Showing posts with label අපේ ගෙදර. Show all posts
Showing posts with label අපේ ගෙදර. Show all posts

Monday, 5 February 2024

මන්නාරමයි කොටුවයි

ගිය පාර නිවාඩුවෙදී යාපනේ යන්න යද්දි, ඒ ගමන  මන්නාරම පැත්තෙන් යන්න හිතා ගත්තේ , මම  කවදාවත් මීට කලින් මන්නාරම, පූනරීන් හරහා සංගුපිඩ්ඩි පාලම පැත්තෙන් යාපනේ ගිහිල්ලා තිබ්බෙ නැති හින්දමයි...

අවුරුදු දෙකකට කිට්ටු කාලයක් මුලතිව් වල වැඩ කලත්, හැම සති අන්තෙකම මුලතිව් සහ කොළඹ අතර ගමන් කලත් , ඒ කාලේ ඕනා තරම් යාපනේට ගිහිල්ලා තිබ්බත්, මේ  පැත්ත මට ආවරණය කර ගන්න බැරි  වෙලා තිබ්බේ. 

ඇත්තටම අපි යාපනේ යන්න හිතාගෙන පාරට බැස්සම කියන්නත් බෑ...කොහෙ හරි ට්‍රිප් එකක් යනවයි කියලා හිතාගෙන  පාරට බැහැලා පස්යාල, ගිරිඋල්ල, වාරියපොල පැත්තෙන් දාලා  පාදෙණිය පාරෙන් ආවේ අනුරාධපුර පැත්තට එන්න කියලා හිතාගෙන.  ඇත්තටම, මේ පාරේ මම කොච්චර නම් ගිහින් තියෙනවද... අවුරුදු දෙකක් තිස්සේ නියං , වැහි , ගං වතුර ,  ඔය ඕනෑම දේශගුණික තත්වයක් යටතේ අවුරුදු දෙකක් තිස්සේ  එහාට මෙහාට ගිය පාරක්. ඔය වාරියපොලට යන්නත් අපිම හොයා ගත්ත හොර පාරක් තියෙනවා. නාරම්මලට කලින් මැටියාගනේ හන්දියෙන් හැරිලා  කඩහපොල හරහා තමයි අපි යන්නෙ. මේ යන කොට පහු කරන්නෙ ලස්සන ගම්බද පෙදෙසක්.

ඒත් එදා නම් බලන්න තැනක් හොය හොය ගිය හින්දමද මන්දා පාදෙණිය හන්දිය පහු කරලා ඉස්සරාට ඇදෙද්දි ඇහැ ගැටුනේ දැඳුරු ඔය ජලාශෙට හැරෙන තැන නමින්  ගහපු බෝඩ් එක. ඒක මට කවදාවත්  මීට කලින් ඇහැ ගැහිලා තිබ්බෙ නැත්තේ, ඒ ගිය  හැම වතාවක්ම ගියේ කඩිමුඩියේ හින්දා වෙන්නැති.  ඇත්තටම කියනවා නම් දැඳුරු ඔය  ජලාශය ගාව බැහැලා එහෙ මෙහෙ  වෙවී ඉන්න කොට තමයි අපි යාපනේ යන්න ඕනා කියලා තීරණයට ආවේ .

දැඳුරු ඔය ජලාශයේ ප්‍රධාන වාන් දොරටු. ජලාශය පැත්තෙන් පේන විදිහ 

ඉතින් දැඳුරු ඔය ජලාශය බලා ගත්ත අපි , පාදෙණිය පාර ඔස්සේ අනුරාධපුරයට ඇවිත්, අනුරාධපුර යාපන හංදිය  පහු කරගෙන රඹෑව , මැදවච්චියට පැත්තට පිටත් උනා. මම මුලතිව් වැඩ කරද්දි, මැදවච්චිය කියන්නේ අමතක නොවෙන සිදුවීම් වෙච්චි ටවුමක්.ඒවා ගැන පස්සේ කථා කරන්නම්. 


දැඳුරු ඔය ජලාශයේ අවට අංශක 360  දසුනක් ( ෆොටෝ එක උඩ ක්ලික් කරලා ටිකක් පැහැදිලිව බලා ගන්න පුලුවන්) 


රඹෑව හන්දිය පහු කරගෙන , පරණ පුරුදු නෙළුම් කොලේ බත් කඩය හොයා ගෙන ආවත්, එතැන හරියට හොයා ගන්න බැරි උනා. නෙළුම් කොලේ බත් කඩේ අයිතිකාර මගේ හිතවත් තරුණ මහත්මයා නැති උන විත්තිය මීට කලින් මම ෆේස්බුක් එකේ දැකලා තිබ්බත්, එයාගේ නෝනා කඩේ කරගෙන යන විත්තිය එයින් කියැවෙලා තිබ්බා. එහාට මෙහාට කීප වරක් ගිහින් අන්තිමට පරණ පුරුදු තැන හොයා ගත්තත් , අවාසනාවට  නෙලුම් කොලේ  කඩේ වහලා. ඉස්සර මුලතිව් ඉදන් අපි පැය දෙකක්- තුනක් ගෙවා ගෙන මෙතැනට එන්නෙ ඒ කෑම රසටත්,  කඩේ අයිති තරුණ මහත්මයගේ ආගන්තුක සත්කාරයටත් තිබ්බ කැමැත්තට. 

