කොටි ත්‍රස්ත්‍රවාදය ඉදන් පාන්පිටි ත්‍රස්ත්‍රවාදය දක්වා එක එක කතන්දර අහලා තියෙන අපිට පරිසර ත්‍රස්ත්‍රවාදයක් කියලා එකක් අහලා තියෙනවද කියලා මට එච්චර මතකයක් නෑ...ඒත් ටවුමේ සාප්පුවෙන් ලාභෙට ගෙනල්ලා පාවිච්චි කරන ලද සකන්ඩ් හෑන්ඩ් කොම්පීතරයේ, ෆෝන් එකේ ඉදන් ඇලේ දොලේ වතුර ටික සල්ලි කරන්න දගලන ලොකු ලොක්කන්ගේ උවමනාව දක්වා තියෙන්නේ පරිසර ත්‍රස්ත්‍රවාදයක් කියලා මට වෙලාවකට හිතෙනවා...
පරිසරය කියන්නේ බාලාංශේ ඉදන් ලංකාවේ ඉස්කෝලේ වල උගන්වන සබ්ජෙක්ට් එකක්. ඔය විශය මං පොඩිකාලේ කොහොත්ම කැමැත්තක් තිබ්බේ නැති එකක්. ටිකක් ලොකු වෙන කොට විදුසර වගේ පත්තර වලින් පරිසර ප්‍රශ්ණ ගැන ටිකක් ඉගෙන ගත්තා උනත් පහුකාලේදී ඔය සම්භන්දව මගේ උනන්දුවක් තිබ්බේ නැති තරම්. කොටින්ම කැම්පස් එකේදී සබ්ජෙක්ට් එකක් වශයෙන් පරිසර විද්‍යාව තෝරා ගන්න අවස්ථාව ලැබුනත් , අකමැත්ත හින්දම මම ඒක අත ඇරලා දැම්මා. ටෙක්නිකල් අංශයේ මොලය පුරුදු පුහුණු කරපු කෙනෙකුට පරිසර විද්‍යාව මහා බෝරින් සබ්ජෙකට් එකක්...
මේ අදහස මගෙන් ඈත් වෙලා යන්නේ ඊට සෑහෙන කාලයක් ගියාට පස්සේ..ඒ අහම්භයක් නිසා මම පරිසර ප්‍රශ්ණ පිලිබද හැදෑරීමකට යොමු උනාට පස්සේ. මේක වැඩිදුර ඉගෙන ගන්න කොට මට හිතුනු දෙයක් තමයි පරිසර ප්‍රශ්ණ අතිශය දේශපාලනිකයි කියලා. ඇත්තෙන්ම මේක ඇතුලේ තිබ්බ දේශපාලනය හින්දා මේ සම්භන්ද වැඩි දුර කරුණු හදාරන්න යොමු උනා කිව්වොත් වඩා හරි.
පරිසර දේශපාලනයේ විවිධ මානයන් තියෙනවා. මගේ අදහසේ හැටියට ඉන් ප්‍රධානතම වන්නේ ස්භාවික සම්පත් බෙදා ගෑනීම හා වැඩි කොටස ඩැහැ ගැනීමේ ප්‍රශ්ණයයි. මේක අද ඊයේ පටන්ගත්ත ප්‍රශ්ණයක් නොවුනත්, ඉස්සර අමු අමුවේ මිනිස්සු මරාගෙන යුද්ධ වලින් විසද ගත්ත මේ ප්‍රශ්ණය අද ඉතා රාජත්‍රාන්ත්‍රික විදිහට, ඒත් අර ඉස්සර තිබ්බ කෘරත්වයට වඩා බිහිසුනු ලෙස විසද ගන්නවා. ඕක ඔය මට්ටමෙන් විසදා ගන්න බැරි උනාම ,රෙජිම වෙනසක් හරි නැත්නම් අර පරණ විදිහට යුද්ධයකින් හරි විසදා ගන්න තැනකට යනවා. මේ ගැන වඩා හොදට භාගයක් ඇත්ත භාගයක් ගොතපු ජෝන් පර්කසන්ගේ 'ද කන්ෆෙශන් ඔෆ් ඇන් ඉකොනොමික් හිට්මෑන්' පොතේ විස්තර වෙන බව ගොඩක් අය දන්න දෙයක්.
පහුගිය කාලේ තිබ්බ අරාබි වසන්තය ඊජිප්තුවට, ලිබියාවට, සිරියාවට ඇවිල්ලා ඒකම සෞදි අරාබියට නො එන්නේ අර කිව්ව රාජත්‍රාන්ත්‍රික විදිහට අරාබි රජ්ජුරුවෝ මුල ඉදන්ම ප්‍රශ්ණය විසදගන්න වැඩ කරලා තිබ්බ හින්දයි. සමූල ඝාතක අවි තියෙනවයි කියලා ආක්‍රමණය කරපු ඉරාකේ ඇත්ත ප්‍රශ්ණය ලොකේ වැඩිම ලාභදායි තෙල් නිධි බව තේරුම් ගන්න ඒච්චර අමාරු දෙයක් නෙවෙයි. සමූල ඝාතක අවි තියා සදාම් ලොක්කව බේර ගන්නවත් ඉරාකෙට ආයුධ තිබ්බේ නැති බව දැන් ඉතිහාසෙට අයිති කථාවක් විතරයි. පලස්තීන යුදෙව් ගැටුම ගැන මං ටික කාලෙකට කලින් ලියපු මෙන්න මේ ලිපියත් ස්භාවික සම්පත් බෙදා ගැනීම සම්භන්ද විශම චක්‍රය ගැන ලියපු ලිපියක්.
