Thursday 22 September 2011

කාලය වෙනස් කරන්නට පැමින..කාලයට අනුව වෙනස් වීම හෙවත් වර්තමාන ජේවීපි අවුල


විජේවීර සහෝදරයා ජවිපේ හැදුවේ ජනතාවට උගන්වන්න මිසක ජනතාවගෙන් ඉගෙන ගන්න නොවේය. එහෙත් අවසාන විග්‍රහයේදී, භූමියේ යථාර්තය වී ඇත්තේ විජේවීරට පමණක් නොවෙ මුලු ජවිපේ යාන්ත්‍රනයටම ජනතාවෙගෙන් පාඩම් ඉගෙන ගැනීමටය..මාක්ස්වාදයේ මහප්‍රාණ වචන ටිකත්, සිංහල ජාතිකත්වයේ ආවේගශීලීත්වයත් කලවම් කර ජනතාවට මැජික් පෙන්වීමට උත්සාහ කල ජවිපේට අද සිදූ වී ඇත්තේ තමන් ජනතාවට පෙන්වීමට උත්සාහ කල ඊනියා මැජික් සංදර්ශනයේ බංකොලොත් මැජික්කරුවාත් , අඥාන ප්‍රේක්ශකයාත් යන භූමීකා දෙකම තමන් විසින් තමන්ටම රග දක්වා ගැනීමටය.1966 කැලැත්තෑවේ සාකච්චාවේ සිට , එනම් ජවිපේ මුලාරම්භයේ සිටම, අවුලක් වූ ජවිපේ මාක්ස්වාදී ජාතිකත්ව පැටලුම , ජීවිත දහස් ගණනක් බිලි ගත් අසාර්ථක ආණ්ඩු විරෝධී කැරලි දෙකකට පසුවත්, තවමත් විසදා ගත නොහී, නූතන තොරතුරු තාක්ශණ යුගයේ පවා, තවත් එක් ආණ්ඩු විරෝධී කැ‍රැල්ලක් සදහා අර අදිමින් සිටිනවා.

වාර්තා වන අන්දමට ජවිපේ නිල නොවන නායකයා ලෙස ඕස්ට්‍රේලියාවේ සැගවී කටයුතු කල 'කුමාර මහත්තයා' නොහොත් ප්‍රේමකුමාරන් ගුනරත්නම් ,වර්තමාන ජවිපේ අභ්‍යන්තර අරගලයේ එක පාර්ශවයක් නියෝජනය කරන අතර අනෙක් පාර්ශවය ජවිපේ නිල නායකයා ලෙස කටයුතු කරන සෝමවංශ අමරසිංහ ප්‍රධාන ටිල්වින් සිල්වා යන අයවලුන් නියෝජනය කරනවා.මුලදී මත අරගලයක් ලෙස අර්ථකථනය කලද දැන් දැන් පක්ශයේ අයිතිය සම්භන්දව නීතී මාර්ගවලට යෑමට තරම් කාරණාව දිග් ගැසී තිබෙනවා. මෑතකාලිනව සිදු වූ නන්දන ගුණතිලක හෝ විමල් වීරවංශ වැනි පුද්ගල කේන්ද්‍රගත බිදී යෑම් මෙන් නොව , මෙවර ඇතිවන බේදීම පක්ශයේ අයිතිය, මතවාදය හා ඉදිරි අරමුනු ඉලක්ක කර ඇතිවන ප්‍රධාන බිදී යාමක් බවට ඒත්තු ගැන්වෙන කරුනු කාරනා මේ වන විට සිද්ධවෙමින් පවතිනවා. 1993- 1995 කාලවකවානුවේදී පැරිසිය කේන්ද්‍ර කරගත් සෝමවංශ අමරසිංහ හා ලන්ඩනය මුල් කරගත් , විජේවීරගේ මස්සිනා වූ චන්ද්‍රා ප්‍රනාන්දු අතර සිදු වූ පක්ශයේ නම හා නිල ලාංචනයයේ අයිතිය පිලිබද ගැටලු සහගත තත්වයට පසු , එවන් ප්‍රධාන අරගලයක් පක්ශය තුල සිදුවන ප්‍රථම අවස්ථාව මෙය වනවා. පක්ශයේ බිම් මට්ටමේ ස්ථානගතවී ඇති ශක්තිමත් යාන්ත්‍රණය හරහා මුල් කී සදහන් වූ නන්දන ගුණතිලක හා විමල් වීරවංශ කෑඩී යැම්, ලාංකික දේශපාලනය තුල කෙසේ වෙතත් පක්ශ අභ්‍යන්තරය තුල කලමණාකරනය කර ගැනීමට ජවිපේ පක්ශයක් වශයෙන් ශක්තිමත් උවත් මේවර ඇතිවන දෙදරා යෑම , මෙම බිම් මට්ටමේ ජවිපේ ක්‍රියාකාරීන් වික්ශිප්ත තත්වයකට පත් කරමින් සිටිනවා. පක්ශයේ ප්‍රචාරක යාන්ත්‍රණය කුමාර හිතවාදින් සතුව තිබීම මෙයට එක් ප්‍රබල හේතුවක් වෙනවා. පක්ශයේ නිල පුවත්පත වන 'ලංකා' පුවත්පත කුමාර හිතවාදියෙකු වන ලසිත් නමින් හැදින්වෙන පුබුදු ජාගෝඩ විසින් මෙහෙයවීම හා පක්ශයේ අධ්‍යාපන අංශයේ ප්‍රකාශනය වන 'සාර්‍යා' කුමාර තමන් විසින්ම මෙහෙය වීම මෙසේ පක්ශයේ ප්‍රචාරක යාන්ත්‍රනයේ බලය කුමාර හිතවාදීන්ට නතු වීමට ප්‍රධාන හේතුව ලෙස දැක්වෙනවා.

