අන්තර්ජාතික ජල කලමණාකරණ ආයතනය (International Water Management Institute) කියන්නේ එන්.ජී.ඕ (NGO) සංවිධානයක්. ඉන්දියාව, පකිස්ථානය, අප්‍රිකාව වගේ ලෝකයේම පැතිරුණු සංවිධානයක් උනත් මේකේ මූලස්ථානය තියෙන්නේ ලංකාවේ..
මම දැක්ක නිවුස් එක තමයි , මේ අන්තර්ජාතික ජල කලමණාකරණ ආයතනය, සුපිරි අධිතාක්ශණික දත්ත හා තොරතුරු කලමණාකරණ පද්ධතියක් නිර්මාණය කර ඒක අපේ මහින්ද රජතුමා ලවා විවෘත කර ගැනීම. අපේ රජතුමත් ඔය වගේ වැඩ වලට එක පයින් නිසා , වැඩේ නම් ඉහලින්ම කෙරිලා තියෙන පාටක් පේන්න තියෙනවා.
ඉස්සර අධිරාජ්‍ය යුගයේදි , දියුණු බලවත් ජාතීන් තමන්ගේ දැනුම හා ශක්තිය පාවිච්චි කරලා කෙලින්ම රටවල් යටත් කර ගත්තා. ඒවායේ ස්භාවික සම්පත් තමන්ට ඕනේ විදිහට පාවිච්චි කරන්න ගත්තා. ඒත් ඒ සදහා එම යටත්විජිත රටවලට ලොකු කලමණාකරණ යාන්ත්‍රණයක් මෙහෙයවීමට සිදු උනා.ඒක වියදම් අධික අසීරූ ක්‍රමයක්.
දෙවෙනි ලෝක යුද්දෙන් පස්සේ මේ ක්රමයේ තිබ්බ අඩුපාඩු මේ අධිරාජ්‍යවාදීන් තේරූම් ගත්තා. ඒ නිසා ඒගොල්ලෝ එකට වෙනත් විකල්ප ක්‍රමයක් ගැන හිතුවා. නව යටත් විජිත යුගය බිහි වෙන්නේ ඒ විදිහටයි.
මේ අලුත් ක්‍රමේදි, දියුණු රටවල් කෙලින්ම භූමීය අල්ලගන්නේ නෑ.හැබැයි මේ ක්‍රමයෙදීත්, අර යටත් විජිත රටවල තියෙන ස්භාවික සම්පත් පාලනය කරන්නේ අර දියුණු රටවල් ටිකම තමයි.කොටින්ම කිව්වොත් දියුණු රටවල ඉන්න 20% ක් උන පොරවල් තුන්වෙනි ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල 80% ක් උන ස්භාවික සම්පත් පාවිච්චි කරනවා.
අළුත් ක්‍රමය ගැන කෙටියෙන් කියනව නම්, මේ ක්රමේදී වෙන්නේ, අර දුප්පත් , දුර්වල රටවල තියෙන ස්භාවික සම්පත් සල්ලි/ඩෝලර් වලට පරිවර්තනය කරන එකයි. ඊට පස්සේ සල්ලි/ඩොලර් තියෙන අයගේ අතේ තමයි මේ ස්භාවික සම්පත් වගේ පාලනය තියෙන්නේ....ස්භාවික සම්පත් සල්ලි කරන්න අකමැති රාජ්‍ය නායකයෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ව ගෙදර යවලා වඩා 'ජනතා හිතකාමී' නායකත්වයක් ගෙන්නත් හොදට අත්හාදා බලලා සාර්ථක වෙච්චි ක්‍රම තියෙනවා.
පසුගිය කාලයේ ස්භාවික සම්පත් කියලා ලොකු වටිනාකමක් තිබ්බේ තෙල්, ගල් අගුරු, පතල් ආදී දේවල්.
ඒත් දැන් දැන් වතුර, වනාන්තර වගේ දේවල් වලටත් ලොකු වටිනාකමක් ලැබෙන්න නියමිතයි. ඒක එහෙම වෙන්නේ 'පරිසර ප්‍රශ්ණය' කියලා සරලව හදුන්වන 'ලෝකය උණුසූම්' (Global Warming) වීම නැමැති සංකිර්ණ ප්‍රශ්ණ මාලාව නිසයි.
