Wednesday 13 March 2013

චාවේස්ගේ අම්මට හරාම් කිරීම හා ලොක්කව හලාල් කිරීම



වෙනිසියුලා ජනාධිපති හියුගෝ චාවෙස්..

හියුගෝ චාවෙස් උන්නැහැ සදහටම ඇස් පියාගෙන වැඩි දවසක් නෑ....ලෝකයේ පොලිස්කාරයා උන ඇමෙරිකාවට කිට්‍ටුවෙන් ඉදගෙන ඇමෙරිකාවට සද්දෙ දාපු හින්දා චාවෙස් උන්දැව සමහර අයට වීරයෙක්....ඒ හින්ද ද කොහෙදෝ ඉස්සර චේ ගේ පච්චෙට තිබ්බ ඉල්ලුම මේ දවස් වල චාවෙස් උන්දැට ගොහින් කියලත් කියනවා...ඇමෙරිකාවට බැණ බැණ ඇමෙරිකාවටම තමන්ගෙ තෙල් ටික විකුනපු චා වෙස් උන්දැව මට නම් පේන්නේ හොද ප්‍රායෝගික මිනිහෙක් විදිහට. තෙල් ටික තිබ්බ හින්දා ඇමෙරිකාවත් චාවෙස් උන්දැගේ පුස් පාට් දත කට පූට්‍ටු කරං ඉවසගෙන හිටියට ...මෑන්ස් කරපු දේවල් අපේ අය ඒ විදිහට කරන්න ගියෝත් නම් ඇණ ගන්නවා බඩු සුවර්.....

චාවෙස් ගොයියගේ හොදම යාළුවෙක් තමයි ඉරාණයේ අහමෙන්දිජෑඩ් ගොයියා. මිනිහත් ගැහිලි බැහිලි නැති අවංක මනුස්සයා..ඒත් ඇමෙරිකාවට දාන චන්ඩි පාට් ගත්තම නම් ඉතින්  දෙන්නම අයියයි මල්ලියි වගේ තමයි... සතුරගේ සතුරා තමන්ගේ මිතුරා කියලා සෙට් වෙච්ච හොද ගජයෝ දෙන්නෙක් තමයි මේ ගොයියෝ ඩබල....


ඒච්චර ‍ෆිට් එකේ හිටපු තමන්ගේ යාළුවගේ මල ගෙදරට අහමෙන්දීජෑඩ් ආවේ බොක්කෙන්ම තමයි. කදුලු පුරෝගෙන මල ගෙදරට ආපු අහමෙන්දිජෑඩ් හදවතින්ම මරණේ ගැන කණගා‍ටු උනා. කණගා‍ටු උනා විතරක් නෙවෙයි චාවෙස් ගොයියාගේ  අම්මවත් බදාගෙන ඇඩුවා. බදාගත්තේ චාවෙස් ගොයියගේ අම්ම මිසක් ගෑණි නෙවෙයි... ඒ උනාට ඉරාණේ ඉන්න කොන ඉරා ගත්ත පොරවල් මේකට සැහෙන්න කලබල වෙලා... අහමෙන්දිජෑඩ් ලොක්කා චාවෙස්ගේ අම්මට හරාම් කරයි කියලයි චෝදනාව. ඔච්චර සෙනඟ ගොඩක් මැද්දේ, ඒච්චර සූටි කාලෙකදී, බදා ගත්ත ඇරෙන්න වෙන ලොකු වැඩක් මේ වගේ අහිංසකයෙක් කලා කියලා හිතන්න මට නම කොහොමත් අමාරුයි.....පවු අසරණයා....




අහමෙන්දිජෑඩ් ගොයියා චාවෙස්ගේ මෑණියන්ට හරාම් කිරීම


මේ  ගොල්ලෝ කියන විදිහට මුස්ලිම් පොරක් වෙච්ච අහමෙන්දිජෑඩ් ට තමන්ගේ  ගෑණි, දරුවෝ හැර වෙනත් ගෑණියෙක්ගේ යන්තන් නිකන් ගෑවෙන්නවත් තහනම් ලු. ඒ කියන්නේ හරාම් ලු..හැබැයි දියේ ගිලෙන්න යන ගෑණියෙක් හරි, බේතක් දෙන්න යන වෙලාවට හරි නම් ඒවගේ දෙයක් උනාට කමක් නෑලු..ඒත් මේක හරාම් ලු. ඒත් මං නං කියන්නේ දුක නැමැති සාගරයේ ගිලෙමින් සිටි චාවේස් මෑණියන්වයි අපේ අහමෙන්දිජෑඩ් ගොයියා ගිහින් තුරුලු කොර ගත්තේ කියලා...ඒකත් එක්තරා විදිහක ගිලෙන්නයන ජීවිතයක් බේරුවා වගේ තමයි...   ඒක හින්දා එක හරාම් වෙන්න බෑ.....

