මොකක්ද මේ පැනමා පේපර්ස්......
පැනමා පේපර්ස් කියන්නේ පැනමාවේ පිහිටි ජාත්‍යන්තර නීතී උපදේශක සමාගමක රහස්‍ය ලිපි ප්‍රමාණයක් හෙලි වීමේ ජාත්‍යන්තරය කැලඹූ සිද්ධියකට.....
සමාගමේ නම - මොසැක් ෆොන්සේකා...පැනමාවේ සමාගමක්....
ඉතින් ඒක එච්චර ලොකු සීන් එකක්ද?
ඔව්....අපි මේ කථා කරන්නේ ඩොල්ර් බිලියන් ගානක් සීන් එකක්......මේ සමාගම විවිද රටවල පුද්ගලයන් උපයා ගත් විශාල කලු සල්ලි , ඒ කියන්නේ නිතී විරොධීව උපයාගත් මුදල්, සුදු කිරීම සදහා නිතීමය පහසුකම් ලබා දුන් ආයතයනයක් කියලයි චෝදනාව....
ඒත් මේ ආයතනය නම් මේ චෝදනා ප්‍රතික්ශේප කරනවා...
කොහොමද ඒක කරන්නේ......
එක කරන්නේ ඉතා ලිහිල් අදායම් බදු ප්‍රතිපත්තියක් හා නීතී ඇති රටවල එම කලු සල්ලි ආයෝජනය කිරීමෙන්.....
මේ සමාගම නීතී විරෝධීද?
වෙනත් රටවල ආයෝජනය කිරීම කියන්නේ නිතී විරෝධී වැඩක් නෙමේ...හැබැයි මේ ක්‍රමයේ තියෙන අඩු ලුහුඩුකම් පාවිච්චි කරලා විශාල කලු සල්ලි ප්‍රමානයක් සුදු වෙනවා....මේක ඩොලර් ට්‍රිලියන් 1-3 අතරෙ ගානක පට්ට ලොකු ගාණක්....
ලෝකය පුරා විහිදිලා ඉන්න මත් ද්‍රව්‍ය ජාවරම් කාරයින්...හොර අවි බිස්නස් කාරයන්, කොමිස් ගහපු දේශපාලුවන් තමන්ගේ අයථා මුදල් සුදු කරන්න ගන්න හදා ගත් යාන්ත්‍රනය මේකයි....
මොනාද ඒ ලිහිල් බදු නීතී තියෙන රටවල්....
බ්‍රිටිශ් වර්ජිනියා දූපත්,බහමාස් දූපත්, පැනමාව,සීශෙල්ස්,සැමෝවා වගේ රටවල්..
කවුද මේක ලීක් කලේ.....
මේක ඉස්සෙල්ලම එලියට දැම්මේ ජර්මනියේ පත්තරයක්...පත්තරේ නම නම් කියන්න ගියාම දිව උලුක් වෙනවා.... Süddeutsche Zeitung (SZ) ලේසියට sZ කියලා කියමු...නමුත් මේක ජාත්‍යන්තරව ප්‍රසිද්ධකිරීම සදහා මූලිකත්වය ගෙන ක්‍රියා කරන්නේ අන්තර්ජාතීක ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය International Consortium of Investigative Journalists (ICIJ).... ඒක පිලිගත් හා ප්‍රසිද්ධ සංගමයක්....
කවුද මේකට අහුවෙලා ඉන්න තෝරූ මෝරූ.......
රුසියාවේ ජනාධිපති වැල්ද්මියර් පූටීන් හා එයාගේ බොක්කක් වන ස්ර්ජි රෝලඩගින්... ඇමෙරිකානූ ඩොලර් බිලියන් 2 ක් විතර කියලා කියන්නේ.
එංගලන්තයේ අගමැති ඩේවිඩ් කැමර්න්ගේ තාත්තා....
අයිස්ලන්තයේ අගමැති සිග්මන්ඩ් ඩේවියෝ...ලොක්කා නම් දැනටම ඉල්ලා අස් වෙලා ලූ....
