Wednesday 2 October 2013

ආඩම්බරකාර තාත්තාගේ කාබන් වස්තුව....

පරිසර ප්‍රශ්ණය කියලා ලෝකයේ ගොඩක් දෙනෙක් කථා කරන 'ගෝලීය උෂ්ණත්වය ඉහල යෑම' ගැන ශ්‍රී ලාංකිකයන් වන අපි එච්චර සංවේදී නෑ කියලා මම මීට කලින් මගේ බ්ලොග් එකේ ලියලා තියෙනවා.

එහෙම වෙන්න  හොද සාධාරණ හේතූ කීපයකුත් අපිට තියෙනවා. එයින් මූලිකම එක තමයි ගෝලීය උෂ්ණත්වය ඉහල යෑම හා  අපේ ජීවිත වලට එයින් සිදුවන බලපෑම ගැන අපේ නොදැනුවත් කම. අනෙත් කාරණය නම් ගෝලීය උෂ්ණත්වය ඉහල යෑම ගැන හිතනවට වඩා බඩට යමක් හොයා ගෑනීම, ඉන්න හිටින්න නිවසක් සාදා  ගැනීම, ලමයට ඉස්කෝලයක් හොයා ගැනීම ආදී ඇඟට දැනෙන ප්‍රශ්න අටෝරාවක් අපේ ඔළුවට උඩින් පරිභ්‍රමණය වෙමින් තිබීම කියලා මට හිතෙනවා.

කලිනුත් කියලා තියෙනවා වගේම 'ගෝලීය උෂ්ණත්වය' ඉහල යාමට මූලීකම හේතුවක් වෙන්නේ මිනිස්සුන්ගේ විවිධ ක්‍රියාකාරකම් එහෙමත් නැතිනං පොසීල ඉන්දන දහනය නිසා වායුගෝලයට එකතු වෙන කාබන් ඩයෝක්සයිඩ් කියන වායුවයි. කාබන්ඩයෝක්සයිඩ් වායූවෙන් ගෝලීය උෂ්ණත්වය ඉහල යෑම පැහදිලි කරන්නේ 'හරිතාගාර ආචරනය' කියන සංසිද්ධිය හරහායි. ඒත් මං කියන්න යන කාරණයට හරිතාගාර ආචරනය කියන්නේ මොකක්ද කියලා දැන ගන්න ඕනේ නෑ. වැදගත්ම කාරණය වෙන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහල යන්න කාබන් ඩයෝක්සයිඩ් වායුව  ප්‍රධාන හේතුවක් කියන එක වගේම එම වායුව වැඩි වීමට ප්‍රධාන හේතුවක් වන්නේ මිනිස්සු වැඩි වැඩියෙන් පෙට්‍රල්, ගල් අගුරු, ඩීසල් ආදී ඉන්දන දහනය කිරීම බව තේරූම් ගැනීමයි.



යුරෝපයේ කාර්මික පුනරුද කාලයේ  (1850) ඉදන්  වසර 2000 වන තෙක් මිනිස්සු කාබන්ඩයෝක්සයිඩ් ගිගාටොන් 1020 ක් වායූගෝලයට මුදා හැරලා තියෙනවා. මේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයෙන් බහුතරයක් යුරෝපය හා අමෙරිකාව ශ්‍රීඝ්‍ර කාර්මික දියූණුවක් අත්පත් කර ගැනීමේදී වායුගෝලයට පාලනයකින් තොරව නිදහස් කරන ලද්දක්.  මෙසේ නිකුත් කරන ලද අතිවිශාල කාබන් ඩයෝක්සයිඩ් වායු ප්‍රමානය, වර්තමාන පරිසර ප්‍රශ්ණයට නැතිනං ගෝලීය උෂ්ණත්වය ඉහල යෑමට ප්‍රධාන හේතුවක්.
මේ තියෙන්නේ පරිසර ප්‍රශ්ණය පිලිබද ඉන්ෆොග්‍රැ‍ෆික්ස් ( Infographics) විසින් කරන ලද අති විශිෂ්ඨ ග්‍රැ‍ෆික් එකක්...මේ ඩවුන් ලෝඩ් කරන හොදට ලොකු කරලා බැලුවා නම් ඉති න් හොදා...

