Thursday 7 November 2019

2019 ජනාධිපතිවරණය ගැන අදහසක්

2015 ජනාධිපතිවරණයේදී, මෛත්‍රීපාල සිරිසේන චන්ද ලක්ශ 62.2 ක් අර ගන්නවා. මේ චන්ද ප්‍රමාණය ඇතුලේ රාජපක්ෂ විරෝධී ජවිපේ චන්ද ලක්ශ 5.4 ක්, දෙමල සංවිධානයේ චන්ද ලක්ශ 5.15 ක් ඇතුලත් වෙනවා. ඊට අමතරව කොලඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, මහනුවර ආදී මැද මාධ්‍යම පංති පාවෙන ජන්ද ප්‍රමාණයක් මේ ලක්ශ 62.2 තුල තියෙනවා. මේ පාර අනුර කුමාර ජවිපෙන් වෙනන ඉල්ලන නිසා ජවිපේ ලක්ශ 5.4 ගෙඩිය පිටින් සජිත්ට හම්බු වෙන්නේ නෑ. අන්තිමට පැවතියේ යූඑන්පී ආණ්ඩුවක් වීම නිසාත්, එය මැද මාධ්‍යම පාංතිය තුල ඇති අප්‍රසාදයත් නිසාත්, ඉහත සදහන් කල පාවෙන චන්ද වලින් බහුතරයක් නැවතත් මෙවර සජිත් ට ලාබාගත හැකි වීමාට ඇත්තේ ඉතා අඩු ඉඩ කඩක්. ඒ නිසා ලංකාව තුල පාවෙන චන්ද කොපමණ වේදැයි ගනන් බෑලීම වැදගත් වෙනවා. මෙය ජන්ද ලක්ශ 2.5 පමන වෙනවා. මෙයින් 75% වූ පාවෙන චන්ද එනම් චන්ද ලක්ශ 1.875 ක් පමන සජිත්ට අහිමි වේයැයි සිතීම අසාධාරණ නෑ. මෙහිදි වැදගත් කරුණ වන්නේ මේ අහිමි වන පාවෙන ජන්ද 1.875 ඔහුගේ ප්‍රතිවාදී අපේක්ශකයා වන ගොඨාට ලැබීමට වැඩි ඉඩ කඩක් පැවතීමයි. ඒ වගේම අනුර කුමාර වෙනම ඉල්ලන නිසා, ලංකාවේ ජවිපේ සාමාන්‍ය ජන්ද බේස් එක ලක්ශ 5.4න් 90% ක් චන්ද අනුර කුමාරටත් ඉතිරිය සජිත් ටත් දැමුවෝත්, ලක්ශ 4.9 ක පමන චන්ද සජිත්ට අහිමි වෙනවා. ඊලගට වැදගත් වෙන්නේ උතුරු නැගෙනහිට ජන්ද වල හැසිරීමයි. එහිදී මෛතිපාලට උතුරු නැගෙනහිරින් චන්ද ලක්ස 9.78 ක් ලැබෙනවා. මෙවර ටී එන් ඒ එක එක එල්ලේ සජිත්ට සපෝර්ට් නොකිරීම තුල ඔහුට මෙයින් ලබා ගත් හැකි උපරිම ජන්ද ප්‍රමාණය කොපමණදැයි කීම ගැටළුවක්. සාමාන්‍ය රාජපක්ශ විරෝදය පමනක් සලකා, උපරිම සජිත්ට වාසි වෙන පරිදි සිතා මෙම ජන්ද ප්‍රතිහතයෙන් 80% ක් ලැබුනොත්, මෛතිට වඩා සජිත්ට උතුරු නැගෙනහිරන් ජන්ද ලක්ශ 2ක් පමන අහිමි වෙනවා. එ අනුව ගණන් බැලුවම සජිත්ට උපරිම වාසියට හිටියොර්ත් ඔහුට ජන්ද ලක්ශ 62.2-4.9-1.875-2 = 53 ලැබිය යුතු වෙන්වා.


අනිත් අතින් 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ශ ජන්ද ලක්ශ 57.7 ක් ලබා ගන්නවා. බයි ජන්ද කියලා සාමාන්‍ය ව්‍යාවහාරයෙන් කියන මේ ජන්ද රාජපක්ශවාදී ඉතා හිතවත් ජන්ද. මෙය කිසි ලෙසකින් 2015 ට වඩා අඩු වේයෑයි සිතීම ඉතා අමාරුයි. පැවති යූඑන්පී පාලනයත් , එයට ඇති අප්‍රසාදයත් නිසා මධ්‍යම මැද පාංතික ජන්ද අති විශාල ප්‍රමාණයක් මෙයට එකතු විය යුතු වෙනවා. ගනන් බැලූ අකාරයට මෙය ජන්ද ලක්ශ 1.875 පමණ වෙනවා. එවිට ගෝඨා ලබා ගන්නා ජන්ද ප්‍රමාණය 57.7+1.875 = 59.5 නැතිනම් ලක්ශ 60 කට ආසන්න විය යුතුයි.

