Friday 16 September 2011

මලක අසිරිය: Power of Weeds

'නිතර පස් පව්'

ටයි මහත්තයගේ දොස්තර හොද හිත කා‍ටුන් එක බලලා තියෙනව නම් දන්නවනේ... මේ මොකක්ද කියන්නේ කියලා. දිය රකුස් ගේ කණ්ඩායමේ මොටෝ එක...... දැන් ඉතින් පවුලක් පන්සලක් වෙලා , බණක් දහමක් අහගෙන හිටියට මොකද..., ඉස්සර මයියත් පස් පව් වලට පැනලා....මේකටම හරි යන්න මයියටත් හිටියා, නියම අපාය සහය..., ඒ කියන්නේ අපායට යන්න අඩගැහුවත් බොක්කෙන්ම එන ගජයෝ ටිකකුත්. මුන් ටික නම් තාමත් ඒ වගේම තමයි.... දැන් උනත් මයියා මුන්ට අපායට යන්න අඩගැහුවොත්.. උන්ගේ ඉතින් ආයේ ඇඹරිලි නෑ... හැබැයි ඉතින් මුන්ට ඒකට වෙලාවක් හොයලා දෙනවයි කියන එක නම් ඉතින්, කාලයත් නිරීක්ශකයාට සාපේක්ශයි කිව්ව අයින්ස්ටයින් නෙමෙයි අයින්ස්ටයින් ගේ අප්පොච්චා ආවත් බොරු.... මොනා උනත් දැන් නම් කාලය, අවකාශය හා පැට්‍රල් යනාදිය මයියා ගේ ගැන්සිය සෙට් වෙන්න ලොකුම පරහ බව නම් බොරුවකුත් නෙමේ...

මොන පස්පව කලත් මයියාලගේ සෙට් එක ප්‍රතිපත්ති ගරුකයි.පස්පව් සම්භන්දයෙන් අපේ ප්‍රතිපත්තිය තමයි 'කුඩුයි, බඩුයි ඇරෙන්න ඕනා දෙයක්'.......

බඩු ගැන කථා කිරිල්ල පැත්තක තියලා.... පලවෙනි එකෙන් පටන් ගන්නම්කෝ... කුඩු ගැන කිව්වම මේ කථා කරන්නේ තේ කුඩු නොවන විත්තිය කවුරුත් දන්නවනේ.ඒ දවස් වල තිබ්බ..ලොකුම නරක වැඩේ තමයි කුඩුගැහිල්ල... අපි කවදාවත් ලොකුම කැල්ල හොයන කට්ටිය නෙමෙයිනේ... ඒ හින්ද කට්ටිය කුඩ්ඩට නම් සෙට් උනා තියා ඒ ගැන හීනෙන්වත් හිතුවේ නෑ. ඒත් කුඩ්ඩ ගාවට තිබ්බ ඊලග නරක වැඩේ තමයි මල...වීඩ්ස් කියලා හැදිච්ච විදිහට කියන්නේ...ඒක නම් ඉතින්.. කට්ටිය නිකං ඇරියේ නෑ. ඉදලා හිටලා මලක අසිරිය විද ගන්න කට්ටිය පුරුදු වෙලා හිටියා...



අපේ මල් වෙලෙන්දා වෙලා හිටියේ රත්නේ අයියා. රත්නේ අයියගේ බෙල්ලේ එල්ලිලා තිබුනේ හරක් බදින්න ගන්න කඹයක් තරම් මහත රත්තරන් මාලයක්. හැබැයි මිනිහගේ බිස්නස් එක තැඹිලි. ලොකු ඉස්කෝලේ ඉස්සර තිබ්බ තැඹිලි ලැල්ල රත්නේගේ. මිනිහගේ කකුලත් නොන්ඩියි. දන්නවනේ ඉතින්, විකුණන්නේ තැඹිලි නම්, කකුලත් නොන්ඩියි නම් මිනිහගේ මේන් බිස්නස් එක මොකක්ද කියලා...කරේ තියෙන චේන් එක හරි , අතේ තියෙන බ්‍රේස්ලට් එක හරි කියන්නේ මල් විකීනීමට ඈත කියලා බෝඩ් එකක් එල්ලන් ඉන්නවා වගේ තමයි... ඕනෑම ටවුමක මලක් හොයා ගන්න කියාපු විදිහ.... හැබැයි හැමෝටම දෙන්නේ නෑ. පුරුදු කස්ටමර්ස්ලට විතරයි.....ඇස් බබලන සැබැ මල් රසිකයෙක් නම් ඒත් අවුලක් නෑ.