අනෙත් එක ගෑණියෙක්ගේ ඇගේ ගැවෙන එක හරාම් නම් පිරිමියෙක්ගේ ඇගේ ගෑවෙන එකත් හරාම් වෙන්න ඕනේ...මොකද ඔය ලිංගික හැහීම් පහල වෙන්නේ එක එක අයට එක එක විදිහට නොවෑ..



ඕක හොදටම පැහැදිලි කොර ගන්න තිබ්බා හොද කොලුකාරයෙක්ගෙන් ඇහුව නම්..අර මාතලං ගොයියා ලියපු සීනූ කථාව මතකයිනේ...අනිත් එක මේක අහමෙන්දිජෑඩ් ගොයියට ගොඩ යන්න හොද තර්කයක්...මේ තර්කේ දාලා  මේ මොහොතේ මංගල මහත්තයා හරි රනිල් මහත්තයා හරි අන්තර්ජාතික ප්‍රකාශයක් නිකුත් කලා නම්...අන්න වටින දේවල්.....අර අසරණ අහමෙන්දිජෑඩ් ගොයියත් ගොඩ යනවා.....හාල් වෙලා ඉන්න මංගල ලොක්කයි රනිල් ලොක්කයිත් අන්තර්ජාතිකව ප්‍රසිද්ධත් වෙනවා.....ඊලග මැතිවරණෙට ඇමෙරිකාවේ හරි යුරෝපේ  හරි කොලු සංවිධාන උනත් ඒතුමනලට බැහලා වැඩ කරයි..ගේ අයිතිවාසිකම් ගැන කථා කොලාට....

තව පොඩි දෙයක් තියෙනවා...අහමෙන්දිජෑඩ් ගොයියා අපේ ලොක්කවත් තුරුලු කරන් තියෙනවා...



මුස්ලිම් සහෝදරයන්ට මේක හලාල් උනාට අපට නම් මේක හරාම් වෙලයි තියෙන්නේ......මේ දවස්වල අපේ අයට  අමෙරිකාව ජීනීවා වලදි අම්බානකට නෙලනවා.....ඔය වෙලාවට තමයි  ඇමෙරිකාවට අපට කියන්න වෙන්නේ සතුරගේ මිතුරා සතුරා නෙමෙයි...අපි හොද ලමයි කියලා....

27 comments:

  1. දාන්න මයියෝ පහක් නෙවෙයි පහයි පනහක්ම..

    ReplyDelete
    Replies
    1. ඔන්න දැම්මා අතින් පහයි....ශත 50 යි :)

      Delete
  2. සංකේතාත්මකව පොලිටිකල් හිනාවක් ගියා. (මං හිතන්නෙ බුවත් :D දාන්න ඇත්තෙ එහෙම වෙන්ටැති)

    ReplyDelete
    Replies
    1. පොලිටිකල් විතරද ඇයි රිලිජියස් නැද්ද :)

      Delete
    2. ඇත්තටම මෙතන රිලිජියස් හිනාව පොලිටිකල් එකටවත් වඩා ලොකුයි . ආගමික මුග්ධ භාවයට සාපේක්ෂව අහමෙදි ඩ් ලාගේ දේශපාලනය රත්තරන් . ඒ වගේ උගත් කමක් නැති ආධ්‍යාත්මික නායකත්වයටම හරියන ගොන් වහන්සෙ කෙනෙක් ඉරානේ ජනාධිපති වුනදාට සොරිම තමා !

      Delete
  3. මයි හිනාවක් ඒනවා නවත්තගන්න බැරිෙයා්...

    ReplyDelete
    Replies
    1. මයි හිනාවක් නම් ඒක මයියාගේ ...:)

      Delete
  4. ඔය පින්තූරෙ අම්ම එක්ක බදන් ඉන්නව ස්මගම අනික් පැත්තෙ දාල තිබ්බ චාවෙස්ගෙ නෝන අත දෙන්න එනකොට අහමදි දෙකට නැවිල ආචාර කරන එකකුත්. එදා එහෙමයි අද මෙහෙමයි කියල ෂියා මුස්ලිම් උන්ට මල පැනල ඉන්නෙ කේස් එකට.

    ReplyDelete
    Replies
    1. මෙහෙ කොනකපාලලා මේ ගැන මොකක්ද දන්නේ නෑ කියන්නේ.....රිසාන මරපු එකත් අවුලක් නෑ කියපු එවුන්නේ..

      Delete
    2. @ඉන්දික

      ඔව් මමත් දැක්කා ඒ ෆොටෝ එක...ඒත් දැනං හිට්යේ නෑ ඒක චාවේස් මැතිනියගේ කියලා....අනිත් ඒක ඒ ෆොටෝ එකේ අහමන්දිජෑඩ් ගොයියා හිටියේ අත් දෙක ඒක්තු කරගේන අපි ආයුබොවන් කියන විදිහට...ඒක ඉරාණ පොරවල් ගේ චාරිත්‍ර විදිහකුත් නෙවෙයිනේ නේද..මං හිතන්නේ මුස්ලිම් ආගමේ කාන්තාවට ආචාර කරනවා කියලා කන්සෙප්ට් එකක් නැතුව ඇති..ඒකයි අහමදිජෑඩ් ගොයියා එක එක වෙලාවට හිතෙන දේ කොරනවා ඇත්තේ....

