Friday 4 November 2011

වැල යන අතට මැස්ස ගැසීම හෙවත් චතුරාර්‍ය සතය්‍ය හා අභිනිශ්ක්‍රමණය පැටලවීමට අනුබල දීම

චතුරාර්‍ය සත්‍යය ලෙස අප බොහෝ දෙනා අදුනා ගෙන තිබෙන්නේ බුදුදහමේ දැක්වෙන සංකල්පයක්ය. මෙහි චතුරාර්‍ය කියන වචනය විභේදනය කර ගතහොත් එය චාතුර්+ආර්ය්‍ය ලෙස ගත හැක.මෙහි චතු යනු සතරක් යන අදහසින් යොදා ඇති අතර ආර්ය යනු උතුම් හෝ ශ්‍රේෂ්ඨ යන අදහසක් ගම්‍ය වෙනවා ලෙස ගත හැක. ඒ කෙසේ වෙතත් බුදුදහම තුල චතුරාර්‍ය සත්ය්‍ය ලෙස යොදා ගන්නේ මෙහි වචනාර්ථයටත් වඩා වෙනස් තේරුමකින් යුක්තවය. ඒ අනුව ආර්ය්‍ය ලෙස ගෙන ඇත්තේ ' කාලයේ පහර කෑමට ලක් නොවන සදාකාලික සත්‍යය' වෙනුවෙනි. ඒඅනුව ලෝකය කෙතරම් දියුනු උවද, නැතද, කොතරම් පහසුකම් තිබුනද නැතද, චතුරාර්‍ය සත්ය්‍ය ලෙස හදුන්වා ඇති සංකල්පය වලංගුය.

මෙහි සදාකාලික යන්න මදක් විමසා බැලීමට සුදුසුය. උදාහරනයක් ලෙස ගතහොත් මා ඉදිරිපිට ඇති බිත්තිය සුදුපාටය.එය කවුරු කොහොම කිව්වත් මේ වෙලාව තුල මයියාට සාපේක්ෂ සත්‍යකි. එහෙත් මේ කියමන තුල සදාකාලික වලංගුතාවයක් නොමැත. මන්ද කාලයේ ගලා යෑම හමුවේ මේ බිත්තිය සදාකාලික සුදුවර්ණයෙන් පවතින්නේ නැති අතර , සුදුපාට සම්භන්දයෙන් මයියාගේ පවතින අදහසද කාලයත් සමග වෙනස් වීමට බොහෝ දුරට ඉඩ ඇත.

එහෙත් චතුරාර්‍ය සත්‍ය ලෙස බුදුදහමේ දැක්වෙන්න මෙහි දැක්වූ සියලු සාපේක්ශතාවයන් අභිබවා යන්නක් බව එහි කියැවේ. කෙසේ නමුත් තවත් එකක් කිව යුතුය. මෙය හුදෙක් විශ්වාසයක් පමනක් බවය. එනම් මෙය සාදනය කර පෙන්විය නොහැක්කක් බවය. එහෙත් බුදුදහමේ කියැවෙන අන්දමට ඕනෑම අයෙකුට මේම චතුරාර්‍ය සත්‍යයේ දැක්වෙන්න තම තමන්ගේ නැණ පමණට ජීවිතයට සමීප කර ගත හැක්කකි. ඒසේ කිරීම තුලින්ම මෙම සත්‍යය වඩ වඩා ප්‍රත්‍යක්ශ කර ගත හැකි බවක් එහි ඉගැන්වේ.

කරුනු මෙසේ තිබියදී, අයෙක් තමන්ට පමණක් හෝ පුද්ගල කණ්ඩායමකට පමනක් , තමන්ගේ ජීවිතයේ එක් අවදියක පමණක් සත්‍ය වන යම් සංසිද්ධියක් හැදින්වීමට 'චතුරාර්‍ය සත්‍ය' වචනය යොදා ගන්නේ නම් එය එතරම් ගැලපෙන ක්‍රියාවක් බව මයියාට හැගී යන්නේ නැත. විෂේශයෙන්ම කාලයේ ගලා යෑම හමුවේ ලෝකයේ සියලු සංකල්ප කාලයේ පහර කෑමට ලක්වෙන අවස්තාවක, පුද්ගලානුබද්ධ වූ ඇතැම් සිදුවීමක් 'චතුරාර්‍ය සත්‍ය' යන වචනය පෙරදැරි කොට ගෙන ඉදිරිපත් කිරීම, එම වචනයේ සැබෑ තේරුම දන්නා, එය විශ්වාස කරන බොහෝ දෙනෙකුගේ බුද්ධියට කරන සියුම් සරදමක් ලෙසය මයියා ට හැගී යන්නේ....

