Saturday 12 January 2013

සිරස් පොරෝ පහර Vs හරස් කට


ගෑණු තේරුම් ගන්න  හරි අමාරුයි... ඒත් ගෑණු නැති පිරිමි ජිවිතේත් අඩුවක්..බැන්දා හරි  නොබැන්දා හරි,  ගැණියෙක්ගේ ආදරයක් නොලබපු - 'නොපතපු' පිරිමි ජීවිතේ අඩුවක්....  මනමාලකමට නොවුනත්, ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් ලොක්කත් කියන්නේ 'ගැණු කියලා සංකල්පයක් නැත්නම් සල්ලි කියන සංකල්පයෙනුත් වැඩක් නෑ' කියලා...මෙයා මේ නොකියා කියන්නේ පිරිමි අපි ඔක්කෝම කරන්නේ ගෑණු හින්දා කියලා තමයි...

ඔය කථාවේ ඇත්තක්මයි කියලා,  සාඩම්බර පිරිමියෙක් උන මමත් විශ්වාස කරන්නේ නෑ..ඒත් ඔයිට වඩා හොද කථාවක් මගේ යාලුවෙක් මාත් එක්ක කියලා තියෙනවා...මිනිහා කියන විදිහට 'The vertical  mouth is more powerful than the horizontal mouth'........ මේක සිංහලයට පරිවර්තනය කලොත් මේ කියන්නේ 'තිරස් කටට වඩා සිරස් කට වඩා ප්‍රභලයි' කියලා.  ඒත්  'කටට වඩා පොරෝ පාර ප්‍රභලයි...'  කිව්වොත් වඩා ගැලපෙනවා කියලයි මට හිතෙන්නේ... .අර 'කට ඇති පුතයි රුව ඇති දුවයි හොදයි' කියලා  කිව්වට, දැන් මේ කියන විදිහට කට ඇති පුතාට වඩා රුව ඇති දුව වඩා ප්‍රභලයි ........


මේ පුංචි සටහන මම ලියන්න පටන් ගත්තේ මගෙයි - මයි ලේඩිගෙයි ( මයියගේ ගෑණි - මයි ලේඩි...හරි නේද ....) කසාදෙට ලබන ජනවාරී 13 වෙනිදට  අවුරුදු හතක් පිරෙන හින්දයි. කසාදේ ගැන ලියන්නෙ නැතුව , ගෑණු ගැන ලියලා පෝස්ට් එක ආරම්භ කලේ මොකද කියලා මටම තේරෙන්නේ නෑ...ඒත් මට තේරෙන එක දෙයක් තියෙනවා...ඒ ගෑණු තමන් ආදරය කරන මිනිසුන් වෙනුවෙන්  ගොඩක් කැප කිරීම කරන බව....

සෙලින් ඩියොන් ප්‍රසිද්ධ බටහිර ගායිකාවක්....ගැහැණියක්  තමන්ගේ  ආදරය වෙනුවෙන් හදවතේ සිර කරගෙන සිටින කැප කිරීම ඇය ගීතයේන් ලොවට කියන්නේ ඇගේ ' The power of Love" සිංදුවෙනුයි. ලංකාවේ අය ඇයව ගොඩක් අදුනන්නේ සුප්‍රසිද්ධ 'ටයිටැනික්' සිංදුව හින්දයි..



http://www.youtube.com/watch?v=QbBCUbt_DO4

ගීතයේ එක තැනක ඇය මෙසේ ගායනා කරනවා..

