Showing posts with label ලෝක දේශපාලනය. Show all posts
Showing posts with label ලෝක දේශපාලනය. Show all posts

Monday, 7 April 2025

ට්‍රම්ප්ගේ නව තීරුබදු කම්පනය: ගෝලීය බල ක්‍රීඩාවක් - සහ ශ්‍රී ලංකාවට එයින් අදහස් කරන්නේ කුමක්ද



ට්රම්ප්ගේ අලුත් බදු ගැසීම අපි තේරූම් ගන්න ඕනේ ඒකේ දේශපාලන සංධර්භයත් එක්ක. ට්රම්ප්ට ඕනේ ඇමෙරිකාව නැවත එහි ශ්රේෂ්ඨත්වය කරා ගෙන යන්න.
මේ බදු ගැහිල්ල එහි ආරම්භයයි. යන සිස්ටම් එක තමන්ට අවාසි නම් ඉස්සෙල්ලම කරන්නේ, ඒ සිස්ටම් එකට එකවර ශොක් එකක් දෙන එක.හෙන ගහනවා වගේ එලියට දාපු මේ වැඩේන් කලේ, ඒ ශොක් එක දෙන එක.මේක ඊට වඩා ලොකු ප්ලෑනක ආරම්භය විතරයි.
ඊලඟට එන්නේ මේ බදු අඩුකර ගන්න එක් එක් රටවල් එක්ක කෙරෙන ද්වි පාර්ශික සාකච්චා. ලංකාවේ නම් දැනටම ආන්ඩුවේ අයත්, විපක්ශයේ අයත් කියන්නේ කථා කරලා , ගොඩ දා ගන්න පුලුවන් වෙයි කියන උත්තරය තමයි. ඒ අතින් අධිරාජ්ය විරෝධී පක්ශයක් ලෙස හිටපු ජවිපේ, මාලිමාව හරහා ඇමෙරිකාව එක්ක සාකච්චා කරන්න ඕනේ කියන අස්ථානයට විතැන් වීම අපි අගය කරන්න්න ඕනෙ.
මේ සාකච්චා වලදි ඇමෙරිකාව එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් බා ගන්න තමයි හදන්නේ.
පලවෙනි කාරණය හැටියට , ට්රම්ප් පාලනය මේක පාවිච්චි කරන්න හදන්නේ රටවල් අතර වෙන් වෙන් වශයෙන් සිදුවෙන සාකච්චා වලදි තමන්ගේ දේශපාලන කූට්ටිය ඉල්ලීමේ උපකරණයක් ලෙස.ලංකාව වගේ රටකට වැදගත් වෙන්නෙ මේ කාරණය තමයි. මොකද ලංකාව වගේ සොච්චම් ආර්ථිකයක් එක්ක ඇමෙරිකාවට විසදගන්න වෙන ගණුදෙනු නැති හින්දා. ලංකාවේ ඇතුලට පහුගිය දශකයේ වේගයෙන් බලවත් උන චීන දේශපාලනයත් , ලංකාවේ චීණ නැඹුරුවත් දිහා අලුත් විදිහකට බලන්න මාලිමා ආන්ඩුවට සිද්ධ වේවි.
පසුගිය දශක දෙක ඇතුලෙදි චීනය ඇමෙරිකාවට බඩු විකුනලා ඇමෙරිකාවේ තිබ්බ කර්මාන්තශාලා තමන්ගෙ රටට ගෙනාව. ඒ සල්ලි වලින් දැන් චීනය ආර්ථික අතින් විතරක් නෙමෙ යුද්ධමය අතිනුත් ඉස්සරාට ඇවිල්ලා. දැන් ඇමෙරිකාවට ඕනේ තමන්ගේ ගෙදරට ඇවිල්ල බඩු විකුණපු මනුස්සයා තමන්ට ගෙම්බර් පාට් දාන්න එන්න කලින් ඒක විසදගන්න.
එතකොට කාට හරි අහන්න පුලුවන් ඕක කරන්න මුලු ලෝකේටම බදු ගහන්න ඕනේද කියලා. ඉතා නිවැරදි ප්රශ්ණයක්.
ඇත්තටම ගත්තොත් ට්රම්ප්ගේ පලවෙනි ධූර කාලේදි කලේ චීනෙට විතරක් ටැරිෆ් ගහපු එක තමයි. හැබැයි චීනය කලේ ඇමෙරිකාවට බඩු යවනවා වෙනුවට ලතින් ඇමෙරිකාවට තමන්ගේ බඩු යවපු එක. ලතින් ඇමෙරිකාව හරහා නැවත චීන බඩු ඇමෙරිකාවට ආවා.
දැන් ට්රම්ප් ඒ වැරැද්ද හදලා අලුත් වටයකින් තමන් මුලින් පටන් ගත්ත වැඩේ කර ගෙන යනවා.

