Wednesday 18 December 2013

ස්වයංවින්දනයක් ගැන මයි කථාවක්...



වීනත්වයට, නව රටාවන්ට කැමැත්තෝ බොහෝය. එයිනුත් නවීනත්වය වැලද ගැනීමෙහි ලා සමර්ථ  වන්නෝ කොටසකි.විවිධ හේතු අරභයා නවීනත්වය සමග පෑහීමට නොහැකි වී, අතීතය සමග ජීවත් වන්නෝ, නූතනත්වය නැමැති වේදීකාවේ  තම සබකෝලය වසා ගන්නේ නවීනත්වය විවේචනයෙනි. නවීනත්වය අරඹයා වූ ඇතැම් විවේචනයන් ඉතා සාධාරණ හා තර්කානුකූල විය හැකි උවද ඇතැම් විවේචනයන් මට සිහි ගන්වන්නේ නරියා මිදි තිත්තයි කියු ළමා කතාන්දරය ය.

කෙසේ උවද නූතනත්වය යනු සෑමවිටම ධනාත්මකය  නොවෙන්නා සේම අතීතය , සම්ප්‍රදාය යනු මරා දැමිය යුතු සෘණාත්මකයක් නොවෙන බව ද නූතනවාදීන් වටහාගත යුතු ප්‍රපංචයකි.





ප:ලි

 1.) බේසික් ෆෝන් එකක සිට ස්මාර්ට් ෆෝන් එකක් දක්වා  අප්ග්‍රේඩින්  වීමේ සංක්‍රාන්තිසමය තුල , ජීවීතයේ තිස් විය ඉක්මවූවකුගේ  ස්වයං මනෝභාවය පිලිබද ස්වයංවිවරණයකි....ස්වයංවිවේචනයකි...ස්වයංවින්දනයකි.....

2) සර සර ගාන සද්දයක් වගේ ඇහුණා ...බලලා එන්නං....



27 comments:

  1. මෙය මයි කතාවක් හෝ නයි කතාවක් හෝ නොව මයිටාවා කතාවක් බව පෙනේ.

    ReplyDelete
    Replies
    1. හරි පොස්ට් එක පොඩි උනාට අදහස පැහැදිලියි නේද?

      නයා දැක්කේ නෑ?

      Delete
    2. ඕවත් නයි ද ළමයෝ?

      Delete
    3. කකාගේ ප්‍රශ්ණෙම නයෙක් :)

      Delete
  2. නිවැරදි අක්ෂර වින්‍යාසය ද හැමවිටම පිළිපැදීම අත්‍යාවශ්‍ය නොවුනද, හැම විටම නොසලකා හැරිය යුතුද නොවේ...

    සබකෝලය
    ළමා කතාන්දරය
    ධනාත්මකය
    සම්ප්‍රදාය

    මට නිකං එක 'ස්වයං' කෑල්ලක් වැඩියි වගේ.. :)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් වැරදි ටික ගොඩ දාන්නං

      ඒ වැඩියි වගේ තේරේන්නේ හැමතිස්සෙම ඒ ස්වයං කෑල්ල ට අපිට ස්ටීරියෝටයිප් එකක් තියෙන හින්දා....ඔන්න ඔහේ මමත් ඒ ස්ටීරියෝටයිප් එකෙන් වැඩක් ගත්තා...බඩගිනි වෙලාවට හිට්ස් ටිකක් තම්බලා කන්න (කතෘ; මාලන් )

      Delete
  3. හොදයි හොදයි මෙහෙම හිතෙනවනම්...

    ReplyDelete
    Replies
    1. කොල්ලෝ එහෙම වෙන්නේ ඉට්ටයිල් එකට...අපි එහෙම වෙන්නේ ලොස් නොවෙන්න.... :))

      Delete
  4. නවීනතාවයට හුරුවෙන්න යන්න සංක්‍රාන්ති සමය ඇත්තටම මහ භයානක කාලයක්.. පරණ එකටත් බනිනවා අළුත් එකටත් බනිනවා..

    ReplyDelete
    Replies
    1. අලුත් එකට පුරුදු වෙනකනුත් සමහර වෙලාවට ඒ වගේම කාලයක් තමයි?

      Delete
  5. "කෙසේ උවද නූතනත්වය යනු සෑමවිටම ධණාත්මකය නොවෙන්නා සේම අතීතය , සම්ප්‍රධාය යනු මරා දැමිය යුතු සෘණාත්මකයක් නොවෙන බව ද නූතනවාදීන් වටහාගත යුතු ප්‍රපංචයකි"

    මයිය හරි.
    මේකත් එක්තරා විදියක නයි කතාවක් තමයි.

    ReplyDelete
    Replies
    1. නයි කීප දෙනෙක් ඉන්නවා......අර උඩ තියෙන ෆෝන් එකේ නිල් පාටින් තියෙන 3 දැක්කද?

      Delete
    2. ඇත්තම නයා දැක්කේ රාජ් තමයි

      Delete
  6. Replies
    1. තැන්ක්යූ තැන්ක්යූ....මේ පැත්තට අළුත් වගේ නේද?

      Delete
  7. මයියගේ පෝස්ට් එක ගැන විරිද්ධත්වයක් නැහැ ... ඒත් මයියෝ ඔයාම හිතන්න ඔයාට ඇන්ඩ්‍රොයිඩ් වගේ හොඳ ෆෝන් එකක් අදටත් ගන්න බැරි වූවෙක් නම් ඔබට කෙසේ සිතේද .......?