පුරුදු නෙලුම් කොලේ කඩේ වහලා තිබ්බ නිසා අන්තිමට අපිට දිවා ආහාරය ගන්න සිද්ධ උනේ අළුත් තැනකින්..හැබැයි අපරාදේ කියන්න බෑ...කෑම ටික නම් සුපිරියට තිබ්බා...මම නම්  හොද බත් පිඟානකුත් කාලා අන්තිමට ලිපේ පුච්චපු රොටි දෙකකටත් වග කියලයි නතර උනේ.

කොහොම හරි දවල් බත සරි කර ගත්ත අපි මැදවච්චිය ටවුමට ඇවිත්, ඉස්සරාට යන්න තියෙන නොදන්න පාරේ යන්න සෙට් උනා. නොදන්න පාර කිව්වට ඉතින්, මන්නාරම් පාරේ  ගිහින් තිබ්බෙ නැත්තෙ මංතුමා විතරයි. අපේ නෝනා මේ පාරේ,  මීට කලින් රාජකාරී වැඩකට ගිහින් තිබ්බා. මැදවච්චිය ටවුමෙදි, අතරමගදි හපන්න  කියලා අඩුම කුඩුම ටිකකුත් ගත්තා. මේ ගමන යන්නේ බිරිදත්, කොල්ලො තුන් දෙනත් එක්ක නිසා, මධ්‍යපානේ නම් අතරමගදි කලේ නෑ. 

මන්නාරම පාරෙන් යද්දි ඉස්සෙලම හම්බ වෙන්නේ මඩු දේවස්ථානයට හැරෙන පාර. ඒ පාර පටන් ගන්න තැනම යුධ හමුදාවෙන් පරික්ශා කරනවා.  මන්නාරම් පාරේ ඉදන්  මඩු දේවස්ථානයට යන්න කි.මී.12ක් විතර තියෙනවා. පාර නම් හොදටම හදලා තිබ්බේ. 

අපි  මේ සංචාරය ගියේ 2023 ජූලී මාසේ. මේ වෙනකොට මඩු පල්ලියේ අළුත්වැඩියා කටයුතු සිදුවෙමින් තිබ්බේ. ඒ කටයුතු මැද්දේ උනත් දේවස්ථානය බලා කියා ගන්න අමාරුවක් නම් උනේ නෑ. 

මඩු ප්‍රධාන දේවස්ථානය ඇතුලේ දර්ශනයක්. 


මඩු දේවස්ථානය බලා කියා ගෙන ආපසු මන්නාරම  ප්‍රධාන පාරට වැටිලා ඉස්සරාට යන කොට ඊලඟට හම්බවෙන තැන තමයි , යෝධ වැව. යෝධ වැව තියෙන්නෙ ප්‍රධාන පාරටත්, මන්නාරම්  රේල් පාරටත් යාබධව දකුණු අත පැත්තේ. මේ දවස් වල තිබ්බ දැඩි නියං කාලගුණයත් එක්ක වැව නම් නැට්ටටම  හිඳිලා තිබ්බෙ. 

මන්නාරම් පාරට ආසන්නයේ ඇති යෝධ වැවේ බන්ට් එක උඩ ඉදන් ගත්ත අංශක 360  පින්තූරයක් 

යෝධ වැවත් එක්ක තියෙන මන්නාරම් පාර තනි කෙලින් ඉද්ද ගැහුවා වගේ  පාරක්. ඔය හරියෙදිම තමයි පොලිසීයේ ගුණ යහපත් මහත්වරු දෙන්නෙක් අපේ වාහනේ නතර කරේ. හදිසියේ 100 පන්නලා යන්නේ, කාටවත් කරදරයක් වත්  ද ? කියලා දැන ගන්නයි ඒ මහත්වරුන්ට ඕනේ කරලා තිබ්බෙ. ඒ වෙලාවේ හැන්දෑවේ හතරාමාරට විතර කිට්ටු කරලා තිබ්බ නිසා දඩ කෝලයක් ලිව්වත්, පහුවෙනිදට ආපහු යාපනේ ඉදලා එන්න වෙන විත්තිය මම මතක් කරලා දුන්නම, ඒ මහත්වරුන්ටත් ගොඩාක්  දුක හිතුනා. අනිත් එක යුද්ධෙ ඉවර වෙච්චි ගමන් මුලතිව් වල අපි දුක් මහන්සියෙන්  හදපු පාරවල් බලාගෙන  එන්න යන ගමනක් විත්තියත් මම මතක් කලාම, එයින් එක පොලිස් මහත්තයෙක් මුලතිව් පොලිසීයේ වැඩකරලා තියෙන බවත් කියන්න තරම් නිහතමානී උනා. පරිස්සමට යාපනයට යන  බව පොරොන්දු වෙච්චි නිසා, ඒ මහත්වරු දෙන්නා මට යන්න දුන්නේ , ඒ මහත්වරුන්ගේ තියෙන ගුණ යහපත් කමටම කියලා මට හිතෙනවා.

මේ ලිපිය ලියන්න හේතූ වෙච්චි, මන්නාරම් දූපතට අපි සෙන්දු වෙන්නෙ මේ වගෙ පොඩි අලකලංචියකුත් එක්ක. ඒ වෙනකොට හැන්දෑ වෙලා, හවස පහ වගේ වෙලා තිබ්බෙ. 