පකිස්ථානයේ අගමැති නවාර් ශෙරිෆ්.....
චීනයේ උත්තරීතර පාලක මණ්ඩලයේ සමාජිකයන් අට දෙනෙක්....
හිටපු ඊජිප්තු ජනාධිපති මුබාරක් ගේ පුතා...
අල්ලපු රටේ අමිතාබ් බච්චන් සහ අයිශ්වර්‍යා රායී
ජත්‍යන්තර පාපන්දු සංගමයේ ලොක්කෝ....
ලංකාවත් ගැවීලද?
ඔව්...ලංකාවෙත් පුද්ගලයන් 3ක්, සමාගම් 3ක් හා ඒවායේ කොටස් හිමියන් 22 ක් ගැන සදහන් වෙනවා...තාම ඒ කවුද කොහොමද කියලා සම්පූර්ණයෙන් හෙලි වෙලා නෑ....
ඒකට හේතූව එලියට ඇවිල්ල තියෙන දත්ත ප්‍රාමානයේ විශාලත්වය...මෙය ටෙට්‍රා බයිට්ස් 2.6 පමන අති විශාල දත්ත ප්‍රමානයක්...මීට කලින් එලියට ආව විකිලීක්ස්, ස්නෝඩන් ගේ දත්ත වගේ 200-300 ගුනයකට වඩා වැඩි ප්‍රාමානයක්.... අතිවිශාල මාධ්‍යකරුවන් ප්‍රමානයක් මේ ලිපි ගොණු පරික්ෂාකරමින් යනවා..එතකන් නම් ගම් එලියට එන්න කාලයක් යනවා...
අපිත් ඉන්නවා....ආඩම්බරයි නේ........
soucrce :http://www.irishtimes.com/business/panama-papers |
PS: මාතලන් ලොක්කත් මේ ගැන කෙලලා ඇරලා පාන්දරම...
මයියා පැනමා ෙපාන්ෙස්කත් අරන් අැවිත් කාෙලකට පස්ෙස්
ReplyDeleteකාලෙකට පස්සේ නම් තමයි.....හැබැයි මීට දවස් කීපයකට කලින් තමයි වැඩේට බැස්සේ....
Deleteලොලි පොප් ද හෙල කෑමකි........
අද උදේ රේඩියෝ එකේ කියද්දී මේක මොකක්ද කියලා හිතුණා. හැබැයි ඒ වගේ තේරුමක් ආවා. දැන් තමයි හරියට විස්තරේ දන ගත්තේ.
ReplyDeleteඑල......තව විස්තර ඉස්සරහට එයි
Deleteනම් තුනත් දාපං කෝ සුදු..
ReplyDeleteසීන් එක තියෙන්නේ ගොඩක් දේශපාලන නායකයන්ගේ නම් එක එල්ලේ ගෑවිලා නෑ.....දැන් පූටින් ගත්තත් එයාගේ නමින් මේ විදේශ ආයෝජන වෙලා නෑ......නමුත් එයාගේ හොදම බොක්කගේ නම් කෙලින්ම සම්භන්ධයි....
Deleteඅපි බලං ඉමු ලොක්ක වෙනුවෙන් බෙල්ල තියපු එවුන් කවුද කියලා
හොඳ ළිපියක් මම මේකට මගේ එකේ ලින්ක් එකක් දාන්නම්...
ReplyDeletedone
Deleteතෑන්ක්ස් ලොක්කා.....ඇප්‍රිශියේටඩ්
Deleteමං හිතන්නෙ ලංකාවෙ නං ආපුවම පුටිංට ලැජ්ජ හිතෙයි. හැක්..
ReplyDeleteලැජ්ජාවක් නේද....එහෙම එවා තියෙන්නේ රාජ්‍ය තාන්ත්‍රිකයන් ගාව විතරයි...දේසපාලුවෝ ගාව නෑ.....
Deleteවටිනා ලිපියක්. ස්තූතියි මයියා
ReplyDeleteස්තූතියි තව බ්ලොග් එකක් ලියනවට....මමත් බ්ලොග් රෝලේ එල්ල ගත්තා.
