Monday 25 October 2021

ඒකත් ' ප්ලෑන් එකේ කෑල්ලක් '

කූඹියෝ ටෙලිනාට්‍යයේ ප්‍රියන්ත මහාඋල්පත සක්‍යා ආයතනයේ පොඩි සර්කිට්  බ්‍රේකර් දෙකක් හොරකම් කරලා අහුවෙනවා. මේ හොරකමත් එක්ක, සක්‍යා ආයතනයේ හැම තැනම සිකියුරිටි කැමරා හයි කරනවා. ඕන වැඩක් නිදහසේ කරගෙන යන්න තිබ්බ තැන, සිකියුරිටි කැමරා දාන තත්වයට ගෙනාපු එකට ජේහාන් ට දැඩි විරෝධයක් සහොදරයන්ගෙන් එල්ල වෙනවා. එතකොට ජේහාන් ඒක ගැන කියන්නේ 'ඒකත් ප්ලෑන් එකේ කොටසක්' කියලා...

දැන් අපි ලංකාවේ ක්‍රිකට් දෙස බලමු. මහේලගේ ආගමනයත් එක්ක ලංකාවේ ටීම් එකේ ඇති වෙච්චි ධනාත්මක වෙනසත් එක්ක,  ඇච්චයි බැච්චයි හැමෝම දැන්  කියන්න පටන් අරං, මිකී ආතර් වැඩක් නෑ....මහේල තමයි හරි කෙනා කියලා...

නමුත් අපි මතක් කර ගන්න ඕනේ කාරණේ තමයි, ෆොරීන් කොච් කෙනෙක් ගේන එක ප්‍රමෝට් කරපු අය අතරින් ඉස්සහරෙන්ම ඉන්නේ මහේල සංගා ඇතුලු ක්‍රිකට් කමිටිය කියන එක. මහේලලා ෆොරීන් කොච් කෙනෙක් ගෙන්න ප්‍රධානම හේතුව උනේ ටීම් එකේ කොච්ටත් අයියා කියන මානසිකත්වය බිද දාන්නයි,‍‍ fitness නැති උන් ටිකව එලියේ තියෙන ඔනේ කියන වගේ දැඩි තීරණ ගන්න පුලුවන් වතාවරණයක් හදා ගන්නයි.

කූඹියෝ නාට්‍යයෙන් ලංකාවේ ක්‍රිකට වලට බැහැපු අපි දැන් මහේල් දිශාවට හැරෙමු.

මහේල කියන්නේ ලංකාවේ ජාතික කණ්ඩායමේ කොච් නැමැති  ෆුල් ටයිම් ජොබ් එකක හිර වෙන්න ඕනේ කෙනෙක්ද. පැහැදිලි උත්තරය නැත යන්නයි.

මහේලගේ තියෙන ක්‍රිකට් දැනුමත්, ටැක්ටිකල් සහ ස්ට්‍රැටජිකල් ප්ලැනීන් හැකියාවත් එක්ක මහේල කියන්න ලංකාවේ ජාතික පුහුණුකරු වෙනුවට ඊට වඩා ලොකු සපත්තුවක් දාගත යුතු කෙනෙක්.

හොව් හොව් දැන් මේ කියන්නෙ යන්නේ මහේල ක්‍රිකට් පාලක මණ්ඩලේ සභාපති වෙන්න ඕනී කියලා නම් නෙවේ....

මහේලව මං දකින්නේ ලංකාවේ ජාතික කණ්ඩායම,  A කණ්ඩායම සහ 19න් පහල කණ්ඩායම ආදී වශයෙන් ඉතා වැදගත් තැන් වල ඉන්න ඕනේ පුද්ගලයෙක් වශයෙන්. දැනටමත් 19න් පහල කණ්ඩායමේ හෙඩ් කෝච් විදිහට අවිශ්කව පත් කරලා තියෙනවා. මහේල සහ අවිශ්ක දෙන්නම සමකාලිනයන් වගේම එකිනෙකා ගැන හොද අවබෝධයක් තියෙන දෙන්නේක්. ඉතින් මහේලට ලංකාවේ ජාතික කණ්ඩායමට ලබා දුන් කන්සල්ටන්සි කොච් තත්වය වගේම තැනක් 19න් පහල කණ්ඩායමටත් දෙන්න පුලුවන්.

මහේලව විවිධ ස්තර අතර යා හැකි කන්සල්ටන්සි කොච් කෙනෙක්, නැතිනම් ස්ට්‍රැටජිකල් සහ ටැක්ටිකල් ඇඩ්වයිසර් කියන කෙනෙක් කර ගන්න එක තමයි, මහේලගේන් ලංකාවේ ක්‍රිකට් වලට හොදටම ප්‍රයෝජනයක් ගන්න පුලුවන් විදිහ.

එතකොට මහේලගේ මුම්බායි ඉන්ඩියන්ස් කොච් කම?...ඒකත් එයා අනීවා කරගෙන යා යුතු එකක්. ශෝට් ටයිම් එසයිමන්ට් එකක් උනත්, අයිපීඑල් කියන්නේ ලෝක මට්ටමේ හොදම පුහුණුකරුවන්, ඇන්ලයිසර්ස්ලා, ක්‍රීඩකයන් එකතු වෙන තැන. මහේලගේ හැකියාවන් උර ගාන මුවහත් කරලා දෙන තැන එතන. එයා එතැන ඉන්නම ඕනේ.

දැන් ඔය මිකී ආතර් වෙනුවට මහේල...නෑ එහෙම එකක් නෑ....මිකී ආතර් එතැන ඉන්නා ඔනේ....ජෙහාන්ගේ බාසාවෙන් කියනව නම් ඒකත් ' ප්ලෑන් එකේ කෑල්ලක් '




2222