බුදුදහමේ සාහිත්‍ය තුල කියැවෙන 'අභිනිශ්ක්‍රමණයද' මෙයාකාරම ඉතා උසස් සිදූවීමක් විස්තර කිරීමට යොදා ගන්නා වචනයකි. තමන්ගේ ලෙයින් උණු උණුවේ උපන් බිලිදා හැර දමා, සියලු ලෝකවාසී සත්වයා කෙරෙහි උපන් කරුනාවෙන්, ආත්ම ගනනක් පෙරුම්පුරාගෙන ආ යම් අධිෂ්ඨානයක් වෙනුවෙන් කිසියම් පුද්ගලයකු සිදුකල ගිහිගෙය හැර යාමක් මෙම වචනයෙන් විස්තර කෙරේ. 'අභ්නිශ්ක්‍රමනය' යන්නේ වචනාර්ථය කුමක් උවද එහි බුදුදහමේ 'සාහිත්‍ය' තුල යොදා ගැනෙන්නේ මෙවන් අති ශ්‍රේෂ්ඨ අරමුනක් වෙනුවෙන් ගිහි ගෙය හැර දමා යාමක් වෙනුවෙනි. එසේ නොමැතිව , සාමාන්‍ය පුද්ගලයකු සත්‍ය සොයා යෑම වෙනුවෙන් ගිහිගෙය හැර දමා යාමක් 'අභිනිශ්ක්‍රමණ්ය' ලෙස හදුන්වන්නේ නැත. මුල කී අකාරයටම,කිසිවෙක් තමන්ගේ පෞද්ගලික සුඛ විවරනය තකා, තමා අදුනාගත් දුක් සමුදායක් අතහැරීම නම් කුමන අකාරයටවත් 'අභිනිශ්ක්‍රමණයක් ' ලෙස හදුන්වා ගැනීම නම් මදක් විසුලු සහගතය.

මයියා මේ වචන සම්භන්දව මෙසේ පෝස්ට් එකක් දැමීමට තීරනය කලේ කතන්දරගේ වර්තමාන පෝස්ට් එකක වචන යොදා ඇති සම්භන්දව , මයියාට පේන වරදක් පැහැදිලි කිරීමටය.කතන්දරම වරක් නිවැරදිව ප්‍රකාශ කර ඇති අන්දමට බ්ලොග් අවකාශය සමාජයේ නිවැරදි ප්‍රතිමුර්තියකි. අප සමාජය යනු පබාලා පාර්ලිමෙන්තු යවන , මැර මර්වින්ලා ඉහලම චන්දයෙන් පාර්ලිමේන්තු යවා වන්දනාමාන කරන, පුද්ගල ප්‍රතිරූප ඉදිරීයේ එහෙයියන් වන කොන්ද කඩා ගත් සමාජ්යකි. වැල යන අතට මැස්ස නොගසා, තමා විශ්වාස කරන සත්‍යක් වෙනුවෙන් පෙනී නොසිටින තාක් කල් බ්ලොග් අවකාශයද මේ කී සමාජය නැමැති මඩගොහොරුවේ එරී දගලන්නෙකි.

මේකට අදාල දෙවෙනි ලිපිය

කතන්දරශූරීන්ගේ ඕපන් සෝ(ර්)ස් චතුරාර්‍ය සත්‍යයේ නවතම වර්ශන් එක...........චාතුර්යා



35 comments:

  1. පොඩි ඌන පූර්ණයක් කිරීමට කැමතියි. චතුරාර්‍ය සත්‍ය, ආර්‍ය අෂ්ටාංගික මාර්ගය, නිවන වැනි බුදුදහමේ එන කරුණු 'සංකල්ප' ලෙස හුවාදැක්වීම වැරදියි. සංකල්ප යනු මිනිස් මනසේ ඇතිවන මනස්ගාතවලට කියන නමක්. නමුත් සම්බුදුවරයන් වහන්සේලාගේ යථාභූත ඥානයෙන් මතුකරන ධර්මය නිරපේක්ෂ සත්‍යයයි. ඒවා සංකල්ප ඉක්මවාගිය අසංඛත 'ධම්ම' කොටසට අයත්.
    කතන්දරකාරයා වගේ පස්චාත් නූතනවාදී මුග්ධයන්ගේ ප්‍රලාපවලට පිලිතුරු සැපයීම ගැන මයි‍යට ස්තුතියි.

    ReplyDelete
  2. දීපංකර බුදු හාමුදුරුවන්ගෙ කාලයෙත් පැවතුනේ මේ චතුරාර්ය සත්‍යයන්මයි. මෙය අපේ ගෞතම බුදු හාමුදුරුවන්ගෙ නිපදවීමක් නොව, ලොව සදා පවතින සත්‍යයන්. යට වී තිබුනු නිදානයක් මතු කරන්නා සේ වාසනාවන්ත, මේක තේරුම් ගන්න පුලුවන් වාසීන් වෙනුවෙන් බුදු රජාණන් වහන්සේ මේ සහ්‍යයන් ඒ අන්දමට ලොවට ප්‍රකාශ කලා. අදටත් ලෝකයේ මෙය තේරුම් ගන්නට අපහසු මාණසික වශයෙන් නොදියුණු අන්ධයින් ඉන්නවා. ඔවුන්ට පව පින තේරෙන්නෙ නැහැ. හොඳ නරක තේරෙන්නෙ නැහැ. කෙසේ වුවත් මයියා මහත්මයා මෙය පිලිබඳව ඉදිරිපත් වීම ගැන ඔබට ස්තුතියි.

