Friday 24 January 2020

ලිබියාවට මොකද උනේ?

මැද පෙරදිග , උතුරු හා මධ්‍යම අප්‍රිකානු ප්‍රදේශවල නූතනයේ පවතින විවිධ වාර්ගික හා ආගමික ගැටළු වල මූලය වන්නේ, ඉංග්‍රීසී, ප්‍රංශ  අධිරාජ්‍යවාදීන්, ඒ ඒ කලාප හැර දමා යන විට ඇති කර ගිය තත්වයයි.

යුරෝපීයන් පලමු ලෝක යුද්ධයෙන් පසුව ඔටෝමන් තුර්කීන් පරාජය කරමින් මැද පෙරදිග හා උතුරු අප්‍රිකානු  ප්‍රදේශ තම යටතට ගන්නවා. 

යුරෝපීයන් මේ ප්‍රදේශ අල්ලා ගන්නා විට මේ ප්‍රදේශ වල නූතනයේ පවත්නා ජාතික රාජ්‍යන් හෝ දේශසීමා පැවතුනේ නෑ. ඒ වෙනුවට එහි පැවතියේ විවිධ ගෝත්‍ර කණ්ඩායම් හෝ භූ විශමතා කලාප අනුව හුදකලා උන ජනකොට්ඨාශයන්.

නමුත් යුරොපීයන් මෙම ගෝත්‍ර අනන්‍යතාවයන් , ආගමික විශ්වාසයන් අනුව විවිධ ජන කොට්ඨාශ නොසලකා තමන්ට අවශ්‍ය පරිදි ( ඉංග්‍රීසී + ප්‍රංශ සේනාපතිවරුන්ගේ අභිමතය හා එකඟතාවයන් අනුව)  තම  තමන්ගේ පාලන කොට්ඨාස වෙන්ක ර ගන්නවා. මෙය  හුදු,  සිතියමක්  මේසයක් මත තබා තම තමන්ට අවශ්‍ය කොටස් වෙන් කර ගැනීමක් පමනයි. එම කොට්ඨාශවල පවතින විවිධ ගෝත්‍ර එදිරිවාදිකම්, ආගමික විශ්වාස ඔවුන් සලකන්නේ නෑ.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව අධිරාජ්‍යවාදීන් මේ භූමි කොටස් හැරදමා යන විට, මෙසේ කිසි විද්‍යානුකූල විමසීමකින් තොරව  වෙන්කර ගත් භූමී කොටස් ජාතික රාජ්‍ය ලෙස ඉතිරි කර දමා යනවා. නමුත් විවිධ වෙනස් කම්, අනන්‍යතාවලින් යුත් ජනකොට්ඨාශ වලින් සැදි , කිසිදා එකම ජනකොටඨාශයක් ලෙස නොසිටි මේ ජනකොඨ්ඨාශ වලට මේ ජාතීක රාජ්‍ය ජීරණය කර ගන්න අපහසුයි... ඒ වෙනුවට අද දක්වාම, තම තමන්ගේ අනන්‍යතා ‍රැක ගනු වස් සිවිල් යුද්ධ, වාර්ගික ගැ‍ටුම්,  ආගමික ගැ‍ටුම් වලට යොමු වී සිටිනවා.

ලිබියාව යනු මෙසේ කෘතිමව සකස් කරන ලද දශක කීපයක් පමන පැරණි රටක්. එය යුරෝපීය බලයට නතු වීමට පෙර පැහැදිලිව  කලාප 3න් යුක්ත වූ , උතුරු අප්‍රිකාවේ පිහිටි භූමි ප්‍රදේශක්.


ලිබියාවේ පිහිටීම

ලිබියාව උතුරින් මධ්‍යධරණී මුහුදටත්, නැගෙනහිරින්  ඊජිප්තුවටත්, බටහිරන් ඇල්ජිරීයාවටත්, දකුනින් සහාරා කාන්තාරය අයිති වන චැඩ්, නයිජර් රාජ්‍ය වලටත් මායිම් වෙනවා.

