Saturday 18 May 2013

යෝනිය සම්භන්ධයෙන් බුදුන් ඇන ගත්තාද?: Whither Buddhism on Feminism



මෑතක් වෙනතුරුම මම නම් හිතං හිටියේ  පිරිමි කොච්චර ශක්තිමත් හා බුද්ධිමත් උනත්  ගෑණු අතේ තමයි වැඩ කෑල්ල තියෙන්නේ කියලා. ඕක හරියටම පැහැදිලි කරන්න නම් මට කියන්න වෙන්නේ මගේ යාලුවෙක්ගේ කියමනක්.

" The verticle mouth is powerful than horizontal mouth  "

ඉතා පිරිසිදු ශුද්ධ සිංහල වචන වලින්, වඩා ලගන්නා සුලු පරිවර්තනයක් යාළුවගේ ඉංග්‍රිසී කියමනට දෙන්න පුලුවන් උනත්, ''යෝනීය විසින් ශිෂ්ණය පාලනය කරයි' වැනි අදහසක් එන ඕනම සංකරන සංයෝජනයක්, මම මේකේ සිංහල යටි අරුත විදිහට බාර ගන්න සූදානං. ඒත් නැත්නං 'ගැහැණිය ලොව පාලනය කරයි' හෝ 'සෑම සාර්ථක මිනිහෙක් පි‍ටුපසම ගැහැණියක් ඇත' වගේ තාර බාර ඇරපු කථාවක් උනත් අවුලක් නෑ....... ගොඩක් මිනිස්සු දකින දකින හැම යෝනීයක් ඉදිරියේම දෙකට නැවෙන්නේ නැති උනත්, තමන්ට හරියන, හරියටම හරියන, යෝනිය ඉදිරියේ දනින් වැටෙන බව මම මෑතක් වෙන තුරුම විශ්වාස කලා.

මහා පරිනිබ්බාණ සූත්‍රය ත්‍රිපිටකයේ තියෙන දීර්ඝ සූත්‍රයක්.....බුද්ධ පරිනිර්වානය ආසන්නයේ ආනන්ද හාමුදුරුවන් බුදුරදුන්ගෙන් ගැහැණිය ගැන ප්‍රශ්ණ කරනවා....

" ස්වාමීනී.....ගැහැණිය සම්භන්ධයෙන් භික්ෂුවගේ පැවැත්ම කෙසේ විය යුතුද?"

" ආනන්ද, භික්ෂුව කාන්තාව දෙස නොබලා සිටිය  යුතුයි"

"ස්වාමීනී, නොබලා සිටියත් ඔවුන් ඇස ගැටීමට පුලුවන්"

"ආනන්ද එවිට ඔවුන් හා කථා නොකල යුතුයි"

"ස්වාමීනී, භික්ෂුව කාන්තාව  සමග කථා නොකලත්.....කාන්තාව භික්ෂුව කරා පැමින කථා කල හැකියි "

"ආනන්ද, භික්ෂුව සිහිනුවණින් යුතුව කාන්තාව හා කටයුතු කල යුතුයි"


ත්‍රිපිඨකයේ තිබ්බා උනත් මට නම් මේ සංවාදය ඇත්තටම සිදු උන එකක් ද කියලා සැකයක් තියෙනවා. මොනා උනත් මේ සංවාදයේ අන්තිම පිලිතුර හැරුණු විට පලවෙනි පිලිතුරු දෙක නම් බුද්ධ භාෂිතයක් වෙන්න බෑ...

උත්තර කියන්නේ තරුණයෙක්. උත්තරගේ ගුරුවරයා පාරාසාරිය. බුදුහාමුදුරුවෝ  පාරාසාරිය උගන්වන්නේ මොනවාදැයි උත්තර ගෙන් අහනවා.

උත්තර කියන විදිහට පාරාසාරිය, ඇස් වලින් නොබලා සිටීමේන්, කන් වලින් නො අසා සිටීමෙන් ඉන්ද්‍රීය දමනය උගන්වන අයෙක්.....

ඇස් නොපෙනෙන, කන් නො ඇසෙන අඳ බිහිරෙක්,  ඉන්ද්‍රීය දමනයේන් නිවන් ගිය අයෙක් නොවන්නේ ඇයි....? බුදුහාමුදුරුවන්ගේ ප්‍රශ්ණ කිරීමෙන් උත්තරට සත්‍යය තේරුම් යනවා....


"Thoughts of lust in man itself is
desire, not the beautiful things found in the external
world. Let the beautiful things be as they are. The wise
discipline their craving with regard to them.”


