Thursday 6 December 2012

රජතුමා හා ඇත්තෑ එක::: Mahinda Vs 71


උදේ පාන්දරම  ජංජාලගත වෙලා ඉන්න කොට අහම්බෙන් වගේ දැක්කා ලෝක ප්‍රසිද්ධ ෆෝර්බ්ස් සගරාව ලොකේ ඉන්න බලවත්ම පුද්ගලයන් 71 දෙනා නම් කරපු  නිව්ස් එක. මයියගේත් මෝඩ කමට පරිමාවක් නැති හින්දා ජාතිආලයයි,  දේශහිතෛශීකමයි පෙරදැරිකරගෙන නමෝ විත්තියෙන් හොම්බ දාලා බැලුවා බැරි වෙලාවත් අපේ රජතුමත් ලිස්ට් එකෙ ඉන්නවද කියලා..මොනාද ඉතින් ඛේදයකි තිතකි  තමයි.....


http://www.forbes.com/sites/davidewalt/2012/12/05/the-worlds-most-powerful-people/

ගිය ගමන් ආපහු හැරිලා එන්නත් බැරි හින්දා මාත් බැලුවා අපේ රජතුමාට බලවත් 71න් අන්තිමයාවත් වෙන්න බැරි  කාරණාව මොකදෑ කියලා. මොකද අර සූරපප්පගේ කා‍ටුන් එකේ ඉන්න වෙද පප්පා දෙන  අරිශ්ඨෙ වගේ හැමදාම රූපවාහිනියයි, ස්වාධීන එකෙයි නිව්ස් බැලුවම ඇගට පුදුම ජවයක්නේ එන්නේ. ඒ වෙලාවට නම් ඇත්තටම  හිතෙන්නේ ලෝකේ කැරකෙන්නේ රාජපක්ශ උතුමා වටේ කියලනේ. ඒත් මේ ඇමරිකන්කාරයෝ හදන ලිස්ට් වල අපේ අයගේ නම් නැති උනාම තමයි අපටත් මල පනින්නේ..මොකද අපිත් සිංහල කොල්ලොනේ..ඒත් පොඩ්ඩක් කූල් ඩවුන් වෙලා සීන් කෝන් එක පොඩ්ඩක් ස්ටඩි කොරන කොට තමයි තේරුනේ ලිස්ට් එකට ඇතුලු වෙන්න බැරි වෙලා තියෙන්නේ රජතුමාගේ තියෙන අහේතුවකට නොවන විත්තිය.

ලිස්ට් එකට ඇතුලු වෙන්න නම් හොදට සල්ලි එහාට මෙහාට කරන්න පුලුවන්, මිනිස්සු වැඩි ගානකගේ ජීවීත වලට බලපාන පොරක් වෙන්න ඕනලු. ඒත් බලන්නකෝ අසාධාරනේ එගොල්ලො මේකට දෙවියන් ගාව ගන්නේ නෑලු.දෙවියන්වත් මේ සීන් එකට ඇදලා ගත්ත නං ඉතින් අපේ රට බලා ගන්න ඉන්න තිස් තුන් කොටියක් උන දෙයියොයි,  යන්තන් කාල ඇදලා ඉන්න දෙකොටියයි එකතු කරලා ගත්තම තිස් පන් කොටීයක්ම පාලනය කරන්නේ අපේ රජතුමානේ. ඒක නිසා සීන් එකට එන්ටර් වෙන්න අපේ රජතුමාට මිනිස් ඔලු ගාණ මදි.

අනිත් කාරණේ සල්ලි. අපේ රටේ මුලු රාජ්‍ය ආදායමම ඉතින් ඩොලර් බිලියන 10 නේ.  ඒකෙනුත් භාගයක් ණය. ඒ උනාට ලොකේ ලොකුම සල්ලි කාරයා ගාවත් ඩොලර් බිලියන 72 ක් තියෙනවලු.ඉතින් කොහොමද අපේ රජතුමා මෙච්චර සල්ලි කන්දරාවක් එක්ක හැප්පේන්නේ...අඩුම ගාණෙ තෙල් ටිකක්වත් තිබ්බා නම් පොඩි ගේමක් දෙන්න තිබ්බා. මොකද ලොකේ 20% තෙල් සංචිත තියෙනවයි කියලා අර සෞදි රජාවත් මුන් මේක අස්සට රිංගවලා.

අපේ රජතුමාට බැරි උනාට ඉතින්,අපේ අල්ලපු රටේ කීප දෙනෙක් නම්. ලිස්ට් එකේ ඉන්නවා. සෝනියා නොනයි , සිං මහත්තයයි දෙන්නම මදිවට මුකේශ් අම්බානිත් ගොඩ..මොනා උනත් ඉතින් අසල්වාසීන් නේ කියලා සතු‍ටු වෙන එකයි තියෙන්නේ....

