Tuesday, 9 August 2011

ජනරාල්ගේ කටේ මසුරන් දෑමීම

2008 දෙසැම්බර් මාසයේදී එවකට ශ්‍රී ලංකා යුධහමුදාපතිවරයා උන ජනරාල් සරත් ෆොන්සේකා මහතා ලේක්හවුස් පත්තරයකට සම්මුඛ සාකච්චාවක් ලබා දෙමින් ඉතා නිවැරදි කරුණක් ලුණු අඹුල් සහිතවම කියා සිටියා. ඒ වෙනකක් නොව වයිකෝ, නැදුමරන් වැනි තමිල්නාඩු දේශපාලකයන් 'දේශපාලන විහිලුකරුවන්' බවත් ඔවුන් එල්ටිටීඊ සංවිධානයේ මුදල් මත යැපෙන්නන් බවත් ය. මේ කාරණය ඒ දිනවල මහත් ආන්දෝලනයක් ඇති කල ප්‍රකාශයක් උන අතර ඉන්දීය රාජ්‍ය ත්‍රාන්තිකයන් රෙද්ද උස්සගෙන ශ්‍රී ලාංකාවට එරෙහිව තරව‍ටු කිරීමටත් එය හේතූ උනා. මේ ප්‍රකාශයම මුල් කරගෙන මංගල සමරවීර මහතාද, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් සරත් ෆොන්සේකා මහතා යුධ හමුදා නායකත්වයට නොව ගැලවීමේ හමුදා නායකත්වයටවත් සුදුසු නැති පුද්ගලයෙකු බව ප්‍රකාශ කරන්නට යෙදුනා.

ඒ කෙසේ වෙතත්, සරත් ෆොන්සේකා මහතාගේ කියමන සියයට සියයක් සනාථ කරමින් , වර්තමානයේ තමිල්නාඩු දේශපාලකයන් භායානක එහෙත් දේශපාලන විහිලු නිර්මාණය කිරීමේ කටයුත්ත මැනවින් හා දැඩි උද්යෝගයකින් යුක්තව කරගෙන යනවා. මොවුන්ගේ ජාතිවාදී දේශපාලන විහිලු වලට පින්සිද්ධ වෙන්නට, මේ වනවිට ශ්‍රී ලාංකික බෞද්ධ නඩයකට තමිල්නාඩුවේ නිදහසේ ගමන් කිරීමේ නිදහස මෙන්ම තමන් අතින් මුදල් ගෙවා හෝටල් කාමරයක් වෙන් කරගැනීමේ නිදහස ද නැති කර දමා තිබෙනවා.

මේ දේශපාලන විහිලු නාටකයේ නළුවන් බොහෝ ගනනක් මෙන්ම නම ගිය නිලියන්ද රගපානු ලබනවා. නාටකයේ මූල්‍ය බරපැන නම් දෙමල ඩයස්පෝරාව දරන අතර මිලීයන 65ක් පමන උන තමිල්නාඩු වැසියන් මේහි උද්යෝගීමත් ප්‍රේක්ශකයන්. ලංකාවේ දිග හැරෙන මෙගා ටෙලියක් මෙන් මෙහිද දවසින් දවස ප්‍රේක්ශකයා කුල්මත් කරමින් ජවනිකා දිග හැරෙනවා.


මේ නාටකයේ අළුත්ම ජවනිකාව වෙන්නේ එම්ඩීඑම්කේ නායක වයිකො විසින් ඉන්දියාවේ අගනගරය උන දිල්ලි නුවර දියත් කිරීමට සැරසෙන උද්ඝෝශනයයි. මොහුගේ ඉල්ලීම වන්නේ ශ්‍රී ලංකාවේ දෙමල ඊලමක් සදා දීම හා ඒ වෙනුවෙන් ශ්‍රී ලාංකීක දෙමල වැසියන් අතර ජනමත විමසුමක් ඒක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී පැවැත්විය යුතුයි යන්නයි. අන්තර්ජාතීක රාජ්‍ය ත්‍රාන්තික දේශපාලනය ගැන අඹමල් රේනුවක හෝ දැනුමක් ඇත්තෙකුට මේවන් ජවනිකාවකට මුල් උන මෙවන් දේශපාලකයකු ගැන 'දේශපාලන් විහිලුකරුවෙක්' යන්නට වඩා වෙනත් හොද යෙදුමක් නම් මයියා ට සිහියට නැගෙන්නේ නැහැ.