ස්භාවික සම්පත් අත්කර ගැනිමේ ක්‍රමවේදයන් කාලයක් තිස්සේ හොදට අත්හදා බලා මේ වෙන කොට කවුරුත් දන්න දේ බවට පත් වී හමාරයි. එහෙත් අත්කරගත් ස්භාවික සම්පත් පාචිච්චි කරන කොට ඇතිවෙන ද්විතීක ප්‍රශ්ණ ගැන අවබෝධය ඊට වඩා අඩුයි. අවශේෂ ලෝකයා මේ ගැන ගොඩක් උනන්දු උනත් ලංකාව ඇතුලෙ නම් මේ ගැන ප්‍රමානවත් සංවාදයක් නැති තරම්.
අත්පත් කර ගත් ස්භාවික සම්පත් ඵල ප්‍රයෝජනයට ගන්න කොට ඇතිවෙන පරිසර දූශණය , පරිසර දේශපාලනයේ මම දකින දෙවන මානයයි.
මේක පැහැදිලි කරන්න ගොඩක් දෙනා දන්න 80-20 තියරිය මම යොදා ගන්නවා. දල වශයෙන් ගත්තොත් ලෝකයේ ඇති ස්භාවික සම්පත් වලින් 80% පමන පාවිච්චි කරන්නේ දියුණු රටවල ජනතාවයි. බිලියන 7.1 උන සමස්ථ ලෝක ජනතාවගෙන් දියුණු රටවල ජීවත්වෙන ජනගහනය දල වශයෙන් 20% පමන වෙනවා. ඉතිරි 80% පමණ වූ බහුතරය ජීවත් වන්නේ දිලිදු හෝ දියුණු වෙමින් පවතින රටවල. ඒ අනුව 20% පමන උන ධනවත්, දියුණු ඇත්තො 80%ක ස්භාවික සමිපත් කොටසක් පාවිච්චි කරමින් පරිසර දූශණයට , නැතිනම් ලෝක කාබන් විමෝචනයේන් 80% ට වග කියනවා. මේ රටවල පුද්ගලයන්ගේ ඒක පුද්ගල කාබන් විමෝචනය ගත්තොත් දළ වශයෙන් දියුණු වෙමින් පවතින රටවල පුද්ගලයන් 20-100 ට ගේ එකතුවට සමාන වෙනවා.
පරිසර දූශණය පිලිබද ප්‍රශ්ණයට දේශපාලනය සම්භන්ධ වෙන්නේ උඩින් පැහැදිලි කරපු 80-20 සමතුලිතතාවය රැක ගැනීමට දරන උත්සහයේදී. මම මගේ මීට කලින් 'ගෝලීය උශ්ණත්වය හා පරිසර වෙනස් වීම' පිලිබද ලිපියේදී පෙන්වා දුන්න විදිහට අපට හිතුමතේ අනවශ්‍ය විදිහට ගල් අගුරු, ඩීසල් පැට්‍රල් දහනය කරමින් වායුගෝලයට කාබන් එකතු කරන්න බෑ. ඒ එහෙම උනොත් ගෝලීය උශ්ණත්වය පාලනය කර ගත නොහැකි විදිහට ඉහල යාමට ඉඩ තියෙන හින්දා. ගෝලීය උශ්ණවය ඉහල යෑම සමස්ථ මානව ශිෂ්ඨාචාරයටම තමන්ගෙ පැවැත්ම පිලිබද ප්‍රශ්ණයක්.
එතකොට දැන් ප්‍රශ්ණය වෙන්නේ කාටද පරිසරයට කාබන් එකතු කරන්න වැඩිම අයිතිය හම්බ වෙන්නේ කියන එකයි.
දියුණු රටක ඉන්න පවුලක, ගෙදරක තාත්තටයි අම්මමටයි වැඩට යන්න වෙන වෙනම කාර් තියාගෙන කරදඩු උස් මහත් වෙච්ච ලොකු පුතාට පාට් ටයිම් ජොබ් එක කර ගන්නත් ගෙදර කාර් එකක් තියා ගෙන ඉන්න පුලුවන්. ඒතකොට රස්නේ උනාම ඒසී දාගෙන හීත කාලෙදි හිට්ර් දාගෙන ඉන්න එකෙත් වරදක් නෑ.
හැබැයි ඒක එහෙම උනාට වීනෙයි ඉන්දියාවෙයි ඉන්න බිලියන් ගානක දුප්පත් පොරවල් කකුල් දෙකට වීරීය දාලා පදින සයිකල් කට්ට වෙනුවට මොටර් සයිකලයක් ගන්න එක ප්‍රශ්ණයක් වෙනවා. මොකද ඒතකොට තෙල් බැරල් එකට තරගේ වැඩි වෙනවා වගේම පුච්චපු තෙල් වලින් වායුගෝලයය්ට එකතු කරන කාබන් ප්‍රමානයත් වැඩි වෙන හින්දා... ඒ වගේම චීනෙ, ඉන්දියාවෙ, වේල් දෙකක් කාපු අය වේල් තුනක් කන්න ගත්තොත් දියුණු රටවල සුපර් මාර්කට් වල කෑම ගනන් ඉහල යන බවත් පහුගිය කාලේ අත්දැකපු දේවල්..
සීමිත සම්පත් වලින් අසීමිත පිරිසකගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න බෑ වගේම අසීමිත පිරිසක් සුලුවෙන් නමුත් කරන කාබන් විමෝචනයටත් ඉඩ තියෙන්න බෑ...ඇත්තෙනම් කිවහොත් කාර්මික යුගයේදී , යුරෝපය විසින් වායුගෝලයට නිදහස් කරන්න පුලුවන් උපරිම කාබන් ප්‍රමානය නිකුත් කර අවසන්...දැන් චීනයටත් , ඉන්දියාවටත්, බ්‍රසීලයටත් ඒ ගොල්ලන්ට ඕනා විදිහට කාබන් නිකුත් කරන්න දෙන්න බෑ...
