Sunday 6 November 2011

කතන්දරශූරීන්ගේ ඕපන් සෝ(ර්)ස් චතුරාර්‍ය සත්‍යයේ නවතම වර්ශන් එක...........චාතුර්යා

මෙයට අදාල පලමු ලිපියට මෙතැනින් යන්න...


ඕපන් සො(ර්)ස් මෘදුකාංග වල දියුණුව අතිමහත්ය..

නොබෝදා කතන්දරශූරීන්
විශේෂයෙන් බ්ලොග් අවකාශයේ ලිංමැඩියන්ටත්....
පොදුවේ ලෝකසත්වයා කෙරෙහි කරුණාවෙනුත්
එලිදක්වන ලද
'කතන්දරගේ ඕපන් සෝ(ර්)ස් චතුරාර්‍ය සත්‍යයේ'
නවතම වර්ශන් එක
දැන් එලි දක්වා ඇත.


'කතන්දරගේ ඕපන් සෝ(ර්)ස් චතුරාර්‍ය සත්‍ය' යන්න දිග වැඩිය..
එමනිසා ඔසී ක්‍රමයට නම කෙටි කරමි...
එහි අළුත් නම 'චාතුර්යා' ය
කතන්දරගේ නම හැලිම ගැන කතන්දර තරහා වෙන්නේ නැත.
කොහොමත් ඕපන් සො(ර්)ස් වල කොපි රයිට්ස් නොමැත.
ඒ ඇරත් වචන වල තේරුම අනවශ්‍ය බැවින්
'චාතුර්‍යා' බැරි නම් ඕන මගුලක් දමා ගත්තාට වරදක් නැත....
මේ සංකල්පෙට නම් කොපිරයිට්ස් ඇත්තේය...
එහි අයිතිය ....
මේ බ්ලොගයට නිතර යන එන බුවාගේ ය.
හැබැයි ඔන්න ටෙලියේ ගිය
චාතුර්යා බලා
සිත සසලවා ගත් නංගිලා නම්
'චාතුර්යා' නම කෙලසීම ගැන
කැමති වෙන්නේ නැත...

පලමු චාතුර්යා එකෙදී මාරයා පරාජය උනේය...
ඒ ගැන වැඩි කථා ඕනෑ නැත..
අබුද්ධස්ස කාලේ ඒවා ටොයිස් වැඩය..

දෙවන චාතුර්යා එක නම් නියමය...
එය අත්විදීමට නම් පේරා ඉන්ජිනියරින් යා යුතුය..
අහෝ ඛේදයකි....
මේ චාතුර්‍යාව නම් 'අධිනිෂ්ක්‍රමනය' කලෝ නම් ස්වල්පය...
වැඩි දෙනා මේ චාතුර්‍යාව වැලද ගත් අයය...
ඒ තුලින්ම දුක පරාජය කල අයය.
සමහරෙක් නම් ඒ මගින්ම
දකුනු කුරු දිවයිනේ
කැන්ගරුවෝද දැක්කෝය...
එකල චාතුර්යා මෙකල අවිචර්‍යා වන්නේය..
නැග්ග ඉණිමගට පයින් ගැසීමක් මෙහි ඇත්තේ නැත..
මන්ද මේවා ඉනිමගේ නගින කාලේ හිතුනු දේවල්ය..

චාතුර්යාගේ අලුත්ම වර්ශන් එක නම් තෙවෙනි එකය..
ඒ අනුව කුඩ්ඩාගේ කුඩු ගැසීම ද චාතුර්යා එකකි..
එය වන්නේ මෙහෙමය..
දුක නම් කුඩුය...කුඩු නැති වීමය
දුකට හේතුව... කුඩු ගන්න මුදල් හිග කමය..
දුක නැති කිරීමේ මාර්ගය නම් හොරකම් කර මුදල් සෙවීමය..
දුක නැති කිරීම නම් ඒ මුදලින් ...
ආතල් එකේ ශොට් එක ගැසීමය..
ඒ අනුව කුඩ්ඩගේ කුඩු ගැසීමද
'කතන්දරගේ ඕපන් සො(ර්)ස් චතුරාර්‍ය සත්‍යකි'....
මෙහි 'අධිනිශ්ක්‍රමණයක්' නම් නැත..

