මෑතක් වෙනතුරුම මම නම් හිතං හිටියේ පිරිමි කොච්චර ශක්තිමත් හා බුද්ධිමත් උනත් ගෑණු අතේ තමයි වැඩ කෑල්ල තියෙන්නේ කියලා. ඕක හරියටම පැහැදිලි කරන්න නම් මට කියන්න වෙන්නේ මගේ යාලුවෙක්ගේ කියමනක්.
" The verticle mouth is powerful than horizontal mouth "
ඉතා පිරිසිදු ශුද්ධ සිංහල වචන වලින්, වඩා ලගන්නා සුලු පරිවර්තනයක් යාළුවගේ ඉංග්‍රිසී කියමනට දෙන්න පුලුවන් උනත්, ''යෝනීය විසින් ශිෂ්ණය පාලනය කරයි' වැනි අදහසක් එන ඕනම සංකරන සංයෝජනයක්, මම මේකේ සිංහල යටි අරුත විදිහට බාර ගන්න සූදානං. ඒත් නැත්නං 'ගැහැණිය ලොව පාලනය කරයි' හෝ 'සෑම සාර්ථක මිනිහෙක් පිටුපසම ගැහැණියක් ඇත' වගේ තාර බාර ඇරපු කථාවක් උනත් අවුලක් නෑ....... ගොඩක් මිනිස්සු දකින දකින හැම යෝනීයක් ඉදිරියේම දෙකට නැවෙන්නේ නැති උනත්, තමන්ට හරියන, හරියටම හරියන, යෝනිය ඉදිරියේ දනින් වැටෙන බව මම මෑතක් වෙන තුරුම විශ්වාස කලා.
මහා පරිනිබ්බාණ සූත්‍රය ත්‍රිපිටකයේ තියෙන දීර්ඝ සූත්‍රයක්.....බුද්ධ පරිනිර්වානය ආසන්නයේ ආනන්ද හාමුදුරුවන් බුදුරදුන්ගෙන් ගැහැණිය ගැන ප්‍රශ්ණ කරනවා....
" ස්වාමීනී.....ගැහැණිය සම්භන්ධයෙන් භික්ෂුවගේ පැවැත්ම කෙසේ විය යුතුද?"
" ආනන්ද, භික්ෂුව කාන්තාව දෙස නොබලා සිටිය යුතුයි"
"ස්වාමීනී, නොබලා සිටියත් ඔවුන් ඇස ගැටීමට පුලුවන්"
"ආනන්ද එවිට ඔවුන් හා කථා නොකල යුතුයි"
"ස්වාමීනී, භික්ෂුව කාන්තාව සමග කථා නොකලත්.....කාන්තාව භික්ෂුව කරා පැමින කථා කල හැකියි "
"ආනන්ද, භික්ෂුව සිහිනුවණින් යුතුව කාන්තාව හා කටයුතු කල යුතුයි"
ත්‍රිපිඨකයේ තිබ්බා උනත් මට නම් මේ සංවාදය ඇත්තටම සිදු උන එකක් ද කියලා සැකයක් තියෙනවා. මොනා උනත් මේ සංවාදයේ අන්තිම පිලිතුර හැරුණු විට පලවෙනි පිලිතුරු දෙක නම් බුද්ධ භාෂිතයක් වෙන්න බෑ...
උත්තර කියන්නේ තරුණයෙක්. උත්තරගේ ගුරුවරයා පාරාසාරිය. බුදුහාමුදුරුවෝ පාරාසාරිය උගන්වන්නේ මොනවාදැයි උත්තර ගෙන් අහනවා.
උත්තර කියන විදිහට පාරාසාරිය, ඇස් වලින් නොබලා සිටීමේන්, කන් වලින් නො අසා සිටීමෙන් ඉන්ද්‍රීය දමනය උගන්වන අයෙක්.....
ඇස් නොපෙනෙන, කන් නො ඇසෙන අඳ බිහිරෙක්, ඉන්ද්‍රීය දමනයේන් නිවන් ගිය අයෙක් නොවන්නේ ඇයි....? බුදුහාමුදුරුවන්ගේ ප්‍රශ්ණ කිරීමෙන් උත්තරට සත්‍යය තේරුම් යනවා....
"Thoughts of lust in man itself is
desire, not the beautiful things found in the external
world. Let the beautiful things be as they are. The wise
discipline their craving with regard to them.”
නොබලා, ගොළුව සිටීම ගැන මෙහෙම ප්‍රශ්ණ කරපු බුදු හාමුදුරුවන්, මහාපරිනිර්වාන සුත්‍රයේදී ආනන්ද හාමුදුරුවන්ට ගෑනු දිහා නොබලා, කථා නොකර සිටින්න එපයි කියපු එක බුද්ධභාෂිතයක් වෙන්න බැරි ඒ නිසයි.
ගෑණු බහුතරයක් ස්භාවයෙන්ම සුකොමලයි, ආරක්ශාව සොයන සුලුයි. ලිංගික එක්වීමට පලමු හදවත් අතර බැදීමකට කැමතියි.....යෝනියේ ස්භාවය මෙයයි.
එහෙත් පිරිමියා ස්භාවිකම රළුයි, ආක්රමණකාරියි, ලිංගික එක්වීමෙදී ඉදිරිගාමියි....ශිෂ්ණය එහි නිරූපනයයි.
පැහැදිලිවම ගැහැනිය හා පිරිමියා ස්භාවිකවම වෙනස්. නමුත් ඒ වෙනස පිරිමියෙක් හෝ ගැහැණිකයක් උසස් හෝ පහත් කරන්නේ නෑ.....ශිෂ්ණය , යෝනියටවත්...යෝනිය ශිෂ්නයටවත් යට වෙන්නේ නෑ....ඒත් ඒ දෙක බැදී පවතින්නක්... ආශාව නැමැති රැහැනෙන් ශිෂ්ණය යෝනීයටත් හෝ යෝනිය ශිෂ්ණයටත් බැද දමනවා...
චිත්ත කියන්නෙ බුදුහාමුදුරුවන් හම්බවෙන්න ආපු ගෘහපතියෙක්. ගෙවල් හිමියෙක්. ඔහු බුදුහාමුදුරුවන්ට මෙහෙම කියනවා...
'ස්වාමීනි.....කළු ගොනෙකුයි, සුදු ගොනෙකුයි කඹයකින් එකාට එකා බැදලා තියෙනවා. කාට හරි කියන්න පුලුවන් සුදු ගොනා තමයි කළු ගෝනාගේ බැදීම කියලා. ඒතකොට තවත් එක්කෙනෙක් කියයි.....නෑ..නෑ.... කළු ගොනා තමයි සුදු ගොනාගේ බැදීම කියලා.... ඒත් ඇත්තටම සුදු ගොනාගේ බැදීම කලු ගොනාවත් ...කළු ගොනාගේ බැදීම සුදු ගොනාවත් නෙවෙයි.....ඒතැන ඇති බන්ධනය කඹ පටයයි...."
සමහර ගම්වල දඩබ්බර හරක් ඉඩම් වලට පනිනවට හොද හරකෙක් එක්ක කපල් කරලා තියෙනවා |
මිනිස්සු ගෑනුන්ගේ යෝනිය හමුවේ පරදින බවට මගේ පුර්ව නිගමනය වැරදි වෙන්නේ මෙන්න මේ නිසයි....මිනිස්සු, ගෑනුන්ගේ යෝනියට පරදින බව හිතං හිටිය මමත්......, කළු ගොනා බැදලා තියෙන්නේ සුදු ගෝනාටයි කියලා තර්ක කරන අයෙකුට සමානයි..මිනිස්සු යට වෙන්නේ යෝනියටවත්, ගැහැණු යට වෙන්නේ ශිෂ්ණයටවත් නොවෙයි. ගෑණු පිරිමි දෙගොල්ලොම පරදින්නේ ඒගොල්ලන්ගේම 'ආශාවටයි....'.
'ආශාව' නැමැති රැහැන කපා දැමු පිරිමියා හෝ ගැහැනිය කිසිදු පිරිමියෙක් හෝ ගෑහැනියක් ඉදිරියේ පරාද නෑ...
ඇත්තෙන්ම් එවන් අයෙක් සක්විති රජෙක් නැතිනම් රැජිනක්.....සමතැන ඉල්ලන 'ස්ත්‍රීවාදය' නොදුටු සත්‍යය ත් .....'පුරුශ ස්වෝත්තමවාදය' නොදන්නාඅනාත්මතාවයත් එයයි.....