Deleteවටිනවා මායියෝ.............. අපි මේක සින්ඩියට දානවා......... තරහා නෑනේ......
ReplyDeleteස්තූතිය්....නෝ ප්‍රොබ්ලම් ඇට් ඕල්
DeleteThank you so much..!!!
ReplyDeleteයූ ආ වෙල්කොම් බ්‍රො....
Deleteමයියා.....යම් අයුරකින් ශ්‍රීලාංකිකයෙක් මේ චෝදනාවකට හසුවුවහොත්, ඒ මුදල් නැවත රජයට පවරා ගැනීමට නීතිමය බලතල රජය සතුද?Aru
ReplyDeleteමචං අරූ... වැදගත් පෝස්ට් එකක් අස්සේ ජෝක්ස් දාන්නේ නැතිව ඉන්නවද ප්ලීස්.....
Deleteමුදල් නැවත පවරාගැනීමනම් ජෝක් එකක්ම වෙයි තමයි..Aru
Deleteකොහොමද අරූ...
Deleteඅහලා තියෙන ප්‍රස්නේ නම් උත්තරය දන්නේ නෑ....
හැබැයි මෙහෙම එකක් තියෙනවා.....ඔය කොච්චර ආදායම් හංගන්න පුලුවන් රටවල් තිබ්බත්....ඒ හැම රටකම නීතී විරෝධී මුදල් ආයෝජනය කරන්න බෑ...වැඩේ තියෙන්නේ මේ රටවල තියෙන නීතී ක්‍රියාත්මක කිරීමේ තියෙන අඩු ලූහුඩුක්ම් හින්දා මේවායේ හිල් වලීන් කට්ටිය පනින එක.....
හරියටම චෝදනා ඔප්පු කර ගන්න පුලුවන් උනොත් නම් පුලුවන් වෙවී...ඒත් සෑහෙන් කාලයකුත් යාවී...එතකොට පැනමා පේපර්ස් රස්නෙත් එහෙම්ම නිවිලා යාවි.....
අනිත් කාරනේ ගොඩක් අයගේ නම් වෙනුවට තියෙන්නේ එගොල්ලන්ගේ හිතවත්තු ලඟම නෑයන් වගේ අය වීම.....
මුළු ලෝකෙම හොරු.. අමෙරිකාව නැතුව ද? අපේ අයියලා ඕකෙන් බේරෙනවා කිසි ගේමක් නැතුව.. ඔය වගේ ඒවද ලීක් උනේ.. හෙහ් හෙහ්
ReplyDeleteඇත්තටම අයිඩියා එකක් ආවෙ මේ පෝස්ට් එකෙන්.
ජයවේවා..!!
ගොඩක් අයගේ නම් වෙනුවට තියෙන්නේ එගොල්ලන්ගේ හිතවත්තු ලඟම නෑයන් වගේ අය වීම.....
Deleteඒක නිසා කට්ටිය ගොඩ යයි...
2012-2013 කාලේ විදුලිබල මන්ඩලේ චෙයාර්මන් කෙනෙක් වෙලා හිටිය විද්‍යා අමරපාලටත් ඔෆ්ශෝර් එකවුන්ට් චෝදනාවක් තිබුනා සවරින් කැපිටල්ද මොකක්ද කියලා පිටරට ඔය වගේම ගේමක. ඇත්තටම ඒ නම ඒ ලිස්ට් එකේ තිබුනා. පස්සේ කේස් එකට මොනවා වුනාද මන්දා. කවුරුත් කතා කල බවක් පෙනුනේ නැහැ. ඔය සිද්ධිය මට හොඳට මතකයි.Aru
ReplyDeleteඔෆ් ශෝ එකවුන්ට් එකක් තියා ගැනීම නීතී විරෝදීම නෑ....වැඩේ තියෙන්න මේ ආදයම් ආවෙ කොහෙන්ද කියන එක....