"We're heading for something 
Somewhere I've never been 
Sometimes I am frightened 
But I'm ready to learn 
Of the power of love "

ගීතයේ මේ කොටස මට ඇහෙන කොට මාව හිරි වැටිලා යනවා..ඒ හැමවෙලාවෙම මට මතක් වෙන්නේ මයිලේඩී මට කැමතියි කිව්ව මොහොතයි ......ඒක වෙලා දැන් අවුරුදු දහයකටත් වැඩියි... එදා තිබ්බ තත්වයන් හා කාලය අනුව,  මා සමග හාද වීම දැඩි අභියෝගී තත්වයක්... නමුත් ඇය ඒ තීරනය නොපැකිලව තමන්ගේ හදවතට භාර දුන්නා....ඒදා ඒ එකතු උන හදවත් දෙක මීට අවුරුදු හතකට කලින් නීතීය එදිරියෙත් එකතු උනා...ඒ ලෝකය තවත් හැඩ උනේ පුංචි දඟ කොලු පැටවුන් තුන් දෙනෙකුත් පවුලට ඒකතු වෙන කොටයි....

ඒ කොලු පැටවු තුන් දෙනත්...අවිවේකී සැමියත් සමග වර්තමානයෙත් ඇය කරන්නේ සුලු ප‍ටු කැප කිරීමක්  නොවෙයි...අවුරුදු හතරක් පුරාවට ඉගෙන ගත්ත දේත් පසෙකලා ඇය කරන කැපවීම අගය කිරීමට  මෙවන් පෝස්‍ටුවක් ප්‍රමාණවත් මදී..


ඒත් මා ඇය ගැන  සටහනක් මෙසේ සයිබරයේ තැබු බව හැගීම මට සතුටක්...ඇය මෙය දැක්කොත්  මා ඊටත් වඩා සතු‍ටු වේවි... So... My Lady.....I am wishing you a very  very happy anniversary.....!!! 

35 comments:

  1. ඔන්න මයියෝ මයිලේඩි ගැන හිතිල තියෙන එක සුභයි. උඹේ වචන දැනුම මදි බං ඒ කැපවීම විස්තර කරන්න. (මොකාටවත් බෑ එච්චර හොදට විස්තර කරන්න) ඉතිං මයියෝ මල් හතක් වේවා.. ජය.. මයිලේඩි ට පෙන්නන්ට ක්රමයක් කිව්වොත් හෙම හොදා... හෑ බං. උඹ මයිලේඩිට විතරද සුභ පතන්නේ. හරි හරි උඹත් එක්ක අවුරුදු හතක් හිටියට ඉතිං සුභ පතල විතරක් ඇතෑ..

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත...මාත් ඒක්ක අවුරුදු හතක් හිටිය එක නම් මාරම ගේමක් තමයි ...: ;)

      Delete
  2. ඉතින් මමත් උඹලා දෙන්නටම් හැපිම හැපි ඇනිවසරි එකක් පතනවා. ජයවේවා... සතුටින් පිරුණු අනාගතයකට ආසිරි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රජරට...ඔයත් සිංදුවට කැමති බව දැනගත්තා....ඔයිට ඉස්සේල්ලත් චිත්ති ගැන, ජිමි ක්ලිෆ් ගැන අපට සමාන අදහස් තිබ්බ බව මතකයි

      Delete
  3. ගෙදර එඩ්ඩ්‍රස් එකවත් දුන්නනං මේක පෝස්ට් එකේ එවන්න.... හි හි... මං හිතනනේ මයියට වෙන මුකුත් ඇනිවසරි ප්‍රසන්ට් එකක් දෙන්න වෙන එකක් නෑ.. මේකම එයාට ලොකු තෑග්ගක් වෙයි.. මොකද පිරිමි හරි අඩුයි වයිෆ් ගැන තමන්ගේ හිතේ තියෙන ඇත්ත ආදරේ වචන වලින් කියන්න.. ගෑණු දුක් වෙනවා එහෙම අහන්න නොලැබෙන කොට... ඒක නිසා මේක කමෙන්ට් ටිකත් එක්කම පෙන්නන්න එදාට...

    හැපි ඇනිවසරියක් වේවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.....මේක එයා දැක්කේ නැත්නම් මේ විදිහට තිබ්බාවේ...දකින්න තියෙන හැකියාව ගොඩක් අඩුයි...මොකද මයි ලේඩී බ්ලොග්ස් බලන්නේ නැති හින්දා....අවුලක් නෑ...