මන්නාරම් දූපතට ඇතුලු වෙන තැනම තියෙන්නෙ  ලොකු හමුදා මුරපොලක්. යුද්ධෙත් ඉවර වෙලා, මෙච්චර ලොකු හමුදා පරික්ෂා පොලක්  පවත්වාගෙන යන්නෙ මොකද කියන කාරණය මම එතැන හිටිය නිලධාරියෙක්ගෙන් අහගන්න පසුබට උනේ නෑ. කාරණය ඇවිල්ලා මන්නාරම දූපත්, ඉන්දියාවට බොහොම කිට්ටුවෙන් පැවතීම සහ හොර බඩු ජාවාරම. දූපතට එන වාහනත් , යන වාහනත්  දෙකම ඒ නිසා නිරතුරුව පරික්ෂාවට ලක් වෙනවා. 
ලංකා ප්‍රධාන ගොඩ බිමත් , මන්නාරම දූපතත් යා කෙරෙන ඉපැරණි පාලම. මෙහි වම් පැත්තෙන් ප්‍රධාන ගොඩබිමත්, දකුණු පැත්තෙන් මන්නාරම් දූපතත්  එකිනෙක යාවෙනවා.  පිංතූරය අරන් තියෙන්නෙ මන්නාරම බලකොටුවේ ඉදන් 


මන්නාරම් දූපතට ඇතුලු වෙච්චි අපි ඉස්සෙලම බලන්න ගියේ දූපතට ඇතුලුවෙන කිට්ටුවම තියෙන පරණ පෘතූගීසී බලකොටුව. මුහුදත් එක්කම තියෙන, මේ බලකොටුවෙ  ප්‍රතිසංස්කරණ වැඩ සිද්ධ වෙමින් තිබ්බෙ. 

මං හිතන්නෙ අපි කොටුවට ආවේ , දවසේ හොදම වෙලාවට කියලා. ඉර බැස යන්න කිට්ටුවෙන් එන මුහුදු සුලඟත් එක්ක කොටුව ඇතුලේ තිබ්බේ අමුතුම සුන්දර බවක්.

මේ කොටුවේ එහා මෙහා ඇවිදින ගමන්ම තමයි, එදින රාත්‍රියේ යාපනේ නැවතීමට අදාල ස්ථානය,  ජංගම දුරකතනය හරහා වෙන්  කර ගත්තෙ. යාපනේට ලඟා වෙන්න තව පැය දෙක තුනක් යන නිසාත්, ඒ වන විට රාත්‍රිය වී තැනක් සොයා ගැනීමට අපහසු වීමට ඉඩ ඇති නිසාත්, එය කලින්ම බේරුම් කර ගැනීම අස්වැසිල්ලක් උන බව කියන්න ඕනේ. 


මන්නාරම් කොටුවේ තියෙන විශේෂම දේ හැටියට මට හිතෙන්නේ එහි කුඩා වපසරියත්, ඒ නිසාම කොටුවේ සියලු මායිම් සිතු සේ බලා කියා ගැනීමට තියෙන හැකියාව.කිසි කරදරයකින් තොරව කොටුවේ සියලු මායිම් වල ගමන් කිරීමට මෙහි හැකියාව තියෙනවා.  ලංකාවේ කොහේ තිබ්බත්  ලන්දේසී , පෘතුගීසී බලකොටු තනා තිබෙන්නෙ එකම ආකෘතියකට. වෙනස් වෙන්නෙ ඒවායේ විශාලත්වය විතරයි. මන්නාරම් බලකොටුව මේ ආකෘතිය දැන කියා ගන්න හොදම ස්ථානයක් කියලා මට හිතෙනවා. 

මන්නාරම කොටුවේ ඉපැරණි සිතියමක් - reference :https://amazinglanka.com/wp/mannar-fort/



මන්නාරම් බලකොටුව මුලින්ම ඉදිකර ඇත්තේ පෘතූගීසින් වර්ෂ 1518 දී පමණ. ඉන්පසුව එය වර්ෂ 1658 දී ලන්දේසීන් විසින් අල්ලා ගෙන තිබෙනවා. ඔවුන් ප්‍රධාන දොරටු ශක්තිමත් කිරීම හැර, පෘතුගීසින් විසින් ඉදිකරන ලද මේ බලකොටුව, විශාල වශයෙන් වෙනස් කර නෑ. අවසාන වශයෙන් වර්ෂ  1795 දී මෙය  ඉංග්‍රීසීන් විසින් අත්පත් කරගෙන තිබෙනවා. 

මන්නාරම් කොටුව එක පැත්තකින් මුහුදෙනුත්, අනිත් තුන් පැත්ත විශාල දිය අඟලකිනුත් ආරක්ෂා වී තිබෙනවා. 

මන්නාරම් කොටුවත්, මන්නාරම් දූපතත් වෙන්කරමින් තනා ඇති ආරක්ශිත දිය අඟල. මේ තියෙන කොටු බැම්මෙ සිට මන්නාරම් පාලම දිහා ඉර බැසගෙන යන දර්ශනය බලං ඉදීම හරිම සුන්දර අත්දැකීමක්. මුහුදු සුළඟත් එක්ක බැදපු මයියොක්කා පෙති ටිකක් රසකර කමින් මුලු සෑන්දෑවම ගත කරන්න පුලුවන් අපූරූ ස්ථානයක්. 






බලකොටුව ඇතුලේ ප්‍රධාන මිදුල සෙවණ කරමින් වැඩි ඇති විශාල ගස. 