ඒ වගේම තමයි අපේ රජතුමාගේ හොදම යාළුවෝ වෙච්ච චීනෙයි , රුසියාවේ ලොක්කොත්  ලිස්ට් එකේ උඩින්ම ඉන්නවා. රජතුමත් මොල කාරයා.නැත්නං ඉතින් අසල්වැසියටත් කොකා පෙන්න ගෙන මේ ගොල්ලන්ට සෙට් වෙයිද?

ඒකෙන් මේකෙන් වැඩක් නෑ..මට දුක මේ කපේදී අපේ රජතුමාට ලිස්ට් එකට රිංගන්න බැරි බව මතක් වෙනකොටයි....ඕ ගොල්ලන්ටත් ටිකක් දුකයි නේද? දුක් වෙන්න එපා..තව ටිකක් රූපවාහිනියෙයි, ස්වාදීනෙයි නිව්ස් ටිකක් බලලා, අතට අහුවෙන දෙයක් කටට හැපෙනව නම් බඩට දාගෙන හොදට නිදා ගන්නයි තියෙන්නේ.......ඇහෙරෙන කොට ඔක්කොම හරි යයි.......

ප :ලි ; මං බැලුවා මුන් හරියටම 71 ක් ‍තෝරන්නේ මොකද කියලා.රජතුමා 72 වෙලා මුන් කුමන්ත්‍රණයක් කලා ද දන්නේ නැනේ...ඒත් බැලින්නං දැන් ලෝක ජනගහනේ බිලියන 7.1 ලු. මුන් ඒක බිලියනයකින් බෙදලා සූට්ටං 10න් වැඩි කොරලා

25 comments:

  1. 71ට වැටුන නම් උඹට ෆෝබ්ස් කියවනකං ඉන්න වෙන්නේ නෑ.... එහෙනං හැම පාරකටම එක ගානේ පෙරහැරවල්.... පන්සලට දෙක ගානේ බෝධිපූජා, රූපවාහිනියයි, ස්වාධීනෙයි 24 පැයේම පුරා දින 21 තිස්සේ යන ගුණ ගායනා වලින් දැන ගන්න තිබ්බා.... කොටින්ම සහේලි නංගිට චූ කරන්නවත් වෙලාවක් නැතුව එකදිගට මහරජා සිංදුව නන්ස්ටොප් කියන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. සහේලී නංගිට එහෙම මුකුත් කියන්න එපා...ලස්සන කෙල්ල :)

      Delete
  2. කැත වැඩක් නේ. ඔඅය බටහිට කාරයන්ගේ කුමන්ත්‍රන සමීක්ෂන...

    ReplyDelete
    Replies
    1. කුමන්ත්‍රන කියන්නේ බටහිර සංකල්පයක්...සමීකශන කියන්නේ පේරදිග සංකල්පය...ආ පොඩ්ඩක් වැරදුනා වගේ..

      Delete
  3. මට හිතෙන්නෙත් අපේ රජතුමා 72 වැනියා වෙලා ඒක කියන්න වෙනවට කරපු මගෝඩි වැඩක් ඔය 71කට සීමා කිරීම. අපි නොදන්න බටහිර කුමන්ත්‍රණ!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපේ රජ්තුමාට මුන් ඔච්චර බය ඇයි දන් නෑ

      Delete
  4. වෙන්න බෑ. මුද්‍රණ දෝෂයක් වෙන්න ඇති මෙච්චර උඩට චන්ද්‍රිකාවක් යවලත් 71 ට වත් නෑ? අපේ මුතුන්මිත්තන් කපාකොටා, බිලිදුන් උඩ විසිකර බයිනෙත්තුවට ඈල්ලපු මoකොල්ලකාර කාසි කබල් බටහිර සුදු හෑතිකරය ලියන කාසි කබල් ෆොර්බ්ස් සඟරාව

    ReplyDelete
    Replies
    1. ඒකනේ හරි නම් 2004 ඉදන් ඔකේ ඉන්න ඕනා....අමාරුම චන්ද්‍රිකාව නේ 2004 උඩ හැරියේ

      Delete
  5. පිස්සු කෙලින්න එපා බන්, ඔය ගාන බෙදුවම එන දසම ගාන අනුව අපේ ලොක්ක 71.5 ට ඇවිල්ලා ඉන්නෙ. දසම ගාන අපල නිසයි කාටවත් කියන්නෙ නැත්තෙ. නැතුව වෙන දෙයක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. අනිවා ලෝක ජනගහන්ය බිලියන 7.15....මුන් ලොක්කා එනවට 7.1ට් වටයලා අපි නොදන්න ජීව විද්‍යාව....:)

      Delete
  6. අපේ මහරජතුමා 71 ට නැති එක ගැන මගේ බලවත් විරෝධය

    ReplyDelete
    Replies
    1. ඒකනේ ලෝකේ කැරකැවෙන්නේ ලංකාව වටේ නේ....

