Wednesday 19 December 2012

ක්‍රිස්තුත් වහන්සේ සමලිංගිකයෙක්ද? : Was Jesus gay?


පලමු වසරේ ඉගෙන ගන්න අපේ ලොකු  කොල්ලගේ වාර විභාගේ තිබ්බේ ලගදි. බුද්ධාගම විෂය  පහුවදාට යෙදිලා තිබ්බ නිසා, ඉරිදා දවසේ නිස්කලංකව හිටපු මාත් කොල්ලගේ විභාගේට උදව් වෙන්න කියලා ලෑස්ති උනා.  වෙසක් දවසේ වෙච්චි වැදගත් සිදූවීම් මොනවද කියලා පැහැදිලි කොරලා, ඒවා මතක තියෙන්නත් එක්ක, ඒ සිදුවීම් චිත්‍රයට නගන්න කියලා, ඒ ඉසඹුවෙන් මම ජංජාලගත උනා. අතරින් පතර ලොක්කා මොනවදෝ ඇහුවත්, ජංජාලගත වෙලා සිංහල බ්ලොග් අවකාශයේ අතරමං වෙලා හිටපු මට ඒ ගැන හරි නිච්චියක් නෑ.

කොහොම උනත් ලොක්කා ලස්සනට ඉපදීම, බුදූවීම හා පිරිණිවන් පෑම චිත්‍රයට නගලා තිබුනා. මට වඩා ඌට කොහොමත් කලාව පිහිටලා තියෙනවා. ඒත් පොඩි අවුලකට තිබ්බේ මේකා, සිදුහත් කුමරුටත් ‍රැස්වලල්ලක් දාලා ඇදලා තිබ්බ එකයි. මම නම් දන්න විදිහට ‍රැස් වලල්ල බුදුවීමේන් පසුව සිදු වූ දෙයක්. ඕක පහදලා දෙන්න ගියාම ලොක්කගේ මූන දෙල් වෙලා ගියා.ලස්සනට පාට ගාපු එක මකලා දාන්න එයා කැමති නෑ. අන්තිමේදි මට පරාජය භාර ගන්න උනේ ඉස්කෝලේ පාඩම් පොතෙත් සිදුහත් උපත ඇදලා තියෙන තැන ‍රැස් වලල්ලක් ඇදලා තිබ්බ නිසයි.

සිදුහත් කුමරුට ෂට්වර්ණ ‍රැස් වලල්ලක් දැම්ම එක ලොකු ප්‍රශ්ණයක් නොවුනත්, කුඩා යේසුස් කුමරුට ‍රැස් වලල්ලක් දැම්මොත් නම් ඒක ටිකක් ලොකු ප්‍රශ්ණයක් වෙනවා.ඇත්තටම ඒක එහෙම වෙලා තියෙනවා.




ඒක එහෙම වෙන්නේ LGBT පොරවල් හදුන්වන සංඛේතයක් ලෙසත් දේදුනු වර්ණ යොදා ගන්න නිසයි. ( Lesbian, Gay, Bisexual, Transgender : කාන්තා හා පුරුශ සමලිංගිකත්වය, ද්විලිංගිකත්වය, ස්ව්‍යං ලිංග  පරිවර්ථනය ).කොටින්ම  LGBT කොඩියට ගන්නේ දේදුනු වර්ණ.

ජෙනේ රොබින්සන් , ඇමෙරිකාවේ එපිස්කෝපල් පල්ලියේ සමලිංගික බිශොප්වරයෙක්. ඔහු සමලිංගිකත්වය ප්‍රසිද්ධියේ පිලිගත් පලමු වැනි බිශොප්වරයායි.

"ක්‍රිස්තුත් වහන්සේගේ සමකාලීන සමාජය විවාහය අත්‍යවශ්‍ය දෙයක් ලෙස සිතූවක්. නමුත් ඔහුගේ ජීවීතයේන් වැඩි හරියක් ගෙවුනේ මිනිසුන් දොලොස් දෙනෙක් සමගයි. ඒ අතුරෙනුත් තුන් දෙනෙක් නායකත්වය සදහා විශේෂ උනා. එයිනුත් එක්කෙනෙක් ගැන බයිබලයේ සදහන් වෙන්නේ 'යේසූස් වහන්සේ ආදරය කල' යනුවෙනුයි."

මේ කාරණය උලුප්පලා ගන්නේ  ජෙනේ රොබින්සන් බිශොප්වරයායි. ඔහු කියන විදිහට නම් යේසුස් වහන්සේ සමලිංගිකත්වය අනුමත කරලා තියෙනවලු.

මේක කියෙව්වම මට නම් මතක් උනේ ජීප්සීසල්ගේ පරන සිංදුවකුයි...

ලේසීයටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා....
එහෙම කලත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා....
නැතිනම් හදලා කියනවා.....

ඒ උනත් මට තියෙන ඇත්තම ප්‍රශ්ණ නම් මේවායි................

ඇත්තටම සමලිංගික සේවනය පවක්ද?

මේරී මග්දලේනා සහ ඇගේ දරුවන් ගැන කථාව ඇත්තක්ද?

68 comments:

  1. දැන් ඕක ආගමික අර්ථයෙන් පින් ද පව් ද කියලා ඇහුවහම, ඉතින් උත්තර හොයාගන්න වෙන්නේ ඒ ඒ ආගම්වල පැහැදිලිකිරීම් අනුව තමයි. පොදුවේ ගත්තහම කිසිම ආගමක් සමලිංගික සේවනය අනුමත නොකරන බව තමයි පේන්නෙ.

    සමලිංගිකත්වය ගැන මගේ අදහස නම්, ඒක විකෘතියක් කියන එකයි. හැබැයි ඔය ගැටවර කාලේ බොහෝ ගැහැණු පිරිමි පොදුවේ කෙටිකාලීනව අත්දකින සම ලිංගික ආකර්ෂණය ඕකට අදාල නැහැ. ඕන තරම් විකෘතීන් තියන අපේ සමාජයේ සමලිංගිකත්වය විතරක් අමුතු දෙයක් කර ගන්න අවශ්‍ය නෑ. සමලිංගිකත්වය නිසා විශේෂයෙන් සමාජයට සිදුවන අයහපතක් නෑ, යම් කිසි ආකාරයේ යහපතක් මිසක. සමලිංගික දෙදෙනෙකු දරුවන් අරං හදා ගැනීම ගැන නම් තවමත් මට පැහැදිලි අදහසක් නෑ. ඒත් ඉතිං අම්මලා තාත්තලා නැතුව අනාතවෙන, එක අම්මෙක් හෝ තාත්තෙක් එක්ක ජීවත්වන එකට වඩා අම්මලා දෙන්නෙක් හෝ තාත්තලා දෙන්නෙක් හිඳීම නරක වෙන්න බැහැ කියලා හිතෙනවා. හැබැයි, ඔය ගැන වාද විවාද තියනකං, ඒ ළමයින් යම් යම් මානසික පීඩාවන්ට ලක්වෙන්නට සිදුවෙන එක නම් අනිවාර්යයි.

