Wednesday, 18 December 2013
ස්වයංවින්දනයක් ගැන මයි කථාවක්...
නවීනත්වයට, නව රටාවන්ට කැමැත්තෝ බොහෝය. එයිනුත් නවීනත්වය වැලද ගැනීමෙහි ලා සමර්ථ වන්නෝ කොටසකි.විවිධ හේතු අරභයා නවීනත්වය සමග පෑහීමට නොහැකි වී, අතීතය සමග ජීවත් වන්නෝ, නූතනත්වය නැමැති වේදීකාවේ තම සබකෝලය වසා ගන්නේ නවීනත්වය විවේචනයෙනි. නවීනත්වය අරඹයා වූ ඇතැම් විවේචනයන් ඉතා සාධාරණ හා තර්කානුකූල විය හැකි උවද ඇතැම් විවේචනයන් මට සිහි ගන්වන්නේ නරියා මිදි තිත්තයි කියු ළමා කතාන්දරය ය.
කෙසේ උවද නූතනත්වය යනු සෑමවිටම ධනාත්මකය නොවෙන්නා සේම අතීතය , සම්ප්‍රදාය යනු මරා දැමිය යුතු සෘණාත්මකයක් නොවෙන බව ද නූතනවාදීන් වටහාගත යුතු ප්‍රපංචයකි.
ප:ලි
1.) බේසික් ෆෝන් එකක සිට ස්මාර්ට් ෆෝන් එකක් දක්වා අප්ග්‍රේඩින් වීමේ සංක්‍රාන්තිසමය තුල , ජීවීතයේ තිස් විය ඉක්මවූවකුගේ ස්වයං මනෝභාවය පිලිබද ස්වයංවිවරණයකි....ස්වයංවිවේචනයකි...ස්වයංවින්දනයකි.....
2) සර සර ගාන සද්දයක් වගේ ඇහුණා ...බලලා එන්නං....
Labels:
අපේ ගෙදර
Subscribe to:
Post Comments (Atom)
මෙය මයි කතාවක් හෝ නයි කතාවක් හෝ නොව මයිටාවා කතාවක් බව පෙනේ.
ReplyDeleteහරි පොස්ට් එක පොඩි උනාට අදහස පැහැදිලියි නේද?
Deleteනයා දැක්කේ නෑ?
ඕවත් නයි ද ළමයෝ?
Deleteකකාගේ ප්‍රශ්ණෙම නයෙක් :)
Deleteනිවැරදි අක්ෂර වින්‍යාසය ද හැමවිටම පිළිපැදීම අත්‍යාවශ්‍ය නොවුනද, හැම විටම නොසලකා හැරිය යුතුද නොවේ...
ReplyDeleteසබකෝලය
ළමා කතාන්දරය
ධනාත්මකය
සම්ප්‍රදාය
මට නිකං එක 'ස්වයං' කෑල්ලක් වැඩියි වගේ.. :)
තෑන්ක්ස් වැරදි ටික ගොඩ දාන්නං
Deleteඒ වැඩියි වගේ තේරේන්නේ හැමතිස්සෙම ඒ ස්වයං කෑල්ල ට අපිට ස්ටීරියෝටයිප් එකක් තියෙන හින්දා....ඔන්න ඔහේ මමත් ඒ ස්ටීරියෝටයිප් එකෙන් වැඩක් ගත්තා...බඩගිනි වෙලාවට හිට්ස් ටිකක් තම්බලා කන්න (කතෘ; මාලන් )
හොදයි හොදයි මෙහෙම හිතෙනවනම්...
ReplyDeleteකොල්ලෝ එහෙම වෙන්නේ ඉට්ටයිල් එකට...අපි එහෙම වෙන්නේ ලොස් නොවෙන්න.... :))
Deleteනවීනතාවයට හුරුවෙන්න යන්න සංක්‍රාන්ති සමය ඇත්තටම මහ භයානක කාලයක්.. පරණ එකටත් බනිනවා අළුත් එකටත් බනිනවා..
ReplyDeleteඅලුත් එකට පුරුදු වෙනකනුත් සමහර වෙලාවට ඒ වගේම කාලයක් තමයි?
Delete"කෙසේ උවද නූතනත්වය යනු සෑමවිටම ධණාත්මකය නොවෙන්නා සේම අතීතය , සම්ප්‍රධාය යනු මරා දැමිය යුතු සෘණාත්මකයක් නොවෙන බව ද නූතනවාදීන් වටහාගත යුතු ප්‍රපංචයකි"
ReplyDeleteමයිය හරි.
මේකත් එක්තරා විදියක නයි කතාවක් තමයි.
නයි කීප දෙනෙක් ඉන්නවා......අර උඩ තියෙන ෆෝන් එකේ නිල් පාටින් තියෙන 3 දැක්කද?
Deleteඇත්තම නයා දැක්කේ රාජ් තමයි
Deleteමරේ මරු....
ReplyDeleteතැන්ක්යූ තැන්ක්යූ....මේ පැත්තට අළුත් වගේ නේද?