වතුර....මුලු පෘථිවියෙන්ම පහෙන් හතරක් විතරම ජලයෙන් යට වෙලා තිබ්බත්, මිනිස්සුන්ගේ පාවිච්චියට ගන්න පුලුවන් වතුර තියෙන්නේ බොහොම ස්වල්පයයි.
තෙල්, ඛනිජ් ද්‍රව්‍ය සල්ලි කරා වගේ අනාගතයේදී වතුරත් සල්ලි කරන්න වෙන බවට මේ වෙන කොට ඕනේ වටත් වඩා සාධක තියෙනවා. එක අතකට වර්තමානයේදීත් මෙය යම්තාක් දුරකට, විවිද මට්ටම් වලින් සිදුවෙන්නක්.
වතුර ටික සල්ලි කරන විදිහ, ඒ මගින් වතුර මනාව කලමණාකරණය කරන විදිහ මමත් ඉගෙන ගෙන තියෙන සාත්තරයක්...
මේ වැඩේ කීප පාරක්ම ලංකාවෙදිත් මීට කලින් කරන්න උත්සහ කලත් දැඩි විරෝධයන් හමුවේ ඒ වැඩ අකුල ගන්න සිද්ධ උනා....
ඒවා එහෙම අකුල ගත්තත්, කවදා හරි ඒක , ඒ අවශ්‍ය විදිහට සිද්ධ වෙන්න නියමිතව තියෙනවා..
මේ සදහා අවශ්‍ය භූමිය, වටපිටාව සකස් කරන්න විවිධ අන්තර්ජාතික ආයතන තුන්වෙනි ලෝකයේ රටවල ක්‍රියාත්මක වෙනවා...මම සැක කරන විදිහට මේ 'අන්තර්ජාතික ජල කලමණාකරණ ආයතනයත්' මෙවන් උත්සහයකදී සුද්දට ඕනේ විදිහට වැඩ කරන්න හදපු ආයතනයක්.
කෙසේ නමුත් මා මෙය කුමන්තණයක් ලෙස දකින්නේ නෑ. ඇත්තෙන්ම මෙම ආයතන අපේ රටේ ක්‍රියාත්මක වෙන ඕනෑම රාජ්‍ය ආයතනයකට වඩා විධිමත්ව, විනිවිදසුලු භාවයේන් ක්‍රියාත්මක වෙන අයුරු ඔබට බලා ගන්න පුලුවන් වේවී....මේය කිසියම් අරමුනක් වෙනුවෙන් ඉතා ප්රජාත්රන්තව ක්‍රියාත්මක වෙන ක්‍රමයක්.....
ඇත්තෙනම, මේක එක්තරා ක්‍රමයක්. මේ ක්‍රමයෙදි දක්ශයා, බුද්ධිමතා, ශක්තිවන්තයා ජයග්‍රාහකයා වෙනවා....මේ ක්‍රම වලට හැගීම් වලින්, බාහු බලයෙන් උත්තර දෙන්න බෑ....ඒවාට උත්තර දෙන්න ඕනේ මොලයෙනුයි..ඒත් අවාසනාවකට වගේ අපේ රටවල ඉන්න හොදම මොලකාරයෝ ටික වැඩ කරන්නේත් මේ රටවල, ඇතැම් විට මේ ආයතනවලටමත් වෙන්න පුලුවන්.......
ඉවර කරන්න කලින් මාතෘකාව සම්භන්ධවත් පොඩ්ඩක් කථා කරනවා නම්, මං හිතන්නේ නෑ ....මහින්ද වතුරට අත තියයි කියලා...මොනා උනත් ගමේ මනුස්සයනේ.....ඒත් මහින්ද ලවා වෙනත් අය නම් වතුරට කවද හරි අත තියාවි....හරියට නිකං මහින්දගේ නොවන මහින්දගේම ආදරයක් වගේ...........