මන්නාරම් කොටුව ඇතුලෙන් , කොටු බැම්මට නැගීමට ඇති ආනත මාර්ගය. ලොකුවට පළල්වට ඉදිකර ඇත්තේ, එකල කාලතුවක්කු, බෝම්බ මේ මාර්ගය ඔස්සෙ කොටු බැම්මට ගෙනගොස් ඇති නිසා වෙන්න පුළුවන්



කොටු බැම්බ මත ගමන් කිරීමට ඇති මාර්ගයෙන් කොටසක්. මේ විදියට කොටු පවුර ඇතුලෙන්  බැම්ම දිගේ ගමන් කිරීමට පුලුවන්. වටේම යන්න පුලුවන් 


කොහොම කොහොම හරි අපි මන්නාරම් කොටුව බලා කියාගෙන ඉවර වෙද්දි කළුවර වැටෙන  කිට්ටුවටම ආවා. 

මන්නාරම දූපතේ කෙලවර පිහිටි තලෙයිමන්නාරමට යෑමට තරම් කාළයක් අපිට ඉතුරු වෙලා තිබ්බෙ නෑ. ඒ නිසාම මන්නාරම් දුපත ඇතුලේ අපිට   කරන්න ඉතුරුවෙලා තිබ්බේ , ලංකාවේ මහතින් වැඩිම ගස ලෙස හදුන්වන බයෝබැබ් ගස බලන්න යන එක විතරයි. මේ ගස මන්නාරම නගරයට ඉතා ලඟින් පිහිටි නිසා අපි එය බලන්න සිතා ගත්තා. 

ලංකාවේ වටප්‍රමාණයෙන් වැඩිම ගස ලෙස හදුන්වන මන්නාරම් දූපතේ පිහිටි බයෝබැබ් ගස. 


කට්ටිය කියන විදිහට මේ ගස අවුරුදු 700ක් පමණ පැරණි ගසක්. ගසේ වටප්‍රමානය  මීටර 20 ක් පමන.ගස එච්චර උසනම් නෑ. හැබැයි ඉතින් වටප්‍රමාණය නම් අතිවිශාලයි තමයි. මේ බයෝබැබ් ගස හැදිලා තියෙන්නෙ මන්නාරමට ආපු අරාබි ජාතික වෙළෙන්දෙන්ගේ  බයෝබැබ් පලතුරකින් වැටිච්චි ඇටයකින් කියලා තමයි කියන්නේ.  

කොහොම හරි මේ ටික ඔක්කොම ආවරණය කරගෙන මන්නාරම් දූපතෙන් පිටත් වීමට සුදානම් වෙන විට හැන්දෑ වෙලා. නමුත් මන්නාරමටම ඇවිත්  සී ෆුඩ් ඩිශ් එකක් කන්නැතුවෙ එන එක හොද නෑ කියලා මගේ හිත ඇතුලෙන් විශාල ශබ්දයක් ආවා. ඒගැන අපේ  පවුලේ ඔක්කොම එකඟතාවයක් දක්වපු නිසා , මන්නාරම ටවුම ඇතුලේ ටිකක් කර කැවෙන කොට ඒ සදහා තැනක් අපට හම්බ උනා. මන්නාරම ටවුම ඇතුලේ සිංහල කථා කරන අය නම් අඩුයි. කතා කිරීම කෙසේ වෙතත් සිංහල තේරේන අයත් අඩුයි. ඒ නිසා සී ෆුඩ් කන්න තැනක් හොයා ගන්න එක නම් ටිකක් අමාරු උනා.  ඒත් අන්තිමට ඒ දොලදුකත් සන්තර්පණය කරගෙන අපි ඒ හැන්දෑවෙම යාපනය දිහාවට ඉගිළුනා.

අරමුණක් නැතිව පටන් ගත්තෙ මේ ගමන , එදින රාත්‍රියේ  යාපනයට ලඟා වෙන කොට රාත්‍රි නවයටම කිට්ටු වෙලා තිබ්බා. 

මේ තියෙන්නේ අපි මන්නාරමට ගමන් කරපු පාරේ දල සටහනක් :කඩවත- පස්යාල- ගිරිඋල්ල- මැටියාගනේ-කඩහපොල- කටුපොත-වාරියපොල- පාදෙණිය-අනුරාධපුර - මැදවච්චිය-මන්නාරම



ප:ලි - මේ ලිපිය කොටන්න කියලා හිතට ආවේ අවන්හල බ්ලොග් එක ලියන මහෙෂ්ගෙ ලිපියක් දැකලා.

ෆොටෝ වල නම් කොලිටිය වගේම, ඈන්ගල් උනත් අවුල් කියලා පිලිගන්නවා.

පලවෙනි කාරණයට ස්තූති වෙන ගමන් දෙවැනි කාරණයට සමාව භාජනය කරනවා.


Wednesday, 18 December 2013

ස්වයංවින්දනයක් ගැන මයි කථාවක්...



නවීනත්වයට, නව රටාවන්ට කැමැත්තෝ බොහෝය. එයිනුත් නවීනත්වය වැලද ගැනීමෙහි ලා සමර්ථ  වන්නෝ කොටසකි.විවිධ හේතු අරභයා නවීනත්වය සමග පෑහීමට නොහැකි වී, අතීතය සමග ජීවත් වන්නෝ, නූතනත්වය නැමැති වේදීකාවේ  තම සබකෝලය වසා ගන්නේ නවීනත්වය විවේචනයෙනි. නවීනත්වය අරඹයා වූ ඇතැම් විවේචනයන් ඉතා සාධාරණ හා තර්කානුකූල විය හැකි උවද ඇතැම් විවේචනයන් මට සිහි ගන්වන්නේ නරියා මිදි තිත්තයි කියු ළමා කතාන්දරය ය.