Deleteමයියගේ පෝස්ට් එක ගැන විරිද්ධත්වයක් නැහැ ... ඒත් මයියෝ ඔයාම හිතන්න ඔයාට ඇන්ඩ්‍රොයිඩ් වගේ හොඳ ෆෝන් එකක් අදටත් ගන්න බැරි වූවෙක් නම් ඔබට කෙසේ සිතේද .......?
ReplyDelete" ලෝකය දිනෙන් දින නව ලොව කරා.. මා එතනමයි..ශිකේ "
එහෙම හිතෙනවනම් මේ පෝස්ට් එකේ අරමුණ සාර්ථක වෙනවා සහන්....
Deleteසොෆ්ට්වෙයාර් හරි කෑලි බෑලි හරි අළුත් වර්ශන් එකට අප්ග්‍රේඩින් නොවී පරන පුරුදු එකට ඇබ්බැහි වෙලා ඉන්න අය ඕන තරම් ඉන්නාවා...පුලුවන් කම තියෙද්දිත්...ඒ අයට ඒ අයගේ කම්ෆර්ට් සෝන් එකෙන් එලියට එන්න හිතෙනව නම් මේ පොස්ට් එකේ අරමුන ඉශ්ඨ වෙනවා....
යෙක ශරි මාතියා
ReplyDeleteඕකේ දොරේ...නයි ටික ඔක්කෝම දැක්ක නේද තම්බි......
Deleteඇමරිකාවෙදි මොබයිල් පෝන් එක කියන්නෙ ඒ දාං ඉන්න හැම ඇප් එකෙන්ම මරෝගෙන වැඩ ගන්න පුලුවන් වැදගත් යමක් වුනාට මෙහෙදි ඒක ධනය ඇති පිරිස විශේෂ සැලකිලි ලබන්න භාවිත කරන ආභරණයක් මට්ටමට වැටිලා.
ReplyDeleteලංකාවෙ ටෙලිකොම් සමාගමක සබාපති තුමාටහෙන පොස් ස්මාට් පෝන් එකක් තිබිලා. එතුමාගේ ගෙදරම වෙනමම වයිෆයි සෝන් එකක් තිබිලා. ඉතිං ඒක අවුට් වෙලා මාස හතරකට පස්සෙ ඒ මොබයිල් කොම්පැනිය අහම්බෙන් හොයාගෙන ගිහින් රෙපෑර් කරන්න. එතකොට තමයි පොර දන්නෙ සෝන් එක අවුට් කියල.
මේක ඇත්තම කතාවක්.
කථාව නම් සහතික ඇත්ත...අපේ කට්ටිය අළුත් ටෙක්නොලොජි එක විතර්ක් නෙවෙයි ඉංග්‍රීසී භාෂාව පවා පාවිච්චි කරන්නේ ආභරණයක් ඉදිහට මිසක් උපකරණයක් විහිහට නෙවෙයි...ඒක අපේ මිනිස්සු අතර තියෙන නරක පුරුද්දක්....
Deleteලංකාවේ ගොඩක් ලොක්කන්ට වෙන්නේ..,.අළුත් බඩු අයි ෆෝන් අයි පෑඩ් මේ ගොල්ලන්ට කමපැණි එකෙන් ....එක්කෝ වෙන කාගෙන හරි නිකං හම්බ වෙලා ඒක බොරුවට සෝභනේට තියං ඉන්න එකයි....ඒත් ස්වල්ප දෙනෙක් ඉන්නවා මේක කොහෝම හරි ඉගෙන ගන්න ඕනේ කියලා උනන්දුවෙන් ඉගෙන ගන්න අය....ඒත් බහුතරය අමිල කියපු ජාතියේ අය තමයි.....
I don't agree with you. If what you have is suffice for your requirement and happy about it. It is a waste to upgrade. eg. if you have Iphone 4 and happy with it no point of upgrade it to Iphone 5 or 5S. It is same for the software as well.
ReplyDeleteතම තමන්ගේ සීමාවන් තම තමන්ම තීරණය කල හැක. එහෙත් එය තමන්ගේ සුවපහසු සීමාව ඉක්මවා ගවේශණ භූමියට පිවිසීමට හෙතුවක් කර නොගැනීමත් වැදගත්‍ය.
Deleteමෙය මා ෆෝන් එකේ ඉදන්ම කොටපු පලමු සිංහල කමෙන්ටුවයි.
මම මේ පෝස්ට් එක කියවනකොට හිතුවෙත් දේශක කියන දේමයි.
ReplyDeleteහෙ හෙ එහෙනම් දේශකට දීපු උත්තරයමයි දෙන්න වෙන්නේ
Delete.,:)
තාක්ෂණයට බනින්නෝ බනිති. වැළදගත්තෝ යෙහෙතින් වැජබෙති. ලෝකය තනි යායාක් බවට පත් කරගනිති. නැත්තෝ විවේචනයෙන් තම සංතුෂ්ටිය සොයා ස්වයංවින්දනයක් ලබති.
ReplyDeleteඑතකොට අයි පෝන් එකද නයි පැටියා...
ඕකා නයි පැටියෙක් නොවේ දෙයියෙක් මයියා..
තාක්ෂණය ගොඩ දා ගත්ත අය ඒකට විරුද්ධ වෙන්න හේතුවක් නෑ. නයි පැටියා මයි පැටියෙක්
Delete