Friday, 17 September 2010

මහායානෙද?..ථේරවාදේද......නැත්නම් මොකුත්ම නැද්ද?


ඔය කවුරු කවුරුත් බුදුදහමත් එක්ක්ක කියැවෙන මහායාන , ථේරවාද කියන වචන දෙක අහලා ඇතිනේ. අහලා නැත්නම් ඉතින්, මේ කියන්නේ බුදුන්වහන්සේගෙන් පසුව බුදුදහමේ ඇතිවුන ප්‍රධාන බෙදීම් දෙකක්, මෙයින් ථේරවාදීන් බුදුදහම පිරිසිදු ආකාරයෙන්ම පවත්වාගෙන යනවා යැයි පවසන අතර, ලංකාවේ පවතින්නේ ථේරවාදයයි. ක්‍රි.පු 1 සියවසේ ඉන්දියාවේ දී ක්‍රමිකව වර්ධන උන ධර්ම ගවේශණයේ ප්‍රතිපලයක් ලෙස මහායානය බිහි වු අතර මෙය චීනය, ටිබෙටය, කොරියාව,වියෙට්නාමය ජාපානය වැනි රටවල පැතිර ගියා.

මයියා පොඩි කාලයේ මහායාන කියන වචනෙ කණට වැටුනු දවස් වල ඒකේ තේරුම ඇහුවේ මයියා ගේ අම්මාගෙන්. හොද බෞද්ධ උපාසිකාවක් උන අම්මා, මහායාන ගැන මයියාට කිව්වේ ඒක පිරිසිදු බුදුදහම නොවෙන බවත් ඔවුන් අලංකාර පුද පුජාවලට වැඩියෙන් කැමැත්තක් දක්වන බවත්ය.

පස්සේ කාලෙක මයියා ලොකු මහත් වෙන කොට මේ මහායානය ගැන මීට වඩා වෙනස් විදිහකට කියවන්න ලැබුනා.

ථේරවාද, මහායාන තියා බුද්ධාගම කියන්නේ මොකක්දවත් හරියට දන්නේ නැති, බහුතරයක් බෞද්ධ උන ල0කාවේ පොරවල් වලට මහායාන ගැන පොඩි කුප්පියක් දාන්නයි මයියා සෙට් වෙන්නේ.

මහායාන ගැන කියන්න කලින්, බුදුදහමේ මූලික සකල්පය උන ' පටිච්ච සමුප්පාදය' ගැන පොඩ්ඩක් කියලා ඉන්න වෙනවා. වචනේ පොඩ්ඩක් බරපතල උනාට මෙම උතුම් සංකල්පයෙන් විස්තර කෙරෙන්නේ අපේම හිත ගැනයි.

මේ ගැන මයියා පොඩි උදාහරණයකින් පටන් ගන්න හිතුවා.

දැන් හිතන්න බලන්න ඔය වාඩි වෙලා ඉන්න පුටුව ගැන. මේ පුටුව රූපයක් විදිහට අපේ ඇස් දෙකෙන් දකිනවා. වාඩිවෙලා හිටියොත් හමට වැදීම නිසා ඇතිවෙන ස්පර්ෂයෙන් ඒක දැනෙනේවා.මේ ඇසෙන් ගන්න දෙයයි ,හමෙන් ගන්න දෙයයි එකතු කරගෙන අපේ මොලය මේක පුටුව විදිහට තේරුම් ගන්නවා. ඉතින් දැන් හිතන්න බලන්න අපි පොඩි කාලයේ ඉදගෙන ඔය සංවේදනා දෙක මුල් කරගෙන පුටුව කියලා මේක අදුන ගන්න පුරුදුවෙලා ඉන්නවා. ඕක පුටුව නෙමෙයි, වංගෙඩියක් ලෙස අදුන ගන්න පුරුදු උනානම් අපි ඕක වංගෙඩියක් ලෙසයි අදුන ගන්නේ. මේකෙ තියෙන වැදගත්ම කාරණාව නම් ඔබ, ඔබට ඇති අත්දැකීම තුලින් පුටුව කියන දේ තේරුම් ගන්න අතර , මයියා මයියාට ඇති අත්දැකීම් තුලින් පුටුව තේරුම් ගන්න වා. නමුත් ඇත්ත වශයෙන්ම පුටුවක් පවතිනවාද.? ඉහත සදහන් කල ඇස්දෙකෙන් ගත්ත සංවේදනයයි, ස්පර්ශ්යෙන් ගත්ත සංවේදනයයි කෘත්‍රිමව ඇති කල හැකි නම් පුටුවක් ඇත්තටම නැතත් , පුටුවක් ඇති වබ අපේ මොලයට ඒත්තු ගන්වන්න පුලුවන්..( ඔය Matrix ෆිල්ම් එකේ තියෙන්නේ මේ වගේ සීන් එකක් තමයී.)

දැන් මේ කථාවේ ප්‍රශ්ණයට බහිමු... ඇත්තටම පුටුවක් පවතිනවාද? , නැතිනම් මේය නොපවතින්නක්ද?

මහායානවාදීන් මේ ප්‍රශ්ණයේදී මේහි පුටුවක් නොමැති බවත් ඇත්තේ ශූන්‍යතාවය බවත් කි‍යවෙනවා. මහායාන වාදීන් ට අනුව සියලු දේ මනසේ නිර්මාණයන්....... නමුත් ථේරවාදීන් මෙහිදී පුටුවක් භෞතිකව ඇති බව පිලි ගන්නා අතර එහි පැවැත්ම වෙනස් වන බව පිලිගන්නවා.

කච්චායන සුත්‍රයදී දැක්වෙන අකාරයට, සියලු දේ පවතී: මෙය එක අන්තයකි....සියලු දේ නොපවතී : මෙය තවත් අන්තයකි.....තථාගතයන් වහන්සේ මෙම අන්ත දෙකම ප්‍රතික්ශේප කරන අතර මැද මාවත දේශනා කරයි.......කියලා දැක්වෙනවා...

මහායානවාදීන් අතරත් විවිද මතිමතාන්තර පවතිනවා.ක්‍රමිකව වර්ධනය උන දේයක් නිසා මෙය බලාපොරොත්තු වියයුත්තක්.

මුල් මහායාන ග්‍රන්ථ උන 'අෂ්ඨ ශ්‍රාස්තික ප්‍රග්නා පාරමිතා' අනුව සියලු දේ නොවපවතින අතර, ධර්මය පවා නොපවතින්නක් . නාගර්ජුන හිමියන් විසින් දියුනු කරන ලද 'මධ්‍යාමික' ඉගැන්වීම් අතර ' මනස ' යනු ද නොපවතින්නක්....