      ගෑණු වගේම පිරිමි ත් ආදරේ වචන වලින් අහන්න කැමතියි...සත්තයි..ආයේ එකේ දෙකක් නෑ.........

      Delete
  4. ඔබ දෙපලට සුභ පැතුම ඇත්තටම මයියා මේ The Power of Love ගීතය කියන්නේ Jennifer Rush. සෙලින් ඩියොන් කියන්නේ ඒ ගීතයේ කොපියක් විතරයි. අපි අසුව දශකයේ ඇසුවේ ජනප්‍රිය වුනේ සහ ලකාවේ බටහිර ගීත ගයන ගායිකාවන් ගැයුවේ Jennifer Rush කියන මුල් ගීතය. Jennifer Rush ට තියෙන්නේ සෙලින් ඩියොන් ට වඩා ගැඹුරු ප්‍රබල හඬක්. නියම රසය විඳින්න නම් ඇගේ මුල් ගීතය අසන්න.
    https://www.youtube.com/watch?v=Lr0xJBsVbZY

    ReplyDelete
    Replies
    1. උදිතයෝ උඹේ මේ සූකිරි ඔත්තුවට නම් උම්මා එකක් දෙන්න වටිනවා.මේක මගෙත් ෆේවරිට්. ජෙනිෆර් රෂ් ගැන දැනගත්තේ උඹ කිව්වට පස්සෙයි. බොහොමත් ස්තූතියි.

      Delete
    2. ස්තූතියි උදිත විස්තරයට....ඇමරිකන් ගායිකා ලෝරා බ්‍රැනිගැන් ( ලංකාවේ ගොඩක් ජන්ප්‍රිය උන සෙල්ෆ් කොන්ට්‍රෝල් සිංදුව ගායනා කරන) මේ සිංදුව ගායනා කල වබ දැන ගෙන හිටියට මේකේ ඔරිජිනල් එක් ජෙන්ෆර් රශ් ගේ කියලා දැන ගත්තේ දැන්.. ඔයා හරි..රශ් ගේ කටහඩ මේකට ස්ලින් ඩියෝන් ට වඩා ගැලපේනවා.....

      Delete
  5. මයියටත් මයිලේඩිටත්...... වැරදුනා මයියගෙ ලේඩිටත් සුභපැතුම්. අර කියමන නං සුපිරි.

    ReplyDelete
    Replies
    1. සමහර කියමන් තියෙනවා කොයි කාලේටත් හරි ....අකාලිකා ඒවා....මේ කියමනත් මට හිතෙන්නේ ඒ වගේ තමයි.....

      Delete
  6. මයියටත්..මයියගෙ හාමිනේ මයිලේඩිටත් ඔන්න මගෙනුත් සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලිහිණි.....අර ගෑණු ගැන ලියලා තියෙන දේ ගැන ම්මොකද හිතන්නේ.....

      Delete
  7. මගෙනුත් සුභ පැතුම් ඕන් :D

    ReplyDelete
  8. happy for you !
    this is for you and ur wife

    http://youtu.be/vUSzL2leaFM
    Eric Clapton - Wonderful Tonight

    ReplyDelete
  9. මයියටත් යුවර්ලේඩිටත් (මයියා'ස් ලේඩිටත්) හැපීම හැපී වෙඩින් අනිවසරියක්ම වේවා!

    ReplyDelete
    Replies
    1. තැන්ක් යූ...තැන්ක් යූ

      Delete
  10. / ඒත් 'කටට වඩා පොරෝ පාර ප්‍රභලයි...' කිව්වොත් වඩා ගැලපෙනවා කියලයි මට හිතෙන්නේ… /

    එහෙනං එහෙනං..මොනව කියනවද ප්‍රබලයි නේන්නං...

    Long live that beloved axe mark!!! :) :)

    My best wishes for both of you…….

    ReplyDelete
    Replies
    1. ආයේත් අහලා...මසුරං කියුම් තමයි....