පක්ශයේ භෞතික දේපල සම්භන්දයෙන්ද පවතින්නේ මේ ආකාරයේම ගැටලුවක්. මදනායක නැමැත්තකු නමට ලියා තිබු බත්තරමුල්ලේ පිහිටි පක්ශ ප්‍රධාන කාර්‍යාලය පසුගිය සුමානයේ ටිල්වින් සිල්වා විසින් තමන් අතට පවරා ගත් නමුත්, ඊට පසුව මෙම ගැ‍ටුම් ව්‍යාප්ත වීමේදී , මදනායක නැමැත්තා තමන් සතුව තිබූ පක්ෂයේ වාහන කීපයක අයිතිය ටිල්වින් සිල්වා වෙත පවරා දීම ප්‍රතික්ශේප කර සිටිනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ පක්ශ කාර්යාලය සම්භන්දවද මෙවැනිම ආකාරයේ ගැටළුවකට ටිල්වින් සිල්වා විසින් මුහුන දී සිටිනවා. මේ අතරතුර සෝමවංශ හිතවාදී පිලේ ඇතැමෙක්, ආගමන විගමන නිතී උල්ලංගනය කිරීම සම්භන්දයෙන්, දැනට ලංකාවේ ‍රැදී සිටින කුමාර මහත්තයා ආන්ඩුව ලවා අත් අඩංගුවට ගැනීමේ උත්සහයකද නිරත වී සිටිනවා. කෙසේ නමුත් කුමාර මහත්තයා සතු පක්ශයේ රහස් නැතහොත් සෝමවංශ කණ්ඩායමේ අප්‍රසන්න රහස් එලි වේයැයි බියෙන් මේ සදහා සම්පූර්ණ උත්සහය නොයෙදුවත් , කරුනු කාරනා කලමනාකරනය කර ගත නොහැකි මට්ටමට ගියොත් මේවැනි දෙයක් සදහාද ඉඩකඩක් පවතිනවා.

