Friday 28 June 2013

ඇනෝනිමස් ආතල් හා ස්නෝඩෙන් ගේ ප්‍රිසමය....




නිර්ණාමිකව ලියන කියන එක ගැන සමහර පොරවල් වැරදි දකිනවා.එහෙම හිතන එකේ හරි පැත්තක් වගේම වැරදි පැත්තකුත් තියෙනවා.

තවත් අයෙකුට විරුද්ධව සනාථ නොකල චෝදනා, මඩ, ඇත්ත වගේ එලියට දාන්න ,නිර්ණාමිකව ලියන එක්කෙනාට හරි ලේසියි. ඒත් ඒකේම අනිත් පැත්ත තමයි 'තිත්ත ඇත්ත' ගෙඩි පිටින්, වදින තැනට හරියටම වදින්න ලියන්නත්,  නිර්ණාමිකත්වය උපකාර වෙනවා..

එඩ්වඩ් ස්නොඩෙන්..., මේ දවස් වල ජාත්‍යන්තර මාධ්‍යවල රස කර හපන මාතෘකාවක්. ඔහු ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක අධිකාරිය (NSA) , කරන කියන  නිතී විරෝධී වැඩ එලි කලා. 'ප්‍රිස්ම්' කියන අධි තාක්ශනික ඉලෙක්ට්‍රොනික් සෙවුම් පරික්ෂණය මගින් ඇමෙරිකානුවන්ගේ විතරක් නොවෙයි අනිත් රටවල මිනිස්සුන්ගේ ටෙලිෆොන් කථාවන්, ඊමේලයන් ආදී පෞද්ගලිකත්වයට අදාල දේවලට ඇමෙරිකානු ආරක්ෂක අධිකාරිය හොට දාන හැටි ස්නෝඩන් ලුණු ඇඹුල් සහිතව එලි කලා...

ස්නෝඩන් මෝඩයෙක් නොවයි.. ඒත් ඔහු මේ හෙලි කිරීම සිදු කරන්නේ නිර්නාමිකව ඉදගෙන නෙවෙයි. ඔහු මේ හෙලිදරවු කිරීම සදහා තමාම ඉදිරිපත් වෙනවා. නමුත් මීට කලින් 'විකිලීක්ස්' එකට තොරතුරු දුන්න ඇමෙරිකානු හමූදා නිලධාරියා, බ්‍රැඩ්ලි මෑනීං ට ඇමෙරිකාව කරපු දේ දැක්ක නිසා ස්නෝඩන් මේ හෙලි දරව් කිරීමට පෙර තමන්ගේ ආරක්ශාවට  කරන්න ඕනේ වැඩ ටික ගැන හිතලා තියෙනවා.

අපේ කට්ටිය, පණිවිඩය නොව පණිවුඩකරුවාව අල්ලගෙන උගේ ඉතිහාසය,භූගෝලය හොයන්න හරි දක්ශයි. ඒ අතින් අමෙරිකාවත් අපේ කට්ටියට දෙවැනි නෑ..

ස්නෝඩෙන් නිර්ණාමිකව එන්නෙ නැතුව තමන්ම ඉදිරිපත් වී අමෙරිකාවේ වැරදි ගැන කතා කරනවා..අවශ්‍යවන්නේ ඒ වැරදි ගැන විචාරාත්මකව කථා කිරීම මිස ස්නෝඩෙන්ව අල්ලගෙන වාත කිරීම නොවෙයි. අනිත් එක මට පේන විදිහට මෙතැනදී ස්නෝඩෙන් ගේ චේතනාව යහපත්...ඔහුට අවශ්‍යවෙන්නේ ඇමෙරිකාවේ ආදි කතෘවරුන් ගරු කල සත්‍ය වෙනුවෙන් පෙනි හිටින්න..

බලං ගියාම ලොක්කොත් සොක්කොත් වැරදි කරනවා. සොක්කො වැරදි කරන කොට ලොක්කො පොරවල් වෙලා  වැ‍රැද්ද පෙන්නලා දෙනවා...ඒ විතරක් නෙවෙයි දඩුවමුත් කරනවා..ඒත් ලොක්කෝ වැරදි කරන කොට සොක්කෝ ඒවා පෙන්වන්න ගියාම වැඩ වරදිනවා. ඔය වෙලාවට තමයි අපට ඇනෝනිමස් ආතල් හොදයි කියලා හිතෙන්නේ.....