පසුගිය සියවසේ  ශීග්‍ර ආර්ථික දියුණුව අත්පත් කරගත්තේ අමෙරිකාව හා යුරෝපය උනත් මේ දශකයේ ඒ ස්ථානය හිමි වෙලා තියෙන්නේ ආසියාවටයි. ඒත් ආසියාවට , කලින් යුරෝපය හා ඇමෙරිකාව කලා වගේ අත දිග හැරලා සංවර්ධනය වෙන්න බෑ. නිකුත් කරන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය හරහා ආසියාවේ අතපය බැදලා දාලයි තියෙන්නේ.

අපායට ගියත් ඉස්සෙල්ලා යන්න ඕනේ කියලා කතාවක් තියෙන්වා. ඉතින් කාට හරි කියන්න පුළුවන් අමෙරිකාව හා යුරෝපය එගොල්ලනගේ දක්ශතාවය හින්දා ඉස්සෙල්ලම ආර්ථික සංවර්ධනය  අත් කර ගත්ත හින්දා දැන් කරන්න දෙයක් නෑ කියලා...ඒත් ඇත්තම කාරනය නම් අපි වගේ දියුණු වෙමින් පවතින රටවල් වලට අයිති කාබන් කෝටාවත්, අපි  ඒ ගැන දැනගන්නත් කලින්,  අනෙක් දියුනු රටවල් දැනටමත් පාවිච්චි  කරලා ඉවරයි කියන කාරණයයි.

මේ ආසාධාරණය හා විශමතාවය දැනුත් වර්තමානයේත් අපි වගේ දියුණු වෙමින් පවතින් රටවලට තියෙනවා. දැනට එක අවුරුද්දකට ලෝකේ ඉන්න අපි සේරම එකතු වෙලා කාබන් ඩයෝක්සයිඩ් ගිගා ටොන් 31 ක් වායුගෝලයට නිදහස් කරනවා. ඒ ගිගා ටෝන් 31 න් වැඩි හරියක්, දල වශයෙන් 80% ක් , නිදහස් කරන්නේ  දැනටමත් දියුණු සංවර්ධිත රටවල්. මේ රටවල ඉන්න ජනගහනය, ලෝක ජනගහනයත් එක්ක බැලුවම ඉතා සුලු කොටසක්. ඒත් ඒ සුලු කොටස  ලෝක සමස්ත කාබන් විමෝශනයේන් 80% ට ආසන්න ප්‍රමානයකට වග කියනව. ලෝකයේ දියුණු වෙමින් පවතින් රටවල ඉන්න සෙසු බහුතරය, මුලින් කී ගිගා ටොන්31 න් 20% ක් විතරයි පාවිච්චි කරන්නේ.

දැන් ඉතින් අපි මතෘකාවට බහිමු..මම මුලින්ම කිව්වා ගෝලීය උශ්ණත්වය ඉහලා යෑම හා කාබන් විමෝඩ්චනය ගැන අපේ රටේ මිනිස්සු එච්චර සංවේදී නෑ කියලා...අපි කොච්චර ඒ ගැන සංවේදී නැති උනත්, අපිව බලා ගන්න ඉන්න අපේ ආඩම්බරකාර තාත්තා ඒ ගැන ගෝඩක් සංවේදීයි. අපේ ආඩම්බරකාර තාත්තා මේපාර යූ එන් (UN) එකට ගිහිල්ලා මේ කාබන් විමෝචනය ගැන මෙහෙම කියලා තියෙනවා..



// Centuries of growth in advanced economies have left little carbon space for the developing world, challenging their growth. The thin lines of balancing economic development and protection of the environment will remain a great challenge, in future development policy setting. It is therefore critical that developed countries honor their commitments and compensate damage to the environment, based on common but differentiated responsibilities.//


ආඩම්බරකාර තාත්තා මේ කථා කරන්නේ සංවර්ධනය කරා යන ගමනේදී ලංකාව වගේ දියුණු වෙමින් පවතින් රටවල් වල්ට කාබන් විමෝචනය  පැත්තෙන් වෙලා තියෙන අසාධාරණය ගැනයි..

