Wednesday 13 November 2013

සුදු වර්ගවාදයට නානසාර කුප්පියක්



මීට කාලෙකට කලින් මං බ්ලොග් පෝස්ට් එකක් ලිව්වා 'සිංහල ලේ පාරිශුද්ධ ද?' කියලා....මාතෘකාවෙන් මොකක් කියැවුනත්, ඒ ලිපියෙන් මට කියන්න ඕනා උනේ සිංහලයා දෙමලා සමගත්, දෙමලා සිංහලයා සමගත්  හොදටම ලේ වලින් කලවං බව කියන්න...එහෙමත් නැත්තං ඒගොල්ලො ලේ නෑයෝ බව කියන්න...

මේ වගේ දේවල් කිව්වම සිංහලයා පැවත එන්නේ උතුරු ඉන්දියානූ ආර්‍ය ලේ වලින් කියලා හිතන් ඉන්න අයගෙන් වගේම දෙමලා පැවත එන්නේ දකුණු ඉන්දියාවේ  චෝල, පාන්ඩ්‍ය පරපුරවලින් කියල හිතන් ඉන්න යාපනේ වෙල්ලාල පොරවල් වලටත් ඒවා එච්චර දිරවා ගන්න බෑ....

මේ වගේ තම තමන්ගේ කුලේ,පරපුර ගැන ලොකුවට හිතං ඉන්න පොරවල් ඉන්නේ ලංකාව වගේ දූපත් මානසිකත්ව තියෙන රටවල් වල විතරක් නෙවෙයි.... ලිබරල් කියලා හිතං ඉන්න ඇමෙරිකාව, යුරෝපීය රටවල් වලත් ඉන්නවා... අන්ත දක්ශිණාංශික එහෙමත් නැත්නං සුදු වර්ගවාදය කර උඩ තියං ඉන්න මේ වගේ පොරවල් විවිධ  සංවිධාන හදා ගෙන කල්ලි ගැහෙනවා....අතීතයේ ඉදන්ම තාමත්..

ඔය වගේ සුදු වර්ගවාදී සංවිධානයක් ගැන මම මුලින්ම පොඩි කාලේ දැන ගත්තේ 'ෂර්ලොක් හොම්ස්' කතන්දරයක් කියවද්දී. ඒ කථාවේ තිබ්බ 'කූ කලක්ස් ක්ලෑන්' කියන්නේ සුදු වර්ගවාදී සංවිධානයක්.

මේ ඉන්නේ කු කලක්ස් ක්ලෑන් එකේ පොරවල්..


මේ ඔක්කොම කතන්දර මගේ ඔළුවට ආවේ මෙන්න මේ  වීඩියෝ එක දැක්කම....

ක්‍රෙග් කොබ් අවුරුදු 62 ක් මනුස්සයෙක්. වයසට ගියාට මොකද මෑන්ස් සුදු වර්ගවාදී අදහස් තියෙන පොරක්. මැන්ස්ට ඕනේ ඇමෙරිකාවේ උතුරු ඩැකෝටා නගරය සුදු වර්ගවාදී ටවුන් එකක් කර ගන්න....මෑන්ස් දවසක ටීවී ශෝ එකකට ලයිව් ගෙන්වනවා....මේ වැඩසටහනෙදී  ක්‍රෙග් මහත්තයගේ ඩීඑන් ඒ පරීක්ශණයක ප්‍රතිපලත් ඒ මහත්තයට සජීවීවම දැන ගන්න සලස්වනවා....


ක්‍රේග් මහත්තයා


DNA පරීක්ශනේ ප්‍රතිපල් ආවාම සුදු ස්වෝත්මවාදී අදහස් තියෙන් ක්‍රේග් මහත්තයගේ ඇගෙත් 12% කට වඩා තියෙන්නේ අප්‍රිකානූ කලු සමට නෑ කමක්....අසරණයා ඒක දැන ගන්නේ මිනිස්සු දාස් ගාණකගේ දෑස් ඉස්සරා....අනේ අපොයි ක්‍රෙග් මහත්තයෝ.....

ප:ලි.. ටීවී ශෝ එකකදී සජීවීව මේ වගේ අපහසුතාවය පත් උනාම ගොඩ දාගන්න විදිහ  ඥාණසාර කියලා හාමුදුරු කෙනෙක් ලංකාවේදි කියලා දෙනවා...ක්‍රෙග් මහත්තයට මේ  ගැන පොඩ්ඩක් කියල යවන්න ඕනේ...