පින්තූරේ ගත්තේ මෙතැනින්...http://www.newsday.com/opinion/walt-handelsman-1.812005

25 comments:

  1. Replies
    1. එකඟයි නම් අවුලක් නෑ..ස්තූතියි

      Delete
  2. ඕක ස්නෝඩෙන් කියන්න කලින් කව්රුත් දැනගෙන හිටියා. ඒත් දැං ඕකෙන් අදහස් වෙන්නේ මෑතක ඉදල ඒ දේ කරාය කියල විතරයි.. ඇනමලයන් හොදා. කුනුහරුප නොකියනවනං

    ReplyDelete
    Replies
    1. දැන් ඇති වෙනස එදා තිබුනු ඒ කන්ස්පිරසි තියරි වලට නිර්නාමික නොවෙන සාක්කි ලැබී තිබීමයි.

      Delete
    2. ඔව් දේශක...මීට කලින් ඔවා ගැන කථා කලේ චිත්‍රපටි කාරයෝයි, නවකථා කාරයොයි නේ....

      කතනදර කියලා ත්යෙනවා වගේ දැන් මේ චෝදනාවට නමින් පුද්ගලයේක් ඉදිරිපත් වෙලා තියෙනවා...එහෙම බැලුවබම නිර්නාමිකව මේක කලා නම කිසිම වැඩක් නැතුව යනවා..

      Delete
    3. ඇත්ත කතාව නිර්නාමික දේට වඩා නාමිකව කෙරෙන විවරණයට ඇති වටිනකම වැඩි බවයි.

      Delete
  3. ඉදින් ඕනවඩ වඩා හොද හිත මගෙම ඔලුවට කඩා වැටෙන බැවින් මම ඊයෙ බස් රේඩියෝවෙන් ඉවත් වු බව සියල්ලන්ටම පැවිසුවෙමි. මිතුරන් බොහෝ ඇසුවෙමි ඇයි ඇයි කියා..එයිනුත් ලගම මගෙම යැයි හැගෙන උන්ට පමණක් ඇත්ත කියා මා අනෙක් පණිවිඩ විවෘතවත් නොකලෙමි. මේ සියල්ලටම මුල ඊයෙ මා ඉවත් වු බව පවසා කිම යැයි මම දනිමි. ඔබලා අද පිස්සන් ලෙස මෙසේ දුවන්නේ එලෙසය. ඉදින් පුද්ලගික චැට් තියා ඕනිම දෙයක් කියන්න. නමුත් මතක තියා ගන්න මේ ප්‍රශ්නය ඔබලා යන්නෙ දිනිති දීපිකා එක්ක පමණයි. මගේ පවුලේ කිසිවෙක් බස් රේඩියෝවට සම්බන්ධ වුයේත් නැත. එය ඇසුවේත් නැත. ඒක නිසා බොහොම කාරුණිකව කියනව කොන්ද කෙලින් කියන් මා සමඟ ඩිරෙක්ට් කතා කරන්න. එහෙම බැරි නිසා නේද අයින් වුනාට පස්සෙත් පවුලෙ අයට මේල් යැවුවෙ. දැන් මෙතන බස් රේඩියෝ ප්‍රෙපයිල් එකෙන් ඇවිත් ආහ් කාටද යැවුවෙ කියල ඔප්පු කරන්න කිය කියා එන්න එපා...ඇඩ්මින් මණ්ඩලයේ මේල් මෙහෙයවන උනුන්ගේ හදවත් දන්නවා ඇත. බොහොම කාරුණිකව සහ තරයේ කියා සිටිනව මා සමඟ කැමති ගණුදෙනුවකට එන්න. මගේ පවුලේ අයව ආයෙමත් මෙයට සම්බන්ධ කරගත්තොත් මා කරන දේ මමවක් නොදනිමි. සාක්ෂි ලෙස සියල්ලම මා ලගත් ඇත. අනෙක අයින් වුන මට අයින් වුන පාඩුවෙ නිහඩව ඉන්න නොදි අවුස්සා ගත්තේ ඔබලාමය. දැන් බොරු ටොක් දදා කුණු අවුස්ස අවුස්සා කුණු වලින් හෝ නම ප්‍රසිද්ධ කරගන්නට දගලන අසාර්තක උත්සහාය ගැන දුක්වෙමි. දිනිති කවුද කියා දන්නෝ දනිති. ස්ත්‍රි ලිංගයකට බොහොම පහසුවෙන් කුණු ගැසිය හැකි බවත් මම හොඳින්ම දනිමි.