    ReplyDelete
  3. පුද්ගල චරිත විවේචනය කිරීමේදී මයියා බොහෝ විමසිලිමත්ය. බොහෝ විට පුද්ගලයා පසෙක තබා, ඔහුගේ ක්‍රියාව පිලිබද මයියා ගේ අදහස කියා පෑම මයියා ගේ සිරිතය,

    අත්දැකීම් සහිත බ්ලොග් කරුවකු වන් කතන්දරගේ පුද්ගල චරිතය විග්‍රහ කරනු වෙනුවට ඔහුගේ මේ ලිපිය සම්භ්න්දයෙන් අදහස් දැක්වීම මයියා සිදුකර ඇත, ඔහුගේ පුද්ගලික කවර අකාරයේ මතිමතාන්දරයක් දැරීමේ අයිතිය අභියෝගයට ලක් කිරීම මයියා බලාපොරොත්තු නොවූවකි, මෙහි සටහන් තබා යන පාඨකයන්ද මෙම තත්වය තේරුම් ගෙන සටහන් තබා යතියි මයියා උදක්ම බලාපොරොත්තු වේ

    @ඔස්කා හා සරත් ගුණතුංග

    ඔබලාගේ අදහස් දැක්වීමට ස්තුත්යි.


    සංකල්ප යනු මනසට ගෝචර වන්නකි. බුදුදහමේ නිවන හෑර අන් සියලුම සංකල්ප මනසට ගෝචර වන බව බව මයියා ඉගෙන ගෙන තියෙන විදිහය, මේය සත්‍යක් බව මයියා ද විශ්වාස කරයි.

    ReplyDelete
  4. පන්සල් වල හාමුදුරුවන්ටත් වැඩිය දැන් බ්ලොග් වල අය දන්නවා බණ. කතන්දරය හිතන්නෙ උගෙ මගුල් හැමෝම පිලිගන්නව කියල. ඒකට බුදුබණේම තියෙන්නෙ “මානසික රෝගීන්“ කියල.

    මීට බ්ලොග් ලියන්නෙ නැති එකෙක්.

    ReplyDelete
  5. පළමු වතාවට ඔබගේ බ්ලොගය කියැවූයේ අදයි.ඔබ නිවැරදියි.චතුරාර්ය සත්‍යය පිළීඹද ඔබගේ අදහසට මුලුමනින්ම එකඟයි.

    කතන්දර ගේ වැල යන අතට මැස්ස නොගහපු කීපදෙනෙකුත් හිටියා.බෞද්ධ තලේබාන් වගේ මඩ ප්‍රහාර වලට ලක්වුණත් කියන්න ඕන දේ කියන්න එපැයි.

    ReplyDelete
  6. මයියා
    කතන්දර ගේ ලිපිය ඔයාට තේරුනේ නැද්ද.?
    මම තේරුම් ගත්තා වැරදිද.!
    මම ඒක ආයෙත් කියවනවා,ඔයත් කියවල බලන්න.

    ReplyDelete
  7. හොඳ විග්‍රහයක් ........

    ReplyDelete
  8. මා තේරුම් ගත් බෞද්ධ දර්ශනය අනුව නම් , ඒ වචන වෙනත් ආකාරයකට භාවිතා කිරීමෙන් සිදුවන හානියක් නැත . කොටින්ටම ඔය සැම වචනයක්ම අයත් වන්නේ භාෂාවන්ටය . එය පාලි සංස්කෘත හෝ සිංහල විය හැක , බුදුන්ගෙ දර්ශනයට ජාති භාෂා හා දේශ සීමාවන් නොමැත . එවන් දර්ශනයක් ලියවී ඇති භාෂාවක වචනයක් වෙනත් අර්ථයකින් භාවිතා කලා කියා , හානියක් වේ යැයි කියා මා හිතන්නේ නැත . ලොව ඉහලම නිදහස ලද ආගමිකයන් බෞද්ධයන් වුවත් " සිංහල බෞද්ධ " බහුතරයක් , ඒ නිදහස ගරු කරනා බවක් පෙනෙන්නට නැත . චතුරාර්‍ය සත්‍යය යන වචනයේ ඇති වැදගත් කමක් නැත . වැදගත් කම ඇත්තේ අදාල සංකල්පය තුලය . කිසිවෙකු සංකල්පය ව්කෘති කරනවා නම් ඒ වෙනුවෙන් බෞද්ධයෙකු වශයෙන් නැගී සිටිය යුතුය . වචන අල්ලාගෙන දැඟලීමෙ තේරුමක් නැත

    ReplyDelete
    Replies
    1. බුවාගේ සිතුවිලි හරි අපූරුයි....