      @ ඇනෝ..

      ඕල් සිලෝන් ජමේතුල්ලා උලාමා සංවිධානෙට යොමු කරන්නම් ඔබේ පැණය....

      Delete
  5. මයියාගෙන් ටිකක් වෙනස් ලිපියක්... මටත් කියන්න තියෙන්නේ රාජ්ට වගේ අදහස් ගැලපීම ගැන පොඩි පොලිටිකල් හිනාවක් ගියා කියලා තමයි..

    ReplyDelete
    Replies
    1. වෙනස් කිව්වේ .....ලියපු රටාවද? මාතෘකාවද?

      කොහොමත් මට කවදාවත් රටාවක් තිබිලා නෑ..ඉස්කෝලේ යන කාලේත් මගේ අත් අකුරු එහා පැත්තේ ඉන්න එකා විදිහට තමයි ලියන්නේ...:)

      Delete
  6. චාවේස් උන්නැහෙ ගාව තෙල් තියෙනවයි කියලා අදනේ දැන ගත්තේ....පුදුමයි අපේ ලොක්කා චාවෙස් ට සෙට් නොවුනු එක...ලොක්කා තාම දන්නැද්ද මන්දා තෙල් ගැන...නැත්නම් අතාරින්නේ නෑ..හැම මලගෙදරම යන පුත්‍රයනේ.........

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල සල්ලි ටිකක් හොයා ගන්න ජපානේ ගිහිල්ලනේ ඉන්නේ...චීනයත් යාළුකමට ණයක් ඉල්ලුවම ගණං උස්සලා...නැත්නම් ඉතින් ලොක්කා කීයටවත් ඕක මිස් කරන්නෑ...

      Delete
  7. අපේ ලොක්කාව තුරුළු කරගෙනනේ ඉඹින්නේ :D

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි..මූ ලොක්කව තුරුලු කර ගත්තට සූත්තර කාරයා...අපට හරියට තෙල් ටික දුන්නේ නෑ...මං හිතං හිටියේ අවුරුද්දක් විතර තෙල් නිකං දෙයි කියලා...අන්තිමේදී උමා ඔයට දුන්න සල්ලි ටිකටත් ලෙඩ ඇද්දා....

      Delete
  8. ඒයි කවුද ඩෝ අපේ රනිල් ලොක්කට අරවා මේවා කියලා තියෙන්නේ.. අහුවෙන්න එපා හරිය... අහමදිනිජාඩ්ට මමත් බොක්කෙන්ම ලව් මයියෝ. උනුත් නැතනම් ඇමරිකන් කාරයා කොහොම පිස්සුවක් කෙලියිද..?

    ReplyDelete
    Replies
    1. කවුද බං දැන් රනිල් ලොක්කට අනං මනං නොකියන්නේ...මං හිතන්නේ මෛත්‍රි විතරයි...මොකද එයාට පාඩුවේ ඉන්න දෙන හින්දා :).........

      Delete
    2. //මං හිතන්නේ මෛත්‍රි විතරයි...මොකද එයාට පාඩුවේ ඉන්න දෙන හින්දා :).........//

      :D :D :D :D

      Delete
  9. ඇඩෙනවා යකෝ...මේවා කියවද්දි :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අඩනවා කිව්වේ..දුකටද සතුටටද?

      Delete
  10. බුවාගේ බ්ලොගෙන් ආවේ කොමෙන්‍ටුවක් පස්සේ...

    පට්ට බ්ලොගක්...කොහෙද මේක තිබ්බේ මෙච්චර දවස්....

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කූ..මෙතනම තමයි තිබ්බේ..

      Delete
  11. ඔය වීරයින්ගෙ ඇත්ත තත්වෙ දන්නෙ ස්ව්ට්සර්ලන්තෙ බැංකු තමයි.. ගොං ‍රැලවල් දක්කනවා. ඔය වීරයින්ගෙ ඇත්ත තත්වෙ දන්නෙ ස්ව්ට්සර්ලන්තෙ බැංකු තමයි.. ගොං ‍රැලවල් දක්කනවා. චීනෙ හිටි ලොක්කගෙ වත්කම් ලියලා ලියපු එකා කොට උඩ ගියානේද ?

    ReplyDelete
  12. ගොං ‍රැලක් දක්කන්න ගොපල්ලෙක් හිටියම මදෑ....ගොපල්ලත් දන්නේ කැලෑවයි, මඩුවයි විතරයි....we are slowly dying...

    ReplyDelete

2222