Friday, 4 September 2026

ඩඩ්ලිගේ කරේ යෑම

බලයට එන්න කලින් මාලිමාවයි JVP එකයි ලංකාවේ හාල් ඒකාධිකාරය ගැන කොච්චර ලොකුවට කතා කළාද අපිට මතකයි. බලයට ආව ගමන් එක පෑන් පහරකින් හාල් මාෆියාව ඉවර කරනවා කියලාත් ලොකු පොරොන්දු දුන්නා.

හැබැයි බලයට ආවට පස්සේ මොකද වුණේ? ඒ කතා ටික ටික පෝරි ගැසීම් විතරක් බවට පත්වුණා . හාල් මිල අඩු කරනවා වෙනුවට, මේසේට ගහලා, වෙළඳපොළේ තිබුණු මිලටත් වඩා වැඩි මිලකට හාල් දෙන්න සිද්ධ වුණා නම්, එදා කියපු “හාල් මාෆියාවට” කළේ මොකක්ද කියලා ජනතාව අහන එක සාධාරණයි.


ෆෙස්බුක් එකෙන් උපුටා ගැනුනි, අයිතිය මුල් හි
මිකරු සතුයි


තවත් විහිළුම කාරණය තමයි එදා දැඩි ලෙස විවේචනය කරපු හාල් ව්‍යාපාරිකයන්ගේ ක්‍රියාකාරකම්වලට අද අත්පුඩි ගහන තත්ත්වයක් පේන්න තියෙන එක. විශේෂයෙන්ම මේක නිකන් සාමාන්‍ය පාක්ෂිකයෙක් නෙමෙයි, JVPයේ ඉහළම නායකයෙක් වන බිමල් රත්නායක වගේ කෙනෙක් සම්බන්ධ වීම නිසා  උත්ප්‍රාසය තවත් තිව්‍ර වෙනවා.

මේ ශෙයා කරලා තියෙන,ෆේස්බුක් එකේ ශෙයාර් වෙන පින්තූරයත්, ඒකට දාලා තියෙන කියමනත් එකට බැලුවම දේශපාලනයේ පොරොන්දු සහ බලයට ආවට පස්සේ කරන දේවල් අතර වෙනස ගැන හොඳ උපහාසයක් තියෙනවා. 😄

ඇත්තටම ප්‍රශ්නය ඩඩ්ලි සිරිසේනද, වෙන කවුරුද කියන එක නෙමෙයි. එදා විවේචනය කළ දේම අද බලයට ආවට පස්සේ පිළිගන්නවා නම්, එදා කරපු විවේචනවල තිබුණේ ඇත්ත ප්‍රතිපත්තියක්ද, නැත්නම් බලය ගන්න කරපු දේශපාලන කතාවක්ද?

දේශපාලනයේදී මිනිස්සු බලන්නේ කතා නෙමෙයි, බලයට ආවට පස්සේ කරන වැඩ දිහා.

2222