      Delete
  9. (quote)වැල යන අතට මැස්ස නොගසා, තමා විශ්වාස කරන සත්‍යක් වෙනුවෙන් පෙනී නොසිටින තාක් කල් බ්ලොග් අවකාශයද මේ කී සමාජය නැමැති මඩගොහොරුවේ එරී දගලන්නෙකි.(/quote)

    ඔබතුමා කියන කථාවනම් ඇත්ත. ඒත් මම මේ කල්පනා කළේ බ්ලොග් අවකාශේ කොයි පැත්තටද වැල යන්නේ කියලා.

    උදාහරන වලින්ම කියනවනම්, අපි බ්ලොග් කියවන්න ආපු කාලේ (මම මේ කියන්නේ 2009 මුල කාලේ) විකල්ප මත දැරූ බ්ලොග් ගොඩක් තිබ්බා නම් වශයෙන්ම කියනවනම් ටැබූ, කොලු, පිස්සාගේ පලා මල්ල, ඇට මැස්සා2, බියෝන්ඩ් ෆ්‍රේම්.

    කෝ අද ඒ බ්ලොග්? ඇයි ඒවා නැවතිලා තියෙන්නේ? ඇයි ඒ මිනිස්සු නිහඩ වෙලා තියෙන්නේ? එහෙම මත නිහඬ වෙන එක හොඳද? අපි අකමැති සියළුම මත වැහුනොත් හොඳද? කතන්දරත් එළෙව්වොත් හොඳයිද? (ඔබතුමා ගැන නෙමෙයි මම කියන්නේ මෙතන නාමිකව නිර්ණාමිකව අදහස් දක්වපු අය කතන්දරට විරුද්ධවත් මත පළ කරලා තියෙනවනේ). දෙයක් ටිකක් වෙනස් විදට පේන ඉන්න සුලු පිරිසත් මේකෙන් ඉවත් වුනොත් හොඳද?

    අද සමාජය මෙහෙම පිරිහිලා තියෙන්නේ, ටැබූලා, බියෝන්ඩ් ෆ්‍රේම්ලා,කතන්දරලා නිසාද? එහෙමත් නැතිනම් ලන්කා ඊ නිවුස් නිසාද?

    ReplyDelete
  10. මයියා මේ ගැන යමක් ලිවීම හොඳය. සිංහල බ්ලොග් අවකාසයේ මතවාදී බලය ඇත්තේ ජාතිවාද නැති ආගම්වාද නැති රියල් මොඩනයිස්ඩ් පොරවල් වලටය. ඒ අය ලියන දෙයක් විවේචනය කලාම තලේබාන් ලේබලය වැදීම වලක්වන්නට බැරිය.
    ඒ සමහර පොරවල්වලට හිංගල බවුද්දයන් පේන්න බැරිය. ඒ නිසා උන්දැලා හීනියට පහර ගැසීමේ ක්‍රමයක් අනුගමනය කරති.

    මේගොල්ලෝ බුද්ධාගමට අයිතිකාරයෝ ඉන්නවායැයි පුහු සද්ද දාති.මෙය කරුණු සොයා නොබලා මෝඩ කතන්දර ලිවීම ගැන ඇති හොඳම උදාහරණයකි.

    බුද්ධ සාසනේ යන්තම් රැකී ඇත්තේ මොඩනයිස්ඩ් පොරවල් නිසා නොවන බැවින් හුදී ජනතාව ඕවා ගණන් නොගනිති.

    -පොඩිගමය

    ReplyDelete
  11. @මාලන්,
    ටැබූ,බියෝන්ඩ් ෆ්‍රේම් නැවතීම ගැන විවිධ මත තියෙනව නේ?
    අනෙක් අතට ඒවිදියෙම මතවාද සංනිවේදනය කරන බ්ලොග් ඕන තරම් අදටත් සක්‍රීයව තියෙනවනේ!මං හිතන්නේ බහුතරය ඒවා.
    උදා:ඇටමැස්සා,ඩබ්ලියුත්‍රීලංකා,විකල්ප,චිත්‍රාංගි,කණ්ඩුල,රාමචන්ද්‍ර,රැඩිකල්,රෙයර් ගේට්,ලූප් හෝල්,මරුවා...... ආසනික්!

