Saturday 3 July 2010

සිංහල ලේ පාරිශුද්ධ ද? -2 කොටස




මයියා ගේ පසුගිය ලිපියෙන් මයියා සිංහල ජාතියේ ආරම්භය පිලිබද දැනට ඉදිරිපත් කෙරී ඇති මත කීපයක් ගෙන හැර දැක්වූවා. මේ විශය ඇතැම් දෙනා අනවශ්‍ය දෙයක් ලෙස බැහැර කලද, මයියා ගේ අදහස ඊට වෙනස් ය. මේ සම්භන්දයෙන් කේරී ඇති අධ්‍යන කටයුතු මේන් ම , විවිද මතිමතාන්තර ගැනද දැනුවත් වීම අනාගතයේදී තවත් පිරබාහරන් කෙනෙකු, සිංහල හිට්ලර් කෙනෙකු බිහිවීම වැලැක්විය හැකි ක්‍රමය බව මයියා ගේ ව්ශ්වාසය ය.

මෙවර ලිපියේන් මයියා ඉදිරිපත් කිරීමට අදහස් කරන්නේ සිංහලයාගේ ලේ වල ජානමය සම්භන්දතා පිලිබද දැනට කෙරී ඇති විද්‍යාත්මක පරීක්ෂණ කීපයක් පිලිබද ව මයියාට ඇස ගැටුනු කාරණා කීපයක් ඉදිරිපත් කිරීමටය.

පලමු වරට සිංහලයාගේ ජානමය සම්භන්දතා ගැන විස්තරාත්මක විද්‍යාත්මක පරීක්ශනයක් කෙරී ඇත්තේ 1961 වසරේදී අර්.එල්.කර්ක් නැමත්තෙකු අතිනි. මෙය සිදු කර ඇත්තේ දකුනු ඉන්දීය හා අග්නිදිග ආසියානු කලාපයේ මිනිසුන්ගේ රුදිරය හා සම්භ්න්දව ඔහු කල පරික්ශන වල ප්‍රතිඵලයක් ලෙසය. ඉන්පසුව ඔහු 1972 වසරේ දී වඩා විස්තරාත්මක ලෙස ලංකාවට විජය කුමරුගේ පැමිණීම ද සම්භන්ද කර ගේන රුදිරයේ ජානමය සම්භන්ද පරීක්ශන වාර්තාවක් ඉදිරිපත් කලා.ඔහුට අනුව සිංහලයින්ගේ ජානමය සම්භන්දතාව වඩා ලංවන්නේ දකුණු ඉන්දීයානු දෙමල, කේරල හා බෙංගාල වැසියන්ටය. මෙහිදී ඔහු ඉන්දියාවේ වයඹ දිග සිට පැමිනි විජය කුමරුගේ වංශකථාව ප්‍රතික්ශේප නොකරන නමුත් ඔහු කියා සිටින්නේ පසු කාලයේ තමින්නාඩුවේන් හා බෙංගාලයේන් පැමිණි සංක්‍රමිකයන්ගේන් සිංහලයාට ලැබුනු ජානමය දායකත්වය ඉතා ප්‍රබල බවයි.

ඉන්පසුව වැදගත් වන්නේ එන්. සහා නමැත්තෙකු 1988 දී කරන ලද පරීක්ෂනයි. මේහිදී ඔහු කියා සිටින්නේ වර්ථමානයේ සිංහල ජනතාවත්, දෙමල ජනතාවත් අතර පැහැදිලිව දැක්විය හැකි කිසිදු ජානමය වෙනස්කමක් නොමැති බවයි.තවදුරටත් ඔහු අවධාරනය කර සිටින්නේ විජය කුමරුගේ වංශකථාව සනාථ කිරීමට ජානමය සම්භන්දතාවයක් නැති බවයි. මොහුගේ පරීක්ශණවල තිබෙන ප්‍රධාන දුර්වලතාවයක් වන්නේ මොහු පරීකශනවලට සහභාගී කරගෙන ඇත්තේ සිංගප්පූරුවේ වෛද්‍ය මධ්‍යස්ථානයකට පැමිනි නැදැ නොවන, පිරිමි ශ්‍රී ලාංකිකයන් 260 ක් පමණක් වීමය.කෙසේ නමුත් 1989 දී නැවත ඔහු කරන ලද පරීකශන වලින් සිංහල හා බෙන්ගාල වැසියන් අතර සම්භන්දතාවය ඔහු පිලිඅරගේන තිබෙනවා.

ඉන්පසුව වැදගත් වන්නේ 1995 වසරේදී ගෞතම් කුමාර් ශ්‍රාස්ත්‍රි කරන ලද පරීකශනයයි. මොහුගේ පරීක්ෂන වාර්තාව ට අනුව සිංහල , දේමල ජන්වර්ගයන් දෙකම , පාරම්පරික වැදි ගෝත්‍රිකයන්ට දක්වන ජාන සම්භන්ධතාවය ඉතා දුරස් අතර වැඩි සම්භන්දතාවක් දක්වන්නේ දකුණු ඉනදියානුවන්ටය. තවදුරටත් ඔහු කියා සිටින්නේ සිංහල ජාන බෙංගාලි වැසියන්ට වඩා දකුණු ඉන්දීය වසියන්ට වැඩි සමීපතාවයක් දක්වන බවයි. මොහු කියා සිටින තවත් වැදගත් කථාවක් වනුයේ ලංකාවේ දෙමල ජනයාගේ ජාන වලට වැඩිම සම්දන්ධතවයක් ඇත්තේ දකුණු ඉන්දීය වැසියන්ටත් වඩා සිංහල ජාතිකයන්ගෙන් බවයි.

අවසාන වශයෙන් පාපියා, මස්ටානා හා ජයසේකර යන අය 1997 දී කරන ලද පරීක්ශනය වැදගත් වේනවා.මොවුන් ශ්‍රි ලාංකිකයන් 508 ක් ගේ රුදිර සාම්පල ඇසුරෙන් තම පරීක්ශනය කර තිබේනවා. මොවුන් ප්‍රකාශ කරන අන්දමට ශ්‍රී ලාංකික දෙමල හා සිංහලයන් අතර සමීප ජාන සම්බන්දතවක් තිබෙන අතර සිංහලයන් හා බෙංගාලි ජාතිකයන් අතරද සමීප සම්භන්දතාවයක් තිබේනවා.

අවසාන ලෙස මෙම පරීක්ශන සියල්ලම සැලකීමේදී පෙනී යන්නේ කුමක්ද? සිංහලයා ගේ ආරම්භය කෙසේ සිදුවුවත් වර්තමානය වන විට සිංහලයාත් , දෙමලාත් ජානමය අතින් හොදහැටි මිශ්‍ර වී ඇති බවය. සංස්ක්‍රතිය, භාෂාව හා ආගම යන සියලු අතින් සිංහලයත්, දෙමලාත් බොහෝ වෙනස් ය. නමුත් මේ දෙදෙනා අතර ඇති ලේ නෑ කම නම් මේ දේගොල්ලෝම කැමති උවත් , අකැමති උවත් ප්‍රතික්ශේප කල නොහැකි බව නම් මයියා ට තේරුම් යනවාය.

50 comments:

  1. මය්යා, ලිපියට ගොඩාක් ස්තූතියි.

    මා මෙතේක් අයිතිහාසික හා පුරාවිද්යාත්මක සාධක මත පදනම් වෙමින් එකී විශයයන්ට අයත් ක්‍රමවේදයන් හෑකිතරම් භාවිතා කරමින්, මා පිළිගත් බුදුදහමේ දාර්ශනික පදනම මත ද පිහිටා කීමට උත්සාහ කළ දෙයක් ඔබ සම්පූර්ණයෙන්ම වෙනත් වඩාත් ශක්තිමත් සාධක මත ඉදිරිපත් කර තිබෙනවා.

    වෙනත් තෑනක මා ලියූ මේ සටහන් ඔබට මතක ඈති.
    "මේ ලියන මම කලක් හිටියේ ඉන්දියාවේ. ලංකාවේ අය 20ක් විතර අපිත් එක්ක මෙහෙ හිටිය. අපි කාවවත් මෙහෙ මිනිස්සු ලංකාවේ අය කියා අඳුණගත්තේ නෑ. කොහේ ගියත් අපිට සැලකුවේ කේරල හෝ දෙමළ කියායි. පුරාවිද්‍යා ස්ථානවලදි විදේශිකයෝ US $ 5ක් ගෙවන්න ඕන. ඒත් අපි ගෙව්වේ ඉන්දියන් රුපියල් 10 ක් විතරයි. ඒ අපිව දකුණු ඉන්දියානුවො කියල සැලකෙන නිසා. කිසිදාක ප්‍රශ්නයක් වුණේ නෑ."

    "මම ඉන්දියානු විශ්වවිද්‍යාලයක මාස්ටර්ස් කරන කාලයේ ලංකාවෙන් අලුත් සිංහල ශිෂ්‍යාවන් දෙදෙනෙකු එම විශ්වවිද්‍යාලයට පැමිණියා. ටික කලක් ගිය පසු මා වෙත පැමිනි ඔවුන්
    "හරි වැඩේනෙ.. මෙහෙ කෙල්ලො අපිට සලකන්නෙ අපි සවුත් ඉන්ඩියන්ස්ලා හැටියට.. මුලින් අපිව ගණන් ගත්තේවත් නෑ". කියල මහත් දොම්නස් මූනෙන් කියා හිටියා.

    "ඉතින් මොකක්ද ඒකෙ ඇති ව‍රැද්ද?" මම ඇහුවා.

    "අපි දකුණු ඉන්දියන් යැ?.. අපි පැවත එන්නෙ උතුරු ඉන්දියන් ආර්යයන්ගෙන්නෙ.." අමනාප මුනෙන්ම එක සහෝදරික් කිව්ව. මට හිනාව නවත්ත ගන්න බෑ.

    "ඉතින් අපි උතුරු ඉන්දියානුවන් ගෙන් පැවත එනවා නම් අපි උතුරු ඉන්දියාවට ආවම උතුරු ඉන්දියාවේ මිනිස්සු අපිව වැළඳ ගන්න ඕනනේ,.. ඔයාල අපි වගේමයි කියල. ඇයි ඒ අය අපිට දකුණු ඉන්දියානුවො හැටියට සලකන්නේ?"

    "ඒක තමයි අපිටත් තියෙන ප්‍රශ්නෙ"

    "ඒක ප්‍රශ්නෙ නෙවෙයි. ඒක තමයි පිළිතුර. අපිව හැබෑ අපෙන් ඈත් කරල අපිට කිසි සම්බන්ධයක් නැති එහෙමත් නැත්නම් සාපේක්ෂවශයෙන් අඩු සම්බන්ධයක් ඇති තැනකට ගැටගහල තියේනවා. මොකකදෝ සැගවුණු අරමුණක් වෙනුවෙන්" මම කිව්වා.

    අපි දකුණු ඉන්දියානු මානව වර්ගයකට ළඟ නෑකම් කියන බව ඇහුවාම ඔයාල අතර සමහර කෙනෙක් උනත් කළබල් වෙයි. මොකද මටත් ඒහෙම උනා මුලින්. මොකද අපේ මොළ හෝදල ත්යෙන නිසා. එහෙම තත්වයක් ඇතිවුනොත් මහාවංසය සෙල්ලිපි හා අපේ ජාතියේ ආරම්භය ගැන ලියා ඇති පර්යේෂණ ලිපි සොයා කියවීමට කාලය නාස්ති නොකර වහාම කන්නාඩියක් ඉදිරියට යන්න. එය ඔබට ඇත්ත කියාවි."