නිර්වාණය ගැන ද මහායාන වාදීන් වෙනස් මථ දරන අතර, මහායාන හා ථේරවාදය අතර මූලික වෙනස මයියා දැනටම ලියා ඇති නිසා , මේ ගැන ලියන්න මයියා බලාපොරොත්තුවක් නැ.....

තවදුරටත් මේ ගැන උනන්දු අය හිටීනම්... නගාර්ජුන, චන්ද්‍රකීර්ති, භාවවිවේක ආදී මහායාන ස0කල්ප ගැන ලියු හිමිවරුන් ගැන ලිපි කියෙව්වොත් හොදා...



ප:ලි:

මේ ලිපියට අදාලව  වඩා විස්තරාත්මක ලිපියක් මම පසු කාලීනව ලිව්වා

ඒ ලිපියට  මෙතැනින් යන්න

38 comments:

  1. attenma hoda lipiyak.
    eth mama danna hatiyata mahayanaya shraddhaawa mul karagena gaman karana darshanayak. nirwaanaawabodhaya budu kenek sitinaa kaalayakama siddha wiya yuttak hatiyatai owun wishwasa karanne. mama waradi nam niwaradi karanna. attenma therawada wagema mahayanaye athi wenaskam thawa duratat katawata lak kara yutui. mokada mama hitana aakaarayata piwituru buddha deshanaya therawadaye thamai thiyenne.

    ReplyDelete
  2. මහායාන දහමේ ඇති ප්‍රධානම වෙනස ගැන ඔයා ලියලා නෑ.
    මහායාන දහමට අනුව සසර ගමන නැවැත්වීමට නම් ඒ සියලුදෙනා බුද්ධත්වය ලැබියයුතුයි. වැඩි අටුවා ටීකා ලියන්න ඕන නෑ ඒකම ඇති පොඩි හරි බුද්ධියක් තිබෙන කෙනෙක්ට මහායාන හා ථේරවාද දහමේ වෙනස වටහා ගැනීමට.
    ධර්ම සංඝායනා වලදී කැඩිල ගිය පිරිසක් තමයි මහායානය බිහිකරන්න මූලික වුනේ. මේ අය කිව්වා රහතුන් අසම්පූර්ණයි ඒ නිසා රහත්වීම සසර ගමන නැවැත්වීමට ක්‍රමය නොවේ කියල.
    ඒනිසා මේ සියලු දෙනා බුද්ධත්වයෙන් සසර ගමන නවත්වන්න ගමනක් ආරම්භ කලා. බුදු දහමේ මූලික හරයවත් මහායානයේ නැති බව අමුතුවෙන් පැහැදිලි කලයුතු නෑ.

    ReplyDelete
  3. "ධර්ම සංඝායනා වලදී කැඩිල ගිය පිරිසක්"
    යනුවෙන් අදහස් කලේ බුදුන් වහන්සේ වදාල ධර්මයට අනුකූල නොවන මත දැරූ චීවර ධාරීන්. මේක නිසා මේ කැඩී ගිය පිරිස රහතන් වහන්සේලා අසම්පූර්ණ බව කියමින් බුද්ධත්වය ලැබීමෙන් සසර ගමන කෙලවර කරන බව කියමින් තම පැවැත්ම තහවුරු කරගත්තා. ඔය ශූන්‍යතා වාද වලින් පලක් නෑ බුදුන්වහන්සේ දේශනා කර තිබෙන්නේ ලොවේ ඇති අනිත්‍ය, දුක්ඛ , අනාත්ම අවබෝධ කරගැනීමට වෙහෙසෙන ලෙසයි නැතිව ශූන්‍යතාවයක එල්ලී සිටීමට නොවේ.

    ReplyDelete
  4. @ kanishka dilshan

    Nodanna aganthuka dewal walata buraagena panina eka gothrika sirithak mahathmaya.maahayanaya naraka ekak kiyanne theravadi adipathiwaadaya athi kala mathayak.kanthawanta budu wenna behe kiyala theravadaye kiwwath hema dema shunya nam sthree purusha bhedayath shunyay kiyana padanama uda mahaayanaya eka piliganne nehe.mahaayanaya oba hithanawata wadaa geburui.yamak adyanaya nokara nikam kada panina eka hoda puruddak neme

    ReplyDelete
  5. ඔබ දැක්වූ කාරණාව මහායානය හා ථෙරවාදය අතර වෙනසක් විය හැකි වුවත් මේ දෙක අතර ඇති එකම වෙනස මෙය නොවේ. මහායානය බහු දේවවාදී ආගමක්. (අත්තටම තනි මහායානය කියා දෙයක් නැහැ. මේ ආගම් කුලකයක්.) ථෙරවාදය යම් ආගමික දර්ශනයකට දෙශපාලනමය අර්ථයක් ලබා දීමක්. මේ දෙකින් කවරක් පිරිසිදු බුදු දහමට වඩා කිට්ටුද මා දන්නේ නැහැ. මන්ද 'පිරිසිදු බුදු දහම' කියන්නේ මොකද්ද තියා ගෞතම බුදුන් උපන්නේ කොහිද කියාවත් අප නොදන්නා නිසා. අද අප බුදු දහමය කියා හිතන බොහෝ දේවල් පසු කාලීන නිර්මාණ.

    ReplyDelete
  6. @Anonymous
    දන්න දේකට බුරාගෙන නොපැනීම නොදන්න දේකට බුරාගෙන පැනීමක් ලෙසට පෙනීමයි මම හිතන විදියට ගෝත්‍රික සිරිත.
    හොඳයි ඇනෝනිමස් මහත්මයාම කියන්න බලන්න මහායාන දහමේ නිවන් අවබෝධ කරන්න පුලුවන් කියලා උගන්වන්නෙ බුද්ධත්වයෙන්ද? අරහත්වයෙන්ද? මේකට පිලිතුරක්

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. @Taboo Subjects
    බුදුන් වහන්සේ වදාල ධර්මය අවබෝධ කිරීමට බුදුන් වහන්සේ උපන් තැන ගැන වැදගත් කමක් නැහැ. මහායාන හා ථේරවාද වෙනස පැහැදිලි කරන්න බෑ ඕකවත් තේරුම්ගන්නෙ නැතුව. ප්‍රඤ්ඤාව කියාදෙයක් තියනවා නම් බුදුන් වදාල ධර්මය ස්පර්ශ කරන්න පුලුවන්. ප්‍රායෝගිකවම අත්දකින්න පුලුවන්.

    ReplyDelete
  9. @teedutulowa

    ස්තුතියි ඔබගේ පැමිනීමට...