කාබන් විමෝචනයේදී අපි වගේ දියුණු වෙමින් පවතින් රටවලට ඇති සීමා මායිම් ගැන අපේ රටේ නායකයා,  එක්සත් ජාතීන්ගේ  සමුළුවේදී කථා කිරීම ගැන  මට නං ඇත්තටම සතු‍ටුයි....






PS : 1.) ගෝලීය උෂ්ණත්වය  ඉහල යෑම ගැන මම මීට කලිනුත් කීප අවස්ථාවක කථා කරලා තිබුනත්,  නැවතත් ඒ ගැන කතා කරන්න හිතුනේ ගෝලීය උෂ්ණත්වය පිලිබද සොයා බලා වර්තාකරන ප්‍රධානම ආයතනය වන IPCC ( Intergovernmental Panel on Climate Change)  ක ඒගෝලන්ගේ  5වෙනි වාර්ථාව නොබෝදා නිකුත් කරන ලද නිසයි. IPCC කියන්නේ විද්‍යාඥයන් දහස් ගනනකින් සමන්විත, පරික්ශණ අතිවිශාල ප්‍රමානයක් විමසා බලා ගෝලීය උශ්ණත්වය පිලිබද නිවැරදි චිත්‍රයක් ඇදීමට අන්තර්ජාතිකව පත් කර ගන්නා ලද ආයතනයක්....

2.) මේ තියෙන්නේ පරිසර ප්‍රශ්ණය පිලිබදව මම කලින් ලියාපු ඒවා

බෝලේ වගේද ගෝලේ...රත් උනාම මොකද වෙන්නේ....





18 comments:

  1. එතැන ගිහින් කතා කළාට දුම් පරික්ෂාව සිදුවෙන ක්‍රියා පිලිවෙත සාධාරණ ආකාරයට වෙනවද කියල ලොක්කට හිතන්න වෙලාවක් නැතුව ඇති..

    පලි - ලිපිය මසුරන්.. ලොක්ක ගැන තරහට මයියට බැන්න නෙවෙ.. ලොක්ක වුනත් වැරදි වැහෙන්න ඕව හරි කියන්න එපැයි !

    ජය !

    ReplyDelete
    Replies
    1. ගෝලීය උශ්ණත්වය ඉහල යෑම හා කාබන් විමෝචනය කියන්නේ ලෝකයේ ගොඩක් දෙනා කථා කරන දෙයක් මෙන්ම ගොඩක් දේශපාලනික මතෘකාවක්......කාබන් විමෝචනයේ දී සංවර්ධනය වෙමින් පවතින් රටවලට තියෙන බාධාවන් කියනේ එම රටවල්ට එකතු වෙලා වැඩ කරන්න පුළුවන් හොද වේදීකවක්...ලොක්කට ඕනේ කොහොම හරි තමන්ට සපෝර්ට් කරන රටවල් ගාණ වැඩි කරගන්න එක....කාබන් විමෝචනය් කියනේ එකට හොද මාතෘකාවක්.....සෑම්ට හිතෙන් දේත් ඒ අනුව ගත්තම වැරදි නෑ.....

      Delete
    2. චමින්ද ප්‍රදීප් කියන පාහර බල්ලාව මේ බ්ලොග් එකට වැද්ද ගන්න එපා. ඌ අමන කුපාඩි සෙවලයෙක්. ඉස්සර ඌ මගේ මිනිහා. මං ඌව ඩිවෝස් කලා

      Delete
  2. මම අහලා තියෙනවා වැඩිපුර වායුගෝලයට කාබන් වැඩිපුර මුදා නොහරින අපේ රටවල් වගේ රටවල්වලට ගොඩක් කාබන් මුදාහරින රටවල් වල් වල එකතුවෙන් සාදාගත් සමුලුවක් විසින් ඒ වෙනුවෙන් යම් කිසි දිරි ගන්වීමක් දෙන විත්තිය.

