Wednesday 30 November 2011

අධිවේගයේ යැම හෙවත් වැදි බණ......

සාමාන්‍යයෙන්, ලංකාවේ රියැදුරු අසුනේ වාඩි වෙනවයි කියන්නේ, පොඩි අංජනම් බැලිමේ හැකියාවකුත් තියෙන්න ඕනේ කියන එකයි..මොකද කොච්චර මාර්ග සංඥා, අරවා මේවා මොනා තිබ්බත්, ඉස්සහරෙන් යන වාහනකාරයා වමට සිග්නල් දාලා දකුනට කපයිද, පැත්තෙන් එන ත්‍රීවීල්කාරයා ඇගට කපයිද, අතුරු පාරෙන් එන මොටර් සයිකලකාරයා එක පාරට ප්‍රධාන පාරට දමයිද වගේ නොයෙකුත් ප්‍රශ්ණ නිරාකරණය කර ගැනිමේ හැකියාවක්, ලංකාවේ පාරක වාහනයක් එලවන කොයි කවුරුත් සතුව තිබිය යුතු අනිවාර්‍ය හැකියාවක්..ඒකයි ලංකාවේ රියැදුරු මහත්තයෙකුට අංජනම් බැලිමේ හැකියාවක් මදක් හෝ පිහිටිය යුතුයැයි මයියා නිගමනය කලේ....

වාහනයක් එලවන එක ලංකාවේ මෙච්චර ඔලුව කැක්කුමක් උනාට, දියුණු රටක වාහන එලවන එක එච්චර අමාරුවක් නෑ. ඒකට අවශ්‍යවන්නේ ඉස්සරහ යන වාහනය දිහා බලං යෑමත්, මාර්ග සංඥා හා සම්ප්‍රදායන් ‍රැකීමත් පමණයි. ලංකාවේ රියැදුරන් කොච්චර කලබලකාරි, නොහික්මුනු කට්ටියද කියලා තේරුම් යන්නේ පිටරටක ගිහිල්ලා වාහනයක් අතට ගත්තම තමා.....

කොහොම උනත් ලංකාවේදී ඉතා අවිනීත රියැදුරෙක්ව සිට, කැන්ගරු දේශයේදී $1500 ට ( රු, 150,000) ට ආසන්න පොලිස් දඩ ආන්ඩුවට ගෙවා,ඊට අමතරව කන්ඩෙම් වන්නටම කාරයක් හප්පා ගැනිමේන් පසු, විනීත රියැදුරෙකු වීම දක්වා කාලය තුල මයියා ලැබු අත්දැකිම් මේදා පාර පෝස්ට් එකට නිමිත්ත කර ගැනීමට මයියා කල්පනා කලා. ඒකට මූලිකම හේතුවක් උනේ මෑතදී මහජනයාට විවෘත කරන ලද ආශ්චර්‍යයේ පිවිසුම කියලා කියන දක්ශිණ අධිවේගී මාර්ගයේ දැනටම සිදුවෙලා තියෙන අනතුරු සංඛ්‍යාව 40 ට ආසන්න බව දැක්කට පස්සේ...

අධිවේගී මාර්ගයක ධාවනය කිරීමේදී , සෑම තිස්සේම කල්පනාකාරී විය යුත්තේ තමන්ගේ ධාවනය වේගය ගැනයි. කුඩා වේග වලදී තමන්ට පාලනය කර ගත හැකි කරුණක්, අධිවේගයේදී පාලනයෙන් තොර වීම ඉතා සාමාන්‍ය සිදූවීමක්. මාර්ගයේ ධාවනය වන සෙසු වාහනද ඉතා අධි වේගයෙන් ධාවනය වීම නිසා, සුලු අත්වැරදීමක් උනත් මහ අනතුරක් බවට පත් කිරීමට ගත වන්නේ ඉතා ක්ශණික මොහොතක්....ඒනිසා පහත දැක්වේන කරුනු අධීවේගී මාර්ග තුල ධාවනය කිරීමේදී උපකාරී වෙතැයි මයියා උපකල්පනය කරනවා...