    මේ මගේ අත්දෑකීම් ඔබ ඉදිරිපත් කරන අදහස සමග හොඳටම සම්බන්න්ධවෙනවා. ඒ විතරක් නෙවෙයි. මා හිටි හොස්ටල් එකෙ සිංහල කීප දෙනෙක් හිටියා. මෙස් එකෙ කෑමට ඉඳගන්න කොට අපි නොදෑනීම ඉඳගන්නේ ඔයකියන ප්‍රදේශවල ඉන්දියානු ශිෂ්යයො ඉඳගන්න මේසේ. අපි උතුරු ඉන්දියානු ශිෂ්යයන් යාලුවො හෑට්යට ආශ්‍රය කළ එක වෙනම දෙයක්. මෙය අපි දෑනගෙන හිතාමතා කළ දෙයක් නෙවෙයි. මෙය මම මුලින්ම පෙන්වා දුන්නම මගේ සිංහල යාලුවන්ටත් පුදුම හිතුණා. අපි වඩා ළඟ ඔබ පෙන්වා දෙන ජන පිරිසට මිස උතුරු ඉන්දියානුන්ට නෙවෙයි. ඔබේ ලිපිය කියෙව්වම ඈති වුණේ පුදුම සතුටක්.

    මේ කි පර්යේෂණ වාර්තා මා කියවා නෑ. ඒවායේ තොරතුරු ලබා දෙනවානම් ගොඩාක් ඉස්තූතිවන්ත වෙනවා. ඒවා කියවීමට මා ඉතා ආසාවෙන් ඉන්නා බෑවින්. ඔබට පහත ඊ මේල් ලිපිනයට වුවත් ඒ තොරතුරු එවිය හෑකියි. මා මෙතෙක් ගොඩනෑංවීමට උත්සාහ කළ තර්කයන් වඩාත් ශක්තිමත් ලෙස ගොඩනෑංවිය හෑකියි ඔබ සපයා ඈති තොරතුරු මත. නෑවතත් ස්තූතියි

    pitastharaya2@gmail.com

    ReplyDelete
  2. මයියා4 July 2010 at 05:29

    පිටස්තරයා -2 ගේ අදහස් දැක්වීමට ස්තුතියි. මයියා පිටස්තරයා-2 ගේ සියලු ලිපි කියවා ඇති බැවින් පිටස්තරයා-2 සදහන් කර ඇති කරුණු මයියා ට ඇස ගැටී තිබෙනවා.

    මයියා මේ සියලු ශ්‍රාස්ත්‍රිය අවශ්‍ය ඕනැම අයෙකුට පත් කිරීමට සුදානම්. මේම් මොහ්තේම පිටස්තරය -2 ට මෙය ලැබීමට සැලැස්වීමට ඇති එකම බාදාව නම් මයියා ගේ විද්‍යුත් ලිපිනය හරහා මයියා ගේ අනන්‍යතාවය පිටස්තරයා-2 ට එලි වීමයි. නමුත් මයියා මේ සදහා වැඩ පිලිවෙලක් යොදන්න සුදානම්.

    කෙසේ නමුත් අදාල ලිපි වල විස්තර මයියා පහත දක්වා තිබේනවා

    ReplyDelete
  3. මයියා4 July 2010 at 05:37

    Kirk, R. L. (1972). The Legend of Prince Vijaya-A Study of Sinhalese Origins. AM. J. PHYS.A NTHRO, 45, 91-100.

    Kshatria, G. K. (1995). Genetic Affinities of Sri Lankan Population. 67, 6, 843-866.

    N.Saha (1988). Blood genetic markers in Sri Lankan populations- reappraisal of the legend of prince Vijaya. American Journal of Physical Anthropology, 76, 217-225.

    Paphia, S. S., Mastana, S. S., & Jayasekara, R. (1996). Genetic variations in Sri Lanka. Human Biology, 68(5), 707-737.

    ReplyDelete
  4. Thanks. This post has some much-needed information for all Sri Lankans.

    ReplyDelete
  5. තවත් කාරණයක් - නලින් ද සිල්වලට, හෙළ උරුමෙට, කලන්තෙ දායි මේව දැක්කොත්. නලින් ගොයිය නම් කෙලින්ම කියයි මේ බටහිර විද්‍යා අර්ථකථන අපි පිලිගන්නෙ නෑ කියල.

    ReplyDelete
  6. මයියා4 July 2010 at 06:29

    @ TVS

    TVS ගේ පැමිණීමට හා අදහස් දැක්වීමට මයියා ගේ ස්තූතිය.

    මයියා මේ ලිපි මගින් කිසිම පුද්ගලයෙකු, දේශපාලන පක්ශයක් හෝ විවේචනය කිරීමට උත්සහ කරන්නේ නැත.

    මේ ලිපිය මගින් දැනට කෙරී ඇති විද්‍යැත්මක කරුනු පමනක් ඉදිරිපත් කර් ඇත.

    මයියා ගේ අදහස මීලග ලිපියකින් ඉදිරිපත් කිරීමට සිතා සිටිනවා ය.

    ReplyDelete
    Replies
    1. Pitastharaya saha mayya....I appreciate you both..you both are trying to give some light to ordinary people..concerning what we are and what others are...it important to know how it was.....it helps ordinary man to think correctly and not to be prejudiced...it may more helpful to avoid traps ..laid by politicians using ,,,deep rooted nationalism...of different cultures....you both doing a big favour to common man...in uncanny ways to understand..those political traps....it was too late for me to come across this blog...

      Delete
  7. දැනුවත් කිරීමට ස්තුතියි. ජාන පමණක්ම නොවෙයි. අපේ කෑම බීම (කොන්ඩ කැවුම්, කොකිස්..... etc ) වගේම නැ‍ටුම් කලාව, ඔවුන් නැ‍ටුමට පලඳින ඇඳුම්, වර්ණ, පාද හා අත් හසුරවන ආකාරය, දෙබස් පවා කේරලයේ ඇතැම් අංග වලට පුදුම විදියට සමානයි. (මම කියන්නෙ අත්දැකීමෙන්). එක්කෝ අපේ අය ඒවා දැකලා නෑ. නැත්තං අපිට ඒවා හංගනවා.

    ReplyDelete
  8. ඔයා ඉස්සෙල්ලා හරියට ටයිප් කරන්න ඉගෙනගෙන ඉන්න සිංහල කියල ලියන්නෙ "සිOහල" කියල නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. වරද්ද වරද්දා හරි අපේ සිංහලෙන් ලියන එක නේද සහෝ වැදගත්... අඩුපාඩු කා අතින් වුනත් වෙනවා... ඒවා හදාගන්න පුළුවනි...!

      Delete
  9. මයියා,

    1. ඔබගේ ලිපියේ ප්‍රවේශයම හේතු දෙකක් නිසා වැරදිය යන්න පුක්කුසාතීගේ මතයයි. ජානමය හෝ රුධිරමය පාරිශුද්ධත්වය පිළිඹද කිචියක් (පොදුවේ) සිංහළයන්ට කෙදිනකවත් තිබුණේ නැත (සිංහළයන්ගේ ආර්යත්වය ගැන කතා කළ බොහෝ උගතුන් පවා මූලිකවම තැත් කළේ සිංහළ සංස්කෘතිය 'ආර්ය මූලික' සංස්කෘතියක් බව තහවුරු කිරීමට මිසක සිංහළයන් රුධිරමය වශයෙන් පාරිශුද්ධ ආර්ය ජන වර්ගයක්ය යන්න තහවුරු කිරීමට නොවන බව ඔබ නිර්රික්ෂණය කොට ඇතැයි සිතමි). විජය රජු මදුරාවෙන් කුමරියක ගෙන්වා ගත්දා සිට තවදුරටත් තම පෙළපත් පාරිශුද්ධත්වයක් ගැන සිහින මැවීමට සිංහළයන්ට උවමනාවක් හෝ ඇම්මක් තිබිය නොහැක. හැරත් එවැනි කිචියක් සිංහළයන්ට කෙදිනකවත් නොතිබුණු වගට වංශකතාම සාක්කි දරණු ඇත. ඉදිං ඔබ මේ කර ඇත්තේ සිංහළයන්ටවත් කිසි දිනෙක පැනයක් නොවූ දෙයකට (බළෙන්) පිළිතුරු දීමයි. ඔබගේ ලිපියේ ප්‍රවේශයේදීම ඔබ කර ඇතැයි පුක්කුසාතීට සිතෙන පළමු වැරද්ද එයයි.

    2. සිංහළයන් යනු ජාතියක් (nation) මිසක ජනවර්ගයක් (ethnicity) නොවේ. ජාතියක් බිහිවන්නේ සංස්කෘතික අනන්යතාවයක් මතක මිස රුධිරමය (හෝ ජානමය) සම්බන්ධතාවයක් මත නොවේ. සිංහළයන් අවම වශයෙන් වංශකතා කියැවුණු අවදියේ සිටම තමුන් ජාතියක් ලෙස සැළකා ඇත. සිංහළයන් සිංහළයන් වූයේ යම් නිශ්චිත සංස්ක්‍රිතියකට අනුගත වීමෙන් මිසක රුධිරමය හෝ ඥාති සබඳතා මත නොවන බවට ප්‍රමාණවත් සාක්ශි ඉතිහාසයෙන් සොයා ගත හැක. එවන් වූ ජාතියක රුධිරම හෝ ජානමය පාරිශුද්ධත්වයක් විග්‍රහ කර ගැනීමට යෑම යම් නිශ්චිත ලබ්දියක් මත පදනම් වූ ආගමික කොටසක ජානමය පාරිශුද්ධත්වය සෙවීමට යෑමකට වෙනස් නැත. පුක්කුසාතීට තේරෙන හැටියට ඔබ ලිපියේ ප්‍රවේශයේදීම කරන දෙවන වැ‍රැද්ද එයයි.

    - පුක්කුසාතී

    සටහන: ගෞතම් කුමාර් ක්ෂත්‍රියගේ පර්යේශණ වාර්තාව මීට වසර කිහිපයකට පෙර පුක්කුසාතීටද කියවන්න ලැබුණි. ඔහුගේ මතකයේ හැටියට එම වාර්තාවේ කොතනකවත් ඔහු සිංහළ සහ දෙමළ යන ජන කොටස් දෙකටම වැද්දන්ගෙන් ලැබුණු ජානමය දායකත්වය ඉතා දුරස් යැයි සඳන් කොට නැත. ඔහු පවසා තිබුණේ සිංහළ නියැදියට වැදි ජාන්වලින් ලැබී තිබුණු දායකත්වය අවම වූ බවත් (>5%) දෙමළ නියැදියට එවන් කිසිම දායකත්වයක් වැදි ජානවලිං ලැබී නොතිබූ වගත්ය (අදාළ ලිපිය සොයා ගැනීමට හැකි වුවහොත් මීට අදාළ කොටස උපුටා දැක්වීමට පුක්කුසාතී බලාපොරොත්තුවෙයි).

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. "තවත් කාරණයක් - නලින් ද සිල්වලට, හෙළ උරුමෙට, කලන්තෙ දායි මේව දැක්කොත්."

    TVS,

    අදාළ පුද්ගලයන් සහ පක්ෂ උක්ත කාරණා සම්බන්ධයෙන් පවසා ඇත්තේ කුමක්දැයි ඔබ නොදන්නේ නම් කළ යුත්තේ ඒවා සොයා ගෙන කියවීම මිසක උක්ත සොයා ගැනීම් දු‍ටුවේ නම් එම පුදගලයන්ට කලන්තෙ දමනු ඇතැයි පණ්ඩිතමානීව පැවසීම නොවේ. නිදසුනක් ලෙස පහත සඳහන් කොටස් උපුටා දක්වා ඇත්තේ 'දි අයිලන්ඩ්' පුවත් පතේ 'මිඩ් වීක් රිවීව්' නම් කොටසට නලින් ද සිල්වා මහතා 2006 සහ 2009 යන වසර වල ලියූ ලිපි දෙකකිනි.