ලිබියාවේ උතුරු හා වයඹ කොටස ට්‍රිපොලි නුවර කේන්ද්‍රගතව පවතිනවා.  රෝම යුගයේ සිටම මේම භූමි කොටස දකුණු යුරෝපීයන් සමග සම්භන්ධකම් පෑ, වෙළහෙලදාම කල භූමි කලාපයක්.

එහෙත් ඊජීප්තුවට මායිම් වි තිබෙන ලිබියාවේ නැගෙනහිර කොටස  බෙන්ගාසී අගනුවර කේන්ද්‍රකරගෙන ඓතිහාසිකව දියුණු වූ ප්‍රදේශයක්. මෙම කොටස වැඩි පුර නැඹුරුවක් දක්වන්නේ  අරාබියට හා ඊජිප්තුවට. යුරෝපීයන් සමග ගණුදෙනුවක් ඔවුනට ඇත්තේ නෑ.

ට්‍රිපොලියත් , බෙන්ගාසීයත් අතර මැද රට කොටඩ්ස ෆේසාන් යනුවෙන් හැදින්වෙන අතර, පාරම්පරිකව නෝමැඩ් වරු මේ කොටසේ වාසය කලා. ඔවුන් යුරෝපයටවත්, අරාබියටවත් වැඩි සම්බන්ධයක් නැති පාරම්පරික ජන කොට්ඨාශ වලින් යුත් ප්‍රදේශයක්.

අතීතයේ සිටම ග්‍රීක, රෝමන් හා තුර්කී ආක්‍රමනිකයන් මේ භූමී පාලනය කිරීමේදී මේ අනන්‍යතා හදූනාගෙන තම පාලනය ගෙන ගියා.

නමුත් ඉංග්‍රීසීන් මෙම බෙදීම් තමන්ගේ පාලන ත්‍රන්ත්‍රය ගෙන යාමට දේශපාලනිකව  යොදා ගත්තා.  බෙදා වෙන් කර පාලනය ( Divide and Rule)  කිරීම ලෙස මෙය භාවිතා උනා.

ගඩා‍ෆි වැනි දරුණු එකාධිපතියෙක් යටතේ රට එක්ව පැවතියත්, ගඩා‍ෆි නැති තත්වයක් තුල නැගෙනහිර ඉස්ලාම්වාදීන් වෙනම පාලන කලාපයක් ප්‍රකාශයට පත් කර ඒ වෙනුවෙන් සටන් වදිනවා.

යටත්විජිත වාදීන්ගේ මනෝකල්පිය ලිබියානු රාජ්‍යයේ දේශසීමා ‍රැකගනු වස් විවිධ අනන්‍යතා යුත් ජනකොට්ඨාශ අද දවසෙත් විවිධ වාර්ගික , ආගමික ගැටළුවල එල්ලී යුද්ධ වල පැටලී සිටිනවා.


වර්ථමානයේ ට්‍රිපොලි නුවර කෙන්ද්‍ර කර ගත් කොටස Libiya Shield Force  පාලනය කරනවා ( රූපයේ කොල පෙදෙස). මෙය  GNA  ලෙස හදුන්වනවා. මෙය එක්සත් ජාතීන් පිලිගත් ආණ්ඩුවයි. ඔවුන් අතීතය පරිදිම යුරෝපය හා තුර්කීනට  පක්ශපාතියි. තුර්කිය නේටෝ රටක්.


බෙන්ගාසී නගරය කේන්ද්‍රකර ගත් කොටස  Libian National Army  (LNA) පාලනය කරනවා ( රූපයේ රතු පෙදෙස).මෙයට අතිවිශාල භූමිප්‍රදේශයක් සහ තෙල් ලිං අයිති වෙනවා.

යටත්විජිතවාදීන්ගේ මනෝකල්පිය ලිබියානු රාජ්‍යයේ දේශසීමා ‍රැකගනු වස් විවිධ අනන්‍යතා යුත් ජනකොට්ඨාශ අද දවසෙත් විවිධ වාර්ගික , ආගමික ගැටළුවල එල්ලී යුද්ධ වල පැටලී සිටිනවා.