35 comments:

  1. අපිට වැඩිය ඔය ධනවාදි සුද්දන් වර්ණවාදියි ජාතිවාදියි... බං

    ReplyDelete
    Replies
    1. ඒකට හේතුව BBC...

      Delete
    2. මෙහෙමයි.....හැමෝම එකම කුලකයකට දාන්න අමාරුයි......ඒත් සමහර කොටස් වලට වර්ගවාදය තියෙනවා...

      යුරෝපයේ රස්සා හිඟ වෙන කොට , ආර්ථික අමාරුකම දැනෙන් කොට ඒකට හේතූව අඩු පඩියට වැඩ කරන ආසියාවෙන් අප්ර්රිකාවෙන් ආපු පොරවල් කියලා හිතන කටීට්යකුත් ඉන්නවා...

      Delete
    3. කලු ඔබාමා සුදු අමෙරිකාවෙ ලොක්ක උනා.. අපිට පුළුවන්ද දෙමල මනුස්සයෙක් ලොක්ක කරන්න ?

      Delete
    4. සරත් ආතීතය ගත්තොත් අපි දෙමල නායක්කාර් බංශිකයන් යටතේ පාලනය වෙලා තියෙනවා....මෑත ඉතිහාසය් ගත්තොත් කදිරගාමර් මහත්තයා රටේ නායකත්වය ගොඩක්ම ලං උන දෙමල නායකයෙක්

      ඔබාම කලු උනාට එයා සුද්දට ඔනේ විදිහට තීරන ගන්නවා.....දෙමල උනාට සිංහල බහුතරයටත් අසාධාරනයක් නොකරන දෙමල නායකත්වයකටත් රටේ සම්පූර්නයෙන් ඉඩ ඇහිරෛලා නෑ කියලා මට හිතෙනවා....

      Delete
  2. මේකට ගැළපෙන ඊසොප්ගේ උපමා කතාවක් තියෙනවා. දවසක් කැලයක ඉන්නවලු සිංහයෙක්. මේ සිංහයා කිව්වලු අනිත්

    අනේ කම්මැලි බන්...

    ReplyDelete
    Replies
    1. අයියෝ...බාගෙට උස්සලා වහ ගත්තා නේද :)

      Delete
  3. "Sweetheart, you have a little black in you".. classic :)

    ReplyDelete
    Replies
    1. හෙ හෙ පැහැදිලිවම

      Delete
    2. මයියා කියවලා තියනවද තාගෝර් ගෙ "ගෝරා" නවකතාව, ඒකෙත් අවසාන සිදුවීම මේ වගේ...

      Delete
    3. නෑ තිසර මම ගෝරා කියවලා නෑ.....ඒත් දැන් ඒක කියවන්න ආසාවක් ආවා....ස්තූතියි

      Delete
  4. ඒ වගේද අපේ පොරවල්.. ක්‍රෙග් මහත්තයා කෙග් එකකට දාලා දවල් දානෙට බොයි...

    ReplyDelete
    Replies
    1. අපේ අය ඔපි කරන්න මිසක් අළුත් දෙයක් දෙන්න දක්ශ නෑ නේද

      Delete
  5. වැඩේ තියෙන්නෙ මයියා මේක ගොඩදාගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් නොවීම. නානසාරටත් එකයි ක්‍රේග්ටත් එකයි.

    ReplyDelete
    Replies
    1. ඔවා මොනාදා රාජ් ඇමතිවරු මීනීමරලාත් ඔය ලස්සනට ගොඩ දා ගන්නේ....

      Delete
  6. ඒ මනුස්සයා තාම වහ කාලා නැද්ද මයියා.. ලංකාවටත් පොඩි හරි සම්බන්ධයක් ඇති එහෙනං... වීඩියෝ එකක් එහෙම නැද්ද... හි හි

    ReplyDelete
    Replies
    1. ආහ්.. වීඩියෝ ලින්ක් එක මට මිස් උනා කියවද්දි...

      Delete
    2. විඩියෝ එකට නං හිනා කාලා මැරෙනව... හි හි....

      Delete
    3. මං නං කියන්නේ මෙන්න මෙහෙම තමයි කමෙන්ට් දාන්න ඔනේ....මගේ කමෙන්ට් කවුන්ට් එක නිකංම ඉහල යනවා :)

      හිරු එහෙනම් බයිට් බලන්නේ නැතුව වීඩීයෝ එක බැළුවා....

