Saturday 23 February 2013

බාලචන්ද්‍රන්ගේ පාඩම





අහන්න...එය ඔබෙන් අහන්න.....
ඒ කිසිවකු මැරුණේ ඔවුන් කල වරදකට නොවේය....
ඒහෙත්....
මට වෙනසක් දැනෙන්නේ ඇයි.....?
සිත සසල උනත්...
තාර්කික සත්‍යය මා පරද්දනේ ඇයි?
වෙනත් දෙමල දරුවෙකුගේ ලේ ගලා ගිය දේහයට....
මා යුද්ධයට සාප කලා නොවෙද?
මතවාදය  මිනිසත්කම පරදනවාද?
මිනිසත්කම පරදන මතවාදය හොද නෑ නේද?
එහෙම උනත්
ජීවීතයත්,ආත්මයත්....
මතවාදය වෙනුවෙන්
කැප කල අය ගැන දන්නවද?
සත්‍යය කොයි තරම් අමිහිරිද?
බනින්න...මට බනින්න....
මම මට වංක වී ලබන ආදරයට වඩා
මම මා වී ලබන අපවාදය...
අවංකත්වය හැමවිටම මට මග පෙන්වා ඇත......



12 comments:

  1. ඔබ මිනිසෙකු නිසාය.
    හදවත් ඇති නිසාය.
    හෘද සාක්‍ෂිය වසා ගන්නට බොරු හේතු හොයමින් හිත රවටාගන්නෙකු නොවන නිසාය.
    නොමිනිසෙකු නොවන නිසාය.

    ReplyDelete
  2. ඇත්ත ඒත් මේ සත්‍යය නොවේනම්?????

    ReplyDelete
    Replies
    1. ඒත් කනගාටු වෙමු

      Delete
  3. බොරුවක්

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මේවා එළිනොවන සත්‍යයන්. කොයි මරණයත් වේදනාවක්. එය මිනිසත් කමට නිගාවකි. එමනිසා යුධ සෙබලා පවා එම මරණය ප්‍රතික්ෂේප කරයි. මිනිසුන් ත්‍රස්තවාදීන් වන්නේ ඇයි. මනුසත් කමට අභිබවා තිරිසන් බව ඉස්මතුවීමෙන්. නමුත් විය යුත්තේ එයද...?

      Delete
  5. හර්දයසාක්ෂියට අවංක වීමෙන් යමෙක් නිවැරදියි කියලා හැමවෙලේම කියවෙන්නේ නෑ. හිට්ලර්ගේ ජීවිත කතාව කියෙව්වොත් ඔබට තේරෙයි ඔහුත් ක්‍රියා කලේ ඔහු විස්වාසකල මතවාදය වෙනුවෙන් කියලා.

    එක එක අයගේ හර්දයසාක්ෂිය අනුව හරි වැරදි තීරණය කරන්න බැරි නිසා තමයි මානව සමාජය පොදු එකඟතා වලට ඇවිත් තියෙන්නේ.

    නතුරාම් පිළිබඳ ඔබගේ සටහන ආරම්භ කරලා තියෙන අර විනිසුරු වරයාගේ ප්‍රකාශය (හැඟීම, විස්වාසකල දේ, නැත්නම් හර්දයසාක්ෂිය කියමු) සහ තීන්දුව පරස්පර වෙන්නේ ඒ නිසයි. ඔහු දන්නවා මානව සමාජයේ පොදු එකඟතා අනුව ඔහු ඒ තීන්දුව දියයුතුයි කියලා. වෙන කවුරුත් නෙමේ නතුරාම් ම දන්නවා ඔහුට ඒ දඬුවම හිමි බව.

    ඔබට මේ මරණය වෙනස්ව දැනුනත්, මට දැනෙන්නේ නෑ. එය ඔබගෙයි මගෙයි හර්දයසාක්ෂිය ගැන ප්‍රශ්නයක් මිසක් හරි වැරැද්ද ගැන ප්‍රශ්නයක් නෙමෙයි.

    මගේ හර්දයසාක්ෂිය පැත්තෙන් කතාවක් කියන්න ඉඩ දෙන්න.

    නතුරාම්ට ලැබුණු මරණ දඬුවමට ප්‍රධාන වශයෙන්ම විරෝධය දැක්වුවේ ගාන්ධිගේ පුතුන් දෙදෙනා. තමාගේ පියාගේ ඝාතකයා වුව මරා දැමීම, තම පියාගේ අවිහිංසාවාදී ප්‍රතිපත්තිවලට පටහැනි බව ඔවුන් කියා සිටියා.