      Delete
  11. මයියාටත් මයියාගේ මායියාටත් සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිසර ජය වේවා...

      Delete
  12. හැපිම හැපි ඇනිවසරියක් වේවා!!!!

    ReplyDelete
  13. මයියාටත් මයි ලේඩිටත් (මයියගෙ නෝනා) හැපි හතේ ඇනවසරියක් වේවා!

    ReplyDelete
  14. බොහොමත් ස්තූතියි යසිත් මල්ලි......

    ReplyDelete
  15. " අවුරුදු හතරක් පුරාවට ඉගෙන ගත්ත දේත් පසෙකලා ඇය කරන කැපවීම අගය කිරීමට මෙවන් පෝස්‍ටුවක් ප්‍රමාණවත් මදී.."

    කියලාම වැඩක් නැත මචෝ. ඒක ටිකක් අමාරු දෙයක් තේරුම් ගන්න. අපේ පැත්තේ කථාවත් එහෙම්මමයි. ඊට අමතරව උන්දැගේ කාලෙකින් හම්බ වෙන මිතුරු මිතුරියන් " ආ දැන් කොහෙද.. මොකද කරන්නේ... ගෙදෙට්ට වෙලා නිකං ඉන්නවා..?" කියල අහනකොට අසරණ වෙන හැටි..

    ඒත් එක දෙයක් ස්ථීරයි.. ජීවිතේ අගබාගයේ කවදාවත් පසුතැවිලි වෙන්න වෙන එකක් නෑ.. තනි වෙන එකකුත් නෑ.. දරු මුණුපුරෝ මී මුණුපුරෝ දක්වාමා ඒ කැපවීම අගය කරාවි.. ඒ ආදරේ දහස් ගුණයකින් වැඩි කරල ආපහු ලබාදේවි..

    දෙපලටම ජය!

    [පැහැදිලි සරල සිතුම් පැතුම් ඇති මිනිස්සුන්ගෙ පුද්ගලික ජීවිතත් අතිශය සුන්දර වීම අහම්බයක් නොවේ නේද?]

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිස්ස....ටික කාලයක් කොමෙන්ට අතර හිටියේ නැත්තේ ලංකාවට ගිය හින්දා කියලා ඔයා කොහේ හරි වෙන තැනක ලියලා තියෙනවා දැක්කා.....


      අවුරුදු හතර ...ඒක ඇත්තටම ඊට වඩා චුට්ටක් වැඩියි....ඒ කාලය...ඒ තැන... අපිව මුණ ගැස්සුවා වගේම අපේ අනාගතය තීරණය කලා...

      පොඩි ඒවුන්ට ආදරය අත්‍යවශ්‍යම කාලේ ඇය ඒ පරිත්‍යාගය කලා...මං හිතනවා ඒ ඇය මා ගැන තැබූ විශ්වාසය කියලා....ඈයගේ ස්වාධීනත්වය පොඩි ඒවුන්ගේ සතුට වෙනුවෙන් මෙන්ම මං ගැන තිබු ඇයගේ විශ්වාසය වෙනුවෙන්ද කැප කලා....ඒවන් කැප කිරීමක් කල මයි ලේඩී මෙන්ම තිස්සගේ ප්‍රියම්භිකාවටද තවත් ඒවන් ගැහැණුන් අතලොස්සකටද මේ සටහන උපහාරයක් වේවා......

      Delete
  16. Late is better than never කියල මම අද සුභ පතලා යන්නම් මයියා සහ මයි ලේඩි කියන දෙන්නටම..

    ReplyDelete
  17. ස්තූතියි ක්සැන්ඩර්....ඒක නම ඇත්ත තමයි...නොකරම ඉන්නවට වඩා පරක්කු වෙලාහරි කොරන එක හොදා.....කාලේකට පස්සේ දැක්කේ...

    ReplyDelete
  18. මයියටත් මයියාගේ මායියාටත් මගේ උණුසුම් සුභ පැතුම්

    ReplyDelete
  19. Came from mobile will visit later

    ReplyDelete

2222