Tuesday, 2 July 2013

බුද්ධාගම කෝකටත් තෛලයද? : Can Buddhism Save the Planet from Climate Change?



බුද්ධාගමයි, පරිසරය ප්‍රශ්ණයි කිව්වම, කෙනෙකුට ගල්තාරයි, රෝසමලයි වගේ වගේ හැගීමක් ආවොත් මම ඒකට පුදුම වෙන්නේ නෑ...

බැලූ බැල්මට ඒක ඒ වගේ උනාට ඒක එහෙමම නෑ......

ලංකාවේ ඉන්න අපට පරිසර ප්‍රශ්ණ කිව්වම ඔළුවට එන්නේ දේසපාලුවෝ ගස් කපන එකයි, නගර සභාවේ කුණු ට්‍රැක්ටරයයි උනාට , පරිසර ප්‍රශ්ණය කියලා මුළු ලෝකයම කථා කරන්නේ ඊට වඩා ගොඩක් පුළුල්, සංකිර්ණ ප්‍රශ්ණ ගොඩක්...

ඇත්තෙන්ම පරිසර ප්‍රශ්ණය ලෙස  අර්ථ කථනය කරන්නේ හුදෙක් ස්භාවිකව ඇතිවන නියඟ හෝ ගංවතුර වැනි තත්වයන් නොවෙයි... අන්තර්ජාතිකව පරිසර ප්‍රශ්ණය ලෙස  සලකනු ලබන්නේ මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා ඇතිවන,  විශේෂයෙන් පෝසීල ඉන්ධන දහනය හා කාබන් විමෝචනය නිසා ඇතිවන, ගෝලීය උෂ්ණත්වය ඉහල යෑම හා ඒ හා බැදුනු අනිත් ප්‍රශ්ණයි. ඒ හා බැදුනු අනිත් ප්‍රශ්ණ ලෙස පොදුවේ පිලි ගැනෙන්නේ මා මීට පෙර විස්තර කරන ලද කාන්තාරකරනය,ඕසෝන් වියනේ සිදුරු ඇතිවීම, වර්ෂාවනාන්තර නැති වී යෑම, මුහුදු මට්ටම් ඉහල යෑම, නියඟ හා දුර්භික්ශ ඇතී වීම, 'ඇති අය' හා 'නැති අය' අතර පරතරය වැඩීමීම යන පරිසර හා සමාජීය ප්‍රශ්ණයි.

එම නිසා මිනිසාගේ ක්‍රියාකාරකම් පොදුවේ ලෝකයට තර්ජනයක් ඇති නොවෙන පරිදි පාලනය කිරීමට විශේශයෙන් පරිසර ප්‍රශ්ණ  කලමණාකරණය සදහා, ඒ සදහා නීතී රීතී මෙන්ම , මිනිසා තුලින් බෝක්කෙන්ම එන කැපවීමක් ද අවශ්‍යයි...

මේ බොක්කෙන්ම එන කැපවීම පිලිබද කථාවේදී , මම මීට පෙර සදහන් කල ලෝකයේ  20% ක් වූ ඉතා ධනවත් හා බලවත් අයගේ කැපවීම අත්‍යවශ්‍ය සාධකයක්...මන්ද 80% ක් වූ කාබන් විමෝචනයේ පාලනය ඇත්තේ ඔවුන් අත නිසා.....

මෙම 20 % වූ සුලුතරයේ.... 80% ක් වූ කාබන් විමෝචනය පාලනය කිරීම සාමාන්‍ය ලෝකයේ පවතින' ඉල්ලුම හා සැපයුම' න්‍යාය හෝ ලිබරල් වාදී නොවන දරදඩු 'නීතී' මගින් පාලනය ඉතා අපහසු කාරණයක්...

80 - 20 විසමතාවය

සාමානයෙන් 'ඉල්ලුම හා සැපයුම්'  න්‍යායෙන් සිද්ධ වෙන තෙල් බැරලයේ මිල ඉහල යාම, මෙම 20% පොසීල ඉන්දන භාවිතය අඩූ කිරීමට බලපාන්නේ ඉතා සුලු වශයෙන්....මන්ද මොවුන් සතුව අධික ධනයක් (හා බලයක්)  ඇති නිසා...උදාහරනයක් විදිහට කියනව නම් ලංකාවේ උනත් ඉන්න සුපිරිම පැලැන්තියට පෙට්‍රල් 200 තියා 300ට නැග්ගත් ඔවුන්ගේ ජීවන රටාව වෙනස් කිරීමට එය හේතූ නොවන්නේ එය ඔවුන්ගේ ආර්ථිකයට කිසිසේත් නොදැනෙන නිසා....