P:S
Mara (Illusion):
You who are so young, so lovely
seated beneath sal tree with blossoms crowned
so aware of your loneliness.
Do you not tremble when seducers come along?
Nun :
Though men like you, seducers,
a hundred thousand should approach,
no single hair of mine will turn
Nor will I quake with, fear.
And so, tempter, coming all alone,
of what effect are you?
Mara (Illusion):
I who possess super-normal powers
can make my form disappear.
Between your eyebrows or your belly,
I could lodge and stay.
Nun :
How then, Mara, could you see me…
Know tempter, I have triumphed over you.
යකෝ අඩන්නද හිනාවෙන්නද කියලා තේරෙන්නේ නෑ.....තෝ ත්‍රිපිඨකය වැරදියි කියන ගමන්, බුද්ධාගම බොක්කටම දීලා......
ReplyDeleteමේක නම් මයියම දාගත්ත එකක්....
Deleteත්‍රිපිඨකය වැරදි කියලා නෑ.....මහා පරිනිර්වාණ සූත්‍රයේ ඇතැම් කොටස් බුද්ධ භාශිතයක්ද කියන ප්‍රශ්ණයයි අහලා තියෙන්නේ...?
Delete2වෙනි ඇනෝ,
විය නොහැක්කක් නොමැත ;)
@ මයියා ( Mayya)
Deleteමහා පරිනිබ්බාණ සූත්‍රයම බුද්ධ භාෂිතයක් නොවන බවයි පේන්නේ. බුදුන් වහන්සේගේ අවසන් කාල සීමාව ගැන කෙරෙන විස්තරය්ක් නොවැ එහි අන්තර්ගත වෙන්නේ. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ශාසනභාරකාරී ස්ථවිරයන් වහන්සේලා විසින් ඒක සකස් කළා වෙන්න ඕනේ
ඔව් මහා පරිනිර්වාන සුත්‍රයේ තියෙන ඇතැම් කරුණු ත්රිපිඨකයේම වෙනත් තැන් වල ඒ ආකාරයෙන්ම තියෙනවා..ඒ නිසා මුලු පරිනිර්වානසුත්රයම කෙසේ වෙතත් එයින් කොටසක් බුද්ද භාශීතයක් නොවන බවට නම් කියන්න පුලුවන්...
Delete////ගෑණු පිරිමි දෙගොල්ලොම පරදින්නේ ඒගොල්ලන්ගේම 'ආශාවටයි\\\
ReplyDelete100% agreed..
ඇග්‍රීඩ් නම් අවුලක් නෑ...ජයවෙවා
Deleteමයියා බොහොම සංවාධිතය පෝස්ටුව.. මට හිතෙන්නෙත් අහිමිවීම තුළ ජීවිතය ජීවත් කරවයි.. අප දිවියේ පරිසමාප්තියට පත්වුවොත් එතැනින් එහාට ජීවයක් නෑ.. අහිමිවීම තුළ දෙයක් ලබනා ආසාව එනවා ඒ අනුව ආසාව තමයි ලොව පැවැත්ම. ආසාව අත් හල තැන අහිමිවීමක් ද නෑ...
ReplyDeleteදරවකු ඉපදුනු වහා කරන්න්නේ අඩන එක මවගේ තනය කටට ලං කළ විගස ඇඩුම නවතිනවා.. ඒ කියන්නේ මානවයා උපදින්නේම අහිමිවිමත් එක්කයි කියන එක..වෙනත් අදහස්වලට මං යන්නේ නෑ..
අමරාවික්ඛේපවාදය කියන වචනය නලීන් ඔයා අහලා ඇති.....
Deleteසීමිත සම්පත් උදෙසා තියෙන අසීමිත ආසාවන් සංතර්පනය කිරීම එක දර්ශන කැටගරි එකක්...
සීමීත සම්පත් උදෙසා අසීමිත ආශාවන් පාලනය කිරීම තව කැටගරියක්...
බුද්ධ දර්ශනය අයිති වෙන්නේ ඔයින් දෙවෙනි කී ගණයට....
සුද්දගේ හූරා කෑම හා අපේ ලෙව කැවිල්ල..
Deleteමෙතැන හරි මයියා පල්ලෙහා එක්කෙනා ද?
Deleteඒ මයියත්..මේ මයියත් හැර වෙනත් මයියන් ඇත්ද? :) දෙන්නම එක්කෙනා තමයි නලීන්...:)
Deleteබොෙහාම දුරකට යන්න පුළුවන් මාතෘකා කීපයක් තියෙනවා මයියෝ මේ මාතෘකාව ඇතුලේ... කාලෙකට පස්සේ දැකපු හොඳ තර්ක ටිකක්...
ReplyDeleteරෙද්ද තමයි
Deleteහි..හී...
Deleteහි..හී...
හි..හී...
හි..හී...
හි..හී...
@හිරු.....පොඩි තර්ක ටිකකුත් දැම්ම නම් තමයි වටින්නේ......ස්තූතියි
Delete@ඇනෝලා......අනේ මන්දා
මේ දවස් ටිකේ දිග කමෙන්ට් දාන්න ගෙදර හිටියේ නෑ මයියා... මේ ඊයේ පෙරෙදා මං ලියපු පෝස්ට් එක මයියා දැක්කනේ.. ගොඩක් දුරට මේ ගැන මගේ අදහසත් තිසරගේ කමෙන්ට් එක තුළ තියෙනවා... කොහොම උනත් මම හොඳ සංවාදයක් ගොඩනැගෙනවා දැක්කා...
Deleteජාතක පොතයි, ත්රිපිටකයයි, ඉස්කෝලේ ටීචයි, පන්සලේ හාමුදුරුවොයි කියන හැම එකටම එහෙයි කියන්නෙයි නැතුව, බුද්ධ දර්ශනය ගැන හිතලා කල්පනා කරලා ඒ අනුව තමන්ගේ ජීවිතය හැඩගස්වාගන්න උත්සාහ කරන කීප දෙනෙක් හෝ සිටීම හිතට සතුටක්...
අවුරුදු දහස් ගනන් ඈතට දුවන් දර්ශණ අදට වලංගු වන්නේ නෑ කිසිසේත්ම.. කාන්තාව සුමුදු වෙලා තියෙන්නේ පුරුෂාධිපත්‍ය නිසා මිසක් වෙන දෙයක් නිසා නොවෙයි. පිරිමින්ටත් වඩා සවි ශක්තිය තිබෙන ගැහැණුන් අදත් අපේ ගම්වල සිටිනවා. මේ සියල්ල මායාවන්.
ReplyDeleteඕනෑම තියරියක් අවුරුදු 2500 පසු බිද වැටේ....ඒක අළුත් සංකල්පයක්.....මාතලන් මගේ සුභ පැතුම් පිලිගන්න...ඔබට අනුව ඕබගේ මේ තියරියත් අවුරුදු 2500 පසු බිද වැටෙයි....
Deleteඅද නම් 2500 තියා 10-15 ක් තියෙන්නේ නෑ. මට දුක එහෙම ළෝකෙක. මේ මහන්සි නොවී ජීවත් වෙන්න හදාගෙන තියෙන බිස්නස් ගැන කතාකරන එක.
Deleteඔව් මේව කථා කරන එක වැඩක් නෑ.....මලක් ගහලා පාන් කෑල්ලක් කාලා පැත්තකට වෙලා ඉමු මචං...:)
Deleteහාමුදුරුවරු නං ඔය සිරස් මුව දිහා බලන්න ඕනෑ නෑ තමයි. නමුත් ඔය හැම එකක්ම බුදු සාදු කිව්වා කියලා කියන්න බෑ මයියාත් කියා ඇති විදියට.
ReplyDeleteකෙහෙම වුණත් බුදු හාමුදුරුවෝ දේශණා කෙරුවේ ශික්ෂා පද පැනෙව්වේ ඒ කාලේ තත්වයන්ට ගැලපෙන්නයි.
ඒ හැඟ එකක්ම අද කර ගහගෙන ඉනඳීම අනවශ්‍යයයි. බුදු දහමට පටහැණියි.