      Delete
  7. මයියො බලාගෙන මේ දවස් වල චෝගම් තියෙනව...කට කට...... හිකිස්

    ReplyDelete
    Replies
    1. චෝගම් වලට අපි සපෝට් මල්ලි

      Delete
  8. ක්‍රේග්ට බඩ ගියා වගේ දැනෙන්න ඇති... ලොල්!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඉන්ටර්වීව් එක කරන කළු කෙල්ල සීට් එකෙන් නැගිටල ගිහිල්ලා හෙලෝ බ්‍රෝ කියලා පහක් දානවා...පොරට කියා ගන්න දෙයක් නෑ....

      Delete
  9. සෑර්, සපීරෝ නෝනගේ වීරයා රැන්ඩ් පෝල් මහත්තයත් කිව්වලු කල්ලන්ට සම අයිතිවාසිකම් දුන්න එක හරි නැහැ කියල.

    ReplyDelete
    Replies
    1. හෙ හෙ...මේ සූස්තියා සූස්ති ඔතන්න ගන්න කොල වලත් තියෙන්නේ හෙන ගැඹුරු මාතෲකානේ :)

      Delete
    2. මයියා සූස්ති ගැහුවේ මෙහෙමයි....

      මලක අසිරිය: Power of Weeds

      Delete


  10. දූපත් මානසිකත්වය කියන එක හරි ඉන්ටරෙස්ටිං මාතෘකාවක් මයියා. මයියා ඒක යොදා ගෙන තියෙන හැටි නම් ප්‍රභංගට ටිකක් අවුල්. ප්‍රභංගගෙ නිරීක්ෂණයට අනුව නම් දූපත් මානසිකත්වය යනුවෙන් අපි හඳුනා ගන්න ප්‍රපංචය සහ ඒ හේතුවෙන් අපට ලැබුණා යැයි කියවෙන දුර්ගුණ අතර සම්බන්ධයක් නැහැ. ඉහත ප්‍රකාෂය බැලූ බැල්මට අවුල් වගේ නිසා මේක ටිකක් විස්තර කරන්න ප්‍රභංග කැමතියි.

    උදාරණයක් හැටියට අපි හිතාගෙන ඉන්නෙ දූපත් මානසිකත්වය නිසා අපි ටිකක් ලිබරල් ගතියෙන් අඩු වාර්ගිකත්වය වැඩි පිරිසක් බවට පත් වෙලා කියලනෙ. ප්‍රභංගගෙ නම් අදහස ඇත්තටම වෙලා තියෙන්නෙ ඕකෙ අනික් පැත්ත කියලයි. දූපත් මානසිකත්වය නිසා වෙලා තියෙන්නෙ අපි වෙන මොන ලෝකෙවත් නැති විදිහට පට්ට ලිබරල් වීම සහ වාර්ගිකත්වය සාපේෂව මායිම් නොකරන පිරිසක් බවට පත්වුණු එක (ඒක එහෙම වෙන්න හේතුවුණු වෙනත් කරුණුත් නැතුවට නෙමෙයි). ඒ විතරක් නෙමේ, ශ්‍රී ලංකාවෙ සමාජය තුළ හීනමානය වර්ධනය වී තිබීමටත් එක් හේතුවක් දූපත් මානසිකත්වය විය යුතුයි (අපෙන් වැඩිපුර ප්‍රකට වෙන්නෙ හීනමානය නිසා පෝෂණය වුණු ලක්ෂණ මිස පොරත්වය හේතුවෙන් පෝෂණය වුණු ලක්ෂණ නෙමේ). කොටින්ම ලෝකෙ වෙන කොහේවත් බැරෑරුම් ලෙස නොසළකන 'දූපත් මානසිකත්වය' කියන සංකල්පය අපි හෙණ සීරියස් විදිහට ගන්නෙත් අපේ තියෙන දූපත් මානසිකත්වය නිසයි. දූපතක හිර වී සිටීම නිසා අපි 'අවිඥානිකවම' හිතන්නෙ දූපතෙන් එපිට ලෝකය හෙණ සිරා කියලයි. අපිට සමාජයක් විදිහට මීට පෙර ඒ මායිමෙන් එපිටට යන්න පුළුවං කමක් ලැබුණ නම් සමහරවිට එතනින් එපිට ඉන්නෙත් අපි වගේම ලොස් වෙච්ච හිගන්නො ටිකක් කියන එක මීට පෙර තේරුම් ගන්න තිබුණ කියලයි ප්‍රභංගගෙ නම් අදහස.