Deleteවිද්්‍යා අමරපාලට ඒ කාලේ හර්ශ ඩි සිල්වා ඈටැක් කරලා තිබ්බ...මෙ ඊයේ පෙර්දා අමරපාල..හර්ශ ඇටැක් එකක් දුන්න...ඇරියස් තියන් ඉදලාතියෙන කල්..
ලෝක හොරුන්ගෙ තත්වෙට අපිත් පත්වුනා.කාටද ආඩම්බර..........රජතුමාට ජයවේවා ! පසුගිය අවුරුදු 10 සදා සමරමු.හොරුන් රජවේවා.රජවරු හොරුන් වේවා!
ReplyDeleteමෙච්චර කල් හොරකම් කලාට ජාත්‍යන්තයට යන්න බැරි උනා....සෙක්ස් හොයලා ගියා වගේ මේකෙනුත් හොද ආනගතයක් තියෙයි වගේ...
Deleteලෝක හොරුන්ගෙ තත්වෙට අපිත් පත්වුනා.කාටද ආඩම්බර..........රජතුමාට ජයවේවා ! පසුගිය අවුරුදු 10 සදා සමරමු.හොරුන් රජවේවා.රජවරු හොරුන් වේවා!
ReplyDeleteMenna aththa --- umbala monada ban danne-
ReplyDeletehttp://off-guardian.org/2016/04/04/panama-papers-revealing-details-live-in-the-gaps-between-the-lines/
කියෙව්වා..ලෙට්ස් වේට් ඇන්ඩ් සී..too early too pass a judgement
Deleteආඩම්බරයි මෙහෙ එකාගේ තාත්තත් ඉන්නවනේ. ඔය පුටින්ට කෙලවනං තමා ඕක ඇද්දේ. නමුත් පුටින් ගේ යාලුවෝ මිසක් පුටින් ගේ නම කොහෙවත් නැහැ. එකෙන් පුටින්මද කියල ඔප්පු කරන්නත් බහ. අමෙරිකාවෙන් ඇද්දේ පුටින්ට කෙලවනං උනත් දැන් කෙලවෙන්නේ වෙන අයට වගේ.
ReplyDeleteහෙ හෙ ඒක නම් ඇත්ත.....පූටින් ලොක්කා කොහොමත් කේස් එක ගොඩ දානවා...එයාගේ නම ඩිරෙක්ට්ලි නැති එක....කොහොමත් රුසියාවේ 90% ක් බලන්නෙත් රාජ්‍ය මාද්‍ය විතරයි කියනවනේ....
Deleteඅහක හිටපු කැමරන් ලොක්කට පත්තු වෙච්චි එක තාමයි වැඩේ...
මයියා........ඔතනදි කැමරුන් ප්‍රකාශ දෙකක් දුන්නා. ඉස්සෙල්ලම කිව්වා ඕකෙන් කිසිම ප්‍රතිලාභයක් ගත්තෙ නැහැ කියලා. ආපහු තව එකක් දුන්නා ඕකෙන් කිසිම ප්‍රතිලාභයක් ගන්නේ නැහැ in future කියලා.Aru
Deleteඔව් ඒ පුල පුලා බලා සිටි මොහොත එලි උනා.....
ReplyDeleteපැනමා පේපර්ස් ලංකාවේ පොරවල් ටික මෙන්න...