කෙසේ උවද නූතනත්වය යනු සෑමවිටම ධනාත්මකය  නොවෙන්නා සේම අතීතය , සම්ප්‍රදාය යනු මරා දැමිය යුතු සෘණාත්මකයක් නොවෙන බව ද නූතනවාදීන් වටහාගත යුතු ප්‍රපංචයකි.





ප:ලි

 1.) බේසික් ෆෝන් එකක සිට ස්මාර්ට් ෆෝන් එකක් දක්වා  අප්ග්‍රේඩින්  වීමේ සංක්‍රාන්තිසමය තුල , ජීවීතයේ තිස් විය ඉක්මවූවකුගේ  ස්වයං මනෝභාවය පිලිබද ස්වයංවිවරණයකි....ස්වයංවිවේචනයකි...ස්වයංවින්දනයකි.....

2) සර සර ගාන සද්දයක් වගේ ඇහුණා ...බලලා එන්නං....



Saturday, 12 January 2013

සිරස් පොරෝ පහර Vs හරස් කට


ගෑණු තේරුම් ගන්න  හරි අමාරුයි... ඒත් ගෑණු නැති පිරිමි ජිවිතේත් අඩුවක්..බැන්දා හරි  නොබැන්දා හරි,  ගැණියෙක්ගේ ආදරයක් නොලබපු - 'නොපතපු' පිරිමි ජීවිතේ අඩුවක්....  මනමාලකමට නොවුනත්, ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් ලොක්කත් කියන්නේ 'ගැණු කියලා සංකල්පයක් නැත්නම් සල්ලි කියන සංකල්පයෙනුත් වැඩක් නෑ' කියලා...මෙයා මේ නොකියා කියන්නේ පිරිමි අපි ඔක්කෝම කරන්නේ ගෑණු හින්දා කියලා තමයි...

ඔය කථාවේ ඇත්තක්මයි කියලා,  සාඩම්බර පිරිමියෙක් උන මමත් විශ්වාස කරන්නේ නෑ..ඒත් ඔයිට වඩා හොද කථාවක් මගේ යාලුවෙක් මාත් එක්ක කියලා තියෙනවා...මිනිහා කියන විදිහට 'The vertical  mouth is more powerful than the horizontal mouth'........ මේක සිංහලයට පරිවර්තනය කලොත් මේ කියන්නේ 'තිරස් කටට වඩා සිරස් කට වඩා ප්‍රභලයි' කියලා.  ඒත්  'කටට වඩා පොරෝ පාර ප්‍රභලයි...'  කිව්වොත් වඩා ගැලපෙනවා කියලයි මට හිතෙන්නේ... .අර 'කට ඇති පුතයි රුව ඇති දුවයි හොදයි' කියලා  කිව්වට, දැන් මේ කියන විදිහට කට ඇති පුතාට වඩා රුව ඇති දුව වඩා ප්‍රභලයි ........


මේ පුංචි සටහන මම ලියන්න පටන් ගත්තේ මගෙයි - මයි ලේඩිගෙයි ( මයියගේ ගෑණි - මයි ලේඩි...හරි නේද ....) කසාදෙට ලබන ජනවාරී 13 වෙනිදට  අවුරුදු හතක් පිරෙන හින්දයි. කසාදේ ගැන ලියන්නෙ නැතුව , ගෑණු ගැන ලියලා පෝස්ට් එක ආරම්භ කලේ මොකද කියලා මටම තේරෙන්නේ නෑ...ඒත් මට තේරෙන එක දෙයක් තියෙනවා...ඒ ගෑණු තමන් ආදරය කරන මිනිසුන් වෙනුවෙන්  ගොඩක් කැප කිරීම කරන බව....

සෙලින් ඩියොන් ප්‍රසිද්ධ බටහිර ගායිකාවක්....ගැහැණියක්  තමන්ගේ  ආදරය වෙනුවෙන් හදවතේ සිර කරගෙන සිටින කැප කිරීම ඇය ගීතයේන් ලොවට කියන්නේ ඇගේ ' The power of Love" සිංදුවෙනුයි. ලංකාවේ අය ඇයව ගොඩක් අදුනන්නේ සුප්‍රසිද්ධ 'ටයිටැනික්' සිංදුව හින්දයි..



http://www.youtube.com/watch?v=QbBCUbt_DO4

ගීතයේ එක තැනක ඇය මෙසේ ගායනා කරනවා..

"We're heading for something 
Somewhere I've never been 
Sometimes I am frightened 
But I'm ready to learn 
Of the power of love "

ගීතයේ මේ කොටස මට ඇහෙන කොට මාව හිරි වැටිලා යනවා..ඒ හැමවෙලාවෙම මට මතක් වෙන්නේ මයිලේඩී මට කැමතියි කිව්ව මොහොතයි ......ඒක වෙලා දැන් අවුරුදු දහයකටත් වැඩියි... එදා තිබ්බ තත්වයන් හා කාලය අනුව,  මා සමග හාද වීම දැඩි අභියෝගී තත්වයක්... නමුත් ඇය ඒ තීරනය නොපැකිලව තමන්ගේ හදවතට භාර දුන්නා....ඒදා ඒ එකතු උන හදවත් දෙක මීට අවුරුදු හතකට කලින් නීතීය එදිරියෙත් එකතු උනා...ඒ ලෝකය තවත් හැඩ උනේ පුංචි දඟ කොලු පැටවුන් තුන් දෙනෙකුත් පවුලට ඒකතු වෙන කොටයි....