    මේ මතයට පක්ෂව සහ විරුද්ධව ඉදිරිපත් කළ හැකි කරුණු බොහොමයක් ඇති බව ප්‍රභංග නොදන්නව නෙමේ. නමුත් මේක ප්‍රභංගගෙ නිරීක්ෂණයක් පමණයි. ඒ නිසා මේව වාද කරල හරි වැරදි සොයා ගන්න පුළුවං කියල ප්‍රභංගගෙ නම් ලොකු විශ්වාෂයක් නැහැ.

    -ප්‍රභංග

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රභංග දීර්ඝ අදහසට....

      මං ලිපියේ දූපත් මානසිකත්වය යනුවෙන් අදහස් කරලා තියෙන්නේ අපේ ඇතැමෙකට තියෙන ' අපේ දේ මාරයි...ඒව ලෝකේ කොහේවත් නෑ' ආදී මානසිකත්වය අදහස් කිරීමට...මෙහෙම කිව්වම මං අදහස් කරන්නේ නෑ අපේ දේ මාර නෑ කියලා...ඒත් මට කියන්න තියෙන්න මේ ලෝකේ ගොඩක් විශාලයි විවිධයි කියලා....පොඩ්ඩක් රටෙන් එලියට ගියාම ඒ දේ ප්‍රත්‍යක්ශයෙන් දැන ගන්න පුළුවන්...මේවට තර්ක කරන්න මාත් කැමති නෑ......

      අතීතයේදී අපේ රට භූගෝලියව දූපතක් වීම නිසාම ඇතැම් විට අපේ අදහස් වලට එවා බලපාලා තියෙනවා...උදාහරනයක් විදිහට බුද්ධාගම ලංකාවේදි එක ආකාරයකට වෙනස් නොවී පැවතීමටත් , මහද්වීපීක රටවලදී එවා චිචිධ වෙනස් කම් වලට භාජනය වීමටත් එක්තර හේතූවක් මේ අපේ දූපත් පැවැත්ම...ඒත් දැන් තොරතුරු තාකශනයේ දියිණුවත් එක්ක මේ වගේ හුදකලා වීම් වලට ඉඩ ඇහිරෙමින් යනවයි කියලත් මට හිතෙනවා....

      Delete
  11. ලේ වල කතන්දරයේදි බියොන්ඩ් ෆ්‍රේම්ට මයිය කියනව මෙහෙම

    “beyondframe5 July 2010 15:42:
    මේවා දැක්නාම මේධානන්දට කලන්තය සෑදී දාඩිය දමනු ඇත.“

    “මයියා5 July 2010 16:07
    @බෙයොන්ඩ්ෆ්‍රමෙ
    බියොන්ඩ්ෆ්‍රෙම් ගේ අදහස් දැක්වීමට තුති.
    පුද්ගලයකුට ගරු කටයුතු ලෙස ඇමතීම මයියා ඉතා අගය කොට සලකනවාය.“
    ඔබ කියනා කරුණ ගැන මයියා ට අවබෝධයක් නැත

    කාලයත් එක්ක මයිය වෙනස් වෙලාද? නැත්තං මාතෘකාවට ලක්වන පුද්ගලයන් දෙදෙනා පිලිබඳ මයියාගේ ඇති වෙනස් ආකල්පද?

    (නිකමට දැනගන්න ඇහුවෙ. අගේන්ස්ට් එකටවත් ඇමතීම වැරදියි කියන්නවත් නෙවේ :-)

    ReplyDelete
    Replies
    1. @ රාජ්
      //කාලයත් එක්ක මයිය වෙනස් වෙලාද? නැත්තං මාතෘකාවට ලක්වන පුද්ගලයන් දෙදෙනා පිලිබඳ මයියාගේ ඇති වෙනස් ආකල්පද?//
      මමනං හිතන්නෙ ඔය දෙකම නෙවෙයි. ඒ දවස්වල බියොන්ඩ්ෆ්රේම් ගැන මයියගේ ආකල්පය තමයි හේතුව. යම් විවාදාත්මක යමක් සම්බන්ධයෙන් යම් අදහසක් හිතවතකු දැමූ විට, එය අනුමත කිරීම හා එම අදහසම පොඩ්ඩක් විතර වෙනස් වචනවලින් දමන නොදන්නා කෙනෙකුට හෝ තම අදහස් සමග ප්රඅතිවිරුද්ධ බ්ලොග් කරුවෙකුට අප්රමසාදය පළකිරීම සාමාන්යවයෙන් සිංහල බ්ලොග් ලොකයේ සිරිතක්... මයියා ඉතින් සිරිත් විරිත් පිළිපදිනවා ඇති.