කතන්දර ලියා ඇත්තේ ඉතිහාස කථාවක අග හරිය
Delete////භාරතයේදී භික්ශූන් නිකාය වශයෙන් බෙදී යෑමට හේතු වූ තවත් කරුණක් ද පවතිනවා. ඒ පලමු ධර්ම සංගායනාවේදී ඇති වූ සිද්ධියක්. බුද්ධ දේශනාවට අනුව සංඝයාවහන්සේ හට අවශ්‍යනම් තමන් වහන්සේ දේශනා කරන ලද සුළු විනය නීතීන් නොසලකා හැරිය හැකිව තිබුනා. නමුත් ප්‍රථම ධර්ම සංගායනාවේදී මෙම සුළු විනය නීතීන් යනු මොනවාදැයි ගැටලුවක් පැන නැගුනා. සුළු විනය නීතීන් යනු මොනවාදැයි නිවැරදිව පැහැදිලි කර නොගැනීම සම්භන්දයෙන් ආනන්ද රහතන් වහන්සේට චෝදනා කල ඇති බවක්ද පොත පතෙහි සදහන් වෙනවා. කෙසේ නමුත් මහා කාශ්‍යප රහතන් වහන්සේ ප්රමුඛ ප්‍රථම ධර්ම සංගායනාවේදී, බුදුරදුන් වදාල කිසිම විනය නීතියක් කිසිදු ලෙසකින් අත නොහැරීමට හෝ වෙනසක් නොකිරීමට තීරණය කෙරුනා. මෙම තීරණය පසු කාලයේදී 'මහා සාංඝික' හා 'ථේරවාද' ලෙස බෙදීමක් ඇති කීරීමට තරම් ප්‍රබල උනා. 'මහාසාංඝික' යනු මහායාන ලෙස පසුව වර්ධනය උන විවිධ නිකායන් ( මධ්‍යාමික, යෝගාකාර, සෙන්, ත්‍රන්ත්‍ර ආදී) සමූහයක මූලාරම්භයයි.////
KOI EWWADA BUDU DAHAMATA PATAHA KARAGAHA GANA INNA NAM OONE NEHE. WILL YOU CLARIFY.
Delete@ Mayya
Deleteඛුද්දානු ඛුද්දක ශික්ෂා පද යනු මොනවාද කියන එක නිවැරදිව අසා දැන නොගැනීමෙන් ගැටලුවක් නිර්මාණය වුණා තමා. ඒත් බුදුන් වහන්සේ පැන වූ විනය නීති සියල්ල ඒ ලෙසින්ම පිළිපැදීමටත් නොපැන වූ නීති නොපනවන්නත් හොඳම හේතුව වුණේ යම් විදිහකට විනය නීති වෙනසක් සිදු කළා නම් මහජනතාව නොගන චෝදනාවලින් මිදීමේ අවශ්‍යතාවයි.
බුදුන් වහන්සේ පිරිනිවන් පාලා තුන් මසක් ගතවෙන්නත් කලින් ශ්‍රාවකයෝ විනය නීති තමන්ට පහසු විදිහට වෙනස් කරගත්තා කියන චෝදනාව නැගෙන එක බරපතලයි. ඒ වගේමයි සුභද්දගේ ප්‍රකාශයට රුකුලක්ම තමා ඒකෙන් වෙන්නේ
@හසිත..... ඇත්තටම සුලු විනය නීතී මොනවාදැයි කියන එක පැහැදිලි නැති කම නිසාම ප්‍රථම ධර්ම සංගායනාවේදිම පරාජිකාපාලිය ඇරෙන්න අනිත් සියලු නීති සුලු විනය නීතී කියන භික්ෂූන් කොටසක් ද ඒදා සිටියා....මට පේන විදිහට ඒ තර්කයෙත් ගත යුත්තක් තියෙනවා....මොකද සමාජය වෙනස් වෙනවා....වෙනස් වෙන සමාජයට අනුව නීතී රීතී ත් වෙනස් විය යුතුයි....සුලු විනය නීතී වෙනස් කල හැකි යැයි කී බුද්ධභාශිතයේම මේ තත්වය පෙන්නුම් කෙරෙනවා....
Deleteමං හිතන්නෙ හාමුදුරුවරු අතින් ඔය ත්‍රිපිටකය වෙනස් වෙන්න ඇති..
ReplyDeleteඑහෙම වෙන්න ඉඩ තියෙනවා.....විශේෂයෙන් මහා පරිනිර්වාන සූත්‍රයේ ඇතැම් කොටස්....
Deleteපිරිමි කියන්නේ දුරුවල ජාතියක්
ReplyDeleteදැන්වත් ඕක පොඩ්ඩක් වෙනස් කර ගන්න....ආශාව වැඩිම කෙනා ඉස්සෙල්ලා පරදිනවා.... ලිපිය කියෙව්වා.....ස්තූතියි
Deleteආසාව වැඩිම කෙනා ඉස්සෙල්ලම පරදිනවා නෙවේ
Deleteඉස්සෙල්ලම ආසාව තෘප්ත කරගන්නවා.
( හැම දේටම ආදේශ කල නොහැකි බව සලකන්න )
තැනකට යෙදිය යුතු 'හරිම' වචනයයි...'ආසන්නතම' වචනයයි අතර වෙනස විදුලි කෙටීමයි, කණාමැදිරි එලියයි වගේලු....
Delete''ආසාව වැඩිම කෙනා ඉස්සෙල්ලම ආසාව තෘප්ත කර ගන්නවා...." හරියටම හරි...මට ඒක තමයි කියන්න ඔනේ උනේ....
ත්‍රිපිටකයේ තියෙන්නෙ100% බුද්ධ භාෂිතයයි කියන්න බෑ කියල හිතෙන තැන් මටත් තියනවා , ප්රශ්නය කියන්නේ ඔහොම කිව්වාම "සිංහල -බෞද්ධ" කට්ටිය මරාගෙන කන්න යන එක . ඉතාම හොඳ විග්‍රහයක් ..
ReplyDeleteත්‍රිපිඨකය ග්රන්ථාරූඩා වෙන්නේ වලගම්භා රජුගේ දෙවන රජ කාලයේ....ඒ වෙන කොටත් හොද කාලයක් ගිහිල්ලා....අතින් දාපු කෑලි තියෙන්න ඉඩ තියෙනවා....
Deleteඔය උපුටලා දක්වලා තියෙන්නේ මයියෝ පුංචි තැනක් ගැනනේ භික්ෂුව හා ගිහි ගැහැණිය සම්බන්දව.නමුත් මයියා ඒ ටික උදෘත කරලා ගිහි සමාජෙට ආදේශ කරන්න යන එක සාර්ථක නැහැ.
ReplyDeleteගිහි ස්ත්‍රී පුරුෂ සන්බන්ධය ගැන බුදුන් කිව්ව කරුණු අරන් ඔන්න කථිකාවකට මුල පුරන්න.එවිට සාර්ථකයි.අනිත් දේ තමයි ඔය තරම් සංකීර්ණව හිතන්න දේකුත් නැහැනේ මයියෝ.අපි හැමෝම ආසයි එක එක දේට.කාර් වලට , ගෙවල් වලට , තනතුරු වලට , ලස්සන ගෑණුන්ට , ධනයට , ධනය ලැබෙන දේවල් වලට..
යෝනිය සහ පුරුෂ ලිංගය කියන්නේ බොහොම පුංචි දෙයක් විතරයි සියලු අසාවන් හමුවේ...
මම පාරුව පදින්න දන්නවයි කියලා මම කියන්නේ නෑ.....ඒ උනාට මම පාරුව ගඟට දාලා තියෙන්නේ.....
Deleteඔයා පාරුවට සුවද දුම අල්ල අල්ල ඉන්න.....සමහර විට ඔයාට පාරුව පදින එක කවුරු හරි හීනෙන ඇවිල්ලා කියලා දෙයි....
එහෙම උනොත් සමහර විට අපි දෙන්නා ගග මැදදි හම්බෙන්නත් ඉඩ තියෙනවා....
කමෙන්ට් එක ඔෆෙන්සිව් වගේ නම් සමා වෙන්න...පොඩ්ඩක් හිතලා බලන්න....
Deleteමයියා ටිකක් රෝමෙට ගිහින් වගේ නේද මගේ කමෙන්ට් එකත්
Deleteඑක්ක...? ඔබ ඔය සඳහන් කරන පාරුව බුදු දහම සම්බන්දව අප
යෙදුමක් ලෙස භාවිතා කරන පාරුව නම් ; මට කියන්න තියෙන්නේ
එකම දෙයයි.ඒ තමයි ඔබ පාරුව යැයි ගඟට දමා උදම් අනනුයේ
හබලයි...
වහාම පීනා ගොස් හබල ගොඩට රැගෙන එන්න...