එතකොට යුරෝපයට වගේ ඇමෙරිකානූ කදවුරේ හිට ගත්ත අයට බදු ගැහුවේ ඇයි කියලා කාට හරි තව ප්‍රශ්ණයක් ඇති වෙන්න පුලුවන්. ඒතමයි ඇමෙරිකාව නේටෝ එකේ යුරෝපයේ අරක්ශකයා හැටියට හිටියට ආර්ථික වශයෙන් ලාභයක් නැති වෙන එක. ඒ වෙනුවට ට්රම්ප් කියන්නේ හරි මම උඹලට ආරක්ශාව දෙන්නම්ම් හැබැයි ඒකට යන වියදම මට දෙන්න.ඇමෙරිකාවෙන් බඩු අරං ආරක්ශාවට යන මුදල හවුලේ බෙදා ගමු කියන එක තමයි ඇමෙරිකානු හිතවාදී කදවුර සදහා ට්‍රම්ප් මේ කියලා තියෙන්නෙ.

Monday, 24 June 2024

තෙමසෙක් අහලා නෑ....ආසා හිතෙයි...

රජය ව්‍යාපාර කලාට අවුලක් නෑ කියල තර්ක කරන කට්ටිය ගේන ජනප්‍රිය උදාහරණයක් තමයි සිංගප්පූරූව.   සිංගප්පූරූවෙත්  රජයට අයිති ව්‍යාපාර  State Own Enterprises (SOE) තියෙනවා. ඉතින් සිංගප්පූරූවෙත් තියෙනවනම් ලංකාවේ තිබ්බම මොකද කියලා තමයි මේ අය අහන ජනප්‍රිය ප්‍රශ්ණය. 

මේ වගේ කථාවක් කිව්වම, ලංකාවේ ජීවත් වෙන  අපේ හිත්වල  මැවෙන්නෙ ,  ඇමතියගෙ  ඇම්බැට්යෙක් සභාපති  වෙච්චි  , එයාටම ගොට්ට අල්ලන  අධ්‍යක්ෂක මණ්ඩලයෙක් යටතේ, සිංගප්පුරූවෙත් ,  රජය සතු ආයතන දුවනව ඇති කියලා. ඒවගේම  රජය මේ ආයතන වලට රජයේ සල්ලි පොම්ප කරනවා කියලත් හිතන්න පුළුවන්. 

ඒත්  ඇත්ත කථාව තමයි, සිංගප්පූරූවේ තියෙන SOE  ලංකාවේ තියෙන ඒවාට වඩා හාත්පසින්ම  වෙනස් වීම. ඒවා දුවන්නේ තනිකරම පෞද්ගලික ආයතන වගේ.

සිංගප්පූරූ රජය ව්‍යාපාරවලට මැදිහත් වෙන්නෙ කොහොමද? 

සිංගප්පූරුවේ සියලුම SOE  අයත් වෙන්නේ රජයට අයත් Holding  කොම්පැණියකට. මේ කොම්පැණිය හදුන්වන්නේ තෙමසෙක් හෝල්ඩින් කොම්පැණිය  (Temasek Holdings) කියලා. 





තෙමසෙක් අයිතිය කාගෙද? 

