Tuesday 18 January 2011

මයියා ගේ ලෝකයෙන් ඔහුගේ ලෝකයට : මහාචාර්‍ය නලින් ද සිල්වා ගැන මයියා ට හිතෙන දේ: Prof. Nalin De Silva


මයියා, මහාචාර්ය නලින් ද සිල්වා රසිකයෙක්ද නොවේද යන්න මයියා හට හරියටම කීමට අපහසුයි. ඒ සම්භන්දයෙන් මයියා ට ඇත්තේ මිශ්‍ර හැගීමක්. එනමුත් මයියා ඔහු ලියා ඇති ලිපි බොහෝමයක් අධ්‍යනය කිරීම කෙසේ වෙතත් අඩු තරමින් කියවා හෝ බලා තිබෙනවා. පසුගිය දොහේ ඔහු අරභයා ලියා තිබුනු ලිපි කීපයක් නිසා ( 1, 2) මෙවන් ලිපියක් ලිවීමට මයියා කල්පනා කලා.

නලීන් මහතා සි0හල පාඨකයාට ගෙන හැර දක්වන ඇතැම් අදහස්, බටහිර ලෝකයේ විද්වතුන් අතර සාකච්චාවට ගැනෙන පැරඩයිම ( සුසමාදර්ශන) පිලිබද කථිකාවතේ දිගුවක් හෝ කොපි කිරීමක් ලෙස ඇතැමුන් ඉගි කරනු මයියා දැක තිබෙනවා. ක්වොන්ටම් විද්‍යාවේ ඇතැම් නිරීක්ෂණ පැහැදිලි කිරීම සදහා, එකී විෂයේ විද්වතුන් මෙම පැරඩයිම ආශ්‍රිතව කරනු ලබන තර්ක විතර්ක, නලීන් මහතාව උත්තේජනය නොකෙරුවා යැයි හෝ ඒවායින් ඔහු අභාශය නොලැබුවායයි හෝ, වෙන අයෙකුට තියා ඒ මහතාටවත් කිව නොහැකි යැයි මයියා සිතනවා.ඒසේ උවත් ඒ පිලිබදව ප්‍රමානාත්මකව සදහන් කිරීම නලින් මහතා සිතා මතා මග හරින බවක් පේනවා. ඒ නිසාම ඇතැම් අයෙකුට, නලීන් මහතා ලියන ඇතැම් දේ කොපි කිරීමක් ලෙස පෙනී යෑමට ඉඩ කඩක් තියෙනවා. කෙසේ උවත් මයියා ගේ පෞද්ගලික අදහස නම් නලීන් මහතා ගේ නිර්මාණාත්මක සාපේක්ශතාවාදයේ එන බොහෝ අදහස්, ඉන්දියාවේ ක්‍රි.ව 2 වන සියවසේ ( කාල සීමාව ගැන එකගතාවයක් නැත ) සිටි නාගර්ජුන හිමියන්ගේ ප්‍රශ්ණ කිරීම් හමුවේ , මහාවිහාරික භික්ෂූන්ගේ ප්‍රතිතර්ක වලට වඩා සමාන කමක් දක්වන බවක්ය. කෙසේ නමුත් නලීන් මහතා තම ලිපි වලට අදාල වූ මූලාශ්‍ර පිලිබදව ඉගි නොකීරීම තුල , ඒ මහාතාගේ පාඨකයිනට වඩා පුලුල් වූ දැනුම් සම්භාරයකට ලගා වීමේ අවස්ථාව මග හැරී යනවා.ඒනිසාම නලීන් මහතාගේ පාඨකයින් , ඒ මහතා පවසන දේම පවසන ගිරා පෝතකයින් පිරිසක් ලෙස ඇතැමෙකුගේ චෝදනාවටලක් වෙන අතර, ඒයට නලින් මහතාත් යම් තරමකට හෝ වැරදි කරුවෙක් බව මයියා ගේ හැගීමයි.

නලීන් මහතා, බටහිරයන් අප මත පටවනු ලැබු මථවාද දැඩිව ප්‍රශ්ණ කරන්නෙකි. ග්‍රීක, යුදෙව්, ක්‍රිස්තියානී චින්තනය මත පදනම්ව බටහිරයන් ගොඩනOවන ලද දැනුම වෙනුවට සිOහල බෞද්ධ චින්තනය මත පදනම් වූ දැනුමක් වෙනුවෙන් තම පරිකල්පනය මෙහෙය වන්නෙකි. එහෙත් පුදුමයට කාරණය නම් ඇතැම් අවස්ථාවන් හීදී නලීන් මහතා තමන් විසින් දැඩිව ප්‍රශ්ණ කරන බටහිර ප්‍රවාද ම, තමන්ගේ ප්‍රවාද ගොඩනOවා ගැනීමට යොදා ගැනීමයි. උදාහරනයක් ලෙස කිසිවිටෙක පුරාවිද්‍යා සාක්ශි මගින් සනාථ කර නැති, ජර්මානූ විද්වතුන් කීප දෙනෙකුගේ පරිකල්පනයක් උන 'ආර්‍ය සOකල්පය', ඒ මහතා කිසිදු ප්‍රශ්ණ කිරීමකින් තොරව තම ප්‍රවාදය ඉදිරිපත් කිරීමට යොදා ගන්නවා. ස0ස්කෘත හා යුරෝපීය භාශා අතර ඉතා ලග සමාන කමක් දුටු බටහිර විද්වතුන් කීප දෙනෙකුගේ ඔලුවේ පහල උන අදහසක් උන "ආර්ය සOක්‍රමණය", පුරාවිද්‍යා සාක්ශි නොමැතිකම නිසාම මෑත කාලීන බටහිර විද්වතුන් අතින්ම දැඩිව ප්‍රශ්ණ කෙරෙන්නෙකි. කොටින්ම කියතොත් මෙම අදහස ඇති කලෙත් බටහිරයෝමය. දැන් එම සOකල්පය විවේචනය කරන්නේත් ඔවුන්මය. නලීන් මහතා, පැත්තක සිට එම සOකල්පය ඔහුගේ ප්‍රවාදය නිර්මාණය කිරීමට ඉතා අලOකාර ලෙස යොදා ගන්න බවක් පේනවා.කිසියම් චින්තන ප්‍රවාහයක දැනුම, නිසි අයුරින් කලමනා කර, සිOහල බෞද්ධ ප්‍රවාද ගොඩ නැOවීමට යොදා ගැනීම ට නලීන් මහතා විරුද්ධ නොමැති බව මයියා කියවා ඇතත්, අර්‍ය සOක්‍රමනය පිලිබද අදහස දී මේ පිලිවබදව විචාරාත්මකව විමසීම ඒ මහතා මග හර ඇත බවක් මයියා ට පෙනි යනවා. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් ඉන්දියාවේ භේද ඇති කිරීම සදහා ආර්ය සා0ක්‍රමණය පිලිවද මතවාද ඉතා සියුම්ව හා දක්ශව යොදා ගැනුනා. නලීන් මහතා ගේ පරමාර්ථය එවැනි එකක් නොවේවායි මයියා ගේ පැතුමයි.