අකාබනික ශක්ති ප්‍රභවයක් හොයා ගන්න කන් , මේ ප්‍රශ්නෙට තියෙන හොදම විසදුම අර දියුණු වෙමින් පවතින රටවල මිනිස් ඔලු ගාන, ඔවුන් පාවිච්චි කරන සභාවික සම්පත් පාලනය කරන එක තමයි. මේක කරන්න තමයි දේශපාලනය ඕනේ වෙන්නේ...ගැටුම්, දරිද්‍රතාවය මේකට යොදා ගන්නා උපකරනයි.
පරිසර දේශපාලනයේ තුන් වෙනි මානය කුණුකන්දල් ටික සුද්ධ කර ගැනීමේ ප්‍රශ්ණයයි. න්‍යශීටික බලය ජනනය කිරීමේදී එකතුවෙන විකිරණශීලි අපද්‍රවය වල ඉදන් දියුණු රටව්ල ජනයා අවුරුද්දෙන් අවුරුද්දට කුණුකූඩෙට විසි කරලා දාන පරණ ෆෝන් එක දක්වා දීර්ඝ පරාසයක මේ ප්‍රශ්ණය විහිදිලා තියෙනවා.
දැනටමත් මේ ලිපිය මාගලක් වගේ ලියලා තියෙන හින්න කුණු ප්‍රශ්නය ඉදිරි ලිපියකින් සාකච්චා කිරීමට ඉඩ තියා ගන්නවා.
ප :ලි :
මේ ලියලා තියෙන්නේ මේ බ්ලොගයේ 50 වෙනි ලිපියයි. මේක අරවින්දලාගේ ජයසූරියලගේ හාෆ් සෙන්චරියක් වගේ නොව හෂාන්ගේ වගේ සෑහෙන තටමලා දාපු හාෆ් සෙන්චරියක්. බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ 2010 දී. පෝස්ට් 50 දාන්න අවුරුදු තුනක් ගියා.ඒත් ආපු දිහා හැරිලා බලද්දි මට පොඩි ආතල් එකක් එනවා. කොච්චර වෙලාව නැති කාලවල් ආවත් නොටවුට් වෙලා ඉන්න හිතෙන්නේ මේ ලියන එකෙයි, සමහර වෙලාවට සුලුවෙන්, සමහර වෙලාවට වැඩියෙන් ලැබෙන ප්‍රතිචාර වලයි තීයෙන ආතල් එක හින්දා තමයි. ඒක හින්දා මේ හාෆ් සෙන්චරි එක දාපු වෙලාවේ බැට් එක උස්සලා මේ බ්ලොග් පඩංගුව බලන්න ආපු හැමොටමත්, කමෙන්‍ටුවක් දාලා ප්‍රතිචාර දක්වපු හැමෝටමත් මයියා ස්තූතියි කියලා කියනවා....ඒක ලොකු ස්තූතියක්...ලොකුම ලොකු එකක්...:)
බ්ලොග් වලින් සමාජ වෙනස් කරන්න පුලුවන් කියලා හිතන්නේ නෑ කියලා කීප දෙනෙක් ලියලා තියෙනවා මං කීප තැනක දැකලා තියෙනවා...සමාජෙ ගැන කියන්න යන්නේ නැති උනත් මං සම්භන්දයෙන් නම් කියන්න තියෙන්නේ බ්ලොග් හින්දා මං නම් වෙනස් වෙලා තියෙනවා කියලා තමයි...ඒක මයිලේඩි කියනවා වගේ ආපු වෙලාවේ ඉදං කෝම්පීටරේ බදා ගෙන ඉන්නවා වගේ චර්‍ය්‍යාමය වෙනසක ට වඩා ආකල්පමය වෙනසක්...ඒ හින්දා බ්ලොග් ලියන හැමෝටමත් ස්තූතියි........
තව පොඩ්ඩෙන් අමතක වෙනවා...මයියාව සින්ඩිකේටර් වලට දාලා තියෙන ඇඩ්මින්වරුන්ටත්, බ්ලොග් රෝල් වලා දාලා තියෙන සහෘද බ්ලොග්කරුවන්ටත් ගොඩාක් ස්තූතියි. ඒකත් ලොකුම ලොකු ස්තූතියක්....
Image : www.CartoonStock.com.
50වැනි ලිපියට මගේ සුබ පැතුම්.
ReplyDeleteස්තූතියි නලීන්....
Deleteසුභ පැතුම් මයියා... මට කොමෙන්ට් බොක්ස් එක හොයා ගන්න බැරුව රට වටේම ඇවිද්ද? පොඩ්ඩක් පේන්න දැම්මොත් නරකෙයි...
ReplyDeleteස්තූතියි....ඇත්තටම කමෙන්ට් බොක්ස් එකේ වැරැද්දක් තියෙනවද? ඒක පෝස්ට් යටින් පේන්න තියෙනවනේ....
Deleteපෝස්ට් එක දිග වැඩි හින්දා හොයා ගන්න බැරි උනාවත්ද? !@#$%%^
/* බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ 2011 දී. පෝස්ට් 50 දාන්න අවුරුදු තුනක් ගියා. */
ReplyDeleteCheck again.
වැරැද්ද හැදුවා.. මේ බ්ලොග් එක පටන් ගත්තේ 2010...ඊට කලින් ඉංග්‍රිසි එකක් පටන් ගත්තා..ටෙක්නිකල් බ්ලොග් එකක්..ඒක මගේ නමින් යනවා....ඒ හින්දා එකේ නම මෙතන දාන්නේ නෑ...
Deleteමං දන්න තරමින් නම් කාබන් ඩයොක්සයිඩ් ටාගට් සෙට් කරන්නේ ඒක පුද්ගල අගයක් වශයෙන්.