    ReplyDelete
    Replies
    1. රතී හරි....කිය‍තෝ සමුළුව කියන්නේ රටරටවල කාබන් විමෝචනය සිමා කිරීම සදහා එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමේන් ඇති කර ගත් සම්මුතියක්..මේ සම්මුතියෙදී ලෝකයේ රටවල් දියුණු හා දියුණු වෙමින් පවතින් රටවල් කියලා වෙන කරලා දියුණු රටවල් සදහා කාබන් විමෝචනයට සීමා පවත්වලා තියෙන්වා...

      ඒත් කියෝ‍තෝ සම්මුතියට ලෝකයේ වැඩිම කාබන් විමෝචකයා වන ඇමෙරිකාව අත්සන් කර නෑ....ඒවගේම චීනය හා ඉන්දියාවට කාබන්විමෝචනයේ සීමා පනවා නෑ...මේ නිසාම කියෝ‍තෝ සම්මුතියේ අඩුපාඩු තියෙනවා...

      කියො‍තෝ සම්මුතියට එකගා වෙච්චි ටරවල් වලට විවිධ දිරි ගැන්වීම් තියෙන්වා... නමුත් මේවා 100% අවංකා චේතනාවෙන් කරනව කියලා කියන්නත් බෑ...උදාඅහරනයක් ලෙස සමහර වෙලවාට දියුණු වෙමින් පවතින් රටවල වැසි වනාන්තර සුරක්ශිත කරනවයි කියලා විවිධ ව්‍යාපෘති හරහා කරන්නේ ජාන මංකෝල්ලයක්...

      Delete
  3. මයියෝ IPCC විසින් නිකුත් කරන වාර්තා සහ නිර්දේශ මත් පිහිටා වැඩ නොකරණ රාජ්‍යයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට බලය ලත් ආයතනයක් තියෙනවාද?

    ReplyDelete
    Replies
    1. අරුණ, IPCC කියන්නේ දේශපාලිනික බලයක් තියෙන ආයතනයක් නෙවෙයි. එය සම්පූර්ණයෙන්ම විද්‍යාඥයන්ගෙන් සමන්විත තාක්ශනික කමි‍ටුවක් වැනි දෙයක්.ඔවුන් කරන්නේ පරිසර ප්‍රශ්නය පිලිබද ව විද්‍යාත්මකව සොයා බලා වාර්ථා කිරීම හා නිර්දේශ සැපයීම පමනයි..

      මෙහි නිර්දේශ දේශපාලනිකව ක්‍රියාත්මක වෙන්නේ එක්සත් ජාතින් හරහායි...පරිසර ප්‍රශ්ණය සදහා එක්සත් ජාතීන්ගේ උත්තරය කියොර්‍තෝ සම්මුතියයි....මෙය හුදෙක් රටවල් ස්ව කැමැත්තේන් එකඟ වන සම්මුතියක් පමනයි...මෙයට අත්සන් නොකලා හෝ මෙහී නිර්දේශ ක්‍රියාත්මක නොකලයි කියලා එක එල්ලේ දඩුවම් කරන ක්‍රියා මාර්ග යක් නෑ....

      Delete
  4. වැඩක් නෑ කියල අර කිව්ව වගේ අපායට ගියත් මුලින් යන්න ඕන කියන කියමන නියමෙට සැට් වෙනවා .
    මට කංපනාවට ආවෙ බං ඔය කාබන් කලින් හොදට පාවිච්චි කරල ආනිසන්සෙ දැනුනම උන් දියුනු වෙලා පොඩි උන්ට වාරණය දැම්ම වගේ අනාගතේ නව සොයාගැනීම් එක්ක මොන මොනා වාරනය වෙයිද කියල ඕන්
    එළ කිරි පෝස්ට් එක ජය !!