නලීන් මහතාගේ නිර්මානාත්මක සාපේක්ශතාවාදය .( දැනුම මනස ට සාපේකශ බව හා යමෙකු හැදී වැඩුනු පරිසරයට, සOස්කෘතියට සාපේක්ශ බව) අගේ කරනු ලබන ඇතැමෙක්, ඒතුමා ගේ දේශපාලනය තේරුම් ගැනීමට නොහැකිව එය විවේචනය කරනු මයියා දැක තිබෙනවා. බටහිර චින්තනයේ ඇති අඩුලුහුඩුකම් හා සිOහල බෞද්ධ වින්තනයේ ඇති ප්‍රබල කම් කීපයක් නිසා ඒ මහතා සිOහල බෞද්ධ චින්තනය අගේ කිරීමට පෙලඹී ඇතැයි මයියා ගේ තක්සේරුවයි. ඒ නිසාම ඒ මහතා එම චින්තන ප්‍රවාහය ආරක්ෂා කිරීම වෙනුවෙන් කොන්දේසී විරහිතව පෙනී සිටින බවක් මයියා ට හැගී යනවා. මෙසේ කොන්දේසී විරහිතව ඒ වෙනුවෙන් පෙනී සිටීම තුල ඇතැම් කාරනා සදහා කබරගොයා තලගොයා කර පෙන්වීමට පවා, එතුමා ගේ විශිෂ්ට තාර්කික හැකියාව ( වාචික හැකියාව නොව, ලිඛිත හැකියාව) යොදා ගැනීමට සිදු වෙනවා මයියා දැක තිබෙනවා. මෙයට එක් උදාහරණයක් නම් නලීන් මහතා ගේ කෘතියක් වන 'ප්‍රභකරන් - ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාල' කෘතියේ දක්වෙන්නක් ගත හැකියි. බණ්ඩාරණායක-චෙල්වනායගම් ගිවිසුම අවලOගු වීමට හේතුවූයේ සිOහල ජාතික ව්‍යපාරයේ බලපැම හා බලය රැක ගනීමට බණ්ඩාරනායක මහතා තුල තිබු කැමැත්ත යන්න ඉස්මතු නොකර, වෙල්වනායගම් මහතාගේ ශ්‍රි ව්‍යපාරය බව ඉස්මතු කිරීම සත්‍යට ඉතා දුරස් බව මයියා ගේ හැගීමයි. බන්ඩාරනායක මහතා තුලද කලෙක ෆෙඩරල් අදහස් තිබුනු බව ප්‍රතික්ශේප කිරීමද මෙයටම ඇදේනවා.

කෙසේ උවත් ව්‍යාජ ඉතිහාසයක් නිර්මාණය කිරීමට උත්සහ දරන ඇතැම් විද්වතුන් කීප දෙනෙකුගේ උත්සහයට නලීන් මහතා ඉතා තර්කානූකූල අදහස් කීපයක් ඒම කෘතිය මගින් එලි දක්වා ඇති බව පිලිගැනිමට මයියා මැලි වන්නේ නැ. චන්ද්‍රිකා මහත්මියගේ මුල් පාලන කාලයේදී, 'සිOහල' යන වචනය උච්චාරනය පවා, යමෙක් සිOහල ජාතිවාදීයෙක් ලෙස හOවඩු ගැසීමට හේතු උනා. මෙකල මෙන් නොව ජාතිකත්වය ගැන කථා කිරීම ඉතා දුශ්කර වූ, අපකීර්තියට පත් වීමට හේතු වූ යුගයක පවා, නලීන් මහතා ඒ වෙනුවෙන් පෙනී සිටි අතර මෙකල ඇතමුන් කරන සේ වාසියට තමන්ගේ මථවාද ය වෙනස් කිරීම වැනි වැඩ ඒ මහතා අතින් සිදු නොවීම අගය කල යුත්තක්. කෙසේ උවත් 30 වසරක දරුණු යුද්ධයක් අවසානයේ සිOහල ජාතික ව්‍යාපාරය වර්තමානයේ නව සOධිස්ථානයකට පැමින ඇති බව මයියා ගේ හැගීමයි. බුදුදහමේ මූලික සOකල්ප ඇසුරින් සිOහල ජාතික ව්‍යාපාරය විප්ලවීය වෙනසක් කරා යැම , එම දේශපාලනය ඉදිරියට ගෙන යාමට අත්‍යවශ්‍ය සාදකයක් බව මයියා ගේ විශ්වාසයි. කෙසේ උවත් මේවන් වෙනසක් කෙරෙහි හැගීමක් වත් නලීන් මහතා තුල(හෝ සිOහල ජාතික ව්‍යාපාරය තුල ) නැති බව ඒ මහතාගේ වර්ථමාන ලිපි දෙස බැලීමේදී පෙනී යන්නක්.

