Wednesday 4 September 2013

බීච් එකේ ආප්පෙකට සෙට් වෙන ගමන් පොම්ප ගහමු...

ඉස්සර අපි දෙන්නා  ලව් කරන කාලේ මුහුදු අද්දර වෙරලවල් වල ඕනා තරම් කාලය ගෙවිලා ගිහිල්ලා තියෙනවා. ඒ කාලේ ඉදන් මගේ තිබ්බ  හීනයක් තමයි මුහුදු වෙරල අයිනේ ගෙයක් හදන එක. හැන්දෑවට ලමයින් එක්ක මුහුදු වෙරලේ සෙල්ලම් කරලා, සරුංගල් ඇරලා මහන්සි වෙලා ගෙදරට එන කොට මයිලේඩී (මයියගේ වයිෆ්) උණු උණුවෙන් හදලා දෙන ආප්ප කන එක එදා ඉදන් මට තිබ්බ හීනයක්. ගෙයි පිටිපස්සෙ වෙරලට මුහුනදාලා හදපු වැ‍රැනඩාවේ, කකුල් තියා ගන්න පුලුවන් විදිහට, ඇදි දික් කරන්න පුලුවන් වේවැල් හාන්සි පු‍ටුවේ ඉදන්, ඉර මුහුදෙ ගිලී යන එක බලං ඉන්න එක මාර ආතල් වැඩක්...




මුහුද අයිනේ ගෙයක් හදන්න මගේ තියෙන ආසාව හුදෙක් ආතල් ගැනීම පිණිසම නොවේ. මොකද කියනව නම් ඒකේ ආර්ථික වාසියකුත් තියෙනවා. මුහුදක් අයිනේ ගෙයක් හැදුවොත් නොමිලේ කරන්ට් එකයි, පිරිසිදු වතුරයි ගන්නත් ක්‍රම හා විධි තියෙනවා. ඒකට ඔනේ කරන්නේ අර මාදැල් එලන පොරවල් මාදැලේ එල්ලන බෝයාව වගේ කෑලියි, බයිසිකල් පොම්පයක් වගේ පොම්පෙකුයි, ඩයින්මෝ කෑල්ලකුයි, පරණ ෆැන් එකක් ෆෑන් පිති ටිකකුයි, ඊට අමතරව ඔය හොද බට ටිකකුයි,ඔය ලුණු වතුර පිරිසිදු කරන්න ගන්න කෙමිකල් ටිකකුයි විතරයි.

ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ ‍රැල්ල වැඩියෙන්ම ගහන තැනක් බලලා අර හදා ගත්ත බෝයාවල් සෙට් එක මුදුදේ රදවන එකයි. ඊට පස්සේ බෝයාවල් ටික බයිසිකල් පොම්පයක් වගේ එකකට සෙට් කරන්න ඕනා. මොතැනදි පොඩි මෙකැනිසම් එකක් දාන්න වෙන්වා. අපි බයිසිකල් පොම්පේ ගහන කොට එකෙන් හුලං යනවා වගේ,  මේ පොම්පෙදි බෝයවල් ටික ‍රැල්ලට හෙලවෙන කොට මුහුදෙන් වතුර ගොඩට පොම්ප කරන්න ඔනේ. මතක ඇතුව , මේ පොම්පෙට දාන 'වන් වේ වෑල්ව්' එක හරි පැත්ත බලලා හයි කරන්න ඕනා. නැත්නං මුහුදෙන් වතුර වෙනුවට වැල්ලෙන් වැලි මුහුදට ගහන්න ඉඩ තියෙනවා.




දැන් මුහුදෙන් පොම්ප කරන වතුර ටික බයිසිකල් ඩයිනමෝ එකක හයි කරපු ෆැන් පෙත්තට අල්ලන්න ඔනේ..ඒතකොට ඔන්න ඩයින්මෝව කැරකෙන්න ගන්නවා. දැන් වැඩේ ගොඩ. හොද ඉලෙක්ට්‍රිකල් බාස් කෙනෙක් අල්ලගෙන ඩයින්මෝවෙන් එන කරන්ට් එකෙන් ගෙදර එලිය කර ගන්න ඕනේ....

දැන් අර ඩයින්මෝව කරකවලා යන , ඉතිරි වතුර ටික තීයෙනවා නේද?. ඒකත් අපතේ යවන්න නරකයි. ඒකට දානවා කෙමිකල් (ඊට අමතරව පොලෝං දල දෙකයි, නරං බික් එකයි..පාට වෙන්න දානවා වැනිලා..). එතකොට එනවා පිරිසිදු වතුර..බොන්න පුලුවන්...මාරයි නේද?