    අනිත් ප්‍රශ්නෙට උත්තර දෙන්න තරම් දැනුමක් මට නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම සමලිංගිකත්වය පවක් ද කියලා ඇහුවේ ක්‍රිස්තියානි/කතොලික පල්ලි සම්භන්දයෙන්.

      බුද්ධාගම පැත්තෙන් මේ ගැන කියන්න තියෙන දෑ තව පෝස්ට් එකකට ගන්න පුලුවන්

      මගේ අවංක අදහස මට LGBT සීන් එක එච්චර දිරවන්නේ නැති බවයි..ඒත් ඒක ඔවුන් සමාජයෙන් කොන් කිරීමට තරම් හේතුවක් දැයි සම්භන්ධයෙන මට තියෙන්නේ මිශ්‍ර හැගීමක්. මා පෞද්ගලිකව LGBT කැමති නැති උනත් නීතීය ඉදිරියේ කෙනෙකුගේ ආදරය වෙනුවෙන් තහංචි දැමිය යුතු නෑ.

      Delete
    2. සම ලින්ගුකත්වය පළමුව නීතිගත කලේ..එංගලන්තයේ..එසේ කිරීමට හේතු වුයේ..ඔය ඇබ්බැහි කම ගැන කරනලද දීර්ඝ වෛද්‍ය පරීක්ෂණයකින් සොයා ගත් කැරුණු මතයි..මෙමෙ සමලිංගික හුරුව පුද්ගල වරදක් නොව මොලයේ පවතින අස්වභික ශෛල පිහිටීමක් නිසා ඇතිවන ස්වභාවික ක්‍රියාවලියක් නිසා ඇතිවන්නක්.

      Delete
  2. කොහොමත් මිනිස්සු ආගම් වල තියෙන හරිය තේරුම ්ගන්නෙ නැතුව ඔය වගේ ආගමික ගොසිප් වලට ආසියි...

    ReplyDelete
    Replies
    1. ඔව් අදහසට එකගයි,ආගම වෙනුවෙන් මැරෙන්නට බොහෝ අය ඇති මුත් ආගම අනුව ජීවත් වෙන්නෝ ස්වල්පයකි තමයි....

      Delete
  3. මිනිස්සු පට්ට බිසි වෙන්ඩ ඕනි "තමන්" කවුද හොයන්න මිසක් අනුන් කවුද කියලා හොයන්න නෙවෙයි..නමුත් සියල්ලන්ම පාහේ කරන්නෙ අනුන් කවුද කියලා හොයන එක තමයි. ඒක මෙහෙම කියන මටත් පොදුයි..මාත් හොයන්නෙ අනුන් කවුද කියලා හොයන එක තමයි..ඒත් බහුතරයක් තමන් කවුද කියලා හොයන්න ගත්ත දවසට ලෝකය මීට වඩා වෙනස් වෙයි..කියලයි මට නම් හිතෙන්නෙ..බෞද්ධයෙක් උන මට ක්‍රිස්තු චරිතයේ ශ්‍රෙෂ්ඨ වෙන්නෙ එතුමාගෙ ඉගැන්වීම් හරහා.. සමලිංගිකයි කියලා බෞද්ධ භික්ෂුවටත් චෝදනා කරනවා මන් දැකලා තියෙනවා..ඒ වෙලාවට බෞද්ධ භික්ෂුවගෙන් සමාජයට වන සේවය තුට්ටුවට දාලා සුදු , චරිතවත්, සුපේශල ශික්ශාකාමී මිනිස්සු කතා කරන හැටි දැක්කහම මට නම් අප්පිරියයි..මොකද ඒ ගොල්ලන්ගෙ රෙද්ද අස්සෙ තියෙන සදාචාරයට හෘදය සාක්ෂියක් තිබුන නම් මොහොතක් ඉන්නෙ නෑ..සිය දිවි හානි කර ගන්නවා !

    ReplyDelete
    Replies
    1. ඔබතුමා සමලිංගිකයන් ගැන කොහොම හිතන් ඉන්නවද දන් නෑ...ඒක නරක දෙයක් වත් පහත් කරන්න යුතු දෙයක් වත් නෙවෙයි..අද ලොකේ බොහෝ දියුණු රටවල සමලිංගිකත්වය නීතියෙනුත් සමහර විට ආගමෙනුත් පිලිගන්නවා.අපේ වගේ ළිංමැඩියෝ ඉන්න රටවලට නම් තාම මේක දිරව ගන්න බෑ..

      Delete
    2. මට මේ ලෝකෙ සමලිංගිකයන් කියා වෙනම මිනිස්සු කොට්ඨාශයක් නෑ. සියල්ලෝම මිනිස්සු. ඔවුන්ගේ විවිධ දේවලට තිබෙන්ම රුචි අරුචිකම් විවිධයි. ඒ රුචි අරුචි කම් මගේ රුචි අරුචි කම් වලට වඩා වෙනස් වෙනකොට ඒ අය මට සාපේක්ශව උසස් හෝ පහත් කියලා විනිශ්චයකට එන්න තරම් පටු චින්තනයක් මට නෑ. කියවීම සහ තේරුම් ගැනීමට උත්සාහ කිරීම හරහා දැනුම් තේරුම් නොතිබුනු මීට දශක තුනකට විතර එහා මගේ ජීවිත දර්ශනය අද වෙන කොට පත් වෙලා තියෙන්නෙ නම් එහෙමයි. මගේ හොඳම මිතුරන් හා මිතුරියන් ගොන්නෙ සමලිංගික ජීවන රටාවන් අනුගමනය කරන බොහෝමයක් ඉන්නවා. ඔවුන් මගේ ලිංගික සහකරුවන් නෙවෙයි. හොඳම යාළුවන්. බොහෝ කුහකයන් කියන විදියට මට නම් ඔවුන් වැරදී...කරන්නෙ පවක්..පිළිකුල් කියලා කිසිම සිතුවිල්ලක් නෑ..ඔවුන් මට සමාජයේ ඉන්න අනිත් අය හා සමානයි. මේ මගේ පුද්ගලික දර්ශනය හා අදහස..ඔබ ඇසු ප්‍රශ්නයට පිලිතුරක් ලැබෙන්න ඇතියි කියලා හිතනවා..