මයියා ටිකක් රෝමෙට ගිහින් වගේ නේද මගේ කමෙන්ට් එකත්
Deleteඑක්ක...? ඔබ ඔය සඳහන් කරන පාරුව බුදු දහම සම්බන්දව අප
යෙදුමක් ලෙස භාවිතා කරන පාරුව නම් ; මට කියන්න තියෙන්නේ
එකම දෙයයි.ඒ තමයි ඔබ පාරුව යැයි ගඟට දමා උදම් අනනුයේ
හබලයි...
වහාම පීනා ගොස් හබල ගොඩට රැගෙන එන්න...
ඉන් පසු ගොඩ සිට අපට නිදහසේ සාකච්චා කර ගඟට බැසිය හැකියි..
( දීර්ඝ සංවාදයකට මුල පිරීමට අදහස් නොකරයි )
======================================================
2nd cmnt
නැහැ නැහැ මයියා එහෙම ප්‍රශ්නයක් නැහැ කොහෙත්ම.
ඒ වගේම දෙවෙනි කොමෙන්ටුව තුළින් එළි වන හිතාමානි
ගුණය නම් බෙහෙවින් වටිනවා මයියා.මොකද මේ වගේ සංවාදයකදී
ගොඩක් වැදගත් දෙයක් නිහතමානී වීම..නැත්නම් සංවාදයක්
විතරයි වෙන්නේ සත්‍ය යට යන. අවසානයේ ජය ලබන්නේ
සත්‍ය නොව අන් යමක්...
මම කියන්න උත්සාහ කරේ මයියෝ බුදුන් වහන්සේ නොයෙක්
තැන් වල නොයෙක් අවශ්‍යතා සඳහා විවිධ විදිහට ස්ත්‍රිය ගැන
විග්රහ කරලා තියෙනවා..
විටක ස්ත්‍රියට සම තැන දිය යුතු බවත් , විටක පුරුෂයා මූලික විය යුතු
බවත් සඳහන් වනවා ..
එක් තැනකින් උපුටා අනික් තැනට ආදේශ කරයි නම් වෙන්නේ
වරදක්..මම කිව්වේ ඒකයි. ඔබ මෙතැනදී කර ඇත්තෙත් එයයි..
2*2=4
එමනිසා 3*3=6 වගේ දෙයක් මේ වෙලා තියෙන්නේ..
මේක මයියෝ පැයක් වගේ වාචිකව කතා කරන්න ඕනේ දෙයක් ...
skype ID silentsahan
Deleteකමෙන්ට් ස්පෑම් වෙන්නේ ඇයි ...? විටක publish යැයි සඳහන්
කමෙන්ටුව තවත් විටක ස්පෑම් වීමේ හැකියාවක් නැත...
මයියා ටිකක් රෝමෙට ගිහින් වගේ නේද මගේ කමෙන්ට් එකත්
Deleteඑක්ක...? ඔබ ඔය සඳහන් කරන පාරුව බුදු දහම සම්බන්දව අප
යෙදුමක් ලෙස භාවිතා කරන පාරුව නම් ; මට කියන්න තියෙන්නේ
එකම දෙයයි.ඒ තමයි ඔබ පාරුව යැයි ගඟට දමා උදම් අනනුයේ
හබලයි...
වහාම පීනා ගොස් හබල ගොඩට රැගෙන එන්න...
ඉන් පසු ගොඩ සිට අපට නිදහසේ සාකච්චා කර ගඟට බැසිය හැකියි..
( දීර්ඝ සංවාදයකට මුල පිරීමට අදහස් නොකරයි )
======================================================
2nd cmnt
නැහැ නැහැ මයියා එහෙම ප්‍රශ්නයක් නැහැ කොහෙත්ම.
ඒ වගේම දෙවෙනි කොමෙන්ටුව තුළින් එළි වන හිතාමානි
ගුණය නම් බෙහෙවින් වටිනවා මයියා.මොකද මේ වගේ සංවාදයකදී
ගොඩක් වැදගත් දෙයක් නිහතමානී වීම..නැත්නම් සංවාදයක්
විතරයි වෙන්නේ සත්‍ය යට යන. අවසානයේ ජය ලබන්නේ
සත්‍ය නොව අන් යමක්...
මම කියන්න උත්සාහ කරේ මයියෝ බුදුන් වහන්සේ නොයෙක්
තැන් වල නොයෙක් අවශ්‍යතා සඳහා විවිධ විදිහට ස්ත්‍රිය ගැන
විග්රහ කරලා තියෙනවා..
විටක ස්ත්‍රියට සම තැන දිය යුතු බවත් , විටක පුරුෂයා මූලික විය යුතු
බවත් සඳහන් වනවා ..
එක් තැනකින් උපුටා අනික් තැනට ආදේශ කරයි නම් වෙන්නේ
වරදක්..මම කිව්වේ ඒකයි. ඔබ මෙතැනදී කර ඇත්තෙත් එයයි..
2*2=4
එමනිසා 3*3=6 වගේ දෙයක් මේ වෙලා තියෙන්නේ..
මේක මයියෝ පැයක් වගේ වාචිකව කතා කරන්න ඕනේ දෙයක් ...
skype ID silentsahan
This comment has been removed by the author.
ReplyDeleteමං කමෙන්ට් එක දැක්කා......මං හිතන්නේ ඔයා එකේ අඩුපාඩුව දැන් දන්නවා...
Deletedaham danaya18 May 2013 16:26
Deleteඔය කලු ගොනාගෙ කතාව කිව්වෙ චිත්ත ගෘහපතියා නොවෙයි. මහා කොට්ඨිත මහ රහතන් වහන්සේ ඇසූ ප්‍රශ්නයකට සාරිපුත්ථ මහ රහතන් වහන්සේ කල උපමාවයි..අනික අර ගෑනු ප්රශ්නය මහා පරිනිබ්භාන සූත්‍රයේ සඳහන් වන දෙයක් නොවේ... බුද්ධ දේශනාවල් උපමාවලට ගනිද්දී පලමුවෙන් දේශනාව අහන්න. මම කොමෙන්ට් එක දැම්මෙත් දේශනාව අහලයි.
______________________________________________________________________________
මයියා උබ නෙවේ හරි.දහම් ධනය කියන දේයි හරි.උබලා සිරාවටම පිස්සෝ බන්.මේ වගේ පහත් දේවල් කරන්න එපා.
පිස්සන් කොටුවේ ඉන්න අය එලියේ ඉන්න අයට පිස්සු කියනවා....එලියෙ ඉන්න අය පිස්සන් කොටුවේ ඉන්න අයට පිස්සො කියනවා...
Deleteමගේ අවබෝධය නම් මේ දෙගොල්ලොම වැරදි නොවන බවයි....
කියවන්න...
මලක අසිරිය: Power of Weeds
අර උපමාව ගැන සංයුක්ත සූත්‍රයේ හතරවෙනි කොටසේ සංයෝජන සූත්‍රය බලන්න...
පාලි ත්‍රිපිඨකයේ (Ed. L. Feer, 6 Vols., London: PTS.,
1884–1904. Trs. C. A. F. Rhys
Davids and F. L. Woodward,
The Book of the Kindred Sayings.,
5 Vols., London: PTS., 1917–1930.) එන මහා පරිණිබ්බාන සුත්‍රය ගැනයි මේතැන කථා කරන්නේ.....සංස්කෘත , ටිබෙට්, ත්‍රිපිඨක වල එන පරිණිබ්බාන සුත්‍ර එකේ සමහර කොටස් අඩංගු නොවන බව අසා තිබෙනවා..
පිස්සුද මයියා?...කොහෙද යෝනිය ගැන කියල බුදු හාමුදුරුවො ඇණ ගත්තෙ?..එතුමා තමයි ඔය හැමෝටම කලින් ස්ත්‍රීත්වය ඉහලම තැනක් තිව්වෙ...ප්‍රශ්නයක් දිහාවෙ යෝනියෝමනසිකාරයෙන් බලන්න කියලයි එතුමා කිව්වෙ...ඉතිං මොකක්ද ඒ කියන්නෙ?...ඕනම ප්‍රශ්නයක් දිහා යෝනිය හිතේ තියාගෙන බලන්න නිවැරදි පිළිතුර ලැබෙන්නෙ එතකොට කියලයි ඒ කිව්වෙ..මේ බුද්ධිහීන උදවිය ඒ වචනෙට වෙන වෙන තේරුම් දුන්නට එතුමා මොනව කරන්නද?
ReplyDeleteමේකෙ තියෙන සිරාම comment එක.