1.) වේග සංඥා පුවරුවලට අදාල නියමිත වේග සීමා වලට යටත්ව වාහනය ධාවනය කිරීම:
සාමාන්‍යයෙන් පාරක වංගු වල අරයන් ( horizontal allignments) හා ඒවායේ සැකස්ම (super elevatiaons)තීරනය වන්නේ නියමිත ධාවන සීමා අනුවයි. වේග සංඥා වල දැක්වෙන්නේ මේ අදාල වේග සීමාවනුයි. අධික වේග වලදී මේවයේ නිරවද්‍යතාවය ඉතා වැදගත්....ඒ නිසා අදාල වේග සීමාවලට යටත්ව ධාවනය කිරීම අත්‍යවශ්‍ය කරුනක්

2.) මංතීරූ ( lane) මාරු කිරීමේදී පැති කන්නාඩියට ( side mirror) අමතරව , බෙල්ල හරවා බලා තමන්ට සමීපව වාහනයක් නැති බව සැක හැර ගැනීම;

පැතිකණ්නාඩියට අසු නොවන බ්ලයින්ඩ් ස්පොට් ( blind spot) එකක් තියෙනවාය. අඩුවේග වලදී පැති කණ්නාඩියෙන් පමණක් බලා මංතීරු මාරු කලත් ලග තියෙන වාහනයට තිරිංග යොදා අනතුර වලක්වා ගත් හැක. එහෙත් අධිවේගයේදී මේ සෙල්ලම් බැරිය. එම නිසා තමන් මංතීරුව මාරු කිරීමට අදහස් කරන්නේ නම් පැති සංඥා ලාම්පු ( siganal light) දල්වා නිසි කාලයක් ලබාදී , පැති කන්නාඩියෙන්ද බලා, ඊට අමතරව බෙල්ල හරවා තමන්ට සමීපයෙන් වාහනයක් නොමැති බව සැක හෑර දැන ගැනීමේන් පසුව පමණක් මං තිරූ මාරු කල යුතුය.

3.) ඉදිරියෙන් යන වාහනයක් පෑති සංඥා ලාම්පු (signal) දල්වා මංතීරු මාරු කිරීමට යනබව සංඥා කල පසු එයට ඉඩ දෙන්න...

ලංකාවේ අති බහුතර රියැදුරන් කලබලකාරිය...අනෙකුත් වාහන තුට්‍ටුවටවත් මායිම් නොකරේ..අධිවේගයේදී එකෙක් අනතුරට ලක්වීම යනු, තව කීප දෙනෙක් නිකරුනේ එයට සම්මාදන් වීමය. ඒ නිසා අධිවේගයේදී සාමුහික විනය ඉතා වැදගත්ය....අනෙකාගේ ඉල්ලීමට ඉඩ දෙන්න...

4.) අධිවේගී මාර්ග වල නික්ම යෑම් ( Exits) මාර්ග කීපයක් පවතී. තමන්ගේ ගාමනාත්තයට අදාල නික්ම යෑමේ මාර්ගය ගැන හොද අවධානයෙන් යුතුව ගමන් කරන්න...


සමහර විට මේ නික්ම යන මාර්ගය ( Exit) ලබා ගැනීමට අතපසු වේ. ඒවැනි විටෙක කිසි ව්ටෙක තිරිංග යොදා වාහනය නතර නොකරන්න...පසුපසට ධාවනය නම් කිසිලෙසකවත් නොකරන්න....තමන්ට අදාල නික්ම යෑමේ මාර්ගය (Exit) අතපසු උනොත් කලබල නොවී දිගටම වාහනය ඉදිරියට ධාවනය කරන්න. ඊලගට හමුවන නික්ම යෑමේ මාර්ගයේන් ඉවත් වී ගොස නැවත් අනිත් පසින් අදිවේගී මාර්ගයට ඇතුලු තමන් පැමිනි දිසාවට ධාවනය කර අදාල ස්ථානයට පැමිනෙන්න. නැතහොත් නික්ම යෑමේ මාර්ගය ලබා ගෙන වෙනත් විකල්ප මාරගයක් භාවිතා කරන්න
අමතර පේට්‍රල් ටිකකුත් , ඇතුන් ලවා වත් ඇද්දිය නොහෑකි කාලයත් පොඩ්ඩක් වැය උනාට කරන්න දෙයක් නැත. ජීවිතය ඊට වඩා වටිනවාය...