      Delete
    3. මුලිනුත් කිව්වා වගේ LGBT සීන් එකට මගේ තියෙන්නේ පොඩි අපුලක්. ඒත් ඒ මගේ හැගීමක්.ඒක සමාජයේ මතය විය යුතු නෑ...කොහොම උනත් නීතීය ඉදිරියේ ආදරයට තහංචි අවශ්‍ය නෑ.

      Delete
    4. අච්චර දියුණු රටවල් තියෙද්දි මගුලක් කරගන්න ලිං මැඩියන් එක්කම වහනවද මන්දා

      Delete
  4. යේසුස් වහන්සේ ‍රැඩිකල් ලිබරල්වාදීයෙක්..ඒ වගේම ආදරය හා සමාව ගැන දේශනා කල අයෙක්....ඒ අර්ථයෙන් ගත්තම නූතන සමලිංගිකත්වය ගැන් රොබින්සන් බිශොප්වරයාගේ අදහස ඒතරම්ම වැරදි නෑ...............

    ReplyDelete
    Replies
    1. ගොඩක් ආගමික ශාස්තෲවරු ගත්තම ‍රැඩිකල් වාදීන් තමයි..මොකද එගොල්ලේ තම සමකාලීන සමාජය උඩු යටි කුරු කල හින්දා...

      Delete
  5. සමලිංගික සේවනය පවක් කියන තැන්වල තමයි වැඩිපුරම ඒක තියෙන්නේ. ඒක විකෘතියක් නම් නෙමෙයි. සාමාන්‍ය තත්වයක්. අතීතයේ පටන් පැවත් ළෝකය නිමවනා තුරු පවතින දෙයක්. අද උදේම අටමා ලියලා තියෙන්නෙත් මේ ගැනමයි...

    ReplyDelete
    Replies
    1. පවක් ද පිනක් ද කියන එක මට අනුව නම් තමන්ගේ හිතට සාපේක්ෂ දෙයක්...ඒත් විවිද ආගම වල පව පින විවිධාකරයි.

      Delete
  6. ඕනෑම දෙයක් තම වාසියට හරවා ගන්න පුළුවන් එකයි ඇත්ත

    ReplyDelete
    Replies
    1. ඕකේ ටෙක්නිකල් ටර්ම් එක කබරගොයා තලගොයා කර ගෑනීම

      Delete
  7. ක්‍රිස්තුත් වහන්සේ තමන්ගේ ලිංගිකත්වය කවදාවත් හෙලි කරල නෑ...අඩු ගානේ බයිබලයේ සදහන් වෙලා නෑ...කොහොමත් බයිබලය යේසුස් තුමන් ලියපු එකක් නෙවෙයිනේ....වඩා වැදගත් වෙන්නේ එතුමගේ ලිංගික අසාවන් මොනවද කියන් එක නෙවෙයි..ඒතුමා සමාජයට දීපු පණිවිඩයයි....

    ReplyDelete
  8. ඒක විස්වාස කරන්න අමාරු තත්වයක් නෙමේ ඒ කාලයත් එක්ක.. සමලිංගිකත්වය කියන දේ අරුමයක් නොවන කාලයක් වීමට බොහෝ ඉඩ තියෙනවා යේසුස් උන් කාලය..

    ReplyDelete
    Replies
    1. පරන තෙස්තමේන්තුවේ සමලිංගිකත්වය ගැන ලියැවිලා තියෙන බවක් මමත් අහලා තියෙනවා..ඒත් ඒ කොයි අදහසින් ද කියා හරියටම දන්නේ නෑ

      Delete
  9. පව්ද කියන්න නම් ම දන්නේ නෑ. ඒත් ලිංගිකත්වය කියන දේ මූලික උනේ වර්ගයා බෝ කිරීමට. සමලිංගිකයන් වීමෙන් ඒ පරමාර්ථය ඉටු වෙන්නෙ නෑනේ. එතකොට ඒ සම්බන්ධකම් පලක් නැති දෙයක් වෙනවා. බුද්ධාගමේ හැටියට නම් සමලිංගික සේවනය කියන්නේ වැරදි ලෙස කාමයන් පිනවීමක්. එතකොට ඒක වැරදියි. පවක්.

    ReplyDelete
    Replies
    1. කාමයේ වරදවා හැසිරෙනවා කියන එකේ හරි වැරද්ද මොකක්ද...හරි ද වෑරදිද කියලා කියන එකේ සිමා ඉර සමාජ් සම්මුතියක් මිසක් හරියට ඩිපයින් කරපු එකක් නොවෙයිනේ...එහෙම ගත්තොත් නිර්මල බුදු දහම ‍රැකිච්ච රටේ එක ගෙයි කෑමත් කාමයේ වරදවා හැසිරීමක් නේ..ඒත් ඒ කාලේ මිනිස්සු ඒක එහෙම හිතුවේ නෑ නේ

      Delete
    2. කාම මිත්‍යා සේවනය ගැන ඇනෝ ගේ අදහස ට මමත් එකගයි..කොහොමත් බණ්සා ඔය පන්සිල් පද පහත් සමකාලීන් බුද්ධ සම්මාජයේ තිබ්බ දේයක් නේ.බුදු හාමුදුරුවොත් ඒක පිලිපැද්දට අගුනයක් නෑ කියලනේ දේශනා කලේ..මොනා උනත් ඉදුරන් පිනවීමටා දරන උත්සහය දුකෙන් කෙලවර වෙනවා..

      Delete
  10. මේරී මග්දලේනා ගැන කථාව සමාජ ගත උනේ 'ඩා වින්සි කෝඩ්' චිත්‍රපටියත් එක්ක..මේක ලංකාවේ නම් තහනම් උනා..ඒත් මම නම් මේක බලලා තියෙනවා. එකේ කිය්න විදිහට නම් යේසුස් සහ මග්දලේනා බැදලා ලමයිනුත් ඉන්නවා.අවසාන හෝජන සංග්‍රහය ගෑන ඇදපු ඩ් ලියනාඩෝ ඩා වින්සි මේ ගෑන ඉගියක් තම චිත්‍රයේන් දෙනවා..මගදලේනා ගෑන හා අයගේ දරුවන් ගැන සාක්ශි පල්ලියෙන් බොහොම කාලේකට ඉස්සෙල්ලා මකලා දාල..ඒත් මග්දලේනා පරපුරේ අය තාමත් ඉන්නවා. ඕපස් දේ කියන කට්ටිය මගදලේනා ගෑන රහස රකින අයයි..චිත්‍රපටියේ කියන විදිහට නම් ලියනාඩෝ ඩා වින්සි ඕපස්දේ සාමාජිකයේක්...