    ඔබලාම ගඳ ගස්සවා ගත් දෙය දැන් ලෝකයටම ගද ගස්සවයි. මා බොහෝ ඉවසිමෙන් සිටි බව මේ පිලිබද දන්නා අය දනිති. නැවත නැවතත් කියමි මගෙ පවුලේ කිසිවෙකුගේ නමක්වත් ඔවුන්ට නැවත කිසි මේල් පණිවිඩයක්වත් නොයවන ලෙස. විරකම් වලට මෙතනම හා කාටද යැවුවේ කියාගෙන ඔබලා එයි යැයි නැවතත් සිතමි. එයට මම පිලිතුරු දෙමි නැවතත්..නුඹලාට ආත්ම ගරුත්වයක් නැති වුවාට මට ඇත. බසයට ආවේ මාය. බසයෙන් බැස්සේ මාය. එම නිසා දිනිති සමඟ පමණක් මෙය ගෙනියන ලෙස කියමි.

    අනෙක් කරුණ සක්කිලි යන වචනය මම කිසිම ප්‍රසිද්ද තැනක පාවිච්චි කර නැත. එය ඔබ රේඩියෝවෙම සාමාජිකාවක් සමග පැවැසු බවත් එයද පුද්ගලික චැට් එකකදි බවත්...එය පැවසුයේ සැබැවින්ම මගේ පවුලේ අයෙකුට ඔබලා යවා ඇති දෙය ගැන මට ආරංචි වු විගසම හිතේ නැගුණ ආවේගයටය.

    ඉදින් දිනිති යන පුද්ගලික චරිතය දන්නා අය දනිති. බ්ලොක් කරගෙන හැංගිලා කිසි දිනක කිසිවක් නොකියමි.ෆේක් නම් ගම් වලින් වීරකම් නොකරති. එමෙන්ම බොහෝ ඉවසිමෙන් බලා ඉද බැරිම තැනක පමණක් කියමි. දැන් තවත් කුණු වැපිරවීමට අවශ්‍ය නම් වපුරගන්න. එය ඔබලාගෙ මේ අවස්ථාවෙ උද්ගත වී ඇති මානසික තත්වයේ ප්‍රථිපලයක් බව දනිමි.
    මේ පිලිතුරු ඇතැයි යැයි සිතමි. මා අයින් විම ගැන කිසිවෙක්ට නොකියා බස් රේඩියෝවෙ චැට් එකටත් පුරුදු ලෙස ඇවිත් ගියත් මගේ නිහඩකම ආයුධයක් කරගත් ඔබලාට බොහොමත්ම තුති. එක රැනක් සේ හිටියත් නුඹලා කවුද යන්න ඉගිනෙ විට හෝ හදුනා ගැනිම සතුටකි.

    ( මෙය 2013 ජුනි 25 වන දින රාත්‍රි අදාල ස්ථානයේ දැමු පිලිතුරයි... මෙතන සටහන් කරන්නේ මා බ්ලොක් කරගෙන උඩ පනින උනුන් වෙනුවෙනි. හතර අතින් දොරවල් වහගෙන දගලන බියගුලු වීර වරියක් නොවෙමි මම. )

    ReplyDelete
    Replies
    1. අතහැරීම සතුටට හේතුවේ කියලා තමයි බුදුහාමුදුරුවෝත් කියලා තියෙන්නේ...