විදුසර පුවත්පතට ඒ මහතා 2004 වර්ෂයේ සැපයු ලිපි මාලාවේ ( විශේෂයෙන් 99,100,101 වෙනි ලිපි) , ඒතුමා බිහි කර ඇති විශිෂ්ඨතම ප්‍රවාදය අඩOගු වන බව මයියා ගේ හැගීමයි. මහාවිහාරික ථේරවාදී භික්ෂුව ගත් ගමන් මග යමින් එතුමා මනස පිලිබද විග්‍රහයක යෙදෙන අතර, මුල් සදහන් කල අයට විස්තර කිරීමට අපහසු වු මනසට පමණක් ගෝචර වන 'චිත්තයක' පැවත්ම ගැන එතුමා නව අර්ථකතනයක් ලබාදෙනවා. එහෙත් එම කාරනා පිලිබදව සමාජය තුල කතිකාවතාවතක් සිදුනොවීම අවාසනාවක්. කෙසේ උවත් 'චිත්තයක' පවතින කාල පරාසය විග්‍රහ කිරීමේදී, ඒනම් 'චිතක්ෂණය' විග්‍රහ කිරීමේදී , ඒතුමා මහත් අගය කරමින් කතා කරන 'චක්‍රීය චින්තනය' වෙනුවට 'රේඛීය චින්තනයට' යොමු වී ඇත්දැයි මයියා ට සිතෙනවා. එසේ නොකීමට එකම හේතුව නම් 'සියලු දේ මැවුම්කරු දේවියන් වහන්සේ' වැනි මූල හේතුවක් ඒයට ලබා දී නොමැති වීම පමනක් බව මයියා ගේ හැගීමයි.

නලීන් මහතා ගේ දැනුම පිලිබද කථිකාවත දේශපාලනය, බුදුදහම,ඉතිහාසය, දර්ශනය,විද්‍යාව වැනි විශයන්ට අමතරව සාහිත්‍ය, නාට‍ය්‍ය, සOගීතය වැනි විෂයපතයන් කරාද ගමන් කරනවා. සාහිත්‍යකරුවකුගේ සාහිත්‍යකරන හැකියාව වෙනුවට හෝ සOගීතකරුවකුගේ සOගීත හැකියාව වෙනුවට, ඔවුන්ගේන් සමාජයේ දැනුම නිශ්පාදනය කිරිමේ හෝ දැනුම හදුන්වා දීමේ ක්‍රියා පිලිවෙත, මේහිදී නලීන් මහතාගේ අවධානය ලබා ගත් බවක් පෙනී යනවා. ඒ අනුව පියදාස සිරිසේන, මාර්ටින් වික්‍රමසිOහ, සරච්චන්ද්‍ර, අමරදේව වැනි ඒ ඒ ක්ෂෙත්‍ර වල දැවන්තයින් නලීන් මහතාගේ විභාගනයට කලක් වෙනවා. නලීන් මහතා ඉහත කී පුද්ගලයින් සම්භන්දව දක්වන අදහස් , ඔවුන් පිලිබදව වෙනස් කෝණයකින් බැලීමට පාඨකයා වෙත දැඩි බලපැමක් එල්ල කරනවා. කරුනු කාරනා මධ්‍යස්තව විමසා බලන පුද්ගලයකුට නලීන් මහතාගේ මෙම් අදහස් ඉතා වැදගත් බව මයියා හැගීමයි. කේසේ උවත් අනෙක් කාරණා සම්භන්දයෙන් මෙන්ම , මේ කාරනාවේදීත් , සමාජයේ ඒ පිලිබදව කථිකාවතක් සිදු නොවීම අවාසනාවක්.

කවුරු කොහොම කීවත් නලීන් මහතා ගේ අදහස් හා ලිපි ලාOකික සමාජය මත කර ඇති බලපැම අති විශාල බව මයියා ගේ හැගීමයි. ඒතුමාගේ අදහස් අනුමත කරන්නවුන් අතර සමාජයේ උගත් යැයි සම්මත වෘතීයවේදීන් මේන්ම නවයොවුන් වයසේ සිටින දැනුම පිපාසිතයන් ද වන බව මයියා ගේ නිරීක්ෂනයයි. ඔහුව ප්‍රතික්ශේප කරන්නවුන් අතර සිටින උගත් පිරිස ද බොහෝමැයි. ඔහුව අනුමත කරන, ඔහු වෙනුවෙන් කථා කරන බොහෝ දෙනෙකු කරන වරදක් ලෙස මයියා හට පෙනී යන්නේ, ඔහු කියා දෙන මාර්ගය ඔස්සේ යමින් තම තම් ප්‍රවීනතා විශය ඔස්සේ නව දැනුම බිහි කරනු වෙනුවට, ඔහුගේ ම ප්‍රවාද, විචාරණයකින් තොරව( හෝ මද විචාරනයකින්) , එම වචනම නැවත නැවත මතුරන තත්වයකට විහින් පත් වී ඇති වීමයි.

ඔහුව විවේචනය කරන්නවුන් සම්භන්දයෙන් මයියා ට ඇති විවේචනය නම් ඔහු පල කරන දර්ශනය ආශ්‍රිත කරනා විවේචනය කරනු වෙනුවට, පරිධියේ පවතින කාරනා අල්ලා ගෙන ඔහු ව විවේචනය කිරීමට උත්සහ දැරීමයි. මේවන් කාරනා වලට තරහා ගෙන , තරහෙන් යුතුවම එවාට පිලිතුරු බදින්න යැම, මයියා දකින මහාචාර්‍ය නලීන් ද සිල්වා සතු දුර්වල කමයි.
(He who angers you conquers you.
- Elizabeth Kenny )



ප: ලි: නලීන් මහතාගේ ලිපි පහත වෙබ් අඩවියෙන් කියවිය හැක
http://www.kalaya.org/home.html

19 comments:

  1. නලින් ද සිල්වා සම්බන්ධයෙන් කළ හැකි සීරියස්ම විවේචනය ඔබට මඟහැරී ගොස් ඇත.

    ඔහුගේ ධර්මය එකකි. එහි භාවිතය (application) ඊට ඉඳුරා පටහැනිය.

    උදාහරණ: අපේ රටේ ජනවාර්ගික ගැටළුව පිළිබඳ චතුස්කෝටිකය මෙසේය.

    1. සිංහලයා 100% හරිය. දෙමළා වැරදිය.
    2. දෙමළා 100% හරිය. සිංහලයා වැරදිය.
    3. සිංහලයාද දෙමළාද වැරදිය.
    4. සිංහලයාද දෙමළාද හරිය.