ReplyDeleteපිෆ්ටිය ගැන කියනවා නම් "ඔහොම යමු!"
සුභ පැතීමට ස්තූතියි කකා...
Deleteඑක පුද්ගල කාබන් විමෝචනය වැඩිම කකා දැන් ඉන්න රටේ.....ටාගට් සෙට් කරන්න ගිහිල්ලා තමයි රඩ් මහත්තයට ගෙදර යන්න උනෙත්....
මචං උඹ 50 දාන්න අවුරුදු 3 ක් ගත්තට ලියලා තියෙන පෝස්ට් එල කිරි....කකා කියලා තියෙනවා වගේ ඔහොම යමු
ReplyDeleteස්තූතියි ඇනෝ....කවුරු නමුත් දන්න කියන එක්කෙනෙක් වගේ
Deleteෆිෆ්ටියට මගෙන් සුභපැතුම්! පසුගිය දිනවල දේශපාලනය ගැනම කියවලා ඔලුව කුරුවල් වෙලා හිඒියෙ.අළුත් මාතෘකාව නියමයි. ඒ වගේම කාලොචිතයි. ගත වූ වසර 50 ටත් අඩු කාලයක් තුල අපරටේ පරිසරයට අප විසින්ම කරනලද හානිය ඊට පෙර ගතවූ අවුරුදු 2500 ක කාලය තුල සිදුවූ හානියට වඩා වැඩිය. කාබන් විමෝචනයට අැති හොදම පිලිතුර වන වගාවය.නමුත් 70 දශකයේ මුල සිටම අප කලේ අපගේ ස්වාභාවික වනාන්තර විනාශ කිරීමයි. මැතිනිය ගේ කාලයේ රාජ්‍යය දැව සංස්ථාව පිහිටුවා ලංකෙවේ තෙත් කලාපීය වනාන්තර වල තිබුනු අාර්ථිකමය වශයෙන් වටිනා ගස් කපා ඒවා සංස්ථාවේ ගබඩා වලට පටවා ඒ ගස් වෙනුවට අානයනය කරනලද ,ලංකාවට කොහෙත්ම නොගැලපෙන ෆයිනස් ,ටර්පන්ටයින් වැනි පැල වර්ග ඒ කැලෑතුල නැවත රෝපණය කරවන ලදී. ඉන් පසු පැවති සෑම රජයක්ම තම ධනෝපායන මාර්ගයක් බවට පත්කර ගත්තේය. අද වන විට ඒය ඉතා නිර්ලජ්ජිත අයුරින් සිදුවෙමින් පවතියි. කැලේ ගස්ටික කපා විකුනා ඉන් නොනැවතී වනාන්තරසදහා වෙන්කර අැති භූමියෙන්ද කොටසක් ඩැහැ ගැනීමට යත්න දරන දේශපාලකයින් අද බහුලය.විනයක් හෝ නීතියක් නැති රටක පරිසරය සුරැකීමක් කෙසේනම් බලාපොරොත්තු වෙන්නද?
ReplyDeleteකීර්ති කථා කරලා තියෙන්නේ තුන්වෙනි ලෝකයේ රටවල පොදු ප්‍රශ්ණයක් වෙන දේශපාලකයන්ගේ ගසා කෑම ගැනයි. ආයතනගත නීතීය දුර්වල තත්වයන් තුල මෙවැනි ඇස්බැන්දුම් අපේ රටට විතරක් නෙවෙයි අපි වගේ දියුණු වෙමින් පවතින රටවලට පොදු ලොකු ප්‍රශ්ණයක්.. අවසානාවකට සාක්ශරතාවය වැඩි උගත් කියලා කියන අපේ රටේ මිනිස්සු මේවා ගැන කථා නොකරන තරම්...
Deleteකීර්ති කියලා තියෙන ලෝකල් ප්‍රශ්ණයට වඩා වැඩි අවධානමක් තියෙන ප්‍රශ්ණයක් තියෙනවා ලෝකයේ කාන්තාර ව්‍යාප්තිය නිසා.ගෝලීය උනුසුම් වැඩි වීමත් සමග ලොකයේ කාන්තාර භූමි ප්‍රමානය වැඩි වෙලා තියෙනවා..අප්‍රිකාවේ සමකය ආස්නන් කාන්තාර ප්‍රමානය ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙන්වා.. කැලෑ කැපීමටත් වඩා ඒයට බලපාලා තියෙන්නේ ගෝලීය උණුසුම සෙල්සියස් අංශක් 2-3 ක්න් ඉහල යෑම....
ස්තූතියි කීර්ති සුභ පැතීමට...කිර්තිට මම කලින් දාපු පිලිතුර මැකිලා...
Deleteකිර්ති පෙනවා දෙන්නේ ආයතනගත් නීතීය., ක්‍රමය දුර්වල තුන්වෙනි ලෝකයේ අප වැනි රටවල් බොහෝමයකට පොදු ප්‍රශ්ණයක්...කලින් කලට පත්වෙන දේශපාලකයන් රටේ ස්භාවික සම්පත් කොල්ල කා ගෑනිම ගැන කීර්ති කථා කරනවා...
ඇත්තෙන්ම මෙය මා ලිපියෙන් පෙන්නුම කිරීමට උත්සහ කල පරිසරය හා බැදුනු දේශපාලනයේ ඉතා කුඩා චිත්‍රයක්...මා පෙන්නුම් කිරීමට උත්සහ කරන්නේ පරිසරය හා දේශපාලනයේ ලොකු චිත්‍රයයි. මේ ලොකු චිත්‍රයේදී ධනය හා බලය හිමි රටවල් ස්භාවික සම්පත්වලින් ලොකුම කෑල්ල කඩා ගැනීමට දේශපාලනය යොදා ගන්නා අකාරය මම ලිපියෙන් කීමට උතසහ කරනවා..