      Delete
  4. ස්නෝඩන්ගේ මානව හිමිකම් සුරකිනු!

    ReplyDelete
    Replies
    1. ඒකනේ හක්කේ බුදු‍රැස්..බොක්කේ දඩමස්.....

      Delete
  5. මම ඇමරිකන් ජනාධිපති නම් බින් ලාඩන්ට ගහපු විදිහටම මේ ද්‍රෝහී ස්නොඩන්ටත් ගහලා දානවා දානවාමයි.

    ReplyDelete
    Replies
    1. ද්‍රෝහීකම තේරුම ගන්න විදිහ එක එක්කෙනාට වෙනස්...

      Delete
  6. ස්නෝඩන් නිර්නාමිකව ඉදගෙන ඔය ප්‍රකාශ කරානම් කිසිම වටිනාකමක් එන්නේ නෑ..ඒවා නිකං කන්ස්පිරෙසි විතරයි....ස්නෝඩන් තමන්ම එලියට ඇවිල්ලා කියපු එක තමයි හරි...

    ReplyDelete
    Replies
    1. ඇත්ත....ස්නෝඩෙන් නමින්ම චෝදනා කරපු එක හරි....මොකද මෙච්චර ශවස් කවුරුත් චෝදනා කලේ වක්‍රාකාරච

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. මඩ, චරිත ඝාතන, අපහාස නොකර ඕනෑම මතවාදයක් කියන්න නිර්නාමිකත්වය භාවිත කිරීම කිසිම වරදක් නොවේ.නිර්නාමිකත්වය මාධ්‍ය භාවිතයේ අනිවාර්ය අංගයක්.මේ ළගදි දවසක කොතැන හෝ අඩවියක සූස්ති ගුණේ නිර්ණාමික සංකල්පය එක්ක වාදයක් ගියා මතකයි.නිර්නාමික නිදහස නැති කරගන්නෙත් නිර්නාමිකයන්ම විසින් අනවශ්‍ය අසැබි වදන් හා වෙනත් අඩවියකින් තුන්වන පාර්ශ්වයකට පරභව කරන්න යාම නිසයි. මං හිතන්නේ කතන්දර වැනි පරිණතම බ්ලොග් කරුවන් පවා ප්‍රතිචාර වාරණයකට ගොස් ඇත්තේ ඒ නිසයි.නිර්නාමික සංකල්පය රැක ගැන්මත් නිර්නාමිකයන් සතු වගකීමක්.
    Samakaya Wate නලින්

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම නලීන් කියන අදහසේ කිසිම ගැටළුවක් නෑ....නිර්නාමිකත්වය වඩා වැදගත් වන්නේ පණිවුඩය පසෙකලා පණිවුඩකරුවා දඩයම් කීරිමට උත්සහ කරන අවස්ථාවලදීයි.....කෙසේ නමුත් බ්ලොග් වලදී නම් නිර්නාමිකයන් නිර්දය විවේචකයන් මෙන්ම ලියන්නා තුල හික්මීමක් ඇතිකරවන සාධකයක්...

      සූස්ති ගුනේ සංවාදයකට ඒලඹුනේ 'ඇවිද්ද පය' පෝස්ට් එකකයි...මමත් ඒතැනට ගිහින් හොම්බ දමා ආවා

      Delete
    2. හැබෑද සෑර්? ඒ පැත්තට යන්ඩවත් බැරි වුනා.

      Delete
  9. ස්නෝඩන් හෙලිදරව්ව, ප්‍රිසම් ව්‍යාපෘතිය සහ නිර්ණාමිකයන්ගේ විස්වශනීය බව සම්බන්දව ප්‍රශ්න කිරීමට තුති. ඇමරිකානු බල ව්‍යාපෘතියේ ඓන්ද්‍රීය දැති රෝදයක් වන එන්. එස්. ඒ ක්‍රියාකාරීත්වය ප්‍රශ්න කිරීම ගැන වඩාත් තුති!
    ස්නෝඩන් නිර්ණාමිකව මේ හෙලිදරව්ව කලද මේ තොරතුරුවල විශ්වසනීයත්වයට හානියක් සිදු නොවේ. ස්නෝඩන්ගේ තනතුර ධූරාවලියේ ඉතාම පහල තැනකි.
    වඩාත්ම සිත්ගන්නා කාරණාව නම් හොලිවුඩ් විද්‍යාප්‍රබන්ධ නිර්මාණකරුවන් වත්මන් අලකලංචි ගැන ඉතා ඉදිරියෙන් සිටීමය. 1998 තිරගත වු Enemy of the state මේ සිදුවීමට සමාන ත්‍රාසජනක සිනමා සිත්තමක් මවයි.