    "It is true that Dravidians and also non Dravidians have migrated to Sri Lanka over a long peroid intermittently and become Sinhala in the process...Sinhalisation was not different from other assimilation-s that have taken place in the other parts of the world which takes place when migration is not in large numbers at a time, and when the migrants do not concentrate in specific areas.

    The castes such as kowiar and nalawar among the Tamils consist of descendants of gowias and toddy tappers among the Sinhalas who lived in Jaffna when the Portuguese came to Sri Lanka.

    A consistent picture begins to emerge when one considers the present population of Jaffna to be descendants of Sinhala people who were living in Jaffna even during the Dutch period (the present Kowiar cast etc.,) the Velakakaras who were brought by the Sinhala kings from Kerala and the farmers (Vellala) who were brought by the Dutch for their tobacco cultivation. The Vellalas became the dominant caste due to their numbers, economic strength and also the patronage given by the Dutch, and the population became one speaking Tamil with a culture very similar to, but not identical with, that in Tamil Nadu. Today we identify them as Jaffna Tamils irrespective of their origin, and I would say that Jaffna Tamils are a very important segment of the Sri Lankan population.


    මයියා උපුටා දක්වා ඇති කරුණු දැක අදාළ පුද්ගලයන්ට කලන්තය හැදීම කෙසේ වෙතත් නලීන් ද සිල්වා ලියා ඇති ඉහත කොටස් කියවා TVSට කලන්තය හැදුණොත් පුක්කුසාතී නම් පුදුම නොවනු ඇත.

    -පුක්කුසාතී.

    ReplyDelete
  12. මයියා5 July 2010 at 13:29

    @ SOLO


    ඔබගේ අදහසට මයියා ගේ ස්තුතිය. ඔබ පේලි කීපයකින් ලියා ඇති මුත් ඔබ යොජනා කර ඇති අOශ පිලිබද පුලුල් අධ්‍යනයක් කල යුතු බව මයියා ගේ අදහසය. මේ පිලිබද ව ඒ ඒ අදාල ක්ෂෙත්‍ර වල ප්‍රවීනයන් ගේ යොමුවීම ඉතා වැදගත් වනු ඇත.

    @ Google Bot

    ඔබගේ අදහස් දැක්වීමට මයියා ගේ ස්තුතිය.

    මයියගේ කී බොඩ් එකේ ඇති ගැටලුවක් බැවින් බින්දුව හරිහැටි ටයිප් කිරීමට නොහැක. ඒ පිලිබදව මයියා කලින්ද සටහනක් තබා අති අතර කියවීමේදී ඔබට සිදු වී ඇති අපහසුතාවය ගැන මයියා කණගාටු වෙනවාය.

    ReplyDelete
  13. මේ ගැන මගේ අදහස...
    http://upashantha.blogspot.com/2010/06/iifa.html

    ReplyDelete
  14. මයියා5 July 2010 at 15:31

    @ පුක්කුසාතී,

    ඔබගේ අදහස් දැක්වීමට මයියා ගේ ස්තුතිය.

    පුක්කුසාතිගේ සටහනේ බස හසුරුවීම මදක් අවේගශීලී බව මයියා ට සිතෙන් නමුත් ඔහු ඉදිරිපත් කරන එක කරුණකට හැර අන් සියලු මතයන්ට මයියා එකගය.

    මේ ලිපිය ලිවීමට මයියාට ඇති අයිතිය හා කිචිය සම්භන්ධයෙන් පුක්කුසාති ඉදිරිපත් කර ඇති කරුනු සම්භන්ධයෙන් මයියා ට එකග විය නොහැකි අතර ඒ පිලිබද මයියා ගේ කණගාටුවද ප්‍රකාශ කර සිටියි. විශ්වාසනීය සිOහල දෙමල සම්භන්දයකට ඔවුන් අතර ඇති ලේ සම්භන්දතාවය ඉතා හොද ප්‍රවේශයක් බව මයියා ගේ විශ්වාසයයි.

    ගෞතම් කුමාර් ක්ෂත්‍රියගේ පර්යේශණ වාර්තාව දී මයියා උපුටා ඇත්තේ පහත කොටසටයි.


    “The genetic distance analysis was conducted using 43 alleles controlled by 15 dominant loci in 8 populations and 40 alleles controlled by 13 co dominant loci in 11 population. Both analyses give similar picture indicating that present day Sinhalese and Tamils of Sri Lanka are closer to Indian Tamils and South Indian Muslims. They are farthest from Veddahas and quite distant from Gujaratis and Punjabis of northwest India and Bengalis of North east India” (Kshatria, 1995)


    Kshatria, G. K. (1995). Genetic Affinities of Sri Lankan Population. Human Biology, 67(6), 843-866.
    කෙසේ නමුත් එම ලිපියට අනුව සිOහලයාගේ ජාන සම්භන්ධතාවය පහත පරිදි වේ.

    ඉන්දීය දෙමල 69.86%
    බෙOගාල 25.41%
    වැදි 4.73%

    තවද ලOකා දෙමලාගේ ජාන සම්භන්දතාවය පහත පරිදි වේ.

    සිOහල 55.20%
    බෙOගාල 28.17%
    ඉන්දියානු දෙමල 16.63%


    මයියා ගේ උපුටා ගැනීම අනුව දෙමල වර්ගයාටද , වැදි ජාන යන්තමින් හෝ උරුම වී ඇති බවක් දැක්වෙන අතර එය නිවරදි නොවේ. ඒ පිලිබදව මයියා පාඨකයගේන් සමාව ඉල්ල්න අතර, එය පෙන්වා දුන් පුක්කුසාතිට මයියා ගේ ස්තුතිය.


    Honest disagreement is often a good sign of progress.
    - Mohandas (Mahatma) Gandhi


    මයියා මෙම ලිපිය මගින් කිසිදු දේශපාලන පක්ශයකට හෝ පුද්ගලයකුට හෝ අගෞරවයක් අපහාසයක් කිරීමට උත්සහ දරා නැති අතර , සටහන් තබා යන පාඨකයන් ගේ අදහස් වලට මයියා ඉතා ගරු කරනවාය. නමුත් පාඨකයන්ගේ අදහස් වලට මයියා ට වගකීමක් දැරිය නොහැකි බව නම් ඉතින් කාට කාටත් තේරුම් යා යුතුය.

    ReplyDelete
  15. මේවා දැක්නාම මේධානන්දට කලන්තය සෑදී දාඩිය දමනු ඇත.

    ReplyDelete
  16. මයියා5 July 2010 at 16:22

    @ඉන්දික උපශාන්ත

    ඔබගේ ලිපියේ කේරල හා සිOහලයන් අතර සOස්කෘතික සමීප සම්භන්දකම ගැන කොටස මයියා ගේ සිත් ගත් අතර මේයට පෙර SOLO විසින්ද මේ ගැන සදහන් කර තිබුනි.

    ඒ පිලිබදව ඉන්දිකට තුති.

    ReplyDelete
  17. මයියා5 July 2010 at 16:37

    @බෙයොන්ඩ්ෆ්‍රමෙ


    බියොන්ඩ්ෆ්‍රෙම් ගේ අදහස් දැක්වීමට තුති.

    පුද්ගලයකුට ගරු කටයුතු ලෙස ඇමතීම මයියා ඉතා අගය කොට සලකනවාය.

    ඔබ කියනා කරුණ ගැන මයියා ට අවබෝධයක් නැත

    ReplyDelete
  18. //ජානමය හෝ රුධිරමය පාරිශුද්ධත්වය පිළිඹද කිචියක් (පොදුවේ) සිංහළයන්ට කෙදිනකවත් තිබුණේ නැත//

    මාගේ අදහස නම් '...සිංහළයන්ට හා දෙම්ළ අයට රුධිරමය පාරිශුද්ධත්වය පිළිඹද කිසිදු උනන්දුවක් (කිචියක්?) ඉන්ග්‍රීසින් පෑමිණෙන තෙක් තිබුණේ නැත' කියා එය සකස් විය යුතුබවයි. ඒ ඉන්ග්‍රීසින් පෑමිණෙන්නට පෙර මෙහිසිටි ජනයාට ජාතිය වත් භාෂාව වත් ආගම වත් ලොකු ප්‍රශ්න කරගන්නේ නෑතිව එකිනෙකා අතර ආවාහ විවාහ කර ගනිමින් නෑ සබඳතා ගොඩනගා ගනිමින් ජීවත් වෙන්න පුළුවන් වුණුනිසයි. මෙහි ආ ඉන්ග්‍රීසීනුයි අපිට කියා දුන්නේ සිංහල වන නුඹලා උතුරු ඉන්දීය අර්ය මූලයකට සම්බන්ධයි කියා හා දෙමළ ජනයා සම්පූර්ණයෙන්ම ඉන් වෙන්ස්ම මූලයකට සම්බන්ධයි කියා. සාමාන්ය ජනයා අතර අද මුල්බෑසගෙන ඈත්තේ මේ අදහසය මිස භාෂා සංස්කෘතික වෙනස පිළිබඳ අදහස නොවේය යනු මගේ අදහසයි. ඒ නිසාම අප දෙපිරිස අතීත නෑයන්ය කියන අදහස මතු කරන එක එතරම් පහසු නෑ. උදාහරණයකට මයියා ඉදිරිපත්කරන අදහසම මම අයිතිහාසික කරුණුමත පිහිටා වරක් ප්‍රකාෂ කළවිට ආ ප්‍රතිචාරයක කොටසක් මෙහි යොදනවා.

    "අනේ පල බන් යන්න ,ඔබ එතකොට කියන්නෙ අපි දෙමළ කියලද
    ඔන්න ඔතන තමයි නැට්ට පාගගෙන තියෙන්නෙ ,මම මේ ජාති භේද ඇති කරන්න හදනවා නෙවේ මෙක ඇත්ත ,දෙමළ කියන්නෙ Dravidian-People ,සිංහල කියන්නෙ Indo-Aryan ,එතකොට අපි පර්සියාව ,අෆ්ගනිස්තානය ,වගේ Indo-Iranian people ලට නෑකම් දක්වනවා ,මොකද ඔය ආර්ය සංකල්පය බොහොම දිගු ඉතිහාසයක් තියෙන පුලුල් විහිදුනු දෙයක්"

    ඉන්ග්‍රීසින් කළ බෙදීම දිගටම පවත්වාගෙන යාම පිළිබඳ අදහස් මිස ඒය නෑවත ඉන්ග්‍රීසින් පෑමිණීමට පෙර තිබූ තත්ත්වයට ගෙන ඒමට අවස්යකරන සාකච්චා ඉතාම අඩුයි. අපේ 'ජාතික බලවේග' කියා නම් ලබන අය ඉදිරිපත් කරන අදහස් ඈත්තටම සේවය කරන්නේ ඉන්ග්‍රීසින් ලබා දුන් දායාද දිගටම පවත්වාගෙන යන්න නෙයිද කියල පරීක්ෂාවෙන් බලන ලෙස කියවන හෑමගෙන්ම ඉල්ලනවා.

    ReplyDelete
  19. "පුක්කුසාතිගේ සටහනේ බස හසුරුවීම මදක් අවේගශීලී බව මයියා ට සිතෙන් නමුත් ඔහු ඉදිරිපත් කරන එක කරුණකට හැර අන් සියලු මතයන්ට මයියා එකගය."