චාතුර්යාගේ හතර වෙනි වර්ශන් එකක්ද ඇත...
එයට අනුව අම්මලා දරුවන් දමා.....
මැදපෙරදිග යෑම ද චාතුර්යා එකකි..
දුක නම් දරුවන් බඩ ගින්නේ ඇඩීමය..
දුකට හේතුව නම් මුදල් මදිකමය...
දුක නැති කිරීමේ මාර්ගය නම් රට යෑමය..
දුක නැති කිරීම නම් අම්මා රට යෑම හා
තාත්තා කැමති අතක් බලා ගැනීමය..
මේය තුන්වෙනි වර්ශන් එකටද වඩා වැඩි දියුණුය...
මන්ද..
මෙහි 'අධිනිෂ්ක්‍රමණ්යක්ද' ඇත..
මාරම ආතල්ය..

ඉතිං මහතුනි...
බුදුවීමේත්...කුඩුගැසීමේත්....රට යැමේත් වෙනස කිම?
වෙනසක් තේරුනොත්
තවම ඔබ ලිං මැඩියෙකි..
තරහ අවසර...

ආතල් ගත් ඔබ සැමට
ස්තූතියි..


------------- පිදුම -----------
ලිංමැඩියන් කෙරෙහි පතල වූ මහා කරුනාවෙන්
'ඕපන් සෝ(ර්)ස් චතුරාර්‍ය සතය්‍ය ' ලොවට දයාද
කල කතන්දරශූරින්ට..



උපහාසයත් අපහාසයත් අතර වෙනස
තේරුම් ගෙන
එහි ප්‍රීතීප්‍රමෝදයේ කිමිදෙමින්.......
මෙය ලියු මම
-----------මයියා-------------



ප:ලි:
කතන්දරශූරීන්ගේ නම සදහන් වීම නිසා කුමක්දැයි බැලීමට
පලමු වරට මෙම බ්ලොගයට ගොඩ වී
වැඩකට ඇති යමක් නොදැක
සිත් අමනාපයෙන් හැරී යන
ඔබට
මීට පෙර ලිපිය හෝ එම ලිපියේ කමෙන්ට් ටික කියවීමෙන්වත්
වැඩකට ගත හැකි යමක් ලබා ගැනිමට
හැකි වේයැයි
මයියා අවංකව කල්පනා කරයි...

21 comments:

  1. ආගම් සියල්ලම බොරුය. එය වටහා ගැනීම සඳහා බෞද්ධයකු ලෙස ඉපදීමත්, තලේබාන්වරුන් නොවන දෙමව්පියනට දාව ඉපදීමත් භාග්‍යක් කොට සලකමි. අදත් සිද්ධාර්ථ මෙන්ම විමුක්තිය සොයා යන ධනවතුන් බුද්ධිමතුන් ලොව ඇත්තේය. අතීතයේ මිනිසුනට කරන්නට දෙයක් නොතිබුනේය. සැප සම්පත් වින්දේ අතලොස්සකි. නවීන ලෝකය එසේ නොවේ සැමට විවෘතය. නොපෙනන, ලබා ගත නොහැකි නිවනක් වෙත යනවාට වඩා. විඳිය හැකි පෙනෙන සැප සම්පත් ලබා ගැනීමට මිනිසුන් දැණුවත් කිරීම හා මාර්ගය පෙන්වා දීම බොහෝ පින් අත්වන වැඩකි. එසේ කිරීමෙන නොපෙනෙන නිවන ප්‍රාර්ථනා කරන්න වුනටද එය ලබා ගැනිමේ සම්බාවිතාවක් ඇත. ලෝකය හදන්නට පෙර තම දරුවන්ගේ බඩ කට පිරවීමට ගිහි ගෙය හැර යන පිය වරු මව් වරු මට නම් ශේෂ්ඨය. එය අභිනිෂ්ක්‍රමනයක් නොවන්නේ කෙසේද.

