Wednesday 24 April 2013

දෙමලගේ පින්තූරේ ස්ටීරියෝටයිප් කර බොස්ටන් බෝම්බේ මුස්ලිම් කිරීම.




දෙමල මනුස්සයගේ පින්තූරයක්වත් විශ්වාස කරන්න එපා කියලා අපි පොඩි කාලේ කථාවක් තිබ්බා....මේක කාලෙකට ඉස්සෙල්ලා සිංහලයෝ අතර දෙමලුන් ගැන තිබ්බ පූර්ව නිගමනයක්.....ඒත් ඇත්තටම බැලුවොත් හැම දෙමල මනුස්සයම අවිස්වාස මනුස්සයෙක් නොවෙනවා වගේම හැම අවිස්වාස මනුස්සයම දෙමල මනුස්සයකුත් නෙවේ....ඕක ගණිතයෙන් කියනවා නම් කියන්න තියෙන්නේ ඒ සම්භන්ධය න්‍යායදේශ නියමයට එකඟ නෑ කියලා තමයි.

මේ වගේ සමාජේ මුල් බැස ගත්ත පුර්ව නිගමන ගොඩක් ඇතිවෙලා තියෙන්නේ හේතුවක් ඇතිව. ඒත් මිනිස්සුන්ගේ ජාතිය. ආගම, හමේ පාට, ආගම ආදී උප්පත්තියෙන් උරුම වන කාරණා මත මිනිස්සුන්ගේ හොද නරක තීරනය කරන එක වැරදි වැඩක්....ඕකට සුද්දා නම් කියන්නේ ස්ටීරියෝටයිප් (stereotype) කියලා. ස්ටීරියෝටයිප් තීරණ, අදහස්, විවිද අවස්ථාවල, විවිධ විදිහට සිදුවන වැ‍රැද්දක්.....උදාහරනයක් විදිහට හැමදාම ගොන් පඩත්තල කථා කියන මැර මර්විනයා අර හලාවත පැත්තේ කෝවිලේ සත්තු මරන්න එපා කිව්වම ඒකත් ගොන්  කථාවක් ලෙස සැලකීම ස්ටීරියෝටයිප් එර(ර්) එකක්. එහෙමත් නැත්තම් ව්‍යවසායකත්ව මත  රාජ්‍ය අංශයේ බලපෑම අවම කල යුතු යැයි කියන අන්ත ලිබරල්වාදීයෙක් වෙන රනිල් ලොක්කාගේ යූ.ඇන්.පී එක,  'වැඩිවෙන නිශ්පාදන වියදම මත විදුලි ගාස්තුව පාරිභෝගිකයා මත පැටවීම වැරදී කීම' නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තියක් ලෙස සැලකීමත් ස්ටීරියෝටයිප් වැ‍රැද්දක්....ආ...ඒතකොට අර ගෑනුන්ගේ මොලේ හැදි මිටේ දිග කියන්නේ ...කථාවේ පොඩ් ඇත්තක් තිබුනට එකත් ලිංගිකත්වය ගැන ස්ටීරියෝටයිප් එකක්

අවුරුදු දෙදාස් පන්සීයකට කලින් බුදුහාමුදුරුවොත් ස්ටීරියෝටයිප් වැ‍රැද්ද ගැන කතා කරලා තියෙනවා. මිනිහෙක් බ්‍රහ්මණයෙක් හෝ වසලයෙක් වන්නේ මිනිහෙක්ගේ උප්පත්තියෙන් නොව ඒ මිනිහගේ ක්‍රියාවෙන් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ ආන්න ඒකයි. ඒ උනාට  එක එක සේනාවල ඉන්න උගත්, සිල්වත් හාමුදුරුවරු සාධාරණ, අසාධාරණේ බලන්නෙ නැතුව හැම මුස්ලිම් ව්‍යාපාරයකටම කෙලින්න යනවා වගේම සිවුරක් දා ගත්ත හින්දා තමනුත් බෞද්ධයි කියලා හිතන් ඉන්නවා....

ස්ටීරියෝටයිප් (stereotype) ගැන  මට නං කථා කරන්න හිතුනේ , මානවහිතවාදය ගැන අපට කුප්පි දාන ඇමෙරිකාවේ බොස්ටන්වල ඊයේ පෙරේදා පිපිරුණු බොම්බේ හින්දා. 2004  සැප්තැම්ම්බර් 11 කේස් එකෙන් පස්සේ  මුස්ලිම් පොරවල් ගැන  ශ්‍රේෂ්ඨ ඇමරිකානුවන්තුලත් පොඩි ස්ටීරියෝටයිප්  එරර් එකක් තියෙනවා. ඇමෙරිකන්කාරයට හිතෙන්නෙ හැම මුස්ලිම් පොරක්ම ඇමෙරිකාවට බෝම්බ තියන්න එන පොරවල් කියලා. ඒක හින්දා තමයි ලෝකයෙන් හතරෙන් එකක්ටත් වඩා තමන්ගේ අම්මා, තාත්තට වඩා හොදින් අදුනන් ශාරුක් ඛාන් මහත්තයව ඇමෙරිකාවේ එයාර්පෝට් එකෙ ඉන්න දැන උගත් මහත්තුරු අදුනන්නෙ නැත්තේ...ඒ මහත්තයව පැය ගානක් එයාර්පොට් එකේ තියන් වාත කරයි කියලා ශාරුක් මහත්තයගේ අදෝනාවක් තියෙනවා....ඔය අදෝනාව  මයි නේම් ඉස් ඛාන් ( My Name is Khan)  චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරක ගරිල්ලා මාකටිං එකක් නෙවෙයි කියලා තමයි ඒ චිත්‍රපටියේ අධ්‍යක්ශක කරන් ජොහාර් මහත්තය නම් කියන්නේ.....