    චතුස්කෝටිකය ගැන බයිලා කියවන නලින් ද සිල්වාට මොනම අවස්ථාවකවත් ඉහත 1න් දැක්වෙන ද්විකෝටිකයෙන් මිදෙන්ට හැකි බවක් පෙන්නා නැත.

    මීට අමතරව චතුස්කෝටික තර්ක ක්‍රමයට අනුව පෙරදිග චින්තනයද, බටහිර චින්තනයද එක විට සත්‍ය විය හැකිය. මේ නිසා නලින් ද සිල්වාගේ තර්ක ඔහුගේම වෙනත් තර්කයකින් නිශේධ වේ.

    - Taboo

    ReplyDelete
  2. මචං එල ලිපියක්.

    උඹ බිංදුව ටයිප් කරද්දී "x" අකුර භාවිතා කරපං.

    ReplyDelete
  3. @ ටැබූ

    'ඔහුගේ ධර්මය එකකි. එහි භාවිතය (application) ඊට ඉඳුරා පටහැනිය.'

    මේ සම්භන්දයෙන් මයියා උදාහරණ දෙකක් ලිපිය මගින් පෙන්වා ඇත.
    1. අර්‍ය සOකල්පය පිලිබද ව නලීන් මහතා ගේ යොදා ගැනීම
    2. චිතක්ශණය සම්භ්න්දව ඔහුගේ පැහැදිලි කිරීම

    නලීන් මහතා වෙනුවෙන් කථා කිරීමට මයියා ට අවශ්‍ය නොවන නමුත් , ඔහු පවසන එක දෙයක් නම් ජන්වාර්ගික අර්බුදය කියා දෙයක් නොමැති බවයි, එම නිසා 'ඔහුට අනුව' නොපවතින යමක් සම්භන්දයෙන් 'අපට ' ඔහු ද්විකොටීක චින්තනයේ සිරවී ඇතැයි කීම සදාරණ නොවන බව මයියා ගේ හැගීමයි.

    බටහිර ව්හින්තනය හා පෙරදිග චින්තනය යන දේක ම ඔහු ප්‍රත්ක්ශේප නොකරන්නක්. බටහිර දනුම , අප සමාජයට අවශෝශනය කරනා අකාරය පිලිවදව ඔහු කථා කරනවා. බටහිර දැනුම ඔහු තමන්ගේ ප්‍රවාද ගොඩ නැOවීමේදී, කබරගොයා තලගොයා කර යොදා ගන්නා අකාරය මයියා 'ආර්‍ය ස0ක‍්රමණය ' යන්න මගින් පැහැදිලි කිරීමට උත්සහ ගෙන තිබෙනවා.

    ReplyDelete
  4. @ ගෝල්ඩ් ෆිශ්

    තැන්ක් යූ මචO.

    මචO මයිය ගේ කී බෝඩ් එකේ අවුලක් තියෙනවා. බිOදුව මොනම විදිහකටවත් ගහන්න බැ. ඒක නිසා මයියා දැන් ඒක මයිය ගේ ට්‍රේඩ් මාර්ක් එක විදිහට පාවිච්චි කරනවා, හැබැයි 'O' ගහන හැමෝම මයියා නෙමේ..( කාලෙක අතපත්තුවා ගැහුවෙම බිOදුනේ) හි හි

    ReplyDelete
  5. බිල්ලා18 January 2011 at 12:55

    බිංදුව වෙනුවට O අකුර ගහලා බටහිර ගැතිකම පෙන්නුවත් හොඳ ලිපියක්, :)
    නලින් ද සිල්වා මහැදුරුතුමා නාගර්ජුන හිමියන් ගැනත් මහාවිහාරික භික්ෂූණ් වහන්සේලා ගැනත් ඉතාම ඉහලින් සෑහෙන්න කතා කරල තියෙනවා, මේ නිසා කොපිරයිටිස් ගැන අවුලක් ඇතිකර ගතයුතු නැහැ.
    කෙස් පැලෙන තර්ක ගෙනාවත් ඒ යහපත් අරමුණකින් කියලත් මයියාට සමහර විට පේනවා නොපේනවා ඇති.
    මෙතුමාගෙන් ගත යුතු බොහො දේ තියෙනවා, පාට කණ්නාඩි වලින් නොබලා මේ දේවල් තේරුම් ගැනීම ඉතාම වටිනවා. හැබැයි නලිනුත් කලින් ට්‍රොට්ස්කිලා අනුකරණය කළ බව, තමන්ගේ ප්‍රවාද සංශෝධනයට යටත් බව කියන නලින්ගේ ප්‍රකාශ අමතක කරන්න හොඳ නෑ.
    නලින්ව විචාරය කරන අති බහුතරය කරන්නේ හිස් වචන දෙඩවීමක්ම විතරයි, සාමාන්‍යෙයන් වැඩිදුරක් කල්පනා නොකරන අයට මේකෙන් වෙන්නෙ පාඩුවක්.

    අනේ ටබුවගේ චතුස්කෝටිකය :D නලින්ද සිල්වා ගිරාපෝතකයො මේක දැකල ඊනියා චතුස්කෝටිකය කිය කිය පුකෙනුත් හිනාවෙනව ඇති. අනික ටබුවෝ උඹ පට්ට කුජීත වෙලා තියෙන්නෙ නලින්ට ගණන් බැරි බව ඔප්පු කරගන්න බැරිවුණ නිසා විතරක්ම නෙවෙයි..

    ReplyDelete
  6. ටැබූට ඇත්තේ නලීන් සමග පුද්ගලික ආරෝවකි. මන්ද මතවාදීමය තලයේදී ටැබූ යනු කුජීතයෙක් පමණක් නොව නලීන් හා හැරීමටවත් නොහැකි අඳ බාලයෙක් බැවිණි. නලීන් සමග එක සරසවියේ උගවන මොහු නලීන් සමග විවෘත සංවාදයකට නොයන්නේ ඔහුගේ මේ මතවාදීමය අඳ බාලකම ප්‍රදර්ශණය වන නිසාවෙනි. ටැබූ ගේ නම කුමක්දැයි ලිවිය හැකි නමුත්, සරසවි ඇදුරු කවයේ තතු ළඟින් දන්නවුන් ටැබූ යනු කවරෙක් දැයි දනිති. නලීන්ද සිල්වාට ගණිතය බැරි බව ඔප්පු කරන බවට පුරසාරම් දෙඩූ මුත් අද වනතුරු ඒ බව ටැබූ ඔප්පු කර නැත. ඔප්පු කරන්නට ගියහොත් ටැබූට තම විෂයය බැරි බව ඔප්පු වෙනවා සිකුරුය. ටැබූ දැන්වත් කුජීත සීමාවෙන් එළියට ආවා නම් එය ඔහු විසින් කරන්නා වූ ගෞරවණීය වෘත්තියේ නාමයට වැදගත් වනු ඇත.