    ReplyDelete
    Replies
    1. උඹ නම් චිත්‍රපටිය්යේ එන දේවල් පටලවගෙන ....ඕපස් දෙයි (Opus Dei) කියන්නේ මේරි මග්දලේනා ගේ සොහොන විනාශ කරන්න හදන පල්ලියෙම කොටසක්.ඒ ක්‍රිස්තියානි ආගම ‍රැක ගන්න අදහසින්. ඒත් මේරි මගදලේඅනා ගේ සොහොනේ රහස රකින්නේ ප්‍රරයරි ඔෆ් සියෝන් (Priory of Sion) කියන රහස් සංවිධානයක්.ලියනාඩෝ ඩා වින්සි මේ කියන ප්‍රයරි ඔෆ් සියොන් එකේ සමාජිකයෙක්..චිත්‍රපටිය කියන විදිහට මග්දලේඅන ගේ සොහොන තියෙන්නේ ප්‍රංශයේ ලූවර් පිරමීඩය යට,,,

      චිත්‍රපටියේ ටොම් හැන්ක්ස් ගේ රගපෑම නම් අයේ කියලා වැඩක් නෑ .සුපිරිම තමයි..

      Delete
    2. උඹල දන්න බම්බුව..ඔය කථා ඔක්කොම පට්ටපල් බොරු..ඕවා ඔක්කොම වැරදියි කියලා ඔප්පු කරලා ඉවරයි.

      Delete
    3. ඇනෝලා ටික නියමටෙම කථාව ඇදලා අරගෙන තියෙනවා..වැඩි මනත් වශයෙන් කියන්න තියෙන්නේ චිත්‍රපටිය එන්න කලින් ඩෑන් බ්‍රවුන්ගේ ඩා වින්සි කෝඩ් පොත එලියට ආපු බව තමයි. ඔපස් දේ හා Priory of Sion සංවිධාන දෙකම තාම පවතින සංවිධාන දෙකක්. කටකථාවලට අනුව ලියනාඩෝ ඩා වින්සි විතරක් නෙවෙයි, සර් අයිසෙක් නිව්ටන්, වික්ටර් හියුගෝ යන අයත් Priory of Sion හි නායකයන්. මේ සංවිදානයේ මූලිකම අරමුන වෙලා තියෙන්නේ යේසුස් වහන්සේගේ ලේ නෑකම් සහිත අයෙක් මගින් එක්සත් යුරොපා අධිරාජ්‍යක් බිහි කිරීමයි, ඒත් චිත්‍රපටියේ නම් මේක පෙන්වන්නේ නූතන කාන්තාවාදයට ඒක හේත්තු කරලයි. මොනා උනත් මං දන්න විදිහට නම් යේසුස් වහන්සේගේ ලේ උරුමය හා එහි වර්ථමාන පැවැත්ම පිලිවද කථාව කිසිම විදිහකට ඔප්පු වෙලා නෑ..

      Delete
    4. මේරී මග්දලේනා ගැන කථාව මේ පෝස්ට් එකට ඔබ්බන්න මට හිතුනේ යෙසූස් වහන්සේගේ සමලොගිකත්වය හා මග්දලේනා කථාව එකවර සත්‍ය නොවුනට දෙකම එකවර අසත්‍ය වෙන්න පුලුවන් බව ඉස්මතු කරන්නයි..

      Delete
    5. jesus kasada bandala lamayi hitiya kiyala pothak thiyenawa. eke warthamana parapura ganath thiyenawa. "Bloodline Of The Holy Grail"

      Delete
  11. ආගම් කියන්නෙ මිනිසාගේ සංස්කෘතික පරිනාමයට බෙහෙමින් උපකාරීවූ සාධකයක්. නමුන් දැන් ඒ ආගම්ම මිනිසාගේ පරිනාමයට බාදාවක් වෙමින් පවතින්නෙ. මේ වගේ ප්‍රශ්න වලින් අපි ඇත්තටම කරන්නෙ ආගම ප්‍රශ්න කරන එක. සමහර විට අපට අනාගතේ අලුත් ආගමක් ලැබෙයි. හැබැයි ඒක දෙවියන් හදපු එකක් නෙවෙයි. මුනුෂ්‍යය හදාගන්න එකක්. ප්‍රශන කලාට පවු සිද්ධවෙන්නෙ නැති එකක්.

    ReplyDelete
    Replies
    1. ඔය කථාවම අයින්සයිනුත් කියලා තියෙනවා..හැබැයි මේ වගේ එකකට දැනට තියෙන්නේ බුද්ධාගම කියලත් කියලා තියෙනෙවා

      Delete
    2. ඇත්ත ඇල්බට් අයින්සයිනුත් මීට සමාන අදහසක් ප්‍රකාශ කලා.ඊට ලගින් යන එකකට තියෙන්නේ බුද්ධ දර්ශනය කියලත් කිව්වා

      Delete
    3. උඹලටත් ඉතින් කවුරු හරි සුද්දෙක් නොදන්න බුද්ධාගමට සහතිකයක් දීල තියන එක තරං ලොකු දෙයක් නෑ නෙ.

      Delete
  12. සමලිංගිකයො කියන්නෙත් මිනිස්සුමනේ. වෙනස උන්ගෙ රුචි අරුචිකම සම්මත සමාජ පිලිගැනීමෙන් පොඩ්ඩක් එහාට ගිහින්. Leonardo da Vinci මොනාලිසා චිත්‍රෙට පාදක කරන් තියෙන්නෙත් තමන්ගෙ සමලිංගික සහකරු කියනවනේ.. ඒත් ලාංකීය සමාජය තාමත් මේක අනුමත කරන්නෙ නෑ.. (මගේ පෞද්ගලික මතය මමත් අනුමත කරන්නෙ නෑ)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ලංකාවේ සමාජයේ බහුතරය අතර පිලිගෑනීමක් නෑ.ඒත් සමහර කුඩා සමාජ නියැධි අතර මේක සාමාන්‍ය දෙයක්. ඇමෙරිකාවේ උනත් සාමහර ප්‍රාන්ත වල සමලිංගික විවාහ තහනම්....

      Delete
  13. //...සිදුහත් කුමරුට ෂට්වර්ණ ‍රැස් වලල්ලක් දැම්ම එක ලොකු ප්‍රශ්ණයක් නොවුනත්, කුඩා යේසුස් කුමරුට ‍රැස් වලල්ලක් දැම්මොත් නම් ඒක ටිකක් ලොකු ප්‍රශ්ණයක් වෙනවා.ඇත්තටම ඒක එහෙම වෙලා තියෙනවා....//

    මම හිතන විදිහට නම් රැස් වලල්ලක් සිදුහත් කුමාරයාට දාන එක වැරදියි. මොකද සිදුහත් කුමාරයා කියන්නේ කෙලෙස් සහිත අයෙක්. තාපසයෙක් ලෙස සත්‍ය සොයා ගිය සිදුහත් තවුසාටත් රැස් වලල්ලක් යොදන්න බැහැ. බුද්ධත්වයට පත්වුණු බුදුන් වහන්සේට රැස් වලල්ලක් යෙදිය හැකියි. උන්වහන්සේගේ මනසේ වුණු දියුණුභාවයත් එක්ක ශරීරය ප්‍රභාෂ්වර වුණු නිසා රැස් වලල්ලක් සැබවින්ම විහිදුණා විය හැකියි.