    ReplyDelete
  12. ජයශ්‍රී මාලන් මහත්තයාව ලැයිස්තුවට ඇතුල් නොකිරීම ඒ මහතාට කළ අපාහාසයක් වගේය. ;)

    ReplyDelete
  13. මෙකත් හරියට මැක්කගෙ කථාව වගේ , අපි කැරකෙන්නෙ එකම තැනක . කට්ටියක එක්ක ඔය මතවාද ලිවිල්ල පැත්තක දාල බූට් එකක් කාපු එකක් , එතකොට බීල ගත්ත ආතල් එකක්, තමන් කරපු පාහර වැඩක් එහෙම ලියාගෙන ඉමුද ? නැත්නම් . චිත්‍රපටි කැලි (කැමරා කොපි ) , සොෆ්ට්වෙයා කැලි (හොර එව්වා ) හඳුන්වාදීල . යාලුවනේ කමෙන්ට් එකක් දාල , ලයික් එකකුත් දාල යමු කියල නිකා ඉමුද

    ReplyDelete
  14. ඔව් ඔව්. ඉඳල හිටල මොකක්හරි මත ගැටෙන දෙයක් තියෙන්න ඕනා එතකොට තමා ලියන්න කියවන්න හිතෙන්නෙ.

    ReplyDelete
  15. ලිපිය සහ කොමෙන්ට් කියවගෙන යනවා. තව කොමෙන්ට් වලින් විවිධාකාර මත පළ වෙයි. මගෙ රාජකාරිය සිම්පල්, නිරීක්ශනේ කරන එක විතරය්.


    (දැනුං තේරුං තියෙන ඇත්තන්ගේ කතා වලට කට දාන්න ගිහිං මක්කෙය් මගෙ මෝඩකම් ප්‍රදර්ශනේ කරන්නෙ)

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. මේක මට මෙහෙම කියතහැකි. පුද්ගල වන්දනාව කියන දේ විධි දෙකක් බ්ලොග් අවකාශේ දකින්න පුළුවන්, එකක් මොනවා කොහොම කිව්වත් පොරක් කියන පුද්ගලයෙක් දාන පොස්ට් එකට වැටෙන ප්ලස් කොමෙන්ට්ස්. දෙක ඒ පොර කියන පුද්ගලයට වැටෙන නෙගටිව් කොමෙන්ට්ස් ගැන ආර්ගිව් කරන අය දාන කොමෙන්ට්ස් සහ පෝස්ට්ස්. ඒ දෙකම අවශ්‍යයි සමාජයේ සංවාද ගොඩනගන්න නම්. ඒවා නැති වීම ඇත්තටම මෝඩ කමක්. එත් කාගේ හෝ පොරත්වය වෙනුවෙන් තමන් වරිගේ නහගන්න යන එකත් මෝඩකම කියල නොකියාම බෑ. එත් මෙතන කතන්දර කියල තියෙන්නේ කැම්පස් කවියක්.ඕක මං පේරාදෙණියෙන් අහපු එකක්. එත් එකේ නියම නිර්මාතෘ කතන්දරද නැද්ද කියල මං දන්නේ නෑ. ඕපන් සෝස් වගේ දේවල් එක්ක ආගමක් සංසන්දනය කරන එක වැරදී කියන්න මට කිසිම හැකියාවක් නෑ. මොකද ඇත්තටම ආගමකට අයිතිකාරයෙක් නෑ. එක එක එක්කනාට ඕන ඕන විදියට වෙනස්කරන්න කිසිම අවසරයක් ඕනේ වෙන්නෙත් නෑ. ඉතින් මං හිතනවා අපි මේ දේවල් සියල්ලම හිතන්න ඕනේ කියන එක.

    ReplyDelete
  18. බුදුහාමුදුරුවෝ අපේ (සිංහලබෞද්ධයන්ගේ), කිව්වෙ නලිය නේද?

    ReplyDelete
  19. [අද සමාජය මෙහෙම පිරිහිලා තියෙන්නේ, ටැබූලා, බියෝන්ඩ් ෆ්‍රේම්ලා,කතන්දරලා නිසාද? එහෙමත් නැතිනම් ලන්කා ඊ නිවුස් නිසාද? ]

    ටැබූලා කෙසේ වෙතත් ඊ-නිවුස් වලින් පෙන්නන්නේ සන්නජයේ තියෙන තුප්පහි ස්තරයක සිතුම් ඵැතුම්. සමහර එවුන් උන්ගේ මූණත්තහඩු බ්ලොග් වල එල්ලන් ඉන්නව

    ReplyDelete
  20. @සූස්ති ගුණේ : "බුදුහාමුදුරුවෝ අපේ (සිංහලබෞද්ධයන්ගේ), කිව්වෙ නලිය නේද? "

    මෙතන කැත කොරන්නේ නැතුව නලියගෙන් අහපන්කෝ. උඹ ඔය නාකියට ඔච්චරම බයද?

    ReplyDelete
  21. කවුරුත් බ්ලොග් ලෝකේ ඉන්නවනම් හොඳයි. විවේචන තියෙන එකත් හොඳයි. අර බුවා කිව්වා වගේ වචන අල්ලගෙන දඟලන එක බොරු වැඩක්. මොකද අදත් "සිද්ධාර්තල" ඉන්නවා ඉන්දියාවේ. "බුද්ධ' ලා ඉන්නවා ටිබේටයේ. ඔය පොඩි උන් දාලා පවුල ගොඩ ගන්න රට යන දුප්පත් අම්මාවරු කරන්නෙත් "අභිනිශ්ක්‍රමනයක්" මගේ දැක්ම අනුව..

