අනීර්ණය කියන්නේ ගණිතයේ එන වචනයක්. ඒත් සරලව කියනවා නම් 'නිර්ණය කල නොහැකි' තේරුම දෙන වචනයක්..
රේමන්ඩ් කර්ස්වේල් (Raymond Kurzweil) කියලා පොරක් අමුතුම පොතක් ලියනවා 2005 දී. පොතේ නම සිංහලට පෙරලුවොත් එන්නේ 'අනීර්ණය ලගයි' වගේ අදහසක්. පොතේ ඉංග්‍රීසි නම The Singularity Is Near
පරිගනක විද්‍යාඥයෙක් වෙච්චි ඒ මහත්තයා, ඒ පොතේදී ලස්සන තර්කයක් ගොඩ නගනවා. ඔහුපෙන්නන විදිහට පහුගිය වසර 50 ගත්තම, පරිගණක වල හැකියාව සෑම අවූරුදු 18 ට පාරක්ම දෙගුණ වෙලා තියෙනවා. මේ වේගයෙන්ම ගියොත් පරිගනක 2020 වෙද්දී එය මිනිස් මොලයේ ක්‍රියාකාරිත්වය හා සමාන වෙන්න පුලුවන්.
මේ කථා පිලිගන්න සමහර අය කියන විදිහට මිනිස් මොලය, පරිගණක වලට ඩවුන්ලෝඩ් කරලා, මිනිස් මොලයටයි, පරිගණකයටයි එකට වැඩ කරන්නත් පුළුවන් දවසකුත් ඒවීලු. (මේ වැඩේ හරි ගියොත් නම් මිනිස්සු අමරණීය වේවී. සරීරයක් නැති උනත් මොලේ තියෙන හින්දා මිනිස්සුන්ගේ මරණය කියන එක තේරුමක් නැතිව යාවී... අතාත්වික පරිගණක ලෝකයේදී මිනිස්සු තමන් කැමති දේවල් ඒ ආකාරයේන් ලබා ගනිවී..)
මේ කියන විදිහට මිනිස් මොලයයි, පරිගණකයයි එකට වැඩ කරන්න ගත්තොත්, කලින්අවුරුදු දහ අටක් ගිය වැඩේ, ඒ කියන්නේ අර පරිගනක ක්‍රියාකාරිත්වය දෙගුණ වෙන්න ගිය කාලේ තවත් අඩු වේවි..ඔහොම අඩු වෙලා... අඩු වෙලා... කවදා හරි දවසක, ඒ කාලේ බින්දුවට අවෝත් , අර කිව්ව පරිණාමය නිර්ණය කරන්න බැරි අනන්තයකට යාවි..ඒ කියන්නේ තත්පරයක් ගත්වෙන්නත් කලින් අපි (පරිගණක් -මිනිස් විඥාණය) හිටියට වඩා දෙගුණයක් ප්‍රබල වැඩි දියුණු පොරවල් වේවි..
පරිගනක , යන්ත්‍ර සූත්‍ර මිනිස්සුන්ව පහු කරලා මිනිස්සුන්ව යටත් කර ගන්න චිත්‍රපටි අපි ඕන තරම් බලලා තියෙනවා...මට බලෙන්ම බලන්න සිද්ධ වෙන, අපේ පොඩි එවුන් බලන කාටුන් වලත් මේ වගේ කථා ඕන තරම් තියෙනවා....
කොච්චර ප්‍රබන්ධ බලලා, කියවලා තිබ්බත්, ක්ර්ටස් මහත්තයගේ කථාව කියෙව්වම මට පොඩි තිගැස්සීමක් වගේ එකක් ආවා...මුළු කථාවම නැති උනත් ගොඩ දුරට වෙන්න පුළුවන් තත්වයක්....
පරිගණක කෘත්‍රිම බුද්ධිය (AI) ගැන සැක පහල කරන ගොඩක් අය කියන දෙයක් තමයි පරිගනක බුද්ධිය ට මිනිස් මොලයේ ඇති 'නිර්මාණශීලීත්වයට' ලඟා වෙන්න බෑ කියන කථාව. ඒත් ලෝක චෙස් ශූරයාව පරද්දන්න වගේම, අගනා සංගීත කණ්ඩ නිපදවන්නත් පරගණක බුද්ධියට පුළුවන් බව අළුත් කථාවක් නෙවෙයි.
ඒ මොනා උනත් මිනිස් මොලයක සෛලයක් කරන වැඩේ සිලිකන් කෑල්ලකට කරන්න පුලුවන් කියලා කියන්න මට තියෙන්නේ ලෝභ කමක්.... මිනිස් විඥාණය ඒච්චර ලේසියෙන් ප්‍රතිනිර්මාණය කරන්න බෑ කියලා මට හිතෙනවා...
මීට සියවස් ගානකට කලින් තිබ්බ විද්‍යාවේදි ,විඥාණය කියන එක ලොකු දෙයක් හැටියට ගනන් ගත්තේ නෑ....ඒත් පහුගිය දශක කීපයේදී විඥාණය කියන දේනොසලකා ඉන්න බැරි තරමට විඥාණය කියන දේ අපේ නිරීක්ශණ වලට කොච්චර බලපානවද කියලා ගොඩක් දෙනෙක්ට තේරුම් ගිහිල්ලා තියෙනවා.....
කර්කස් මහත්තයගේ තර්කයේ මට පේන ලොකුම අඩුව මේ මිනිස් විඥාණය , ඇන්ඩ් නෝ ගේට්ටු වලින් ප්රතිනිර්මානය කරන්න පුලුවන් කියලා හිතන උපකල්පනය තමයි... ඒත් ඒ උපකල්පනය හරි නම්, ඒ මහත්තයා කථා කරන ඊලඟ සිදුවීම් ටික නම් සිදු නොවෙන්න තියෙන්නේ අඩුම අඩු ඉඩක්........
පින්තූර:
1.http://content.time.com/time/interactive/0,31813,2048601,00.html
2.http://htmlgiant.com/author-spotlight/seattle-author-spotlight-4-matthew-simmons/