වික්ටර් ලොක්කගේ කථාව නම් යුක්රේනයේ බලශක්ති අවශ්‍යතාවය රුසියාව නැතිව හිතන්නවත් බැරි වීමයි.....
උස වික්ටර් හා කොට පූටින්..... |
මේ තීරණේට යුරෝපා සංගමයට හිතවත් යුක්රේන මිනිස්සු අකමැති වෙනවා. පොරවල් බහිනවා පාරට..පොලීසියත් එක්ක කෙලගන්නවා... නොවැම්ම්බර් වලින් පටන් ගන්න උද්ගෝෂණ ඇදෙනවා මේ අවුරුද්දටත්....මේ අතරෙදි පූටින් ලොක්කත් ෆුල් සපොර්ට් එක දෙනවා වික්ටර් උන්දැට...යුක්රේන රජයේ බැදුම්කර ඩොල්ර් බිලියන 15 ක් වලට පූටින් මහත්තයා ආයෝජනය කරනවා...එකෙන් තෙල් ගෑස් ලාබෙට දීලා ජනතාව ශේප් කරන්නයි දෙන්නගේ කල්පනාව..මොන උප්පරවැට්ටි දැම්මත් වික්ටර් මහත්තයට ජනතාව පාලනය කර ගන්න බැරි වෙනවා...ඒකට අපේ මහින්ද මාම..ඔය ඩොල්ර් බිලියන් 15 න් අරික් කාලක් ඒ උත්තමයට දුන්න නම් ගහක් ගලක් වගේ තියෙන ටීඑන්ඒ එකත් කෑලී කොරලයි පස්ස බලන්නේ.......කරදර අඩු උනාම වික්ටර් ලොක්කට මහින්දා මහත්තයට කියලා කුප්පියක් දාන්න ඕනේ....
දෙසැම්බරේදී උද්ගෝෂණේ තදින්ම යන වෙලාවේදි යුරෝපා සංගම් හිතවත් උද්ගෝෂණකරුවන්, යුක්රේනයේ කිව් අගනුවර, නගර ශාලාව අල්ල ගන්නවා....මේ උද්ගෝෂණ කියන්නේ ඔය ජෙප්පෝ ටවුන් හෝල වල කරන 10,000 හේ 15,000 හේ උද්ගෝෂණ නෙවෙයි....මේවට ඔලු ගෙඩි ලක්ශ ගනං........
උද්ගෝෂණ අතරමැදදි පොලිස් සජීවි උණ්ඩ පහරට මැදිව උද්ගෝෂණකරුවන් මිය යනවා...වැඩේ දුර දිග යන බව තේරේනවා...පාර්ලිමේන්තුවේ අගමැතිවරයා ඉල්ලා අස් වෙනවා...උද්ගෝෂණ මර්ධන නීතී පාර්ලිමේන්තුවෙන් ලිහිල් කරනවා....
ස්නයිපර් තුවක්කු පත්තු උන දවසේ ..... |
අත්ඩංගුවේ ඉන්න උද්ගෝෂණ කරුවන් සිය ගානක් නිදහස් කරන පොරොන්දුව පිට උද්ගෝෂණකරුවොත් අගනුවර මන්දිරය තමන්ගේ අතඩංගුවෙන් මුදා හරින්න කැමති වෙනවා...
වැඩේ සාමදාන වී ගෙන යන බවක් පේන්න එනවා....
සාමය ඇතිවෙලා පෑය 24 ක් ගතවෙන්නත් කලින් නාදුනන තුව්ක්කුකරුවෙකුගේ ස්නයිපර් පහරකින් උද්ගෝෂණයේ ඉන්න මිනිස්සු කීප දෙනෙක් මිය යනවා...ඒවා කාගේ තුවක්කුද කියලා සෑකයක් අපට නම් එනවා......වැඩේ ආයෙත් දෙල් වෙලා නැවත් උද්ගෝෂණ පටන් ගන්නවා.....
යුලියා නෝනා හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලා දෙන ඇග රත්වෙලා යන ටෝක් එක... |
ඒ අතින් අපේ මහින්ද ලොක්කා කොච්චර මොල කාරයෙක්ද.....බැරිවෙලා හරි ගැස්සුනෝත් පාර්ලිමේන්තුවේ කථානායක තමුන්ගෙම අයියා.....මේ වගේ උද්ගෝශණයක් වෙලාවේ වීරයෙක් වගේ එලියට බහින්න හිටපු ජනරාල් උන්දෑ ජනාධිපති සමාව යටතේ කල එලියක් නැතුවම එලියේ...වික්ටර්ට නම් ලොක්කගෙන් ගොඩක් ඉගෙන ගන්න තියෙනවා...