මේ කියන දචස් වල තණ්මල්විල පැවිල්ල....පොලෝසියත් හොද වෙලා.....ඒක හින්ද බඩු හිගයි. ඒත් රත්නේ අයියා කෙලින්....




 අපිත් ඉතින් විභාගයක් ඉවර වෙලා රත්නේ අයියගේන් බඩුත් අරං..ඊට අමතරව බොන දේවලුත් අරගෙන ගල්කිස්සේ මූදූ වෙරලේ...........



කාලය ගත උනා...මයියට මතක ඔලුව මැද්දෙන් සීතල හුලගක් යනවා විතරයි. ඔලුව දෙපැත්ත රස්නේයි.මැදින් හීතල......මේ විදිහට පැය දෙක තුනක් යන්න ඇති....ඒදා රෑ කට්ටියම බෝඩීමට ආවා. කොහෝම ආව ද කියල නම් අහන්න එපා..... විභාගේ ඉවර හින්දා, පහුවෙනිදටම කට්ටිය ගෙදර යන්න තමයි සෙට් වෙලා හිටියේ......

පහුවෙනිදා මයියට ඇහැරෙන කොට පොඩ්ඩක් දවල් වෙලා...ඒත් අවුලක් නෑ......වෙරි ගතියවත්, මත් ගතියවත් නෑ..ඒක හින්දා මයියත් ගෙදර යන්න පිටත් උනා. බස් එකට නැගලා, කොන්දා මල්ලි කොහාටද යන්නේ කියලා අහනකොටම මයියට වෙනසක් තේරුනා.ඒත් බය වෙච්ච බයවිල්ලට මයියා තේරුනේ නැති විදිහටම හිටියා. මොකක්දෝ වෙනසක් දැනුනු හන්දා ඇස් දෙක පියා ගෙනම හිටියා. ඔය විදිහට කොහොමින් කොහොම හරි ගෙදර ආවයි කියමුකෝ....ගෙදර අවාම තමයි මොකක්ද අප්සෙට් එක කියලා හරියටම තේරුනේ..අම්මා මොනවදෝ කියනවා....අම්මා කියන්න හදන දේ..මයියට තත්පර දශමෙනුත් දශමෙකට ඉස්සෙලා තේරෙනවා...අක්කා කතා කරන දේත් එහෙමයි....ඒත් මයියා හොද සිහියෙන්...සිහිය හොද උනාට මයියා ගේ කාලය, ගෙදර කට්ටියගේ කාලයට වඩා චුට්ටම චුට්ටක් ඉස්සරහෙන්.....කොටින්ම කියනව නම් මයියගේ අවකාශ කාල රාමුව, සාමාන්‍ය සම්මත අවකාශ කාල රාමුවට මිලිසකන්ඩ් ගානක් ඉස්සරහෙන්...

එදා දවස ඔහොම ගත උනා...මයියාට නිදා ගන්න ඕන උනත් නින්ද යන්නේ නෑ...එක එක දේවල් ඔලුවට එනවා...මයියට සාමාන්‍ය ලෝකයත් එක්ක සින්ක්‍රොනයිස් වෙන්න බෑ.මුලු ලෝකයම පිස්සුවක් වගේ...මිනිස්සු පිස්සු කෙලිනවා...මයියා ඒ දිහා බලං ඉන්නවා....ඒත් මිනිස්සු හිතන විදිහට මයියට පිස්සු.....ලෝකයම රග මඩලක්....මිනිස්සු ඒකේ පිස්සු කෙලින නළු නිළියෝ ටිකක් විතරයි...ල මිසරාබ්ලේ ලියපු වික්ටර් හියුගො.. මෙහෙම කියලා තියෙන්නේත් මලක් ගහලා වෙන්න ඇති..කථාව සහතික ඇත්ත....



පහුවෙනිදා දවල් ආයේ අපේ ගැන්සිය ටවුමේ සෙට් උනා......මයියා උන්ට කථාව කියවනවා...මයියා කොහොමත් ඉන්නේ උන්ගේ කාල අවකාශ රාමුවෙන් ඉස්සරහ නිසා, උන්ට මයියා කියන දේ ව්හිළු වගේ..ඒත් මයියාට හිතෙන විදිහට උන්ට පිස්සු....ජීවීතේ පිස්සුව තේරෙන්නේ නැති පිස්සො ‍රැල....ලෝකය මොනතරම් විහිලුවක්ද?..ඒ විහිලුවෙන් එලියට පනින්න මිනිස්සු බයයි...එතකොට ලෝකයාට ඌ පිස්සෙක් වෙන හින්දා....ඒ බය ඒ විදිහටම මයියටත් දැනුනා........