    ReplyDelete
  22. @බුවා ( කමෙන්ට් අංක 1)

    මයියා හට නැවතත් කීමට ඇත්තේ 'චතුරාර්‍ය සත්‍ය' යන්න බුද්ධ දේශනාවේ මනාව දේශනා (ඩිෆයින්) කර ඇත්තක් බවය.එහි අඩුවක් හෝ වැඩියක් නැත. බුද්ධ දේශනාවට එතෙක් මෙතෙක් එල්ල වූ ප්‍රබලම අභියෝගය වූ නාගර්ජුන හිමියන්ගේ 'ශුන්‍යතා' සංකල්පයේදී පවා එතුමා එය ඉදිරිපත් කරන්නේ චතුරාර්‍ය සතය්‍ය යේ හතර මායීම් නොඉක්මවන සේය.

    උපුටා ගැනීම: 'මා තේරුම් ගත් බෞද්ධ දර්ශනය අනුව නම් , ඒ වචන වෙනත් ආකාරයකට භාවිතා කිරීමෙන් සිදුවන හානියක් නැත'

    චතුරාර්‍ය සත්‍යයේ සම්භන්දයේන් බුද්ධදේශනාවේ එන අර්ථ දැක්වීම ඉක්මවා හුදෙක් එය 'දුක-දුකට හේතුව- දුක නැති කිරීමේ මග-දුක නැතිකිරීම' යන අච්චුව ලෙස ගැනීමෙන් කතන්දරගේ පෝස්ට් එකෙන් එම වටිනා සංකල්පයේ 'පරම සත්‍යය', 'සදාකාලික සත්‍ය' හා 'පරම සැපත' යන මූලික අදහස් ගිලිහී යෑමෙන්ම ඊට ඇති වී ඇති හානිය ඕබ ඉහත මතු කර ඇති අන්දමේ හානියකට ඉතා හොද නිදසුනක්ය.

    චතුරාර්‍ය සත්‍ය යනු ඉහත 'දුක-දුකට හේතුව- දුක නැති කිරීමේ මග-දුක නැතිකිරීම' යන අච්චුව නම් කුඩ්ඩෙකුට කුඩු ගැසීම ද චතුරාර්‍ය සතය්‍ය ලෙස අර්ථ දැක්විය හැක. මන්ද ඔහුට අනුව දුක යනු කුඩු නොගසා සිටීමය. දුකට හේතුව කුඩු ගැනීමට මුදල් හිග වීමය ( මේ දචස් වල නම් සුදු බෙබි ඇදට වැටීමය) , දුක නැතිකිරීමේ මාර්ගය නම් හොරකම් කර මුදල් සොයා ගැනීමය. දුක නැතිකිරීම නම් හොරාගත් මුදලින් කුඩු ගැසීමය. ඒ අනුව කතන්දරට කැම්පස් ජිවීතය හැර යාම චතුරාර්‍ය සත්‍ය උවා සේ කුඩ්ඩාට කුඩු ගැසීමද චතුරාර්‍ය සත්‍ය ලෙස ගැනිමේ වරදක් නැත.

    බුදුදහමේ නිදහස සම්භන්දයෙන් මයියා ගේ අදහස මයියා තම 'මහායානයද? ථේරවාදයද? නැත්නම් මොකුත්ම නැද්ද' යන පෝස්ට එකේ රිටිගල ජයසේනට පිලිතුරක් ලෙස සපයා ඇත. එය ඔබේ පහසුව තකා මයියා මෙසේ උපුටා පල කරනවා...

    '''' @ රිටිගල ජයසේන

    මයියා දන්න කියන ආගම්, දර්ශන සලකලා බැලුවම, නිදහස් චින්තනයට, ගවේශණයට වැඩිපුරම රුකුල් දෙන දර්ශනය බුදුදහමයි. ඇත්තටම බුදුහාමුදුරුවන් යනු ලොව පහල වූ ශ්‍රේෂ්ඨතම නිදහස් චින්තකයා යනු මයියා ගේ විශ්වාසයයි.
    ඒතුමා සමකාලීන බොහෝ විශ්වාසයන් බොහොමකට එක එල්ලේ නිවැරදි අකාරයේ අභියෝගයක් එල්ල කල අතර සමහරක් ඇතැම් විශ්වාස සOකල්ප තම දර්ශනයට පවා ඇතුලත් කලා.ඒ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රේෂ්ටත්වයයි.
    මෙසේ නිදහස් චින්තනයට, ගවේශණයට , කපා කොටා බැලීමට තම ධර්මය විවර කිරීමට බුදුහාමුදුරුවන්ට හැකි වූයේ , එම ධර්මයේ තිබූ පැහැදිලිතාවය නිසාමයි..ඒ නිසා කොතරම් වෙනස් කිරීම් , ආදේශ කිරීම් , අලුත් විවරන ධර්මයට එකතු කලත් , පටිච්ච සමුප්පාදය හමුවේ මේ සියලු දුර්මත හිරු දුටු පිණි බිදු සේ වියලී යනවා..
    කේසේ නමුත් නාගර්ජුන හිමියන් වෙනස් කලේ ( මයියා ගේ විශ්වාසයයි) මේ පටිච්ච සමුප්පාදයමයි. හරියටම මිනිහෙක්ගේ බෙල්ලෙන්ම ඇල්ලුවා වගෙයි. මේ ග්‍රහනයෙන් මිදෙන්න ථේරවාදීන් ට ( මයියා පටිච්ච සමුප්පදය සම්භ්න්ද තේරවාදී අර්ථ දක්වීම පිලිගනී) තවම හරියා කාරව නොහැකී වී ඇති බවක් පෙනෙනවා .ඒ ශූන්‍යතාවාදය තර්කානූකූලව ප්‍රතික්ශේප කිරීමට නොහකි වීමේන් ..