    ReplyDelete
  2. ආගම් සියල්ලම බොරුය. දර්ශනවාද සියල්ලද බොරුය. දේශපාලනයද කලාවද බොරුය. විද්‍යාවද කෙප්පයකි. අතීතයේ මෙන්ම දැන්ද මිනිස්සුන්ට කරන්නට දෙයක් නැත්තේය. කළහැකි දෙයක්ද නැත්තේය. අතීතයේ මෙන්ම දැන්ද අතලොස්සක් සැප විඳිති. සැප විඳිනවායැයි සිතා සිටිති. නවීන ලෝකය සැමට විවෘතය. හැමෝම සැප විඳින්ට හදති. කතන්දරකාරයා මෙන් දැන දැනම දුකට පත්වෙති.

    තථාගතයන් වහන්සේලා මේ මුලාව දැන අනුකම්පාවෙන් දහම දේශනා කරති. "මේ ගින්න තොප ඉදිරියේ ඇවිලෙන්නේය. දර ඉවරවීමෙන් නිවී යන්නේය." යනුවෙන් උපමාකොට වදාරති.

    ගින්න නිවී ගියේ අහසටද පොළවටද නගිනහිරටද යනුවෙන් පණ්ඩිතයෝ තර්ක කරති.

    ReplyDelete
  3. අදහසට ස්තූතියි..

    ආගම හා ඒ සම්භන්ධ කාරනා වලට අදාල මයියා ගේ මතය ඔබට වඩා වෙනස් ය. ඒහෙත් එහි කිසිදු අකාරයේ ගැටලුවක් මයියා නොදකී. ලෝකය ගෝලාකාරය අදහස් විවිධාකාරය...

    තම දුවා දරුවන්ගේ හෙට දවසේ අනාගතය වෙනුවෙන් වර්තමානය කැප කොට තම ජීවිතය දුරු රටක ගෙවන දේමාපියන්ගේ ඒම අරමුනද ශ්‍රේෂ්ඨය. එහි කිසිදු තර්කයක් නැත.

    නමුත් ප්‍රශ්ණයවන්නේ එම කැපකීරීම බුදුදහමේ සාහිත්‍ය තුල විස්තර වන 'අභිනිශ්ක්‍රමණ්ය' ලෙස හැදින්වීමය, මන්ද අභිනිශ්ක්‍රමණය යනු වෙනත් ක්‍රියාවලියක් සදහා යොදා ගන්නා වචනයක් වීමය. අභිනිශ්ක්‍රමණයේදී බෞද්ධ සහිත්‍ය තුල විස්තර වන අන්දමට පෞද්ගලික අරමුනක් නැත, තවද එය ආත්ම ගනනාවක අරමුනු පාරමිතා එකතැන් උනු නිශ්චිත අරමුනක් වෙනුවෙන් කර්නු ලබන නික්ම යෑමකි.

    එම නිසා ආගමක් තුල භාවිතාවන ඒ ඒ අදාල වචන හිතුමනාපයට භාවිතා නොකර ඒ වචන වල නියමිත් තේරුම හොදින් දැන අදුන ගෙන පාවිච්චි කරන්නේ නම් මෙවන් පැටල්වීම් සිදු නොවේ. මයියා දිගින් දිගටම පෙන්වා දෙන්නේ මේ තත්වයයි.

    අශ්වයාට කොටලුවා කියන්නේත්, කොටලුවාට අශ්වයා කියන්නේත් නොදැනුවත් කමටය,

    ReplyDelete
  4. කතන්දරශූරීන්ගේ නම සදහන් වීම නිසා කුමක්දැයි බැලීමට
    පලමු වරට මෙම බ්ලොගයට ගොඩ වී
    වැඩකට ඇති යමක් නොදැක
    සිත් අමනාපයෙන් හැරී යන
    ඔබට.........

    ආවේ නම් ඔය හේතුව නිසාම තමයි..... ඇත්තටම ඉතින් කියලා තියන දේවල් වැරදි නැති නිසා ඔක නම් වැරදියි හොදේ

    ReplyDelete
  5. හිතුමතේ පලවෙනි කමෙන්ට් එක මය්යාට..... හිකිස්

    ReplyDelete
  6. ලිපියේ අධිනිශ්ක්‍රමණය කියන වචනය නිවරදි කරන්න අභිනිශ්ක්‍රමණය ලෙස.