බොස්ටන් බෝම්බත් එක්ක මුස්ලිම් පොරවල් ගැන ඇමෙරිකානු ස්ටීරියෝටයිප් එක හරියි කියලා කාට හරි හිතෙන්න පුලුවන්....මොකද ශ්‍රේෂ්ඨ අමෙරිකානු රහස් පරික්ශකයන් අපට කියන විදිහට බොම්බේ තියලා තියෙන්නේ චෙච්චියානු සම්භවයක් තියෙන ඒත් ඇමෙරිකානු පුරවැසියන් උන පොඩි මුස්ලිම් කොල්ලො දෙන්නෙක් හින්දා....

පල්ලෙහා දාලා තියෙන පින්තූරෙන් පෙන්වන්නේ එක එක ජන කොට්ඨාශ ගැන ඇමෙරිකානු ජන විඟානය. පින්තූරේ තියෙන්නේ සමීක්ශණයක ප්‍රතිපල.

අමෙරිකන් පොරවල් හිතන විදිහට මුස්ලිම් පොරවල් කලහකාරී අවිශ්වාස අය....ඒක නෙමෙයි ඒ ගොල්ලෝ ඒසියන්සලා ගැන හිතන විදහ බල්නකෝ...


මොනා උනත් මට නං ඔය ඇමෙරිකානු ස්ටිරියෝටයිපින් එකට එකග වෙන්න බෑ...ඒ ස්ටීරියෝටයිප් නිගමන හොද නෑ කියලා තියෙන බුද්ධවචනෙට විරුද්ධ වෙන්න බැරි මගේ තියෙන ගෝත්‍රික විඟානය හින්දා. නැත්තං මටත් හිතෙනවා ඔය එක එක දේවල්.....ඒ උනාට කාලාම සූත්‍රයෙත් අර ගුරුවරයා කිව්ව පමනින් විශ්වාස කරන්න එපා කියලා තීයෙන එකට වෙනම විග්‍රහයක් හදං ඉන්න හින්දා මං හිතං ඉන්නේ ස්ටීරියෝටයිප් චින්තනය හොද නෑ කියලා......

ඒ උනාට ශ්‍රේෂ්ඨ ඇමෙරිකන්වරුන්ට ඕක වෙන විදිහකට හිතෙන්න පුලුවන්. ඒගොල්ලෝ හිතුවොත් එක එක මුස්ලිම්කාරයගේ පැටිකිරිය හොයනවට වඩා ඔක්කොම එක රොත්තට තොලොංචි කරන එක, ශ්‍රේෂ්ඨ අමෙරිකන් පුරවැසියන්ගේ බදු සල්ලි ඉතුරු කිරීමක් හා අමෙරිකන් පුරවැසියන්ගේ ආරක්ශාවට හොදයි කියලා ඒක එහෙම තමයි..ඒක තමයි හරි වෙන්නේ....මොකද අබුද්දස්ස කාලේ හරි දේ වෙන්නේ ශක්තිය මිසක් යුක්තිය නොවෙන හින්දා.......

ප.ලි:

1.) මොනා උනත් මොන ස්ටිරියෝටයිපින් එක තිබ්බත් මං හිතන්නේ නෑ ඇමෙරිකන්කාරයෝ කවදාවත් පාරට බැහලා මුස්ලිම් කඩ ගිනි තිය තිය පල්ලි කුඩු කර කර ඇවිදියි කියලා.ඒ උනාට ලොක්කෝ ටික එකතුවෙලා කල්පනා කරලා කල්පනා කරලා මාස්ටර් ගේමක් ගහයි.

2.) ඊයේ පෙරේදා තිව්ව සයිබර් සැණකෙල්යට ආව.........ම්ම්ම්... නෑ එක්කෝ  ඕනේ නෑ......

29 comments:

  1. හ්ම්ම්ම්ම්........නෑ එක්කෝ ඕනේ නෑ......

    ReplyDelete
    Replies
    1. ඌරගේ මස් ඌරගේ ඇගේ තබා කැපීම....

      Delete
  2. මයියා ස්ටීරියෝටයිප් චින්තනය හොඳ නෑ කිව්වට, ඇමෙරිකන් විරෝධී ස්ටීරියෝටයිප් එක පෝස්ට් එක පුරාම පේනවා.. ප.ලි.යෙන් එහෙම නෑ කියලා කියන්න හැදුවට, පරක්කු වැඩියි වගේ.