    මහායානයේ විව්ධ වර්ධනයන් හා පාසල් පවතිනවා..මේ අය අතරත් විවිධ අදහස් නිර්වාණය ගැන පවතිනවා..එහෙත් ඔබ ලියා ඇති කාරණය බොහෝ මහයානිකයන් පිලිගන්නා බව මයියා කියවා තිබෙනවා

    මහායානිකයන්ට අනුව දුක නැති කිරීමේ මාර්ගය අනුගමනය කරන සියලු දෙනා ' බෝධිසත්වයන්' ලෙස අදුනා ගන්නවා...

    ඔවුන් අරහත් හෝ ඊට පෙර තත්වයන් වෙනුවට බෝදිසත්ව හ බුද්ධත්වය විශ්වාස කරනවා...කෙසේ නමුත් මහායානය හා ථේරවදය අතර වෙනස මෙවන් කරණා වලින් තේරුම් ගැනීමට අපහසුයි...

    නුවර පාරයි, ගාලු පාරයි කොලඹදී ඉතා කිට්ටුවෙන පැවතුනත්, නුවර සිට බලන්නෙකුට ගාලු පාර ඉතා දුරයි....මේ බෝදිසත්ව ස0කල්පය තුලින් මහායානය මොකක්ද කියලා තේරුම් ගැනීමත් නුවර සිට ගාලු පාර බලනවා වගේ වැඩක්....නමුත් නුවර පාර දිගේ කොලඹට ඇවිල්ල කොලඹ ඉද්ගේන ගාලු පාර බැලුවොත ඔයාට ඒක ල්ග වගේ පෙනේවී...

    මයියා මේ ලිපියෙන් ලියා ඇත්තේ මහායානය හා ථේරවාදය අතර 'මූලිකම' බේඅදීම ඇතිඋන තැනයි...ඒක හරියට කොලඹ ඉදගේන නුවර පාරයි, ගාලු පාරයි බලනවා වගේ වැඩක්..

    ReplyDelete
  10. @Kaniskha Dilshan

    කණිශ්කගේ පැමිනීමට ස්තුතියි...මහායානය හා ථේරවාදය අතර ඇති ප්‍රධාන වෙනස මොකක්ද කියලා කියන්න නම් , මයියා හිතන්නේ ඒක අපි ඒ ඒ මතවාදයන් හි සිටින ස්ථවරයන් අනුව වෙනස් වන බවයි...

    උදාහරණයක් ලෙස ගගක පහලින් වතුර බී, ගගේ මුල ,වතුර ගැන කීමට අපහසුයි...නමුත් ගග දිගේ ඉහලට ගමන් කලොත් ගග බෙදෙන හැටි, ගගේ වතුර වෙනස් වන හැටි ඉගෙනගත්ත ඇහැකි...ගගේ මුලටම ගියොත් එතැන වතුර , ගගේ පල්ලේහන් බිවිව වතුරට වඩා ගොඩක් වෙනස් බව තේරේවී...

    ශූන්‍යතා ස0කල්පය නාගර්ජුන හිමියන් ප්‍රමුකව ඇතිවන විට , එවකට ඉන්දියාවේ පැවතුනේ වර්තමාන ථේරවාදයට සමීප ස0කල්පයක්. නමුත් නාගර්ජුන හිමියන් බුද්ධ දේශනාව වඩ වඩා විශ්ලේශනය කිරීමේන් ශුන්‍යතා ස0කල්ප්ය ගොඩ නගා ඇති අතර, මහායානයේ මූලිකම සෛදාන්තික පදනමද මෙයම වෙනවා..

    මෙම අවදියෙදී ඉන්දියාවේ නාගර්ජුන හිමියන් ප්‍රමුඛ එම අදහස් (මහායාන බවට පත් වු) ප්‍රචලිත වූ අතර , එම මථ අතර ගැටුමේදී ථේරවාදීන් පසු බැස ගියා. ඉන්දියාවේ නාලාන්දා විශ්ව විද්‍යාලය මුලික කරගේන මෙම මහායාන අදහස් වර්ධනය උනා...ඉන්දියාවෙන් පසු බැස ගිය ථේරවාදීන් ල0කාව තමන්ගේ මූලික ස්ථානය බවට පත් කර ගත්තා. මහාවිහාරය යනු ඉන්දියාවේ මහායාන අදහස් වලට එරෙහිව ඇකඩමික් වශයෙන් වැඩ කල ආයතයයි. නමුත් ඇභයගිරිය ඉන්දියාවේ මහායාන අදහස් ල0කාවට කල බලපැම මොනවට කියා පානවා.

    ශූන්‍යතා වාදය ප්‍රතික්ශේප කිරීමට ඔබ ලියා ඇති පරිදි එය වැඩක් නැති බව කීම පමනක් අතැයි මයියා සිත්න්නේ නැ..එය 'විශ්වාසයක්' පමණයි.කෙසේ නමුත් මයියා ද ඔබ සිතන අකාරයටම , ශුන්‍යතාවාදය ජීවීතේ සදාතන සැපත ලගා කර ගැනීමට උදව් වෙන්වා කියලා 'විශ්වාස' කරන්නේ නැ..

    කෙසේ නමුත් ඔබ ශුන්‍යතා වාදය ට අභියෝග කරන්නේ නම් එය තර්කයක් වශයෙන් ප්‍රතික්ශේප කල යුතුයි යන්න මයියා ගේ හගීමයි..නමුත් මයියා ද එකග වන පරිදි ඒ සදාහා කාලය මිඩ0ගු කීරීම ඔබගේත්, මයියාගේත් විශ්වාසයන් පිලිබද ප්‍රශ්ණයක්...ඔබ මෙන්ම මයියා ත් මේ සදහා කාලය මිඩ0ගු කිරීමට කැමති නැ..නමුත් ශුන්‍යතාවාදය ඉගෙනගැනීමට එය බාධාවක් නොවන බව මයියා ගේ හැගීමයි


    කෙසේ නමුත් මයියා දන්නා අකාරයට ශුන්‍යතාවාදය තර්කයක් ලෙස තවම 100% ප්‍රතික්ශේප වී නැ.

    ReplyDelete
  11. @ ඇනොනිමස්

    ඔබගේ පැමිණීමට ස්තුතියි. ඔබ දක්වා ඇති පරිදි මහායාන්ය ගැඹුරු විශයක් බව මයියා පිලිගන්නවා.

    ReplyDelete
  12. @ taboo subjects

    ඔබ ගේ පැමීනිමට ස්තුතියි.