    ReplyDelete
  7. @මයියා,

    තිබුණේ/තියෙන්නේ ජනවාර්ගික ගැටළුවක්ද, ත්‍රස්තවාදී ගැටළුවක්ද යන ප්‍රශ්නය මෙහිදී අවැදගත්ය. අවශ්‍ය නම් 'ජනවාර්ගික ගැටළුව' කියන පදය වෙනුවට 'ත්‍රස්තවාදී ගැටළුව' හෝ 'ජාතික ගැටළුව' ඇතුළු ඕනෑම වචනයක් යොදා නැවත මගේ කමෙන්ටුව කියවන්න.

    @Anonymous,

    මුලින් නමින් ලියා කුජීත වී දැන් නොනමින් ලියන ඔබ කවුද යන අප කවරකුට හෝ රහසක් නොවේ. නලින් ද සිල්වාට වාදයට එන්ට වාර ගණනක් අභියෝග කර ඇති මුත් ඔහු එය මඟහරී. ඊට මට කරන්ට දෙයක් නැත.

    ඔහුට අවශ්‍ය නම් මෙතැන මයියාගේ අඩවියේදී පවා වාදයකට එළඹිය හැකිය. (මෙය මා පාලනය කරන්නක් නොවේ.) නලින් ද සිල්වා එසේ නොකරන්නේ නම් කරන්ට දෙයක් නැත.

    - Taboo

    ReplyDelete
  8. නලින් ගැන විග්‍රහ කල මගේ ලිපිය, සහ එතුමාට එල්ලකල මඩ කැලෑ පත්තරයක් 1 හා 2 ලෙස පිලිවෙලින් මේ ලිපියේ උඩින් සඳහන් වෙනවා. මයියා මේ ලිපි දෙකම එකම ගනයේ ලා සැලකුවා නොවේ යයි මා සිතනවා. මඩ ලිපියෙ පලමු කවිය නම් ඉතා රසවත් බවත් නොකියා බැහැ. මා නලින් තරම් හෝ මයියා තරම් ඇසූ පිරූ තැන් ඇත්තෙක් නොවේ. නාගර්ජුන හිමි හෝ මහාවිහාරික සංවාද ගැන මම කිසිවක් දෙන්නේ නැහැ. ක්වන්ටම් වාදයේ කෝපන්හේගන් විවරණය සහ ඒ ඇසුරින් බටහිර ඇතිවූ සංවාද ගැන තරමක් කියවා තිබෙනව. ඒකත් විනෝදංශයක් වශයෙන පමනයි.

    නලින් ගැන මා ලියූ දේ ඇත්තටම ඉදිරියේ දී පිලිවෙලකට ලිපියක් ලිවීමේ අරමුන ඇතිව කල කටු සටහන් කිහිපයක් යැයි කීම වඩා නිවැරදියි. කෙසේ වුවත් මේ කටු සටහන් නිසා තැන තැන ඇතිවූ කතිකා වලින් මම බොහෝ දෙ ඉගෙන ගැත්තා. මයියාගේ මෙම ලිපියෙන්ද මම යමක් ඉගෙන ගත්තා.

    මුල් පිලියේ සඳහන් වන, නලින් ගැන මගේ මූලික අදහස් වලට මේ අලුත් දැනුමින් තවමත් එතරම් බලපෑමක් එල්ලවූනෙ නැහැ. ඔහුගේ ක්‍රියාකලාපය සමස්තයක් වශයෙන් ගත්කල සමාජයට හානිකරයි කියල තමයි මට තාමත් හිතෙන්නේ.

    ReplyDelete
  9. බිල්ලා19 January 2011 at 21:23

    රිටිගල ජයසේන මහත්මයා නම් ටබුවාට වඩා අවංක කෙනෙක් බව පේනවා, නාගර්ජුන හිමි හෝ මහාවිහාරික සංවාද ගැන කිසිවක් දන්නේ නැති බව පිළිගත්ත වගේම තවත් ටිකක් දුර බුදු දහම ගැන හොයල බැලුවනං ඔය සෙකුලැරිසම ගැන කියවන්න ඉස්සෙල්ලා, හොඳයි නේද.
    සෙකුලැරිසම් අඩවියේ තියෙන සමහර ප්‍රශ්නවලට උත්තර පස්සෙ කාලෙක ජයසේනටම හොයාගන්න පුලුවන්වෙන බවකුත් පේනවා,
    සුබ අනාගතයක්.

    ReplyDelete
  10. කාර්‍යබහුලත්වය නිසා පිලිතුරු ලියන්න පමා උනා. සොරි වෙන්න ඕනා

    @ ටැබු ; නලීන් මහතා ප්‍රශ්ණය විග්‍රහ කරනනේ ' දෙමල ජාතිවාදය විසින් සිOහලායට හිමි තැන නොපිලිගැනීම' කියලයි මයියා තේරුම් අරන් තියෙන්නේ. ඒ විදිහට ගත්තම ප්‍රශ්නේ ඇතුලේම උත්තරෙත් හැOගිලා තියෙනවා වගේ..නලීන් මහතා ප්‍රශ්නය ව්ග්‍රහ කරන අකාරය අනුව එයට චතුස්කොටීකය , ත්‍රිකොටිය නොව දෙකොට්ටියවත් එයට පටලවන්නේ කෙසේ දැටි මයියා ට නම් ගැටලුවකි.