    මිනිස්සුන්ගේ ජාතිය ආගම එක්ක හැදුනු සංස්කෘතිය නිසා ඒ මිනිස්සුන්ට ලැබුණු පුරුදු, ගතිගුණ තියනවා. ඒ නිසා ස්ටීරියෝටයිප් කියන්න සම්පූර්ණ පදනම් විරහිත දෙයක් නෙමෙයි. දැන් පිටරටවල ඉන්න ලාංකිකයන්ගේ මම දකින ගතියක් තමයි, ඉන්න රටේ සිස්ටම් එකට හොඳින් අනුගත වීමේ හැකියාව. ඉන්දියානුවන්ගේ ගතියක් තමයි කොයි සිස්ටම් එකේ හිටියත් තමන්ට පුරුදු විදිහට හිඳිම. ලාංකිකයෝ දේසේ හැටියට බාසේ කියලා හිතද්දි ඉන්දියානුවෝ ඉන්නේ තමන්ගේ හැටියට රට වෙනස් වෙන්න ඕනේ වගේ. සමහරු අපේ දූපත් මානසිකත්වය කියලත් කියනවනේ ඕකට. මම කියන්න හැදුවේ පොදුවේ ගත්තහම ඔය ස්ටීරියෝටයිප් වලට 90% විතර දෙනා අහුවෙනවා... එක්සෙප්ෂන්ස් තියන බව අපි දැනගන්න ඕනේ. එහෙම එක්සෙප්ෂනස් අඳුනගන්න අපේ මනස විවෘත වෙන්න ඕනේ.

    ඔය ස්ටීරියෝටයිප් දෙයාකාරයකට වැඩ කරනවා... මුස්ලිම් අන්තවාදය ත්‍රස්තවාදය නිර්මාණය කරනවා වගේම, ත්‍රස්තවාදී අදහස් ඇති අය මුස්ලිම් අන්තවාදය වැලඳ ගැනීමත් දකින්න පුළුවන්. සමාජයේ තියන ස්ටීරියෝටයිප් නිසා මිනිස්සු තමන්ව ඒ ගොඩට දාගන්න, ඒ ස්ටීරියෝටයිප් එකේ ලක්ෂණ තමන්ට ආරෝපණය කරගන්නවා. ස්ටීරියෝටයිප් භාවිතාවෙන තවත් වැදගත් ෆීල්ඩ් එකක් තමයි අපරාධ විමර්ශනය, මෙහිදී යොදාගන්න ස්ටීරියෝටයිප් අපරාධකරුවා සොයාගන්න සෑහෙන වැදගත් වෙනවා වගේම බොහෝ විට නිවැරදි වෙනවා.

    සාමාන්‍ය ජීවිතේදි ස්ටීරියෝටයිපින් ගැන පූර්ණ විශ්වාසය තියන්නෙ නැතුව, එක්සෙප්ෂන්ස් තියෙන්නෙ පුළුවන් කියන අවබෝධය එක්ක, තමන්ගේ කලින් තීරණය කල දේ වැරදියි කියලා වැටහෙද්දි ඒක වෙනස් කරගන්න තරම් විවෘතභාවයකුත් තියාගන්න ඕනේ.

    හැබැයි ඔතන මෙහෙම ප්‍රශ්නෙකුත් තියනවා.. සුනිල් ආරියරත්න ලිව්වා... "දෙමලා උනත් විරුවෙකු නම් ගරු කරනු... සිහලා උනත් ජඩයෙකු නම් පහරදෙනු" කියලා... දෙමල වීම නිසා පහරදෙන්න ඕනෙ කියන ස්ටීරියෝටයිප් එකට විරුද්ධවයි ඔහු ඒක ලිව්වේ. හැබැයි පසු කාලෙ කට්ටිය ප්‍රශ්න කලා, දෙමලාට ගරු කරන්න ඕනේ විරුවෙක් නම් විතරද, නිකං සාමාන්‍ය මනුස්සයෙක්නම් ගරු කරන්න ඕනේ නැද්ද කියලා...

    ReplyDelete
    Replies
    1. තිසර මට කියනවා..// මිනිස්සුන්ගේ ජාතිය ආගම එක්ක හැදුනු සංස්කෘතිය නිසා ඒ මිනිස්සුන්ට ලැබුණු පුරුදු, ගතිගුණ තියනවා.ඒ නිසා ස්ටීරියෝටයිප් කියන්න සම්පූර්ණ පදනම් විරහිත දෙයක් නෙමෙයි.// කියලා...

      මම ලියලා තියෙනවා//සමාජේ මුල් බැස ගත්ත පුර්ව නිගමන ගොඩක් ඇතිවෙලා තියෙන්නේ හේතුවක් ඇතිව// කියලා...

      ඒ කාරණයෙදී දෙගොල්ලම එකම මතයක් ඉන්නවා


      ඒ උනාට ඊලගට තිසර කියනවා...//සාමාන්‍ය ජීවිතේදි ස්ටීරියෝටයිපින් ගැන පූර්ණ විශ්වාසය තියන්නෙ නැතුව, එක්සෙප්ෂන්ස් තියෙන්නෙ පුළුවන් කියන අවබෝධය එක්ක, තමන්ගේ කලින් තීරණය කල දේ වැරදියි කියලා වැටහෙද්දි ඒක වෙනස් කරගන්න තරම් විවෘතභාවයකුත් තියාගන්න ඕනේ./// කියලා...ඒතැනදී තිසර කියන්නේ ඒ ඒ අවස්ථාව අනුව ස්ටිරියෝටයිප් එක අතාරින්න ඔනේ කියලා...