    ටැබු නිවැරදිව දක්වා ඇති පරිදි, මහායානය හා ථේරවාදය අතර පවතින එකම වෙනස මෙම 'යථාර්තය' පිලිබද ගැටුම පමනන් නොවේ. නමුත් මයියා මීට උඩ ක්මෙන්ට් මගින් විස්තර කර ඇති පරිදි, මෙම බෙදීම ඇතිවීමට මූලිකව බල පාපු, මූලිකම කරුණ පමනක් මයියා ලිපියට පාදක කරගෙන තියෙනවා.

    කෙසේ නමුත් මහායානවාදීන් තමන් කිසිවිටෙක පිරිසිදු බුදුදහකමක් අදහන බවක් පවසන්නේ නැ. නමුත් ථේරවාදීන් මේ බව තමන්ගේ විශේෂත්වය විදිහට දක්වනවා...කෙසේ නමුත් මයියා ට 'පටිච්ච සමුප්පාදය' බුදුදහම තේරුම ගැනීමට හා එහි විශිඨතවය තේරුම් ගැනීමට ප්‍රමාණවත්..ඒ නිසා පිරිසිදු බුදුදමක් පවතීද යන්නවත් මයියා ඒතරම් ප්‍රශ්ණයක් ලේස සලකන්නේ නැ..

    ථේරවාදය යනු ආගමකට , දේශපාලන මුහුනුවරක් දීමක් යයි ඔබ ලියාඅ තිබුනා...

    ල0කාවේදී රාජ්‍යත්වය හා බුදු දහම එකට බැදීතිබුනු අතර රජවරුන් පුටුවලින් විසි වී යැමට පවා, මහාවිහාර හෝ අභයගිරි බලපැම ප්‍රබල උන් අවස්තා තිබෙනවා..මේ අර්තයෙන් පුරාණ ලා0කික සම්මජය තුල ථේරවාදය තුල, දේශපාලනයක් මයියා දකින මුත්, ථේරවාදය හුදු දේශපාලන හා ආගම අතර එකතු වීමකට ලඝු කිරීමට මයියා ඒතරම් කැමැත්තක් නැ..

    ReplyDelete
  13. මම නං මේ ගැන මෙලෝ හසරක් නොදනිමි.. දැන ගැනීමට කැමැත්තෙමි.. කතිකාවතක් ඇතිකිරීමට මයියා ගත් මුල් පියවර බෙහෙවින් අගේ කරමි... ජයවේවා...

    ReplyDelete
  14. මහායානය පිළිගන්නා අය බුදු කෙනෙක් දැක නිවන් දකින්න අරමුණුකරගෙන සංසර පැවතින්න උත්සහා කරන පිරිසක් බවත්, ථෙරවාදය පිලිගන්න අය සසරෙ තම්න් ඉන්න තැනදිම නිවන් දකින්න හැකි බව පිළීගන්නා බව තමයි මම අහලා තියන්නෙ. කොහොම උනත් අශොක රජුරුවන්ගෙන් සියවස් දෙක තුනකට පස්සෙ ඉන්දියාවෙ කොහෙදිවත් ඉතුරු වුණෙ නැහැ නෙද ථෙරවාදය. බෞද්ධ ධර්ම විශාල ලෙස පරිහරණය කල තැන් වලත් ගොඩක් පිටින් ආපු සිසුන් තමයි හිටියා කියලා අහලා තියන්නෙ. ගුප්ත රජවංශය ඉන්දියාවෙ පාලනය කරන සමයෙදිත් මහායානය තමයි වටෙ පිටෙ ඉදන් ඇණ තියා ගන්න ඉන්දියාවට ආපු ගොත්‍රිකයින් පිලිගත්තෙ. මට නම් තෙරුණු විදියට, මහායනය දුර්වලයි, දේව සංකල්පයට තර්ජනයක් එල්ල කරහැකියි. එකයි ගුප්ත රජවංශයෙන් පස්සෙ බුදු දහම විශාල ලෙස ඉන්දියාවෙන් අතුරුදහන් වෙන්නෙ කියලයි මම අහලා තියන්නෙ. අපෙ රටෙ ථෙරවාදයයි කිව්වට එවා පොත් වල පමණක් තිබෙන දෙවල් බව මට දැනෙන්නෙ. අපෙ ගොඩක් මිනිස්සු බොධිය ගාවට ගිහින් ලෙඩ සුව වෙන්නයි, අරවයි මෙවයි ඉල්ල ඉල්ල පුජා පවත්වනවා මිසක් තමන්ගෙ ප්‍රතිපත්ති ගැන සලකන්නෙ නැහැ. බොධියෙන් හම්බ වුණෙ නැත්තම්, කතරගම යනවා.

    ReplyDelete
  15. @ වැම්පයර්..

    වැම්පයර් ගේ පැමිණීමට ගොඩක් ස්තුතියි..

    මේ ලිපිය මගින් කිසියම් හෝ ප්‍රයෝජනයක් ඇත්නම් මයියා ඊට හරි කැමතියි..

    ReplyDelete
  16. @ රවා...

    ම්ම්ම්ම් ... රවා ත් මයියා මුල් ක්මෙන්ටුවෙන් විස්තර කර ඇති පරිදි නුවරට ගොස් ගාලු පාර දිහා බලනවයි කියලයි මයියට හිතෙන්නේ.. ඒ වෙනුවට කොලඹට ඇවිත් ගාලු පාර දිහා බැලුවොත්, ගාලු පාරයි , නුවර පාරයි අතර ඇත්තේ රවා අදහස් කරන තරම් දුරක් නොවෙන බව පෙනේවී..

    කෙසේ නමුත් ඉන්දියාවෙන් ථේරවාදය ඇතු ගැවී යැමට බලපැවේ මහායානයයි..නමුත් ඉන්පසු යුගයේදී හින්දු ආගමේ ඇතිවූ ආගමික පුනරුදයත් සමග, එයට මුහුන දීමට මහායානයට හැකි උනේ නැ..

    මහායනයේ මුලික ස්0කල්ප නාගර්ජුන හිමියන්ගේ අදහස් වලින් ආරම්භ් උනත් , වර්තමාන ථේරවාදය මෙන්ම මෙයත් මුලීක සෛදාන්තික සීමා වලින් ඔබ්බට ගොස් , රවා කිය්න අකාරයට පුජා ක්‍රම වලට ( ආමිෂ?) පනණක් සීමා වී ඇති බවක් පෙනෙනවා..

