානේ > යූඑන් පී
යුඑන්පී > ජෙවීපී .


ඉතින් ඒ අනුව ගොඩ නගන්න පුලුවන් තර්කය තමයි.....

සංධානේ > ජෙවීපි ......කියන කතාව.

ඒතකොට චන්ද ප්‍රතිපලේ හරි...

නමුත් ඇත්තටම මේ මිනිස්සු තුන් දේනාගේම කැමැත්ත දිහා ආයෙමත් ඕනකමින් බලන්නකෝ...
අනං මනං වල්බූත නැතුව 1 ,2  හා 3 තනිකරම  ගණිතමය ප්‍රකාශයන් විදිහට බලන්නකෝ.....එහෙම බැලුවොත් බහුතර කැමැත්ත වෙලා තියෙන්නේ ,

ජේවීපී > සංධානේ කියන කතාව. ( 2 හා 3 අනුව)

ජෙවීපී > සංධානේ කියන එක 2 හා 3  ගණිත ප්‍රකාශ වල පැහැදිලිවම දෙපාරක් තියෙනවා...ඒත් සංධානේ > ජෙවීපි කියන එක තියෙන්නේ එක පාරයි....ඒකත් අනියමින් 1 ප්‍රකාශනයේදි විතරයි.....

ඒ කියන්නේ මිනිස්සු මොනා කිව්වත් ගණිතය අනුව ජෙප්පො දිනුම්......

මේක තවදුරටත් පැහැදිලි කරන්වා නම් ප්‍රජාත්‍රන්තවාදයට අනුව සංදානේ ජයග්‍රහනය කලාට ඇත්ත්ටම් වෙන්න ඔනේ ජෙවිපී එක දිනන එක. ඒනිසා ජෙවීපී පැරදිලා ම නෙමේ...මේක මේ සිස්ටම් එකේ අවුලක්...

දැන් තේරෙනවනේ දිනනකන් (Till+Win) මහත්තයා කියලා තියෙන්නේ එසේ මෙසේ කතාවක් නොවන විත්තිය.මාර විදිහට හිතලා බලලා කියපු කතාවක්.. හිකිස්..

බලං ගියාම ටිල්විනයත් කැහැට්ටා වගේ හිටියට 'ගණංකාරයෙක්'..........

ප:ලි : 1. මේක කියවලා මොලේ පොඩ්ඩක් කොලොප්පන් උනා නම් මයියාට සමා වෙලා ටිකිරි මාරි එකක් කාල පොඩි ඇලර්ට් එකක් දාන්න හොදේ..අත්දු‍ටුවයි ප්‍රත්‍යක්ශයි..



Reference : Condorcet's Proof : http://en.wikipedia.org/wiki/Condorcet%27s_jury_theorem

2222