    යේසුස්තුමාගේ කුඩා කාලයේ ඉදන්ම රැස් වලල්ලක් යොදන එකේ ගැටලුවක් නැහැනේ. යේසුතුමා දෙවියන් වහන්සේගේ පුත්‍රයා නිසා කුඩා කාලයේම ඉදන්ම රැස් වලල්ලක් දාන එක කිතුණු පිළිගැනීම අනුව නම් ගැටලුවක් නැහැ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හසිත කුඩා යේසුස් කුමරුට දේදුනු වර්ණ යොදා නිර්මාණය කල දැන්වීම් පුවරුව හා එහි පණිවිඩය තමයි මෙ ගැන කථා කරන්නේ...ඒහි its chrismas,time for jesus to come out ලෙසේ සටහන් වෙලා තියෙනව.එයින් ඔවුන් අදහස් කරන්නේ සමලිංගිකයන් තව දුරටත් සමාජයේන් කොන් කල යුතු නෑත වගේ අදහසක් තමයි දෙන්නේ...මෙ දැන්වීම් පුවරුව නවසීලන්තයේ ඕක්ලන්ඩ් වල පල්ලියක් දැන්වීම් පුවරුවක් නිසා එම පල්ලිය සමලිංගිකත්වය පිලිගන්න බවකුත් එයින් දැක්වෙනවා

      Delete
  14. මිනිසාට උප්පත්තියෙන්ද මන්දා එම ආකර්ශණ ලැබෙන්නේ.මොනවා උනත් ඔයා අන්තිමට සඳහන් කර ඇති ගීතය නම් කදිමයි.තමන් කරන දේට අනුන් ගාව ගන්න දේයක් නැ.

    මනසින් දිවියට

    ReplyDelete
    Replies
    1. සමලිංගික ආකර්ශනය උපතින්ම උරුම වෙන එකක් ද කියන එක ගෑන විවිධ මත තියෙනවනේ...ඒක සිථිරවම උපතින්ම එනවයි කියල තහවුරු කරලා නෑ

      Delete
  15. සමලිංගික කතන්දරය විකෘතියක් කියන්නේ බොහොම ඇත කාලෙක ඉඳන් තිබුන දෙයක් කියන එක පුරාණ චිත්‍ර සහ කැටයම් වලින් පැහැදිලියි . ජේසු තුමන් විශේෂයෙන් ඔය පිලිබඳ ව කථා නොකල නිසා ඒක උන්වහන්සේගේ දහමට එකඟද නැද්ද කියන එක අද ඉන්න පියතුමන්ලා විග්‍රහ කරන්නේ කොහොමද කියන එකත් ප්‍රශ්නයක්

    ReplyDelete
  16. ජේසුතුමන් මේ ගැන අදහසක් දීලා නෑ කියන එකනම් ඇත්ත. ඒත් පරණ තෙස්තමේන්තුවේ මේ ගැන ලියැවිලා තියෙනවලු.ඒත් එස් ගැන හරියටම මමත් දන්නේ නෑ............

    ReplyDelete
  17. සොඩොම් ගොමොරා දෙක දෙවියො විනාස කළේ තමන් අනු දැකපු ක්‍රමය නොවන වෙනත් ලිංගික සබඳතා පැවැත්වූ නිසා කියලයි බයිබලය කියන්නෙ. ඩෑන් බ්‍රවුන් ගෙ කතාව පදනම් වෙන්නේ ඊට අවුරුදු ගානකට කලින් ආපු හෝලි බ්ලඩ්-හෝලි ග්‍රේල් පොතත් එක්ක. ඊට වඩා මරුවට ගොස්පෙල් අකොර්ඩින්ග් ටු ජීසස්-හොසෙ සරමාගො මෙව්වා ගැන ප්‍රබන්ධ කරලා තියෙනවා. මොන්ටි පයිතන් ගෙ හෝලි ග්‍රෙල් බයිස්කෝප් එකේ මරුවටම තියෙනවා හෝලි ග්‍රේල් ගැන. ඩා වින්චි කෝඩ් එකෙ නම් කියන්නෙ ජෙසුස් මරිය මග්දලා එක්ක පවුල් කාපු වගක්. ලාස්ට් ටෙම්ප්ටේෂන් ඔෆ් ජීසස් ක්‍රයිස්ට් එකෙත් පොඩි එහෙම ලයින් එකක් තමා තියෙන්නෙ. ජෙසුස් මොන ලිංගිකයෙක් වුනත් අසාධාරන පාලකයින්ට විරුද්ධව බය නැතුව වැඩ කරන එක ගැන හොඳ පාඩමක් උගන්නපු උත්තමයෙක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දීර්ඝ විස්තරයට... හොලී බ්ලඩ් හෝලි ග්‍රේල් පොත නම් වරදි කියලා පසු කාලේක ලියපු ලේඛකයනම පිලිගත්ත බවක්#අහලා තියෙනවා

      Delete
  18. රාහුල පොඩි උන්නාන්සේත්, බුදුන්ගේ කුඩා කුටියක [වැසිකිලියෙ කියලත් කියනවා] හිටගෙන හිටියා ලු නෙ ගල්කාර භික්ෂුන්ගෙන් බේරෙන්න. උපතිස්ස-කෝලිත දෙන්නා සැරියුත්-මුගලන් වෙන්න කලින් සමලිංගික යාලුවො දෙන්නෙක් ලුනේ.

    ReplyDelete
    Replies
    1. ;) ඇයි බුදුහාමුදුරුවො විංවිමානවිකාව දූශණය කරයි කියන්නේ.....

      Delete
    2. @ Mayya

      //..ඇයි බුදුහාමුදුරුවො විංවිමානවිකාව දූශණය කරයි කියන්නේ.....//

      චිංචි මානවිකාව බුදුන් නිසා ගැබ් ගත්තා කියන චෝදනාවයි එන්නේ. සුන්දරී පරිබ්‍රාජිකාව දූෂණය කරලා මරා දැමුවා කියන චෝදනාවයි බුදුන් ඇතුළු ශ්‍රාවකයන්ට එල්ල වෙන්නේ

      Delete
    3. ඇත්ත නෙන්නම්....වැරදියිනේ මං ලියලා තියෙන විදිහ....