    ReplyDelete
  17. @මයියා
    /*වර්තමාන ථේරවාදය මෙන්ම මෙයත් මුලීක සෛදාන්තික සීමා වලින් ඔබ්බට ගොස් , රවා කිය්න අකාරයට පුජා ක්‍රම වලට ( ආමිෂ?) පනණක් සීමා වී ඇති බවක් පෙනෙනවා*/
    මේකෙන් ඔබ කියන්න හදන්නේ ථේරවාදය ආමිෂයට පමණක් සීමා වී ඇති බව සහ ථේරවාදය මූලික සෛද්ධාන්තික සීමා වලින් ඔබ්බට ගොස් ඇති බවද? එසේනම් කරුණාකර ඊට හේතු සාධක ඉදිරිපත් කරන්න.

    ReplyDelete
  18. @ කණිෂ්ක ඩිල්ෂාන්

    ස්තුතියි ඔබගෙ විමසිලිමත්භාවයට.

    මයියා මෙයින් අදහස් කර ඇත්තේ ථෙරවාදය යැයි කියාගන්නා වර්තමාන ලාOකික බෞද්ධ සමාජය පිලිබදවයි, ඉහත ප්‍රකාශය රවා ගේ කමෙන්ටුවත් සම්ග කියැවිය යුත්තක් අතර, මයියා ගේ ක්මෙන්ටුව පමණක් කියැවීමේදී වැරදි රුපයක් මවනවා. කේසේ නමුත් මයියා ගේ කමෙන්ටුවේ 'වර්තමාන ථේරවාදය' වෙනුවට 'වර්තමාන ථේරවාද ලා0කික සමාජය' යනුවෙන් වෙනස් විය යුතු බවත් මයියා අද්හස් කලේ එවැන්නක් බවත් කාරුණිකව පවසනවා..

    ඉහත අඩුපාඩුව පෙන්වා දුන් ක්ණිශ්කට මයියා ගේ ස්තුතිය..

    ReplyDelete
  19. සංවාදයට යමක් එකතු කරන්න කැමතියි.

    මහායාන ධර්මය ගැන බෞද්ධ ධර්මාචාර්ය විභාගය සඳහා සකස් කරපු බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය පොතේ දක්වලා තියෙන්නේ මේ විදිහට.

    මහායාන බුදු සමය ප්‍රධාන ලක්ෂණ 7 ක් යටතේ දැක්විය හැකියි. නමුත් ඒවා සියළුම මහායාන නිකායන්ට පොදූ නොවන්නට පුලුවන්

    1. බොධිසත්ව සංකල්පය දැඩිව අවධාරණය කිරීම. සෑම අයෙක්ම බොධිසත්වයෙක් ලෙස සැලකීම

    2. ථේරවාදී සම්ප්‍රදායේ දක්වන පළමුව තමාගේ විමුක්තිය සලසා ගතයුතුය යන අදහසට නොව සැමවිටම ලෝකයාගේ හිතසුව පිණිස කටයුතු කල යුතු බව දැක්වීම.

    3. රහත් බෝධිය පහත් කොට සලසා බුද්ධත්වයෙන්ම විමුක්තිය දැකීමට කටයුතු කිරීම.

    4. බුද්ධ සොබාවය හෙවත් නිර්වාණය වේදාන්තවල ඉගැන්වෙන බ්‍රහ්මන් හා සමාන වන ස්වරූපයකින් ඉගැන්වීම.

    5.සංස්කෘතයෙන් ලියවුණු ත්‍රිපියකයක් භාවිතා කරන අතර ප්‍රඥා පාරමිතා සූත්‍රය වැනි ඒවායේ ඉගැන්වීම්වල වැඩි අවධානය යොමු කිරිම

    6. ප්‍රතිමා වන්දනාව, චෛත්‍ය වන්දනාව වැනි විචිත්‍රත්වයෙන් යුතු පුද පූජා අනුගමනය කිරීම

    7. අමිතාභ බුදුන් කෙරෙහි වැඩි අවධානය දක්වමින් නමෝ අමිද බුත්සු පාඨය කීමෙන් විමුක්තිය ලබා ගත හැකි යැයි විශ්වාස කිරීම.

    මේ කරුණු ගැනත් මහායානය ගැන දන්න අය අදහස් දක්වන්න. ඒක හැමෝගේම දැනුම පිණිස හේතු වේවි

    ReplyDelete
  20. කරුණාකරලා මොරටුවේ සාසනරතන හාමුදුරුවෝ ලියපු ලක්දිව මහායාන අදහස් හා අත්තුඩාවේ රාහුල හාමුදුරුවො ලියපු මහායානය පොත් දෙක වත් කියවන්න. කණිශ්ක ඩිල්ශාන් වගේ ගොං තකතීරු විදිහට යමක් දිහා බැලීම ඉතා නිහීනයි. ඉහත උගත් හාමුදුරුවරු මහායානය ගැන වැදගත් විදිහට හා තුලනාත්මකව ලියලා තියෙනවා.

    ReplyDelete
  21. හසිත ගේ හා ඇනොනිමස් ගේ කමෙන්ටුවට ස්තුතියි, මයියා ඉතා කාර්‍යබහුලව ඇති නිස ඔබලාට විස්තරාත්මක උත්තරයක් මයියා පසුවට ලිවීමට උත්සහා කරනවා

    ReplyDelete
  22. සමිමුතිය පරමාර්ථය තේරැමි කරන්න පුළුන් අය අඩු රටක වැඩි කල් යන්න කලින් හිනයානය යටපත් වෙලා මහායානය මතු වෙනවා. ඒකට හොදම උදාහරනය මරදානේ ගොඩගේ පොත් සැලේ බෞද්ධ පොත් අංශයෙන් හොයා ගන්න පුළුවන්. බුදු රජානනවහන්සේ අනන්ත අප්‍රමාන දුකක් විදලා නිර්වානය තමන්වහන්සේ විසින්ම අවබෝධකර අන් සත්ත්වයන්ට එය දේශනා කලේ මිනිස්සුන්ට හොදට කාලා ඇදලා අඹුදරැවෝ පෝෂනය කරන විදිය කියාල දෙන්න නොවන බවත්, පන්සිල් පද 05ක් දේශනාකරන්න නොවන බවත්, කාලින බුදු බණ කියන ඒවායි, එක එක හාමුදුරැවන්ගේ සුභාරංචි සංහෝධනයන් මගින් මුදල් ඉපයිමෙ මාර්ගයක් තනා දෙන්න නොවෙ කියන බවයි තේරැමි යන බෞද්ධයෙක්ට මහායානයද හිනයානයද (ථෙරවාදයද) නිවැරදි යන්න තේරැමි ගන්න පුලුවන්. බුදුරජානන්වහන්සේ විසින්ම දේශිත පරිදි සතර මහෝපදේශයන්ට අනුව සිතා බැලිමෙන් මහායානය කිසිදු සැකයකින් තොරව නුවනැත්තෙකට බැහැර කිරිමට හැකිවනු ඇතැයි මම සිතමි. කියවන්න මහෝපදේශ සුත්‍රය, මහා පරිනිර්වාන සුත්‍රය

    ReplyDelete
  23. @ තනුජ

    ස්තුතියි ඔබගේ පැමිණීමට හා අදහස් දැක්වීමට..මයියා තනුජ ගේ අදහස් දැක්වීම දකින්නෙ ගොඩක් පරක්කු වෙලා..