මීට පෙර සතියේ ඉහත ජවනීකාවේම වීරයා උන එම්ඩීඑම්කේ නායක වී.ගෝපාල්ස්වාමි හෙවත් වයිකෝම, ඉන්දීය අගමැතිවරයා උන මනමෝහන් සින් මහතා හමුවී ප්‍රකාශ කර සිටියේ ඉන්දියාව ලංකාවට එරෙහිව ආර්ථික සම්බාදක පැනවිය යුතු බවයි. ශ්‍රී ලංකාව ඉන්දියාවේ තවත් එක් ප්‍රාන්තයක් නොවන බව දන්න උගත් අගමැතිවරයා එය ප්‍රතික්ශේප කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාව යනු ස්වෛරී රටක් බවත්, එයට අන්තර්ජාතික ක්‍රම උපායන් ඉක්මවා බලපෑම් කල නොහැකි බවත් ය.

මේ නාටකයේ හැඩිදැඩි නළුවන් මෙන්ම , කලෙක දකුනු ඉන්දීය සිනමාව අමන්දානදයට පත් කල සුරූපි නිලියන්ද රග දක්වනවා. වර්තමාන තමිල්නාඩු මහා ඇමතිනී ජෙයලලිතා ජයරාම් මෙසේ ශ්‍රී ලංකාවට එරෙහිව අවිඅමොරාගත් හිටපු සුරූපී නිලියයි. මහාඇමතිනී ලෙස පත් වූ විගසම ඇය කල එක් කාර්යක් උනේ ශ්‍රී ලංකාවට එරෙහිව , යුද අපරාද සම්භන්දව , පියවර ගත යුතු යැයි තමිල්නාඩු පාර්ලිමේන්තුව ලවා යෝජනාවක් සම්මත් කර ගැනීමයී. ඇයගේ ආශීර්වාදය යටතේ දකුණූ ඉන්දීය සිනමා කරුවන්ගේ සංගමය ශ්‍රි ලංකාවට එරෙහිව උද්ඝෝශන සංවිදානය කිරීමටත් පටන් අරගෙන තියෙනවා. ශ්‍රී ලංකාවට පවරා දුන් කච්චතිව් දූපත යලි ඉන්දීයාවට පවරා ගැනීමට ඉන්දීය මධ්‍යම රජයට බල කිරීමත් මේ නාටකයේ ඇය පණපොවන භූමිකාවක්.


මීට අමතරව දකුනු ඉන්දීය සිනමා කරුවෙක් උන සෙබෙස්තියන් සීමන් ද මෙම නාටකයේ ප්‍රබල චරිතයක්. 'අපි දෙමල' ලෙස සිංහලයට පරිවර්තනය වෙන නාම් තමිලයාර් ඉලක්කෛම් සංවිදානයේ සභාපතිවරයා උන මොහු, මිට දින කීපයකට ඉහතදී බෞද්ධ නඩ කීපයකට පහර දීමට මතවාදීමය නායකත්වය ලබා දුන් බව පැවසේනවා. ඔහු එය ප්‍රතික්ශේප කර තිබුනත් මේ පිලිබද විශ්වාසනීය සාක්ශී පවතිනවා.

මේ අයුරින් ඉන්දීය මධ්‍යම රජයට ද පාලනය කල නොහැකි අයුරින් මුලු තමිල්නාඩුවම ශ්‍රී ලංකාවට එරෙහි ජාතිවාදී ස්ථාවරත්වයකට ගමන් කරමින් පවතිනවා. තමිල්නාඩු වැසියන්ගේ දැවෙන ප්‍රශ්න විසදනු වෙනුවට, ඔවුනට රස කර කර හප හපා ඉදීමට, ශ්‍රී ලංකා සිංහල විරෝධය නැමැති ලොසින්ජරය, තමිල්නාඩු දේශපාලකයන් විසින් එහි ජනතාව වෙත විසි කරමින් පවතිනවා. මෙහි භායානකම තත්වය වෙන්නේ මේ කරුන පෙන්වා දීමට සමත් දේශපාලන බලවේගයක් තමිල්නාඩුව තුල නොමැති වීමයි. මේ තත්වය ප්‍රයෝජනයට ගනිමින් දෙමල ඩයස්පෝරාව, තමිල්නාඩුව වෙත මුදල් පොම්ප කරමින් එල්ටිටීඊ කන්ඩායම් නැවත ඇතිකිරීමේ උත්සහයක යෙදෙනවා. රාජිව් ගාන්දි ඝාතනයත් සමග උඩු යටිකුරු උන එල්ටිටීඊ පිලිබදව තමිල්නාඩු ස්ථාවරය මේ වනවිට එල්ටිටීඊ හිතවාදී ස්ථාවරයකට යෑමේ දැඩි අවදානමක් පවතිනවා.