      Delete
    2. @ රාජ්

      තියුණු නිරීක්ෂණයට ස්තූතියි...

      කාලයත් එක්ක මයියා වෙනස් වෙලාද කියලා ඇහුවම මට නෑ කියන්න බෑ....ඒත් මේ පුද්ගලයන් ඇමතීම පිලිබද කාරනයේදි එහෙම වෙනසක් ඇතිවෙලා නෑ....

      පැහදිලිවම මට මාතෘකාවට ලක් වෙන පුද්ගලයන් දෙදෙනා පිලිබද ඇත්තේ වෙනස් ආකල්ප දෙකක්..ඒත් ඒ කවර අයෙක්ටවත් මට පහත් කර ආමන්ත්‍රනය කිරීමට අවශ්‍ය නෑ....ඔබ අදහස් කරන්නේ මා යොදා ඇති මාතෲකාව නම් මගේ අදහස මා එයින් කාටවත් පහත් කර අමතන අකාරයේ තාක්ශනික වරදක් කර නොමැති බවයි....

      @ ඇනෝ...

      වසර තුනකට වඩා වැඩි මගේ බ්ලොග් ජීවිතය තුල මට මිතුරන් හෝ සතුරන් ඇත්තේ නෑ....මා හුදෙක් සයිබර් චරිතයක් විතරයි...බියෝන්ඩ්ෆ්‍රෙම් ගැන මගේ අදහස් නියුට්‍රල්......අවාසනාවකට ඔහු ඒ බ්ලොගය දැන් කරන්නේ නෑ.....

      Delete
  12. මය්යා රවින්ද්‍රනාත් තාගෝර්ගෙ ගෝරා කියවලා තියෙනවද ? අන්න අපේ මිනිස්සුන්ට කියවන්න හොඳ පොතක්..

    ReplyDelete
    Replies
    1. තිසරගේ ප්‍රශ්ණයමයි...නෑ සරත් මම ගෝරා කියවලා නෑ.....ඒත් දැන් ඒක කියවන්න ආසාවක් ආවා....ස්තූතියි

      Delete
  13. මයියා......කෙටි පෝස්ට් එකක් උනත් ලොකු සබ්ජෙක්ට් එකක් කතාකරන්න හදන්නේ. මේ තත්වය හෙමින් හෙමින් ඔළුව උස්සනවා. නැගෙනහිර යුරෝපයේ නම් ඇස් පනාපිට පේන්න තියෙනවා පැරණි සෝවියට් කලාපයේ...එංගලන්තයේ British National Party එකත් එහෙම හෙමින් හෙමින් කාටවත් නොදැණ ක්‍රියාකාරී වෙනවා. පහුගිය ලේබර් ආණ්ඩු තියෙන කාලේ සංක්‍රමිකයන්ගේ ගැටළුත් එක්ක ඔවුන් සමහර කවුන්සිල්වල මැතිවරන ජයග්‍රහණ පවා ලැබුවා. ටෝරි පාලනයත් එක්ක ටිකක් නිහඬයි.

    ReplyDelete
    Replies
    1. ග්‍රීසීයේ ආර්ථිකය කඩං වැ‍ටුනා.....ඒංගලන්තයෙත් අධික ණය බර ඉදිරියේදි ප්‍රශ්ණ ඇති කරාවී...රස්සාවල් හිඟ වෙලා ඒවාට තරඟය වැඩි වෙන කොට ඒ කෝපය සංක්‍රමනිකයන් දෙසට එල්ල වෙන්න ඉඩ තියෙනවා....මේ වගේ අන්තවාදී පක්ශ උඩට එන්නේ මේවගේ ප්‍රශ්ණ වලදී....මං හිතන්නේ අරුණට මේ ගැන මට වඩා හොදට පැහැදිලි කරන්න පුළුවන්.......

      Delete

2222