    කේසේ නමුත් ශූන්‍යතාවය තර්කානූකුලව ප්‍රතිශේප කිරීමට දරන වැයමත්, ලෝඅකයේ හට ගත්තේ කොහොමද කියන ප්‍රශනයත් දෙකම එකම කැටගරි ඒකේ ප්‍රශ්ණ බවයි මයියා ට හිතෙන්නේ .ගිනිගොඩින් එලියට පනිනවා විනා, ගිනි ගොඩ ඇති කලේ කවුද,කවදාද කියන ප්‍රශ්නේ එතරම් වැදගත් නැතිවා වගෙයි..ඇට්ටේරියා කැලේදී බුදුහාමුදුරුවන් දේශානා කරපු දේයත් මේ වේලාවේ මයියට සිහියට එනවා..

    බුදුදහමේ නිදහස් චින්තනයට මේතරම් උදාහරන තියෙද්දී , දරදඩු නීතී, නිදහස් චින්තනය සීමා කිරීම් මගින් බුදුදහම ර්‍රැකගැන්මට යැයි කියා ඇතැම් පුද්ගලයන් දරන උත්සහයන් මයියා ගේ අනුකම්පාවට ලක් වෙනවා..

    රිටිගල ජයසේනයන් තම ලිපියේන් මතු කර ඇති එම කාරණාවට මයියා එකග වෙනවා, බුදුදමේ වර්තමාන සමාජයේ දැක්වෙන මෙවන් කරුනු කීපයක් ඔබ ලිපියෙන් ඉස්මතු කිරීමට උත්සහ දරා ඇතිබව පේනවා..

    ස්තුතියි ඔබගේ පැමිනීමට'''

    මෙහි අවසානය ට ලියා ඇති 'ස්තූතියි ඔබගේ පැමිනීමට යන්න' මා නැවත වතාවක් මෙහි පැමිනි හා කමෙන්ට් ලියා ඇති සියලු දේනා වෙනුවෙන් යොදා ගන්න මෙය අවස්තාවක් කර ගන්නවා.

    ReplyDelete
  23. මය්යා මා කියල තියන දේ තේරුම් අරගත්ත බවක් පේන්නේ නැ ,

    @මාතලන් - ඇයි බන් ගෞතම් ලත් ඉන්නේ , අර ඉන්දියන් ක්‍රිකට් ටීම් එක ලඟදි කසාදයක් කොරගත්ත මිටි හාදයා

    ReplyDelete
  24. බොල බුවෝ..... උඹ කියන දේ මයිය්යට නෙමෙයි , මය්යා කියන දේ උඹට තේරුනා නම් ලොකු දෙයක්.....

    උඹට වචන වල තේරුම වැඩක් නැති නිසා උඹලගේ අම්මට '**' කියලා කිව්වත් අවුලක් නැතුව ඇති මගේ හිතේ..

    ReplyDelete
  25. ඇනෝ - අනෙ ඔව් මම මෝඩය . ඔබතුමයි මය්යයි තමයි හරි .මේන් පිලිගත්තා , සොරි හොඳේ

    ReplyDelete
  26. මයියානෙනි ඔබතුමාට මා ගවුරවයෙන් දන්වා සිටින්නේ නාගාර්ජුනපාදයන්වහන්සේව ද්විතීයික මූලාශ්‍රවලින් තේරුම්ගන්නටයාම උන්වහන්සේට කරන බලවත් අසාධාරණයක් විය හැකි බවයි. මා මේ ටික ලියන්නේ ඔබතුමා මේ කරුණු ගැන හැදෑරීමට යම් උනන්දුවක් ඇත්තෙක් බව පේන බැවිනි.

    ReplyDelete
  27. කෙනෙකුගේ ආගම මෙන්ම තව අයෙකුගේ දේමාපියන්...බිරිද දරුවන් යනු හදවතේ ගැබුරුම් තැන් ස්පර්ශ කරන්නන් ය.