මේ අනුව බැලූ කල ගෝඨාගේ ජයග්‍රහණයට අවශ්‍ය ජන්ද ප්‍රමානය ලබා ගැනීමට මැද මධ්‍යම පාංතික පාවෙන ජන්දය ඉතා වැදගත්. මේ ජන්ද වැඩිපුරම ඇත්තේ , කොලඹ, ගම්පහ, මහනුවර, කළුතර, කුරුණෑගල, ආදී එම ජනතාව වැඩි පුර සිටින ප්‍රදේශ වලයි. මේ ජනතාවගේ සිතුම් පැතුම් ගතහොත් ඔවුනට අවශ්‍යවන්නේ ආරක්ෂිත වටපිටාවක්, හොද ආර්ථිකයක්, තම ලමුන්ගේ අධ්‍යාපනය, විනෝද වීමේ අවස්ථා, රාජ්‍ය දූෂාණ විරෝදී ආදී අරමුනු. ගෝඨා මේ සිතුම් පැතුම් කොපමණ දුරකට ආමාන්ත්‍රණය කරනවද යන කාරණය උඩ මේ පාවෙන ජන්ද වැඩි ප්‍රමාණයක් ගෝඨා වෙත ඇද ගැනීමට හැකියි.


මේ ගණනයේදී එක වැදගත් උපකල්පනයක් වෙන්නේ, ජවිපේ සම්පූර්ණ ජන්ද ප්‍රමාණය ගිය වර 2015 මෛත්‍රීගේ චන්ද ගොඩට වැ‍ටුනා සේ 2019 දී සජියාට ලැබීමට ඇති නොහැකියාවයි. එහිදී ජවිපෙ හට 2015 මහ මැතිවරණයේදී ලැබුණු චන්ද ප්‍රමාණය ලක්ශ 5.43 ක් වෙනවා. මෙය 2015 වන විට සම්පූර්නයෙන් රාජපක්ශ විරෝධී චන්ද ප්‍රමාණයක්. එම ලක්ශ 5.43 ප්‍රමාණය තුල , ජවිපේ ස්ථිර චන්ද ප්‍රමාණය ලක්ස 4.5-5 ත් අතර ප්‍රමාණයක් වෙනවා. ඉතිරි ලක්ශ භාගය, පාවෙන චන්ද ප්‍රමාණයට අයිති විය යුතු, නමුත් මවිසින් ඉහත පාවෙන චන්ද ගොඩට නොදැමූ චන්ද ප්‍රමානයක්. පසුගිය අවුරුදු හතර පහ ඇතුලත මේ චන්ද ලක්ශ භාගයේ වෙනසක් සිදුවීමට ඉතා වැඩි ඉඩ කඩක් තියෙනවා. අනුර කුමාරගේ ' රතු අලි පැටියා', සංචරණය, නැතිනම් යූඑන්පී කඩේ යෑම නිසා, ජවිපේට සැලකිය යුතු පාවෙන චන්ද ප්‍රමානයක් අහිමි වීමේ ඉඩ කඩක් තියෙනවා. මේ චන්ද ප්‍රමාණය ගෝඨා, මහේශ් සේනානයක වැනි අයවලුන්හට බෙදී යෑමේ හැකියාවක් ඇති අතර, මවිසින් , ගොඨාට ලැබිය හැකි එම සුළුතර චන්ද ප්‍රමාණය ඔහුට එකතූ කර නෑ..