    මයියෝ,

    පුක්කුසාතී යනු ඉතා අහිංසක ප්රාණියෙකි. සැර පාටට පෙනුනද ඒ.ටී ආරියර්ත්නටත් වඩා ශාන්ති වාදියෙකි. සිවිල් සොසයිටිකාරයකු නොවුණද හෙතෙමේද සාම ලෝලියෙකි. කොටින්ම උහු සන්ලයිට් කැටයක් මෙන් පෙනුනද පැකින්වත් නොකැඩූ බේබි සෝප් කෑල්ලකි.

    එබැවින් ඔහුගේ බස හැසිරවීමේ යම් ආවේගශීලීත්වයක් පෙනුනේ නම් පුක්කුසාතී ඒ ගැන අවංකවම කණගාටුවෙයි. මයියාගේ මේ ප්රයත්නය් ගැන ඔහුගේ කිසිම අහිතක් නැත. මයියාට ඔහුගේ මතය කීමට ඇති අයිතියද පුක්කුසාතී අභියෝගයට ලක්කොට නොමැත. ඔහුට තිබුණු එකම ගැටළුව මෙහි සිංහළයන්ට ඇති අදාළත්වය සම්බන්ධයෙනි. ප්රවේශය වැරදියයි ඔහුට සිතුණේ එබැවිණි. සිංහළයන් තමුන්ගේ පාරිශුද්ධත්වය කෙදිනකවත් ආභරණයක් සේ සළකා නොමැත. ඔවුන් තමුන් ජාතියක් ලෙස දුරාතීතයේ පටං සැළකූ අතර එහි පදනමේම තිබුණේ සංස්කෘතික අනන්යතාවයක් මිසක පෙළපත් පාරිශුද්ධත්වයක්වත් ලේ ඥාති සම්බන්ධතාවයක්වත් නොවේ (සිංහළ අනන්යතාවය වැලඳගත් කාලිංග මූලයන් සහිත නිස්සංක මල්ලලා සිංහළ රජවරුන් වන්නේත් එම අනන්යතාවය පිළිනොගත් කාලිංග මාඝලා ආක්රමණිකයන් වන්නේත් එබැවිණි). පාරිශුද්ධත්වය තුට්ටුවකට මායිම් නොකළ එවන්වූ ජන කොටසකට ඔවුන් පාරිශුද්ධ නැතැයි අමුතුවෙන් ඇඟිල්ලෙන් ඇණ පැවසීම මුත්තයියා මුරලිදරන්ට දඟ පන්දු යැවීමේ වැදගත් කම ගැන පංති පවත්වනවාට දෙවෙනි නැත යනු පුක්කුසාතීගේ හැඟීමයි.

    -පුක්කුසාතී.

    ReplyDelete
  20. මයියා5 July 2010 at 20:07

    @පුක්කුසාති

    'මුත්තයියා මුරලිදරන්ට දඟ පන්දු යැවීමේ වැදගත් කම ගැන පංති පවත්වනවාට දෙවෙනි නැත'

    මෙය නම් අගනා නිර්මාණශීලි කථාවක් බව මයියා ගේ හැගීමය.

    සිOහලයාගේ ශ්‍රේෂ්ඨත්වය ගැන මයියා ට කුප්පි දැමීමත් මේ අගනා කථාවට හොද නිදසුනක් බව මයියා ගේ හැගීමයි.

    ReplyDelete
  21. මයියා5 July 2010 at 21:26

    @පිටස්තරයා-2

    පිටස්තරයා-2 ඉදිරිපත් කර ඇති කරුනට වැඩිමනත් යමක් එක් කිරීමට සිතුවා.

    බ්‍රිතාන්‍යන් 'බේදා වෙන්කර පාලනය කිරීම' ඉතා හොදින සිදු කල අතර මේය ඔවුන්ගේ අදිරාජ්‍යයේ සාර්ථකත්වය ලෙස ද ඇතැමුන් අර්ථ දක්වා තිබේනවා.

    අධිරාජ්‍යයේ පැවැත්ම රදා තිබුනේ දේශීය ජනයා එක්ව නැගීසිටීම පාලනය කිරීම මතයි. මේ සදහා ඔවුන් අතැම් අවස්තාවල එවකටත් තිබු බේදීම උපයොගී කරගත් අතර ඇතැම් තැනකදී නව බෙදීමක් ආරම්භ කලා.

    අයර්ලන්තයේ කතෝලික-ප්‍රොතෙස්තනත, ඉන්දියාවේ හින්දු - මුස්ලිම් බේදය මේ සදහා ප්‍රසිද්ධ උදාහරන.වරක් බ්‍රිතන‍ය උසස් නිලදාරියෙක් උන තෝමස් මැකොලි ප්‍රකාශ කර සිටියේ ඉන්දියාවේ උතුම් දර්ශනයන් මත පදනම් වු චින්තන රටාව බිද දමන් තුරු ඉන්දියාව යටත් කල නොහකි බවයි. ඒ අනුව ඉන්දීය අධ්යපන ක්‍රමය වෙනස් කරනු ලබු අතර ක්‍රමක්‍රමෙයන් ඉOග්‍රීසීන් ට අවශ්‍ය අය එම අධ්යපන ක්‍රමය තුලින් බිහි කලා. නමුත් දිගු දුර දක්නා නුවණක් යුතු මහත්මා ගාන්දි ඉන්දියාවේදි හින්දු මුස්ලිම් භේදය වෙනුවට ඉන්දියානු දර්ශනයන් මත වු අවිහිOසාව මත පදනම් වු මථවාදයක් තුලින් බ්‍රිතන්‍යන් පරාජය කලා පමණක් නොව කවදාවත් නොතිබූ එකසත් භාරතයක් බිහිකිරීමට ද සමත් උනා.

    පිටස්තරයා-2 නිවරදිව පෙන්වා දී අති පරිදි මේරට වර්තමාන ජාතිකත්ව දේශපාලනය තමන් මහත් සේ අගය කරන බෞද්ධ දර්ශනයේ හරයන් පසෙකලා, සුදදා ගේ මතවාදීමය නශ්ටාවශේෂ වල ඇලෙමින් තම ගමන් මග තීරණය කිරීමේ නොදැනුවත් උත්සහයක යෙදන අතර, 30 වසරක් යුද්දය අවසානයේ ජාතිකතව දේශපාලනය ස්ව‍යOකතිකාවක යෙදිය යුතු සOදිස්ථානයකට පිවිස ඇති බව මයියා ගේ විශ්වාසයයි.

    ReplyDelete
  22. //දුර දක්නා නුවණක් යුතු මහත්මා ගාන්දි ඉන්දියාවේදි හින්දු මුස්ලිම් භේදය වෙනුවට ඉන්දියානු දර්ශනයන් මත වු අවිහිOසාව මත පදනම් වු මථවාදයක් තුලින් බ්‍රිතන්‍යන් පරාජය කලා පමණක් නොව කවදාවත් නොතිබූ එකසත් භාරතයක් බිහිකිරීමට ද සමත් උනා.//

    ඔව්. ඔබ එක්ක එකඟයි.

    ගාන්ධි තම ලෞකික ජීවිතය ඒ සඳහා අත් හෑරියා. තම පුරුදු ඈඳුම් අතහෑර ඉන්දියාවේ දුගීම ජනයාගේ ඈඳුම වූ 'ධෝතිය' තම ඈඳුම ලෙස තොර ගත්තා. ජාතික සටනක් සඳහා ඈඳුම් වෙනස් කරන්න ඔන නෑ. ඈයි එහෙනම් ඔහු එහෙම කළේ. මගෙ අදහස ඔහු ක්‍රියාත්මක කළේ 'අත්හෑරීම' පිළිබඳ ඉන්දියානු සංකල්පය. ජීවිතය අත්හල ශ්‍රමනයෙකු බවට පත් වීම. එසේ නැතිව ජාතික ඇඳුමක් ඇඟලා ගැනීම නොවේ. ඒ අත්හැරීම පිළිබඳ සංකල්පය තවදුරටත් ඔහුගේ ව්‍යාපරය තුළින්ද දැකිය හැකියි. අලි ජින්නා ඉන්දියාවෙන් වෙන් වී පකිස්ථානයක් ඉල්ලන විට ඔහු කියා සිටියේ 'මේ මුළු ඉන්දියාවම අපේ. බිං අඟලක් දෙන්නේ නෑ' කියා නොවේ. 'බෙදිලා වෙන්වෙලා යන්න එපා' මුළු ඉන්දියාවම ගන්න කියායි. එහෙම උත්තරයක් දෙන්න පුළුවන් 'අත්හැරීම (renunciation) ප්‍රගුණ කළ කෙනෙකුට පමණයි. ඒ විතරක් නෙවෙයි. ජාතිවාදී කෝලාහල ඇති වුණු වෙලාවේ ඔහු නිහඬව හිටියේ නෑ. නොකා නොබී උපවාස කළා. ඒවා නවත්වන තුරු. මේ හැම දෙයින් ම පෙනෙන්නේ බෞද්ධ කියන ලේබලය නැතිවුණාට බුදුදහමේ ගැඹුරු මෛත්‍රිය පිළිබඳ අදහස නෙවෙයි ද? අත්හැරීම පිළිබඳ අදහස නෙවෙයි ද?

    (කොතෑනක හරි අපිට ත්දෑකීම් තියෙනවද දෙමළ අයට පහර දෙන කොට ඒක නවත්තන්න කියා ඈතිවුනු උපවාස?)

    මේ අදහස් වලට ප්‍රතිපක්ශ බලවේගයකුත් තිබුණා. අපේ රටේ දක්නා ලැබෙන ව්‍යාපාරවගේම අදහ්ස් දැරූ. ඒ රාෂ්ට්‍රීය ස්වයං සේවා සන්ග් (RSS). ඔවුගේ අදහස වුනේ ඉන්දියාව හින්දුන්ගේ රට බවත් හින්දු දහම ඒහි පදනම බවත් හින්දුත්ව සංකල්පය මත ගොඩනැගුණු රාජ්‍යයක් විශ්වාස කිරීමත්. අවසානයේ ගාන්ධිව මැරුවේ ඒ අදහස් දැරූවෙක්ය යන චෝදනාවත් තිබෙනවා.

    ගාන්ධිගේ ක්‍රියාකලාපය තුළ ඔහු බෙදීම් සමණය කරන්න ක්‍රියා කළා. අඩු කුළ ලෙස සැලකූ ජනයාව 'හරි ජන' හෙවත් දේව දරුවෝ යන නම ලබා දී පිළිගැනීමක් ලබා දුන්නා. කිසිදා උසස් කුළවල අය නොකළ දෙයක් වූත් පහල කුලවල අය පමනක් කළා වූත් වැසිකිළි අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු එතුමා ම කළා ප්‍රසිද්ධියේ. ඔහු බණ කිය කිය හිටියේ නෑ. නොතිබුණු ඉන්දීය ජාතියක් ඔහු බිහි කළා. ප්‍රශ්නේ තියෙන්නේ අර් එස් එස් එකේ මතවාදයට ඕය කියන දේ කරන්න පුළුවං ද කියන එකයි. මේක හින්දුන්ගේ රට. මෙහි ක්‍රියාත්මක විය යුත්තේ හින්දුත්ව අදහසයි කියා කියල හින්දු නොවන පිරිස් එකතු කළ හැකි ද?

    To be Contd..

    ReplyDelete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. දැන් අපේ අය දිහා බලමු.

    මේ මොහොතෙත් අනාථයො කී දාහක් දුක් විඳිනවා ද? ඒ අතර පංසල්වල මෛත්‍රී භාවනාව උගන්වනවා ඇස්දෙක පියාගෙන ඒක වඩන හැටි ධර්ම සාලාවට වෙලා.

