මාත් එක්ක කතා බහ කරපු කෙනෙක් කිව්වා සැබෑ නායකයෙක්ට බලය ගන්න පුළුවන් නම් අවුරුදු දෙකකින් මේ රට ගොඩගන්න පුළුවන් කියලා. මට නම් මෙය ඉතා ශුභවාදී නමුත් ප්‍රායෝගික නොවන ප්‍රකාශයක්.
මගේ අනාවැකිය නම් දේශපාලනික සහ ආර්ථික වශයෙන් නිවැරැදි තීන්දු තීරණ ගැනීම තිතටම උනත් මේ සදහා අවම වශයෙන් තවත් වසර 10ක් 15ක් පමණ ගත වන බවයි.
දැන් මාගේ මේ අදහසට හේතු සලකමු.
1. අපේ ආර්ථිකය ණය ගැනීම් මත පදනම් විය.
දශක ගණනාවක් තිස්සේ අපගේ උපායමාර්ගික ආර්ථික සැලැස්ම ණය ගැනීම් වටා කැරකුණි. අපට විශාල අයවැය හිඟයක් තිබුණා. එම හිඟය පියවා ගත්තෙ ණය ගැනීම් වලින් . ඉතින් හැම අවුරුද්දකම පසුගිය ණය වගේම පවතින අයවැය හිඟය ගෙවන්නත් ගිය අවුරුද්දට වඩා ණය ගන්න සිද්ධ වුණා.
රාජපක්ෂ යුගයේදී, යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසුව, 2010දී මේ උපාය වඩාත් සූක්ෂමව යොදා ගත්තා. මහින්ද රාජපක්ෂගේ මෙම මහා ණය ගැනීම් පිටුපස සිටි මහ මොලකරුවා වූයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී බී ජයසුන්ද්‍ර ය.
ඔහු ශ්‍රී ලංකාවට ණය දීම ඉතා ලාභදායක බව කළේය.
ඒ සදහා ඔහු යොදා ගත් ටූල් එක වූයේ ඩොලරයට සාපෙක්ශව රුපියල අවප්‍රමාණය වීමට නොදී , මහ බැංකු ඩොලර් සංචිත භාවිතා කරමින්, රුපියල ආරක්ශා කර ගැනීමෙන් .
තවද ඔහු මාර්ග සංවර්ධන අධිකාරිය, ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ජල මණ්ඩලය වැනි ආයතන හරහා චීන වාණිජ ණය ලබාගත් අතර, එම ණය,රජයේ ණය ලෙස පිළිබිඹු නොවන පරිදි සගවා තැබුවා.
තවද, භාණ්ඩාගාර ඇපකර ලබා දීමෙන් දේශීය ණය ලබා ගැනීමේ ක්‍රමවේදයක් ඔහු විසින් සකස් කරන ලදී.
පසුව කබ්රාල් සහ පීබී යුගලය ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වෙළෙඳපොළෙන් ණය ගැනීමට පටන් ගත්තා.
යහපාලන රජය බලයට පත් වූ පසු ඔවුන් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලින් ඉහළ පොලියට ණය ගැනීමේ උච්චතම අවස්ථාවට පැමිණියා.
2. ණය ගැනීම තවදුරටත් කළ නොහැක.
දැන් මේ ආර්ථික ව්‍යසනයත් සමඟ අපි ණය පැහැර හැරියෙමු. අපගේ ජාත්‍යන්තර ණය අනුපාත ඉතා සෘණාත්මක ය. ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බව මුළු ලෝකයම දැන ගත්තා.
දැන් අපිට ණය දෙන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද හැම බරපතල ණය දෙන්නෙක්ම දන්නවා ලංකාවට ආපහු ගෙවන්න බෑ කියලා.
සාමාජික රටවල ශේෂ ගෙවීමේ ගැටළු විසඳීම සඳහා පැහැදිලිවම පිහිටුවා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර, අපට වෙනත් ණය ගැනීමේ මූලාශ්‍රයක් ඉතිරි වෙලා නෑ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අප පිටුපස සිටින්නේ නම්, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි අනෙකුත් ණය දෙන ආයතන අප වෙත දෑත් දිගු කරනු ඇත. නමුත් නුදුරු අනාගතයේදී අනෙකුයිහ් මූල්‍ය ණය දෙන්නන්ගෙන් නම් ණයක් ගන්න බෑ .
3. අපට වේදනාකාරී ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍යයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඒත්තු ගැන්වීම සඳහා, ප්‍රධාන අවශ්‍යතාවලින් එකක් වන්නේ ණය තිරසාර බව ඔප්පු කිරීමයි. මේ සදහා අපගේ ණය කරුවන් සමඟ ඉතා දීර්ඝ සාකච්ඡා සිදු කිරීමට සිදු වනු ඇත. මේ වන විටත් චීනය ඉතා අමාරු කාරයන් වී ඇත .