මේ සිද්ධි දාමය තුල ඉන්දීය මධ්‍යම රජය ද පෙර නොවි වීරු අභියෝගවලට මුහුන දෙමින් පවතිනවා. එක් පැත්තකින් ශ්‍රී ලංකාව යුද්ධය නිමාකර චීනයත් ලංකරගෙන කලාපය තුල වේගවත් ආර්ථික ගමනකට අර අදින අතර තව පැත්තකින් තමිල්නාඩුව තුල ශ්‍රී ලංකා විරෝදය මුල් කරගෙන දෙමල බෙදුම්වාදය හිස ඔසවනවා. ඒ අස්සේ ඉන්දීය මධ්‍යම රජයේ ස්ථාවරත්වයට තමිල්නාඩු බලපැමද ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙනවා. මේ අභියෝග හමුවේ දකුනු ඉන්දීය දේශපාලන විහිලුකරුවන්ගේ විහිලුව කාගේ කාගේත් ඇස් රතුවන විහිලුවක් වන බවනම් ඕනේවටත් වඩා ඔප්පු වෙමින් පවතිනවා. කෙසේ නමුත්, යුද්ධය මෙන් නොව, තමිල්නාඩූ දේශපාලකයන්ට ආමන්ත්‍රනය කල හැකි හොදම වචනය සොයා ගැනීම වෙනුවෙන් නම් සරත් ෆොන්සේකා මැතිතුමාට සියයට සියයක් එහි පූර්ණ ගරුත්වය හිමි විය යුතු බව මයියා ගේ හැගීමයි.

6 comments:

  1. අනේ අපේ ලංකාවෙ යන ආර්ථික ගමන..නැව් එන්නැති වරාය ගැන වෙන්නැති කියන්නෙ...

    ReplyDelete
  2. හොඳ විග්‍රහයක් මයියා..
    මිලියන හැටපහක ප්‍රේක්ෂකයන්ට ආතල් දෙන චිත්‍රපටියක් තමයි ඔය විහිළුකාර නළු නිළියෝ රඟපාන්නේ.. නැතුව උතුරේ ඉන්න දෙමළ මිනිස්සු ගැන තියන අනුකම්පාවකින් කරන දෙයක්නම් නෙවෙයි... කොහොම වුනත් මම හිතන්නේ නෑ ඔය මතය වෙනස් කරන්ට තමිල්නාඩුවෙන් නම් මොනම දේශපාලකයෙක්වත් බිහිවෙයි කියලා... මයියා කියනවා වගේම මධ්‍යම රජය මේ වෙලාවෙ හැසිරෙන විදිහ අනුව තව දුරටත් මේ විහිළු වලින් ඇස් රතු වෙන එක හෝ නොවෙන එක තීරණය වෙවී...
    ආහ් තව දෙයක්.. පුතාට මයියා ලිපිය අවසන් කරද්දි ලියන වාක්කියෙන් කියන්ට හදන්නේ මොකක්ද කියලා පැහැදිලි මදි වගේ දැනුනා.. :) මං කිව්වේ ඔය යුද්ධය මෙන් නොව, පූර්ණ ගරුත්වය වගේ වචනවල එහෙම...

    ReplyDelete
  3. තමිල්නාඩුව ලංකාවට ඉවකිරීම ඉතිහාසයක් තියන පුරස්නයක්. ඒක ද්‍රවිඩ කසාගම් වියාපාරයත් එක්ක ලංකාවේ දෙමළ ජාතිවාදී දේසපාලකයන්ගෙ තිබුණු මතවාදී අනුනාදවීමටත් සම්බන්ධයි. හරියට කොටිනුයි දෙමළ දේශපාලකයොයි අතර තිබුණු සම්බන්ධය වගේ එකිනෙකාගෙ පැවැත්මට වැදගත් වෙනවා.

    මේ වැරදි සම්බන්ධය බිඳදැමීමත් දෙමළ ජනතාව ජාතිකත්වයට එකතු කරගැනීමට වැදගත්.