    ReplyDelete
  7. චාතුර්යාට වඩා මං නං කැමති ඕළු ට.

    ReplyDelete
  8. කියවන්න

    http://maruwaxx.wordpress.com/2011/11/05/%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA-%E0%B6%9A%E0%B7%90%E0%B6%AD/

    ReplyDelete
  9. @ හිතුමතේ

    ස්තූතියි පැමිනීමට. සාදරයෙන් පිලිගන්නවා.

    @ කතන්දර

    ස්තූතියි පැමිනීමට..

    සමාවෙන්න ඒසේ කල නොහැක...එම වැ‍රැද්දට ඔබට චෝදනා කරන මයියට , එම වැ‍රැද්දම කල නොහැක.

    කලින් දැන ගත්තා නම් ඕලු කියා දාන්නා තිබුනාය..කොහොමත් මේවා ඕපන් සෝ(ර්) ස් නේ....

    ReplyDelete
  10. අද මේක ටිකක් ඔලුවට බර වැඩිය . අනික් පොස්ට් ටිකත් කියවලම හිමිට මොනවා හරි කියන්නම්කො . .

    ReplyDelete
  11. මාත් කැමති ඕලු (කතන්දරකාරයා වගේ බ්ලොග් අවකාශයේ පොරක් කැමති එකටම කැමති වෙලා වැල යන අතටම මැස්ස ගහන්න ඕනිනේ , ඒකයි )

    ReplyDelete
  12. මෙතන වැල යන අත්ට නම් නෙමෙයි මේක..

    මේක කලින් පෝස්ට් එකට ගැලපෙන කොමෙන්ටුවක්, ඒත් මෙතනම දාන්නම්...

    මම තේරුම් ගත්ත හැටියට මයියාගෙ නෝක්කඩුව... චතුරාර්ය සත්‍යය, අහිනිෂ්ක්‍රමණය වගේ වචන ඒවයෙ බෞද්ධ අර්ථය තිබියදි වෙනත් දේකට යොදා ගැනීම ගැන කියලයි...

    මගේ මතය... එහෙම බැලුවොත් පැරණි බසකින් අලුත් දෙයක් විස්තර කරන්න බැහැනෙ...සම්පූර්ණයෙන්ම පාරිභාෂික වචන යොදා නොගෙන... හිතමු ක්‍රිස්තියානි ආගම ගැන... දැන් ඔවුන් පාපය නැත්නම් පව කියන පදය පාවිච්චි කරනව... එතකොට අපේ පව් ( අකුසල කර්ම ) ගෙවල ඉවරකරන්න ඕනෙ... කිතුණුවන්ගෙ පව් ( දේව නීතියට පටහැනිව කල දේ )සමා කරවගෙන ඉවර කරන්න පුලුවන්... ඉතින් අපි.. " අඩෝ.. එහෙම සමා කරන්න පුලුවන් නම් ඕකට පාපය කියන්න එපා තොපි වෙනමක් හොයාගනිව්..!" කියනවනම් ඒකෙ තේරුමක් තියෙද...

    ඒ එක පැත්තක්...

    අනිත් අතට..

    ඔබ " බවතරණය " ගැන හිත්න්නෙ මොකද..

    ජී.බී සේනානයක ( මතක හැටියට ) ගෙ බස් නැවතුමේ පෝලිමේ ඉද්දි කෑල්ලෙන් කෑල්ල ඉස්සරහට යද්දි , සොවාන්, සකෘදාගාමී ආදී වශ්යෙන් ගිහින් බස් එකේ ඉඳගත්තු එක නිවනට සමාන කරපු කෙටි කතාව කියවල තියෙද...