      එතැනදි මම ලියලා තියෙන්නේ ස්ටිරියෝටයිප් එක එක වෙලාවට නෙවෙයි හැම තිස්සෙම අත අරින්න ඔනේ කියලා.......මම එහෙම කියන්නේ බුදුහාමුදුරුවො කිව්ව එක මම විශ්වාස කරන නිසා කියලත් ලියලා තියෙනවා...

      ඒත් ඒ විශ්වාසේ තර්කයෙන් ඔප්පු කරන්න මට බෑ..ඒක විශ්වාසයක් විතරයි...ඒ උනාට 'මගේ සිහිනය මට දකින්න ඉඩ අරින්න' කියන්නේ නැතුව මම කියනවා ලෝකයේ තියෙනතාක් සියලු දැනුම ස්ටීරියෝටයිප් එකක් කියලා.....පංචෙන්ද්‍රියන්ගෙන් ගන්න සියලු සංජානන හා මනසේ ඇතිවන සියලු සංකල්ප ස්ටිරියෝටයිප් එකක් කියලා මම කියනවා....ඒතැනින් නොනැවති මම කියනවා සංජානනය නිසා සංකල්පය ඇති වෙනවා කියලා.ඒකත් එක්තරා ස්ටිරියෝටයිප් එකක්...ඊලගට මම කියනවා සංකල්පය නිසා සාංජානනයත් ඇති වෙනවා කියලා..ඒකත් තවත් විදිහක ස්ටිරියොටයිප් එකක්....

      මගේ ෆැන්ටසිය සංජානනය නිසා ඇති වන සංකල්පයත්, සංකල්පය නිසා ඇතිවව සංජානනයත් යන සියලු ආකාරයේ ස්ටීරියොටයිප් අත්හැරීමයි.....ස්ටිරියෝටයිප් චින්තනය හරි නැති වෙන්නේ එහෙමයි

      ඇමෙරිකන් විරොධය ගැන ලියලා තියෙන එකට නම් මට කියන්න තියෙන්නේ මගේ අවංක හැගීම අමෙරිකන්කාරයා අපට වඩා ස්මාට් කියලා තමයි.එහෙම කිව්වයි කියලා මම අමෙරිකන් ගැත්තෙක් වෙන්නේ නෑ වගේම අමෙරිකන්කාරයගේ ස්ටිරියෝටයිප් පිලිගත්තේ නෑ කියලා මම අමෙරිකන් විරෝදියෙක් වෙන්නේත් නෑ.....


      තිසරගේ දීර්ඝ අදහසට ස්තූතියි....උත්තර ලියන්න මලකඩ කාපු මොලේ ටිකක් සුද්ධ කරන්න උනා....

      Delete
  3. ඇයි සයිබරේ කැණහෙලියෙදි උඹව එලෙව්වද?? හැක්... තිසරයා ලියපු එක මම ලිව්වම එකමය කියල හිතාගං. හැක්...හැට්ස් ඕෆ් ෆෝ තිසර ටු...

    ReplyDelete
    Replies
    1. එකම අදහසට එකම පිලිතුර...:)

      ///සයිබරේ කැණහෙලියෙ// කියන්නේ ස්ටිරියෝටයිප් එකක් නෙවෙයි ටයිපො එකක්...:)

      Delete
  4. ඔය ස්ටීරියෝටයිප් එක ගැන නෙවෙයි මේ කියන්න හදන්නේ.. අර ඔබාමටයි තව කාටදයි ලියුම් යැව්වයි කියලා එෆ්බීඅයි එකෙන් අත්අඩංගුවට ගත්ත මනුස්සයව නිදොස් කරලා නිදහස් කරලා තියෙනවානේ.. තව එතකොට ඔය කොල්ලො දෙන්නගේ තාත්තා කියනවානේ මුන් දෙන්නව අහුකරන්න අටවපු උඟුලක් කියලා.. ඇත්තටම සැකයක් තියෙනවා එෆ්බීඅයි එකේ තොරුතුරු සහ තීන්දු තීරණ ගැනීම ගැන...... මොකද අර මනුස්සයව ඇල්ලුවෙත් ඒ තරම් කන්ෆර්ම් කරගත්ත සාක්කි එක්ක කියලනේ කිව්වේ.... ඔය ඒ රටවල් වල නීතියේ තියෙන “ වැරැද්දක් කළා කියලා ඔප්පු වෙනකම් වැරදිකාරයෙක් නෙවෙයි, සැකකාරයෙක් විතරයි” කියන එක බොස්ටන් සිද්ධියෙදි පේන්න තිබ්බේ නෑ තියලා තමයි අහක ඉඳන් බලං හිටපු මට නම් හිතුනේ....

    එහෙම බැලුවම මුස්ලිම් විරෝධි ස්ටීරියෝටයිප් එක කන්ෆර්ම් කරන්න ( ඇමරිකන් ආණ්ඩුවෙන්ම) කරපු දෙයක්ද කියලා සාධාරණ සැකයක් මතු වෙනවා.... ඇයි දෙයියනේ මෙච්චර ජාති, ආගම් වල මිනිස්සු ඉන්න රටේ බෝම්බ පුපුරවන්නේ, ලෙඩ දාන්‌ෙන් මුස්ලිම් මිනිස්සු විතරනේ.... මාරයි අප්පා....