මේ වගේ දවස් දෙක තුනක් ගියා....මයියට බයයි , සතුටයි එක වගේ දැනුනා....මිනිස්සුන්ට මයියා ව පිස්සෙක් වගේ පේන හින්දා මයියා බය උනා....ඒත් ලෝකයම පිස්සන් කො‍ටුවක් කියලා තේරුම් ගත්ත එකට මයියා සතු‍ටු උනා..බයයි සතුටයි දෙකම එක ලග...දැනුත් මේක මතක් වෙන කොට මයියගෙ මයිල් ඉස්මයිල් වෙනවා............

කාලය ගෙවිලා ගියා..ටිකෙන් ටික මයියා අර පිස්සු කියලා හිතපු ඇත්ත ලෝකයට ආයෙත් එන්න ගත්තා...ඒ පිස්සු ලෝකෙන් ඈත් වෙලා ඉන්න කොට දැනෙන්නෙත් සතුටක්...ඒත් ඒ ලෝකෙට ආයෙත් එන කොට දැනෙන්නෙත් සතුටක්...මිනිස්සු ලෝකෙට එන කොට එන්නෙත් අඩා ගෙන.යන කොට යන්නෙත් අඩා ගෙන....ඒ සතු‍ටු කදුලු වෙන්න ඈති......

මේ සිද්ධියෙන් පස්සේ, කාලයක් යනකන් මයියා මලක් තියා... දුමක් දිහාවත් ආයේ ඇහැක් ඇරලා බැලුවේ නෑ...බීම ජාතිත් එහෙමයි.....සිද්ධිය වෙලා පියවි සිහියට ඇවිල්ලත් කාලයක් යනකන් මයියා මේ සිද්ධිය මතක් කරන්නවත් බය උනා. ඒත් කොහොම හරි මයියා ඒ දවස්වලම දැන් මයිලේඩි වෙලා ඉන්න, ඒ දවස් වල මයිකෙල්ලට කථාව කිව්වා..එයා මයියාගේ මූණ දිහා බලා ගෙන උන්නා..ඒ ඇස් වලින් ගොඩක් දේවල් කිව්වා.....


ලෝකයේ හිටපු, ලෝකය වෙනස් විදිහට දැක්ක සමහරක් දාර්ශනිකයෝ ගංජාකාරයන් උනේ කොහොමද කියලා මයියා ට හිතා ගන්න පුලුවන් උනා .... අහලා තියෙනවනේ ඉස්සර හිටිය පර්සියානු දාර්ශනිකයෝ ගැන...දැනටත් ඉන්දියාවේ ඉන්න සමහර බ්‍රහ්මණ බුවාලා මලේ පිහිටෙන් තමයි ඉන්නේ..මයියට හිතෙන්නේ, මල් දුමාරයෙන් සාමාන්‍ය ජීවිතේ දී අපේ මොලේ වැඩ කරන්නේ නැති කොටසක් උත්තේජ්නය කරනවයි කියලා...ඔය දර්ෂණවාදයට අදාල මෝලේට සම්බන්ද කෑල්ල මල් වලින් උත්තේජනය කරනවා...හැමෝටම එහෙම නොවෙන්නත් පුලුවන්....නරක බිරිදක් ලැබුනමත් ඔහොම වෙනවලු..අහලා තියෙනවද?...ඔබට හොද බිරිදක් ලැබුනොත් ඔබ සතුටින් ගත කරනවා...නරක බිරිදක් ලැබුනොත් ඔබ දාර්ශණිකයකු වෙන්වයි කියලා කථාවක්....අහලා නැතන්ම් ඉතින් දැන් අහ ගත්තනේ...

මේ කතාව මයියට ලියන්න හිතුනේ එක දෙයක් කියන්නයි...කොට්ටොරුවා හැම ගහටම කෙ‍ටුවත් වැරදි එක ගහකට කෙ‍ටුවම කථාව ඉවරයි..සමහර විට ඒ කොටන පලමු අවස්ථාව හා අවසාන අවස්ථාවත් වෙන්න පුලුවන්..මල් ගැහිල්ලත් එහෙමයි......බොරු නම් අංගොඩ පැත්තේ ගිහිල්ලා රවුමක් දාන්නකෝ....

ඒත් පිස්සෝ කියලා කියන්නේ පිස්සන් කො‍ටුවේ ජීවත් වෙන කට්ටියටද නැත්නම් ඒකෙන් එලියේ ජීවත් වෙන අපටමදැයි කියලා මයියාට වෙලාවකට හිතෙනවා...දැන් නම් එහෙම් කල්පනා කරන්න මලක් අත්‍යාවශ්‍යම නෑ.......