මතුපිටින් මොන අකාරයට පෙනුනත්, ජවිපේ වර්තමාන දෙදරා යාමට ද හේතුව එහි ජාතිකත්වය හා මාකස්වාදය පිලිබද ව ඇති අභ්‍යන්තර අවුල් සහගත තත්වයයි. කොටින්ම කියතොත් මේ සිදුවන්නේ ..ලංකා පොලොව තුල නිර්ධන පංතියේ විප්ලවයක් අපේක්ෂා කරන අතාත්වික දේශපාලන සිහින දකින්නන් කීපදෙනෙක් හා ඊනියා නිර්ධන පංතිය පිලිබද නිර්විඥාත්විකව තේරුම් ගත් ප්‍රායොගික දේශපාලන අම්බරුවන් කීප දෙනෙක් අතර ගැ‍ටුමකුයි...... අවුරුද්දේ 365 දවසෙම ඉර මුදුන් වෙන , මොනවා නැතත් කොස් ගෙඩියක් හෝ දෙල් ගෙඩියක් තම්බා බඩගින්න නිවා ගත හැකි සමාජයක , සාර් යුගයේ රුසියාවේ සිටි සීතලේ වෙව්ලන හාමත් කම්කරුවා නොමැති බව තේරුම් නොගැනීම ජවිපේ අවසානාවක් නොව, ඊනියා නිර්ධන පංතියේ ආඥාදායකත්වයක් උදෙසා තමන්ගේ වටිනා තරුන ජිවීත ලෙයින්, දහඩියෙන් හා කදුලින් කැප කල අඥාන, අසරන ලාංකික තරුනයාගේ අවාසනාවයි.... ලාංකීය බහුතරය ප්‍රකම්පිත වන්නේ කවදාවත් යථාර්තයක් නොවන කන්න බොන්න නැති හාමතේ මියයාමක් වෙනුවෙන් නොව මිලේජ්‍ය ත්‍රස්තවාදයකට ඒරෙහි ජාතිකත්වයේ ගිණිපුලිගු වෙනුවෙන් බව මේ දේශපාලන සටකපටයන් තේරුම් ගෑනිම මොවුන්ගේ ජාතිකත්ව මාකස්වාද අර්බුධයේ මූලික හේතුවයි. බලය වෙනුවෙන් ජාතිකත්වය නොව ජාතිවාදය උවද කරට ගැනීම.... , ඊනියා පංති සටනක් ගැන විශ්වාසයෙන් සිටින මේ දේශපාලන අවස්ථාවාදීන්ට ඉතා සුලු දෙයක්ය. අද සිදුවන්නේ මෙසේ හවුලේ කඩේ ගිය, ඒසේ කඩේ ගොස් අනාගෙන සිටින, .... නමුත් තමන් අනාගත් බව නොදන්නා හා තමන් අනාගත් බව තේරුම් ගත් කන්ඩායම් දෙකක් අතර ගැ‍ටුමක්ය.
( this was written on 21 st of Sept 2011: Mayya)

see Vijitha Herath Replies on 24/09/2011

see Divaina article on 25/09/2011

අශ්‍රිත ලිපි : http://www.sundaytimes.lk/110918/Columns/political.html

5 comments:

  1. අනේ මයියා දන්න මගුලක් ගැන ලිපි ලීව නම් නේද හොද?මේක කියෙව්වම තේරෙනව මයිය ජවිපෙ ගැන දන්න මගුලක් නැහැ කියල.ඉස්සල්ලා හරියටම ප්‍රේමකුමාර් ගුණරත්නම්ගේ නම වත් හරියට ලියන්න.ඔයා නිකම් පත්තර වල තිබුණු දේවල් ටිකක් තමුන් හොයාගත්ත වගේ මෙතන ඇඩි එක දෙනව.සර්යා කියල කොහෙද ජවිපෙ අධ්‍යාපන අංශයේ ප්‍රකාශනයක් දැන් තියෙන්නෙ?එහෙම එකක් තිබ්බේ අවුරුදු 4 ක විතර ඉස්සර.කුමාර පාර්ශවය ආන්ඩු විරෝධී කැරැල්ලකට අර අදිනව කියල ඔයා දන්නෙ කොහොමද?එයාල ඔයාට කීවද?නිකම් විහිලුවක් වෙන්න එපා.නිර්ධන පංති විප්ලවය ගැන කියනව නං රටේ ඉන්න අති බහුතරය තොරතුරු තාක්ෂන යුගයෙදිත් ජීවත් වෙන්නෙ අමාරු තත්වයන් යටතේ.ඒ අය වැඩ කරල බිහිකරන ධනය ඒ අයට පෙරලා ලැබීම ප්‍රතික්ෂේප කරල තියෙනව.බලන බලන අත තියන්නෙ සමාජ අසාධාරනය සහ අසමානතා.ඒව පුපුරන්නෙ නැත්තේ ඒ පීඩිතයන්ට හරි මතවාදී නායකත්වයක් නැති හින්ද.එහෙම මතවාදයක් නැති නිසා මේ දුක් විදින මිනිස්සු ධනපති පංතියේ ජොල් මුදලාලිලා තමුන්ට මොනා හරි කරල දෙයි කියල හිතාගෙන උන්ට කඩේ යනව.ජාතිකවාදය කියල ඔයාල තොරෙම්බල් කරන්නෙත් දුප්පත් මිනිස්සු අන්දන්න තියෙන විදියක්.රට ජාතිය වෙනුවෙන් තොපිට සිද්ධ වෙන ඕනෙ අසාධාරනයක් ඉවසපියවු කියන එකට වඩා දෙයක් ඔතන නැහැ.ඔක තමයි සරලම සරල ඇත්ත!

    ReplyDelete
  2. @ ඈනෝ

    කුමාර මහතාගේ නමේහි අවුල පෙන්වා දීමට ස්තුතිය. එය නිවැරදි කර ඇත

    අර්බුදය සම්භ්න්ධ කරුනු උපුටා ගත් ස්ථානය අශ්‍රිත ලිපි ලෙස ලිපිය අගින් සදහන් කර තිබියදී එවා මයියා සොයා ගත්තා ලෙස ඇඩ් දමා ඇතැයි පවසන ඔබගේ ප්‍රකාශය විහිලුවකි. විප්ලවීය පක්ශයක් ලෙස තම පක්ශය හා එහි අභ්‍යන්තර රහස් සමාජයේන් වියුක්තව ඇතෙයි කල්පනා කරන අඥාන ජවිපේ කේඩරයෙකුට ඇරෙන්නෙ මෙහි සදහන් වන කරුනු එදිනෙදා පොත පත්තර කියවන සාමාන්‍ය පුද්ගලයෙකුට මැජික් නොවන්නේය. තමා දකින සිහිනය තමන් පාමුලම බිදවැටෙන දකින ජ්විපේ අනුගාමිකයකුගේ ඉඡ්ඡාභංගත්වය පමනක් ඔබගේ සටහන් තුල දකිමි.

    ඔබ කියන පීඩනය ඕතරම් දරුනු නම් මෙතෙක් කල් ජ්විපේ ලබා දුන්නේ කුමන මතවාදී නායකත්වයක්දැයි ඕබට ම ප්‍රශ්න කර විසදා ගත හැකි යයි මයියා විශ්වාස කරයි.

    ReplyDelete
  3. මීටවඩා ඈත්ත වගේ පච ලියපු ලිපියක් මම අද දිනමින පත්තරෙන් කියෙව්වා.
    -කමල්

    ReplyDelete
  4. හි හි ...ජෙප්පො දෙන්නෙකුට රිදිලා වගේ ... එල ලිපිය මය්යො

    ReplyDelete
  5. Mahaththaya nikan jvp central comity dialz ekak wagene talks deela thiyenne..hehe..
    Anika oyage paudgalika mathayata anuwa me paksha deken pita me rata yanneth na..yanna denneth nane..Oka ithin wishesha deyak nane..aurudu 60 ganak thisse hitiyane..idala hamba wechcha ken gediyak nane..thawa thawa kaalakanni wenawa erenna.
    Me wage mahaththuru innakam itin srilanka,unp ratakana perethayanta raja magul thamai..
    hehe..

    ReplyDelete

2222