අනිත් අතින් දර දඬු නීතී මගින් පුද්ගලයාගේ ක්‍රියාකාරකම් සීමා කිරීම මෙම සංවර්ධිත ලිබරල්වාදී සාමාජයන් උඩු යටි කුරු කිරීමක්....එවන් දේකට යෑම එක අතකින් එම සමාජයන් ගොඩා නංවා ඇති පුද්ගල නිදහස් පිලිබද සංකල්ප නැවත ආපසු හැරවීමක්...

මේ වෙලාවේ තමයි මම මීට පෙර සදහන් කල  'පරිසර ප්‍රශ්ණයට' ..එහෙමත් නැත්තං බොක්කෙන් එන කැපවීම කියන කාරණයට....බෞද්ධ දර්ශණය නිශ්චිත පිලිතුරක් කථාව මට කියන්න වෙන්නේ...මෙතැනදි මම කියලා තියෙන්නේ 'බෞද්ධ දර්ශනය' මිසක් 'බෞද්ධාගම' නොවන බව උගත් මහත්තුරුන්ට මතක් කරන්න කැමතියි...ඒ මොකද කියලා කියනව නම්, බෞද්ධ දර්ශනය තුල ඇදහීමක් මෙන්ම, බලාහත්කාරකමක් ද ඇතුලත් නොවන නිසා...විශේෂයෙන් එයට අවශ්‍ය වන්නේ බලහාත්කාරකම වෙනුවට සංවාදය මෙන්ම, ඇදහීමට, කන්නලව්ව වඩා අවබෝධය යන කාරණා නිසා නිදහස් මිනිසෙකුට එය  පැහැදිලි කරලා දෙන්න ලේසීයි.

නූතන කාබන් විමෝචනයෙ ප්‍රධානම ප්‍රශ්ණයක් වෙන්නේ මිනිසාගේ අධික පරිභෝජනය යි....ලංකාවේ නම්  වේලක් බඩ ගින්නේ ඉන්න, අවුරුද්දක් එකම ඇදුම අදින, මාසේ පඩිය සතියෙන් ඉවර වෙන,  බහුතරයකට මේ අධික පරිභෝජනය කියන දේ විහිලුවක් වගේ පේන්න පුලුවන් උනත්, සංවර්ධිත රටක 'බහුතරය වූ අයගේ' ජීවන ක්‍රමය ගැන යන්තං අවබෝධයක් තියෙන අයෙක් නම් මම මේ කියන පරිභෝජනවාදය මොකක්ද කියලා අදුනනවා..

මම මේ කියන පරිභෝජනවාදය සීමා කිරීමට ..කොටින්ම ඇති කරන්න ඕනා සිතන පතන විදිහේ වෙනසකුයි...

බුද්ධ දර්ශනයේ එන 'අතහැරීම' කියන සංකල්පය මේ පරිභෝජනවාදයට විසදුමක් මෙන්ම ශක්තිමත් දාර්ශනික් උත්තරයක් කියලා මට හිතෙන්නේ මේ කාරණය නිසයි.

'අතහැරීම ' ගැන කියන කොට මතක් වෙන අනිත් කාරණය තමයි 'උපාදාන' කියන සංකල්පය..
බෞද්ධ දර්ශනයේ උපාදාන කියන්නේ විවිධාකර වූ අල්ලා ගැනිම්, ඇලීම් කීපයකට...

මින් පලමු උපාදානය....ඇස කණ නාසය දිව හම ආදී වූ අපේ පංචෛන්ද්‍රියන් සතු‍ටු කිරීමේ ආශාවට ඇති කැමැත්ත....  අධික පරිභෝජනය කියන්නේ මේ උපාදානයේ ප්‍රතිපලයක්...පැහැදිලිවම මෙම උපාදානයෙන් හා ඒය සීමා කිරීමට බුද්ධ දර්ශනය යෝජනා කරන ක්‍රියා මාර්ග මගින් අධික පරිබෝජනය කියන එක ගැන මිනිහෙක්ව දෙපාරක් හිතන්න පොලඹ්වනවයි කියලා මට හිතෙනවා..