    -පොඩිගමය

    ReplyDelete
  4. මයියා9 August 2011 at 22:19

    @ ඉන්ඩි
    නැව එන්නැති වරායන් විතරක් නෙවෙයි, කඩා වැටෙන පාලම් සහිත අධිවේර්ගී මාර්ග, කොලිටි සහිතකය දෙන්න කලින් විදුලිය උත්පාදනය කරන ගල් අගුරු බලාගාර ආදී නොයෙක් දේ තමයි...
    මොනා උනත් ලOකාවේ දියුනු වීමට ඈති හෑකියාව ගැන (ලOකාවේ මානව සම්පත දකුනු ආසියාවේ අන් රටවලට වඩා ප්‍රතිශතයක් ලේස ප්‍රබලයි.), ඉන්දියාවේ ලOකාව පිලිබද කටයුතු කරන බොහෝ දෙනෙකුට තියෙන්නේ බියක්. ඔය අස්සට චීනේත් රිOගුවම ඔය බය බොහොම සදාරණ වෙනවා. ඒක ගැන තමයි කියලා තියෙන්නේ.

    අදහස කිව්වට ස්තූතියි..

    ReplyDelete
  5. මයියා9 August 2011 at 22:32

    @පුතා

    මයිය ට නම් හිතෙන්නේ ලොකු වෙනසක් සිද්ධ නොවුනහොත්, මේ යන විදිහට කාගේ කාගේත් ඇස් රතු වෙන්න බොහොම ලගයි කියලයි. තමිල්නාඩුව නැමැති තමන්ගේඅකීකරු පුතාට තරවටු කරන්න ඉන්දියාව නැමති තාත්තාගේ කොන්ද පණ නැතුව පමනක් නොවෙයි ඒ සදහා සුදුසු පරිසරයකුත් නෑ.
    අන්තිමට ලියලා තියෙන්නේ නම් ත්‍රස්ත්‍රවාදය හමාර කිරීමේ අයිතිය ජනරාල් ට ( එතුමා කියනවා වගේ) තනියෙන්ම තමන්ට හිමි කර ගන්න බැරි බවයි.රජතුමාත්, ගෝඨබය ම්ල්ලිත් , ජනරාලුත් වගේම දෙන දේයක් කාලා වෙන දෙයක් බලා ගෙන් සිටිය අපි වගේ අයත් ඒ ජයග්‍රහනයේ කොටස්කරුවො තමයි. ඒ ඉතින් මයියාට හිතෙන විදිහයි. පුතාට ඒක වෙන් විදිහට හිතුනට කමක් නැ . වැදගත්ම දේ රටේ මෙච්චර ප්‍රශ්ණ තියෙද්දී මේවගේ දේකට මයියත් , පුතත් කෙල ගන්න ඕනේ නැති බවයි.

    ReplyDelete
  6. මයියා9 August 2011 at 22:42

    @ පුතා
    එකම නාට‍ය‍‍යේ රග පෑවට තමිල්නාඩුවේ දේශපාලකයන් වර්ග දෙකක් ඉන්නවා කියලයි මයියා ට හිතෙන්නේ.
    ඉන් පලමු කොටස ගෑන තම්යි පොඩිගමයා කියලා තියෙන්නේ. ඒ කියන්නේ ලඔකාවේ වෙනම් දමල නිජ් භූමියක් නිර්මානය කිරීම හරහා පැරනි චෝල අදිරාජ්‍ය නිර්මානය කිරීමේ සිහිනය සහිත දේශපාලුවන්. 'අපි දේමල' වැනි වාර්ගික පක්ශ හරහා එකලියට එන්නේ මේ න්‍යාය ප්‍රත්‍රයයි.මේගොල්ලන්ගේ සද්දේ වැඩි උනාට එතරම් බලයක් නැති බවයි මයියා ගේ තක්සේරුව.

    අනිත දශපාලන කොටස නම් තමන්ගේ දූශන වOචා සහිත පාලනය ඉදිරියට ගෙන යාම උදේසා ජනතාවට හප හපා ඉන්න යමක් දෙන කොටසයි. ජයලලිතා මේ ගනයේ දේශපාලකයේක් බව මයියා ට හිතෙන විදිහයි. ජනතාව කික් එක තියා ගෙන අනිත් ප්‍රශ්ණ ජනතාවට අමතක කරවීම මේ අයගේ වැඩපිලිවෙලයි.

    පොඩිගමයාගේ අදහසට ස්තූතියි.

    ReplyDelete

2222