      Delete
  19. සම ලිංගිකයෝ කියන්නේ සමාජයෙන් කොන් කල යුතු කොටසක් නේමේ. එක ඒ මිනිස්සුන්ගේ ලිංගික තෘප්තිය. අපි බඩගින්නට බත්ම කෑවට අනිත් මිනිස්සුත් බත්ම කන්න ඕනේ නැහැනේ. අපි නොදන්නවා උනාට සමාජයේ සැලකිය යුතු කොටසක් සම ලිංගිකයෝ. සමාජයේ තියෙන පටු දැක්ම නිසා ඔඋන් ඒක ප්‍රසිද්යේ කියන්න බයයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රස්තයගේ අදහසට..ඔය කියලා තියෙන දේ සම්භන්දයෙන් මගේ මතය ඔයිට වඩා පොඩ්ඩක් වෙනස්...මිනිස්සුන්ගේ ආසාවන් වෙනස්..ආදරය කරන විදිහ වෙනස්...කෙනෙකුගේ ආදරයට තහංචි දැමිය යුතු නෑ..ඒනිසා සමලිංගිකයන්, ද්විලිංගිකයන් ඒ විතරක් නෙවෙයි ලිංග විපර්‍යාස අයත් නීතිය ඉදිරියේ සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි කිය්න තැන මම ඉන්නවා..
      ඒත් පෞද්ගලිකව සමලිංගිකතවය මට අපුලක්..ඒකට කිස් කරන මිනිස්සු දෙන්නේක් දැක්කම් මට ඇතිවෙන්නේ අපුලක්..සමලිංගිව හැසිරෙන්න ඒ අයට තියෙන නිදහස වගේම ඒ සම්භන්දයේන් මට ඇතිවන අපුලත් මගේ හැගීමක්.ඒකට මට ඉඩ තිබිය යුතුයි.මං වගේ මිනිස්සු ගොඩක් සම්මජයේ හිටියොත් බහුතර සමාජය සමලොංගිකයන් සමාජයේ කොන් වීම සිදු වෙනවා.ඒක ඒ සමාජයේ හැටි.සමාජයක් එක පාර වෙනස් වෙන්නේ නෑ..ඒකට කාලයක් ගත් වෙනවා . ඒක හින්දා දවසෙන් දෙකෙන් සමාජය වෙන්ස් කරලා මිනිස්සු මත මතවාද බලේන් පටවන්න බෑ..

      Delete
    2. උබ හරි මචං. ඒත් සමාජයක් කියන්නේ විවිද අංශ නියෝජනයකරන විශාල නිර්මාණයක්. මේ කතා කරන මාත් සමලිංගික ක්‍රියා පිළිකුල් කරන්නෙක් නමුත් සමාජයක් විදිහට අපිට සිදු වෙනවා අකමැත්තෙන් උනත් අනෙකේකුගේ ආශාවල් වලට අකුල් නොහෙලන්න.

      Delete
    3. සමාජයට හෝ තනි පුද්ගලයේකුට හෝ බාධාවක් නොවෙන තාක් , කෙනෙකුගේ අශාවකට හෝ ක්‍රියාවකට අකුල් නොහෙලීම මා පිලිගන්නා තත්වයක්. ඒ නිසාමයි මා සමලිංකත්වය නීතීය ඉදිරියේ සමානව සැලකීම යුතුයැයි ලියා තිබෙන්නේ....
      ඒහෙත් සමලිංගිකත්වය පිලිබද සමාජ් ආකල්ප ඒ ඒ සමාජයන් විසින් නිර්ණය කෙරෙන්නක්.. උදාහරණයක් ලෙස අපේ රටේ වෛද්‍යවරයෙකුට දෙවියෙකුට අකාරයේන් ගරුබුහුමන් කලත් බටහිර රටකදි වෛද්‍යවරයේකුට ඒවන් පිලිගැනීමක් ලෑබෙන් නෑ. ඒ ඒ සමාජයේ වෛද්‍යවරයා ස්ථාන ගත වී ඇති අකාරය. එලෙසම සමලිංගිකත්වයත් ඒ ඒ සමාජ වලදී ස්ථාන ගත වෙන අකාරය වෙනස්...මාත් ඔබත් වැනි සමලොකත්වය අපුලක් කර ගන්න අය සමාජයේ බහුතරය හෝ ප්‍රබල මථවාදය වුවහොත් නීතිය්ය් එදිරියේ කෙසේ වෙතත් සමාජයේදී සමලිංගිකයන් සමානයන් ලෙසෙ නොසලකන්නන් වීමට ඉඩ තිබෙනවා...සමලිංගිකයේකුට ඒය අගය කිරීමට තිබෙන නිදහස මෙන්ම් ඒය අප්‍රිය කරන තවත් අයෙකුට එය විවේචනයද නිදහසේ අයිතියක්....

      Delete
  20. අනේ මන්දා මේ කරුණු විග්‍රහ කරන්න කලින් 1000000 පාරක්වත් හිතල බලන්න ඕනේ.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. වන් මිලියන්...අම්මෝ ඒච්චර වැඩි නැද්ද? :)

      Delete
  21. http://polytrics.blogspot.com/

    ReplyDelete
  22. සෑහෙන දැනුමක් ලබාගත්තා මේ පෝස්ටුව සහ කොමෙන්ට් ටික කියවලා. තෑන්ක්ස් මයියා.

    ReplyDelete
  23. well it's not homosexuality in the sense of sodomy (anal intercourse):D . Both Jesus and Buddha, like many other ascetics and philosophers, were non- hetero-normative. i.e. they did not stick to ideals propagated by the hetero-normative or the largely hetro-sexual society. Things like the emphasis placed on celibacy, separation of men and women into two different groups....In the case of Jesus, he did not marry and it was common to consider a man who does not marry as less-than a man in his culture and true enough his life chose to spend mostly with people of his own kind, just like Buddha or any other philosopher/religious teacher. Most Greek philosophers were said to be gay/bi; e.g. Plato and Aristotle and the Greek God Zeus was said to have a boy-lover. Do some research on this.... :D

    ReplyDelete
    Replies
    1. Thanks.
      Well I have no objection in treating the homosexuality differently from sodomy. :) Even some gays are regarding the anal penetration as a virginity loss,

      yes indeed, homosexuality is a very fascinating subject to research on.

      In the case of Lord Buddha, we can not forget the fact that he had a son of his own blood. He opted the celibacy in the age of 29 and continued with it. Until then he was a normal man of hetero normative.