    ReplyDelete
    Replies
    1. ඔව් අන්කල් සැම් ඒවගේ වැඩත් කරන්න හපනා , හැබැයි නොනෝ අනික් ආගම් ජාතින්ට මිනිස්සු මරන්න කියලා ආගමික උපදෙස් ලැබිලා නැනේ , එහෙම උපදේස් තියන අය තමා ලොකේ පුරාම පත්තු කරන්න යන්නේ . සැක කරුවන් අතඩංගුවට ගැනිමට ප්‍රතික්ශේප කිරීමකදී , පොලිසියට වෙඩි තැබීමකදී වෙඩි වලින්ම උත්තර දෙන්න පොලිසියට බලය තියනවා , ලංකාවෙත් එහෙම තමා . ඒ තියරියනේ ආයුධ පෙන්වන්න යන පතාල කාරයන්ට ඇප්ලයි වෙන්නේ

      Delete
    2. බුවා... මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය ගැන මගේ අදහස් ඔයා දන්නවා.. විශේෂයෙන්ම ඔය “ අනිත් ආගම් වල අය මරන්න ආගමික උපදෙස් දීම” කියන එක ගැන... ඔය ක්‍රිස්තියානියයි, ඉස්ලාමයයි මහා ලොකු වෙනසක් නෑ ආගම පැත්තෙන් ..... ක්‍රිස්තියානිකාරයා ලෝකේ එක්ක වෙනස් වෙවී ලෝකේ අල්ලන්න හදනකොට ඉස්ලාමිකයා ( මීට අමතරව දැන් ඉන්න අපේ බෞද්ධ යැයි කියාගන්න අන්තවාදී සෙට් එක , ඕක කිව්වේ නැත්තම් කවුරුහරි මතක් කරන නිසා කිව්වේ) ලෝකේ ගල්යුගේට ගෙනියන්න හදනවා... ( මේ මං කිව්වේ අන්තවාදියෝ ගැන විතරයි. අන්තවාදය හැම තැතම එකම ජාතියේ තමයි ) ඔය කුරානෙයි බයිබලෙයි දෙකම එක ජාතියේ තමයි මුල හරිය... මීට කාලෙකට කලින් දැන් මුස්ලිම් ත්‍රස්තවාදියෝ කරනවා වගේ ක්‍රිස්තියානිකයෝ රටවල් භිෂණයට පත් කළා... අදටත් ක්‍රම දෙකක් අනුගමනය කළාට දෙන්නගෙම පරමාර්ථය එකයි... ඔන්න ඔහොමයි මම දකින්නේ....

      මං කල්පනා කළේ මුන් මෙතනදි මොන තරම් නැටුමක් නැටුවද...? වෙන රටකදි මිනිස්සු 500ක් මළත් මුන් ඔච්චර නටන්නේ නෑ.. මහ ලොකු මානව හිතවාදියෝ ටික.... මුන් කොල්ලෝ දෙන්නෙක් හින්දා මුළු ටවුමක්ම වැහුවා..... අන්තිමට පාරට බැස්ස අය චාන්ට් කළේ “ USA USA ” කියලා.... අර කොල්ලා පැය 24කට වැඩි කාලයක් තුවාල පිටින් හැංගිලා හිටියේ කරන්න දෙයක් නැති හින්දනේ..... ඔය මොකක් හරි ත්‍රස්තවාදී කල්ලියක් මේක පස්සේ හිටියනං උෟ පණ පිටින් අල්ලගන්න ඉතුරු වෙයිද.... ඒත් දැන් ඒකට කතා කරන්න බැරුව හරි ඉතුරු වෙලා ඉන්නවා තව මාස ගාණක් නඩු කිය කිය කතන්දරේ ඇඳගෙන යන්න.... ඇමරිකාවට මීට වඩා හොඳ චාන්ස් එකක් තියෙයිද ඉතිං මිනිස්සුන්ව තව ටිකක් අවුස්සන්න......

      Delete
    3. අධිරාජ්යවාදි යුගයේ තිබුන ලක්ෂණ බොහොමයක් දැන කතෝලික රටවල දකින්න නෑ , "බටහිරෙන් අපිට කෙලවන්න එනවා " වගේ දේශප්‍රේමි හැඟීමක් දැනෙනවා නම් , එතන ආගමික පසුබිමක් නැති බව විතරක් මතක් කරන්න කැමතියි . හැම දෙයක්ම අධිරාජ්යවාදි කුමන්ත්‍රණ , ඇමරිකාවේ ගෙම් විදිහට දකින එකත් සිංහල දේශප්‍රේමි ස්ටිරියෝ ටයිප් එකක් කියන්න පුලුවන්

      Delete
    4. හි හි.... මං හිතුවා ඔයා ඕක කියයි කියලා..... විශේෂයෙන් අර “ මානව හිතවාදී ” කෑල්ල පාවිච්චි කළාට පස්සේ.... මං කිව්වේ මේ සිද්ධි ටික මට පේන විදිය විතරයි....

