Friday 7 February 2020

ඩෝකින්ස්ගේ ජාන හා ආත්මවාදය.....

මේ දවස්වල මං ආසාවෙන් කියවන පොත-ඩෝකින්ස්ගේ සෙල්‍ෆිශ් ජීන් ( The Selfish Gene- Richard Dawkins).....ආත්මාර්ථකාමී ජාන කියලා සිංහලට පරිවර්තනය කරන්න පුළුවන්. මේ පොත පරිණාමවාදය, ස්භාවික වරණය වැනි ජීව විද්‍යාත්මක කරුණු වලට ටිකක් බරයි

මීට අවුරුදු 25 කට ඉස්සෙල්ලා ආහාර දාම කියලා දෙයක් ඉගෙන ගත්තා කියාලා යංතං මතකයක් විතරක්  ඇරුනු කොට ජීව විද්‍යාව,  සත්ව විද්‍යාව ගැන මෙලෝ අලබෝලයක් නොදන්නා මං වගේ අයෙකුට මේ පොත කියවන එක ටිකක් වෙහෙසකර වැඩක්...ඒත් මේ පොත නොකියවා අහකින් තැබීමට හිත ඉඩ දෙන්නේ නෑ...

ඉතින් මේ වගේ ටිකක් අමාරු පොතක් කියවන කොට පොඩි සපෝර්ට් එකක් ඕනා කරනවා.....ත්‍රිපිටකය  තේරුම් ගන්න අ‍ටුවා,ටිකා , ටිප්පණි තියෙනෙවා වගේ, මේ පොත තේරුම් ගන්නත් මේ ගැන සරලව ලියපු ලිපි,යු ටියුබ් වීඩියෝ තියෙනවා..

පල්ලෙහා තියෙන්නේ ඒ වගේ සෙල්‍ෆිශ් ජීන් ගැන කරපු හොද වීඩියෝ එකක්..... ලෝකයේ එක දිගට ගලා ගෙන යන දේ ජාන......මිනිස්සු, සත්තු , ගස් වැල් කියන්නේ, ජාන වල අඛණ්ඩ පැවැත්මට, ජාන එක දිගට ගලා ගෙන යන්න අවශ්‍ය බොඩිය විතරයි. ඕන නම් හින්දුආගමෙත් , බුද්ධාගමේ යන්තමිනුත් කියැවෙන ආත්මවාදයටත්  ඩෝකින්ස්ගේ ජාන කථාව සම්බන්ධ කරන්න පුලුවන්...






මේ යූ ටියුබ් චැනල් එකේ තියෙන අනෙක් වීඩියෝත් ඉතා හොදයි...ඒ වීඩියෝ ටිකත් බලන්න කියලා ආරාධනා කරනවා.


2222