      Delete
  24. http://www.accesstoinsight.org/tipitaka/vin/sv/bhikkhu-pati.html#pr

    ReplyDelete
  25. LGBT සීන් එක මට නොදිරවීම කෙසේ වෙතත්, බෞද්ධ දර්ශනය තුළ එය අනුමත නොවන බවට මා මොනතරම් තර්ක ගෙනාවත්, මිනිස්සු මිනිස්සුමයි. කාගේ හෝ ලිංගික නැඹුරුව සමද, විෂමද කියන එකට වඩා වැදගත් වෙන්නේ ඒ මිනිහා හදවතින්ම මිනිහෙක්ද කියන එක. දැන් අර පහුගිය දවසක ඉන්දියාවේ කෙල්ලට දස වද දීල දූෂණය කරලා දැම්මේ සම ලිංගිකයෝ නෙමෙයි නේ?

    හැබැයි ඉතින් මට නම් අපුලයි.. (දැන් ඉතින් කාපල්ල මාව.. :D )

    ReplyDelete
    Replies
    1. මිනිසකු හදවතින් අවංකා හොද මිනිසෙක්ෆ්හකියන එක සමලිංගිත්වය හෝ විශම ලොංගිකත්වය මත තීරනය වෙන්න විදහක් නෑ...මාත් ඔයා කියන තැන ඉන්නවා

      Delete
  26. මම මේ පැත්තට කඩං පාත් වෙලා තියෙන්න හොද නැකතක් පහුවෙලා... හි හි

    ඔය රැස් වළල්ලේ විද්‍යාත්මක පැත්තක් තියෙනවා... මට මතක විදියට ඒක හොයා ගත්තේ අහම්බයකින්.. අවුරුදු 20කට විතර කලින් මුතුහර සඟරාවක කියෝපු දෙයක්.. මට දැන් හරියටම විස්තරේ මතක නැති නිසා සර්ච් කලාට හොයා ගන්න බැරි උනා...

    එකේ තිබුනේ යම්කිසි කිරණ ජාතියක් ( මට මතක විදියට X-Ray) හොයන්න යනකොට මේක අහම්බෙන් හම්බුනා කියලා... කොළයක් ගහකින් කඩපු ගමන් ඒ කොලේ වටේට දීප්තිමත් නිල් පාට එළියක් විහිදෙනවා ඒ පරීක්ෂණයෙදි පෙනුනලු.. ඒ කොලේ ටික ටික වේලෙන කොට වටේට තියෙන පාට, ටික ටික තැඹිලි පාටට, කහ පාටට වෙනස් උනාලු...

    මේක ඇවිල්ලා මිනිස් සිරුරින් විහිදෙන රැස් මාලාව හා සමානයි කියන එකයි ඒ ලිපියේ අදහස උ‌නේ.. හැම කෙනාගෙම ( හෝ හැම ජීවී වස්තුවකම) මේ වගේ ජීවී එළියක් ( කිරණයක්) විහිදෙන බවත්, ශරීරයේ ක්‍රියාකාරීත්වය අනුව මේක වෙනස් වෙන බවත් ( කේන්ති ගියාම, අධික විදියට අවේගශීලී උනාම, දුක් උනාම, ලෙඩ උනාම වගේ) ඒ පරීක්ෂණයෙදි හොයා ගත්තා...

    ඒ ව‌ෙග්ම සාමාන්‍ය කෙනෙක්ට මේක පෙනුනේ හෝ පෙන්නන්න බැරි උනාට, අධ්‍යාත්මික ශක්තින් වර්ධනය කරගත්ත අයට අනිත් අයට මේක පේන්න සලස්සන්න පුලුවන් කියන එකයි එයාලගේ මතය උනේ.. ඒ ව‌ෙග්ම එයාලගේ මානසික ශකක්තීන් නිසා මේක රැස් වළල්ලක් වගේ පේන්න පුළුවන් බවත් ඒකේ තිබ්බා.. ජේසුස් ක්‍රිස්තුත් වහන්සේ සහ බුදු රජාණන් වහන්සේ තමයි එයාලා උදාහරණ වලට අරන් තිබ්බේ...

    එහෙම බැලුවාම ඔය පරණ කතාවල තියෙන යමාමහ පෙළහර පෑම වගේ දේවල් ඇත්ත වෙන්න පුළුවන් කියලා මගේ හිතට තදට වැදුන නිසා තමයි මට මේ කතාව මේ තරම් මතක තියෙන්නේ....

    සම ලිංගිකත්වය ගන මට තියෙන්නේ වෙනස් අදහසක්.. ලිංගිකත්වය කියන්නේ අතිශය පෞද්ගලික දෙයක්.... එතනදි කෙනෙක්ට තමන්ගේ අදහසක් වෙනස් කරගන්න බලපෑම් කරනවා කියන්නේ බලහත්කාරකමක්... කෙනෙක්ගේ හිතේ තියෙන ආසාවක් හින්දා තමයි ( ආකර්ශණයක් විය හැකියි...) ලිංගික ක්‍රියාවකට පෙළ‌ෙඹන්නේ... මෙතනදි කෙනෙක්ට බලපෑමක් කරනවා නම් ඔබ මෙය කළ යුතුයි හෝ නොකළ යුතුයි කියලා ඒක මානව අයිතිවාසිකම් කඩ කිරීමක්... ඒ ව‌ෙග්ම කෙනෙක්ව අකමැත්තෙන්, රැවැට්ටීමෙන්, බලෙන්, බ්ලැක්මේල් කිරීමෙන් සම ලිංගික හෝ විශම ලිංගික ක්‍රියාවකට යොදා ගැනීමක් බලහත්කරකමක්, අපචාරයක්, දූෂණයක් වෙනවා...

    එහෙම බැලුවාම කෙල්ලෙක්ට, කොල්ලෙක්ට තමන් අකමැති කෙනෙක්ව බඳින්න බලපෑම් කරන එකත්, සමලිංගිකයෙක්ට තමන් අකමැති විශම ලිංගිකයෙක්ව බඳින්න බලපෑම් කරන එකත් එකම ජාතියේ බලහත්කාරකමකට දාන්න පුළුවන් කියලා මට හිතෙනවා.. එහෙම බැලුවාම මේ ගැන අපේ අදහස කෙසේ වෙතත් මානව අයිතිවාසිකම් පැත්තෙන් බැලුවාම සමලිංගිකත්වය කියන්නේ සාධාරණ තත්වයක්...

    මේක අදාල වෙන්නේ යම්කිසි කෙනෙක් තත්වය අවබෝධයෙන්, තමන්ගේ කැමැත්තෙන් මේ ක්‍රියාවල යෙදීමෙන් විතරයි කියලා මතක තියාගන්නත් ඕනේ...

    ReplyDelete
    Replies
    1. හිරු ගේ දීර්ඝ කමේන්ට් එකට ස්තූතියි....