    ReplyDelete
  13. @ සපතේරූ

    ස්තූතියි

    පව, පින, පුනර්බවය, පන්සිල් කොටින්ම නිවන වැනි සංකල්ප්ප පවා සමකාලීන බුද්ධ සම්මජයේ මෙන්ම ඊට පෙරද ඇතැම් විට විවිධ අර්ථයෙන්ද භාඅවිතා වූ සංකල්පයන්ය.එහෙත් 'චතුරාර්‍ය සතයය' හා 'ආර්‍ය අශ්ඨාංගික මාරගය' යන්න බුදුරජානන් වහන්සේගේ බුද්ධ දේශනයෙන් ලොවට මුල් වරට අදුන්වා දන ලද සංකල්පය. ඒවා ඉතා නිවැරදිව අඩු හෝ වැඩි නොවන අකාරයට අර්ථ දකවා ඇත..(හරියට නිකන් සම්මත පීඩන්නය් හා උශ්නත්වය යටතේ ද්‍රවාංකය ව්ගේ....කොටින්ම ඊටත් ඉදිරියට ගොස් කිසිදා වෙනස් නොවන් සත්‍යක් ලෙසින්) එමනිසා මායියා නැවත නැවතත් අවධාරණය කර සැවමගෙන් ඉල්ලා සිටින්නේ මේ වචනයොදා ගැනීමේදී ඒවයේ තේරුම් නිසි යා කාරව දැන ගෙන යොදා ගන්නා ලෙසයි..

    ඔබගේ තර්කය හා යමින් මයියා නැවතත් ප්‍රශ්න කර සිටින්නේ කතන්දරට සාපක්ශව පේරදෙනිය හැර යාම චතුරාර්‍ය සතය්‍ය නම්,කුඩ්ඩෙකුට සාපේක්ශව කුඩු ගැසීම චතුරාර්‍ය සතය නොවන්නේ මන්ද? කියාය

    කෙනෙකුට අම්මා තාත්තා දුවා දරුවන් මෙන තව අයෙකුට තමන්ගේ ආගම ද හදවතට සංවේදී දේය,.එවන් හදවතට සමීප දේ ගැනලිවීමේදී හාඅ කියැවීමේදී බොහෝ කල්පනාවෙන් හා සංයමයෙන් වචන පාවිච්චිය ඉතා උසස් දෙයක් ලෙස මයියා සලකයි. බුදුදහමේ එන නිදහස, පෘතගජන්යන් වූ බොහෝ බුද්ධගම්කාරයන්ගේ හිත රිදවාගැනීමට යොදා ගැනීමද ඒතරම් හොද දේයක් ලේස මයියා දකින්නේ නැත.

    අභ්නිශක්‍රමන යන වචනය නම් බෞද්ධ සහීත්‍යයේ එන යෙදුමක් ය. එහෙත් එමවචනය අදාල ක්‍රියාවලිය ගැන මයියා ඇතුලු බොහෝ බෞද්ධයන්ට ඇත්තේ ඉතා උසස් හැගීමක්ය. එය ඊට වඩා වෙනත් අරමුනු සදහා කරන නික්ම යාමකට යොදා ගැනීම කොතරම් උචිතදැයි,,ඔබලාගේ බුද්ධිය මත තේරුම් ගන්නා ලේස මයිය යෝජනා කරයි


    සමාවෙන්න්න..ඔබ කියන කිටිකථාව මයියා කියවූ බවක් මයියාට මතක් නැත.

    ReplyDelete
  14. @ සපතේරූ

    ස්තූතියි

    පව, පින, පුනර්බවය, පන්සිල් කොටින්ම නිවන වැනි සංකල්ප්ප පවා සමකාලීන බුද්ධ සම්මජයේ මෙන්ම ඊට පෙරද ඇතැම් විට විවිධ අර්ථයෙන්ද භාඅවිතා වූ සංකල්පයන්ය.එහෙත් 'චතුරාර්‍ය සතයය' හා 'ආර්‍ය අශ්ඨාංගික මාරගය' යන්න බුදුරජානන් වහන්සේගේ බුද්ධ දේශනයෙන් ලොවට මුල් වරට අදුන්වා දන ලද සංකල්පය. ඒවා ඉතා නිවැරදිව අඩු හෝ වැඩි නොවන අකාරයට අර්ථ දකවා ඇත..(හරියට නිකන් සම්මත පීඩන්නය් හා උශ්නත්වය යටතේ ද්‍රවාංකය ව්ගේ....කොටින්ම ඊටත් ඉදිරියට ගොස් කිසිදා වෙනස් නොවන් සත්‍යක් ලෙසින්) එමනිසා මායියා නැවත නැවතත් අවධාරණය කර සැවමගෙන් ඉල්ලා සිටින්නේ මේ වචනයොදා ගැනීමේදී ඒවයේ තේරුම් නිසි යා කාරව දැන ගෙන යොදා ගන්නා ලෙසයි..