      නිකමට කල්පනා කරලා බැලුවොත් “ මුන්ට ඉතිං මොනවා කරලා හරි ඇමරිකාවට බැනලා අත පිහිදගන්න පුලුවන් ” කියන එකත් එක්තරා විදියක ස්ටීරියෝටයිප් එකක්නේ බුවා... හි හි

      Delete
    5. බැලුවාම ඔක්කොම ස්ටිරියෝ ටයිප් ? ඇමරිකාව අනික් රටලදි මානව හිතවාදි වෙන හැටි අපි හොඳ හැටිම දන්නවනේ . හැබැයි ඔය තමන්ගේ රටේ ඇතුලේ දෙනවා කියාගන්න ගේම් පිලිබඳ කථා මට නම් සැකයි . මොකද ඔවායේ ආර්ම්භය මුස්ලිම් වරුන් , අපේ දේශප්‍රේමින්ගේ ඇමරිකන් විරෝධය එක්ක හොඳ හැටි පැහෙන නිසා වැලඳගන්න ගතියක් මට පෙන්නේ . ඇමරිකාව සහමුලින්ම අමතක කලත් , අනික් රටවලදී දකින්න තියන දේවලින් ,මම මුස්ලිම් වරුන් දිහා බලන්නේ ඇමරිකන් ස්ටිරියෝ ටයිප් එකෙන් .

      Delete
    6. අන්තිම වාක්‍යයට මාත් එකඟයි... මොකද සමස්තයක් විදියට ගත්තම මේක ඇත්තක් කියලා පේන්න තියෙන නිසා... විශේෂයෙන්ම මුස්ලිම් අන්තවාදය මෙහෙන් ඇස්පනාපිට වැපිරෙනවා පේන නිසා... විශේෂයෙන්ම ගෝනිබිල්ලෝ වැහි වැහැලා නිසා.... ආගමික අන්තවාද දෙකක් විදියට ගත්තම ගෝනි බිල්ලන්ට වඩා, අපේ උන්දැලා සෝබනේට හරි පන්සල් බදාගන්න පටන් ගන්න එක සාධාරණයි කියලා මට හිතෙනවා... මොකද අහල පහල එවුන්ට වදයක් වෙන්න ගත්තම ඒකට විරුද්ධ වෙන්න හයියක් තියෙන උන් ටික දෙනෙක් හරි “ සෝබන බුද්ධාගමෙ ” ඉන්න නිසා, මුස්ලිම් පල්ලි වල එකෙක්වත් නැති උනාට....

      වැඩේ කියන්නේ බුවා මොන විදියේ හෝ අන්තවාදයක් ආර්ථකයි සහ අසාධාරණයි කියලා මං හිතනවා... එහෙම බැලුවාම අද පේන්න තියෙන බොබසේනා සහ උලමා කියන දෙගොල්ලොම හරිම අසාධාරණයි සහ අන්තවාදියි කියලා මං හිතනවා.....

      Delete
    7. ඊයේ උදේ හිරුයි බුවයි ලොකු සංවාදයක් යන බව දැක්කත් සංවාදෙට හවුල් වෙන්න බැරි උනා.....ඔය දෙන්නම කියන අදහස් වලට මගේ එතරම් විරුද්ධත්වයක් නෑ...
      මා දන්නා අමෙරිකන් සමාජයේ ඩොමිනන්ට් මතවාදයේදී පුද්ගලයා ආවේ කොහෙන්ද කියලා බලන්නේ නැතුව ඒ පුද්ගලයාගේ හැකියාවට ඉඩ දෙන ස්වරූපයක් තියෙනවා..ඒත් පහුගිය කාලයේදී විශේශයයෙන් සැත්තැම්බර් 11 සිද්ඩියත් එක්ක කථාව වෙනස් වෙනවා..

      එතැනදි අමෙරිකන් සමාජයට , ඉස්සර යුද්ධෙ තිබබ කාලේ දෙමල මිනිස්සු ගැන දකුනේ තිබ්බ අවිශ්වාසය වගේ එකක්, මුස්ලිම් අය ගැන ඇති වෙනවා. ගොඩක් දෙනෙක් දෙමල මිනිස්සු ගැන සිංහලයට තිබ්බ අවිශ්වාසයට හේතුව කිව්වේ ඒක ඉතිහාසය, මහවංශයෙන් ආපු එකක් කියලා..ඒකෙත් ඇත්තක් තිබ්බට ඒතැනදි වැඩියෙන් ඉස්සරාට ආවේ තමන්ගේ ආරක්ශාව පිලිබද හැගීම...දැන් අපට වඩා පලල් සමාජ් දැක්මක් තියෙන අමෙරිකන් සමාජටත් අපට තිව්ව් ප්‍රශ්නෙම ඇවිල්ලා...අපට ඉතිහාස් කථාවක් තිබ්බට ඇමෙරිකන් සමාජෙට එහෙම එකක් නෑ...ඒත් ප්‍රශ්නෙදි අපේ හැසීරීමයි අමෙරිකන් හසිරීමේයි වෙනසක් නෑ....ස්ටිරියෝටයිප් නිගමන හා ප්‍රතික්‍රියා.....අපි ඔක්කොම සත්තු..මස්ලෝගේ අවශයතා ත්‍රිකොනෙන් විස්තර කරනවා වගේ පැවැත්ම පිලිබද මූලික ගැ‍ටුම් වලදී අපේ සත්තු එලියට එනවා.....අද අමෙරිකන් සමාජය පෙන්නුම් කරන්නේ ඒ යථාර්තයයි...භෞතික දියුණුවා අපේ සතා හංගනවා මිසක් දමනය කරන්නේ නෑ....