    ගාන්ධි අඩු කුළ ලෙස සැලකූ ජනයාව 'හරි ජන' හෙවත් දේව දරුවෝ කියලා බාර ගැනීම අගය කරන අපිට එසේ සිදුකොට ඔවුනුත් ජාතියට ඇතුලත් කරගැනීම අගයන අපිට මොකක්ද කියන්න පුළුවං අපේම සහෝදර ජනයා මෙහාට ගෙනාවේ පෘතුගීසීන් ය. උන් කුලී කාරයෝය. හතුරාගේ සරණින් උන් පොහොසත් වෙලාය වගේ දේවල් කියනකොට. ගාන්ධිව අගයන මුවෙන් ම මොවුන් ජාතික නායකයින් කියා හෝ බලවේග කියා හඳුන්වන්න පුළුඅව්න් ද? ඇත්තටම ඔවුන් කරන්නේ අපිව බෙදන එක නෙවෙයිද? ජාතීන් අතර සමඟිය ඇති රටක් ඇති වීම වළකන එක නෙවෙයි ද?

    මහින්දට කියන්න පුළුවන් උණානම් 'මට යුද්ධය ඇර වෙන විකල්පයක් ඉතිරි වෙලා තිබුණේ නෑ. ඒ නිසා අකමැත්තෙන් උනත් ඒක මට කරන්න උණා. නමුත් ඒ මැරුණු හැම දරුවෙක් ගැනම මම දුක් වෙනවා. ඒ නිසා ඒ ලබපු ජය ඇත්තවශයෙන් මම ලැබූ ජයක් නෙවෙයි අපි හැම දෙනාම ලද පරාජයක්. ඒ නිසා මම සමරු උත්සව තියන්නේ නෑ. ඒ වෙනුවට යුද්ධයෙන් මළ හැම මනුෂ්‍යයෙකු වෙනුවෙන්ම අපි ශෝක වෙමු. ඔවුන් සැමට අපි පිං පමුණුවමු. නැවත මෙවන් විපත් ඇතිවීම වළක්වන්න මානුෂික ලෙස ගතහැකි ක්‍රියා මාර්ග ගමු' කියල. ඒක කොච්චර ශක්තිමත් කියමණක් ද? ' තව ඒකට එකතු කළ හැකියි. උත්සව සඳහා යමෙක් යමක් වියදම් කරන්න හිතනවා නම් ඒ මුදල් අසරණ භාවයට පත දෙමළ ජනයාගේ සුබසිද්ධියට යොදන්න කියා.

    අපේ මෛත්‍රිය කොහෙද මයියා තියෙන්නෙ?

    විශාල වියදමක් දරල යුද්දය සෑමරුවේ 60000 විතර කබඳවුරු වල ඉද්දි. තව විශාල පිරිසක් තම මෑරුණු දරු මුණුපුරන් ගෑන කම්පා වෙද්දි. අතුරුදන් වූවන් සොයමින් ඈවිදිද් දි.

    යුද ජය සමරණ දා යුද්ධයෙන් මළ ඥතීන් සමරන්න උතුරේ සංවිධානය කළ ආගමික උත්සවයක් තහනම් කෙරුණු බවත් අහන්න ලෑබුණා.

    ReplyDelete
  25. "මාගේ අදහස නම් '...සිංහළයන්ට හා දෙම්ළ අයට රුධිරමය පාරිශුද්ධත්වය පිළිඹද කිසිදු උනන්දුවක් (කිචියක්?) ඉන්ග්රීසින් පෑමිණෙන තෙක් තිබුණේ නැත' කියා එය සකස් විය යුතුබවයි. ඒ ඉන්ග්රීසින් පෑමිණෙන්නට පෙර මෙහිසිටි ජනයාට ජාතිය වත් භාෂාව වත් ආගම වත් ලොකු ප්රශ්න කරගන්නේ නෑතිව එකිනෙකා අතර ආවාහ විවාහ කර ගනිමින් නෑ සබඳතා ගොඩනගා ගනිමින් ජීවත් වෙන්න පුළුවන් වුණුනිසයි."

    පිටස්තරයා,

    ඔබගේ ඉහත අදහස් දැක්වීමට නම් පුක්කුසාතී අම්බානකට එකඟය. එහෙත් මෙය වැරදි අර්ථකථනයන්ට මුල් වීමට ඉඩ ඇති නිසා කෙටි ඌණ පූරණයක් කළ යුතුයැයි පුක්කුසාතීට සිතෙයි. යුරෝපීයයන් පැමිණීමට පෙර මෙරට සිටි ජනයාට ජාතිය ආගම ගැටළුවක් නොවූ බව ඇත්තය. එහෙත් ඉන් කියවෙන්නේ මෙහි සිටි සිංහළුන් සහ දෙමළුන් සම මට්ටමේ වූ අනන්ය ජනවර්ග දෙකක් ලෙස විසූ බව නම් නොවේ (කොටින්ම එකල මෙහි වූයේ ඇන්ටන් බාලසිංහම් හෝ ක්ලෙග්හෝන් කියූ තත්ත්වය නොවේ). ඓතිහාසික සාධක අනුව පෙනී යන්නේ එකල දෙමළුන් සිංහළ මහා සම්ප්රදාය තුළ (හෙවත් සිංහළ අනන්යතාවය තුළ) කුඩා එහෙත් ප්රබල ජන වර්ගයක් ලෙස විසූ බවයි. මෙය සදෘශ්යකින් දක්වන්නේ නම් එකල සිංහළුන් සහ දෙමළුන් අතර තිබුණේ අද මෙරට බෞද්ධාගමිකයන් සහ කතෝලිකයන් අතර වන සම්බන්ධතාවය නොවේ. කතෝලිකයන් සහ බෞද්ධාගමිකයන් අතරද ආවාහ විවාහ සිදුවේ. ඔව්න් අතරද නෑ සබඳතාද ඇතිවේ. එහෙත් එම ලබ්දීන් අනන්යවන අතර ඒවා අතර සිදුවන ගණුදෙනුවක් නැති තරම්ය. එකල සිංහළුන් සහ දෙමළුන් අතර තිබුණේ එම තත්ත්වය නොවේ. එකල දෙමළුන් ශීඝ්ර ලෙස සිංහළ අනයතාවය තුළට පැමිණෙමින් (එනම් සිංහළ වෙමින්) තිබුණු අතර ඊට ආසන්න වේගයකින් සිංහළ අනයතාවයද දෙමළකරණයකට ලක් වෙමින් තිබිණ. මෙය බොහෝ දුරට ආසන්න වන්නේ අද බුද්ධාගම සහ පත්තිනි ඇදහීම අතර තිබෙන සම්බන්ධතාවයටය (එකල දෙමළ අනන්යතාවය අද පත්තිනි ඇදහීමට සාපේක්ෂව යම් ප්රබල මට්ටමක තිබුණා විය හැක). පත්තිනි ඇදහීම ඇදහීමක් ලෙස ගත් කල ක්රමයෙන් බෞද්ධ අනන්යතාවය තුළ ගිලී ගිය අතර ඒ හා සමානව බෞද්ධ අනයතාවයද යම් වෙනසකට ලක්විය. මෙම සදෘශ්යය සර්වසම නොවුණද පුක්කුසාතීගේ මතය එකල මෙහි සිංහළුන් සහ දෙමළුන් අතරද වූයේ එවන් සම්බන්ධතාවයක් බවයි.

    මෙම තත්ත්වය දැනුවත්ව වෙනස් කළේ යාන් මක්කාරා නම් ඕලන්ද ආණ්ඩුකාරවරයාය. මයිල්වාගනම් පුලවර් නම් දෙමළ ජාතිකයාට යාල්පානම් වයිපවමාලෙයි ලිවීමට අරාධනා කළේ ඔහුය. වාර්තාවන අන්දමට ඔහු ආණ්ඩුකාරකම් කොට ඇත්තේද දින 46ක් වැනි සුළු කාලයකි. එවන් කෙටි කාලයක් පදවිය දැරූ ඔහුට දෙමළ ඉතිහාසය ලිවීමට යාපන වැසියකුට ආරාධනා කිරීමට තිබුණේ එසේ මෙසේ කිචියක් විය නොහැක. හැරත් යටත් විජිත ආණ්ඩුකාරවරයකු තම යටත් වැසියකුට ඔවුන්ගේ ඉතිහාසය ලිවීමට ආරාධනා කළ එකම අවස්ථාව මෙය විය යුතුය. එහෙත් මේව වෙනම කතා කළ යුතු දෑය.

    -පුක්කුසාතී.

    ReplyDelete
  26. "මාගේ අදහස නම් '...සිංහළයන්ට හා දෙම්ළ අයට රුධිරමය පාරිශුද්ධත්වය පිළිඹද කිසිදු උනන්දුවක් (කිචියක්?) ඉන්ග්රීසින් පෑමිණෙන තෙක් තිබුණේ නැත' කියා එය සකස් විය යුතුබවයි. ඒ ඉන්ග්රීසින් පෑමිණෙන්නට පෙර මෙහිසිටි ජනයාට ජාතිය වත් භාෂාව වත් ආගම වත් ලොකු ප්රශ්න කරගන්නේ නෑතිව එකිනෙකා අතර ආවාහ විවාහ කර ගනිමින් නෑ සබඳතා ගොඩනගා ගනිමින් ජීවත් වෙන්න පුළුවන් වුණුනිසයි."

    පිටස්තරයා,

    ඔබගේ ඉහත අදහස් දැක්වීමට නම් පුක්කුසාතී අම්බානකට එකඟය. එහෙත් මෙය වැරදි අර්ථකථනයන්ට මුල් වීමට ඉඩ ඇති නිසා කෙටි ඌණ පූරණයක් කළ යුතුයැයි පුක්කුසාතීට සිතෙයි. යුරෝපීයයන් පැමිණීමට පෙර මෙරට සිටි ජනයාට ජාතිය ආගම ගැටළුවක් නොවූ බව ඇත්තය. එහෙත් ඉන් කියවෙන්නේ මෙහි සිටි සිංහළුන් සහ දෙමළුන් සම මට්ටමේ වූ අනන්ය ජනවර්ග දෙකක් ලෙස විසූ බව නම් නොවේ (කොටින්ම එකල මෙහි වූයේ ඇන්ටන් බාලසිංහම් හෝ ක්ලෙග්-හෝන් කියූ තත්ත්වය නොවේ). ඓතිහාසික සාධක අනුව පෙනී යන්නේ එකල දෙමළුන් සිංහළ මහා සම්ප්රදාය තුළ (හෙවත් සිංහළ අනන්යතාවය තුළ) කුඩා එහෙත් ප්රබල ජන වර්ගයක් ලෙස විසූ බවයි. මෙය සදෘශ්යකින් දක්වන්නේ නම් එකල සිංහළුන් සහ දෙමළුන් අතර තිබුණේ අද මෙරට බෞද්ධාගමිකයන් සහ කතෝලිකයන් අතර වන සම්බන්ධතාවය නොවේ. කතෝලිකයන් සහ බෞද්ධාගමිකයන් අතරද ආවාහ විවාහ සිදුවේ. ඔව්න් අතරද නෑ සබඳතාද ඇතිවේ. එහෙත් එම ලබ්දීන් අනන්යවන අතර ඒවා අතර සිදුවන ගණුදෙනුවක් නැති තරම්ය. එකල සිංහළුන් සහ දෙමළුන් අතර තිබුණේ එම තත්ත්වය නොවේ. එකල දෙමළුන් ශීඝ්ර ලෙස සිංහළ අනයතාවය තුළට පැමිණෙමින් (එනම් සිංහළ වෙමින්) තිබුණු අතර ඊට ආසන්න වේගයකින් සිංහළ අනයතාවයද දෙමළකරණයකට ලක් වෙමින් තිබිණ. මෙය බොහෝ දුරට ආසන්න වන්නේ අද බුද්ධාගම සහ පත්තිනි ඇදහීම අතර තිබෙන සම්බන්ධතාවයටය (එකල දෙමළ අනන්යතාවය අද පත්තිනි ඇදහීමට සාපේක්ෂව යම් ප්රබල මට්ටමක තිබුණා විය හැක). පත්තිනි ඇදහීම ඇදහීමක් ලෙස ගත් කල ක්රමයෙන් බෞද්ධ අනන්යතාවය තුළ ගිලී ගිය අතර ඒ හා සමානව බෞද්ධ අනයතාවයද යම් වෙනසකට ලක්විය. මෙම සදෘශ්යය සර්වසම නොවුණද පුක්කුසාතීගේ මතය එකල මෙහි සිංහළුන් සහ දෙමළුන් අතරද වූයේ එවන් සම්බන්ධතාවයක් බවයි.