කැලෑ කෑපීම ගැන කිර්ති කථා කර ඇති නිසා ඒ ගැනත් යමක් කියන්න හිතුනා..ඇත්තේන කාබන් උරා ගෑනිමේ වැඩිම කාර්‍යභාරයක් කරන්නේ වනාන්තරයි...වනාන්තර නැති වීමට ප්‍රාදේශීය, රටවල බල ලෝභී දේශපාලනය සම්භන්ද වෙන්වා මෙන්ම....''ගෝලීය උණුසුම වැඩිවීම' වනාන්තර විනාශයට හේතුවක්..උදාහරනයක් ලෙසේ සෙල්සියස් අංශක් 2-3 පමන වෙන උශ්නත්ව වෙනස නිසා සමකය ආශ්‍රිතවා ශීග්‍රයෙන් කාන්තාර ව්‍යාපතිය වැඩි වී තිබෙනවා....කාන්තාර ව්‍යාපතියත් අදා වනාන්තර අඩු වීමට බල පා ඇති විශාල හේතුව්ක්
ඔබබගේ අදහස මට පැහැදිලියි. කාර්මික රටවලින් අවකාශයට මුදාහරින කාබන් ප්‍රමාණය පාලනය කරන්නේ නැතිනම් ඒක මුළු ලෝකයටම බල පානවා. මීට අවුරුදු කීපයකට කලින් "කාබන් ට්‍රේඩ්" කියලා වැඩ පිලිවෙලක් ගැන අහන්න ලැබුනා. ඒ කියන්නේ යම් කිසි රටකින් අවකාශයට මුදාහරින කාබන් ප්‍රමාණයට සාපේක්ෂ වනාන්තර ප්‍රමාණයක් ඒ රටේ කිබිය යුතුයි වගේ අදහසක්. ඒ වගේම යම්කිසි රටකින් මුදාහරින කාබන් ප්‍රමාණයට වඩා වැඩි වනාන්තර ප්‍රමාණයක් අැති රටවලට , අඩු වනාන්තර ප්‍රමාණයක් අැති කාබන් වැඩි ප්‍රමාණයක් මුදා හරින රටවල් වලින් යම්කිසි ගෙවීමක් කිරීමටත් වගේ යෝජනාවක්.
Deleteමානව අයිතිවාසිකම් වලට අපට තග දානවා වගේ පරිසරදූෂනයට විරුද්දව කාර්මික රටවලට බලපෑම් කලහැකි සංවිධානයක් නැතිද?
ලංකාවෙ පාංපිටි ත්‍රස්තවාදෙට අමතරව තියෙන්නෙ ආගමික ත්‍රස්තවාදය.. ඕං මගෙ මතේ මයියෝ..
ReplyDeleteපණහට සුබපැතුම්.. බ්ලොග් වල ලියලා මිනිස්සු වෙනස් කරන්න බැරි බ්ලොග් ලියන අපිවත් වෙනස්වෙන්න කැමති නැති හින්දා මය්යා.
හෙ හෙ..අගමික ත්‍රස්ත්‍රවාදය එහෙම පිටින් අමතක් උනා....
Deleteබ්ලොග් වලින් සමාජය වෙනස් කරන්න බැරි වෙන්න පුලුවන්..මොකද බ්ලොග් කියවන්නේ ඉතා කුඩා පාඨක පිරිසක් හින්දා...ඒ කුඩා පාඨක පිරිසෙනුත් ආකල්පමය, මතවාදීමය ස්ථාවරයන් ප්‍රශ්න කරන්නේ ඉතා සුලු කොටසක්...ඒත් පහුගිය අවුරුදු 3-4 බැලුවම මගේ සමහර ස්ථාවරයන් වෙනස් වෙලා තීයෙනවා..ඒකට සිංහල බ්ලොග් සම්භන්දයි..
මේ තියෙන්නේ මං ගොඩක්ම මහන්සි වෙලා ලියපු ලිපියක්...
කාණුවේ ගසා ගෙන යන චැනල් 4 මාධ්‍ය අපක්ෂපාතීත්වය
.ඒකට එච්චර කමෙන්ට් ගොඩක් වැටිලත් නෑ..හැබැයි ඒකට ආපු ඇනෝ කෙනෙක් මාවත් මගේ ලිපියත් දැඩි ලෙස ප්‍රශ්ණ කරලා තියෙනවා...මේ වගේ සංවාද වලින් මගේ ඇතැම් ස්ථාවර වෙනස් වෙලා තියෙනවා
හද පිරි සුභ පැතුම් මයියා.. උඹලා වගේ උන් තමයි අද අපේ රටට අත්‍යාවශ්‍ය වෙලා තියෙන්නේ.. ජයවේවා. ළිපිය ගැන නම් අදහස් බොහෝයි.
ReplyDeleteස්තූතියි මාතලං....අදහස් ටිකත් කෙටියෙන් හරි කිව්වා නම් ගොඩක් වටිනවා
Deleteලංකාවේ පරිසර ඇමති කෙනෙක් ඉන්නවා. හැම පලාත් සභාවෙමත් ඉන්නවා. ඝෝඨාභය මහත්තයට පින් සිද්ධ වෙන්න කොළඹ නම් ක්ලීන් එකට තියෙනවා. ඒත් ඒ කුණු ගෙනිහින් දාන තැන පැත්ත පලාතක මනුස්සයෙකුට ඉන්න බෑ. අනවශ්‍ය දේවලට කෝටි ප්‍රකෝටි ගනන් වියදම් කරන අයට, බලංගොඩ ප්‍රදේශීය සභාව කරන දේ වත් කරන්න බෑ. මහා ළොකු පඬි ටෝක් දෙන ගොම්මන්පිල අනිත් රටවල කරන්නම් වාලේ ලයිට් ඕෆ් කරන්න කියනවා පැයක්. ඒකෙන් ඉතිරිකරන මුදලට වඩා මුදලක් නාස්ති කරනවා එයාගේ සොබ්බේ පෙන්නන්න. ඔය පරිසර ඇමතියා කොළඹට කරපු එක දෙයක් කියන්න. රටේම කැලෑ ටික කපනවා පරිසර ඇමතියා නෙමෙයි හුම් කියන්නේ.