මේ සීන් එකේ තේරෙන එකේ මද ගතියක් තියෙනවා නම ඔය පින්තූරේ තියෙනවා විස්තරේ....

වචන දාහක් ලියනවට වඩා එක පින්තූරෙකුත් සමහර වෙලාවට ඇති කියනවනේ ...නේද?

ලමයිනේ මෙන්න මේවගේ පරිසරයට හානියක් කොරන්නේ නැතුව, එහෙමත් නැත්තං පෝසීල ඉන්ධන දහනය කරන්නේ නැතුව උප්පාදනය කරන ශක්තියට තමයි ' ක්ලීන් එනෙ(ර්)ජි' කියලා සිංහලෙන් කියන්නේ...


පින්තූරයි, ටෙක්නිකල් විස්තරයි ඔක්කොම තියෙන්නේ මෙතැන....

http://www.treehugger.com

22 comments:

  1. පිරිසිදු ශක්ති උත්පාදක ප්‍රභව කියල ඉංගිරිසියෙන් කියන්නෙත් ඒවට ද?

    මේක ලොකු කොස්ට් එකක් යන වැඩක් නේද මයියා

    ReplyDelete
    Replies
    1. මට ඔය ඉංග්‍රීසී ගැන එච්චර තේරුමක් නෑ ලමයෝ :)

      ලාභෙට තෙල් තියෙද්දි මේවට කවුරුත් අයෝජනය කරන්නේ, රීසර්ච් කරන්නේ නෑ...තෙල් ගනන් යන කොට තමයි මේවට මාර්කට් හැදෙන්නේ.....‍ෆ්‍රී මාර්කට් ඉකොනොමික්ස් මෙයා...

      Delete
  2. තියරිය නං හරියට හරි. උදම් කියන්නෙ කවදාවත් නැති නොවන ශක්ති ප්‍ර‍භවයක්. ඒත් මයියා ලෝකෙ මොන රටකවත් මේකෙන් වැඩක් ගන්නව කියල මයිය දන්නවද? මම නං එහෙම දෙයක් අහල නෑ.පුළුවන් නම් විස්තරයක් දෙන්න.

    ReplyDelete
    Replies
    1. ප්‍රංශයේ තියෙනවා මුහුදු රල වලින් විදුලිය ගන්න තැනක්..

      //The La Rance station in Brittany generates each year 240 MW of power since its construction in 1966//

      Delete
  3. මමත් හදන්න ඕනේ ගේ අයිනේ මුහුදක්... හෙන ලාබයිනේ ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ගේ හදන කොට මතක් කරලා මුහුදු වැලිම යොදා ගන්නැතකොට ඒකත් ලාභයි..:))

      මතක් කරලා වැලි ටික ගොඩ ගහල වැසි දෙක තුනකට හොදට හෝදලා ගන්න

      Delete
  4. අඩේ නියමයිනෙ....මයියටත් හිතෙන දේවල්....

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට හිතේ තියෙන හීන, කියවන දේවල් එක්ක ගැලපෙනවා..ඒත්කොට මේවා ලියැවෙනවා...:)

      Delete
  5. ඕක හදන්නයි නඩත්තු කරන්නයි යන වියදමයි, වෙලාවයි බැලුවම මට නම් හිතෙන්නෙ නෑ ඕක ආර්තික වශයෙන් ලාබදායකයි කියලා තනි ගෙදරකට.
    සමහරවිට ගෙවල් කීපයක් එකතු වෙලා කරොත් ලාබ වේවි.
    ගොඩක් දුරට ඔයිට වඩා හුලන් වලින් විදුලිය ගන්න කනුවක් හිටවන එක ලාබ වෙවි.
    පරිසරය ගැන විතරක් හිතනවානම් ඉතින් හොදයි.

    ReplyDelete
    Replies
    1. ඉකොනිමිකලි නොට් ෆීසීබල්....හැමෝම කියන්නේ එහෙම තමයි.....

      ඉස්සර කොම්පීටරයක් කියන්නේත් ගෙදරක සාලයක් වගේ ඉඩ ගන්න තැනක්..ඒත් දැන් එක අත්ලෙ උනත් තියා ගන්න පුලුවන්...

      වැදගත්ම දේ ..මේ සම්භන්ද පරීක්ශයණ් වලට රටවල් කොව්හ්ව්හර සල්ලි වියදම් කරනවද කියන එකයි...