5.) තමන්ගේ වාහනයේ ටයර් හා ධාවන තත්වය පිලිබදව නිරතුරුව සැලකිලිමත් වන්න..ආරක්ශක බදපටි පැලදීමට අමතක නොකරන්න.

ගෙවීගිය කට්ට සහිත ටයර් සහිත් වාහන අධිවේගයේදී තිරිංග වලට ඔරොත්තු දෙන්නේ නැත. ඒවන් වාහනයක් හදිසියකදී තිරිංග යොදා නතර කාලත්,, ස්කිඩ් වී වාහනය නතර වන විට වෙන්න ඕනා හරිය වෙලා ඉවරය

6.) තමන් වාහනයක් ඉස්සර කිරීමට අදහස් නොකරන්නේ නම් හැකි සෑම විටම තමන්ගේ වම් අත පැත්තේ මං තීරුවේ ධාවනය කරන්න.


අඩිවේගය ආශ්වාදජනකය. මෙය විදීමට හැකි වන්නේ විදිමත්, හික්මුනු රියැදුරෙකුට පමනි.....අශ්චර්‍යට පිවිසෙන්නන්ට ජය...

P.S : just saw this user guide made by RDA 01/12/2011

32 comments:

  1. හොඳ උපදෙස් ටිකක් දීලා නම් තියෙනවා හැබැයි ලංකාවේ කීයෙන් කී දෙනාද මේ විදියට වාහන ධාවනය කරන්නේ කියන එක තමා ප්‍රශ්නේ...

    ReplyDelete
  2. මයියාගේ කතාව නම් 500% ඇත්ත. ලංකාවේ රියැදුරන්ට අන්ජනම් එලි බැලීමේ හැකියාව අනිවාර්යයයි. වැදගත් ලිපියක්. වටින කරුණු ටිකක් තියනවා කට්ටියට හිතට ගන්නවා නම්............

    ReplyDelete
  3. ඔව් හොඳ උපදෙස් ටිකක් දීල තියෙනවා. ඇත්තටම අධි වේගී මාර්ග වල යද්දී බයම කෑල්ල (මට නම්) අධිවේගී මාර්ගයට දාගන්න එක. සමහර වෙලාවට එන්ට්‍රි ස්පීඩ් එකට වාහනේ ආවේ නැත්නම් මාර්ගේ යන වාහන අස්සෙන් දාගන්න බැහැ.
    හැබැයි ඔයා කිව්වා වගේම හරියට යන්න දන්නවා නම් අධිවේගය හැබෑවටම ආශ්වාදජනකය!

    ReplyDelete
  4. ඉස්සරවෙලාම මයියා ලියලා තියෙනවා වගේ ලංකාවේ ඩ්‍රයිවර්ස්ලට අංජනම් බැලීමේ හැකියාව තියෙන්නම ඕනෙ තමා...සමහර වෙලාවට කොහේන් හරි හරවන්න දාපු සිග්නල් එක්ක තව කිලෝමීටර් 5-6 ක් යද්දී පිටිපස්සෙන් යන කෙනාට මංඤ්ඤං වෙන එක අහන්නත් දෙයක්ද....ඇයි ඉතින් කොයි වෙලාවේ දාපු සිග්නල් ද....අනික ඉතින් අපේ රටේ ඩ්‍රයිවස්ලගේ ඉවසීම බින්දුවේ තියෙන්නේ...ට්‍රැෆික් ලයිට්ස් වල නැවැත්තුවම තියෙන හදිස්සිය පේනවනේ...හරියට හොඳ ලිපේ තියලා ඇවිත් වගේ හෝන් එක ගහන්නේ....

    අනික ඉතින් කවදා කාපු ටකරංද.... සීයට යනවා කිව්වම් අපේ අයියලා.....මයියා සඳහන් කරලා තියෙන ක්‍රම අනුගමනය නොකලොත් හයි වේ එකේ යනවා බොරු... මේ නිකම් පාරක හරියට යා ගන්න බැරි කොට.... පළවෙනි අනතුරත් මේ වෙද්දී වෙලා ඉවරනේ....

