Wednesday 4 August 2010

කාරය දී ගෑණි ගැනීම හෙවත් වර්ථමාන ඉගුරු දී මිරිස් ගැනීම

මයියාට අයියෙක් හෝ මල්ලියෙක් නැත. ඉන්නේ එකම එක අක්කා කෙනෙක් පමණකි. ඒ කෙසේ උනත් මයියා තමා සමග එක බඩවැල කඩාගෙන ආ අක්කාට වඩා වැඩියෙන් සමීප අක්කා ගේ හබී හෙවත් අක්කා ගේ ස්වාම්පුරුශයා සමගය. නෑකම්ට ඔහු මයියා ගේ මස්සිනාය..මයියා ට නම් ඔහුගේම අයියා ය.

මයියා හට පෙරදිනකදී ඔහු නියම උපදෙසක් දුන්නේ ය,

ඔහුගේම වචන වලින් එය කියනවානම්...

"මල්ලී, ගැණියෙක් ගන්නවයි කියන එකයි , කාරේකක් ගන්නවයි කියන එකයි දෙකම මනුස්ස්යෙක්ගේ ජීවීතේ වැදගත් දේවල්....මේ දෙකම හොයලා බලලා කලේ නැත්නම් පස්සේ ලෙඩ දෙන්න ගන්නවා.."

අයියා මයියාට මේ කථාව කිව්වේ ලOකාවේ ගැනු හා ලOකාවේ කාර් මාර්කට් එක ගැන හිතාගේනය,,,
කෙසේ නමුත් අයියා ගේ කටේ මසුරන් දමන්න වටිනවාය..මන්ද මයියා ගේ ඉන්ටර්නැශනල් අත්දැකීම අනුව මේ කථාව අපගේ කුඩා අඹ ගෙඩියට පමණක් නොව මුලු ලෝකයට හරි යන බව මයියාට තේරුම් යන නිසාය.

උදාහරණයක් ගමු..මැදපෙරදිග රටක් ගැන...මේ රටවල කාර් ලාබය, එක පුද්ගලයාට කාර් දෙක තුනක් හෝ ඊට වඩා ද ඇත්තේය. මේ රටවල සිටින පිරිමින්ට ඇති ගැනු ගණනද ඒ වගේය. කාර් එකකට හිත ගියොත් එය මිලදී ගෙන ගෙදර ගෙනෙනවා වගේ ගැනියෙකුට හිත ගියොත් ඒ ගැනි ව ගෙදර ගෙනත් තබා ගැනීමට මේ රටවල පුද්ගලයින් මැලි වීමක් නැත..

දැන් යුරෝපීය හෝ ඇමරිකාව දෙස බලමු. මේ රටවල මිනිසුන් හට කාරයක් ගැනීම ඉතා පහසුය. හොද කාරෙකක් දැක්කොත් ගන්නට මැලි වෙන්නේ නැත. නමුත් පසුව ටික කාලයකට පසු ඊට වඩා වෙනත් හොද කාරේකක් දක්කොත් හෝ වෙනසකට වෙනත් කාරෙකක් පදවන්නට හිතුනොත් හෝ, අර පරණ කාරය විසි කරදමා අලුත් කාරයකට යැමට මොවුන් රුසියෝය. මොවුන් ගේ ගැනු ගැනීමද මීට දෙවැනි නැත. අද ගැනියෙක් ගත්ත උනත් පහු වෙනිදාට ඇය හොදනැති උනොත් ඇයව ඩිවෝස් කර දමා නව සම්භන්දතාවක් පටන් ගැනීමට තරම් මොවුන් දියුණුය/නොදුයුණුය

ලOකාව ගැන කතා කරන්න ගියොත් ඉතින් බහුතරයක් කාර් මිලදී ගත්තාට පසු ලෙඩ දෙන ඒවාය, එසේ උනත් අලුත්වැඩියා කර හෝ ගත්ත කාර් එක සමගම හැප්පීම අපගේ සිරිතය. අපේ ගැණු ද ඒ වගේමය, ගන්න කොට කාර් බොඩිය ටින්කරින් කර පෙනුමට තියෙන් මුත් කාලය සමග ටින්කරින් ගැල වී කඩතොලු මතු වේ. එන්ජින් ට්‍රබල් අපමණය. අනේ එහෙමයි කියලා අපේ උන්දේලා කාර ය විසි කරන්නේ නැත. අපේ පවුල ගැන සOකල්පයද එසෙමය..වාහනේ කොට උඩ ගියත් ගරාජයේ හරි වාහන තබා ගැනීමට අප පුරුදු වී ඇත්තේය..