      Delete
    2. ඉකොනොමිකලි ෆිසිබල් කියන එක කාලයත් එක්ක සාපෙක්ශ කතාවක් තාම. මයියා කියනවා වගෙ පර්‍රික්ශන වලට කොච්චර වියදම් කරනවද කියන එක මත තමයි අනාගතේ ෆීසිබිලිටි එක තියෙන්නෙ.
      මම කියුවෙ දැනට පවතින තත්වය අනුව. ඕකත් ඉකෙල්ට්‍රික් කාර් එකක් වගේ තමා දැනට. වියදම වැඩියි. තව අවුරුදු විස්සකින් ඔයිට වඩා ලාබවෙයි.
      එ වගේම තමා ඔය වගේ ප්‍රොජෙක්ට් එකකට ආන්ඩුවලින් වැඩිය සල්ලි ලැබේඩ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ගොඩක් අය ග්‍රීන් එනජි කියලා ඉන්වෙස්ට් කරන්නේ සොල පැනල් වලටයි හුලන් පෙති වලටයි.හේතුව සරලයි.. එ දෙකම ඔකට වඩා ගොඩක් සරලව ගන්න බහුතරයකට ඇක්සෙසිබල්.

      Delete
  6. මගෙත් තියෙනවා ඔය වගේ ප්ලෑන්.

    වතුරෙන් යට නොවෙන ගෙයක්. ඒ කියන්නේ ගං වතුරක් ආවත් වතුර උඩ පාවෙන පොඩි ගෙයක්. එතකොට ලුණු වතුර වාෂ්ප කරලා ලුණු වෙනමයි, පිරිසිදු ජලය වෙනම ගන්න විදියක් වගේ හෙන අලි ප්ලෑන් තියෙනවා. ඒත් ඉතිං කොහොමද ක්‍රියාත්මක කරන්නේ...?

    තව තියෙනවා කාන්දම් වලින් සදහටම කරකැවී කරකැවී විදුලිය නිපදවන පොඩි ජෙනියක්. වගේ ගොඩක්...

    ReplyDelete
    Replies
    1. එතකොට ලුණු වතුර වාෂ්ප කරලා ලුණු වෙනමයි, පිරිසිදු ජලය වෙනම ගන්න විදියක්

      = desalination

      ඒක දැනටමත් කෙරෙන වැඩක්.

      Just Google the word.

      Delete
    2. ඉස්සර තරුණයා පත්තරේ ගියා අයිඩියානන්දගෙ කතා කියල කොළමක්. ඒකෙ අයිඩියානන්ද ඔහොම පාවෙන ගෙයක් හදල ගංවතුරට ඒක පාවෙල ගිහින් අල්ලපු වත්තෙ රැඳෙනව වතුර බහිනකොට. පස්සෙ මිනිහ ඊළඟ ගං වතුර එනකල් අල්ලපු වත්තෙ එකාට බිං කුළී ගෙව ගෙව ගෙයි ඉන්නව.

      Delete
    3. හෙහ්..හෙහ්..මේක සිරා කතාව ඉන්දික.

      Delete
    4. ඒක නං නියම කතාව උපේ...

      Delete
    5. @ප්‍රසන්න

      කාම්බෝජියාව පැත්තේ ගම්මානයක් තියෙන්වා ගේවල් හදලා තියෙනේ ගඟ මැද්දේ කණු උඩ...ගං වතුර කියලා නෑ කොහොමත් පොරවල් ගඟේ තමයි ඉන්නේ...

      @ඉන්දික

      අයිඩියා නන්ද..ඒක නම් මරු නම

      Delete
  7. මටත් තියෙනවා ඔය වගේ ෆැන්ටසි...
    ඒත් ප්‍රායෝගික නෑනේ...

    ReplyDelete
    Replies
    1. ෆැන්ටසි කියලාම හිතන්න එපා...මේ වගේ දේවල් නම් කොහොමත් දැනටමත් ලෝකේ තියෙනවා....පොඩි කථාවක් කියන්නම්.. ඉස්සර අස්වකරත්ත විතරක් තිබ්බ කාලේ මයිකල් ෆැරඩේ මහත්තයා කමිබි කෑලි යන යන තැන සාක්කුවෙත් දාගෙන ගිහිල්ලා ඩයිනමෝව්ක්, විදුලිය නිශ්පාදනය ගැන පරීක්ශන කරන කාලේ මිනිස්සු ෆැරෙඩේ ට හිනා උනාලු මූ පීස්සෙක් කියලා......නමුත් ඉතිහාසය අපට කියන්නේ ෆැරඩේ මහත්තයා පිස්සෙක් කියලා නෙවෙයි නේද?

      Delete
  8. මයියෝ මට විද්‍යාව තේරෙන්නේ නැහැ. ආප්පේ මැද්දට බිත්තරයක් වැටුනානම් ටොප්ම තමයි නේද?

    ReplyDelete
    Replies
    1. අනිවා....ආප්පෙකට බිත්තරයක් වැ‍ටුනම කියලා වැඩක් නෑ....ස්තූතොයි අරුන

      Delete

2222