Deleteමාතලං, හැම තැනකදිම වගේ මෙතනදිත් උඹත් එක්ක ඇවිලෙන්න වෙනවා. වචනෙකින් මගේ අදහස කියන්නම්. ක්ලීන් එකේ තියෙනවා කියන්නේ පරිසරය සුරකිනවා කියන එක නෙමෙයි. මයියා කියලා තියෙනවා වගේ පරිසරය කියන මාතෘකාව තනිකරම දේශපාලනිකයි. ඒත් ඒක මේ උඹ පෙන්නන්න හදන දේශපාලනය නෙමෙයි.
Deleteරජරට කියලා තියෙනවා වාගේ මාතලන් මේ කේස් එකේ ඉන්නේ wrong track එකේ.
Delete@ රතා & කතා
Deleteමම ඒ දේශපාලනය හොඳට දන්නවා. ඒ දේශපාලනය නියෝජනය කරන්නෙත් මේ දේශපලකයෝමයි. මම ගත්තේ එක උදාහරණයක පමණයි. ඒකට හොඳම උදාහරණය තමයි. කොළඹ කුණු කන්ද. උඹ දන්නවද කොළඹ කුණු වලින් දේශපාලකයෝ කී දෙනෙක් ජීවත් වෙනවද කියලා. එහෙම කලත් අවුලක් නෑ. අඩු ගානේ බලංගොඩ ප්‍රාදේශීය සභාව වගේ, ප්‍රතිචක්‍රීයකරණය කරනවාවත් නම්. එතකොට වැලි ගොඩ දාන්නේ, කැළෑ කපන්නේ, වැවි තාවුළු වල හෝටල් හදන්නේ අපි උඹලද.. ළෝකේ ගැන කතා කරන්න ඉස්සෙල්ලා රට ගැන ඉන්න තැන ගැන එපාය කතා කරන්න. ගොම්මන්පිලට බැන්නම එයාද අදහන අයට රිදෙනවා...
මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමට ඉඩ දෙන්න...
Deleteමාතලන් මෙන්ම ඉහත කමෙන්‍ටුවක කීර්ති රැටරල ත් කථා කරන්නේ අප ජීවත් වෙන දියුණු වෙමින් පවතින රටක, නීතිය හරි හැටි ක්‍රියාත්මක නොවෙන තත්වයක් තුල දේශපාලකයන් තමන්ගේ බඩ වඩා ගැනීමට කරන් උත්සහයන් ගැනයි...මෙය පරිසරය , ස්භාවික සම්පත් පාමනක් නොවෙ රාජ්‍ය දේපල හොරකම් කිරීම , මහජන මුදල් සොරකම් කිරීම ආදී සෑම දෙයකම ඒකතුවක්....ඒ ගැන කථිකාවක් අවශ්‍ය මෙන්ම රටේ ජනතාව ඒ පිලිබද අවදියෙන් සිටීම වැදගත්...අවාසනාවකට සාක්ෂරතාවය ඉතා උසස් කියලා කියන අපේ රටේ මිනිස්ස්නුන්ට එවන් ප්‍රශ්ණ වැදගත් නෑ.ඔවුනට අවශ්‍ය මර්වින්ගේ හරි කාගේ හරි පඩත්තල් ජෝක් එකක් අසා හිනා වී, ඊට පස්ස්සේ ඌටත් බැණ අයිටීඑන් එකේ හරි මොකේ හරි යන ටෙලියක් බලා නිදා ගැනීම විතරයි
කෙසේ නමුත් මා මේ ලිපියෙන් පෙන්නුම් කිරීමට උත්සහ දරන්නේ මීට වඩා විශාල චිත්‍රයක්. පරිසරය හා දේශපාලනය පිලිවද ලොකු චිත්‍රයේදී දේශපාලකයා ක්‍රියාත්මක වෙන්නේ තමන්ගේ පෞද්ගලික බඩ වඩා ගැනිමට නෙමේ....කොටින්ම කිවහොත් පරිසරය හා දේශපාලනයේදී තීන්දු තීරණ ගැනෙන්නේ නිළධාරීන්.... ඔවුන් IMF, UN, WHO,WB,ADB වැනි සංවිධාන කීපයක පොලිසි ඩිශිෂන්ස් තීරනන්ය කරන ඉහල පේලේ නිලධාරීන්...ඒ වගේම ඒක සිස්ටම් එකක්...තනි අයිතිකරුවන් නෑ....දේශපාලකයා මෙහිදී එම තීරන ක්‍රියාත්මක කරන්නා විතරයි..උදාහරණයක් ලෙස ලෝකයේ වැඩිම පරිසර දූශකයා වන ඇමෙරිකාව කියොටෝ එකගතා වලට අත්සන් කරන්නේ නෑ.....න්‍යශ්ටික අපද්‍රවය, හැසඩස් වේස්ට් වලට සම්භන්ධ බැසල් සම්මුතියට අත්සන් කරන්නේ නෑ.......මේවා ඒ රටවල දේශපාලකයන්ගේ පෞද්ගලික තීරන නෙවෙයි...ඒවගේම ඒසේ ඒවාට සම්භන්ද නොවී සිටීමේන් ඒම දේශපාලකයන්ට පෞද්ගලික වාසි අත්වෙනවයි කියා සිතන්න්නත් අමාරුයි....නමුත් රොම්නි ආවත් ඔබාමා ආවත් ඔවුන් එම තීරන වෙනුවෙන් පෙනී හිටිනවා.....