    ReplyDelete
  5. මම දාපු කොමෙන්ටුව බහිරවයා ගිල්ලද ?????

    ReplyDelete
  6. මේ පොස්ට් එක පොටෝ කොපි කරලා මේ අධිවේගී මාර්ගේ යන රියදුරන්ට කියවන්න දෙන්න වටිනවා. සාමුහික විනය කියන දේ තිය ලංකාවේ රියදුරන්ට මාර්ග විනය කියන්නේ මොකද්ද කියන්නවත් තේරෙන්නේ නා. ලංකාවේ තියෙන්නේ සේෆ්ටි ඩ්‍රයිවින් නෙවේ, ඩිෆෙන්සිව් ඩ්‍රයිවින්....

    ReplyDelete
  7. මේ උපදෙස් ටික හරියට වටිනවා ලංකාවේ නොහික්මුනු රියදුරන්ට...

    //මේ පොස්ට් එක පොටෝ කොපි කරලා මේ අධිවේගී මාර්ගේ යන රියදුරන්ට කියවන්න දෙන්න වටිනවා.//
    සහතික ඇත්ත...

    දැනට අනතුරු 2 යි කියලයි තවම මටනම් ඇහුනේ ....දෙයියනේ 40 ක් ද?

    ReplyDelete
  8. gud one dude ......!!!

    ReplyDelete
  9. here is Dil's Comment from my inbox, will reply all later..cheers

    ඉස්සරවෙලාම මයියා ලියලා තියෙනවා වගේ ලංකාවේ ඩ්‍රයිවර්ස්ලට අංජනම් බැලීමේ හැකියාව තියෙන්නම ඕනෙ තමා...සමහර වෙලාවට කොහේන් හරි හරවන්න දාපු සිග්නල් එක්ක තව කිලෝමීටර් 5-6 ක් යද්දී පිටිපස්සෙන් යන කෙනාට මංඤ්ඤං වෙන එක අහන්නත් දෙයක්ද....ඇයි ඉතින් කොයි වෙලාවේ දාපු සිග්නල් ද....අනික ඉතින් අපේ රටේ ඩ්‍රයිවස්ලගේ ඉවසීම බින්දුවේ තියෙන්නේ...ට්‍රැෆික් ලයිට්ස් වල නැවැත්තුවම තියෙන හදිස්සිය පේනවනේ...හරියට හොඳ ලිපේ තියලා ඇවිත් වගේ හෝන් එක ගහන්නේ....

    අනික ඉතින් කවදා කාපු ටකරංද.... සීයට යනවා කිව්වම් අපේ අයියලා.....මයියා සඳහන් කරලා තියෙන ක්‍රම අනුගමනය නොකලොත් හයි වේ එකේ යනවා බොරු... මේ නිකම් පාරක හරියට යා ගන්න බැරි කොට.... පළවෙනි අනතුරත් මේ වෙද්දී වෙලා ඉවරනේ....

    ReplyDelete
  10. "ලංකාවේ අති බහුතර රියැදුරන් කලබලකාරිය.."

    මේකට හේතුව මට තාමත් හිතාගන්න බෑ...

    ReplyDelete
  11. මං දැක්ක ඊ නිවුසියෙද කොහෙද තියෙනව... ප්‍රවාහන ඇමැති කිව්වලු "මම ඊයෙ අධිවේගී පාරෙ 180 ට ආව" කියල... 100ට යන්න හදපු පාරෙ ප්‍රවාහන ඇමතිම 180ට යනවනම් ... සංදුක්කේ..

    ReplyDelete
  12. වැඩක් නෑ මය්ය, බීරි අලින්ට ගිටාර් ගහනව වගේ.