ඒ කොලු පැටවු තුන් දෙනත්...අවිවේකී සැමියත් සමග වර්තමානයෙත් ඇය කරන්නේ සුලු ප‍ටු කැප කිරීමක්  නොවෙයි...අවුරුදු හතරක් පුරාවට ඉගෙන ගත්ත දේත් පසෙකලා ඇය කරන කැපවීම අගය කිරීමට  මෙවන් පෝස්‍ටුවක් ප්‍රමාණවත් මදී..


ඒත් මා ඇය ගැන  සටහනක් මෙසේ සයිබරයේ තැබු බව හැගීම මට සතුටක්...ඇය මෙය දැක්කොත්  මා ඊටත් වඩා සතු‍ටු වේවි... So... My Lady.....I am wishing you a very  very happy anniversary.....!!! 

Monday, 29 August 2011

සමතැනද? නිසිතැනද?


source: http://www.israelnewsagency.com/unwomenhumanrightsgenderequalityisraeldemocracyunitednations48150111.html

කාන්තා අයිතිවාසිකම් කිව්වම ඉතින් මාර ලොකු වපසරියක් ඇති මාතෘකාවක් නේ.සමහර අය කියන විදිහට කාන්තාවන්ට සමතැන දෙන්න ඕනා. තවත් අය කියන විදිහට කාන්තාවට දෙන්න ඕනා සමතැන නොවෙයි නිසි තැනයි.මයියා ට තේරෙන්නේ නැත්තේ මේ සමතැන ඉල්ලන අය ඉල්ලගෙන නා ගන්න හදන්නේ ඇයි කියලා. ගෙදර ගෑනිට බය නැති පිරිමියෙක් නෑ කියලා තමයි මයියා අදුනන විශේශඥ වෛද්‍යවරයෙක් කියන්නේ. ගෙදර මිනිහව කොන්ට්‍රෝල් කරන් ඉන්න ගැනූ සමතැන ඉල්ලන්න ගිහිල්ල නිකං පල්ලෙහට වැටෙන්නේ ඇයි කියල නම් මයිය ට තේරෙන්නේ නැ.

ඒවා එහෙම උනාට මයියා ට නම් ඔයමොන ප්‍රශ්ණයක්වත් නෑ. මොකද මයියත් , මායියාවත් ( මයි ලේඩී) ඕනෑම දෙයක් කරන්නේ බෙදා හදා ගෙන වීම නිසයි. කොටින්ම ඔය ඩිශිෂ්න් මේකීන් ඒ කියන්නේ තීන්දූ තීරණ ගන්නේත් ඉතින් අපි දෙන්නා බෙදා හදා ගෙන තමයි. මේ කාරණාවේදී මායියාව ඉතාම ත්‍යාගශීලී වී තියෙනවා. ඇය ස්වකැමැත්තෙන්ම ලොකු ලොකු තීරණ ගැනීමේ අයිතිය මයියා ට පවරලා තියෙන අතර , ඔය පොඩි පොඩි තීරණ ගැනීම ඇය භාරගෙන තියෙනවා. උදාහරණයක් ලෙස ගෙදරට ගාන තීන්ත වල පාට, ලමයාව දාන ඉස්කෝලේ, අවුරුද්ද අවසානයේ යන විනෝද චාරිකාව යන්නේ කොහෙද, වීක් එන්ඩ් එකේ බලන ‍ෆිල්ම් එක මොකක්ද, අටට ටීවී එකේ නිව්ස් බලනවද නැත්නම් වෙන මෝකක් හරි බලනවද , පාටී එකකදී කාලා බොනවද නැත්නම් බීලා කනවද වගේ පොඩි පොඩි ප්‍රශ්ණ වලට අදාල තීන්දූ තීරන ගන්නේ ඉතින් මායියාව තමයි. එකත් ඉතින් මයියා ට කරන උදව්වක් ලෙස තමයි. මොකද මයියා ට විසදන්න තියෙන්නේ ඊට වඩා ගොඩක් ලොකු ප්‍රශ්ණ නිසා.ලොකු ලොකු ප්‍රශ්න කිව්වම ඉතින් ඔය ඇමරිකාව ඉරානයට අත තියයි ද, මානව හිමිකම් සම්ලුවෙදි ලංකාවට ගැටලුවක් ඇති වෙයිද, ඉදිරි දශකය තුල ඩොලරය කඩා වැටෙයිද ආදී ලොකු ලොකු ප්‍රශන සම්භ්න්දයෙන් ඉතින් තීන්දු තීරන ගන්නේ මයියා තමයි.

හැමදේම බදාගෙන කන්නේ නැතිව මේ වගේ බෙදා හදාගෙන කැවම කොච්චර ලොකු පහසුවක්ද? අනිත් එක කාන්තාවට සමතැන නොවෙයි නිසිතැන දෙන එකෙත් කොච්චර ලොකු ඵලප්‍රයෝජන තියෙනවද?