යුසර් ෆ්‍රෙන්ඩ්ලි කාර් හදන්නේ ජපානයේය..ජපානයේ ගැනු ද ඒ වගේය, ඕනැම දේකට කොන්ද පාත් කරානවාය , ඒ අතින් ඔවුන් හස්බන්ඩ් ෆ්‍රෙන්ඩ්ලිය. මයියා ගේ යහලුවන් කීප දෙනෙකුටම ජපන් කාර් ඇතිවා මෙන්න ජපන් බිරින්දැ වරුද සිටී...ඒ අතින් ජපානේත් කාර් හා ගැනු කියන්නේ එක වගේය.

මොනා උනත කාරය හා ගැණු අතර එක වෙනස් කමක් ඇත, එනමුත් මයියා ජුගුප්සාජනක දේවල් බ්ලොගයේ නොලියන බැවින් කාරෙකේ එන්ජිමෙහි පිහිටීම සම්භ්න්දයෙන් ලියන්නේ නැත..මේය සOසන්දනය කිරීම පාඨකයාගේ කැමැත්තට ඉඩ හරිනවාය...

18 comments:

  1. පට්ට කතාව....ඇත්ත තමයි බොලේ පොඩ්ඩක් කල්පනා කොරලා බැලුවාම......:)

    ReplyDelete
  2. මයියා දැන් දෙයියා වගේනේ කතා ලියන්නේ..
    නියමයි.

    ReplyDelete
  3. මයියා නං එල කිරිය. ආයෙ ලොවෙත් නැති ටෝකක් දුන්නාය. මරේ මරුයැ!

    ReplyDelete
  4. අනේ ඉතින් මේ මයියටත් හිතෙන දේවල් මම අහන්නේ...... :P
    ටිකක් විතර හිතුවොත් නම් කතාව ලාවට වගේ ඇත්ත :)

    ReplyDelete
  5. නියමයි මයියා...හොද සංසන්දනාත්මක විග්‍රහයක්..

    ReplyDelete
  6. උඹට මයියා එකක් මිස් වෙලා තියෙනවා.. කල්පනා කරලා බලපන්කො සුඩානය, සෝමලියාව වගේ රටවල කාර් ගැන.....

    ReplyDelete
  7. පට්ට කතාව මයියා...
    ආහ්...නාකි ඇරබියෝ පදින කාර් දැක්කම ඉරිසියාවක්ද තරහක්ද මන්දා හිතෙනවා බං සමහර වෙලාවට... උන්ගේ මුනුබුරාලා පදින්ට ඕන ෆෙරාරි වගේ ඒවා තමයි උන් පදින්නේ...

    ReplyDelete
  8. මයියා5 August 2010 at 08:46

    @ හේමලයා

    ඇ බොල හේමලයා කන්න බොන්න අදින්නවත් කොම්පීතරයේන් අහකට යන්නේ නැතිද? හැමදාම පලමු කොමෙන්ටුව හේමලායාගෙනි..තැන්ක් යු වේවා හැමදාම මයියා ගේ විකාර කියවලා කොමෙන්ට් දානවට...

    @ මයියා

    දෙයියෝ මාරයා ට භය නැත. එහෙත් මයියා මාරයාට බය ය. එම නිසා මයියා ට කිසි දිනෙක දෙයියා විය නොහැක ..හිකිස්..