    @ක්සැන්ඩර් | Xander,
    ඩිෆෙන්සිව් නෙමේ මම නං ලංකාවෙදි දැක්කෙම ඔෆෙන්සිව් ඩ්‍රයිවින්

    ReplyDelete
  13. මම නම් හිතාන ඉන්නෙ කවදහරි වයිකින් බස් තඩියක් ගන්න , උන් විතරයි පාරේ යන්නේ , අනික් උන් යන්න ඕනි උන්ට ඔනි විදිහට

    හයිවේ එක භාවිතා කරන හැටි ඇඩ් තොගයක් දාල කියල දුන්නා , බොහොම පැහැදිලි සිංහලෙන් , ඒත් අපේ අය ඕව කනකට ගන්න එකක් යැ , 100ට යන්න හදපු පාරේ ඇමති 180ට ආව කියල පම්පොරි ගහන කොට අනික් මිනිස්සු හරියට යාවි යැ

    ReplyDelete
  14. දවස් දෙකට 40ක්?
    ඔය කට්ටිය පිවිසිල තියෙන්නෙ ආශ්චර්යට.

    ReplyDelete
  15. @ සෝරෝ

    අධිවේගේ ගිහිල්ලවත් මිනිස්සු ඉගෙනගයිද කියලා බලමුකෝ.....නීතිය හරියට ක්‍රියාත්මක වෙනව නම් , මිනිස්සුන්ව හදන්න පුලුවන්....

    @ ගොඩයා

    ස්තූතියි...ඔය අංජනම් බල බල වාහන එලවන්න ගියාම එපා වෙනව..අපි දන්නෙම නැතුව එලවන එක මොලයට ලොකු ස්ට්‍රේස් එකක් වෙනවා...

    @ නිරොශනී

    ඔව් ඕව් ..එන්ට්‍රන්ස් වෙන තැන වේග සීමා බෝඩ් එක දැක්ක වෙලේ ඉදන් ඒ ගාන ට රේස් කරලා ගන්න....සාමාන්‍ය වාහනයකට රේස් කරලා අදාල වේගය ගන්න පුලුවන් විදිහට තමයි එන්ට්‍රරන්ස් එක සැලසුම් කරලා තියෙන්නේ...

    @දිල්

    ඇත්තටම කමෙන්‍ටුවට මොකද උනේ....

    කොච්චර පිඹගෙන ගියත් අන්තිමට සාමන්‍ය වේගයෙන් ගිය වාහනයත් එක්ක වැඩි වෙනසක් නෑ...පොලොසීයට අතයටින් ගන්න ගන්න බෑරි විදිහට දඩ සිස්ටම් එකක් හැදුවනම් ගොඩක් දේවල් හරි ගස්සගන්න් පුලුවන්...

    @ක්සැනඩර්

    ඕබසවර් අයියා කිව්වා වගේ මටත් හිතෙන්න ලංකාවේ තියෙන්නේ ඔෆෙන්සිව් ඩ්‍රයිවින් කියලා.......නීතියක් නැති රටේ ඩ්‍රයිවින් වලට විතරක් මොටද නීතී.....

    @ඩෙසර්ට්ෆ්‍රොග්

    ඔව කියවපු නිව්ස් එකේ තිව්වේ 36 කියලා...මයියා ආසන්නම දසස් ස්ථානය වැටයෙව්ව....අද වන විට නම් 40 පන්නල ඇති

    @ ඇනෝ

    ස්තුතියි

    @ තිස්ස

    මයියා හිතන්නේ සිංහල ගතිය වෙන්න ඇති..වාහනයක්වත් තමන්ව පසු කර ගෙන යනවට කැමති නෑ...

    @සපතේරූ

    නීතීය රකිනවා තියා නීතියක් තියෙනවද කියලවත් දන්නේ නෑ....අනේ අප්පා මෙහෙම අයනේ ඉතින් අපේ ඇමතිවරු...රටකට ගිය කල.......


    @ ඔබ්සවර්

    කියලා වැඩක් නෑ... පොලොසියට ගාන කපන්න බැරි දඩ සිස්ටම් එකක් තිබ්බ නම් ඔය මොන බීරි අලියට උනත් නොයමේට කන් ඇහෙන්න ගන්නව

    @බුවා

    ලංකාවේ නිව්ස් එක්ක ජීවත් උනත් අධිවේගේ යන හැටි කියල දුන්න කුප්පි ටික මයියට ඇස ග‍ටුනේ නෑනේ...අවුලක් නෑ..ඔය ප්‍රවහන ඇමතිම කියලා දීල තියෙන්නේ යන්න ඕනා විදිහ..