    මයියා ඔබගේ ගොඩක් කාරණා සම්භන්දයෙන් එකගයි. එනමුත් අවසාන වාක්‍ය පිලිබදව නම් මයියා ට ගැටලුවක් තියෙනවා..තනුජ සදහන් කරන අකාරයට මහායානය ප්‍රතික්ශේප කිරීමට නුවනැත්තෙකුට ඉතා පහසු බව කියැවෙනවා..මහායානයේ එන බොහෝ පුජා ක්‍රම, බුද්ධත්වය පිලිබද මතිමතාන්තර ආදියට නම් මේය ගැලපෙනවා ..නමුත් මහායානයේ දැක්වෙන ශුණ්යතා සOකල්පය එසේ සරලව ප්‍රතිකෙශේප කිරීමට පුලුවන්දැයි මයා ගැටලුවක් තියෙනවා... මයියා දාන්න විදිහට තවම කොතැනකදීවත් මෙය තාර්කිකව ප්‍රතික්ශේප වී නැ ( මේ සදහ උත්සහයක් වරෙක නලිඳ සිල්වා මහත විසින් දරා තිබුනා) ...කෙසේ නමුත් මයියා මේය දකින්නේ විශ්වාශයන් පිලිබද ප්‍රශ්ණයක් ලේසය...මේය තර්කනයෙන් පැහැදිලි කල නොහැක්කක් ලේසය

    ReplyDelete
  24. ඔන්න මහායානිකයන් පිරිසක් මේ දවස් වල ගාල්ලේ පුරහලේ ගෞතම බුදුන් වහන්සේට දේශනා කරන්න අමතක උනා යයි කියන සූත්‍රයක් කියාදෙනවලු!
    කියාදෙන්නේ ජප කර කර!
    මහායාන ලැදි සැවොම එහි යත්වා, ගොස් ඔලුවට මැටි පුරවන් එත්වා!!!

    බුදු සසුනේ අවසානය සිදුවන අයුරැ බුදු දහමින් ප්‍රකාශිත අනාගත ලොකයේ තතු 07 කොටස

    ReplyDelete
  25. @ කණිශක

    ඔබගේ තොරතුරට බොහොම ස්තුතියි..

    ස0යුක්ත නිකායේ, ඕපම්ම වග්ගයේ එන ආණි සුත්‍රය පිලිබද ව ඔබගේ අදහස් දැනගනීමට සතුටුයි..එය ඔබගේ කොමෙන්ටුව හා සම්භන්ද නිසයි මයියා මේසේ අසන්නේ...

    පුලුවන්නම් මේ වෙබ් සයිටයටත් යන්න..
    http://radbud.wordpress.com/2010/11/10/mahagamasekera-emptiness-poem/

    ReplyDelete
  26. සූත්‍ර දේශනාව කියවා බැලුවා.
    රැඩිකල් බෞද්ධයා කියල කියාගන්න කෙනා ගැන මට ගැටලු තියනවා. ඔහු සිංහලයට පරිවර්ථනය කර තිබෙන දේ නොවෙයිනේ සූත්‍ර දේශනාවේ තියෙන්නේ."subtle meaning" කියන්නේ ශූන්‍යතාවය කියන එකටද?

    කොහොම උනත් මේ යුගයේ බුදුන් වහන්සේ වදාල ගැඹුරු දේශනා ශ්‍රාවකයන්ට අසන්නට ලැබෙනවා. උදාහරණයක් ලෙස සතිපට්ඨානය, සෘද්ධි පාද වැනි සෘජුවම නිවනට මග පෙන්වන උතුම් දේශනා පෙන්විය හැකියි.

    මට තේරෙන අන්දමට එම අභාග්‍ය සම්පන්න යුගය තවම උදාවෙලා නෑ. තවමත් බුදු සසුන බබලන යුගයකයි අපි ඉන්නේ.

    (metta.lk හි ඇති)ආණි සූත්‍රය මෙතනින් කියවන්න
    Ani Sutta

    ReplyDelete
  27. ශූන්‍යතාව ගැන DhammaMedicine හි සඳහන් වන මෙම ලිපියත් කියවා බලන්න
    Click Here

    ReplyDelete
  28. @ කණිශ්ක

    ඔබ මයියා යොමු කල ලින්ක් එකට ගොස් ඇති බව පෙනුනත් එහි ඇති කොමෙන්ටු කියවා නැතැයි මයියාට හිතෙනවා.

    ඔබ සදහන් කර ඇති ලින්කයේ ඉOග්‍රීසි පරිවර්තනය ගැන මෙහිදී සාකච්චා වෙනවා..කෙසෙ නමුත් මැත්කදී ලියැවුනු ඉOඩ්‍රිසී පර්වර්තනයක් ගැන විශ්ලේශනය කරනවාට වඩා , 100% විශ්වාස සහගත නොවුනත් එහි පාලි මුලශ්‍රය ඇසුරින් එම සුත්‍රය තේරුම් ගැනිම වඩා විශ්වාස බවයි මයියා ගේ අදහස.

    මෙම සුත්‍රය ගැන මයියා තවත් අධ්‍යනය කරන බැවින් සුත්‍රය සදහා ඔබගේ කියැවීමක් ඇත්නම් එය රැසඩිකල් බෞධයගේ පෝඅස්ට්යේම සටහන් කොලොත් වඩා පලදායි වන බව මයියා ගේ හැගීමයි...

    ReplyDelete
  29. @ දහම් ඔසු

    ඔබගේ පැමිණීමට හා ලින්කයට ස්තුතියි. මයියා එම ලිපිය කියවනු ලැබුවා.

    මයියා මෙම ලිපිය මගින් ථේරවාදය හා මහායානය අතර ශූන්‍යතාවය පිලිබද ව පවතින වෙනස් කම වඩා ලිහිල් බසකින් උදාහරනයක් මගින පැහැදිලි කිරීමකට උත්සහ දරනවා.