නොබලා, ගොළුව සිටීම ගැන මෙහෙම ප්‍රශ්ණ කරපු බුදු හාමුදුරුවන්, මහාපරිනිර්වාන සුත්‍රයේදී ආනන්ද හාමුදුරුවන්ට ගෑනු දිහා නොබලා, කථා නොකර සිටින්න එපයි කියපු එක බුද්ධභාෂිතයක් වෙන්න බැරි ඒ නිසයි.

ගෑණු බහුතරයක් ස්භාවයෙන්ම සුකොමලයි, ආරක්ශාව සොයන සුලුයි. ලිංගික එක්වීමට පලමු හදවත් අතර බැදීමකට කැමතියි.....යෝනියේ ස්භාවය මෙයයි.

එහෙත් පිරිමියා ස්භාවිකම රළුයි, ආක්‍රමණකාරියි, ලිංගික එක්වීමෙදී ඉදිරිගාමියි....ශිෂ්ණය එහි නිරූපනයයි.

පැහැදිලිවම ගැහැනිය හා පිරිමියා ස්භාවිකවම වෙනස්. නමුත් ඒ වෙනස පිරිමියෙක් හෝ ගැහැණිකයක් උසස් හෝ පහත් කරන්නේ නෑ.....ශිෂ්ණය , යෝනියටවත්...යෝනිය ශිෂ්නයටවත් යට වෙන්නේ නෑ....ඒත් ඒ දෙක බැදී පවතින්නක්... ආශාව නැමැති ‍රැහැනෙන් ශිෂ්ණය යෝනීයටත්  හෝ යෝනිය ශිෂ්ණයටත් බැද දමනවා...

චිත්ත කියන්නෙ බුදුහාමුදුරුවන් හම්බවෙන්න ආපු ගෘහපතියෙක්. ගෙවල් හිමියෙක්. ඔහු බුදුහාමුදුරුවන්ට මෙහෙම කියනවා...

'ස්වාමීනි.....කළු ගොනෙකුයි, සුදු ගොනෙකුයි කඹයකින් එකාට එකා බැදලා තියෙනවා. කාට හරි කියන්න පුලුවන් සුදු ගොනා තමයි කළු ගෝනාගේ බැදීම කියලා. ඒතකොට තවත් එක්කෙනෙක් කියයි.....නෑ..නෑ.... කළු ගොනා තමයි සුදු ගොනාගේ බැදීම කියලා.... ඒත් ඇත්තටම සුදු ගොනාගේ බැදීම කලු ගොනාවත් ...කළු ගොනාගේ බැදීම සුදු ගොනාවත් නෙවෙයි.....ඒතැන ඇති බන්ධනය කඹ පටයයි...."

සමහර ගම්වල දඩබ්බර හරක් ඉඩම් වලට පනිනවට  හොද හරකෙක් එක්ක කපල් කරලා තියෙනවා



මිනිස්සු ගෑනුන්ගේ  යෝනිය හමුවේ පරදින බවට මගේ පුර්ව නිගමනය වැරදි වෙන්නේ මෙන්න මේ නිසයි....මිනිස්සු, ගෑනුන්ගේ යෝනියට පරදින බව හිතං හිටිය මමත්......, කළු ගොනා බැදලා තියෙන්නේ සුදු ගෝනාටයි කියලා තර්ක කරන අයෙකුට සමානයි..මිනිස්සු යට වෙන්නේ යෝනියටවත්, ගැහැණු යට වෙන්නේ ශිෂ්ණයටවත් නොවෙයි. ගෑණු පිරිමි දෙගොල්ලොම පරදින්නේ ඒගොල්ලන්ගේම 'ආශාවටයි....'.

'ආශාව' නැමැති ‍රැහැන කපා දැමු පිරිමියා හෝ ගැහැනිය කිසිදු පිරිමියෙක් හෝ ගෑහැනියක් ඉදිරියේ පරාද නෑ...

ඇත්තෙන්ම් එවන් අයෙක් සක්විති රජෙක් නැතිනම්  ‍රැජිනක්.....සමතැන ඉල්ලන 'ස්ත්‍රීවාදය' නොදු‍ටු සත්‍යය ත් .....'පුරුශ ස්වෝත්තමවාදය' නොදන්නාඅනාත්මතාවයත් එයයි.....

P:S


Mara (Illusion):
You who are so young, so lovely
seated beneath sal tree with blossoms crowned
so aware of your loneliness.
Do you not tremble when seducers come along?

Nun :
Though men like you, seducers, 
a hundred thousand should approach,
no single hair of mine will turn 
Nor will I quake with, fear.
And so, tempter, coming all alone, 
of what effect are you?

Mara (Illusion):
I who possess super-normal powers 
can make my form disappear.
Between your eyebrows or your belly,
I could lodge and stay.

Nun :
How then, Mara, could you see me…
Know tempter, I have triumphed over you.




2222