      මට යන්න්න වෙල..ඉතුරු යික පස්සේ ලියන්නම්.....

      Delete
    8. අනිත් කියන්න හිටි කාරනේ මේ දවස් වල බුෂ් මහත්තයයි සි අයීඒ එකයි පොඩි ප්‍රශ්නෙක ඉන්නවා...ඒ සැත්තැම්බර් කේස් එකෙන් පස්සේ සැකකරුවන් ප්‍රශ්ණ කිරීම සදහා යොදා ගත් ක්‍රම හා විධි අමෙරිකන් සාමාජයේ මූලක පිලිගත්ත සිද්ධාන්තවලට එකග නැති වීම නිසා...සැත්තැම්බර් කේස් එක ඉවර වෙලා ගොඩක් කල් හින්දා මුස්ලිම් ස්ටීරියෝටයිප් එක ඇමෙරිකාවෙ ජන සමාජයට අමතක වෙලා බුශ්ව ප්‍රශ්ණ කරන කාලෙකුයි ඇවිල්ලා තිබ්බේ.... ඒත් බොස්ටන් බෝම්වෙත් එක්ක මුස්ලිම් ස්ටිරියෝටයිප් එක ආයේ අමෙරිකන් සමාජෙට මතක් කරවනවා..ඒන්නත් කරනවා.......දැන් බෝම්බේ පිපිරෙව්වයි කියන අයියායි මල්ලියි මුස්ලිම් අන්තවාදී සංවිධානයකට වැඩ් කරයි කියලා කියන සිථිර සාකශිත් තාම නෑ......ඒක හින්දා හිරු කියලා තියෙනවාඅ වගේ මේ කොල්ලො දෙන්නා බෝම්බ තිබ්බ්ට ඒ රූකඩ වල නූල් තියෙන්නේ බුශ්වයි සිඅයීඒ ඒකයි බේරා ගන්න ඕනේ කටිටිය ගාව වෙනනත් පුලුවන්...මේවගේ ගේම් වලට ඇමෙරිකාවේ බුද්ධි අංශ හරි දක්සයි...නමුත් මේක පොසිබිලිටියක් විතරයි..මම කියන්නේ නෑ ඒක එහෙමමයි කියලා.....

      ඒවගේම බුවා කියලා තියෙන්වා වගේ මුස්ලීම් අන්තවාදෙට ඇමෙරිකාව පිලිතුර දෙන විදිහ වෙනස්....මම අර ප:ලි වලින් ලියලා තියෙන්න ඒකයි...අපේ අය වගේ දකින දකින මුස්ලිම් කඩ්වලට ගහ ගහ දෙකයි පණහේ වැඩ අමෙරිකාවේ නෑ......ඒ උනාට මොලෙන් ගේම ගහයි....මම කාලෙකට ඉස්සෙල්ලා ලිව්ව මේ ලිපියෙ තියෙන්නේ ඒවගේ මොලෙන් ගහන් ගේමක් ගැනයි....
      ///ගාසා වලට නෙලීම හෙවත් තෙල් ආයුධ හුවමාරුව. ///

      Delete
  5. ඒසියන්ස්ලා ඔටුවො කියලා කියන්නේ චීන සම්බවයේ කට්ටිය නිසාද කියල මට හිතෙනවා . මුස්ලිම් වරු සම්බන්ධ ස්ටිරියෝ ටයිප් එක සාධාරණී කරන්න සාධක සපයන්නේ මුස්ලිම් වරුම තමයි . ප්‍රභාකරන් ගොය්ය මලාට පස්සේ ත්‍රස්තවාදයක් කොතනද මුස්ලිම් වරයෙක් එතන කියන කියමන 95%ක විතර සත්‍යයක් වෙලා . ඇමරිකාවේ , යුරෝපයේ රුසියාවේ ඉන්දියාවේ ඔය හැම තැනකදිම මුස්ලිම්වරුන් ප්‍රශ්නයක් වෙලා තියනවා . අපේ සෙනාවල්, රාවය වල් කරන විදිහට පිස්සු නටලා නම් ඒ ප්‍රශ්නෙට උත්තර හොයන්න බෑ ,

    ෂාරුක් ඛාන් ගිය අවුරුද්දේ යේල් වල දේශනයකට යත්දිත් ඔය කෙලියම වුනා , ඒක ගැන යේල් වල දේශනය අතර තුරදි මෙන්න මෙහෙම කිව්වලු

    "Whenever I start feeling arrogant about myself, I always take a trip to America. The immigration guys kick the star out of stardom,"

    ලිබරල් වාදි රනිල් - විදුලි බල මණ්ඩලය පාඩුවට කරගෙන යන්නේ නැතුව පෞද්ගලීකරණය කරහල්ලා කිවා " නම් අපේ ජනතාවගෙ ප්‍රතිචාරය මොකක් වේවිද . ලංකාවේ සිස්ටම් එක විපක්ෂයේ ඉත්දි කොයි එකත් සමාජ වාදී (සහනාධාර , පිනට කැම .... අදිය ගැනමයි කථාව ) බලයට ආවාම තමන්ට වාසි වෙන විදිහට විතරක් ධනවාදියි

    ReplyDelete
    Replies
    1. Buwa. there was a stereotype error in my picture caption. I did delete that....