දෙවන උපාදානය වෙන්නේ 'දිට්ඨි උපාදානය' මේක නම් විවිධා කාර වූ සංකල්ප, තියරි ආදීයට අපි දක්වන කැමැත්ත...උදාහරණයක් ලෙස මගේ බුද්ධ දර්ශණයට ඇති ආශාවත් උපාදානයක් කියලයි මට හිතෙන්නේ..අර  පාරුව කරේ තියා ගෙන යන්නැතුව ග‍ඟෙන් එගොඩ වීමට පමනක් පාරුව පාවිච්චි කරන්න කියලා කියන්නේ ඔය උපාදානෙත් නැති කර ගන්න තමා...කෙසේ උනත් මේ දිට්ඨි උපාදානය අත ඇරීම නම් වර්ථමාන ලෝකයේ බොහෝ ගැ‍ටුම් නිරාකරණය කරන්න උදව්වක් කියලයි මට හිතෙන්නේ...මොනා උනත් මේවා ගැන කියලා දෙන්න අයම මථවාද හින්දා සිවුරු කරට අරං කෙල ගන්න යෑමේ වැ‍රැද්ද මං නොපිලිගන්නා හැසීරීමක්...මථවාද වෙනුවෙන් පෙනීසිටීම වෙනුවට ප්‍රචණ්ඩත්වය ව්‍යාප්තිය දිට්ඨි උපාදානයේ පහත්ම  තත්වයක්.



තුන්වෙනි උපාදානය වෙන්නේ ''සීලබ්බත උපාදානය'...මේ කියන්නේ අපේ විවිධාකාර පුරුදු වලට, ශීලයන්ට තියෙන කැමැත්ත...උදාහරනක් විදිහට  ආතල් එකටත් වඩා පුරුද්දට අපි කරන සමහර වැඩ ගැන මෙතැනදී කථා කරනවා...

හතර වෙනි උපාදානය නම් ' ආත්මය' ගැන අපි තුල තියෙන උපාදානයි...මේක නම් එච්චර සරල නැති නිසා මම මෙතැන කථා කරන්නේ නැති උනත් වර්තමානයේ වාස්තවික යතාර්තය, නිරීක්ශකයා හා  නිරීක්ශනයණය අතර සම්භ්න්ධතාවය  ආදිය ගැන බුද්දදර්ශනයේ කියැවීම මේකෙන් ඉගෙන ගන්න පුලුවන්...ඒ උනත් මටත් තේරෙන විදිහට බුදුහාමුදුරුවන්ගෙන් පස්සෙ නාගර්ජුන හාමුදුරුවන් මේ ඉගැන්වීම වෙනත් මානයකට ගෙනිහිල්ලා කියලත් මට  හිතෙනවා....

කෙසේ උනත් මං උත්සහ කරන්නේ වර්ථමාන ලොකෙයේ පරිසර ප්‍රශ්ණ මෙන්ම විවිධ දෘෂ්ඨිවාද වෙනුවෙන් කෙරෙන ලේ හැලීම් වලටත් බුද්ධ දර්ශනයේ එන උපාදාන පිලිබද අධ්‍යනයත් එවා අත හැරීම පිලිබද ක්‍රම වේදත් නිසි උත්තරයක් කියන එක පෙන්වලා දෙන්නයි... ඒ සදහා මම සාකච්චාවට සංවාදයට කැමති නමුත්, ප්‍රචන්ඩත්වය, අධික තණ්හාව ක්‍රේනද්‍රකරගත් ක්‍රියාමාර්ග වලට කැමති නැති බවත් කියන්න ඕනා...

ඉතින් කවුරු හරි කියනවනම් අවුරුදු 2500 ට කලින් ජීවත් වෙච්ච ගෞතමයන් උත්තර දීලා තියෙන්නේ ඒ කාලේ ප්‍රශ්න කීපයකට කියලා ඒකට මට එකඟ වෙන්න බැරි මේ නිසයි...

කොටින්ම බාහීර ලෝකය කොච්චර දියුණු උනත් මිනිස්සුන්ගේ තිබ්බ ආශාවන්, අධික පරිබෝජනය පිලිබද තිබ්බ කැමැත්තවල්, කෝලාහාල වලට තියෙන නැඹුරුතාවයන් අදත් ඒ විදිහටම තියෙනවා....ක්‍රමේ වෙනස් උනත්, තාලේ වෙනස් උනත් මිනිස්සුන්ගේ හිතන පතන විදි වෙනස් වෙලා තියෙන්නේ බොහොම සුලුවෙන්..ගෞතම බුදුන් ආමන්ත්‍රණය කරන්නේ මේ හිතන පතන  ක්‍රමයටයි...ඒකයි ඒතුමාගේ උත්තර අදටත් වලංගු නිවැරදි උත්තර කියලා මට හිතෙන්නේ......


ප: ලි

අධික පරිභෝජනයේ අවසාන තාර්කික පිලිතුර කුණු කන්දක්ද?

http://www.huffingtonpost.com/2014/03/27/everything-wrong-with-humanity-animation_n_5037496.html?utm_hp_ref=mostpopular