P:S
මම මුලින්ම කිව්වා වගේ පරිසර ප්‍රශ්ණය ගැන මගේ කිසියම් චිත්‍රයක් තියෙනවා...මේ තියෙන්න මීට කලින් මම ඒ චිත්‍රය පාට කරපු විදිහ
මට මතකයි චන්ද්‍රිකාගෙ කාලේ වතුර කළමනාකරණය එළියට ආවේ සරත් අමුණුගම ඇමතිවරයා හරහා. ඔවුන් ඉස්සෙල්ලම කරන්න හැදුවේ වතුරේ අයිතිය රජයට ලබා ගැනීමයි. මොකද ව්‍යවස්ථාවට අනුව වතුර ඇතුලු ස්වාභාවික සම්පත් 'කාටවත් අයිති නැති දේවල්' විදිහට තමයි අර්ථ දක්වලා තියෙන්නේ. ඒ කාලේ ඔය සම්බන්ධයෙන් ටිකක් මොලේ පාවිච්චි කරලා විරුද්ධ වෙච්ච පිරිසක් හිටියා. මයියා අහලා තියනවද දන්නේ නෑ 'කුමාර චාපා බණ්ඩාර' කියලා කෙනෙක් ගැන. ඔහු ව්‍යවස්ථාව වගේම, ජල කළමනාකරණ පනතත් හොඳින් අධ්‍යයනය කරලා සරත් අමුණුගමට උත්තර නැති වෙන්න තර්ක කලා ඒ කාලේ රූපවාහිනී විවාද වලදී.
ReplyDeleteඇත්තටම මම කියන්න හැදුවෙත් සරත් අමුනුගම අටවන්න හදපු ඔය ජල කළමනාකරන උප්පරවැට්ටියමයි. මෙතනදී මට මතක හැටියට ජවිපෙ ඊට විරුද්ධව ලොකු හඬක් නැගුවා.
Deleteකුමාර චාපා බන්ඩාරට මොකද වුනේ ඇත්තටම? මට මතකයි පත්තරයකුත් කලා ටික කාළයක්. ජල රකුසන්ට එරෙහිව කියලා පොතකුත් ලිව්වා. ඔහු මතභේදාත්මක චරිතයක්. හමුදාවේ වෛද්‍ය අංශයෙ සාජන්ට් කෙනෙක් හැටියට වැඩ කරන ගමන්ම දේශපාලනික සම්බන්ධකම් තිබුනා කියා අත් අඩංගුවට ගත්තා. ජවිපේ සම්බන්ධකමුත් තිබුනා කියා මතකයි......අමතක වෙලාම ගිය චරිතයක්. මෙයා ලියපු පොතයි...නිදහස කියන පත්තර ටිකයි මට කවුද එව්වා ඔමාන්වලට.
ස්තූතියි තිසර, අරුණ....
Deleteඔව්, වතුර සල්ලි කරන්න ගත්ත උත්සහය මට මතකයි. ඒත් මට තිසරත් , අරුණත් කථා කරන කුමාර චාපා බණ්ඩාර ගැන ලොකු මතකයක් නෑ.....
වතුර සල්ලි කරන්න හදන එකේ මූලික තර්කය තමයි 'මිනිස්සු අතින් වතුර නාස්ති වීම හා ඒකට හේතුව වතුර ටික නොමිලේ ලැබීම' කියන කාරණය. සහණාධාර හෝ භාණ්ඩයකට නියමිත වටිනාකමක් නොලැබීමේදී, ඒම භාන්ඩය හෝ සම්පත් වල නිසි (ඔප්ටිමම්) පාවිච්චියක් වෙන්නේ නෑ කියන එක ආර්ථික විද්‍යාවට සම්බ්ජන්ද කරුනක්....
කලින් පාර ලංකාවේ වතුර ටිකට අත තියන්න ගත්තේත් 'වතුර නාස්ති වීම්' කියන කාරණය හරහා...මෙහිදී වැදගත්ම කරුන වන්නේ මෙතැනදී කතා කරන්නේ නාස්ති වීම ගැන උනාට යටි ආදරය තියෙන්නේ වතුර ගැන වීම.. ඒක හරියට අපේ රටේ මානව හිමිකම් ගෑන් කථා කරන්වා වගේ වැඩක්...මේගොල්ලො කථා කරන්නේ 'අපේ රටේ මිනිස්සුන්ගේ මානව හිමිකම් ගැන...ඒක ප්‍රශ්ණ කල නොහැකි දෙයක්..ඒත් ඒ හරහා ඉටු කර ගන්න හදන්න්නේ වෙන අරමුණක්..'
වතුර සම්භන්හයේනුත් කථාව ඕකමයි.....අපේ අතින් වතුර නාස්ති වෙනවා.....අපි ඒකට අපිම විසදුම් සෙවිය යුතුයි,,නැත්තං වතුර නාස්ති වීම හරහා අපේ රටේ වතුර ටිකට අත තියෙන එක නවත්වන්න බැරි වේවී.....
