http://www.guardian.co.uk/news/datablog/2010/jun/09/bp-energy-statistics-consumption-reserves-energy |
'ගෝලීය උණුසුම' ( Global Warming) , ' පරිසර වෙනස් වීම (Climate change)' යන වචන ලංකාවේ අපිට නිතර නිතර අසා ඇති නමුත් යුද්ධය, දේශපාලනය, ආණ්ඩු විරෝධය, දූශණය , වංචාව හෝ ගොසිප් වැනි ජනප්‍රිය මාතෘකා ගොන්නට ඒවා නොවැටේ. ගෝලීය උණුසුම වැනි විශයන් සම්භන්දව, පාසල් යන දුවා දරුවන් අතර කිසියම් ප්‍රමාණයකට දැනුවත් වීමක් ඇතැයි අනුමාන කල හැකි උවත් වැඩිහිටියන් අතර නම් මෙවැනි මාතෘකා කතා කරනු දක්නට ලැබීම අතිශය දුර්ලභය. මෙවැනි විෂයන් සම්බන්දව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය අතරද කතිකාවක් නොමැති තරම්ය.
ලංකාවේ 'පරිසර විද්‍යාව (Environmantal Science)' පිලිබද ඇති සැලකීම ඒවැන්නක් උවත් ලෝකය සම්භන්දව ගත් කල ඒ පිලිබද ඇති අවධානය අති මහත්ය. කොටින්ම කිවහොත් අද ලෝක දේශපාලනය යටින් දිවෙන ප්‍රධාන අරමුණූ පරිසර ඉලක්කයන්ය. අද ලෝකය් ඇති වී ඇති ප්‍රධාන යුද්ධ කීපයකම මූලික පදනම හා අරමුණ වී ඇත්තේ පරිසරය හා හා බැදුනු දේය. ඒ නිසාම බටහිර රටකදී ' ගෝලීය උණුසුම', 'කාබන් බදු' වැනි මාතෘකා ඒරට සාමාන්‍ය ජනතාව අතරද ඉතා ප්‍රචලිත මාතෘකාය. කොටින්ම කිවහෝත් පාසලේ බාලාංශ පංතිවල ඉගෙන ගන්නා දරුවන් පවා ගෝලීය උණුසුම පිලිබද ප්‍රශ්ණ පිලිබද සුලු ප්‍රමාණයෙන් උවද දැනුවත්ය.
මුලින් කීවාක් මෙන් පරිසර ප්‍රශ්ණය වර්තමාන ලෝක දේශපාලනය මෙහෙයවන ප්‍රධාන සාදකය ය. මතුපිටන් බැලු කල එය එක එල්ලේ දක්නට නොලැබුනත් වඩා විමසිලිමත්ව බැලූ කල මෙය මනාව අවබෝධ කර ගත හැක්කකි. අද යුද්ධය, දේශපාලනය හා පරිසරය යනු වෙන් වෙන් කාරණා නොව එකිනෙක බැදුනු පරිසරය මුල් කර ගෙන දිවෙන ප්‍රපංචයන්ය.
http://www.smh.com.au/opinion/politics/selfinterest-will-dictate-that-the-party-now-unites-20120226-1twh0.html
ඒ ප්‍රජාත්‍රන්තවාදය සුරකින ශිෂ්ඨ යැයි සැලකෙන රටකට පරසරය බලපාන ආකාරය. මූල්‍යමය අතින් දුශ්කර, දේශපාලන වශයෙන් දුර්වල රටකට පරිසරය හා බැදුනු කාරණා බලපෑම් කරන ආකාරය මීට වඩා දරුණුය. අශිෂ්ඨය.
මේ ඔක්කොම පැහැදිලි කල හැකි තියරියක් ඇත. එයට මා කියන්නේ 'අසූවයි - විස්සේ ' තියරිය කියාය. කලමණාකරණය හා ඉකොනොමික්ස් විශයන් හදාරන අය නම් මෙය වෙනත් නම් වලින් හදුන්වනවා අසා ඇති මුත් 'අසූවයි - විස්සේ ' තියරිය අද අප මුහුණ පා ඇති ගොඩක් ප්‍රශ්ණ වල මූලික යථාර්ථය ය.
අසූවයි විස්සේ තියරියත් සමග ඊලග ලිපියෙන් නැවත් හමු වෙමු...
සම්පූර්ණ ලිපියම එනකල් ඉන්නම්කෝ...
ReplyDeleteඅනුපාතය එහා මෙහා වුවත් පැරෙටෝ වැලිඩ් බව දනිමි!
මට මතක් උනේ Dogs Of War නවකතාව..
ReplyDeleteපැරෙටෝ තියරිය මාත් පාවිච්චි කරනවා සෑහෙන්න තැන් වලදි..
ReplyDeleteතියරිය නොදනිමි! ඊගාව ලිපිය බලාපොර්තු වෙමි! :)
ReplyDeleteඅපේ රටවල තියන ප්‍රශ්න බැලුවම පාරිසරික ප්‍රශ්න කියන දේවල් ඈතට තල්ලු වෙලා තියෙන්නෙ.
ReplyDeleteපරිසර පුරස්ෙනන් අපිත් නාන දවස වැඩි අෑත නැහැ. අනික් ඒකත් දාන්ටෙකා් බලන්න
ReplyDeleteහොඳ ප්‍රවේශයක් !
ReplyDelete+++++
ReplyDeleteඈආආආආආආආආආආඅ....
ReplyDeleteතිස්ස,වෙනී,ලිහිණි, සබිත්, දේශකයා, රාජ්, කරුනාරත්න,බුවා,යසිත් ඔබ සෑමට ස්තූතියි..
ReplyDeleteඔව් පැරෙටො තියරියත් - කථාවක් තමයි...ඕක ඒක එක විදිහට එක ඒක් තැන යොදා ගන්නවා....
ෆෙඩ්‍රික් ෆෝසයිත් ගේ ද ඩේ ඔෆ් ද ජැකල් මගේ ආසම නවකථාවක්...ඒයාගේම 'ඩෝග්ස් ඔෆ් වොර්' නම් කියවලා නෑ...ලිහිනිත් කියන විදිහට ඒක්ත් හොදම එකක් වෙන්න ඕඅනා
අදමයි ආවේ ඕයි...
ReplyDeleteමට මේවා තේරෙන්නෑ ඉතින් :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
පටන් ගන්ඩත් කලින්ම ඉවර කරලානෙ..
ReplyDeleteඊළඟ කොටහත් ඉක්මනට දාමු..
පැරෙටො. විල්ෆ්‍රෙඩො පැරෙටො සහ ප්‍රභූ සහ ප්‍රභූ නොවන දේශපාලනය ගැනත් කියන්න
ReplyDelete