    @වැම්පයර්

    එල එල ..හදිස්සියේ ටයිප් කරපු නිසා පෝස්ට් එකේ ස්පෙලින් මිස්ටේක්ස් ගොඩක්ය.. ඒකටනම් සමාවෙන්න ඔනේය.. වැම්පයර් ගේ කොමෙන්ටුවට මයියා ට පොඩි කික් එක අවා ය.. එකට නම් බොහොම පින් ය..

    ReplyDelete
  9. මයියා5 August 2010 at 09:04

    @ අනුශ්..

    බොහොම ස්තුතියි දිරි ගැන්වීමට...

    @ හරී
    බොහොම ස්තුතියි දිරි ගැන්වීමට

    @ දිල්

    හිකිස්..ගැනු අය ලාවට කියලා කියන දේවල් පිරිමින්ට නම් මහාමේරක් තරම් ය.. අපේ උන්දැ.. ලාවට ශොපින් පාරක් යන්න කතා කලාම මයියා ගේ ඇග හිරි වැටී යන්නේ ඒ නිසා විය යුතුය...

    @ බ්ලොග් ගඩොල්

    තැන්ක් යු වේවා දිරි ගැන්වීමට..

    @ අභීත

    මාර වැඩක් කියන්නේ... ඊයේ හැන්දැවේ මයියා ට සොමාලියානු මිත්‍රයෙක් හම්බ උනාය..ඔහුට අනුව ඒ රටේ ආන්ඩුවක් නැතිය..හොරකම හා බලපුලුවන්කාරකම මත ඔනැම දේයක් සිදුවේ..ඒ අනුව ඒ රටේ කාර් මිලදී ගනීමක් නැත..ඇත්තේ හොරකම හෝ බල පුලුවන්කාර කමය..ඉතින් සෝඅමාලියානුවන්ගේ ගැනු ගැනිල්ලත් බලපුලුවන් කාර කම මතම සිදු වේන වා ඇතැයි මයියා හිතයි..මේ කොමෙන්ටුව කලින් දැක්කනම් ඒ ගැන ඔහුගෙන් අසන්න තිබුනාය..හි හි..

    @මුචලින්ද

    බොහොම ස්තුතියි දිරි ගැන්වීමට..


    @ පුතා

    මේ වා ගැන පුතා හොදට දන්නවාය..ඒ පුතාගේ ඉන්ටර්නශනල් අත්දකීම නිසාය...තාත්තයි පුතයි දෙන්නම එකට පදින ෆෙරාරි ත් තියෙනවද..

    ReplyDelete
  10. කතාවනම් නැගල යන එකක්.

    ලංකාව කියද්දි o අකුර ගහන්නෙ මොකද? සිංහල යුනිකෝඩ් වලින් ටයිප් කරනවනම් නම් ඉංග්‍රීසි x අකුර ගහන්න.

    ReplyDelete
  11. niyamai maiyya..........
    nish

    ReplyDelete
  12. මයියා7 August 2010 at 13:05

    @ඇනෝනිමස්

    ස්තුතියි පැමිනීමට හා උපදෙසට...මයියා ගේ කී බොඩ් එකේ අවුලක්ය..


    @ නිශ්

    බ්ලොග් අවකාශයේ අලුත් නමක් ..නිශ්

    ස්තුතියි දිරි ගැන්වීමට

    ReplyDelete
  13. තාත්තයි පුතයි එකම ෆෙරාරිය නම් පදිනව කියල නම් හරියටම දන්නේ නෑ මචං.. හැබැයි ඔය කඩෙ යන්ට අපේ රටින්, පිලිපීනෙන් වගෙ ගෙනාපු කාර් නම් පදිනවලු හවුලේ....

    ReplyDelete
  14. මයියාගේ රත්තරන් මොළේට එන අදහස් තමා අදහස්. නියම කතාව අයියා :))

    ReplyDelete
  15. මයියාගේ කතාව සුපිරි! ඇත්තටම අපේ ගෑනුන්ගේ ටිංකරින් ගැලවෙලා සත්‍යය මතු වෙද්දී නං අප්‍රසන්නයි!!

    ReplyDelete

2222