    ඔබ සදහන් කර ඇති ලිපිය මගින් සූත්‍ර දේශනා වල සිOහල පරිවර්තනයක් එලෙසින්ම යොදා ( ථේරවාද?) ශුන්‍යතවය පැහැදිලි කිරීමකට උතසහයක් දරා තිබෙන බවයි මයියා ගේ හැගීම.

    ReplyDelete
  30. මහායාන ධර්මය - ප්‍රභවය
    http://maiyyagelokaya.blogspot.com/2010/09/blog-post.html

    ReplyDelete
  31. සමාවන්න ඉහත ලින්ක් එක වැරදීමකින් සඳහන් විය.
    මෙන්න නිවැරදි ලින්ක් එක

    මහායාන බුද්ධ ධර්මය - ප්‍රභවය
    http://nandawimala.blogspot.com/2010/08/blog-post_722.html

    ReplyDelete
  32. @ ඇනොන්ය්මොඋස්

    ස්තුතියි ඔබගේ පැමිනීමට හා යොමු කිරීමට. මයියා ඒම ලිපිය මේ දන් කියවනු ලැබුවා. එම ලිපිය ගැන මයියා ගේ අදහස නම් එය ථේරවාදී පාර්ශවයේ පැත්තේන් ලියපු ලිපියක් බවයි.( පොඩ්ඩක් නික0 පාලු ගෙදර වලO බිදින් ගතියක් තිබුනා). එහි ශුන්‍යතා දර්ශනය ගන සදහන් වී තිබුනත් තාර්කිකව එය ප්‍රතික්ශේප කිරීමට වැඩ දායි දේයක් ඇත්තේ නැ.
    ශූන්‍යතා දර්ශනය තෑකානුකූලවම පරදා ඇති තැනක් දැක්කොත් මයියා ට ඒ ගැන දන්වන්න අමතක කරන්න ඒපා.

    ස්තූතියි..

    ReplyDelete
  33. මෙම සංවාදයෙන් ගොඩක් දේ ඉගෙන ගත්ත. ස්තුතියි! මහායානය සහ ථෙරවාදය අතර වෙනස නම් මම හරියාකරව දැනසිටියේ නැහැ. එනමුත් එබ්‍රහමික ආගම් සහ එබ්‍රහමික නොවන ආගම් අතර වෙනස යන්තමින් දැනසිටිය. එමනිසා ලංකාවේ දැනට පවතින බුද්ධාගම යනු එබ්‍රහමික බුද්ධාගමක් ලෙස මට පෙනුනා. මට හිතෙන හැටි වැඩිදුරටත් මෙතැනින්

    එබ්‍රහමික බුද්ධාගම

    ReplyDelete
  34. @ රිටිගල ජයසේන

    මයියා දන්න කියන ආගම්, දර්ශන සලකලා බැලුවම, නිදහස් චින්තනයට, ගවේශණයට වැඩිපුරම රුකුල් දෙන දර්ශනය බුදුදහමයි. ඇත්තටම බුදුහාමුදුරුවන් යනු ලොව පහල වූ ශ්‍රේෂ්ඨතම නිදහස් චින්තකයා යනු මයියා ගේ විශ්වාසයයි.
    ඒතුමා සමකාලීන බොහෝ විශ්වාසයන් බොහොමකට එක එල්ලේ නිවැරදි අකාරයේ අභියෝගයක් එල්ල කල අතර සමහරක් ඇතැම් විශ්වාස සOකල්ප තම දර්ශනයට පවා ඇතුලත් කලා.ඒ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රේෂ්ටත්වයයි.
    මෙසේ නිදහස් චින්තනයට, ගවේශණයට , කපා කොටා බැලීමට තම ධර්මය විවර කිරීමට බුදුහාමුදුරුවන්ට හැකි වූයේ , එම ධර්මයේ තිබූ පැහැදිලිතාවය නිසාමයි..ඒ නිසා කොතරම් වෙනස් කිරීම් , ආදේශ කිරීම් , අලුත් විවරන ධර්මයට එකතු කලත් , පටිච්ච සමුප්පාදය හමුවේ මේ සියලු දුර්මත හිරු දුටු පිණි බිදු සේ වියලී යනවා..
    කේසේ නමුත් නාගර්ජුන හිමියන් වෙනස් කලේ ( මයියා ගේ විශ්වාසයයි) මේ පටිච්ච සමුප්පාදයමයි. හරියටම මිනිහෙක්ගේ බෙල්ලෙන්ම ඇල්ලුවා වගෙයි. මේ ග්‍රහනයෙන් මිදෙන්න ථේරවාදීන් ට ( මයියා පටිච්ච සමුප්පදය සම්භ්න්ද තේරවාදී අර්ථ දක්වීම පිලිගනී) තවම හරියා කාරව නොහැකී වී ඇති බවක් පෙනෙනවා .ඒ ශූන්‍යතාවාදය තර්කානූකූලව ප්‍රතික්ශේප කිරීමට නොහකි වීමේන් ..

    කේසේ නමුත් ශූන්‍යතාවය තර්කානූකුලව ප්‍රතිශේප කිරීමට දරන වැයමත්, ලෝඅකයේ හට ගත්තේ කොහොමද කියන ප්‍රශනයත් දෙකම එකම කැටගරි ඒකේ ප්‍රශ්ණ බවයි මයියා ට හිතෙන්නේ .ගිනිගොඩින් එලියට පනිනවා විනා, ගිනි ගොඩ ඇති කලේ කවුද,කවදාද කියන ප්‍රශ්නේ එතරම් වැදගත් නැතිවා වගෙයි..ඇට්ටේරියා කැලේදී බුදුහාමුදුරුවන් දේශානා කරපු දේයත් මේ වේලාවේ මයියට සිහියට එනවා..

    බුදුදහමේ නිදහස් චින්තනයට මේතරම් උදාහරන තියෙද්දී , දරදඩු නීතී, නිදහස් චින්තනය සීමා කිරීම් මගින් බුදුදහම ර්‍රැකගැන්මට යැයි කියා ඇතැම් පුද්ගලයන් දරන උත්සහයන් මයියා ගේ අනුකම්පාවට ලක් වෙනවා..

    රිටිගල ජයසේනයන් තම ලිපියේන් මතු කර ඇති එම කාරණාවට මයියා එකග වෙනවා, බුදුදමේ වර්තමාන සමාජයේ දැක්වෙන මෙවන් කරුනු කීපයක් ඔබ ලිපියෙන් ඉස්මතු කිරීමට උත්සහ දරා ඇතිබව පේනවා..