එම නිසා පරිසරය හා දේශපාලනය පිලිබද ලොකු චිත්‍රයේදී එවායේ 'අරමුනු' වෙනස්....'තීන්දු තීරන ගන්නා අය' වෙනස්.....'ක්‍රියාත්මක වෙන විදිහ' වෙනස්.....එය අපේ වගේ නීතිය රකින්නේ නැති රටවල දේශපාලකයන්ගේ වංචාවන් සමග පටලවා ගත් යුතු නෑ.... අපේ රටේ ඉන්න දූශිත දේශපාලකයන්ට පරිසරය විතරක් නෙවෙයි ගහන්න පුලුවන් නම් පන්සලෙන් දේවාල කියා වෙනසකුත් නෑත
මම කියන්නෙත් ඒකමයි. ළෝකේ නිළධාරින් හදන්න ඉස්සෙල්ලා. අපේ නිළධාරින් හදන්න එපයි. අපේ නිළධාරීන්, දේශපාලකයන්ගේ සාක්කුවේ. කෝ මහළොකු පරිසර සංවිධාන. කටක් අරිනවද. පිරටින් එන සල්ලි ගිලින එක විතරයි නේද කරන්නේ. අපි අපේ උන් හදා ගන්නේ නැතුව ළෝකේ උන් හදන්නෙ කොහොමද. ඔන්න අපිට වඩා ඇමේසන් වල ඉන්න ගෝතිකයෙකුට අයිතියක් තියෙනවා, ඔබාමට කියන්න පිස්සු කෙලින්න එපා කියලා. "යුනෙප්" එකට කියන්න පුළුවන් බයිලා ගහන්න එපා කියලා. ඒත් ඒ අයිතිය අපිට නෑ. මගේ මතය එයයි.
Deleteනැහැ මාතලන් , ලංකාවේ අභ්‍යන්තර දේශපාලනය මොක වුනත් ලෝක කාබන් විමෝචනය ගැන ගැන කථා කරන්න ලංකාවටත් අයිතිය තියනවා . මොකද අවම කාබන් විමෝචනයක් තියාගෙන්න මාලදිවයින වගේම අපෙත් මුහුදු බඩ ප්‍රදේශ ඔය නිසා අවදානමක තියෙන්නේ . ඇමරිකාව වර්ථමානයේ අත්කරගෙන ඉන්න සංවර්ධන මට්ටමට (ආර්ථික සහ මානව ) චීනය , ඉන්දියාව බ්‍රසීලය එනවා කියන්නේ . සම්පත් පරිභෝජනය අතින් බරපතල ගැටලුවක් නිර්මාණය කරන දෙයක් . දැනට හුදු සාකච්ඡාවලට පමණක් සිමා වෙලා තියන මේ දේවල් ගැන 2040-2050 වගේ කාලවලින් පස්සේ අනිවාර්යයෙන්ම ක්‍රියා කාරි වෙන්න වෙයි . ලෝකයාටම
Deleteසැබවින්ම දියුණු රටක් කියන්නේ ගෙදර සියලු දෙනාම කාර්වල යන රට නොවේය . කිසිදු අපහසුතාවයකින් තොරව පොදු ප්‍රවාහන සේවයක යන රටය කියල කොහේද මන්ද කියෙව්වා . මාත් හිතන්නේ අන්න එතනයි අපි එන්න ඕනි තැන
මයිය 50ට පැතුම් මගෙන්!!
ReplyDeleteස්තූතියි කෙන්ජි....
Deleteඅපූරු ලිපියක් මයියා. නොදන්න දේවල් රාශියක් දැනගත්තා.ස්තුතියි....
ReplyDeleteස්තූතීයි තීර්ත..ඒක මටලොකු සතුටක්
Deleteසුභ පැතුම් සුභ පැතුම් :)
ReplyDeleteඩයලොග් ඩබල් බෝනස් වගේ...සුභ පැතුම් දේපාරක් :)
Deleteමගේ සුබපැතුම් මයියා. පර්සරය හා දේශපාලනය. සෑහෙන වටින මාතෘකාවක්.
ReplyDeleteස්තූතියි රතු....
Delete50ට මගේ සුබ පැතුම් මයියා
ReplyDeleteස්තූතියී...ඊයේ ගොඩක් වෙලා හැලපයියගේ බ්ලොග් එකත් එක්ක සෙල්ලං කලා..බල්ං ගියාම අපි කුණුහරුප කියලා හිතං ඉනා වචන කුණු හරුප නෙවේ....
Deleteදිගටම ලියන්න.
ReplyDeleteමහායානය සහ ථේරවාදය ගැන ඔබ ලියා තිබෙන ලිපිය ඉතා ඉහල ගනයේ එකක්!
ස්තූතියි කරු....ඒ ලිපියට ගොඩක් මහන්සි උනා...ඒත් ඒකෙම පලවෙනි ලිපිය ලියන්න එච්චර වෙලා ගියේ නෑ....
Delete//දියුණු රටක ඉන්න පවුලක, ගෙදරක තාත්තටයි අම්මමටයි වැඩට යන්න වෙන වෙනම කාර් තියාගෙන කරදඩු උස් මහත් වෙච්ච ලොකු පුතාට පාට් ටයිම් ජොබ් එක කර ගන්නත් ගෙදර කාර් එකක් තියා ගෙන ඉන්න පුලුවන්. ඒතකොට රස්නේ උනාම ඒසී දාගෙන හීත කාලෙදි හිට්ර් දාගෙන ඉන්න එකෙත් වරදක් නෑ.