    මෙම තත්ත්වය දැනුවත්ව වෙනස් කළේ යාන් මක්කාරා නම් ඕලන්ද ආණ්ඩුකාරවරයාය. මයිල්වාගනම් පුලවර් නම් දෙමළ ජාතිකයාට යාල්පානම් වයිපවමාලෙයි ලිවීමට අරාධනා කළේ ඔහුය. වාර්තාවන අන්දමට ඔහු ආණ්ඩුකාරකම් කොට ඇත්තේද දින 46ක් වැනි සුළු කාලයකි. එවන් කෙටි කාලයක් පදවිය දැරූ ඔහුට දෙමළ ඉතිහාසය ලිවීමට යාපන වැසියකුට ආරාධනා කිරීමට තිබුණේ එසේ මෙසේ කිචියක් විය නොහැක. හැරත් යටත් විජිත ආණ්ඩුකාරවරයකු තම යටත් වැසියකුට ඔවුන්ගේ ඉතිහාසය ලිවීමට ආරාධනා කළ එකම අවස්ථාව මෙය විය යුතුය. එහෙත් මේව වෙනම කතා කළ යුතු දෑය.

    -පුක්කුසාතී.

    ReplyDelete
  27. "මාගේ අදහස නම් '...සිංහළයන්ට හා දෙම්ළ අයට රුධිරමය පාරිශුද්ධත්වය පිළිඹද කිසිදු උනන්දුවක් (කිචියක්?) ඉන්ග්රීසින් පෑමිණෙන තෙක් තිබුණේ නැත' කියා එය සකස් විය යුතුබවයි. ඒ ඉන්ග්රීසින් පෑමිණෙන්නට පෙර මෙහිසිටි ජනයාට ජාතිය වත් භාෂාව වත් ආගම වත් ලොකු ප්රශ්න කරගන්නේ නෑතිව එකිනෙකා අතර ආවාහ විවාහ කර ගනිමින් නෑ සබඳතා ගොඩනගා ගනිමින් ජීවත් වෙන්න පුළුවන් වුණුනිසයි."

    පිටස්තරයා,

    ඔබගේ ඉහත අදහස් දැක්වීමට නම් පුක්කුසාතී අම්බානකට එකඟය. එහෙත් මෙය වැරදි අර්ථකථනයන්ට මුල් වීමට ඉඩ ඇති නිසා කෙටි ඌණ පූරණයක් කළ යුතුයැයි පුක්කුසාතීට සිතෙයි. යුරෝපීයයන් පැමිණීමට පෙර මෙරට සිටි ජනයාට ජාතිය ආගම ගැටළුවක් නොවූ බව ඇත්තය. එහෙත් ඉන් කියවෙන්නේ මෙහි සිටි සිංහළුන් සහ දෙමළුන් සම මට්ටමේ වූ අනන්ය ජනවර්ග දෙකක් ලෙස විසූ බව නම් නොවේ (කොටින්ම එකල මෙහි වූයේ ඇන්ටන් බාලසිංහම් හෝ ක්ලෙග්-හෝන් කියූ තත්ත්වය නොවේ). ඓතිහාසික සාධක අනුව පෙනී යන්නේ එකල දෙමළුන් සිංහළ මහා සම්ප්රදාය තුළ (හෙවත් සිංහළ අනන්යතාවය තුළ) කුඩා එහෙත් ප්රබල ජන වර්ගයක් ලෙස විසූ බවයි. මෙය සදෘශ්යකින් දක්වන්නේ නම් එකල සිංහළුන් සහ දෙමළුන් අතර තිබුණේ අද මෙරට බෞද්ධාගමිකයන් සහ කතෝලිකයන් අතර වන සම්බන්ධතාවය නොවේ. කතෝලිකයන් සහ බෞද්ධාගමිකයන් අතරද ආවාහ විවාහ සිදුවේ. ඔව්න් අතරද නෑ සබඳතාද ඇතිවේ. එහෙත් එම ලබ්දීන් අනන්යවන අතර ඒවා අතර සිදුවන ගණුදෙනුවක් නැති තරම්ය. එකල සිංහළුන් සහ දෙමළුන් අතර තිබුණේ එම තත්ත්වය නොවේ. එකල දෙමළුන් ශීඝ්ර ලෙස සිංහළ අනයතාවය තුළට පැමිණෙමින් (එනම් සිංහළ වෙමින්) තිබුණු අතර ඊට ආසන්න වේගයකින් සිංහළ අනයතාවයද දෙමළකරණයකට ලක් වෙමින් තිබිණ. මෙය බොහෝ දුරට ආසන්න වන්නේ අද බුද්ධාගම සහ පත්තිනි ඇදහීම අතර තිබෙන සම්බන්ධතාවයටය (එකල දෙමළ අනන්යතාවය අද පත්තිනි ඇදහීමට සාපේක්ෂව යම් ප්රබල මට්ටමක තිබුණා විය හැක). පත්තිනි ඇදහීම ඇදහීමක් ලෙස ගත් කල ක්රමයෙන් බෞද්ධ අනන්යතාවය තුළ ගිලී ගිය අතර ඒ හා සමානව බෞද්ධ අනයතාවයද යම් වෙනසකට ලක්විය. මෙම සදෘශ්යය සර්වසම නොවුණද පුක්කුසාතීගේ මතය එකල මෙහි සිංහළුන් සහ දෙමළුන් අතරද වූයේ එවන් සම්බන්ධතාවයක් බවයි.

    මෙම තත්ත්වය දැනුවත්ව වෙනස් කළේ යාන් මක්කාරා නම් ඕලන්ද ආණ්ඩුකාරවරයාය. මයිල්වාගනම් පුලවර් නම් දෙමළ ජාතිකයාට යාල්පානම් වයිපවමාලෙයි ලිවීමට අරාධනා කළේ ඔහුය. වාර්තාවන අන්දමට ඔහු ආණ්ඩුකාරකම් කොට ඇත්තේද දින 46ක් වැනි සුළු කාලයකි. එවන් කෙටි කාලයක් පදවිය දැරූ ඔහුට දෙමළ ඉතිහාසය ලිවීමට යාපන වැසියකුට ආරාධනා කිරීමට තිබුණේ එසේ මෙසේ කිචියක් විය නොහැක. හැරත් යටත් විජිත ආණ්ඩුකාරවරයකු තම යටත් වැසියකුට ඔවුන්ගේ ඉතිහාසය ලිවීමට ආරාධනා කළ එකම අවස්ථාව මෙය විය යුතුය. එහෙත් මේව වෙනම කතා කළ යුතු දෑය.

    -පුක්කුසාතී.

    ReplyDelete
  28. "මාගේ අදහස නම් '...සිංහළයන්ට හා දෙම්ළ අයට රුධිරමය පාරිශුද්ධත්වය පිළිඹද කිසිදු උනන්දුවක් (කිචියක්?) ඉන්ග්රීසින් පෑමිණෙන තෙක් තිබුණේ නැත' කියා එය සකස් විය යුතුබවයි. ඒ ඉන්ග්රීසින් පෑමිණෙන්නට පෙර මෙහිසිටි ජනයාට ජාතිය වත් භාෂාව වත් ආගම වත් ලොකු ප්රශ්න කරගන්නේ නෑතිව එකිනෙකා අතර ආවාහ විවාහ කර ගනිමින් නෑ සබඳතා ගොඩනගා ගනිමින් ජීවත් වෙන්න පුළුවන් වුණුනිසයි."

    පිටස්තරයා,

    ඔබගේ ඉහත අදහස් දැක්වීමට නම් පුක්කුසාතී අම්බානකට එකඟය. එහෙත් මෙය වැරදි අර්ථකථනයන්ට මුල් වීමට ඉඩ ඇති නිසා කෙටි ඌණ පූරණයක් කළ යුතුයැයි පුක්කුසාතීට සිතෙයි. යුරෝපීයයන් පැමිණීමට පෙර මෙරට සිටි ජනයාට ජාතිය ආගම ගැටළුවක් නොවූ බව ඇත්තය. එහෙත් ඉන් කියවෙන්නේ මෙහි සිටි සිංහළුන් සහ දෙමළුන් සම මට්ටමේ වූ අනන්ය ජනවර්ග දෙකක් ලෙස විසූ බව නම් නොවේ (කොටින්ම එකල මෙහි වූයේ ඇන්ටන් බාලසිංහම් හෝ ක්ලෙග්-හෝන් කියූ තත්ත්වය නොවේ). ඓතිහාසික සාධක අනුව පෙනී යන්නේ එකල දෙමළුන් සිංහළ මහා සම්ප්රදාය තුළ (හෙවත් සිංහළ අනන්යතාවය තුළ) කුඩා එහෙත් ප්රබල ජන වර්ගයක් ලෙස විසූ බවයි. මෙය සදෘශ්යකින් දක්වන්නේ නම් එකල සිංහළුන් සහ දෙමළුන් අතර තිබුණේ අද මෙරට බෞද්ධාගමිකයන් සහ කතෝලිකයන් අතර වන සම්බන්ධතාවය නොවේ. කතෝලිකයන් සහ බෞද්ධාගමිකයන් අතරද ආවාහ විවාහ සිදුවේ. ඔව්න් අතරද නෑ සබඳතාද ඇතිවේ. එහෙත් එම ලබ්දීන් අනන්යවන අතර ඒවා අතර සිදුවන ගණුදෙනුවක් නැති තරම්ය. එකල සිංහළුන් සහ දෙමළුන් අතර තිබුණේ එම තත්ත්වය නොවේ. එකල දෙමළුන් ශීඝ්ර ලෙස සිංහළ අනයතාවය තුළට පැමිණෙමින් (එනම් සිංහළ වෙමින්) තිබුණු අතර ඊට ආසන්න වේගයකින් සිංහළ අනයතාවයද දෙමළකරණයකට ලක් වෙමින් තිබිණ. මෙය බොහෝ දුරට ආසන්න වන්නේ අද බුද්ධාගම සහ පත්තිනි ඇදහීම අතර තිබෙන සම්බන්ධතාවයටය (එකල දෙමළ අනන්යතාවය අද පත්තිනි ඇදහීමට සාපේක්ෂව යම් ප්රබල මට්ටමක තිබුණා විය හැක). පත්තිනි ඇදහීම ඇදහීමක් ලෙස ගත් කල ක්රමයෙන් බෞද්ධ අනන්යතාවය තුළ ගිලී ගිය අතර ඒ හා සමානව බෞද්ධ අනයතාවයද යම් වෙනසකට ලක්විය. මෙම සදෘශ්යය සර්වසම නොවුණද පුක්කුසාතීගේ මතය එකල මෙහි සිංහළුන් සහ දෙමළුන් අතරද වූයේ එවන් සම්බන්ධතාවයක් බවයි.