    ReplyDelete
    Replies
    1. ඇයි රජීව් මරන්න සැලසුම් කරපු අයව රජීව් පවුලේ අය හිර ගෙදරදී හමු උනේ. ඇත්තටම ඒ මිනිස්සු පිස්සොද.....?

      Delete
  6. තිසර සමඟ එකඟයි. පහුගිය දවස්වල බාලචන්ද්‍රන්ගෙ ඡායාරූප සහ ඔහු මරාදැමුවායයි කියන සිද්ධිය පිළිබඳව ඇතිවුනු මතවාද පිළිබඳව ඇතිවෙන්න කියෙව්වට පස්සෙ මමත් මගෙන්ම ඇහුව ප්‍රශ්නයක් ...මේ සිද්ධිය මට දැනෙන්නෙ කොහොමද?...

    ඇත්ත, කුඩා දරුවෙක් නිරපරාදේ මරා දැමීම ලෝකෙ කොහෙ තියන නීතියක් අනුව උනත් මොන ආචාර ධර්මයක් අනුව උනත් වැරදියි. ඒකෙ ආයෙ දෙකක් නෑ. ඒත් අමු අමුවේ මරා දැමුණු සහසක් දෙමල, සිංහල දරුවන් අතරේ මේ මරණය මට විශේෂයක් ලෙස නොදැනෙන්නෙ ඇයි?

    මට වෙනසක් නොදැනෙන්නේ ඇයි?

    අනික් හැමෝටම දැනෙන වෙනස මට නොදැනෙන්නේ ඇයි?

    මම මගෙන්ම තවම අහන ප්‍රශ්නයක්.....

    ReplyDelete
    Replies
    1. මා ලියූ පරණ (2009) කවියක්.

      තිස් වසරක් යුධ ගින්නේ දැවුනු සඳ
      ඇස් අන්ධව කන් බිහිරිව නොයාවි ද?
      සිය දහසක් මළ බෙර හඬ මැදින් හිඳ
      මොන හිතකින් කිරිබත් රස විඳින්න ද?

      !

      Delete
    2. 2009 ට වසර හතරකට පසු ලියවුනු අදහස් කීපයක්.....

      තෝරාගත් එක් දරුවකු වෙනුවෙන් හඬා වැලපෙන
      මානව හිතවාදියනි,
      බාලචන්ද්‍රන් මිය යාම වෙනුවෙන් මසිත හඬා වැටෙන්නේය.
      ඒ ඉඳුරාම ඇත්තකි.

      එහෙත් ඒ ඊට පෙර මියගිය,
      සියළු සිහල දමිල යෝනක කිරි දරුවන් සියල්ල වෙනුවෙන්
      මසිත හඬා වැටෙන තරමටය.
      ඊට අඩුවෙන්ද නොවේ.
      ඊට වැඩියෙන්ද නොවේ.

      ඔහු වනාහී නිකම්ම බාලචන්ද්‍රන් නොවේ.
      ඔහුගේ නමට මුලින් කැපිටල් පී අකුරක් ඇත්තේය.
      ඒ කැපිටල් පී අකුර යනු ඔහු මෙලොවට බිහිවන විටම ගෙන ආ කටු ඔටුන්නකි.
      ගෙල පැලඳි උරචක්‍රමාලයකි.

      ඔහු මියගියේ ඒ අකුර නිසාමය.
      ඔබ සැම ඔහු වෙනුවෙන් හඬනඟන්නේද ඒ අකුර නිසාමය.
      පී අකුර මුලට නැති බොහෝ බාලචන්ද්‍රන්ලා මින් පෙර මියගියහ.
      ඔවුන් වෙනුවෙන් හඬ නැඟීමට කිසිවෙක් නොවූහ.

      එහෙත් ඔහුගේ නමට මුලින් ඇති පී අකුර යනු
      ඔහු තෝරාගත්තක් නොවන නිසා
      එනිසාම ඔහුට දිවි අහිමි කිරීම,
      කිසිදු අයුරකින් සාධාරණීකරනය කල නොහැක.
      පිළිගනිමි.
      එහෙත් අප ජීවත් වන්නේ සාධාරණ ලොවකයයි ඔබට පැවසුවෝ කවරහුද?

      Delete
  7. මොන චේතනාවෙන් තවකෙක් මරණයට පත් කලද හේ මිනීමරුවෙකි......

    ReplyDelete

2222