    @ චමිල

    ඔව් මුලදී ඔහොම උනත් පස්සේ පුරුදු වෙයී.......අපි එහෙම හිතමූ.....

    ReplyDelete
  16. අපේ රටේ සාමූහිකත්ව තියෙන්නේ 'වලියකදීයි' 'සුද්දයකදියි' විතරයි. එකෙක්වත් ඉස්සර කරන්න දෙන්නෑ..පාරකට දාගන්න ඉඩ දෙන්නේ නෑ... දන්වත් හැදේය්ද බලමු.

    ReplyDelete
  17. Do you think people are unaware of this? It is just ignorance not the lack of education.

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. @ කැන්ඩියන්

    ඇයි චූ කරන්න ගියාම....එක්කෙනෙකුට ඕනා උනොත් හැමෝටම ඕනා වෙනවා...

    @ එස්. එල්
    උපන්දා ඉදන් බොරු කියන්නයි, නීතී කඩන්නයි පුරුදු කරන රටේ ගොඩක් දෙනෙක් නීති තියෙන විත්තයි දන්නව තමයි...හැබැයි ඒ නිතී රකින්න ඕනා විත්තිය නම් දන්නේ නෑ...

    ReplyDelete
  20. බොහොම හොඳ ලිපියක් මයියා . ...

    ReplyDelete
  21. thanx dhuka.....nice to hear from u after some time

    ReplyDelete
  22. මායියා WA වල නේමේ නේද? මෙහෙත් ඔය වගේ ලංකාවේ කෙනෙක් හරස් පාරක ඉඳන් ලංකාවේ ක්‍රමේට ප්‍රධාන පාරට දාන්න ගිහින් වහනේ කන්ඩෙම් කරන් තිබ්බා...

    මෙහෙ හයි වේ එකක ස්පීඩ් ලිමිට් එක 100 නම් 100ට යන්න ඕනේ, ඒකත් ගොඩක් වැදගත්. ලංකාවෙනම් කොහොමද දන්නේ නෑ...

    ReplyDelete
  23. @ tharaka

    No i am in Brissy....I was speading on the highway

    ReplyDelete
  24. තාම මරණයක් වුණේ නැති එක ගැන සතුටු වෙමු :)

    ReplyDelete
  25. ඒක ඇත්ත......මාරක අනතුරු සිදු නොවීම වාසනාවක්...

    ReplyDelete
  26. ඔබගේ කොමෙන්ටුවෙන් මා ඔබගේ බ්ලොගයට ආවේ. අර අංජනම් එලි බලන්න පුළුවන්කම තියෙන්න ඕනේ කියන කතාව හරියට හරි. අප ඉස්කෝලෙදි ඉගෙන ගන්නේ අනිකාව පරයා පළමු වෙනියා වෙන්නේ කොහොමද කියලනේ. මහා පාරේ ප්‍රදර්ශනය වන්නේ ඒ පුරුදු කිරීම කියලයි මගේ වැටහීම. කොහොම උනත් ඔය අධිවේගයේ වේග සීමාව පැයට කිමි 80 ට අව්රුද්දක් විතර දුවල 90 හා 100 ට ක්‍රමයෙන් නැග්ගුවොත් මේ වෙන අනතුරු සෑහෙන දුරට අඩුකරගන්න පුළුවන් වේවි. අර ඕස්ට්‍රේලියාවේ කියන්නේ 5 ක් කපන්න කියලා (වේග සීමාව 100 නම් 95 ට යන්න). පැයට කිමි 5 කින් වේගය අඩුවෙනවා කියන්නේ අනතුරකදී විනාශය ද අඩුවෙනවා.

    ReplyDelete
  27. ඉතාම වැදගත් බ්ලොග් පෝස්ට් එකක්.
    henryblogwalker the Dude

    ReplyDelete
  28. <a href="www.civilenginner.blogsot.com"

    ReplyDelete
  29. හුඟක් වැදගත් ලිපියක්. හැම මනුස්සයවම හදන්න බැරි වුණත් හැදෙන කෙනෙක් ඉගෙන ගනී මාර්ගය හා වාහනය භාවිතා කරන හැටි

    ReplyDelete

2222