    මෙම තත්ත්වය දැනුවත්ව වෙනස් කළේ යාන් මක්කාරා නම් ඕලන්ද ආණ්ඩුකාරවරයාය. මයිල්වාගනම් පුලවර් නම් දෙමළ ජාතිකයාට යාල්පානම් වයිපවමාලෙයි ලිවීමට අරාධනා කළේ ඔහුය. වාර්තාවන අන්දමට ඔහු ආණ්ඩුකාරකම් කොට ඇත්තේද දින 46ක් වැනි සුළු කාලයකි. එවන් කෙටි කාලයක් පදවිය දැරූ ඔහුට දෙමළ ඉතිහාසය ලිවීමට යාපන වැසියකුට ආරාධනා කිරීමට තිබුණේ එසේ මෙසේ කිචියක් විය නොහැක. හැරත් යටත් විජිත ආණ්ඩුකාරවරයකු තම යටත් වැසියකුට ඔවුන්ගේ ඉතිහාසය ලිවීමට ආරාධනා කළ එකම අවස්ථාව මෙය විය යුතුය. එහෙත් මේව වෙනම කතා කළ යුතු දෑය.

    -පුක්කුසාතී.

    ReplyDelete
  29. @පිටස්තරයා-2,

    Did you celebrate the Black Tigers day today?

    ReplyDelete
  30. @ පිටස්තරයා 2

    පිටස්තරයාට දෙමළුන් ගැනම පමණක් ඇති කැක්කුම කුමක්ද යන්න සිතා ගත නොහැක. උත්සව සඳහා යමෙක් යමක් වියදම් කරන්න හිතනවා නම් ඒ මුදල් අසරණ භාවයට පත් සියළු ජනයාගේ සුබසිද්ධියට යොදන්න කියා කිවුව නම් පිටස්තරයගෙ ප්‍රකාශය කොච්චර ශක්තිමත්ද?

    විශාල වියදමක් දරල යුද්දය සෑමරුවේ 60000 විතර කඳවුරු වල ඉන්දිදී නොකියා, විශාල වියදමක් දරල යුද්දය සෑමරුවේ 60000 විතර කඳවුරු වල, 40000 විතර ගම්බිම් වලින් පන්න දැමූ තත්වයක් තුල ඉන්දැද්දී කිවුව නම් පිටස්තරයගෙ ප්‍රකාශය කොච්චර ශක්තිමත්ද?

    යුද්ධ ජය සමරනා අපට අයිතියක් තියෙනව. ඒ තවදුරටත් මිනී නොමැරෙන එක සමරන්න. තවදුරටත් බස් එකේ බෝම්බ පුපුරන්නේ නැති එක සමරන්න. රටේ ඕන තැනක පදිංචි වෙන්න පුළුවන් කියන එකසමරන්න. කොටින්ම කියනව නම් නිදහසේ හුඉස්ම ගන්න පුළුවන් එක සමරන්න.

    උතුරේ සමරන උත්සවය මතක් කරන්න නියමිතව තුබුණේ කවුද? එතැනදී කදිර්ගාමර්ව, නීලන් තිරුචෙල්වන් ව, අමිර්තලිංගම් ව මතක් කලාද? රැජිණ තිරාණගම (ඇය දෙමළ ලේඛිකාවකි, තිරාණගම මහතා සමග විවාහ වීම නිසා උක්ත නම ලැබී ඇත), දුරෙයි අප්පා එහෙම නැත්නම් සාම මහලේකම් ලෙස සිටි පුද්ගලයා මෙහිදී මතක් කලාද?
    වස්සා හැරෙන්නේ කොයි කෙහෙල් පැලේටදැයි යන්න අපි අවුරුදු 30ක් පුරා දැක්කා. මෙවරත් වසා හැරෙන දිහාව තේරුම් ගැනීම අපහසු නෑ

    ReplyDelete
  31. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  32. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  33. @ ඵුක්කුසති
    ජාතීන් එකිනෙකා එකිනෙක ජාතින්ගෙන් පොෂණය ලබමින් පෑවති තත්ත්වය ගෑන ඔබ දක්වන අදහස් ගෑන සම්පූර්ණයෙන්ම එකඟයි.

    @මිගාර
    මා අදහස් දෑක්වූයේ මයියා පෙන්වා දුන් කරුණක් සම්බන්ධවයි. ඉන්දියානු ජාතික ව්යාපාරය තුළ අසමානතා ඈති මිනිසුන් තනි ජාතියක් ලෙස සිතන මට්ටමට ගෙන ඒමේදී එහි නායකයන් ගත් ක්‍රියා මාර්ග තුළ බුදු දමේ පෙනෙන මූලික සංකල්ප ක්‍රියාත්මක වී ඈති ආකාරය සහ බුදු දහමේ අයිතිකරුවන් ලෙස පෙනී සිටිමින් එහි උරුමය ගෑන කතා කරන මිනිසුන්ගේ ක්‍රියා කාරකම් තුළ එය කිසිලෙසකින් දක්නට නොලෑබෙන තත්ත්වයයි මා පෙන්වා දුන්නේ. අශොකටත් යුද්ධය නිමවා සතුටු උත්සව පවත්වන්න තුබුණා. ඒත් ඊට වෙනස් ලෙස බලමින් යුද්ධය ගෑන කතා කළ නිසයි ඔහු ගෑන අදත් ලොකයේ සාමයට ලෑදි ජනයා කතා කරන්නේ.

    මා පෙන්වා දෙන කරුන වටහා ගන්නා ලෙස කරුණාවෙන් ඉල්ලනවා. මා ප්‍රශ්න කර ඈත්තේ (නිදහස ලබා වසර 62 කටත් පසු)ලාංකීය ජාතියක් ගොඩනෑංවීමේ අභියොගය පසුබිමේ තබා මේ ක්‍රියා මර්ග එයට බලපාන ආකාරය සහ බුදුදහමේ සංකල්ප හා මේ ක්‍රියා මාර්ගවල ඈති විසංවාදයයි. එය මයියා කතාකරන්න හදන මාතෘකාව හා අදාල බව පෙනෙන නිසයි.

    ReplyDelete
  34. මයියා7 July 2010 at 04:57

    සියල්ලන්ගේම දැන ගැනීමට;

    මේ වන විට ඇතැම් පාඨකයන මෙන්ම..මයියා දැමු කොමෙන්ට්ස් ද , කොමෙන්ටස් වලින් අතුරුදහන් වී ඇත. මෙම ගැටලුකාරී තත්වය වෙනත් බ්ලොග් කීපයකට ද සිදු වී ඇති බව මයියා ගේ විඣානපතයට මීටර් වී ඇති අත‍ර මේය සාර්ථක සOවාදයක ට ඉතා ගැටලුකාරී තත්වයක් බව මයියා ගේ අදහසයි...

    ReplyDelete
  35. @ මයියා
    බ්ලොග් අඩවියේ ඇති වී අති ගැටළුව නිසා මා ඉදිරිපත් කළ සමහර සටහන් ද ඉවත් වී ඇති බව දු‍ටුවා. මේ ලියන පුංචි සටහණින් පසු තාවකාලිකව ඔබගේ බ්ලොග් අඩවියෙන් ඉවත්වෙනවා. හේතුව ඔබ දන්නවා. මාගේ අදහස මම කෙටියෙන් මෙහි සඳහන් කරනවා.

    මම ජාතික ව්‍යාපරයක් පිළිබඳ දැඩිව අපේක්ෂා කරනවා. එතැන දී අප දෙදෙනා වෙනස් වන්නේ ඔබ සිංහල බෞද්ධ නායකයින් (චම්පික, නලින්, වීරවංස,මහින්ද ආදී) ජාතික බලවේගය ලෙස හඳුනා ගැනීම හා ඒ තුළ කිසිම දෙමළ චින්තකයෙකු, චින්තනයක් නැති වීම 'ජාතික' යන නම ලැබීමට නුසුදුසු කමක් ලෙස නොදැකීම. මා ජාතික ලෙස දකින්නේ ආගම භාෂාව සංස්කෘතිය යන සීමා ඉක්ම වූ චින්තනයක් ඉදිරිපත් කරන ව්‍යාපාරයකට සහ නායකත්වයකට. ඒ අර්ථයෙන් අපට දෙමළ නායකයින්ද සිංහල බෞද්ධ නායකයින් ඇතිමුත් 'ජාතික නායකයින්' නැති බව මාගේ දැකීමයි.

    ඔබ බුදුදහම එවන් ජාතික ව්‍යාපාරයක චින්තනය සකසා ගැනීමේ දී භාවිතා කළ හැකි මහඟු දැක්මක් ලෙස ‍තෝරා ගැනීමේ දී මම ත් ඔබ සමග සිටිනවා. මා බුදුදම ඒ සඳහා භාවිතා කළ යුතුය කියා අදහස් කරන්නේ ගාන්ධි එය භාවිතා කළ ආකාරයටය. එනම් එයට විශේෂ 'බෞද්ධ' කියා නම් කිරීමක් හෝ මේ අපගන්නා චින්තනය බෞද්ධවන බැවින් සිංහල බෞද්ධයාට එහි ගෞරවයක් හිමිවිය යුතුය යන අදහසින් හෝ නොවේ. එහි දියුණු සංකල්ප විශේෂ නාමකරනයකින් තොරව භාවිතයට ගැනීමයි මා අදහස් කරන්නේ. නමුත් එසේ බුදු දහම ද උපයෝගී කරගෙන ගොඩනගන දේ තුළ 'සිංහල ලකුණක්' තැබිය යුතුයි කියා ඕබ කියනවිට මම ඔබෙන් වෙන්ව යනවා. සිංහල අය (සිංහල බෞද්ධ) සිංහල ලකුණ තබන්නට උත්සාහ කරන විට දෙමළ අය දෙමළ ලකුණ ද තබන්නට යනවා ඇත. ඉන් පසු කතාව ආයෙත් මුලටම යනවා ඇත.

    ඒ ඒ ජාතීන් තම ළකුණු තබා ගැනීමට උත්සාහ වීම සමග මට ගැ‍ටුමක් නැත. ඒත් 'ජාතික ව්‍යාපාරය' යනු භාෂා, සංකෘතික සීමා ඉක්මැවූවක් යන ආස්තානයේ මා සිටිමි.

    Contd..

    ReplyDelete
  36. ගාන්ධි තුමා සහ ඔහුගේ දැක්ම ඔබට ද මට ද එකඟ විය හැකි ජාතික ව්‍යාපාරයකට හොඳ ආදර්ශයකි. එය ද අප දෙදෙනාට එක්ව කටයුතු කළ හැකි තවත් තැනකි. ගාන්ධි කිසි ලෙසකට ඉන්දියාවේ කිසි ජනකොටසක් මග හැරුණු ජාතික ව්‍යාපාරයක් බිහි කළේ නැත. සෑම ජන කොටසක් ම එයට ඇතුලත් කර ගත්තේ 'අප මහ ජාතිය' කියන අදහසේ සිට 'නුබලා අප සමග එක්තු වියයුතු' ය යන ආකල්පයකින් කටයුතු කිරීම තුළ නොවේ. ඉතාම සුළු වූ ජනයාට පවා පිළිගැනීමක් දී අභිමානයක් ඇති කිරීමෙනි. ඔබ අදහස් කරන ජාතික වූ ව්‍යාපාරය තුළ ඔයකී ලක්ෂණය පවතින තාක්කල් අපදෙදෙනාට එකට ගමන් කළ හැකියි.