      Delete
  7. TV එකේ මොකෙක් හරි එකෙක් ලොරි ටෝක් දෙද්දී
    ඕක ගැන අහන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. මොකක්ද මල්ලී ෆොර්බ්ස් කියන්නේ කියලා අහයි..දිණමින තරම් වත් සේල්ස් තියෙන එකක්ද කියලා අහයි.........

      Delete
  8. කුමන්ත්‍රනයකි.

    ReplyDelete
  9. මෙහෙමයි මයියා, ඔය රෑන්ක් කරන තාර්කික ක්‍රමය එක ක්‍රමයක් විතරයි. "බලවත්ම පුද්ගලයා" කියල මෙතනදි හඳුන්වන්නේ සමස්ත ලෝකයටම එකවර බලපෑමක් කරන්න පුඵවන් කෙනා තෝරාගැනීම. ඔබාම එක වෙන්නෙ එතනදි. අපිට පුළුවන් තාර්කික එහෙත් වෙනත් ක්‍රමයකින් අපේ ලොක්කව එක කරන්න. උදාහරණයක් විදියට තමන්ගේ රටේ මිනිස්සුන්ගේ ධනයට සාපේක්ෂව ධනවත්ම නායකය තේරුවොත්, එහෙම නැත්තං රටේ මිනිස්සුන්ට කලහැකි බලපෑමේ තරම අනුව රෑන්ක් කලොත්,(කොච්චර බලවතෙක් උනත් ඔබාමට බෑනේ රටවැසියෙක් අතුරුදහන් කරන්න, නැත්තං තමන්ට අකමැති අගවිනිසුරු ගෙදර යවන්න), එහෙම බැලුවොත් අපේ පුංචි රටටත් තැනක් තියේවි නේද?

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත........ඕලෙවල් ගනං පාස් වෙන කට්ටිය මදි උනාම කට් ඔෆ් මාක් එක පල්ලේහට දානවා වගේ මොකක් හරි ජිල්මාට් එකක් දාල ඕනේ නම් ඔය මොකක් හරි ලිස්ට් එකක් හදා ගන්න නම් පුලුවන්....

      Delete
  10. අවංකව කිව්වොත් බං ඕව කුමන්ත්‍රණ

    ReplyDelete
    Replies
    1. අවංකවම හා පැහැදිලිවම :)

      Delete
  11. අපේ ලොක්ක 1000000 වෙනී තැනටවත් ඉන්නවද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. දෙකේ කොලේටම දාන්න එපා ඉතින්..මොනා උනත් රජෙක්නේ ..;)

      Delete
  12. රටේ අපිට පෙන්නන තරම් ලොකු දෙයක් ලෝකෙට නැහැ කියන එක තේරෙන්න රටින් පිටට යන්න වෙනවා. මෑතකදී අපිට අල්ලපු රට ඉන්දියාවේ නාගලන්තයේ සම්මන්ත්‍රණයකට ගිය අපේ යාළුවෝ කට්ටියක් කිව්ව කතා අපේ දේශප්‍රේමී වන්දිභට්ටයන්ට අහන්න දෙන්න ඕනේ :D

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවෙදි අඩු ගානේ මිනිස්සු ලංකාව ගැන අහලා හරි තියෙනවා.. වෙන රටකට ගොයොත් එහෙම අපිත් ඉන්දියන් කාරයෝ කියලා හිතන්නේ

      තේ ටිකයි, ක්‍රිකට් ‍ටුයි, බුද්ධාගම, එල් ටි ටි ඊ හැරෙන්නෙ වෙන මොකක්වත් නිසා මිනිස්සුන්ට ලංකාව කිය්ලා රටක් ගැන දන්නෙ නෑ..ඒත් දන්නේ ටික දෙනයි

      අරාබි කාරයෝ පිටරටකදි හම්බුනාම හිතං ඉන්නේ ලංකාවෙ ඉන්නේ ඔක්කොම කන්න නැති සෝමාලියා පොරවල් කියලා....

      ඒත් අපේ සමහර කට්ටිය හිතං ඉන්නේ ලොකේ කෑරකැවෙන්නේ ලංකාව වටේ කියලා

      Delete
    2. අපේ යාළුවෝ කිව්ව විදිහට උන් ලංකාවේ ක්‍රිකට් ගැන දන්නවාලු විශේෂයෙන් මාලිංග සහ සංගක්කාරව. ඒ වගේමයි "මිස්ටර් ප්‍රභාකරන්" ගැන දැනගන්න උනන්දුවක් තිබුණලු :)

      Delete

2222