Friday, 1 March 2013

ලිදේ ගෙම්බන් හා ලෝකයේ උන් : අසූවයි විස්සේ කථාව

http://www.guardian.co.uk/news/datablog/2010/jun/09/bp-energy-statistics-consumption-reserves-energy




'ගෝලීය උණුසුම' ( Global Warming) ,  ' පරිසර වෙනස් වීම (Climate change)' යන වචන ලංකාවේ අපිට නිතර නිතර අසා ඇති නමුත් යුද්ධය, දේශපාලනය, ආණ්ඩු විරෝධය, දූශණය , වංචාව හෝ ගොසිප් වැනි ජනප්‍රිය මාතෘකා ගොන්නට ඒවා නොවැටේ. ගෝලීය උණුසුම වැනි විශයන් සම්භන්දව, පාසල් යන දුවා දරුවන් අතර කිසියම් ප්‍රමාණයකට දැනුවත් වීමක් ඇතැයි අනුමාන කල හැකි උවත්  වැඩිහිටියන් අතර නම් මෙවැනි මාතෘකා කතා කරනු දක්නට ලැබීම අතිශය  දුර්ලභය. මෙවැනි විෂයන් සම්බන්දව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය අතරද කතිකාවක් නොමැති තරම්ය.

ලංකාවේ 'පරිසර විද්‍යාව (Environmantal Science)' පිලිබද ඇති සැලකීම ඒවැන්නක් උවත් ලෝකය සම්භන්දව ගත් කල ඒ පිලිබද ඇති අවධානය අති මහත්ය. කොටින්ම කිවහොත් අද ලෝක දේශපාලනය යටින් දිවෙන ප්‍රධාන අරමුණූ පරිසර ඉලක්කයන්ය. අද ලෝකය් ඇති වී  ඇති ප්‍රධාන යුද්ධ කීපයකම මූලික පදනම හා අරමුණ වී ඇත්තේ පරිසරය හා හා බැදුනු දේය.   ඒ නිසාම බටහිර රටකදී ' ගෝලීය උණුසුම', 'කාබන් බදු' වැනි මාතෘකා  ඒරට සාමාන්‍ය ජනතාව අතරද ඉතා ප්‍රචලිත මාතෘකාය. කොටින්ම කිවහෝත් පාසලේ බාලාංශ පංතිවල ඉගෙන ගන්නා දරුවන් පවා ගෝලීය උණුසුම පිලිබද ප්‍රශ්ණ පිලිබද සුලු ප්‍රමාණයෙන් උවද දැනුවත්ය.

මුලින් කීවාක් මෙන් පරිසර ප්‍රශ්ණය වර්තමාන ලෝක දේශපාලනය මෙහෙයවන ප්‍රධාන සාදකය ය. මතුපිටන්  බැලු කල එය එක එල්ලේ දක්නට නොලැබුනත් වඩා විමසිලිමත්ව බැලූ කල මෙය මනාව අවබෝධ කර ගත හැක්කකි. අද යුද්ධය, දේශපාලනය හා පරිසරය යනු වෙන් වෙන් කාරණා නොව එකිනෙක බැදුනු පරිසරය මුල් කර ගෙන දිවෙන ප්‍රපංචයන්ය.

උදාහණයක් ලෙස මීට අවුරුද්දකට පමන පෙර ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති කෙවින් රඩ් එක ‍රැයෙන් පු‍ටුවෙන් විසි වී ඒ වෙනුවට කාබන් බදු සම්භන්දයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කෙරුනු ජූලියා ගිලාඩ් පත්වීමට තරම පරිසරය හා දේශපාලනය එකීනෙක බැදුණු කාරණාය. කෙවින් රඩ් අගමැති යටතේ නින්දට ගිය ඕස්ට්‍රේල්ලියානුවන් පසුදා උදෑසන ඇහැරුනේ ජූලියා ගිලාඩ් අගමැතිනිය යටතේය. ප්‍රජාත්‍රන්තවාදය කෙසේ වෙතත් පරිසරයත් එක්ක ගනුදෙනු කරන ඕස්ට්‍රේලියානු පතල් කරුවන් ඒතරම් ප්‍රභලය.



http://www.smh.com.au/opinion/politics/selfinterest-will-dictate-that-the-party-now-unites-20120226-1twh0.html

ඒ ප්‍රජාත්‍රන්තවාදය සුරකින ශිෂ්ඨ යැයි සැලකෙන රටකට  පරසරය බලපාන ආකාරය. මූල්‍යමය අතින් දුශ්කර,  දේශපාලන වශයෙන් දුර්වල රටකට පරිසරය හා බැදුනු කාරණා බලපෑම් කරන ආකාරය මීට වඩා දරුණුය. අශිෂ්ඨය.


මේ ඔක්කොම පැහැදිලි කල හැකි තියරියක් ඇත. එයට මා කියන්නේ 'අසූවයි - විස්සේ ' තියරිය කියාය. කලමණාකරණය හා ඉකොනොමික්ස් විශයන් හදාරන අය නම් මෙය වෙනත් නම් වලින් හදුන්වනවා  අසා ඇති මුත් 'අසූවයි - විස්සේ ' තියරිය අද අප මුහුණ පා ඇති ගොඩක් ප්‍රශ්ණ වල මූලික යථාර්ථය ය.

අසූවයි විස්සේ තියරියත් සමග ඊලග ලිපියෙන් නැවත් හමු වෙමු...




12 comments:

  1. සම්පූර්ණ ලිපියම එනකල් ඉන්නම්කෝ...
    අනුපාතය එහා මෙහා වුවත් පැරෙටෝ වැලිඩ් බව දනිමි!

    ReplyDelete
  2. මට මතක් උනේ Dogs Of War නවකතාව..

    ReplyDelete
  3. පැරෙටෝ තියරිය මාත් පාවිච්චි කරනවා සෑහෙන්න තැන් වලදි..

    ReplyDelete
  4. තියරිය නොදනිමි! ඊගාව ලිපිය බලාපොර්තු වෙමි! :)

    ReplyDelete
  5. අපේ රටවල තියන ප්‍රශ්න බැලුවම පාරිසරික ප්‍රශ්න කියන දේවල් ඈතට තල්ලු වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  6. පරිසර පුරස්ෙනන් අපිත් නාන දවස වැඩි අෑත නැහැ. අනික් ඒකත් දාන්ටෙකා් බලන්න

    ReplyDelete
  7. හොඳ ප්‍රවේශයක් !

    ReplyDelete
  8. ඈආආආආආආආආආආඅ....

    ReplyDelete
  9. තිස්ස,වෙනී,ලිහිණි, සබිත්, දේශකයා, රාජ්, කරුනාරත්න,බුවා,යසිත් ඔබ සෑමට ස්තූතියි..

    ඔව් පැරෙටො තියරියත් - කථාවක් තමයි...ඕක ඒක එක විදිහට එක ඒක් තැන යොදා ගන්නවා....

    ෆෙඩ්‍රික් ෆෝසයිත් ගේ ද ඩේ ඔෆ් ද ජැකල් මගේ ආසම නවකථාවක්...ඒයාගේම 'ඩෝග්ස් ඔෆ් වොර්' නම් කියවලා නෑ...ලිහිනිත් කියන විදිහට ඒක්ත් හොදම එකක් වෙන්න ඕඅනා

    ReplyDelete
  10. අදමයි ආවේ ඕයි...

    මට මේවා තේරෙන්නෑ ඉතින් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  11. පටන් ගන්ඩත් කලින්ම ඉවර කරලානෙ..

    ඊළඟ කොටහත් ඉක්මනට දාමු..

    ReplyDelete

2222