Deleteඅහුබුදු මැරුනට පස්සේ රවී ට හොද කලක් යයි වගේ...පද නිරුක්තියට දොරමඩලාවෙන් කවදා හරි එන්න කියාවි....:)
Delete//.එතුමා තමයි ඔය හැමෝටම කලින් ස්ත්‍රීත්වය ඉහලම තැනක් තිව්වෙ//
Deleteවැරදි අවබෝධයක්.....මහාවීරතුමන් , ගෞතම බුදු රදුනට කලින් භික්ෂුණීසාසනය ඇති කලා......
/ වැරදි අවබෝධයක්.....මහාවීරතුමන් , ගෞතම බුදු රදුනට කලින් භික්ෂුණීසාසනය ඇති කලා...... /
Deleteපිස්සුද බං?....ජීවිතයේ සෑම ප්‍රශ්නයක් දිහාම යෝනිය මුල්කරගෙන බලන්න කියල දේශනා කරන එක ද...එහෙම නැත්තං මේ නිකං භික්ෂුණී ශාසනයක් ඇතිකරන එකද ස්ත්‍රීත්වය ඉහලම තැනක තිබ්බ වෙන්නෙ....හෙහ්,හෙහ්...
හැම දේටම අපහාස කරන මිනිහට බුදුන්ටත් තමන්ගේ අම්මටත් අපහාස කරන්න පුලුවන්.. වචන යොදනකොට සංයමයක් ඇතිවෙන්න ඕනෙ.. ලියන්න පුලුවන් උන පලියට බුද්දිමතුන් පිලිගත් දහමක් අපහාසයට ලක් කරන්න එපා.
Deleteසමාවෙන්න....අපහාස කිරීමක් මගෙ හිතකවත් නොතිබුනා උනත් එහෙම හිතෙනවනම් සමාවෙන්න...
Deleteඋබලගේ වැඩ වලින් අන්න අරහේ ගිණි අරන්.
Deleteතම ණැන පමණින් දැනගත යුතු
ReplyDeleteඑකඟයි..ස්තූතියි....
Deleteසිද්ධාර්ථ කුමාරයා හින්දු භක්තිකයෙක්. ඔහු සත්‍යය සොයා යනනේ එතැන් සිටයි. අභිධර්මයෙන් පිටත කොටස්, විනය නීති ආදිය ඒ කාලයේ සමාජයට සාපේක්ෂවයි බිහි වෙලා තියෙන්න. ගැහැණුන් පාත බඹ ලොව උපදින බවත් ඒ වගේම දෙයක්. හැබැයි බුදුහාමුදුරුවෝ භික්ෂුණි සාසනයට මුලදි විරුද්ධ වුනේ ආරක්ෂාව පිළිබඳවත්, ගැහැණුන්ගේ ස්ව ශක්තිය පිළිබඳවත් සැකය නිසයි.
ReplyDeleteමට හිතෙන්නෙ මෙහෙමයි. ආනන්ද හාමුදුරුවන්ට බලන්න එපා කියන එකේ අදහස ඇස් දෙකෙන් බලන්න එපා කියන එක නෙවෙයි. ගැහැණියක දෙස තවත් ප්‍රාණියකු ලෙසින් මිස විරුද්ධ ලිංගිකයකු ලෙස බලන්න එපා කියන එකයි කියලයි.
මයියා කියන ඉතුරු ටික හරියටම හරිද කොහෙද.
භික්ෂුණී සාසනය ඇති කරන්න බුදුහාමුදුරුවන් අදිමදි කර කියලා කියන එක ගැනත් විවිධ මතිමතාන්තර තියෙනවා...තර්ක, ප්රතිතර්ක ඒ සදහා ගොඩක් තීයෙනවා...
Deleteඋදාහරණයක් ලෙස බුදුහාමූදුරුවන් විනය නීතී පනවා තියෙන්නේ යම් කිසි සිදූවීමකට පසුව...එසේ නැතුව මෙසේ වෙයි කියා උපකල්පනය කර බුදුහාමුදුරුවන් භික්ෂූන සදහා විනය නීතී පන්වා නෑ...නමුත් භික්ෂුණී සාසනය ඇති කරන්න පලමුව පනවන' අෂ්ඨ ගරු ධර්ම' සිදුවීම සිදුවීමට පෙරම 'හයිපොතෙටිකල්' කේස් එකක් මත පිහිටා පනවා තියෙනවා...
තවත් කාරණයක් වෙන්නේ මාස තුනකට පසුව ආරම්භ කිරීමට නියමිතව තියෙන භික්ෂුනී සාසනයට බුදුහාමුදුරුවන් තුන් වතාවක් දැඩිව ප්‍රතික්ශේප කරන්නේ ඇයිකියන කාරණය?
තවත් වැදගත් කරුණක් වෙන්නේ....බුදුරදුන් භික්ෂු විනය පනවන්නේ බුද්ධත්වයෙන් වසර 20 කට පමන පසු...නමුත් භික්ෂුණී සාසනය වසර 5 ට පමණ පසු ආරම්භ කරනවා..එසේ නම් භික්ෂුවිනයේ එන උපසම්පදා, වස්,උපෝසත වැනි සංකල්ප 'අෂ්ඨ ගරු ධර්ම' වලට ඇතුලත් වීම කොතරම් කාලවකවානු අතරින් නිවැරදි ද යන කාරනය.....
කෙසේ නමුත් මේ තර්ක සදහා ප්රතිතර්ක ද පවතිනවා...
භික්ෂුණී සාසනය පිහිටවීම ගැන ත්‍රිපිඨකයේ සදහන් වෙන්නේ විනය පිඨකයේ චූලවග්ග පාලියේ...මේ කොටස ත්‍රිපිඨකයේ දැඩිව අභියෝගයට ලක් වී ඇති කොටසක්.
අනිත් කාරන ය ඔබ සදහන් කරන ආකරයට බුදු හාමුදුරුවන් මිනිහා මිනිහා ලෙසත් ගැහැණිය , ගැහැණිය ලෙසත් දැකීමට මැලි උනාද යන්න...මට නම් එහෙම දෙයක් අවබෝධ වෙන්නේ නෑ..ඒතුමා ප්‍රශ්ණය ඇති සෙටියෙන් දුටුවා.....ඒක නිසා තමයි මම පෝස්ට් එකේ දාලා තියෙන ආනන්ද තෙරුන් අසා ඇති ප්‍රශ්ණ වල මුල් උත්තර දෙක කෙසේ වෙතත් අවසාන උත්තරය නම බුද්ධ භාශිතයක් කියන එකට එකඟ වෙන්නේ.....................,...
පිරිමියා බලය පාචිච්චි කරයි. ස්ත්‍රිය වසඟය පාවිච්ච්චි කරයි. සාමාන්‍ය ලෝකයේ සිදුවන්නේ සාමාන්‍යයෙන් සිදුවන්නේ එයයි. ව්‍යතිරේඛ නැතුවා නොවේ. එහෙත් මේ දෙකම අවසාන වශයෙන් තෘෂ්ණාව ඉදිරියට ගෙනයාම සඳහා තිබෙන මෙවලම් දෙකක්. ඔබේ ලිපියේ අවසාන නිගමනය බුදුදහම සමග සම්පූර්ණයෙන්ම එකඟ වන බව පෙනේ.
ReplyDeleteස්තූතියි කරූ.....ලිපියේ අවසාන නිගමනය බුද්ධ දර්ශනයට එකඟයි කියන එකෙන් ලිපියේ මුල් නිගමන බුද්ධ දර්ශනයට විරුද්දයි කියන එක ඇඟවෙනවාද? :)... උත්තරය දිවිකෝටිකද? චතුස්කොට්ඨිකයද?..:)
Deleteමම නම් දකින විදිහට ඔය වචන ටික බුදු හාමුදුරුවෝ කියන්න ඇත්තේ අනාගතේ දැකලා... හාමුදුරුවන් ට ස්ත්‍රිය ගෙන් ඈත් වෙලා ඉන්න කිව්වේ අද කාලේ අහන්න දකින්න ලැබෙනවා වගේ, "අන්න ලොකු හාමුදුරුවෝ විමලා ගේ පොඩි එකී ව ආවාස ගේ තියන් ඉන්නවා" වගේ කතා ඒ කාලේදීත් හැදෙන්න තිබ්බ නිසා.
ReplyDeleteඅනිත් කරුණ නම්, බුදු හාමුදුරුවෝ පිරිනිවන් පාන වෙලාවේදී ආනන්ද හාමුදුරුවෝ පෘථග්ජන භික්ෂුවක්... පිරිනිවන් පාන්න යන මොහොතේ දී "ස්ත්‍රිය" ගැන අහන කොට මූ මේ මොකා ටද එන්න හදන්නේ කියලා හිතිලා එහෙම කිව්වා වෙන්නත් පුළුවන්.