කබරගොයත් තලගොයෙක්ලු කන්න ඕනෙ දාට කියනව නේ..
ReplyDelete@තිසර -ව්‍යවස්ථාවෙ නැති වුනත් කරන්න දෙයක් නැහැ ...
කබරගොයා තලගොයා කරගැනීම හැමෝම කරන දෙයක්...අපේ රටේ දේශපාළුවෝ මේක හොදට දන්න හෙළුවෙන්ම ඉදන් කරන දෙයක්..ඒත් සුද්දා මේකම ඇදුම් ඇදගෙන කරනවා....
Deleteජල ත්රස්තවාදයක් හා අධිරාජ්‍යවාදයකට ඉතා නුදුරුයි මේ ලෝකය..
ReplyDeleteත්‍රස්ත්‍රවාදයක් කිව්වට මේක බොහොම ප්රජාත්රන්ත්ර විදිහට කරන දෙයක්......ඉස්සෙල්ලම වතුර නාස්ති වීම ගැන උගන්වනවා (ඒවාබොහො දුරට ඇත්ත)..ඊට පස්සේ වතුර සුරකින්න ඕනේ කියන්වා(ඒකත් ඇත්ත)...ඊලගට එනවා විසදුම..(ඒක තමයි අවුල....)
Deleteමහින්දත් ඇතුළු කස්ටියම රට වට්ටලා තියෙන ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ එන්න ,එයාට ජලයට අත තියන්න වෙනවා කියලා මට හිතෙනවා. දැන් තියෙන එකම විකල්පය ජනතාවගෙන්ම මුදල් ලබා ගැනීම හැර වෙන කුමක්ද? මේ පලාත් සභා ඡන්දෙන් මහින්ද දිනුවොත් වතුර විතරක් නෙමේ ඔක්සිජන් වලටත් අත තියයිද කියලත් බයක් හිතෙනවා.
ReplyDeleteඉස්සෙල්ලම ආර්ථික වර්ධනය හරහා ලබා ගත හැකි සුරංගනා ලෝකයක් මවනවා....සුරංගනා ලෝකේ හදන්න අවශ්‍ය මුදල් ටික ණය වශයේන් ලබා දෙනවා.....ඒ මුදල් වලින් සුදු අලියා ලකුණ දරණ ව්‍යාපෘති කරනවා...ව්‍යාපෘති වලින්න් අපේක්ශිත ආදායම නොලබී යනවා,,ණය ගෙවා ගන්න බැරුව හිර වෙනවා.....ණය දුන්න කටිටියම ඒවාට විසදුම දෙන්න ඉදිරිපත් වෙනවා.....විසදුම් තමයි අවුල.........
Deleteඉස්සර මේ ටෙලිනාටයේ තිර නාටකය ලිව්වේ සුද්දා......දැන්නම් චීන්නුත් ලියනවා......
ඕනෙමනම් වතුරම විකුණල අපේ රට ගොඩ දන්නා පුළුවන්..හැබැයි හැමදේම ඒ විදියට වෙන්න ඕනෙ.
ReplyDeleteඔයා කියන්න හදන දේ මට තේරේනවා.....ඒත් මේ ලංකාව......දූෂණය කියන දේ සාමන්‍යකරනය වෙලා...මේ සිස්ටම එක ඇතුලේ ඉදන් ස්භාවික සම්පත් බිස්නස් එකට බැස්සොත්, නටපු තොවිලෙකුත් නැතුව බෙරෙත් පලා ගෙන තමයි ගෙදර එන්න වෙන්නේ.......
Deleteවතුර වැඩියෙන්ම අවශ්‍ය ගොවියට දැනටමත් වතුර ටික දෙන්නේ කළමණාකරනය කරලා. අර රවියත් ලියලා තිබුනේ ඌට වතුර මාරු කරගන්නවත් වෙලාවක් තිබ්බේ බෑ. ගොයියෝ එනවා කියලා මහ රෑටත් වතුර ඉල්ලගෙන. දැන් හෝටලේකින් වතුර ටිකක් ඉල්ලුවට දෙන්නේ නෑ. බොටල් වෝටර් ගන්න කියනවා. පයිපෙන් එන වතුරට කොහොමත් ගෙවනවා. සමහර වෙලාවට පයිප්පවල වතුර නෑ. කොහොමත් ළිං වලටත් බදු ගහයි.