    ඉහත දක්වා ඇති චින්තනය මත පිහිටා මා මීට පෙර කී දෑ වටහා ගන්නා ලෙස මිගාර සහෝදරයාගෙන් ඉල්ලා සිටිනවා. ඒහැර, මිගාර, මම ඔබේ බ්ලොග් අඩවියට ගියා ඊයේ. එහි මා දැක්කා ඔබ ලියා තියෙනවා ඔබ බ්ලොග් ලියන්නේ විනෝදෙට කියා. ඒ ගැන මගේ කිසි විරෝධයක් නෑ. ඒත් මම බ්ලොග් ලියන්නේ නම් විනෝදෙට නෙවෙයි. ඒ ගෑන ඒ ඇති.

    මීට වඩා සටහන දීර්ඝ කරන්නේ නෑ. ඔබ දෙමළා අතහැර සිංහල ජාතියට පමණක් වූ හානියක් ගැනනම් කියන්න යන්නේ මේ බ්ලොග් අඩවියට ආ එක ගැන පවා මා දුක්වෙන බව ඔබේ එක පෝස්ට් එකකට ප්‍රතිචාරයක් ලෙස මා ලිව්වා. ඒ ගැන අදහස් දැක් වූ අයෙක් 'ව්‍යාජ මානවවාදීන්ගේ' තර්ජන නොසලකා ඔබේ අදහස වෙනුවෙන් පෙනී හිටින්න කියා ඔබව දිරිගන්වා තිබුණා. මම ඔබට තර්ජනයක් නෙවෙයි කළේ. මම ඔබේ බ්ලොග් අඩවියට ආවේ ඔබේ දැනුවත් කිරීමක් ලැබුණු නිසා. ඒ වහාම ඔබ වෙත ආවෙත් ඔබේ ලිපි ගැන මහත් උනන්දුවෙන් කොමෙන්ට් ලිව්වෙත් ඔබ ගැන ගෞරවයෙන් වටිනා වැඩක් කරනවා කියන අදහසින්. එසේ වූ ඔබටත් දෙමළා නැති ව්යාපාර ජාතික ව්‍යාපාර ලේසත් දෙමළා පරිහාසයට ලක්කරන අය ජාතික බලවේග ලෙස පෙනීමත් ඉදිරියේ ඇති වූ වේදනාවයි ප්‍රකාශ කළේ. ඔහු කී දේ සමග මම එකගයි. මේ ඔබේ බ්ලොග් එකයි. ඔබ පෙනී සිටිය යුත්තේ ඔබට හරිය කියා වැටහෙන අදහස වෙනුවෙන්.

    ඔබ ඔබේ දෙසපාලන ගමන් මග කෙටියෙන් කියා තිබුණා. මමත් මේ අද ඉන්න තෑනට ආවේ බොහො දුර පහුකරල. ඉස්සර මම දෑඩි සිංහල ජාතික වාදියෙක්. ඒ යුද්ධය මගේ ජීවිතේ ගොඩාක් අවුල් කළ නිසා නොවයි. මම දිවයින පාඨකයෙකු වූ නිසා. ඒය හෑම විටම මට කියා දුන්නේ දෙමළා මගේ පරම හතුරා ලෙස. තම්බියා මගේන් යමක් ඩෑහෑගන්න බලන් ඉන්න එකෙක් හෑටියට. ඔවුන් ආශ්‍රයට වෑටුණාමයි දෑක්කේ ඔවුන් මා මෙන් ම සාමාන‍ය මිනිස්සු කියා.

    මුලිමන්ම කඳුළු ගෑස් ප්‍රහාරයකට ලක්වුණේ 1987 ජුලි 27. ඒ 'රට කඩන' පළාත් සභා හඳුන්වා දුන් ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව. ඒත් ඉන්දියාවට ආවට පස්සේ දෑනගත්තා බලය බෙදුවම රටවල් කෑඩෙනවා නෙවෙයි ඒව ශ්ක්තිමත් වෙනවා කියලා. ඈඬුං ආවේ එදා මා හිටි ආස්තානය වරදි බව වෑටහුණු නිසා නෙවෙයි. ඒ සටනෙදි මළ මගේ යාළුවන් දෙදෙනා සිහි වුණු නිසා. උං අහින්සක මිනිස්සු. සටන් වෑදුනේ අවංකවම තම මව්බිම අණතුරකට පත් වෙලා කියල විශ්වාස කරගෙන.එය දන්න මට එල් ටී ටී ඊ කාරයෙක් ගෑන වයිරයක් ඈතිවෙන්නේ නෑ. ඔවුනුත් තමන්ට දුන් අදහස් හිස්මුදුනින් පිළිගෙන අවංකව තමන් යහපත් දෙයක් කරනවා යන අදහසිනුයි සටන් වදින්න ඈත්තේ. ඒ නිසා කළ යුත්තේ නෑවත එසේ නොමග යවන්නට ඉඩ නොදී අපි අපි එකිනෙකාට ගරු කරමින් අවබොධයකින් යුතුව ජීවත් වියහෑකි පරිසරයක් ගොඩනගා ගෑනීමයි. ඒ සඳහා කළ හෑකි දායකත්වය දීමයි.

    ඔබේ ඉදිරි ලිපිවලට සුබ පතනවා.

    ReplyDelete
  37. මයියා7 July 2010 at 10:38

    @ පිටස්තරයා-2

    පිටස්තරයා-2 ගේ තාවකාලිකව මෙම බ්ලොගයෙන් නික්ම යෑම ගැන මයියා වචනයේ පරිසමාප්තියෙන් කණගාටු වෙනවා ය. මයියා ගේ කෙටි දැනුම් දීමකින් මෙම බ්ලොගයට පැමින, ඔහුගේ ගේ අදහස් පල කිරීමේන්, පිටස්තරයා මෙහි එන අදහස් වලට නව මානයක් එක් කල බව මයියා ගේ අදහසයි.

    මයියා කිසිවිටෙක පිටස්තරයාහට තම මථය දැරීමට ඇති අයිතිට විරුද්ධව වචන හසුරුවා නැති අතර, මතවාදීමය ලෙස කරුණු දැක්වීමක් පමනක් කර ඇත. එසේ නමුත් මයියා අතින් නොදැනුවත් ව හෝ පිටස්තරයා ට කිසියම් සිත් රීදීමක් ඇති වුනි නම් , මයියා ඒ සදහා අවOකවම කණගාටු වෙනවාය.

    මයියා හා පිටස්තරයා අතර නොගැලපීමකට වඩා ඇත්තේ ගැලපීමකයි යනු මයියා ගේ විශ්වාසයයි.

    කිසි දා දැන හැදින හෝ කථා කර නැති නමුත් පිටස්තරයේගේ දැනුම හා අදහස් සම්භ්න්දයේන් මයියා ට අත්තේ ගෞවරවයක්.

    පිටස්තරය්යගේ නික්ම යැම ඉක්මන් තාවකාලික එකක් වේවයි මයියා ගේ ප්‍රාර්තනයයි.

    ReplyDelete
  38. මයියො,

    මොකෑ මචෝ පුක්කුසාතිගෙ කමෙන්ට් ටිකට උනේ. බහිරවය ගිලලද?

    ReplyDelete
  39. මයියා8 July 2010 at 07:24

    @පුක්කුසාති,

    පුක්කුසාති පමනක් නොව වෙනත් අයද, මයියා ද දැමු කමෙන්ට්ස් හිටපු ගමන් අන්තරස්දහන් වන අතර ඇතැම් විට එවා නැවත ම්තු වේ.

    මෙය මයියා ගේ බ්ලොගයට පමන්ක් නොව තව කීපයක ද සිතු වී ඇති බව මයියා නිරීක්ශනය කර ඇත
    උදා.
    http://palaamalla.blogspot.com/2010/07/blog-post_06.html

    http://hasithajayasooriya.blogspot.com/2010/07/blog-post_06.html

    http://trixhunter.blogspot.com/2010/07/blog-post_07.හ්ට්ම්ල්


    මෙය මයියා ටද ප්‍රශ්ණයක් වන අතර පුක්කුසාති ගේ අදහස් අතැම් විට නොපෙනී යාම ගැන මයියා ගේ ඉමහත් කණගාටුව

    ReplyDelete
  40. මයියා8 July 2010 at 08:13

    මේ කමෙන්ට්ස් ගිලින බහිරවයා ඉතා නරක බහිරවයෙක් බවද මූ කමෙන්ට්ස් කා ඉන් නොනැවතී ඇතැම් විට එවා නැවත නැවත වමාරා කන බවද, ක්මෙන්ට්ස් ව්ටින් ව්ට මතුවීම මගින් පෙන්නුම කෙරේ.

    ReplyDelete
  41. පුක්කුසාති මේ දවස්වල කියන ඒව කට්ටිය හරහටමයි තේරුම් ගන්නෙ. අනේ මයියො, ඔය සමහර බ්ලොග් ඔස්තාද්ල වගේ මයියත් පුක්කුගෙ (මට කට්ටිය හුරතලේට කියන්නෙ එහෙම) කමෙන්ට්වලට හිමිං සීරුවෙ ගේම දුන්න කියන එක නෙමේ පුක්කුසාති අදහස් කළේ. පුක්කුටත් තේරෙනව මේ බහිරවය පුක්කුට විතරක් නෙමේ මයියටත් ප්‍රශ්ණයක් යන වග.

    ReplyDelete
  42. ගාන්ධි තුමා සම්බන්ධයෙන් ලියන ලද සටහනේ ලංකාවේ දක්නා ලෑබෙන ජාතිකවාදී සංවිධානයන්හි දක්නා ලෑබෙන ජාතියේම අදහස් දෑරු/දරන සංවිධානයක් ගෑන මා සඳහන් කළා. එහි නම "රාෂ්ට්‍රීය ස්වයං සේවා සන්ග්" නොව "රාෂ්ට්‍රීය ස්වයම්සේවක් සන්ග්" ලෙස නිවෑරදි විය යුතු බව කරුණාවෙන් සලකන්න. ඒ සංවිධානය ගෑන වෑඩිදුර තොරතුරු සඳහා
    http://en.wikipedia.org/wiki/Rashtriya_Swayamsevak_Sangh

    ReplyDelete
  43. මයියා9 July 2010 at 07:55

    @පිටස්තරයා-2

    පිටස්තරයා ගේ නිවැරදී කිරීමට තුති.

    කෙසේ වුවත් එම සුළු අතපසුවීම , පිටස්තරයා ඉදිරිපත් කල අදහසට බදාවක් වී නැත

    ReplyDelete
  44. Followed here from DBSJ blog. My keyboard is in English though.

    ReplyDelete
  45. පරම්පරා ගණනක් යන කොට පරම්පරාවෙන් ගේන පරම්පරා කතාව අමතක වෙනවා.

    කරුණාකර පියදාස සිරිසේන 1915 දී පමණ ලියු විමලතිස්ස හාමුදුරුවන් ගේ මුදල් පෙට්ටිය පොත බලන්න. මෙය නවකතාවකි. රහස් පරීක්‍ෂක ෂෙනාරයේ එකකි.

    එවිට ඔබට තේරේවි අවුරුදු 100ක් යන්නත් කලින් අපිට අපේ අතීතයෙන් කොච්චර දේවල් අමතක වෙලා ද කියලා!

    ReplyDelete
  46. බෞද්ධයෙක් හැටියට මම විශ්වාස කරන්නෙ මේ මිහිමත ඉන්නෙ එකම මනුස්ස ජාතියක් කියලයි ෂ්‍රී ලාංකිකයෙක් හැටියට මම දන්නෙ ලාංකීය ජාතිය විතරයි.. මට නම් ඔය සිංහල දෙමල කතා විකාර.. ලබන ආත්මෙ මොකෙක් වෙයිද ගිය ආත්මෙ මොකෙක් වෙලා හිටියද කියල නොදන්න අපි..

    ReplyDelete

2222