Monday 13 January 2020

භූගෝලයේ සිරකරුවෝ ( Prisoners of Geography) ...

මා ඉතා මෑතකදීම කියවූ පොත Prisoners of Geography....... වසර 2015 තරම් මෑතකදී මෙම පොත පලවී ඇති නිසා මෙහි සිංහල පරිවර්තනයක් ඇතැයි මා සිතන්නේ නෑ.... එනමුත් පොතේ ඉංග්රීසි නම,  ‘භූගෝලයේ සිරකරුවන්’ නැතිනම්භූගෝලීය සිරකරුවන්’ ලෙස සිංහලට පරිවර්තනය කල හැකි යි.

පොතේ පිටකවරය



ඉංග්‍රීසී ජාතිකයකු විසින් ලියා ඇති නමුත්, මෙම පොතේ භාවිතා කර ඇති ඉංග්‍රීසී භාෂාව ඉතා සරල හා සුගමයි. බැරෑරුම් දේශපාලනයක් ගැන කථා කරන නමුත්, කතුවරයා පාවිච්චි කර ඇති භාෂාව ,  ඉංග්‍රීසී  පිලිබද  ඉහල පරිචිතයක් නොමැති අයෙකුට උවත්, කියවිය හැකි ආකාරයට ලියා තිබෙනවා.

මේ පොතේ කතුවරයා වන්නේ  ටිම් මාෂල් ( Tim Marshall) . ඔහු වෘතීය මාධ්‍යවේදීයෙක්. ඔහුගේ  තිස්වසරකට අධික මාධ්‍ය  දිවිය තුල බීබීසී, ස්කයි නිව්ස් වැනි  ප්‍රකට  මාධ්‍ය ආයතනයන්හී විදේශ පුවත් පිලිබද විශේෂඥ මාධ්‍යවේදීයෙකු වශයෙන්  කටයුතු කර තිබෙනවා. ඒ වගේම ඇමේරිකාව, යුරෝපය හා ආසියානු රටවල ස්ථානගත වෙමින් ඔහු මාධ්‍යවේදීයෙක් වශයෙන් කටයුතු කර තිබෙනවා. මේ කාලය තුල ඔහු ජාත්‍යන්තර මට්ට්මේ යුධ 12 ක් පමණ,  මාධ්‍යවේදීයෙකු වශයෙන් ආවරණය කර තිබෙනවා. මෙම පොතේ අන්තර්ගතයට, ටිම් මාෂල්ගේ වෘතීය අත්දැකිම් හා  ආශ්‍රිතව ඈදූනු දේශපාලන කාරණා ඉවහල් වී ඇති බව හොදින්ම පේනවා.. ඝාතනයට ලක් උන පාකිස්ථාන ජනාධිපතිනි , බෙනාසිර් බූතෝ මැතිණිය සමග අවසන් මාධ්‍ය  සාකච්චාවපලමු ගල්ෆ් යුද්ධයේදී ස්කයි නිවස් සේවය වෙනුවෙන්, පැය 6ක් අඛණ්ඩව කෙරුණු මාධ්‍ය ආවරණය, ඔහුගේ මාධ්‍ය ජීවීතයේ අමතක නොවන දේවල්.


ටිම් මාෂල් - පොතේ කතුවරයා

පොතේ අන්තර්ගතය ගැන කථා කරන විට, මෙහි අඩංගු වන්නේ ලෝකයේ  ප්‍රධාන රටවල් හි භූගෝලීය පිහිටීම, තමන්ගේ අන්තර්ජාතීක දේශපාලන තීරණ ගැනීමට , අන් රටවල් සමග යුද්ධය හෝ සාමය ප්‍රකාශ කිරීමට, බලපා ඇතී ආකාරය පිලිබද ඉතා විස්තරාත්මකව විශ්ලේෂණය කිරීමක්.