ReplyDeleteමට බය තියෙන්නේ හුවමාරු කරන වතුර වලටත් කෙලීද කියලා.. එහෙම උන දාට නම් හුවමාරු කරන වතුර උලන්වා ගමේ නියෝජිතයගේ මූණේ..
මීට අවුරුදු 25කට විතර කලින් වතුර බෝතල් කරලා විකුණනවයි කිව්වම ඒක පොඩ්ඩක් විහිළුවක් වගේ..ඒත් ඒක දැන් සාමාන්‍ය දෙයක්.....දැන් බොතල් වතුර කඩයක තිබ්බේ නැත්තං පොඩි අඩුවක් වගේ......දැන් වතුර ටිඅකට සල්ලි කරන්නේ ඒවා පිරිසිදි කිරීම, ගබඩා කර ගැනීම , හෝ බේදා හැරීම කියන වැලිව් ඇඩිශන් එකට...පොලොවෙ තියෙන වතුර ටික තාම සල්ලි වෙලා නෑ...ඒකත් ඉස්සහරදී වෙයි...මාතල්න් කියලා තියෙනවා වගේ ලිදේ වතුරටත් බද්දක්..........
Deleteසුද්දගේ රටේ පරන රජෙක්...මාරු කරන වතුර වලට බද්දක් ගහලා තියෙනවා. අහවල් ඉංග්‍රීසී වචනේ හැදිලා තියෙන්නේ ඔය බද්දෙන් කියලා කියනවනේ....
Fornication Under Consent of the King
හොද මාතෘකාවක්. මේක ඇත්තටම අධිරාජ්‍යවාදීන්ගේ දුෂ්ටත්වය වගේ වචන වලින් පැහැදිලි කරනවාට වඩා සාර්ථක මයියා කියන විදිහටම එක ක්‍රමයක් විදිහට පැහැදිලි කරගන්න එක. මොකක්ද ඒ ක්‍රමය? දැන් අපි ජීවත් වෙන්නෙ ධනවාදයේ තුන්වැනි කාර්තුව කියල කියන යුගයේ. පශ්චාත් නූතන යුගය/ නව ලිබරල් ධනවාදය කියලත් මේකට කියනව. මේකෙ ලක්ෂණය තමයි - එතෙක් වෙලද භාණ්ඩ විදිහට සලකනු නොලැබූ දේවල් පවා වෙළදභාණ්ඩකරණය කිරීම. පරිසරය/ජලය/ වනාන්තර/සංස්කෘතිකය/මනුශ්‍ය සබදතා වගේ දේවල් වෙලදභාණ්ඩකරණය වෙන්නෙ ඒ අනුවයි. ඒ නිසා මේක අපි මේ ජීවත් වන සමාජ ක්රමයේ ප්‍රතිපලයක් විදහට සිද්ධ වෙන දෙයක් කියලා හදුනාගැනීමයි නිවැරදි. මේක මහින්දගේ පුද්ගලික වරදක්/ අධිරාජ්‍යවාදීන්ගේ දුෂ්ට වැඩක් කියල කියවගන්නේ නැතිව ප්රශ්නයේ මුලින්ම අල්ලගන්න අපට පුලුවන් වෙන්ඩ ඕනෙ. ප්‍රශ්නයට උත්තරයක් හොයාගන්න පුලුවන් ඒ විදිහට ප්රශ්නය මුලින්ම අල්ල ගන්න එක තුලින්.
ReplyDelete- විශ්ව
ස්තූතියී....මං මුලින්ම කිව්වා වගේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න ඕනේ මොලෙනුයි.....හැගීම් වලිනුයි, බාහු බලයෙනුයි උත්තර දෙන්න ගියාම වෙන්නේ ප්‍රශ්නේ තවත් කුරුවල් වෙන එක විතරයි....
Deleteඒත් ආවාසනාවකට මේවට උත්තර තියෙන හොද මොල ලංකාවෙන් ගිහිල්ලා එක්කෝ එලවගෙන....ඉන්න ටිකත් බොහොම කලකිරීමෙන් ඉන්නේ......පන්දංකාරයන්ට මේවාට උත්තර හොයනවට වඩා පංදං ඇල්ලිම ගැන ස්ටඩි කරන්න තියෙනවා.......