අලුත් අන්තර්පාලන රජය දැන් අළුත් ගේමක් ගහනවා... දෙගොල්ලොම එකඟ වෙච්චි ච්න්දය පැත්තක තියලා, ඒගොල්ලො වික්ටර් මහත්තයට විරුද්ධව උසාවි වරෙන්තු නිකුත් කරන්න හදනවා....උද්ගෝෂණ වලදි සිවිල් මිනිස්සු මැරුවයි කියලයි චෝදනාව....
වික්ටර්ව අතඩංගුවට ගැනීමේ පෝස්ටර් |
හිරේට යන්න වෙයි කියන බයට වික්ටර් මහත්තයා රුසියාවට පලා යනවා.....
ක්රිමියාව කියන්නේ යුක්රේනයේම කොටසක්...හැබැයි ඉතිහාසගතවම ක්රිමියාවට, රුසියාව එක්ක ඇයි හොදයි කම් වැඩියි......යුක්රේනයේ කිව් වල උද්ගෝෂණ වලට විරුද්ධව ක්‍රිමියාවේ ප්‍රති උද්ගෝෂණ පටන් ගන්නවා.....ක්‍රිමියාවේ පාර්ලිමේන්තුව මුහුණු වසා ගත් තුවක්ක්කු කරුවන් අල්ලා ගන්නවා.....ක්රිමියාව රුසියාවේ........
වික්ටර් මහත්තයා, රට උද්ගෝශණ කරුවන්ට පාව දීම ගැන කණගාටු වෙමින් ජනතාවගෙන් සමාව ඉල්ලනවා....යුක්රේනයේ අනාගතය වෙනුවෙන් සටන් කරන බවට ජනතාවට සහතික වෙනවා...තමන් තාමත් යුක්රේනයේ නිල ජනපති බව කියා හිටිනවා.....මතකනේ සදාම් ලොක්කත් ඔය කථාවම නේ කිව්වේ....කථා දෙකක් නෑ ඒක ඇත්ත....
දැන් ඉතින් ලමයිනේ චිත්‍රපටියේ උච්චතම අවස්තාවට එනව...පයිට් එක පටාආආන් ගන්නයි යන්නේ....
පූටින් ලොක්කා නාමපද පැත්තකට දාල ක්‍රියාපද වලට බහින්නයි සුදානම....රුසියාව ක්රිමියාවයට හමුදාව එවනවා....දැනටමත් රුසියානු සම්බැරීන් ක්‍රිමියාවේ තියෙන රුසියා නාවික කදවුරේ සීමා මායිම් පන්නලා.....
නාදුනන තුවක්කු කරුවන් ක්‍රිමියාවේ මිල්ටරි මූලස්ථානය වට කර ගෙන..... ඇත්තටම ඒ රුසියානු හමුදාව |
රුසියාවේ ආක්රමනයට බොහෝ යුක්රේන වැසියන් පක්ශපාතියි......හරියට නිකං ලංකාවේ උතුරේ පොරවල් වලට මුල් දවස් වල ඉන්දියන් හමුදාව ගොඩ බැස්සම දැනෙන සනීපෙ දැනෙනවා ඇති.....
ඇමෙරිකාවෙ ඔබාමා ලොක්කයි..යුරෝපා සංවිධානයයි පූටින් මහතයගේ වැඩේට පොඩි සද්දයක් දාලා තිබුනා...ඇෆ්ගනිස්තානේ, ලංකාව වගේ හාල් කෑලි එක්ක ෆයිට් කරාට පූටින් එක්ක හැප්පිලා දත කට පූට්ටු කර ගන්න කවුරුත් කැමති නෑ....උද්ගෝෂණකරුචන් ලවාම වැඩේ කර ගන්නයි වගේ බටහිර සුදානම්...අර මොක්කුද ලවා කොස් ඇට බාවනවයි කියලා කථාවකුත් තියෙන්නේ......
දැන් ඉතින් චිත්‍රපටීයේ නැගලම යන හරිය..අද ඉදන්වත් ටීවීඑකේ ප්‍රවීණයි...අර කුමාරියි...මේ කුමාරියි බැලිල්ල පැත්තක තියලා අල් ජසීරා සී එන්න වෙගේ එකක් ඇල්ලුවනම් ඇස් දෙකටම අන්තිම පයිට් එක බලා ගන්න පුලුවන්....
ප:ලි ; බලලුන් ලවා කොස් ඇට බාවනවා වගේම ක්තමයි ඌරන් කැකුණ තලන කොටහබන් කුකුලන්ට....මහින්ද මහත්තයා ජීනිවා කේස් එක ගොඩ දා ගන්න විදිහක් කල්පනා කරනවා ඇති.....
පින්තූර ගත්තේ ;
http://www.theguardian.com/uk
http://www.huffingtonpost.com/