Friday 13 September 2013

විලියම් කුමාරයාගේ සත්ව ආදරය හෙවත් අන්තර්සංසර්ගයේ පැටවුන් ‍රැක ගැනීම. : Definition of species


විලියම් මල්ලි  කියලා මං ආදරේට කිව්වට මෙයා රාජ කුමාරයෙක්. ඉන්දියාවේ , මහත්මා ගාන්ධිලා , නේරුලා දඟලලා දඟලලා නිදහස නොගන්න , මෙයා තාමත් අපේ පුංචි අඹ ඇටේ ඔ‍ටුන්න හිමි කුමාරයා වෙන්නත් ඉඩ තිබ්බා.

අළුතෙන්ම එන ආරංචි විදියට විලියම් මල්ලි රස්සාවෙන් අයින් වෙලා...... ලස්සනම ලස්සන කෙලි පොඩිත්තෙකුට තාත්තා  කෙනෙක් උන අල්ල පනල්ලේ මේවගේ තීරණයක් ගත්තේ විලියම් මල්ලි රාජ කුමාරයෙක් හින්දම තමා. නැත්නම් අපි වගේ මාස් පඩි කාරයෙක් කීයටවත් නොකරන වැඩක් ඕක...

විලියම් මල්ලිගේ රස්සාව කවුරුත් නොදන්න එකක් නෙවෙයි. එයා එංගලන්තෙ රාජකීය ගුවන් හමුදාවේ පයිලට් කෙනෙක්.නිකං පයිලට් කෙනෙකුත් නෙවෙයි 'රෙස්කියු පයිලට්' කෙනෙක්...

විලියම් මල්ලි රස්සාවෙන් අයින් වෙලා කරන්න හදන්නේ වඳවෙලා යන 'සත්ව විශේෂ' (species) ‍රැකගන්න ගේමට බහින්නයි. මට නං හිතෙන්නේ ඒක හොද අගේ ඇති වැඩක් කියලා.

ඔය සත්ව විශේෂ ‍රැක ගන්න එක හොද වැඩක් උනාට, මම දන්න විදිහට 'සත්ව විශේෂ'  නැත්තං  species කියන එක අර්ථ දක්වන එක නම් මාර ගේමක්. කොටින්ම ඔය බයෝ කාරයෝ හැමතිස්සෙම ස්පීශිස්, ස්පීශීස් කියලා කිව්වට ,  ටක්කෙටම වෙන් කොරලා, පොදුවේ භාවිතා කරන්න පුලුවන් වචනයක් නෙවෙයි මේ 'ස්පීශීස්' කියලා කියන්නේ...

උදාහරනයක් විදිහට කට්ටියක් කියන විදිහට සත්ව විශේෂයක් කියන්නේ 'අන්තර් සංසර්ගයේ යෙදෙන,  පැටවු හදන' සත්ව කොටසකට. එහෙම බැලුවම මිනිස්සුයි, ගෑනුයි සංසර්ගයේ යෙදිලා ලමයින් හදන හින්දා, මිනිස්සු කියන්නේ එක සත්ව විශේෂයක්. බල්ලොයි බැල්ලියෝයි සංසර්ගයේ යෙදිලා බලු පැටවු හදන හින්දා බල්ලෝ කියන්නේ තව සත්ව විශේෂයක්..ඒත් මිනිස්සුයි බැල්ලියෝයි සංසර්ගයේ යෙදිලා වෙනම සත්ව කොටසක් හදන්නේ නැති නිසා මිනිස්සුයි , බල්ලොයි කියන්නේ එකිනෙකට වෙනස් සත්ව විශේෂ දෙකක්...බැලූ බැල්මට අර්ථ දැක්වීම හරි  වගේ...ඒත් කරුමෙටක වගේ අස්වයෝයි බූරුවොයිත් සංසර්ගයේ යෙදිලා හොද පැටවු හදනවා...ඔය ලංකාවෙත් මන්නාරම් , ඩෙල්ෆ්ට් වගේ දූපත් වල ඉන්න කොටළුවෝ කියන්නේ මේ වගේ අස්සයන්ගේ මිස් ෆයර් තමයි.( වැරදී නම් මා නිවැරදි කරන්න).

අපි නම් ඉතින් ඕලෙවෙල් කාලෙන් මෙහා බයෝ වචනයක්වත් අහලා නැති හින්දා මේවා ගැන එච්චර තේරූමකුත් නෑ...ඒක හින්දා අඩු ගානේ ඒලෙවල් වලටවත් බයෝ කරපු ඈයෝ ඉන්නවනම් දෙන්නකෝ මේ ගැන පොඩි අදහසක්...

හරි හමං උත්තරයක් ලැබුනෝත් හොද ඉංග්‍රීසී කාරයෙක් අල්ලලා ඒක ඉංග්‍රීසියට හරවලා විලියම් කුමාරයට ම  ලැබෙන්න සලස්සනවා ඕං...ආයේ එකේ දෙකක් නෑ...


 මූ තමයි ලෝකේ කැතම සතා කියලා මිනිස්සුන්ගේ චන්දෙන් පත් වෙලා තියෙන්නේ...මුගේ නම බ්ලොබ්‍ෆිශ්.....මුහුදේ ඉන්නේ...


පිංතූරේ ගත්තේ මෙතැනින්..

http://www.huffingtonpost.com/2013/09/12/blobfish-ugliest-animal_n_3916385.html

Wednesday 4 September 2013

බීච් එකේ ආප්පෙකට සෙට් වෙන ගමන් පොම්ප ගහමු...