තෙමසෙක් එක ඇත්තටම  අයිති වෙන්නෙ සිංගප්පූරූවේ රජයේ මුදල් අමාත්‍යාංශයට. හැබැයි ලංකාවේ වෙනවා වගේ ,තෙමසෙක් එකට සිංගප්පූරූ රජයෙන්  අවුරුදු පතා  සල්ලි පොම්ප කරන්නේ නෑ. 1974 දී සිංගප්පූරු රජය තෙමසෙක් කොම්පැණිය පටන් ගන්න කොට සිංගප්පූරූ ඩොලර් මිලියන 374 ක් පමණ ආයෝජනය කිරීමෙන් තමයි පටන් අරන් තියෙන්නෙ.ඊට පස්සේ ඒක රජයේ බලපෑම් වලින් තොරව, ස්වායත්තව තමන්ගේ කටයුතු කරගෙන ඇවිත් තියෙනවා.ඩොලර් මිලියන 374 කින් පටන් ගත්ත තෙමසෙක් ආයතනය, මේ වනවිට  සිංගප්පුරූ ඩොලර් බිලියන 400 (400,000 මිලියන කට)  ආසන්න වත්කමක් තියෙනවා. 

මූලීකව රජයේ සල්ලිවලින් පටන් ගත්තත්, මේ වෙනකොට තෙමසෙක් එක දුවන්නෙ තමන් කරගෙන යන බිස්නස් වලින් ලැබෙන ලාභයෙන්.ඉතින් මිනිස්සුන්ට අඩුවට දෙන්න ඕනේ  හින්දා රජය පාඩුවට හරි බිස්නස් කරන්න ඕනේ කියන අය දැනගන්න ඕනේ කාරණය තමයි, සිංගප්පූරූවේ තෙමසෙක් එක අඩු ලාභ බලාගෙන බිස්නස් වලට බැහැලා නැති විත්තිය. ඒ වෙනුවට  තෙමසෙක් එක අනිත් පෞද්ගලික කොම්පැණියක් වගේම තමන්ගේ ලාභය උපරිම කරගන්න වෙහෙසනවා. 

තෙමසෙක් එක තමන්ට රජයේ බලපෑමක් නැති විත්තිය පෙන්වන්න ඉතා විනිවිදව තමන්ගේ ගිණුම් කටයුතු පවත්වා ගෙන යනවා. ඒ මගින් වගවීමත්, පාරදෘශ්‍යබාවයත් ආරක්ශා කිරීමට ඒ අය කටයුතු කරනවා.

දැන් අපි තෙමසෙක් එකට අයිති බිස්නස් මොනවද කියලා බලමු...

1. සිංගපූරූ ගුවන් සේවය. -  සිංගපූරූ ගුවන් සේවය කියන්නේ එරට කොටස් වෙළදපොලේ කොටස් හුවමාරු වෙන පෞද්ගලික ආයතනයක්. මෙහි කොටස් වලින් 55%ක් පමන තෙමසෙක් හෝල්ඩින් වෙත හිමිවෙනවා 

2. සිංගප්පූරූ මොබයිල් ෆෝන් සේවාවක් වෙන Singtel  ආයතනය. මෙයත් කොටස් වෙළදපොලේ කොටස් හුවමාරූ වෙන, තෙමසෙක් එකට 52% පමන කොටස් අයිති ආයතනයක්.

3. PSA International ආයතනය - සිංගප්පූරූවේ සියලුම වරාය සහ නාවික කටයුතු මෙහෙයවන්නේ මේ ආයතනයෙන්. මේක 100% ක් තෙමසෙක් එක සතු ආයතනයක්. ඒ වගේම මෙම ආයතනය, විවිධ පෞද්ගලික් සමාගම් සමග ගිවිසුම් ගත වෙමින් , විවිධාකාර ආයෝජන වල නිරතවෙන ජාත්‍යන්තර ආයතනයක්.

4. DBS Bank (Development Bank of Singapore)අග්නි දිග ආසියාවේ විශාලතම බැංකුවක් වන මෙහි 30% පමණ කොටස් තෙමසෙක් එක සතු වෙනවා. 