    අප අතර මදවාද වල වෙනස් කම් තිබිය හැක.....ඒහෙත් හදවෙතේ ගැඹුරුම තැන ස්පර්ශ කිරීමේදී වඩා සංවේදී වන ලෙසත් සංයමයෙන් වචන හසුරුවන ලෙසත් මෙහි පැමිනෙන සියලු දේනාගෙන් මයියා කාරුණිකව ඉල්ලා සිටියි.

    @පොඩිගමයා

    ඔබගේ උපදෙසට ස්තූතියි....ඒය මා සුරකිව මතක තබා ගන්නම්

    ReplyDelete
  28. "එහෙත් හදවෙතේ ගැඹුරුම තැන ස්පර්ශ කිරීමේදී වඩා සංවේදී වන ලෙසත් සංයමයෙන් වචන හසුරුවන ලෙසත්..."

    පෝස්ට් එකට හේතුවුණු කාරණයත්, පෝස්ට් එකත්, කොමෙන්ට් ටිකත් ඊටත් එහායින් ගිහිල්ලා භාෂණයේ යෙදෙන අපි කොයි කවුරුනුත් හොඳින්ම මතක තබාගතයුතු, ප්‍රගුණ කලයුතු, මේ කාරණය සරලව මෙහෙම මතක් කලා ඔබට ඉතාම තුති.

    කුළියක් මලියක් වෙනුවෙන් නොලියන, නොබනන හෑම අවස්ථාවකදීම මෙසේ හිතන්නට පුරුදුවීම තමා තුලම බොහෝ ශික්ෂණයක් ඇති කිරීමට හේතු වේයැයි හිතේ.

    ඔබ ගැන මා තුල ගෞරව පූර්වක හැඟීමක් ඇතිකිරීමට ඒ වචන කිහිපය සමත් විය.

    ReplyDelete
  29. මේ ලිපිය ලිවීම ගැන මයියා ට මගේ නොවක් ස්තුතිය මුලින්ම.

    මා මෙහි අන්තර්ගතය හා මුළුමනින්ම එකඟ වෙමි.

    සියළු දේටම වඩා වැඩියෙන්ම කැමති මෙන්න මේ වැකියටයි.
    ".......ලෙස හදුන්වා ගැනීම නම් මදක් විසුලු සහගතය."

    සත්‍යය නම් මගේ මුළු කවියම සහ බ්ලොගයම විසුළුසහගත කිරීම මගේ අභිප්‍රාය බවය. එය තරමක් දුරට හෝ ඉටුවී ඇති බව ඔබේ වැකියෙන් පෙනේ.

    ReplyDelete
  30. ෂහ් බොලේ ඔස්කා මට ගරු ගාම්භීර නම්බු නාමයක් වගේ එකක් දිලා නේ. ස්තුතියි, ස්තුතියි.

    -පශ්චාත් නූතනවාදී කතන්දරකාරයා
    (අනිත් කෑල්ල එපා, ඒක ඔසකා ට සාපේක්‍ෂකයි)

    ReplyDelete
  31. @ කතන්දර
    අහ් මයියා හිතුවේ මනාලයා නැතුවම මංගල්ලේ ඉවර වෙයිද කියලා....

    අන්තර්ගතය සමග එකග වීමටත් ස්තුතියි...

    දැන්නේ ඉතින් අපි දන්නේ විහිලු කිරීමත් කතන්දරගේ එක අරමුනක් කියලා..
    කෝ ඉතින් ලියලා තියෙන්නේ කතන්දර කීම විතරයි කියලනේ...

    විහිලු කරන්න ගියාම ඉතින් මිනිස්සුන්ගේ විශ්වාස, ආගම්, දේමාපියන්
    ඔක්කොම ගැන සංවේදීව හිතුවොත් තමයි හොද විහිලු කතන්දර ලියන්න පුලුවන්..
    ඒ මයියා ට හිතෙන විදිහ,,සමහර විට කතන්දරට හිතෙන විදිහ වෙනස් ඇති....

    මේ පැත්තේ ආවාට ස්තුතියි.....

    ReplyDelete
  32. //කතන්දරකාරයා වගේ පස්චාත් නූතනවාදී මුග්ධයන්ගේ ප්‍රලාපවලට පිලිතුරු සැපයීම ගැන මයි‍යට ස්තුතියි.//

    //විහිලු කරන්න ගියාම ඉතින් මිනිස්සුන්ගේ විශ්වාස, ආගම්, දේමාපියන්
    ඔක්කොම ගැන සංවේදීව හිතුවොත් තමයි හොද විහිලු කතන්දර ලියන්න පුලුවන්..//


    උපුටා ගෙන පළකරමි... වෙන මුකුත් නොකියමි...

    ReplyDelete
  33. Dear Thissa,

    thanks for your lovely words...here is a samll present from mayya

    https://www.facebook.com/#!/photo.php?v=1862867806359

    ReplyDelete

2222