    " ලෝකය දිනෙන් දින නව ලොව කරා.. මා එතනමයි..ශිකේ "

    ReplyDelete
    Replies
    1. එහෙම හිතෙනවනම් මේ පෝස්ට් එකේ අරමුණ සාර්ථක වෙනවා සහන්....

      සොෆ්ට්වෙයාර් හරි කෑලි බෑලි හරි අළුත් වර්ශන් එකට අප්ග්‍රේඩින් නොවී පරන පුරුදු එකට ඇබ්බැහි වෙලා ඉන්න අය ඕන තරම් ඉන්නාවා...පුලුවන් කම තියෙද්දිත්...ඒ අයට ඒ අයගේ කම්ෆර්ට් සෝන් එකෙන් එලියට එන්න හිතෙනව නම් මේ පොස්ට් එකේ අරමුන ඉශ්ඨ වෙනවා....

      Delete
  8. යෙක ශරි මාතියා

    ReplyDelete
    Replies
    1. ඕකේ දොරේ...නයි ටික ඔක්කෝම දැක්ක නේද තම්බි......

      Delete
  9. ඇමරිකාවෙදි මොබයිල් පෝන් එක කියන්නෙ ඒ දාං ඉන්න හැම ඇප් එකෙන්ම මරෝගෙන වැඩ ගන්න පුලුවන් වැදගත් යමක් වුනාට මෙහෙදි ඒක ධනය ඇති පිරිස විශේෂ සැලකිලි ලබන්න භාවිත කරන ආභරණයක් මට්ටමට වැටිලා.
    ලංකාවෙ ටෙලිකොම් සමාගමක සබාපති තුමාටහෙන පොස් ස්මාට් පෝන් එකක් තිබිලා. එතුමාගේ ගෙදරම වෙනමම වයිෆයි සෝන් එකක් තිබිලා. ඉතිං ඒක අවුට් වෙලා මාස හතරකට පස්සෙ ඒ මොබයිල් කොම්පැනිය අහම්බෙන් හොයාගෙන ගිහින් රෙපෑර් කරන්න. එතකොට තමයි පොර දන්නෙ සෝන් එක අවුට් කියල.
    මේක ඇත්තම කතාවක්.

    ReplyDelete
    Replies
    1. කථාව නම් සහතික ඇත්ත...අපේ කට්ටිය අළුත් ටෙක්නොලොජි එක විතර්ක් නෙවෙයි ඉංග්‍රීසී භාෂාව පවා පාවිච්චි කරන්නේ ආභරණයක් ඉදිහට මිසක් උපකරණයක් විහිහට නෙවෙයි...ඒක අපේ මිනිස්සු අතර තියෙන නරක පුරුද්දක්....

      ලංකාවේ ගොඩක් ලොක්කන්ට වෙන්නේ..,.අළුත් බඩු අයි ෆෝන් අයි පෑඩ් මේ ගොල්ලන්ට කමපැණි එකෙන් ....එක්කෝ වෙන කාගෙන හරි නිකං හම්බ වෙලා ඒක බොරුවට සෝභනේට තියං ඉන්න එකයි....ඒත් ස්වල්ප දෙනෙක් ඉන්නවා මේක කොහෝම හරි ඉගෙන ගන්න ඕනේ කියලා උනන්දුවෙන් ඉගෙන ගන්න අය....ඒත් බහුතරය අමිල කියපු ජාතියේ අය තමයි.....

      Delete
  10. I don't agree with you. If what you have is suffice for your requirement and happy about it. It is a waste to upgrade. eg. if you have Iphone 4 and happy with it no point of upgrade it to Iphone 5 or 5S. It is same for the software as well.

    ReplyDelete
    Replies
    1. තම තමන්ගේ සීමාවන් තම තමන්ම තීරණය කල හැක. එහෙත් එය තමන්ගේ සුවපහසු සීමාව ඉක්මවා ගවේශණ භූමියට පිවිසීමට හෙතුවක් කර නොගැනීමත් වැදගත්‍ය.

      මෙය මා ෆෝන් එකේ ඉදන්ම කොටපු පලමු සිංහල කමෙන්ටුවයි.

      Delete
  11. මම මේ පෝස්ට් එක කියවනකොට හිතුවෙත් දේශක කියන දේමයි.

    ReplyDelete
    Replies
    1. හෙ හෙ එහෙනම් දේශකට දීපු උත්තරයමයි දෙන්න වෙන්නේ
      .,:)

      Delete
  12. තාක්ෂණයට බනින්නෝ බනිති. වැළදගත්තෝ යෙහෙතින් වැජබෙති. ලෝකය තනි යායාක් බවට පත් කරගනිති. නැත්තෝ විවේචනයෙන් තම සංතුෂ්ටිය සොයා ස්වයංවින්දනයක් ලබති.
    එතකොට අයි පෝන් එකද නයි පැටියා...
    ඕකා නයි පැටියෙක් නොවේ දෙයියෙක් මයියා..

    ReplyDelete
    Replies
    1. තාක්ෂණය ගොඩ දා ගත්ත අය ඒකට විරුද්ධ වෙන්න හේතුවක් නෑ. නයි පැටියා මයි පැටියෙක්

      Delete

2222