මගේ අදහස නම් ප්‍රශ්නයට උත්තරය හොයන්න හැගීම් මොලය බාහු බලය කියන තුනම අවශ්‍ය වෙනවා කියන එකයි. රටින් ගියා කියලත් වැඩි වෙනසක් නැහැ. පිටරටවල්වලත් තියෙන්නෙ උග්‍ර ලෙස වාණිජකරණයට ලක්වෙච්ච මනුෂ්‍ය වටිනාකම් සිදී යමින් තිබෙන සමාජ.කොටින්ම ප්‍රධාන දහරාවේ 'දියුණුව' එහෙමත් නැත්තං 'සංවර්ධනය' කියා කියන එක ඇත්තටම දියුණුවක්ද? සංවර්ධනයක්ද? කියා අපට සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. ඒකට මොළය ඕනෙ. මොළය ඒ ප්රශ්නය දිහාවට යොමු කරන්නේ මොකක් හරි සංවේදිකමක් තියෙන මිනිස්සු. ඒ නිසා හදවත - හැගීම් - අවශ්‍යයයි. සමාජයක් ගැන ලෝකයක් ගැන අනෙකා ගැන හැගීමක් නැති පුද්ගලවාදී නරුමයෝ තමන් ගැන හිතනව මිස වෙනත් කෙනෙක් ගැන හිතන හැගීමක් ඔවුන්ට පහල වෙන්නෙ නැහැ. ඒ අයට වතුර විකුණුවත් එකයි නැතත් එකයි පුලුවන් නම් ඒකෙන් තමන්ට ලාභයක් ගන්න බලයි. මේ දෙකම තිබ්බට මදි - ඒක තේරුම් ගත්තට පස්සෙ අභිමුඛ වෙන්ඩ සිද්ධ වෙන්නෙ සමාජ ක්‍රමයක් එක්ක. මේ සමාජ රටාව මේ විදිහට තියෙන එකෙන් වාසි ලබන පිරිස් ඉන්නවා. උදාහරණයක් විදිහට හදුන්වා දීමට නියමිත බීජ පනත ගැන මයියා හොයල බලන්න. විශාල සමාගම් ඒ සමාගම් එක්ක සන්ධානගත වෙලා ඉන්න පාලකයෝ - මේ ක්‍රමය මේ විදිහට තියෙන එකේ වාසි ලබනව. ඉතින් ක්‍රමය වෙනස් කරන්න හදනකොට ඒ අය ඒකට බාධා කරනවා. ඒ බාධාව ජයගන්න මොළය හා හැගීම්වලට අමතරව බාහු බලයත් එක්තරා වෙලාවකදී ඕනෑ කරනවා.මයියා මං දන්න විදිහට ජාතික චින්තනයට කැමැත්තක් දක්වන කෙනෙක්. මම මාව හදුන්වගන්න කැමති මාක්ස්වාදියෙක් විදිහට ( සාම්ප්‍රදායික එකෙක් නෙමෙයි හැබැයි) මේ දෙක දෙකක් උනත් එකකට එකක් ඡේදනය වෙන කලාපයක් අහු වෙනවා. මං කැමතිය ඒ ඡේදනය වෙන පොදු කලාපය ගැන සංවාද කරන්න.
Delete- විශ්ව
ස්තූතියි....
Deleteසාමාන්‍ය පොදු ජනතාව සලකන විට එය විවිධ අදහස් වල එකතුවකි...මාද ඒ පොදු ජනතාවගේ එක් අයෙක් පමනක් වෙමි.....කිසියම් කුලයකට, කණ්ඩායමකට මාගේ බැදීමක් නැත......
This comment has been removed by the author.
ReplyDeleteආඩම්බරකාර තාත්තා මතට තිත තිබ්බා වගේ . . . .. . .. . . :D :D
ReplyDeleteතිතට මත නේද හරි විදිහ :)
Deleteමයියා.....ඔන්න අද මහින්ද හම්බන්තොට ගොවි ජනතාවට ජල කළමනාකරනය ගැන පොඩි ඉඟියක් දුන්නා ,ගොවි විශ්‍රාම වැටුප් සහතික දෙන වෙලාවේ. ගොවි විශ්‍රාම වැටුප තියා හිඟයවත් ගෙවන්න සල්ලි කොහෙද වෙන් කරලා තියෙන්නේ. මේ අහිංසකයින් රැවැට්ටුවා මදිද...රැවටුනා ඇතිද...තව බොහොමයක් දේ ඔය ඇතුලත තියෙනවා. මේවා සයිබරයෙන් එහාට නොයන එක තමයි දුක.
ReplyDelete