කොහොම වුනත් ත්‍රිපිටකය 100% ක් ම බුද්ධ භාෂිතය කියලා අපිට හිතන්න අමාරුයි. බුදු හාමුදුරුවෝ කිව්ව විදිහට "සිතා බලා තම බුද්ධියට ගෝචර වන" විදිහට කටයුතු කිරීම තමයි බෞද්ධ අප සැම කල යුත්තේ මගේ හිතේ... :)
///බුදු හාමුදුරුවෝ පිරිනිවන් පාන වෙලාවේදී ආනන්ද හාමුදුරුවෝ පෘථග්ජන භික්ෂුවක්... පිරිනිවන් පාන්න යන මොහොතේ දී "ස්ත්‍රිය" ගැන අහන කොට මූ මේ මොකා ටද එන්න හදන්නේ කියලා හිතිලා///
Deleteඅවුරුදු ගානක් තමනගේ ලගම හිටිය ආනන්ද තෙරුන් වහන්සේ ගැන බුදු හාමුදුරුවන් තරම් හොදින් දැන සිටිය අයෙක් එසේ සිතාවියයෛ සිතීමට අපහසු නැද්ද...?
Wrong.
DeleteVen Ananda has already attained Sowan marga.
@ Anonymous 21 May 2013 15:05
Deleteආනන්ද හාමුදුරුවෝ සෝවාන් වී සිටියත් උන්වහන්සේ දස සංයෝජනයන්ගෙන් නැති කර තිබුණේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා සහ සීලබ්බත පරාමාසය පමණයි. කාමාරාග වගේ ඒවා එහෙම් පිටින්ම ඉතුරුයිනේ :)
මුලින්ම කියන්න හිතුනා, මේ දවස්වල බොහෝම කලාතුරකින් අහන්න ලැබෙන වර්ගයේ කතාවක්. "මම මෑතක් වනතුරුම හිතං හිටියේ" කියන කොට දැං එහෙම නොහිතන බව වගේම, පිළිගත හැකි කරණු කාරණා හමුවේ තමන්ගේ මත වෙනස් කරගන්නා අයෙක් බවද කියන්න පුළුවන්. බොහෝ පුද්ගලයත් තමන් එළඹෙන මත වෙනස්කරගැනීම (දේශපාලකයන් හැර ) තරමක් දුලබයි. ඒ වගේම මතයක් වෙනස් කරගත් කෙනෙකුට සමාජයේ ලැබෙන ප්‍රතිචාරද හොඳ ඒවා නෙමෙයි. ඒ උනත් විය යුත්තේ එහෙම තමයි කියලා මම හිතන්නේ...
ReplyDeleteබුද්ධ දර්ශනයේ නිවන වගේ සංකල්පයක් ගත්තහම, එතැනදී කාන්තාව සහ පුරුෂයා කියලා බෙදීමක් වෙන්නේ නෑ. පටාචාරා වගේ බෞද්ධ සාහිත්‍යයේ එන කතා වල පවා පෙන්නුම් කරන්නේ අර සඳහන් කරලා තියන දෙබසට වඩා වෙනස් අදහසක්. නමුත් මෙහෙම දෙයකුත් තියනවා... මෙහි හරි වැරදිබව අද තීරණය කරන්නෙ අපියි. බුදු හාමුදුරුවන් ඇනගත්තා කියලා කියන්න ඕනෙ නම් අපිට මේ දෙබස පෙන්නලා කියන්න පුළුවන්, මේන්න මෙහෙමයි බුදුහාමුදුරුවොත් කිව්වේ කියලා... බලන්න කාන්තාවට සලකලා තියන විදිහ අනේ... කියලා. අනිත් අතින්, බුදු හාමුදුරුවෝ වැරදි නැහැ කියලා හිතුවහම අපි බුදු හාමුදුරුවෝ කිව්වා යැයි කියන දේවල් අද දවසේ අපේ දැකීමට අනුව වැරදියි යයි හැඟෙනවා නම්, මේක කිව්ව වෙන්න බැහැයි කියලා හිතනවා.
මෙහිදී ඉදිරිපත් කරන ගොඩක් හේතු, යුක්ති සහගත බව පේනවා... ත්‍රිපිටකය ලියූ කාලය සහ බුදු හාමුදුරුවන් ජීවත්ව සිටි කාලය අතර පරතරය, ලියූ යුගයේ තිබූ ජනප්‍රිය මතය, හිතාමතා එකතු කර ඇති කොටස්, බොහෝ ප්රගතිශීලී අදහස් ප්රකාශකල ශාස්තෘවරයෙකුගෙන් මෙවන් දෙයක් ප්‍රකාශ විය නොහැකි බවට ගෙනෙන තර්කය. මේ සියල්ල හරි.. නමුත් අපි අන්තිමේ කරන්නෙ බුදු දහම අපේ දැනීමට අනුව, අපේ අවබෝධයට අනුව සකස් කර ගැනීමක් වගේ දෙයක්. හැබැයි මේ තත්වය පවා තමන්ගේ අවබෝධය අනුව පිළිගන්න කියලා අපි ඉගෙනගත් බුද්ධභාෂිතයට එකඟයි.
නමුත් මට කියන්න ඕනේ කලේ මේකයි. බුදුහාමුදුරුවන්ගෙන් අවුරුදු 2500 පස්සෙ ජීවත්වෙන අපිට බුදුහාමුදුරුවෝ හරියටම කිව්වෙ මොකද්ද කියලා දැනගන්න හැකියාවක් නැහැ. බුද්ධ දර්මය පොතපත් වල ලියූ භික්ෂූන් වහන්සේලා පවා කොතරම් හොඳින් ඒවා අවබෝධ කරගත්තාද කියලා අපි දන්නෙ නැහැ. අද අපිට තියෙන්නේ අපේ උවමනාකම් අනුව සකස් කරගත්ත බුදු දහමක්. ඒක ආගමේ මූලික ඉගැන්වීම් එක්ක සමපාත වෙන්න පුළුවන්, එහෙම නොවෙන්නත් පුළුවන්. අද බොදුබල සේනාව වෙසක් උත්සවය සමරන අකාරය ගැන නීති දානකොට, තව කාලයක් ගිහින් ඔය නීති බුද්ධභාෂිතයක් කියලා සැලකෙන්නත් ඉඩ තියනවා.
එක අතකට එහෙම වෙන එකත් හොඳයි... එතකොට ආගමට කලීන බවක් ලැබෙනවා. කාලයට නොගැලපෙන දේවලට වෙන වෙන අරුත් දීලා ඒවා කාලයට ගැලපෙන ලෙස සකස් කර ගන්න පුළුවන්. මම පිලිගන්න කැමති බුද්ධ දර්ශනයේත්, ඔය මුලින් සඳහන් කල දෙබස ඇතුල් වෙන්නෙ නෑ. ඒක නොදන්නා කමට කවුරු හරි ලියපු එකක්. ආශාවේ රැහැන් පට ගැන සූත්‍රය 'මගේ සැබෑ බුදු දහම' ගොඩට ඇතුල් කරන ගන්නවා... ඇත්තෙන්ම බොහොම ලස්සන පැහැදිලි කිරීමක් ඒක.
තිසර...දීර්ඝ අදහසට ස්තූතියි....
Deleteමට තේරුන විදිහට තිසර ප්‍රශ්ණ කරන්නේ 'ත්‍රිපිඨකය' හෝ 'බුදුදහම' අපි භාවිතා කල යුතු විදිහයි..උදාහරනයක් ලෙස ඔබ 'බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ' අපට වර්තමානයේ තේරුම් ගන්න බැරි මොකක්ක් හරි දෙයක් ඇති,එක්කෝ 'බුදුහාමුදුවන්ගේ ධර්මයේ පූර්ණ අවබෝදය' එනෙ තෙක් ඉවසිය යුතුයි වැනි අදහසකින් ,,,,,,,බුද්ධ වචනය ඇති ත්රිපිඨකයට විවිද තේරුම් දීම එච්චර හොද දෙයක් නෙවෙයි කියන කනස්සල්ලක් හිතේ තියෙනවා....
අනිත් අතට බුදුදහම විවිද සංකල්ප තර්කනයට භාජනය කල යුතු යැයි කියන විවෘත..පලල් දැක්මද ඔබ සතුව තියෙනවා....