බුදුහාමුදුරුවෝ පස් පව් වැරදීයි කියලා තියෙන්නේ බොරුවට නෙමේ.......


මේ වීඩියෝ එකත් බලන්න අමතක් කරන්න එපා...





19 comments:

  1. ලිපිය නම් කියෙව්වා....
    තේරුම තවම සොයනවා....

    ReplyDelete
  2. හෙ හේ...හොඳාආආආඅයි!

    ReplyDelete
  3. @නදුන්
    නදුන් තේරුම තාම හොයනවා
    මයියා තේරුම ඒදා ඉදන් හොයනවා..
    මේ ප්පැත්තේ අවාට ගොඩක් ස්තුතියි.

    @ඉන්දික


    තැන්ක් යූ වේවා..

    ReplyDelete
  4. මටත් නිකං මලක් ගැහුවා වගේ මේ ටික කියෝලා... මයියා මොකද කියන්නේ මල් ගහලා කානු පල්ලේ වැටෙන්න ගිය එවුන් ගැන..

    ReplyDelete
  5. මල් ගැන සොඳුරු මතක......මතකයට එන කොටත් මලක් ගැහුවා හා සමානයි......හෙහ්, හෙහ්,

    "මලක මෙලෙක හිතාගන්න බැරි අතකින් මල් නෙලන්න............"

    "මලේ සුවඳ සිව් සිය ගව් දැනේයා..........."

    ඔය තමයි මල් ගැන ලියවුනු ගේය පද......

    ReplyDelete
  6. විහිළුවටවත් රස බැලුවේ නැති එක ගැන ජොලියක් ආවා!

    ReplyDelete
  7. "කොටින්ම කියනව නම් මයියගේ අවකාශ කාල රාමුව, සාමාන්‍ය සම්මත අවකාශ කාල රාමුවට මිලිසකන්ඩ් ගානක් ඉස්සරහෙන්.."
    මේක මරුම කථාව...

    ඊලඟට හිත ගියා මේකට..
    "සමහර විට ඒ කොටන පලමු අවස්ථාව හා අවසාන අවස්ථාවත් වෙන්න පුලුවන්..." සහතිකම ඇත්ත...

    ReplyDelete
  8. @ ගෝල්ඩ් ෆිශ්
    ඒකනේ මේක කියවලා මෙහෙම අප්සෙට් යනවනම් මලක් ඈත්තට ම නෙලුවොත් කොහොමද?
    මලක් ගහලා කාණුපල්ලේ වැටෙනවනම් , බීලා වැඩි උනාම වැටෙන්න තැනක් නැති වෙනවනේ..:))

    @ර්‍ රවි

    මේ දේ සිද්ධ වෙනකන් මයියත් මල් ගැන හිතුවේ සුන්දරයි කියලා..ඒත් හැම මලක්ම හැමදාම සුන්දර නෑ,,,
    මල් ගැන ලිව්ව සින්දු ටික නියමයි

    @කතන්දර.

    පේරාදෙනියේ කම්මලේ සීතලේ ගැහි ගැහි ඉන්න කොට මලක් නෙලා ගත්හ්ටෙ නෑ කිව්වම හරිම පුදුමයි...මලේ සුවද නම් අනිවාර්‍යෙන් දෙනිලා ඇති නේද?

    @ තිස්ස

    මේක ලියලා තියෙන්නේ මල ප්‍රමෝට් කරන්න නෙවෙයි..ඒකේ තියෙන නරක පැත්ත එලියට දාන්නයි..අන්තිමට ගෙඩි පිටින් ලියලා තියෙන්නේ ඒකයි..

    ස්තූතියි තිස්ස

    ReplyDelete
  9. අනේ මයියෝ...දිල් නම් ඉතින් ඔය මල් ගැන මෙලෝ මඟුලක් දන්නෙ නැත.....

    ReplyDelete
  10. දිල්:

    මේක කියෙව්වම තේරෙනවනේ මල් කියන්නේ එච්චර හොද දෙයක් නොවන විත්තිය...ඒ මදෑ

    ReplyDelete
  11. මත්ද්‍රව්‍ය වලිං ඕවාගේ පිස්සු කෙලින්න පුළුවං. මට තේරෙන විදියට ඔබතුමාගේ අත්දැකීම කාල සංඥාවේ විකුර්තියක් විදියටම පැහැදිලි කරන්න ඕන නෑ. ඕක ඇතුලින් කෙරුණු මවා පෑමක්ම වෙන්න බැරිද?

