පලමු වසරේ ඉගෙන ගන්න අපේ ලොකු කොල්ලගේ වාර විභාගේ තිබ්බේ ලගදි. බුද්ධාගම විෂය පහුවදාට යෙදිලා තිබ්බ නිසා, ඉරිදා දවසේ නිස්කලංකව හිටපු මාත් කොල්ලගේ විභාගේට උදව් වෙන්න කියලා ලෑස්ති උනා. වෙසක් දවසේ වෙච්චි වැදගත් සිදූවීම් මොනවද කියලා පැහැදිලි කොරලා, ඒවා මතක තියෙන්නත් එක්ක, ඒ සිදුවීම් චිත්‍රයට නගන්න කියලා, ඒ ඉසඹුවෙන් මම ජංජාලගත උනා. අතරින් පතර ලොක්කා මොනවදෝ ඇහුවත්, ජංජාලගත වෙලා සිංහල බ්ලොග් අවකාශයේ අතරමං වෙලා හිටපු මට ඒ ගැන හරි නිච්චියක් නෑ.
කොහොම උනත් ලොක්කා ලස්සනට ඉපදීම, බුදූවීම හා පිරිණිවන් පෑම චිත්‍රයට නගලා තිබුනා. මට වඩා ඌට කොහොමත් කලාව පිහිටලා තියෙනවා. ඒත් පොඩි අවුලකට තිබ්බේ මේකා, සිදුහත් කුමරුටත් රැස්වලල්ලක් දාලා ඇදලා තිබ්බ එකයි. මම නම් දන්න විදිහට රැස් වලල්ල බුදුවීමේන් පසුව සිදු වූ දෙයක්. ඕක පහදලා දෙන්න ගියාම ලොක්කගේ මූන දෙල් වෙලා ගියා.ලස්සනට පාට ගාපු එක මකලා දාන්න එයා කැමති නෑ. අන්තිමේදි මට පරාජය භාර ගන්න උනේ ඉස්කෝලේ පාඩම් පොතෙත් සිදුහත් උපත ඇදලා තියෙන තැන රැස් වලල්ලක් ඇදලා තිබ්බ නිසයි.
සිදුහත් කුමරුට ෂට්වර්ණ රැස් වලල්ලක් දැම්ම එක ලොකු ප්‍රශ්ණයක් නොවුනත්, කුඩා යේසුස් කුමරුට රැස් වලල්ලක් දැම්මොත් නම් ඒක ටිකක් ලොකු ප්‍රශ්ණයක් වෙනවා.ඇත්තටම ඒක එහෙම වෙලා තියෙනවා.
ඒක එහෙම වෙන්නේ LGBT පොරවල් හදුන්වන සංඛේතයක් ලෙසත් දේදුනු වර්ණ යොදා ගන්න නිසයි. ( Lesbian, Gay, Bisexual, Transgender : කාන්තා හා පුරුශ සමලිංගිකත්වය, ද්විලිංගිකත්වය, ස්ව්යං ලිංග පරිවර්ථනය ).කොටින්ම LGBT කොඩියට ගන්නේ දේදුනු වර්ණ.
ජෙනේ රොබින්සන් , ඇමෙරිකාවේ එපිස්කෝපල් පල්ලියේ සමලිංගික බිශොප්වරයෙක්. ඔහු සමලිංගිකත්වය ප්‍රසිද්ධියේ පිලිගත් පලමු වැනි බිශොප්වරයායි.
"ක්‍රිස්තුත් වහන්සේගේ සමකාලීන සමාජය විවාහය අත්‍යවශ්‍ය දෙයක් ලෙස සිතූවක්. නමුත් ඔහුගේ ජීවීතයේන් වැඩි හරියක් ගෙවුනේ මිනිසුන් දොලොස් දෙනෙක් සමගයි. ඒ අතුරෙනුත් තුන් දෙනෙක් නායකත්වය සදහා විශේෂ උනා. එයිනුත් එක්කෙනෙක් ගැන බයිබලයේ සදහන් වෙන්නේ 'යේසූස් වහන්සේ ආදරය කල' යනුවෙනුයි."
මේ කාරණය උලුප්පලා ගන්නේ ජෙනේ රොබින්සන් බිශොප්වරයායි. ඔහු කියන විදිහට නම් යේසුස් වහන්සේ සමලිංගිකත්වය අනුමත කරලා තියෙනවලු.
මේක කියෙව්වම මට නම් මතක් උනේ ජීප්සීසල්ගේ පරන සිංදුවකුයි...
ලේසීයටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා....
එහෙම කලත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා....
නැතිනම් හදලා කියනවා.....
ඒ උනත් මට තියෙන ඇත්තම ප්‍රශ්ණ නම් මේවායි................
ඇත්තටම සමලිංගික සේවනය පවක්ද?
මේරී මග්දලේනා සහ ඇගේ දරුවන් ගැන කථාව ඇත්තක්ද?