මට තේරෙන විදිහට තිසර මේ ගැටළුව ඕබට පමණක් නොව මටද ඇත්තක්....ඇත්තෙන්ම් එය බුදුදහමේ විකාශනයේදී...ථේරවාදයත්..මහායානයත් වැනි බේදීමකට තුඩු දුන් හේතුවක්......ථේරවාදයේදී බුදුදහම ප්‍රථම ධර්ම සංගායනාවේදී තහවුරු වූ ආකාරයටම පවත්වා ගෙන යාමට උත්සහ කරනවා...එහෙත් මහායානයේදී බුද්ද දර්ශනය විවිද තර්කනයන්ට...අර්ථ දැක්වීම් වලට භාජනය කර තියෙනවා....ඒත් වඩාත්ම වැදගත් කරුණ මේ දෙකම නිවන කරා යොමු වී තිබීමයි... මේ සම්භන්ධයෙන්න් මගේ ප්‍රතිපත්තිය ඇගිල්ල හද දෙසට යොමු වී ඇතිතාක් ඇගිල්ල කොටද දිගද වැනි ප්‍රශ්න කෙරෙහි මා සිත නොයෙදවීමයි....
අවසානයේ ඔබ සදහන් කර ඇති අන්දමට....අශාවේ රහැන් පට සම්භ්න්ධ සූත්‍රය ( සංයෝජන සූත්‍රය)ගෑණු පිරිමි සම්භන්ධ සූත්‍රයක් නෙවෙයි...මා යොදාගෙන ඇත්තේ උපමාව පමනයි..එය සම්භන්ද දහම් කාරනය ඊට වඩා රසවත් හා මොලය පිරිමැදීමක්
දර්මයේ ගැබුර තෝරගන්න බැරුව උඩින් තියෙන වචනෙට හරියන්න විග්රහ කරනවා , යකෝ විග්‍රහයක් , විචාරයක් ලියන්න ඕන හැංගිච්ච අර්තයට මිසක් උඩින් තියෙන දේට නෙමයි.
ReplyDeleteඋපදෙසට ස්තූතියි.....ගොඩක් ගැඹුරින් ධර්මය හදාරලා තියෙන විත්තිය කමෙන්ට් එකෙන් පෙන්නුම් කරනව ;)
Deletethis guy going to be the pora. You have no inteligent man, only bullshit logics
ReplyDeletedon't kill the messenger but get the message mate...
Deleteසුපර්බ්
ReplyDeleteස්තූතියි
Deleteමහාපරිනිර්වාන සූත්‍රය හරියට කියවල බ්ලොග අමුනන්නයි ඒකට කොමෙන්ට් කොටන්නයි ගත්ත නම් වඩා සුදුසු වන්නෙ.
DeleteThanks for the advice...honestly I did that...
Deleteබුදුහාමුදුරුවන්ට නම් SARWAGNGNAYAN (fonts awlk) වහන්සෙ කියලා හරි කිව්වා. මයියට මොකක් කියල කතා කරන්නද මන්දා... කමක් නැ... තවත් සිරිවර්දන කෙනෙක් බිහි නොවෙවා...
ReplyDeleteඔබ කිමට අදහස් කරන දේ මට තේරුම් ගියා කියලා කියන්න බෑ...කෙසේ නමුත් අදහසට ස්තූතියි..
Deleteමෙම ලිපියට අදාල නැති මුත් පවසමි... බොහො කලකට පෙර කියවු ඔබෙ ලිපියක 'ශුන්‍යතාව' ගැන මහායන තර්කය (නාගර්ජුන පාදයන්ගෙ) තෙරවාදයෙන් බිදිය නොහැකි වු බව පවසා තිබුනි.(මතක විදිහට) නමුත් මිට වර්ශ 4 කට හො 5 කට පෙර මහාචාර්ය නලින් ද සිල්වා මහතා එම තර්කය නිශෙද කල අතර එයට ප්‍රකට පිරිවෙන් වල ස්වාමින් වහන්සෙලාගෙ ප්රශන්සාවද හිමි වු බව කිමට කැමතිය..
ReplyDeleteනලීන් මහතාගේ මේ මථය පිලිබදව මා යම් තරමකට දැනුවත්...මම ඒ පිලිබදව නලීන් මහතා ගැන ම ලියූ ලිපියක සාකච්චා කර තිබෙනවා...
Delete///විදුසර පුවත්පතට ඒ මහතා 2004 වර්ෂයේ සැපයු ලිපි මාලාවේ ( විශේෂයෙන් 99,100,101 වෙනි ලිපි) , ඒතුමා බිහි කර ඇති විශිෂ්ඨතම ප්‍රවාදය අඩOගු වන බව මයියා ගේ හැගීමයි. මහාවිහාරික ථේරවාදී භික්ෂුව ගත් ගමන් මග යමින් එතුමා මනස පිලිබද විග්රහයක යෙදෙන අතර, මුල් සදහන් කල අයට විස්තර කිරීමට අපහසු වු මනසට පමණක් ගෝචර වන 'චිත්තයක' පැවත්ම ගැන එතුමා නව අර්ථකතනයක් ලබාදෙනවා. එහෙත් එම කාරනා පිලිබදව සමාජය තුල කතිකාවතාවතක් සිදුනොවීම අවාසනාවක්. කෙසේ උවත් 'චිත්තයක' පවතින කාල පරාසය විග්රහ කිරීමේදී, ඒනම් 'චිතක්ෂණය' විග්රහ කිරීමේදී , ඒතුමා මහත් අගය කරමින් කතා කරන 'චක්‍රීය චින්තනය' වෙනුවට 'රේඛීය චින්තනයට' යොමු වී ඇත්දැයි මයියා ට සිතෙනවා. එසේ නොකීමට එකම හේතුව නම් 'සියලු දේ මැවුම්කරු දේවියන් වහන්සේ' වැනි මූල හේතුවක් ඒයට ලබා දී නොමැති වීම පමනක් බව මයියා ගේ හැගීමයි.///
මයියා ගේ ලෝකයෙන් ඔහුගේ ලෝකයට : මහාචාර්ය නලින් ද සිල්වා ගැන මයියා ට හිතෙන දේ: Prof. Nalin De Silva
නුවණ දියුණු කර අවබෝධ කළ යුතු දේවල් ගැන නුවණ මදව සිට තර්ක විතර්ක කිරීම අවබෝධය කෙසේ වෙතත් සතර අපාගමනයට නම් හේතුයි. ඔබ පැහැදිළිවම බුදු රජාණන් වහන්සේට අපහාස කර තිබෙනවා. තම තමන්ගේ උගත්කම් විවෘතකම් පෙන්වන්නට ගොස් මහා අකුසල් රැස් කරගන්න එපා.
ReplyDeleteසියල්ලටම කලින් ශ්‍රද්ධාව හික්මීම ගරු කළ යුත්තන්ට ගරු කිරීම ඇති කරගන්න. බුද්ධාගම ඔබට තර්ක විතර්ක කිරීමට නොවෙයි. අවබෝධ කිරීමටයි.
ඔබ මෙවැනි දේවල් පළ කරන්නේ ඔබ තුළම ධර්මකාමී වේෂයෙන් ඇති වන්චක රාගය ද්වේශය මෝහය. අඩුම ගානේ වන්චක ධර්ම ටිකවත් මුලින් ඉගෙන ගන්න
ස්තුතියි....
Deleteමා කර ඇති අපහාසයක් නැත.
සෙන් කියමනක් තියෙනවා...බුදුන් මරන්න කියලා....ඒක ඔබට තේරෙන්නේ අපහාසයක් ලෙස නම් ඔබ තව ටිකක් බුදුන් දකින්න....
This comment has been removed by the author.