    ReplyDelete
  12. @ පොඩිගමයා

    පොඩිගමයා කියන එක මයියාට හරියටම තේරුම් ගන්න අමාරුයි. මේක සමහර විට ඈසේ සOජානයයි, කනේ සOජානනයයි හරියට සින්ක්‍රොනයිස් නොවීම නිසා හටගත්ත ෆිසිකල් අප්සට් එකක් වෙන්නත් පුලුවන්..එහෙම නෑත්නම් ඉතින් කෙලින්ම මත්විකාරය ඔළුවට ගහලා වෙච්ච මෙන්ටල් අප්සට් එකක් වෙන්නත් පුලුවන්....මO දන්නෑ මොකක්ද කියන්න...

    ReplyDelete
  13. ඔව් ඔව් මම අදහස් කළෙත් එහෙම එකක් තමා. ඇසයි කනයි අතරෙ පුරුදු කාලපරතරයට වඩා වෙනසක් උණා වෙන්නත් පුළුවං.

    ReplyDelete
  14. දෙවෙනි පාරට අද නැවත කියෙව්වා. මට දි ඇති පිළීතුරත් දැක්කා.

    මං පේරාදෙනියේදී කෙරුවේ වෙනත් ආකාරක මල් සුවඳ බැලීමක්.

    ;-)

    ReplyDelete
  15. /* අම්මා කියන්න හදන දේ..මයියට තත්පර දශමෙනුත් දශමෙකට ඉස්සෙලා තේරෙනවා...අක්කා කතා කරන දේත් එහෙමයි....ඒත් මයියා හොද සිහියෙන්...සිහිය හොද උනාට මයියා ගේ කාලය, ගෙදර කට්ටියගේ කාලයට වඩා චුට්ටම චුට්ටක් ඉස්සරහෙන්.....කොටින්ම කියනව නම් මයියගේ අවකාශ කාල රාමුව, සාමාන්‍ය සම්මත අවකාශ කාල රාමුවට මිලිසකන්ඩ් ගානක් ඉස්සරහෙන්...
    */

    ඔය කෑල්ලෙන් කියන්නේ මයියා කාල මානයේ ඉස්සරහින් හිටියය කියන එක නේද?

    එහෙම වෙන්න නම් බටහිර-ක්‍රිස්තියානි-යුදෙව් චින්තනය අනුව මයියා ආලෝකයට වඩා වේගයෙන් ගිහින් තියෙනවා මලේ පිහිටෙන්.

    සිංහල ජාතික චින්තනය අනුව නලින්ද සිල්වා මෙය කොයි ආකාරයෙන් පැහැදිලි කරයිද මන්දා හසන්ත?

    ReplyDelete
  16. කියෙව්වා... මලක් වගේම ආතල්. .....
    ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත...

    ReplyDelete
  17. හිතවත් මයියා,

    ඉතාම පුදුම උපදවන කතාවක්. නමුත් ඔබ නැවත ට්‍රයි කලේ නැත්තේ බිය නිසාද?
    කොලඹ විශ්ව විද්‍යාලය ආසන්නයේදී අතීතයේ දිනක මලක අසිරියක විඳගත්තා මතකයි. කාලය නවතින බවක් සහ ඉතා කුඩා දේ වලට පවා දැඩිව නාභිගත කරගත හැකි මනෝභාවයක් ඇතිවුනා නිසැකවම. ස්තුතියි මේ අත්දැකීම බෙදාගත්තාට.

    ReplyDelete
  18. ඕකම මටත් වුනා. ඒ වුනේ පලවෙනි දවසෙ විතරයි. එදා රේල්පාරෙ ලී සිල්පරයක් උඩ නිදාගෙන ඉදලා කෝච්චිය එනවා කියලා ඇහිලා ඇහැරෙනකොට මගෙත් එක්ක කුසුමේනනේන එක බල්ලෙක්වත් නෑ. නැගිටලා විනාඩි 6-7කට පස්සෙ අම්මපා තනි එන්ජිමක් ගියා. කොහොමද බේරිල්ල කියපල්ලකො. මල් විතරක් පූජා කිරීමේ ආනිසංස. මදයට හා ප්‍රමාදයට හේතුවෙන දේවල් බීලා හිටියානම් සීල් කරලා තමා ගෙදර ගෙනියන්න වෙන්නෙ.

    ReplyDelete
  19. මලක් වෙමි
    නෙලා නොගත්
    විඳිමි
    මලක සුසුවඳ
    "(මල)ක්" වන තුරු..

    ReplyDelete

2222