    ReplyDelete
    Replies
    1. මාත් ඕක දෙපාරක් විතර බලලා තියෙන චිත්‍රපටියක්.......
      මේ චිත්‍රපටියේ කථා කරන්නේ පෞද්ගලික දත්ත හා මින්හව ට්‍රැක් කරන හැටිනේ...

      බො(ර්න්) අලිටිමෙට් ..චිත්‍රපටි වල කථා කරන්නේ ඇමෙරිකාව නිති විරෝධිව මිනිස්සු මරන හැටි....

      බලං ගියාම..චිත්‍රපටි කාරයෝ කරන්නේ....සතා එලියට එන්න කලින් සතාගේ හැඩහුරු කම කියලා දීලා මිනිස්සුන්ව ක්‍රමේට පුරුදු කරන එක.....

      Delete
    2. යම් කිසි ත්‍රස්තවාදී ක්‍රියාවක සිද්ධ වෙච්ච වෙලාවක, ඒක සිද්ධ වෙච්ච ආකාරය හොලිවුඩ් චිත්‍රපටියකට ඉතාම සමානයි කියලා මම කියෙව්වා. හැබැ‍යි, ඒ හේතුව පාවිච්චි කරලා චිත්‍රපට තහනම් නොකරන එක නම් ලොකු දෙයක්.

      Delete
  10. මමත් හිතන්නේ නිර්නාමිකත්වයට වඩා නාමිකව යමක් කීමෙන් එහි විශ්වාසනීයත්වයට ලොකු බලපෑමක් වෙනවා. මැසෙන්ජරයාගේ වත ගොත පොඩ්ඩක් සෙවීමත් නරකම නැහැ කියලා මම හිතන්නේ. නමුත් ඒ ඔහු කියන දෙයෙහි ඇති විශ්වාසනීයත්වය ප්‍රශ්න කිරීම සඳහා පමණක් විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිසර...මං හිතන්නේ තොරතුර හා කාරණය කියන එක සබ්ජෙක්ටිව් හා ඔබ්ජෙක්ටිව් කියලා වෙන් කරලා ගත්තොත් ඔබජෙක්ටිව් කාරනයක් පැහැදිලි කරද්දී පනිවුඩ කරුවා වැදගත් නොවෙන නමුත් සබ්ජෙක්ටිව්කාරනයක්දී පණිවුඩකරුවා මෙනම් ඔහුගේ අභිලශනය්ද වැදගත් කියන කාරනය මම පිලිගන්නා තත්වයක්...

      Delete
  11. අපොයි මමත් පහුගිය ටිකේම අත් වින්දා මෙසෙන්ජරයාට අල්ලා තලන එක නම්..කෙටිකතා, ස්වයංචරිතාපදාන, එදීනෙදා සිද්ධීන් ගැන ලියන බ්ලොග් එකක නිර්නාමිකත්වය රැක ගන්න නම් අමාරුයි. නමුත් යම් රාජ්‍යතාන්න්ත්‍රික සිද්ධියක් ලියන වා නම් එහි තිබෙන්නේ නිර්නාමිකත්වයක් නම්..විශ්වාසයේ අඩුවක් වෙනවා..

    ReplyDelete
    Replies
    1. වෙනී නම් ඉතින් අනෝනිමස්ලත් එක්ක එක්ස්පෙරිමන්ට් කරපු එක්කෙනෙක්නේ...මට මතකයි අමුතුම පෝස්ට් එකක් ලියලා ගේමක් දුන්නා :)

      Delete

2222