      Delete
    2. බෝම්බයක් තිබ්බ තැන මුස්ලිම්වරයෙක් හිටියට මුස්ලිම්වරයෙක් ඉන්න තැන අනිවාර්‍යෙන් බොම්බයක් නෑ...ඒ සම්භන්දෙත් න්‍යායදේශ නියමයට එකඟ නෑ..:)

      රනිල් වෙනස් වෙනස් කියලා කියන්නේ කියන්න තියෙන දේ ඒ විදිහටම කියන නිසාත් කරන්න තියෙන දේ ඒ ලෙසම කරන නිසාත් කියලනේ ඉස්සර රනිල් ගැන ජොනියලා, රාජිතලා අපට කිව්වේ...ඒත් රනිලුත් ඒක නොකරනවා නම රනිලුත් තවත් මහින්ද කෙනෙක්...;)

      Delete
  6. බලල්ලු ලවා කොස් ඇට බාවනවා. මේ ක්‍රියාවලියේ නිරත බහුතරයක් බලල් අත් බව ඒ අයම දන්නෙ නෑ..
    කට්ටියක් තැටිය ලිපේ දාල ගිණි පිඹිනවා වෙනත් කට්ටියක් රොටිය පුච්චා ගන්නවා.

    ReplyDelete
    Replies
    1. උපමා දෙක නම් නියමෙටම හරි..අමෙරිකන්කාරයා වැඩ්ක් කලොත් ඒකේ තියෙන ට්‍රේඩ්මාර්ක් දෙකක් තමයි........බලලු ලවා කොස් ඇට බැවීම හා තැටිය රත් වෙලා තියෙද්දි ඔටිය පුච්ච ගැනිමා...ඉරාකේ, ඈෆ්ගෛස්ථානේ...වෙච්චෙ දේවල් මතක් වෙනවා

      Delete
  7. හම්මටඋඩු ආසියාතිකයෝ ගැන උං මාර පට්ටෙට හිතං ඉන්නවනේ ඈ...

    ReplyDelete
    Replies
    1. http://en.wikipedia.org/wiki/Asian_American


      සාධාරණයි නේ

      Delete
    2. අමෙරිකන් ආසියාතිකයන් කිව්වම කලින් බුවා කිව්ව විදිහට චීන්නු වෙන්න ඇති....මොකද හම දුඹුඑඋ ඉන්දීය ආසියාතිකයන් ගැන ස්ටිරියෝටයිප් එක මං හිටපු ඕස්ට්‍රලියාවෙනම් ගොඩක් වෙනස් හින්දා....

      Delete
    3. ඕස්ට්‍රේලියාවේ ඒ සිටිරියෝ ටයිප් එක නිසාද කොහෙද දෙතුන් දෙනෙක් දිවිය ලොකේ යැව්වේ :D :D

      ඇමරිකාවේ තත්වය වෙනස් ඇති , ඔය ආර්ටිකල් එක අනුව ඇමරිකාවේ සංක්‍රමණික ජනතාව අතර ඉදිරියෙන්ම ඉන්නේ ආසියානුවො , ඒ අතර අධ්‍යාපන මට්ටම , ආදායම් මට්ටම ආදියෙන් ඉන්දියානුවො තමයි ඉස්සරහින්ම ඉන්නේ . පණිඩිත වුනාට මිනි මරන්න යන්නේ නැති නිසා "පීස්ෆුල්" කියනවා ඇති , ට්‍රස්ට්වර්ති නම් අනේ මන්ද ,

      Delete
  8. terrorism is back on the front page of North American news papers. exacctly with steriotyps.Muslims all around the world now must stand up to threats from within. thanks for this post

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් ස්ටීරියෝටයිප් එක සැම්තැම්බර් 11 කේස් එකෙන් පස්සෙ බුශ් මහත්තයා කරපු දේවල් සධාරණීය කරන්න හොද හේතුවක්.....අමේරිකා ජන සමාජය පලල් දැක්මක් තියෙනව්යි කිව්වට ආරක්ශාව පිලිවද මූලික කාරනා වලදී ගෝත්‍රික චින්තනය ප්‍රවල වෙනවා වගේ.......

      Delete
  9. ඇමෙරිකාව අයිති ලංකාවෙන් ගිහිල්ලා ඉන්න අක්කා කෙනෙකුටයි මල්ලි කෙනෙකුටයි.....

    ReplyDelete
  10. ඇමරිකාව = (මුස්ලිම්) - (සංක්‍රමණික දෙමල ත්‍රස්තවාදී)/(තෙල් සහිත රටවල්) - තෙල් රහිත රටවල්

    ReplyDelete

2222