      ආදරය කරුණාව ප්‍රගුණ කල අයගේ සාමාන්‍ය පුද්ගලයන්ට නැති ප්‍රභාමත්බවක් තියෙනවා. උදාහරණයක් වශයෙන් කාලයකට ඉස්සෙල්ලා භාවනායොගීව සතියක් දෙකක් හීදීම නිසා අපේ අක්කාගේ මුහුණ හොදට ප්‍රභාමත්ව තිබුනා මට මතකයි. ඒ නිසා ‍රැස් වලල්ලක් කියන දේ සාමාන්‍ය ජීවීතයේනුත් ප්‍රත්‍යක්ශ කර ගත හැකි දේයක්..

      මං හිතන්නේ නෑ සමලිංගිකත්වය පිලිබද මගේ අදහස හිරු ගේ අදහස් වලට වඩා ගොඩක් වෙනස් කියලා...මොකද මං පුද්ගල රුචි අරුචිය නිදහස වගේ සංකල්ප පිලිගන්නා නිසාමයි, සමලිංගිකත්වය නීතීයා ඉදිරියේදී විසම ලිංගිකත්වයට තියෙන ස්ථානයම තිබිය යුතු යැයි උඩ කමේන්ට් වල ලියලා තියෙන්නේ... ඒක එහෙම උනාව සමලිංගිකත්වය පිලිබද පුද්ගලයකු තුල තියෙන අපුලද ඒ පුද්ගලයාගේ කැමැත්තක්...

      උදාහරනයක් වෙනුවෙන් සරීර කිස නිම කිරීමේන් පසු කොල කැල්ලකින් පිස ගැනීම සුද්දගේ සිරිතක්. ඒය අතින් සෝදා ගැනීම සුද්දෙකුට අපුලක්. ඒත් අපි වගේ ලංකාවේ උන්ට කොල කැල්ලෙන් පිස ගැනිම අපුලක්. ඉතින් සමාජ මතය තීරනය වෙන්නේ මේ බහුතරය හෝ ප්‍රබල මතය අනුවයි. ඒක නිසා තමයි සුද්දගෙ අරටේදි කොල කැල්ල යොදා ගැනීම ප්‍රභල වෙන්නෙත් අපේ රටේදි අතෙන් සේදීම ජනප්‍රිය මතය වෙන්නේත්..සමලිංගිකත්වයත් මට අනුව ඔය වගේ දෙයක්...කොල කැඑල්ලේන් පිහි දාන්න ඕනා අය කොල කෑල්ලේන් පිහි දා ගත්තාවේ..හෝදන අය හෝදා ගත්තාවේ..ඒත් මට කොල කෑල්ලේන් පිහිදීම අපුලක්.......

      Delete
  27. සමලිංගිකත්වය සාමාන්‍යය එකක් විදිහටයි මං දකින්නේ.ඒත් ඒක අද රටවල් යටපත් කිරීමේ අවියක් විදිහට භාවිතා කරන නිසා මා දැඩි සේ සමලිංගිකත්වයට විරුද්ධයි

    ReplyDelete
  28. සමහර යුරෝපේ ලිබරල්වාදී අදහස් අපි වගේ ඓතිහාසික රාජ්‍යවලට එක එල්ලේ ආදේශ කරන්න අමාරුයි.ඒත් එම ලිබරල්වාදී අදහස් සමහර විට අප මත බලෙන් පටවන්න හදනවා..සමහර විට ඒ උත්සහය පිටිපස්සේ තියෙන්නේ සුද්දාගේ තමන් උසස්, ආසියාතිකයා, අප්‍රිකානුවා මිලේජ්‍යයි කියන යටි අදහස...සමලිංගික නිදහස ගැන ආසියාතික රටවල ඇති ප්‍රතිරෝධය වෙනුවට යුරෝපෙන් එන ලිබරල් අදහස් ගැනත් මේ තර්කයම යොදා ගන්න පුලුවන්..

    ReplyDelete
  29. මම අම්මාට ආදරෙයි කියලා ලියවිච්ච එකක් උඹට හම්බුනොත් උඹ ලියයි. ඌ අම්මත් එක්ක ලිංගිකව එක්කහු උනයි කියලා , ඩාවින්සි කෝඩ් එකේ තියෙනවා ජීසස්ට ලමයෙක් ඉන්නවා කියලත් , දාර්ශනිකයෙක් ගැන ලියපන් ගොන් කතා ලියන්නැතිව

    ReplyDelete
  30. ඇත්තටම කතාව නම් ජේසුස් වහන්සේ සමලිංගික නොවේ මොකද උන්වහන්සේ කියනවා කාමමිත්‍යාචාරය කරන්න එපා කියලා තවද ද්විතීය නීති සංග්‍රහයේ 18:22 කාම මිත්‍යාචාරී පාපයක් ලෙස සමලිංගික සේවනය දක්වා තියෙනවා. ඇත්තටම ගොඩක් කට්ටිය මේ ශු.ලියවිල්ල තමන්ගේ වාසියට යොදා ගන්නවා එතකොට මේ ජේසුස් වහන්සේ ආදරය කල ගෝලයා තමයි එතුමාගේ ගෝලයින් අතරින් ලා බාලම තැනැත්තා අපි වුනත් අපි අතරින් ඉන්න පොඩිම කෙනාට ආදරේ කරනවා නේද. ඉතිං මේ ගෝලයා හැමතිස්සෙම හිටියෙ ජේසුස් වහන්සේ ලඟ මොකද උන්වහන්සේ ගොඩක් ආදරය දැක්වූ ගෝලයා ඔහු නිසා. හරියටම කිව්වොත් ආනන්ද හාමුදුරුවෝ බුදුන් වහන්සේ ලග හිටියා වගේ.මරිය මග්දලේනාව විවාහ කරන්න ජේසුස් වහන්සේට බැරිවුණා ඊට කලින් උන්වහන්සේ මරණයට පත් වී උත්ථාන වී අවසානයේ ස්වර්ගාරෝහනය වුණා ඒ නිසා මරිය මග්දලේනා හා දරුවන්ගේ කතාව පිළිගන්න බෑ සහෝදරයා

    බුදු සරණයි
    ජේසු පිහිටයි

    ReplyDelete
  31. ඊටත් මේ දේදුණු වර්ණය සහිත රැස් වළල්ල ශු.බයිබලයේ කොහෙවත් එහෙම රැස් වළල්ලක් ගැන සදහන් කරලා නෑ ඒක පසුකාලීනව මිනිසා විසින් කළ නිර්මාණ වලින් එකක් විතරයි. ජේසුස් වහන්සේගෙන් රශ්මි ධාරා පිටවුණා එහි වර්ණය අතී දීප්තිමත් ධවල වර්ණයකින් යුක්ත වුණා කියලා ශු.බයිබලයේ තියෙන්නේ

    ReplyDelete

2222