    @ බිල්ලා ; අරමුණ යහපත් කියා තමන් කරන්නේ වරදක් නම් ඒය සදාරනීකරනය කල හකි දැයි මයියා ට ගැටලුවක්. බුදුහාමුදුරුවොත් දේශානා කරලා තියෙන්නේ බොරු කියන්නාට නොකල හැකි පවක් නැත කියලනේ. ඒ නිස දැන දැන බොරු කීම නම් එච්චර හොද නැයි කියලයි මයියා ට හිතෙන්නේ..ඒක හින්දා නලීන මහත්තායා තමන් දැන දැන වරදක් සදාරනකරනය කරනවා නම් ඒක ඒ මහත්තයට විතරක් නෙමෙයි, ඒ මහත්තයා පෙනී හිටින දර්ශනයටත් එච්චර ගැලපෙන්නේ නැයි කියලයි මයියා ගේ අදහස

    @ රිටිගල ජයසේන: නලීන් මහත්තයව විවේච්නය කරන අය ගත්තම මඩ පත්තරයේ හිට ඉතා උසස් විවේචන ( ඉතා විරලය) දක්වා පරාසයක ට විහිදෙනවා. ම්යියා පෙන්නා ඇති ලිපි ඒ බව මොනවට පැහැදිලි කරනවා. එයින් ඔබ ගේ ලිපිය අයත් වන්නේ කුමන ගණයට බව මයියා නැවත කිව යුතු යැයි මයියා සිතන්නේ නැ. ඔබ ගැන බිල්ලාගේ සදහන ට ම්යියා ට එකග වන්න අමාරුයි. කිසීම පුද්ගකලයකු හට දනුමේ පරිපූර්ණත්වයක් නැ. ඔබ කියවන දේ , මයියා කියවන දේ ට වඩා වෙනස් වෙන්න පුලුවන්, ඒක එසේ සිදුවිය යුතුයි, විවිද දැනුමක් පරිශ්‍රය කලා උවත් හා පරීපූර්න දැනුමක් නොමැතිව උවත් මයියා හා රිටිගල ජයසේන නලීන් මහතා සම්භ්න්දව තමන්ට දැනෙන දේ ලියා ඇතැයි මයියා ට හිතෙන්නේ. විවිද අදහස් තුලින් වඩා නිවැරදී දෙයක් ( එහෙනම දේයක් පවතී නම්?) කරා එලභිය හැකි බව මයියා ගේ විශ්වාසයයි. හැමෝම සිවාධීන නිව්ස් නැත්නම් සිරස නිව්ස් වලම එල්ලිලා හිටියොත් කොහොමට හිටී ද?. ඒ නිස මයියා, නලීන්, ටැබු , බිල්ලා, රිටිගල ජයසේන වැනි විවිද අදහස් කියවන ඒ තුලින් ඉගෙන ගැනිම්මට යත්න දරන පොරක්. එහේමයි කියලා අප කාටවත ක්ඩේ යා යුයතු නැ නේද? ත්මන්ට හැගේන දේ (ශිෂ්ඨ?) ප්‍රකාශ කිරීම වරදක්ද?

    ReplyDelete
  11. /නලින් ද සිල්වාට වාදයට එන්ට වාර ගණනක් අභියෝග කර ඇති මුත් ඔහු එය මඟහරී. ඊට මට කරන්ට දෙයක් නැත./
    @Taboo,
    "මෝඩයකු සමග වාද කර කිසිවෙකුටවත් දිනන්න බැරිය"
    (අනික ලොක්කා මේ ඔයා කියන කතාවක් නේ,ඔයා ඔහොම කිව්වා කියා අපි පිළිගන්න ඕනෙද?)

    ReplyDelete
  12. සමබර ලිපියක් මයියා. මෙහි අන්තර්ගතය ගැන මම කිසිවක් ප්‍රකාෂ කරන්න යන්නේ නෑ. නමුත් ඉතාම පිළිවෙලට නලින් ද සිල්වා මහතා ලියා ඇති දෑ හදාරන්න ඕන කියන එක දැඩිව හිතට ගත්තා.

    ReplyDelete
  13. @ පිටස්තරයා 2

    නලීන් මහතාගේ ලිපි ටික කාලය වෙබ් සයිට් එකේ පිලිවෙලට ගොනු කරලා තියෙනවා. විචාරශීලී පුද්ගලයෙකුට එතැනින් ගොඩක් දේවල් ගන්න පුලුවන් කියලා මයියා ට හිතෙනවා.
    කාලේකට පස්සේ මේ පැත්තේ ආවාට ස්තූතියි.

    ReplyDelete
  14. ක්වන්ටම් වාදය ගැන නලින් ලියූ ලිපියක් මෑතකදී කියවූ පසු මට වැටහුනේ, "පොදු නිරීක්ෂනයේ"(common observation) ඇති වාස්තවිකත්වය ගැන මගේ අදහස සනාථකරමින්, පොදු නිරීක්ෂනය සංස්කෘතියට සාපේක්ෂවීම ගැන නලින්ගේ අදහස ඔහු විසින්ම අනාථකර ඇති බවයි.

    ක්වන්ටම් භෞතිකයේ එන ද්විත්ව සිදුරු පරීක්ෂනය (double slit experiment) ගැන නලින් ගේ විවරනය තුලදී ඔහු ඔහුගේම මුලීක මතවාදය බිඳ දමයි. වාස්තවික යථාර්තයක් (objective reality) නොමැතිවීම සහ සියලු දැනුම් සංස්කෘතියට සාපේක්ෂ වන බැවින් සියලු දැනුම් මිත්‍යාවන් බව ජාතික චින්තනයේ එන "නිර්මානාත්මක සාපේක්ෂතාවේ" මූලිකම හරයයි. මේ අනුව සියලු "නිරීක්ෂනද" සංස්කෘතියට සාපේක්ෂවේ. නලින්ගෙ විවරනයට අනුව ඇරිස්ටෝටලීය "නිරීක්ෂනය" හා වාස්තවික යථාර්තයක් ගැන විස්වාශ කරන සංස්කෘතියක් තුල එම විශවාසයේ පදනම සම්පූර්නයෙනම බිඳ වැටෙන "නිරීක්ෂන" ඇතිවිය නොහැක. නලින්ගේ නිරීක්ෂනය පිලිබඳ මතවාදයට අනුව ද්විත්ව සිදුරු පරීක්ෂනයේ නිරීක්ෂනය තුලද කිසිම වාස්තවික බවක් නැතිවිය යුතුය. එනමුත් "පොල් ගෙඩිය බිම වැටීම" යන නිරීක්ෂනයද සංස්කෘතියට සාපෙක්ෂ බව කියන නලින්ම ද්විත්ව සිදුරු පරීක්ෂනය තුල හදිසියේම අමුතු වාස්තවිකත්වයක් දකී. හදිසියේම දිවිත්ව සිදුරු නිරීකෂනය සංස්කෘතීන්ගෙන් ස්වයායත්ත වී ඇත.