Sunday, 24 October 2010

ඩැනිෂ් කුකීස් හා ලOකාවේ බුදුදහම


මයියා මේ ලගදී ෂොපින් ගියේය. ගියේ සුපර් මාර්කට්ටුවකටය. වැඩිදුරක් යන්නට ලැබුනේ නැත. මයියාගේ ඇස ගැටුනේ ඩෙන්මාර්කයේ නිෂ්පාදනය කොරන ඩැනිශ් කුකීස් බිස්කට් ටින් එකක් ලගය. මේ බිස්කට් ගැන මයියා ට පොඩි කාලයේ රසවත් මතකයක් ඇත. බිස්කට් ටින් එක දැක්ක ගමන් මේ බිස්කට් කුකීස් වල රස මයියා ගේ දිවගට දැනෙන්න ඇත්තේ ඒ නිසා විය යුතුය. අවුරුදු ගාණක් තිස්සේ කොතක් සේ ගසා ගන්නා බත් පිගානට රසාඥතාවය සීමා කල මයියා ට, බිස්කට් කුකියක රස වැටීමත් එක්තරා පුදුමයකි....

පොඩි කාලයේ මයියා ගේ ගෙදරට මේ වර්ගයේ බිස්කට් ටින් එකක් තැගී ලැබුනේය. ඒ දවස් වල මේ වර්ගයේ බිස්කට් ටින් එකක් යනු ලක්ෂරි අයිටම් එකකි. පුරුද්දක් වශයෙන් මෙවැනි දෙයක් ලැබුනු විට ගෙදර අය එය පාවිච්චියට ගත්තේ නැත...( ඒ කාලයේ හැම ගෙදරම එසේ දැයි කියා මයියාට අවබෝධයක් නැත... මයියා ට දැන් තියෙන අමාරුව වගේ එකක් ඒ කාලයේ තිබුනා නම් ඒ ගැනත් හරියටම කියන්න තිබුනාය..කෙසේනමුත් මයියලාගේ ගෙදර එසේ විය...)
කොහොමින් කොහොම නමුත් එදින වෙනදා මෙන් නොවීය...අපි එකතු වී බිස්කට් ටින් එක කැඩුවෙමු...පට්ටය..බිස්කට් ටික නම් මරුය...අවුරුදු විස්සකට පසුත් මයියා ට ඒ බිස්කට් රසය මතක් කරවන තරම් මරුය...


මේ බිස්කට ගැන ලියන ගමන් මයියා ට හැගීගියේ ලOකාවේ බුද්ධාගම කියන්නේත් මයියලාගේ ගෙදර බිස්කට් කැම වගේ කියලා ය..මන්ද මයියා ලා කලින් කලේ ගෙදරට ලැබෙන හොද දේවල් , ගෙදරට එන අමුත්තෙකුට දෙන්න ඉතුරු කල එකය,,, නැතිනම් ගෙදරකට යන විට තැගි ලෙස ගෙන යන්න තියා ගත්ත එකය..

ලOකාවේ බුද්ධාගම ද එසේය. මිහිදු මහා රහතන් වහන්සේගේන් අපට බුදධාගම තැගි ලැබුනේය..පරම්පරා ගනනක් තිස්සේ එය අපි තැග්ගක් ලෙස ඊලග පරපුරට තැගී කරන්නේය..කලින් පරම්පරා ගැන මයියා කතා කරන්නේ නැත ...මයියා ගෙ සමකාලින පරම්පරා නම් ලැබුනු තැග්ගේන් වැඩක් ගන්නේ නැත,, එහෙත් ඔවුන් එය ඊලග පරම්පරාවට තැගී කරන්න හිතා ගේන ඉන්නවාය. එසේ කිරීමට ද මාරම වෙහෙසක් ගන්නවාය..ඒ සදහා ඔවුන් දිවිහිමියෙන් උවත් ඉදිරියට එන්නේය...අඩුම වශයෙන් කථාවට හරි එසේ කියනවාය

ප්‍රශ්ණය තියෙන්නේ මයියා ලාට ඩැනිශ් බිස්කට් එක කඩා එහි රස බලන්න හිතුනා වගේ .....පරම්පරාවෙන් පරාම්පරාවට තැගී ලැබුනු බුද්ධාගම තුලට කිදා බසින්නට, එහි රසය විද ගන්නට මේ පරම්පරාව සිතන්නේ නැති වීමය..ඒ සදහා ඔවුනට වෙලාවක්ද නැත..ඔපිස් එක වැඩයි, ගෙදර දරුවන්ගේ වැඩයි සෙට් උනාම ඉතුරු වන්නේ මෙගා ස්ටාර් බලා නින්දට යන වෙලාව විතරය..
කොලුවන්ට නම් ක්ලාස් ගොස් බස් ස්ටැන්ඩ් එකේ වලක් බැස, ගැණු දරුවෙකුට සූවක් දමා ගෙදර ඇවිත් ෆෙස්බුක් ස්ටෙටස් අප්ඩේට් කලාම මල් කඩන වෙලාව එන්නෙය....කෙලි පොඩිත්තන්ගේද වැඩි වෙනසක් නැත..කාට කාටත් වෙලාවක් නැත...ඒක නිසා බුදුදහමේ මොනවා තිබුනත් කමක් නැත..පරම්පරාවෙන් ලැබුනු නිසා ඊලග පරම්පරාවට දුන්නම හොදටම ඇතිය...ඒකට ඉරිදට පන්සල් ගොස් ලමයි ටිකව දහම් පාසල් යවා අවුරුද්දකට පාරක් දානයක් දුන්නම වැඩියත් එක්කය...