ඊලගට ඔවුන් ඉල්ලා සිටින්නේ රජයේ අය වැය පරතරය අඩු කර ගැනීමයි. එනම් රජයේ බදු වැඩි කර , අනෙක් පසෙන් වියදම් අඩු කළ යුතුය.
රජයේ වියදම්වලින් වැඩි ප්‍රමාණයක් වැය වන්නේ රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීමටයි. ඒ නිසා ඒව අඩු කරන්න ඕන.
එතකොට රජයේ ආදායම වැඩි කරන්න බදු වැඩි කරන්න ඕන. උද්ධමනය උච්චතම අවස්ථාවක දී තවත් බදු වැඩි කිරීම දරාගැනීමට ඉතා අපහසු වනු ඇත.
4. අපට පෞද්ගලීකරණය අවශ්‍යයි.
අපේ ඩොලර් ඉපැයීම්වලින් වැඩි ප්‍රමාණයක් වැය වන්නේ ඉන්ධන ආනයනය සඳහා ය. මෙම ඉන්ධන ආනයනය කරනු ලබන්නේ රාජ්‍ය ආයතනයක් වන සිපෙට්කෝ ආයතනය විසිනි.
එසේ ආනයනය කරන ඉන්ධනවලින් අඩක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය නිෂ්පාදනය සඳහා භාවිතා කරයි.
දැන් මේ ආයතන දෙකම අකාර්යක්ෂම, ලාභ නොලබන, නමුත් විශ්වයේ කළු කුහරයක් වගේ ඩොලර් ගිලින ආයතන.
පවතින ආර්ථික අර්බුදයට යම් ප්‍රකෘතියක් ලබා ගත හැකි නම් අනිවාර්යයෙන්ම මේ ආයතන දෙක පෞද්ගලීකරණය කළ යුතුයි. එමගින් මෙම අධික වියදම් සහිත ආයතන, රජය මත පැටවෙන බර අඩු වනු ඇත. කෙසේ වෙතත්, මෙමගින් ඉන්ධන සහ විදුලිය සඳහා ඉහළ මිලක් ඇති තත්වයක් නිර්මාණය වනු ඇත. මීට පෙර අප සතුව තිබූ අනවශ්‍ය සුඛෝපභෝගි දේ සඳහා අප ගෙවිය යුතු මිල එයයි.
5. පළමු දශකය තුළ ආර්ථිකය මන්දගාමී වී හැකිලෙනු ඇත.
මේ සියලු ක්‍රියාමාර්ග ගත් විට මුල් වසර කිහිපයේදී ආර්ථිකය හැකිලෙනු ඇත
පළමු වසර කිහිපයෙන් පසු, එය ක්රමයෙන් වර්ධනය වීමට පටන් ගනී. එය හොඳ පදනමක් සමඟ වර්ධනය වනු ඇත. එය, කඩාවැටීම , කාලය පිළිබඳ පමනක් ගැටලුවක් වූ කලින් මෙන් දුර්වල අත්තිවාරමක් මත ඉදිකරන ලද දිස්නෙ දෙන් මාලිගාවක් නොව පෙර මෙන් නොව සවිමත් අත්තිවාරමක් මත ගොඩනගන ස්තිර ගොඩනැගිල්ලක්.
කෙසේ වෙතත්, විශාල දේශපාලන ස්ථාවරත්වයක් සහ දේශපාලන කැපබීමට අවශ්‍ය වූ , මෙම ප්‍රතිසංස්කරණ කළ හැකිද යන්න මට විශ්වාස නැත. මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට පෙර බොහෝ ආණ්ඩු කඩාවැටීමේ විශාල අවදානමක් තිබෙනවා. අලුත් බලාපොරොත්තු ඇතිව අලුත් ආණ්ඩු පිහිටුවන නමුත් කාලයත් සමඟ ඔවුන්ටද මුහුණ දීමට සිදුවනු ඇතතේ කලින සිටි රජය මුහුණ දුන් අභියෝගවලටමය /
දැන් මම මගේ ලිපියේ අවසානයට පැමිණෙමි.
මෙම සියලු ක්රියාවන් සඳහා කාලය අවශ්ය වේ. මේවා ඉතා අභියෝගාත්මක හා දැවැන්ත කාර්යයන් වේ. මේවාට දේශපාලන අධිෂ්ඨාන ශක්තිය සහ ආර්ථික පෙරමුණේ නිවැරදි තීරණ ගැනීම අවශ්‍යයි.
මෙම ප්‍රතිසංස්කරණ වසර දෙකකින් කළ නොහැකි බව ඔබ එකඟ වනු ඇතැයි මට විශ්වාසයි. අවසානයේ රෝමය ගොඩනැගුනේ දවසකින් නොවේ. ඒකට කාලය අවශ්‍යයි. අපි දශකයක් පමණ ඒ සඳහා ගත කල යුතුය . එම දශකය වේදනාවෙන් හා දුක්වලින් පිරී ඉතිරී යනු ඇත, නමුත් අපමණ බලාපොරොත්තු ඇත.