    ReplyDelete
  5. ඔව් තිලංග,
    ඒවගේ දේවල් තව කොච්චර තියෙනවද? දැන් හිරෝශිමා නාගසාකි වලට බෝම්බ දාල අහිංසක මිනිස්සු අමුඅමුවේම මරා දාපු අය ඒකම් ඇෆ්ගනිස්තානයේ ඉරාකේ, සිරියාවෙම කරලා අප්ට මානව හිමිකම් රකින්න කියලා උපදෙස් දෙන ඒවාත් ඒ වගේ වැඩක් තමයි....:)

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අපි ඔක්කොම කළු සුදු මිනිස්සුනේ....අල්ලලා දාන්න...හරි දේට පොඩි සප් එකක් දෙමු...වැ‍රැද්දට වැරදී කියමු.....

      Delete
  7. ලොක්කා ඕක ගැන කියන්ඩ කළිං පාඨලී ලොක්කා ඕක ගැන කියෙව්වා මට මතකයි.අඩුවෙන් කාබන් විමෝචනය කරන ඒත් වැඩිපුර කාබන් විමෝචනය කරන රටවල් නිසා ස්වභාවික විපත්වලට ලක් වෙන රටවලට වැඩිපුර කාබන් විමෝචනය කරන රටවල්වලින් දඩයක් අය කරගැනීමටයි ඒයා යෝජනා කළේ.

    කොහොම උනත් වැඩේ අගේ කරනවා.

    ReplyDelete
    Replies
    1. පාඨලී චම්පික රණවක මහත්තයා ලංකාවේ දේශපාලඥයන් අතරින් පරිසර ප්‍රශ්ණය හා කාබන් විමෝචනය ගැන හොදම හා වැඩිම අවබෝධක් ඇති අයෙක්....ඔහු වරෙක පරිසයර පිලිබද වියානා සමුළුවේ අන්තර්ජාතික සභාපතිවරයා ලෙස කටයුතු කලා..ඒහිදී ඔහු කාබන් විමෝචනයේදී දියුණු වෙමින් පවතින් රටවල් වලට වෙලා තියෙන අසාධාරණය ගැන මෙන්ම එයට පිලිතුරක් ලෙස කාබන් ටැක්ස් ක්‍රමයද යෝජනා කලා...

      Delete
  8. එහෙම එතන කතා කලාට වැඩේ යන්නේ කටින් බතල ක්‍රමයට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අටම්.....ගොඩක් කාර්‍යබහුල උන හින්දා උත්තර බදින්න පරක්කු උනා ..මේ තියෙන්නේ අටම් කථා කරන කටින් බතල කොල හිටිඅවන කතන්දරේ...

      vehicle emissions inspection certificate මිහිමඩල සුරැකීමක්ද , රට වැසියාට කෙලවීමක්ද

      Delete
  9. ''යෞවනයා'' බොග මෙන්න මේ ''w'' බොගද
    http://yawwnayaa.blogspot.com/

    නැත්නම් මෙන්න මේ ''v'' ''යෞවනයා'' බොගද
    http://yawvanaya.blogspot.com/

    ඔය දෙකම ලියන්නේ

    පුංචී කුමාරිහාමිද
    චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්නද
    ආචාර්‍ය සුජිත් නිශාන්ත හේවගේ

    මේ තුන්දෙනාම

    එක්කෙනෙක්ද
    දෙන්නෙක්ද
    තුන්දෙනෙක්ද

    ReplyDelete
  10. ඔය චමින්ද ප්‍රදීප් ද සිල්වා, පුංචි කුමාරිහාමි, කුරුටු ගෑ ගී ‍‍‍‍‍‍‍ෙපාත අාචාර්ය සුජිත් නිශාන්ත ‍ෙහ්ව‍ෙග් යන නම් වලින් ක‍ෙමන්ට් දාදා තමන්ට පහර ගසමින් ‍ෙපාරක් ‍ෙවන්න හදන්‍ෙන් එක් ‍ෙක‍ෙනාමය

    ReplyDelete
  11. උඹ අම්මට හුකා ගන්නද කැරි පොන්න වේසිගේ පුතෝ හදන්නේ කැරියා. තොට පුකේ ඇරලා මරනවා දැන ගනින් අවලම් වේසිගේ පුතා

    ReplyDelete

2222