    ස්තුතියි ඔබගේ පැමිනීමට

    ReplyDelete
  35. "මහායානවාදීන් මේ ප්‍රශ්ණයේදී මේහි පුටුවක් නොමැති බවත් ඇත්තේ ශූන්‍යතාවය බවත් කි‍යවෙනවා. මහායාන වාදීන් ට අනුව සියලු දේ මනසේ නිර්මාණයන්....... නමුත් ථේරවාදීන් මෙහිදී පුටුවක් භෞතිකව ඇති බව පිලි ගන්නා අතර එහි පැවැත්ම වෙනස් වන බව පිලිගන්නවා."

    මයියාණෙනි,
    පමාවී අදහස් දැක්වීම ගැන කමාව අයදිමි. ථෙරවාදීන්ගේ මතය මෙහි හරිහැටි නිරූපණය වී නෑ නෙවද? ඔවුනගේ මතයට අනුව පුටු ආදී දෑ සත්‍යවශයෙන් නොපවතින නමුත් පුටුව අවසාන වශයෙන් ගත් කළ රූප පරමාර්ථ ධර්මදක්වා බෙදන්න පුළුවන්. මේ පරමාර්ථ ධර්ම තමා පවතින බවට ඔවුන් නිගමනය කර ඇත්තේ.

    ReplyDelete
  36. @පොඩිගමයා

    ලිපිය ලියා කාලයක් ගත වි ඇති වී නමුත් එය කියවාබලා ලියා ඇති පොඩිගමයා ගේ අදහසට ස්තූතියි.
    ථේරවාදී බුදුදහමේ චිත්ත, චිතක්ෂන, රූප හා නිවන යනුවෙන් පරමාර්ථ සතරක් ගැන විස්තර වෙන්වා. මෙහි පරමාර්ථ ලෙස විස්තර වන්නේ මනස ට ගොචර නොවෙන හෝ මනසට ගොචර වන කුඩාම ධර්මතාවය ලෙස සැලකෙනවා, ඒ අනුව රූප පරමාර්ථය ලෙස විස්තර වන්නේ මනසට අනිත් ඉන්ද්‍රිය අධාරයද ඇතිව ගත හැකි කුඩාම ධර්මතාවයයි.පු‍ටුව ක පැවතම ගැන කථා කිරීමේදී ථේරාවදීන් ඔබ ලියා ඇති අන්දමටම ඇතිවී නැතිවී යන ධර්ම අනුක්‍රමයක් විස්තර කරනවා. මේ අනුක්‍රමයේ කෙලවර වන්නේ රූප පරමාර්ථයයි.මේසේ රූප පරමාර්ථය පිලිගැනීම යනු රූප පරමාර්තය යනුවෙන් යථාර්තයක් ඇතිබව පිලිගැනීමයි, මෙය ආත්මවාදී බව බොහෝ ථේරවාදී විවේචකයන්ගේ මතයයි.
    තවද පැවසිය යුතු තවත් කරුනක් වන්නේ ඉහත තර්ක ද නාගර්ජුන හිමියන්ගේ තර්ක කිරීම හමුවේ මහාවිහාරය මුල් කරගත් ථේරවාදී භික්ෂුන්ගේ නිර්මාණ බවයි.
    කෙසේ නමුත් මෙම ලිපියේ අරමුන වූයේ ඉතා සරලව මෙම මහායාන ථේරවාද න්‍යායත්මක වෙනස පැහැදිලි කිරීමයි. මේ සදහා නාගර්ජුන හිමියන්ගේ මූලමධ්‍යාකරන සූත්‍ර ඉදිරිපත් වීමට පෙර බුදුදහමේ රූපය පිලිබදව අදහස ථේරවාදී ලෙස ඉදිරිපත් කරනවා.නමුත් ඇත්ත කාරනාව නම් ථේරවාදීන් ලේස වනම බිහිවන්නේත්, අභිධරමය ලේස වෙනම ලියැවෙන්නේත් නාගර්ජුන හිමියන්ගේ ශූන්‍යතා සංකල්පයට පිලිතුරු ලෙස බවයි.
    ඉහත කාරනා සියලු දේ මේලිපියේ අන්තර්ගත කලා නම් , මුල් ලිපියේ අරමුන වූ සරලව මහායාන ථේරවාදී වෙනස පැහැදිලි කිරීම සාර්තක නොවන බව මයියා ගේ හැගීමයි.

    ReplyDelete
  37. තෙරුවන් සරණයි!
    මහායානය පිළිබඳව ඉහතින් අප විසින් දක්වන ලද ප්‍රතිචාරය මඟින් වැරදි අරුතක් නැගෙන බැවි ගැඝියන ලද හෙයින් මෙය ලියා දක්වමි. අවිවාදාත්මකව මහායානින ඉතාමත් විශිශ්ඨ භාවනා ක්‍රම පවතිනවා. හීනයානිකව පරපුරෙන් පරපුරට උරැමකරගෙන එන ලද ග්‍රන්තයන්ගෙන් විශාල ප්‍රමාණයක් අභාවයට යෑම මත. භාවනා ක්‍රම අතරින් කිහිපයක් පමණයි පොත් පත් වල ඇතිතේ. එයත් සාමාණ්‍ය අයෙකුට සොයාගත නොහැකි ආකාරයෙන්. භාවනාවන් පිළිබඳව උසස් අත් දැකිමක් ලැබු අයෙකුට පමණයි මේ කියන්නේ මෙකය කියලා තේරැමි ගන්න්ට පුළුවන්.

    නමුත් මහායානික භාවනා ක්‍රම පිළිබඳව නුතන බෞද්ධයන් උනන්දුවීම හොදයි. සමිප්‍රදායේම එල්ලෙන්නේ නැතිව. නමුත් මහායානික ප්‍රජා ක්‍රම හා වත් පිළිවෙත්. ආදියත් ඔවුන් විසින් ත්‍රිපිටකයේ කොටස් ඉවත හේලිමක් දකින්නට පුළුවන්. එබැවින් මහායානය ප්‍රතික්ශේප කල යුතු බවයි අප අදහස් කලේ. මහායාන හෝ වේවා ථේරවාද හෝ වේවා. වෙන් කුමන හෝ ආකාරයකින් නිවන සාක්ෂාත් කරන්නට පුළුවන් නමි එය ඉතා වැදගත් වනවා.
    වැරදි අදහස ඉවත් වන්නට ඇතැයි සිතනවා.
    තෙරැවන් සරණයි!

    ReplyDelete
  38. පලවෙනි වතාවට ඔබගේ ලිපියක් කියෙව්වා.... හුඟක් වටිනා blog එකක්..... බුදු සරණයි!!!

    ReplyDelete

2222