ReplyDeleteචරද තේරෙන්නේ නෑ නේද තමුන්ට..තමුන් ලැජ්ජා නැති කම පෙන්වා දෙන්නම්..දැන් තමුන්ගෙ මාතෘකාව ඇනගත්ත බුදුන්..තමුන්ට තේරුන ඇන ගැනිල්ල බුදුන්ට තේරුන්නැදද් තමුන්ට සැකයි..එහෙමනේ නේද..නමුත් ඒ පණ්ඩිතයාට ඒ කරුණු ඔප්පු කරන්න තමන්ගෙ දර්ශනයක් නෑ..ඒකටත් බුදු වදනක්ම හිගාකාල ඒකෙම දානවා...තමුන්ට නොතේරුනාට නොබලා සිටිනන් කියන්නෙහි තේරුම--මට මේවට පිලිතුරු කියනවා..ඇයි නිවන් දකින්න ගෘහ වාසයෙන් ඉවත් වෙන්න දේශනා උනේ..බැරිමද ගෙදර ඉදන්..හැමෝටම එය එලෙසමද..?ඒ වගේ තමයි ඒකත්..ඔතනදි විනය පිටකය නොදැකපු හරකා හිතන්නේ ලාමකයි කියලා...පාරාජිකාවකට පත්වෙනවාට වඩා - නිවනට ස්ත්‍රියට පුරුෂයාත් පුරුෂයාට ස්ත්‍රියත් තරම් බාධාවක් නැත්නම් තමුන් කියන්නේ ඒ බාධාවට වැටෙන පළමු දොර වහන්න බැරි උනානම් දෙවනි දොර වහන්න කියා පිලිවෙත් පුරන මහා සඝ රුවනට දේශනා කිරීම වැරදී...ඉස්සෙල්ල ඉගෙන ගෙන පසුව කියමු..බලනවා කී දෙනෙක් නොමග යැවුවද..තමුනුත් වලේ..මාතෘකාවෙන්ම තමුන් වලේ..තමුන්ගේ ක්රමයේ හැටියට අසේවනාච බාලානං ගාථාවත් වැරදි..සුනා පරන්ත වාසී පුන්න භික්ෂුවට කිවුවෙ තමුන් හරිනම් ලෝකය වැඩක් නැතැයි කියලානේ..දැන් තමුන්ට කියපු අසේවනාච බාලානං පැත්තක දාල රහතන් වහන්සේ නමකට කියූ සැටියට බාලයා් ඇසුරු කරනවා..හරියයි..ඇසුරෙ තරම පේනවා...තෙරුවන් සරණයි..
ReplyDeleteතමුංගෙ ක්‍රමයට වැරදි කියමුකෝ..දැන් මම තමුන් සරණ යන්න සූදානම් තමුන් ඒ වැරදියට කිවු අවවාදය හරියට නැවත කියල ඉන් පසු මගේ ගැටලු වලටත් පිළිතුරු දෙනවානම්..
ReplyDeleteu have misunderstood some points in Tripitaka
ReplyDeleteකාමය ඇති වෙන්නෙ හිතේ..
ReplyDeleteඒක නිකරුණේ ඇති වෙන්නෙ නෑ...
අරමුණ සහ අරමුණේ ස්වභාවය
සිත පෙරළෙන්න හේතු වෙනවා...
කාමය ඇති වෙන්නෙ සිත මුල්වෙලා වුණාට
අරමුණ කාමුක නම් කාමය උපදිනවා.
එහිදී හිතේ කාමය පෝෂණය වෙන්න
ස්ත්‍රියගේ පෙනුම, ඇඳුම, කතාව,
ගමන් විලාසය ආදී සියල්ලම බලපානවා.
කාමයෙහිම ඇලී ගැලී වෙසෙන
කාමයෙන්ම වෙහෙසට පත්වීම නිසා
සංවේදී බව නැතිවුන නරුම හිත්වලට
මේ අත්දැකීම හිතා ගන්නවත් බෑ..
ඔවුන්ට ව්යාඝ්රා අවශ්‍ය වෙන්නෙ ඒ නිසයි...
උපසම්පදා භික්ෂුවකට
එදාම උපන් ළදැරියක් හෝ
ඇඟිලි තුඩින් ස්පර්ශ කළත් ඇවැතක්...
බුදු දහමට අනුව
සිහිය දියුණු කරන භික්ෂුවක්
ඉතාම සංවේදීයි...
ස්ත්‍රීන් ඇසුරෙන් ගොරෝසු වූ
සිත කය ඇති සලෙලුන්ට
ඒ සංවේදී බව වටහා ගන්න බැහැ...
බුදුන් වහන්සේ එවන් සංවේදී භික්ෂූන්ට දුන් සීමාව
මෙහිදී සැලකිය යුතුයි..
" ස්වාමීනී.....කාන්තාව සම්බන්ධයෙන් භික්ෂුවගේ පැවැත්ම කෙසේ විය යුතුද?"
" ආනන්ද, භික්ෂුව කාන්තාව දෙස නොබලා සිටිය යුතුයි"
"ස්වාමීනී, නොබලා සිටියත් ඔවුන් ඇස ගැටීමට පුලුවන්"
"ආනන්ද එවිට ඔවුන් හා කථා නොකල යුතුයි"
"ස්වාමීනී, භික්ෂුව කාන්තාව සමග කථා නොකලත්.....කාන්තාව භික්ෂුව කරා පැමින කථා කල හැකියි "
"ආනන්ද, භික්ෂුව සිහිනුවණින් යුතුව කාන්තාව හා කටයුතු කල යුතුයි"
ඇස් නොපෙනෙන, කන් නො ඇසෙන අඳ බිහිරෙක්, ඉන්ද්‍රීය දමනයේන් නිවන් ගිය අයෙක් නොවන්නේ ඇයි....? බුදුහාමුදුරුවන්ගේ ප්‍රශ්ණ කිරීමෙන් උත්තරට සත්‍යය තේරුම් යනවා....
ReplyDeleteබුදුන් වහන්සේ කියන්නෙ නෑ...
අඳ ගොලු බිහිරෙක් වගේ ඉන්න කියලා
අඳ ගොලු බිහිරන් පැවිදි කරන්නේ නෑ..
ඇයි ඒ?
බුදුන් වහන්සේ කියන්නෙ
සම්පූර්ණයෙන්ම අනික් කෙළවර.....
කයට දැනෙන සියලු වේදනා...
සංඥා විතර්ක ගැන සිහියෙන් ඉන්නයි..
සම්පජානෝ සතියෙන් ඉන්නයි...
රහතන් වහන්සේ කෙනෙක්
ශූන්‍ය සිතක් ඇත්තෙක් නොවේ.
සැතපෙන විට පවා
සම්පජානෝ සතියෙන් පසු වන්නෙකි.
සම්පජානෝ සතිය
බුදුන් වහන්සේ හඳුන්වන්නෙ
ආශ්චර්ය අද්භූත ධර්මයක් විදියටයි.
1,
විදිතා වේදනා උප්පජ්ජන්ති,
විදිතා වේදනා උපට්ඨහන්ති,
විදිතා වේදනා අබ්භත්ථං ගච්ඡන්ති.
2,
විදිතා සංඥා උප්පජ්ජන්ති,
විදිතා සංඥා උපට්ඨහන්ති,
විදිතා සංඥා අබ්භත්ථං ගච්ඡන්ති.
3,
විදිතා විතක්කා උප්පප්ජන්ති,
විදිතා විතක්කා උපට්ඨහන්ති,
විදිතා විතක්කා අබ්භත්ථං ගච්ඡන්ති;
සම්පජානෝ සතියෙන් පසුවෙන රහතුන් වහන්සේ
1,
දැනුවත්වම වේදනාවෝ උපදිත්.
දැනුවත්වම වේදනාවෝ පවතිත්..
දැනුවත්වම වේදනාවෝ අස්තයට යෙත්.
2,
දැනුවත්වම සංඥාවෝ උපදිත් ...
දැනුවත්වම සංඥාවෝ පවතිත්..
දැනුවත්වම සංඥාවෝ අස්තයට යෙත්.
3,
දැනුවත්වම විතර්කයෝ උපදිත්.
දැනුවත්වම විතර්කයෝ පවතිත්..
දැනුවත්වම විතර්කයෝ අස්තයට යෙත්.
සරලව
සති සම්පජන්‍ය නම්
1,
විඳින සියලු වේදනාත්
2,
දැනෙන සියලු සංඥාත්
3,
ඇතිවෙන සියලු විතර්කත්
ඇතිවෙන ආකාරයත්, පවතින ආකාරයත්
නැති වෙන ආකාරයත් පිළිබඳව
සිහියෙන් පසු වීමයි.
මේ අවස්ථාව
රාග ද්වේශ මෝහ තුනෙන්ම
විනිර්මුක්තයි.
මේ අනුව
සම්පජානෝ සතියෙන් පසුවෙන රහතුන්
සියලු වේදනා, සියලු සංඥා,
සියලු විතර්ක ගැන සිහියෙන් පසු වෙයි.
සම්පජානෝ සතියෙන් පසුවෙන්න
ReplyDeleteකෙනෙක් පුහුණු වෙන ක්‍රමයයි මේ...
1, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,
2, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[කයෙහි වෙනස් වීම්]
වේදනා වල වේදනා අනුව දකිමින් වෙසෙයි,
3, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
සිතෙහි සිත අනුව දකිමින් වෙසෙයි,
4, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[සිතෙහි වෙනස්වීම්]
දහම්හි දහම් අනුව දකිමින් වෙසෙයි,