    නලින්ට මෙසේ වන්නේ ඇයි? ඔහුගේ චින්තයන හුදෙක්ම දේශපාලනික නිසාය. ද්විත්ව සිදුරු පරීක්ෂනයේ නිරීක්ෂනය නිසා ලෝකයේ එතෙක් පැවති ලෝක දැක්මක් (world-view) උඩු යටිකුරු විය. නිරීක්ෂනයෙන් ස්වයායත්තව පවතිත වාස්තවික යථාර්තය (objective reality) ගැන අදහස අභියෝගයට ලක්වන මේ නිරීක්ෂනය නලින්ට මහත් ආස්වාදයක් දනවයි. වාස්තවික යථාර්තයට මරු පහරක් වදින මේ නිරීක්ෂනය ඔහු අනෙකුත් සියලු නිරීක්ෂන වලට උඩින් ඔසවා තබයි. ඒ සඳහා සිය මූලිකම මතවාදයක් වූ "නිරීක්ෂනය සංස්කෘතියට සාපෙක්ෂය" යන්න අමතක කරයි.

    මිනිසාට සාපේක්ෂ නිරීක්ෂනය හා සහබාගීත්වයේ යථාර්තය (participative reality) යන සංකල්ප ඔස්සෙ යමින් විද්‍යාව මේ ගැටලුව විසඳා ඇත. පොල්ගෙඩි බිම වැටෙන්නනේත්, ද්විත්ව සිදුරු පරීක්ෂනයේ දී උප-පරමානුක අංශු (sub-atomic particles) එකවර ස්ථාන දෙකක පවතින්නේත්, සංස්කෘතියට නොව මිනිසාට සාපෙක්ෂවය. අපෙන් ස්වයායත්තව පවතින යථාර්තයක් 'ඇත' හෝ 'නැත' යනුවෙන් තර්ක කිරීම නිරර්ථක බවත්, අප නිරීක්ෂනය කරන්නේ යමක්ද එය යථාර්තය බවත් අද බොහෝ ක්වන්ටම් වාදි විද්‍යාඥයෝ සහ නූතන දාර්ශනිකයෝ එකඟ වෙති.

    අපෙන් ස්වයායත්තව පවතින යථාර්තයක් 'ඇත' හෝ 'නැත' යනුවෙන් තර්ක කිරීම, දෙවියන් 'ඇත' හෝ 'නැත' යනුවෙන් දෙපිලක් බෙදී තර්ක කිරීමට සමානවේ. දෙවියන් මෙන්ම වාස්තවික යථාර්තයද විද්‍යාවට ගෝචර වන සංකල්ප නොවේ. සාධාරන තත්ව යටතේ කරනු ලබන පරීක්ෂනයක ප්‍රතිපලයක් ලෙස 'බොරු' (falsify) කල නොහැකි ප්‍රවාද සියල්ලම විද්‍යාව ඉදිරියේ හුදු මනස්ගාත වේ. එබැවින් දෙවියන් මෙන්ම වාස්තවික යථාර්තය යන සංකල්පයද හුදු මනස්ගාතයක් පමනි.

    ReplyDelete
  15. @ රිටිගල ජයසේන

    ද්විත්ව සිදුරු පරීක්ශනය සම්භන්දව නලීන් මහතාගේ මථය ප්‍රකාශ කරන අදාල ලිපිය කුමක්දැයි හෝ එහි සබැදියක් ප්‍රකාශ කල හැකි නම් බොහෝ අගෙයි..

    ReplyDelete
  16. The Nalin's post I was referring in my earlier post is this.

    http://www.vidusara.com/2011/02/16/feature2.html

    ReplyDelete
  17. නලින්ද සිල්වා ඇදුරුතුමා ගැන මා ලියූ විවරනය එතුමා කියවූවාද නැද්ද යන්න නොදනිමි. එනමුත් එහිදී මා මතුකල "නිර්මාණාත්මක සාපෙක්ෂතාව තුල 'නිරීක්ෂනය' යන සංකල්පය පිලිබඳ පැහැදිලි විවරනයක් නැතිවීම" යන චෝදනාව, සහ ක්වන්ටම් නිරීකෂන පැහැදිලි කිරීමට යොදාගත් "සහබාගීත්වයේ යථාර්තය" යන සංකල්පය හා "ෂ්‍රොඩින්ගර් ගේ පූසා" ගැන මාගෙ සටහන් ආශ්‍රිත කරුනු කිහිපයකට පිලිතුරු ලියන ආකාරයකට සකස්වූ ලිපි කිහිපයක් පසුගිය සති කීපය තුල නලින් අතින් ලියැවින. මෙය හුදු අහම්බයක්ම විය හැක. කෙසේ වුවත් නලින්ගේ මේ අලුත් ලියවිලි නිසා, නලින් ගැන මාගෙ විවරනයේ සඳහන් කල කරුනු බොහොමයක් අවලංගුවී ගොස් ඇත. එබැවින් මගේ ලිපිය නැවතත් මුලසිට ලිවිය යුතු තත්වයකට පත්ව ඇත. මට වූ ප්‍රධානම ප්‍රශ්නය නම් නලින්ගේ දර්ශනයට් 90% එකඟ වෙන බවට මා කල ප්‍රකාශය අවලංගු වීමයි.