උදාහරණයක් ලෙස ඇමේරිකාව අංක එකේ ලෝක බලවතා ලෙස සිටීමේදී, ප්‍රධාන මුහුදු කලාපයන් දෙකක තම නාවික අණසක පැතිරවීමට  හැකි වන පරිදි ඇමෙරිකාවේ ස්භාවික භූගෝලීය පිහිටිමත්, අතින්රැසියාව ඉතා දරුණු අධිශීත මුහුදු කලාපයක සිරවීමත්, , නිසාම ලෝක බලවතුකු ලෙස පෙනී හිටීමේදී  රුසියාවට ඇතිවන ගැටළුත්ඔහු මනාව විස්තර කරනවා.

වගේම පරිසර උෂ්ණත්වය ඉහල යෑම නිසා ආක්ටික් මුහුදු කලාපය, විසි එක් වෙනි ශතවර්ෂයේදී ප්‍රධාන මුහුදු කලාපයක් විය හැකි ආකාරය සහ එහිදීරැසියාව අධිශීත මුහුදු කලාපයන්ගේ, නාවික හමුදා ශක්‍යතාවයෙන්, අනෙක් රටවල් අභිබවා යන විස්තරය, මෙම පොතේ මා සිත්ගත් තවත් කාරණයක්.

ඇමෙරිකාවේ ඇලෙස්කා ප්‍රාන්තයේ ගෙමිදුලක සිට බැලූ කලරැසියාවේ නැගෙනහිර බෝඩරය පෙනෙන නමුත්රුසියාව ඉතිහාසයේ කෙදිනකවත් තම නැගෙනහිර අර්ධයෙන් එන සතුරු ආක්රමණයක් ගැන බැරෑරුම්ව නොසලකන්නේ ඇයිද යන්නත්,  මේ පොතේ එන තවත්  රසවත් විස්තරයක්.

චීන පාකිස්තානු දේශ සීමාවත්, එය හරහා පාකිස්ථාන ග්වාඩර් නාවික වරායට ( Gwadar Port) චීන ආයෝජන ලබා දීමත්, එමගින් භූමි මාර්ග හරහාම චීනයට ඉන්දියානු සාගරයට දොර විවෘත වීමත් මෙහි හොදින් විස්තර කරනවා. මේ කටයුතු කිරීමේදී චීනයේ මුස්ලිම් ප්‍රාන්තය උන ෂින්ජියෑන් (Xinjiang) සම්භන්ධයෙන් චීනයේ මධ්‍යම ආන්ඩුවේ සැලසුම් හොදින් විස්තර කෙරෙනවා.

මෙවන් අති රසවත් අන්තර්ජාතීක දේශපාලන කරුණු , මුළු ලෝකයම අන්තර්ගතවන පරිදි, මෙම පොතෙන් ඉතා මැනවින් විස්තර කර දෙනවා.

මේ සියළු පැහැදිලි කිරීම් සදහා, කතුවරයා, වෙනුවෙන් පිලියෙල කරගත්  සිතියම් භාවිතා කරනවා. සිතියම් සමග කතුවරයා ඉදිරිපත් කරන විවිධ කාරණා ඔහුගේ අදහස් පාඨකයාට ඒත්තු ගැන්වීමට මනා පිටිවහලක් වී තිබෙනවා.

කතුවරයා යොදා ගෙන ඇති සිතියම්


මා මේ පොත කියවනු ලැබුවේ බ්‍රිටිෂ් කවුන්සිලයේ කොලඹ පුස්ථකාලය මගින්. දේශීය වෙළද පොලෙහි මේ පොත මිලදී ගැනීමට ඇතිදැයි මා දන්නේ නෑ.

කෙසේ නමුත් සමාන්‍ය ඉංග්‍රීසී දැනුමක් ඇති අයෙකුට උවත් පහසුවෙන් තේරූම් ගත හැකි ආකාරයට ලියා ඇති මේ පොත, මෑතකාලයේ මා ඉතා ආශාවෙන්ම කියවා නිම කල පොතක්

ටිම් මාශල් ඔබට ස්තූතියි.

Many Thanks Tim Marshall.....

2222