ReplyDeleteහැබැයි ඒක එහෙම උනාට වීනෙයි ඉන්දියාවෙයි ඉන්න බිලියන් ගානක දුප්පත් පොරවල් කකුල් දෙකට වීරීය දාලා පදින සයිකල් කට්ට වෙනුවට මොටර් සයිකලයක් ගන්න එක ප්‍රශ්ණයක් වෙනවා. මොකද ඒතකොට තෙල් බැරල් එකට තරගේ වැඩි වෙනවා වගේම පුච්චපු තෙල් වලින් වායුගෝලයය්ට එකතු කරන කාබන් ප්‍රමානයත් වැඩි වෙන හින්දා.//
:)
පරිසර දේශපාලනයේ අරමුණු ඔන්න ඔය කියලා තියෙන දේ ඒ විදිහට තියා ගන්නයි...නැත්නම් ගොඩක් දෙනෙක් හිතං ඉන්න පරිසරය සුරැකීම නෙවෙයි....ඒක ලස්සන අයිසිං එකක් විතරයි...
Delete50 වෙනි පෝස්ටුවට මගෙනුත් සුබ පැතුම් මයියා !
ReplyDeleteස්තූතියි ලිහිණි....
Deleteඅර්ධ ශතකයට සුබ පැතුම්..! :)
ReplyDeleteස්තූතියි චන්දන...
Deleteමම බොහොම අවධානයෙන් කියවන ලියමන් ඔබේ
ReplyDeleteහැමදාමත් කියනවා වාගේ කෙනෙක් ලියන්නේ කියවන්න නෙව - ලියන දෙයින් ස්වායත්තව කියවන්නා ගැන ගෞරවයක් ඇති ලියන්නන් විරලය -
සුනිල් එදිරිසිංහ මෙහෙම ගයනව නෙවෑ
'අන්න බලන් දැමුණු දනා - නෙත රසඳුන් වෙනවා'
ජය සහෝ!
ස්තූතියි තිස්ස.....තිස්සගේ වචන මට හැමවිටම එන්කරේජ්මෙන්ට් එකක්
Deleteහරවත් මාතෘකාවකින්ම පණස්වෙනි සටහනත් එක් කරලා.
ReplyDeleteපරිසරය වගේම හැම දෙයකම යටින් දුවන්නෙ දේශපාලනයම නේන්නම්.
ජය!
ස්තූතියි නලිනි....හැම දේයක්ම ..හැම දෙයක්ම...එක එක මට්ටම් වලින් ඒක එක ප්‍රමානනයෙන්
Deleteස්තූතියි නලිනි ,,,මං මේකට කමෙන්ට් එකක් දැම්ම..ඒත් ඒක පෙන්නේ නෑ....අගය කිරීම සතුටල්
Deleteඔබ හාෆ් සෙන්චරියකින් හිට්ස් ලබාගෙන තිබෙන හිට්ස් ගණන මා සෙන්චරි තුනකින් ලබාගෙන තිබෙන හිට්ස් ගණනට සමානයි, එයින් පෙනෙනවා ඔබගේ ලිවීමේ හැකියාව මෙන්ම ලිපිවල හරවත් බව, ගුණාත්මක, විනෝදාත්මක භාවය. විශේශයෙන් නලින් ගැන තිබෙන ලිපිය මා සොයමින් සිටිය වර්ගයේ එකක්. නලින්ගේ චින්තනය ගැන අප මීට වඩා සංවාදයක් ඇති කල යුතු බව මගේ විශ්වාසයයි.
ReplyDeleteඔබට තව තව වැඩි වැඩියෙන් ලිවීමට ශක්තිය ලැබේවායි පතමි
ස්තූතියි බතී.....හිට්ස් ගැන මම සැලකිලිමත්..හැමවිටම මම වැඩි පාඨක පිරිසක ට යන්න උත්සහ කරනවා..ඒත් මම හිට්ස් බලා ගෙන ලියන්න, මාතෲකා හදා ගන්නේ නෑ....එහිට්ස් බලා ගෙන නොලිවිය යුතු බව මම ඉගෙන ගත්තේ කටුක පාඩමකින්....හැමවිටම ලියන දෙය වචන නැමැති ලස්සන දවටනයේ ඔතලා දෙනවා මිසක් හිට්ස් බලා ගෙන ලිවිය යුතු දේ තීරනය කිරීම නොකල යුතු බව මෙහි ප්‍රතිපත්තියයි.....
Deleteමේක මිස් වුනේ මොකද කියල කල්පනා කලේ . ප්‍රමාද වීම ගැන සමාවෙන්න 50 වෙනි ලිපියට සුභ පැතුම් . ලිව්ව ප්‍රමාණය නෙවෙයි ලිව්ව දේවල් රසයයි වැදගත් . ඒ නිසා හැකි විදිහෙන් ලියාගෙන ගමන යමු
ReplyDeleteස්තූතියි බුවා....ඔව් හොද දෙයක්..හිතට ගලපන වැදෙන දෙයකක් හොදට ලියමු..ඒච්චරයි
Delete51වෙනි කමෙන්ටුවෙන් මගේ සුභපැතුම්.
ReplyDeleteමම කැමති මයිය බුදුදහම ගැන ලියපු ලිපි වලට.
ස්තූතියි රාජ්..තව ලිපි දෙක තුනක් බුද්ධාගම ගැන ලියන්න හිතං ඉන්නවා,
Deleteමයියා ඇතුළු සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා..!!
ReplyDeleteචන්දන ඇතූ පවුලේ සැමටත් එසේම වේවා
Deleteපණහටත්, අලුත් අවුරුද්දටත් මගෙන් සුභ පැතුම්!!!
ReplyDeleteස්තූතියි තිසර...තිසරටත් සුභම සුභ් අළුත් අවුරුද්දක් වේවා
Deleteනලීන්ටත් එසේම වේවා.........
ReplyDelete