    ඔබගේ තර්කය හා යමින් මයියා නැවතත් ප්‍රශ්න කර සිටින්නේ කතන්දරට සාපක්ශව පේරදෙනිය හැර යාම චතුරාර්‍ය සතය්‍ය නම්,කුඩ්ඩෙකුට සාපේක්ශව කුඩු ගැසීම චතුරාර්‍ය සතය නොවන්නේ මන්ද? කියාය

    කෙනෙකුට අම්මා තාත්තා දුවා දරුවන් මෙන තව අයෙකුට තමන්ගේ ආගම ද හදවතට සංවේදී දේය,.එවන් හදවතට සමීප දේ ගැනලිවීමේදී හාඅ කියැවීමේදී බොහෝ කල්පනාවෙන් හා සංයමයෙන් වචන පාවිච්චිය ඉතා උසස් දෙයක් ලෙස මයියා සලකයි. බුදුදහමේ එන නිදහස, පෘතගජන්යන් වූ බොහෝ බුද්ධගම්කාරයන්ගේ හිත රිදවාගැනීමට යොදා ගැනීමද ඒතරම් හොද දේයක් ලේස මයියා දකින්නේ නැත.

    අභ්නිශක්‍රමන යන වචනය නම් බෞද්ධ සහීත්‍යයේ එන යෙදුමක් ය. එහෙත් එමවචනය අදාල ක්‍රියාවලිය ගැන මයියා ඇතුලු බොහෝ බෞද්ධයන්ට ඇත්තේ ඉතා උසස් හැගීමක්ය. එය ඊට වඩා වෙනත් අරමුනු සදහා කරන නික්ම යාමකට යොදා ගැනීම කොතරම් උචිතදැයි,,ඔබලාගේ බුද්ධිය මත තේරුම් ගන්නා ලේස මයිය යෝජනා කරයි


    සමාවෙන්න්න..ඔබ කියන කිටිකථාව මයියා කියවූ බවක් මයියාට මතක් නැත.

    ReplyDelete
  15. බුවා කිවුව හරියට හරි...

    ඕලු මරු...

    ReplyDelete
  16. හම්මේ බං... අර පෝස්ට් එක ලියන වෙලාවේ උඹ මේ අන්තිමට දාපු කමෙන්ට් එක දැම්මනං ඔළුව කුරුවල් කරගන්නේ නැතිව තේරුං ගන්න පහසු වෙන්න තිබුනා...

    කතාව ඇත්ත...

    ReplyDelete
  17. "බුදුවීමේත්...කුඩුගැසීමේත්....රට යැමේත් වෙනස කිම?
    වෙනසක් තේරුනොත්
    තවම ඔබ ලිං මැඩියෙකි.."

    කිරි අප්පට බල්ලො පැනපි.....එතකොට මං ළිං මැඩියෙක් නෙමේද?

    ReplyDelete
  18. well said Maiya.. hats off to you!!

    ReplyDelete
  19. ඌරගේ මාලු ඌරගේ ඇගේම තියලා කපනවා කියන්නේ මේකට තමයි....
    මය්යට ජය
    මම ඕලු ;)

    ReplyDelete
  20. මං හිතුවා කශූ චතුරාර්ය සත්‍යය ඉස්සරහට මෙහෙම කැත කෑල්ලක් දැම්මම මෙහෙම වෙයි කියලා...
    කවුරු වුනත් චතුරාර්යය සත්‍යයට ගැරහීම හෝ එය විකෘති කිරීම වැරදිය.

    ReplyDelete

2222