ඉස්සර අපි දෙන්නා  ලව් කරන කාලේ මුහුදු අද්දර වෙරලවල් වල ඕනා තරම් කාලය ගෙවිලා ගිහිල්ලා තියෙනවා. ඒ කාලේ ඉදන් මගේ තිබ්බ  හීනයක් තමයි මුහුදු වෙරල අයිනේ ගෙයක් හදන එක. හැන්දෑවට ලමයින් එක්ක මුහුදු වෙරලේ සෙල්ලම් කරලා, සරුංගල් ඇරලා මහන්සි වෙලා ගෙදරට එන කොට මයිලේඩී (මයියගේ වයිෆ්) උණු උණුවෙන් හදලා දෙන ආප්ප කන එක එදා ඉදන් මට තිබ්බ හීනයක්. ගෙයි පිටිපස්සෙ වෙරලට මුහුනදාලා හදපු වැ‍රැනඩාවේ, කකුල් තියා ගන්න පුලුවන් විදිහට, ඇදි දික් කරන්න පුලුවන් වේවැල් හාන්සි පු‍ටුවේ ඉදන්, ඉර මුහුදෙ ගිලී යන එක බලං ඉන්න එක මාර ආතල් වැඩක්...




මුහුද අයිනේ ගෙයක් හදන්න මගේ තියෙන ආසාව හුදෙක් ආතල් ගැනීම පිණිසම නොවේ. මොකද කියනව නම් ඒකේ ආර්ථික වාසියකුත් තියෙනවා. මුහුදක් අයිනේ ගෙයක් හැදුවොත් නොමිලේ කරන්ට් එකයි, පිරිසිදු වතුරයි ගන්නත් ක්‍රම හා විධි තියෙනවා. ඒකට ඔනේ කරන්නේ අර මාදැල් එලන පොරවල් මාදැලේ එල්ලන බෝයාව වගේ කෑලියි, බයිසිකල් පොම්පයක් වගේ පොම්පෙකුයි, ඩයින්මෝ කෑල්ලකුයි, පරණ ෆැන් එකක් ෆෑන් පිති ටිකකුයි, ඊට අමතරව ඔය හොද බට ටිකකුයි,ඔය ලුණු වතුර පිරිසිදු කරන්න ගන්න කෙමිකල් ටිකකුයි විතරයි.

ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ ‍රැල්ල වැඩියෙන්ම ගහන තැනක් බලලා අර හදා ගත්ත බෝයාවල් සෙට් එක මුදුදේ රදවන එකයි. ඊට පස්සේ බෝයාවල් ටික බයිසිකල් පොම්පයක් වගේ එකකට සෙට් කරන්න ඕනා. මොතැනදි පොඩි මෙකැනිසම් එකක් දාන්න වෙන්වා. අපි බයිසිකල් පොම්පේ ගහන කොට එකෙන් හුලං යනවා වගේ,  මේ පොම්පෙදි බෝයවල් ටික ‍රැල්ලට හෙලවෙන කොට මුහුදෙන් වතුර ගොඩට පොම්ප කරන්න ඔනේ. මතක ඇතුව , මේ පොම්පෙට දාන 'වන් වේ වෑල්ව්' එක හරි පැත්ත බලලා හයි කරන්න ඕනා. නැත්නං මුහුදෙන් වතුර වෙනුවට වැල්ලෙන් වැලි මුහුදට ගහන්න ඉඩ තියෙනවා.




දැන් මුහුදෙන් පොම්ප කරන වතුර ටික බයිසිකල් ඩයිනමෝ එකක හයි කරපු ෆැන් පෙත්තට අල්ලන්න ඔනේ..ඒතකොට ඔන්න ඩයින්මෝව කැරකෙන්න ගන්නවා. දැන් වැඩේ ගොඩ. හොද ඉලෙක්ට්‍රිකල් බාස් කෙනෙක් අල්ලගෙන ඩයින්මෝවෙන් එන කරන්ට් එකෙන් ගෙදර එලිය කර ගන්න ඕනේ....

දැන් අර ඩයින්මෝව කරකවලා යන , ඉතිරි වතුර ටික තීයෙනවා නේද?. ඒකත් අපතේ යවන්න නරකයි. ඒකට දානවා කෙමිකල් (ඊට අමතරව පොලෝං දල දෙකයි, නරං බික් එකයි..පාට වෙන්න දානවා වැනිලා..). එතකොට එනවා පිරිසිදු වතුර..බොන්න පුලුවන්...මාරයි නේද?

මේ සීන් එකේ තේරෙන එකේ මද ගතියක් තියෙනවා නම ඔය පින්තූරේ තියෙනවා විස්තරේ....

වචන දාහක් ලියනවට වඩා එක පින්තූරෙකුත් සමහර වෙලාවට ඇති කියනවනේ ...නේද?

ලමයිනේ මෙන්න මේවගේ පරිසරයට හානියක් කොරන්නේ නැතුව, එහෙමත් නැත්තං පෝසීල ඉන්ධන දහනය කරන්නේ නැතුව උප්පාදනය කරන ශක්තියට තමයි ' ක්ලීන් එනෙ(ර්)ජි' කියලා සිංහලෙන් කියන්නේ...


පින්තූරයි, ටෙක්නිකල් විස්තරයි ඔක්කොම තියෙන්නේ මෙතැන....

http://www.treehugger.com

2222