    විදුසර පුවත්පතට එතුමා ලියූ මේ ලිපියේදී (http://www.vidusara.com/2011/02/23/feature2.html) එතුමා කියන්නේ මොනවාද කියා මට නොතේරේ. ක්වන්ටම් භෞතිකයේ කෝපන්හේගන් විවරනය සමග තමා එකඟ වුවහොත් බටහිර හා අප අතර තනන්නට තැත්කරන "උන්" හා "අපි" යන බෙදීමට අවැඩක් වේය යන අදහසින් එතුමා හදිසියේම කෝපන්හේගන් විවරනයත් "උන්ගේ" විකාරයකි යන්නක් කඩිමුඩියේ කියන්නට උත්සාහ කර ඇත. තමුන් නිතරම කතාකරන චතුස්කෝටිකය සමග කදිමට ගැලපෙන 'ෂ්‍රොඩින්ගර්ගේ පූසා' යන සිතිවිලි පරීක්ෂනය හෙලා දැකීම එතුමාට හදිසියේම සිතුනේ ඇයි? අප නිරීක්ෂනය කරනතුරු පූසා මලෙත් නැත නොමලෙත් නැත යනුවෙන් අපූරුව පැවසීමට පුලුවන් කම තිබියදී මෙතුමා මේ පවසන්නෙ මොනවාද?

    /**අපි ක්‌වොන්ටම් භෞතිකයෙන් සියලු නිරීක්‍ෂකයන් එළවා දමමු. නිරීක්‍ෂකයන් ඇතත් නැතත් පරමාණු ක්‍ෂය වෙයි. පරමාණුව ක්‍ෂය වී ද නැත් ද යන්න සිදුවීමට නිරීක්‍ෂකයකු අවශ්‍ය නො වේ. නිරීක්‍ෂකයා සිටියත් නැතත් පරමාණුව එක්‌කෝ ක්‍ෂය වී තිබිය යුතු ය. නැත්නම් ක්‍ෂය නො වී තිබිය යුතු ය. එසේ නම් ඒ යථාර්ථයක්‌ ද වාස්‌තවිකත්වයක්‌ ද ආදී ප්‍රශ්න ඇසිය හැකි ය. ඒ කිසිසේත් ම එසේ නො වේ - නලින්ද සිල්වා*.*/

    නලින් ඉහත ලියූ වාක්‍ය කිහිපයෙන් අදහස් කලේ කුමක්ද යැයි දන්නෙ එතුමා පමනි. "එය කිසිසේත් එසේ නොවේ" යනුවෙන් පවසා වාක්‍යය අවසන් කලද එසේ නොවන්නේ නම් කෙසේද වන්නෙ යයි එම ලිපියේ නම් කොහේවත් සඳහන් නොවේ. පරමාණුව එක්කෝ ක්ෂයවී තිබිය යුතුය නැත්නම් ක්ෂය නොවී තිබිය යුතුය යනුවෙන් ද්විකෝටික තර්කයට පසු බැස එතුමා මේ කරන ප්‍රකාශය, සහ එය කියූ කටින්ම වාස්තවිකවූ යථාර්තයක්ද නැත යනුවෙන් කරන අසංගත ප්‍රකාශය යන දෙකම එකට ගත්විට මට බැසගත හැකි හොඳම නිගමනය මෙයයි. එතුමා පවසන්නේ මෙවැනි දෙයකි. "වාස්තවිකවූ යථාර්තයක් නැත. හැබැයි ඉතින් නිකන් ලාවට වගේ එහෙම එකක් නැත්තේද නැත." මෙය මොන තර්කන ක්‍රමයට අසුවේද යන්න මම දන්නේ නැත.

    ෂ්‍රොඩින්ගර්ගේ පූසා' යන සිතිවිලි පරීක්ෂනය ගැන එතුමා මා මෙතෙක් දැක ඇති එතුමාගේ බොලඳම ප්‍රකාශය ලියයි. (කතාවේදි නම් එතුමා නිතරම බොලඳ ප්‍රකාශ කරයි. එනමුත් ලේඛනයේදි නම් බොලඳ ප්‍රකාශ කරන්නෙ ඉතා කලාතුරකිනි )

    /*එහෙත් බළලාට එය ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්නයකි. බටහිරයන්ට බළලාට විඥනයක්‌ නැතැයි කියා ඇඟ බේරාගත හැකි ය. එහෙත් අපට එසේ කළ නො හැකි ය. ජීවිතයක්‌ යනු ජීවිතයකි. - - නලින්ද සිල්වා*/

    යුද්ධයෙන් මියගිය සහ අනේකවිධ මානසික හා ශාරීරික වද වේදනා විදි දහසක් දෙනා ගැන "මට කනගාටුයි" වැනි සංවේදී වදනක් හෝ නොදෙඩු එතුමාට ෂ්‍රොඩින්ගර් ගේ මනඃකල්පිත පූසා ගැනවූ සත්ව කරුනාව නිසාම එම පරීක්ෂනයේ බෝර්ගේ විවරනයට එකඟ විය නොහැක! ඇත්තට නලින්ට නීල්ස් බෝර් සමග එකඟ විය නොහැක්කේ බෝර් "සුද්දෙක්" වූ නිසාද? නැතිනම් එතුමා කෝපන්හේගන් විවරනයම සිංහල-බෞද්ධ මතවාද වල පටලා ඉදිරිපත් කරන්නේ යැයි කිසිවකු චෝදනා කල නිසාද?

    ReplyDelete
  18. පැරණි ලිපියක් වුණත් අද කාලයට ඉතාම කාලෝචිත ලිපියක්. ඔබ මේ ලිපිය ලියු කාලය සිට මේ වන විට ගත්තාම නලින් යනු මහාචාර්ය වරයෙකුගේ සිට සිංහල බෞද්ධ මෝසස් කෙනෙකු දක්වා විපරිණාමය වී තිබෙනවා. එදා "බුදු දහම විද්‍යාත්මක කිරීමේ මුළාව" යන මැයෙන් විදුසරේ පිටු ගණන් පිරවූ අදුරු තුමා අද සිය පර්යේෂණ කටයුතු කරන්නේ නාථ දෙයියන් ගෙන් සාත්තර ඇසීමෙන්. එදා දේවාගම් වලට පහර පිට පහර ගැසූ ඔහු අද තවත් එක දෙවාගමක අන්ධානුකාරකයෙක.. ඒ ආගමේ දෙවියෝ නාථ. පණිවිඩ කරු නලින්.

    මේ ආගමට කියන්න මා කැමති නමක් තිබෙනවා. ඒ තමා නලියාභිවන්දනය.

    ReplyDelete

2222