පසුව ලියමි;

මයියා බ්ස්කට් ටින් දෙකක්ම මිල දී ගත්තේය..එක බිස්කට් ටින් එකකට නම් මයියා තනියෙන්ම වග කී අතර මයි පැටවුන් ඉතිරි එකට වග කීවේය...මයියාව නම් සිනාමුසු මූනෙන් මයි තාත්තලා හා පුතාලාගේ බඩජාරී කම බලා සිටියාය..

Saturday, 26 June 2010

ගමන දිගයි..යුග හතරයි....ඈවරයි..දෑවරයි

මේක නම් මයියාට හිතුනු දෙයක් නෙමේ. මයියා කොහේදි හරි අහපු දැකපු දේයක්. එත් හරියට මතකයක් නම් නෑ කවදා කොතනකදි කියලා. හැබැයි ඔය කාපු බීපු වේලාවලට මයියා එලියට දාන කථා සOග්‍රහයේ..මේකත් එක කථා වස්තුවක් තමයි..

හරි දැන් එහෙනම් කථාවට බහිමුකෝ..
කථාව නම් මේකයි..දැන් ඔය කොල්ලෝ, කෙල්ලො යාළු වෙනවා නෙව, යාළු වෙලා කාසාදත් බැන්දයි කියමුකො..කසාද බැදලා, දරුමල්ලො හදලා, ලොකුමහත් කරලා, අන්තිමේ වයසට ගිහිල්ලා පොලොවට පස් වෙලා යනවා..ඕක ඉතින් ජීවන චක්‍රය නොවැ..

කතාවේ හැටියට ඔය ඕනැම කොලු කෙලි සම්භන්දෙක අවස්ථා 4 ක් තියෙනවලු..

පලමු අවදියේදි කොල්ලයි කෙල්ලයි ලව් කරන අවධිය.අනේ ඒ කාලේට කොල්ලායි කෙල්ලයි හරිම එකිනෙකාට ආදරෙයි. අනේකා ගෙ තියෙන වැරදි, නොගැලපෙන දේවල් උනත් ඉස්මතු වෙනවා හොරයි..ඇයි ඉතින් දෙන්නම තම තමන්ගේ හොද දේවල් නේ අනිකට පෙන්නන්නෙ..මේ අවධිය ඉතින් හරීම සුන්දරයි..මේක ලියන කොට මයියටත් ඒ කලේ මතක් වෙනවා

දෙවැනි අවධිය එන්නෙ ජොඩුව බැදලා මාස කීපයක් , අවුරුද්දක්, දෙකක් යන කොට..එතකොට ඉතින් අර ලව් කරන කාලේ හOගගෙන හිටපු නොගැලපෙන ගතිගුණයි, නරක ගතිගුණයි දෙන්නගේන් ටික ටික එලියට එනවා, එකට ජීවත් වෙන කොට ඉතින් හැමදාම ඔවා හOගගෙන ඉන්නත් බැ නෙව......මේක ඉතින් ටිකක් දරුණු අවදියක්...රන්ඩු වැඩියි, නොරුස්සන තැන් වැඩියි..සමහර වේලාවට කෙලවර වෙන්නේ දික්කසාදෙන් තමා..ඔන්න කොහොම හරි අමාරුවේන් මේකත් පහු කරලා තුන් වේනි යාමයට පහන් වෙනවයි කියමුකෝ..

තුන් වෙනි යාමයෙදි තමයි දරු මල්ලො ලැබිලා, ජිවිතේ නියම ප්‍රශ්ණ ටික එලියට එන්නේ..ඒ ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න නම් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දෙන්නට එකට වැඩ කරන්න වෙනවා. මේවගේ දෙන්නා එකට වැඩ කරන කොට ,ඔන්න දෙන්න අතර අවබොධය විවිද අකාර වලින් වැඩ් වෙනවා..අඩු ලුහුඩු කම් ඉවසන්න පුරුදු වෙනවා..අවසානය වෙන කොට ටික ටික ප්‍රශ්ණ ටික අඩු කර ගෙන , අවසාන අවදිය වුන හතර වේනි යාමයට සැපත් වේනවා..

තියරියේ හැටියට මේක තමයි ගැඹුරුම ආදරය ඇති වේන , ආතල් ම අවදිය..මේ වේන කොට දෙන්නා හොදටම එකිනේකාව දන්නවා. අනෙකාට තරහා යන තැන්, අකමැති දේවල්, කැමති දේවල් ආදිය..මේ අවදියේදි දෙන්න ජීවිතේ අභියෝග වලට එක්ව මුහුන දීලා, ඒවයේ ප්‍රතිපල ගැන සතුටු වේන ගමන් අනේකාට ගැඹුරු ලේස ආදරය කරනවා..

මයියාට හිතෙන විදිහට මේ තියරියෙ ඇත්තකුත් තියෙනවා වගෙයි..මුල් යුග දෙක නම් මයියා පසු කරලා ඉවරයි..මය්යා හිතෙන විදිහට , දැන් මයියා ඉන්නේ තුන් වේන අවදියේ..

එකෙන් කමක් නැ..මයියට හිතුනා මේ තියරිය තව ටිකක් ඉස්සරහට ගෙනියන්න..මය්යා හිතන විදිහට..මේ ප්‍රධාන යුග හතරත් , ඒ වගේම වු තවත් අනු යුග හතරකට බේදෙනවා..ගලපලා බලන්නකො ඔගොල්ලන්ටත් මේ සීන් එක සෙට් වෙනවද කියලා..

2222