ඊට අමතරව යූඑන්පී 'ලිබරල් රනිල් -පෙලැන්ති මානසිකත්වය ' නැමැති සංචරණයද මා නොසලකා, එය සජිත්ට ඉතා වාසි පැත්තට එකතු කර තියෙනවා. කොලඹ ආශ්‍රිත ඉතා සුලු කොටසක් රනිල් යනු තමන්ගේ එකා යනුවෙන් හිතන ලයින් එකක් පවතිනවා. මොවුන් යූඑන්පිය තුල සජිත් විරෝධී, එම ඇප්‍රෝච් එක පිලිකුල් කරන කණ්ඩායමක්. එමෙන්ම ඔවුන් ඉතා දැඩි රාජපක්ශ විරෝධීන්. දැඩි රාජපක්ශ විරෝධය නිසා මෙම චන්ද කොටස සජියාට ලැබීමේ හැකියාවක් ඇතත්, එය ඒ ආකාරයෙන සජිත්ට නොලැබී යෑමේ අවධානමක්ද පවතිනවා. විශේෂයේ රනිල්ට අභියෝගයක් වෙන පරිදි, සජිත්ගේ නැගීටීම තුල, තම පංතියේ එකා ආරක්ෂා කර ගැනීමේ චේතනාවෙන් මෙම චන්ද කොටස ඇතැම් විට සජියාට නොලැබී යන්න පුලුවන්. ඒ වගේම සජියා වරින් වර සපයන කොන්සර්ට් නැතිනම් ' පියානෝගේ බූරු පුතා' සංචරණයද සජියාගේ චන්ද අඩු වීමට දැඩි බලපෑමක් සිදු කල හැකියි. නමුත් මාගේ ඉහත ගණනයට. සජියාට අවාසි වෙන මේ කිසිදු සංචරණ බලපෑමක් ගණනයට අරගෙන නෑ.

අවසාන වශයෙන් සාරාංශව ගත්තොත්, .මගේ ගණනය අනුව ගෝඨා ට ලක්ශ 59.5 අඩුම වශයෙනුත්, සජිත්ට ලක්ශ 53 කුත්, අනුර ලක්ශ 5 කුත් පමණ මෙවර ගත හැකි යැයි විශ්වාස කරනවා..

ඒ අනුව ගොඨා අඩුම 50.6% ප්‍රතිශතයක් සජිත් 45% ක් හා අනුර 4% ක් පමන ලබා ගනි වී යැයි සිතිය හැකියි.


3 comments:

  1. සජිත් ප්‍රේමදාසගේ කැම්පේන් එක දිහා බලද්දී පේන දේ තමයි ඒක කිසිම සැලැස්මක් නැති නිකං දකුණු ඉන්දියානු පන්නයේ එකක් වගේ දිස් වීම.

    හැබැයි ඒ සැලස්ම කවුරු උනත් ඉතාම පරිස්සමෙන් ලංකාවේ මිනිස්සු දිහා හොදට බලලා හදපු එකක්. මොකද සජිත් කතා කරන්නේ සාමාන්‍ය ජනයාට විතරයි. ඔහුගේ කතා වෛරල් වෙලා යනවා ශෝෂල් මීඩියා වල. ඔහුගේ අරමුණ මේ සතිය දෙක ඇතුලත රටේ බහුතරයක් වන බිම්මට්ටමේ ජනතාව එක්රැස් කරගැනීමයි. මොකද ඔහු දන්නවා රටේ ඉන්නා ලිබරල්, නිදහස්,උගත් මිනිස්සුන්ට වෙන විකල්පයක් නැති නිසා එයාට ජන්දය දෙන්න වෙනවා කියලා. මේක තනිකර නෙගටිව් කැම්පේන් එකක්. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිඋනෙත් මෙහෙමම තමයි.

    ReplyDelete
  2. ඈත පලාත් වලින් සජියාට වැඩිපුර චන්ද ප්‍රමානයක් මේ සැරේ ලැබෙනවා. එක හේතුවක් තමයි රනිල් එපාවෙලා මහින්දට චන්දය දුන්නු, හිටපු පාරම්පරික යූඑන්පී කාරයන් මේ සැරේ සජිත් ට දෙනවා. ග්‍රාමීය ප්‍රදේශ වල ප්‍රේමදාස මහතාගේ ප්‍රසිද්දියත්, ඔහුගේ පුතාට චන්දය දීමට හේතුවක් වෙන්වා. ගෝටාගේ කතා ගැමියන්ට ආකර්ශනයක් නැතිවීමත්, ඔහු ගම්වල එතරම් ජනප්‍රිය චරිතයක් නොවීමත් සහ සජිත්ට සාපෙක්ශව අඩු රැස්වීම් ප්‍රමානයක් තැබීමත් අවාසි සහගත වෙනවා. අනිත් කාරනය මහින්දට ලැබුන මුස්ලිම් චන්ද මේසැරෙ ලැබෙන්නෙ සජියාට. මේ විදියට බැලුවොත් 50% ගන්න එක ගෝටා ට අම්මරුයි.

    ReplyDelete
  3. හිතාගන්න බැරි ගතියක් තමයි තියෙන්නේ!

    ReplyDelete

2222