සැලකිය යුතුයි : මෙහි නම් සදහස් සියල්ල වංචාකරුවන් ලෙස සැලකිය නොහැක...ඇතැම් විට ඔවුනේ ව්‍යාපාර නිත්‍යානූකූල විය හැක..එහෙත් කලු සල්ලි සුදු කිරීමේ චෝදනාවට ලක් විය හෑකි අයද සිටිය හැක.....https://offshoreleaks.icij.org/search…
Ahmed Ismail Hossain
Akhter Mahmud
Aliakber Saifudeen Jeevunjee
AQUA-PACKAGING LIMITED
Arthur I Senanayake
Balendra Krishan Niraj Jayasekara
Chandrajith Saman Kalyana Jayamaha Jayamaha Hitihamilage
Chandrajith Saman Kalyana Jayamaha Jayamaha Hitihamilage
Chandru Swamidas Jagasia
CHRISTIAN FERDINAND FUHRER
Daniel Ortiz
Dimitry De Wansa Wickramaratne
Duminda Mahali Weerasekare
Ejaz Chatoor
Esufally, Bilquis Imtiaz
Esufally, Imtiaz Abidhusen Hassanally
Farida Jeevunjee
Hasan Mahmood (Raja)
Imran Aliakber Jeevunjee
Janki Jagasia
Jayawardane Welathanthirige Shilanth Boteju
Jennifer Kathleen Senanayake
Kaluachchigamage Avanthi Kumara Jayatilake
Khandaker Moinul Ahsan (Shamim)
Kishore Hassaram Surtani
LASITHA GAMINI ATTYGALLE
Mohamed Ishan Gaffoor
MURTAZAALI ABIDHUSSEN HASSANALY ESUFALLY
Nilan Abeywickrama
Niranjan Mendis
Niranjan Sunil Oswald Mendis
Omprasadham Kanapathipillai
Rohan Albert Ignatius Gomis
Sanikh Networks Limited
Sanjay Vijith Anthony Perera
Senaka Dunuwille Senanayake
Sharecorp Limited
Sharmila Wahab
SHYAMALI CHAMPIKA EDIRIWEERA
Somasundaram Mukunthan and Anne Christine Mukunthan
SURENDRA EDIRIWEERA
SURENDRA EDIRIWEERA & SHYAMALI CHAMPIKA EDIRIWEERA
Tushan & Dhammeswari
Tushan Harsha Mendis Wickramasinghe
UDU WATHUWAGE JAGATH PRIYA ANURA SUMATHIPALA
Vidya Dilruk Amarapala
තෑන්ක්ස් මයියා....මේ ලිස්ට් එකෙත් විද්‍යා ඉන්නවනේ.Aru
Deleteජගත් සුමතිපාල කියන්නේ තිලංගගේ සහෝදරයා.
Deleteතුශාන් වික්‍රමසිංහ--කැපිටල් ට්‍රස්ට් ෆිනැන්ස් චෙයාමන්.
සුරේන් එදිරිවීර==සිලෝන් ටුවර්ස් අයිතිකරු. මිහින් ලංකා ඩිරෙක්ටර් කෙනෙක් වෙලා හිටියා සජින් වාස්ගේ කාලේ.
සේනක සේනානායක....දක්ශ චිත්‍ර ශිල්පියෙක්
කිශොර් සුර්තානි---පීබී ග්‍රූප් අයිතිකරු.
ක්‍රිශාන් බාලේන්ද්‍ර----නේශන් ට්‍රස්ට් බෑන්ක් චෙයාර්මන්. කාලයක් ස්ටොක් එක්ස්චේන්ජ් චෙයාමන් වෙලත් හිටිය.
Aru
අරූ ඇතුලු සියලු අයගෙන් සමාව ඉල්ලනවා.....
Deleteමේක අළුත්ම ලිස්ට් එකක් නෙවෙයි....මේක 2013 හෙලිදරව් වෙච්චි අරූ ත් කලින් කියලා තිබ්බ ලිස්ට් එක,,,,,,,
මයියා......මේක පරන ලිස්ට් එක තමයි.අලුත් ලිස්ට් එක මීට වඩා ඉන්ටරෙස්ටින් වෙයි.ක්‍රිකටර්ස්ලා වගයෙකුත් ඉන්නවා කියන්නේ.Aru
Delete////// පත්තරේ නම නම් කියන්න ගියාම දිව උලුක් වෙනවා.... Süddeutsche Zeitung //////
ReplyDeleteස්‍යුඩ්ඩොයිච ට්සයිටුං
විස්තර ටික බොහොම වටිනවා.
ReplyDeleteඉන්න "අපේ එවුන් " කවුද කියලා දැනගන්න පුළුවන් නම් බොහොම වටිනවා.
you confirm first the site was once in the confirm new can find I.
ReplyDeleteමේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
ReplyDelete