5. ST Engineering (Singapore Technologies Engineering Ltd) - මෙයත් කොටස් වෙළදපොලේ කොටස් හුවමාරූ වෙන තෙමසෙක් එකට 49% ක් පමණ කොටස් අයිති ආයතනයක්. 


සිංගප්පූරූ රජය බිස්නස් කරනවා.ඒගොල්ලොත් ලංකාවේ වගේ රජයේ ඒකාධිකාර වෙලදපොළ තියං ඉන්නවද?

නෑ. සිංගප්පුරූ රජය කිසිම වෙලාවක  මේ කිසිදු ක්ශේත්‍රයක රජයේ ඒකාධිකාරයක් පවත්වාගෙන යන්නෙ නෑ. රජයට අයත් මේ ආයතන, අදාල වෙලදපොල තුල විශාල වෙළද පොල පංගුවක් හිමි කරගෙන හිටියත්, ඒවා අනෙක් පෞද්ගලික ව්‍යාපාර මෙන්ම තරඟකාරී වෙලදපොල ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක වෙනවා.මිනිස්සුන්ට ලාබෙට දෙන්න,  මිනිස්සුන්ට රස්සා දෙන්න වගේ අරමුණු වල හිරවෙල මේවා තමන්ගේ කටයුතු වල යෙදෙන්නෙ නෑ. 

තෙමසෙක් එක සිංගප්පූරූ රජයට බදු ගෙවනවද?

අනෙක් සෑම පෞද්ගලික ආයතනක් වගේම, තෙමසෙක් ආයතනය, සිංගප්පූරූ රජයට බදු ගෙවනවා. ලංකාවේ  වගේ රජයේ ආයතන බදු නොගෙවා බිස්නස් කිරිම වැනි දේවල් තුලින්, වෙලදපොල තරගකරුවන් අතර අසමානතා ඇති වෙන්න ඉඩ තියෙලා නෑ. 

ඒ වගේම කොටස් හිමිකරුවා නිසා, තෙමසෙක් ආයතනය , රජයට ලභාංශ ලබා දීමද සිදු කරනවා

එහෙනම්.... 

රජය බිස්නස් කරලා, මිනිස්සුන්ට ලාභෙට කන්න දෙන්න ඕනේ කියලා හිතන, ආරක්ශණවාදී මධ්‍යගත පාලනයකට කැමති, රජය විසින් සෑම ක්ශේත්‍රයකටම අත දාන්න ඕනේ කියලා හිතන අය,  සිංගප්පූරූ මොඩල් එක තමන්ගේ ඇඟට හරි යන විදිහට කපලා මහලා ඇඳ ගන්නවා. 

ඒත් වැදගත්ම කාරණය තමයි සිංගප්පූරූ රජය බිස්නස් කරන්නේ ඔය කියන අරමුණු එකක්වත් හිතලා නෙමේ. ඒ වෙනුවට , ඔවුන් නිදහස් වෙළදපොලක් තුල, අන්සැමට බලපාන නීතී රීතී යටතේ, අනෙක් තරඟකරුවන් හා සමානව වෙලදපොල තරඟයක යෙදෙමින්, ලාභය අරමුණු කරගෙන  තමන්ගේ ව්‍යාපාර කටයුතු මෙහෙයවනවා.

මෙන්න මේ වැදගත් කාරණය මග ඇරලා, සිංගප්පූරු රජය බිස්නස් කරනවා කියන කාරණය පමනක් තමන්ගේ සටන් පාඨය කරගත් අය තර්කනයේදී වංචාකරුවන් කියලා කියන්න වෙන්නෙ ඒ නිසයි. 






Saturday, 21 October 2023

ඊශ්‍රායලය ගැන ඇමෙරිකන් ලව් එක මොකක්ද?

 ඊශ්‍රායලය මොකක් කලත් ඇමෙරිකාව කොන්දේසී විරහිතව ඊශ්‍රායලය පැත්තේ හිට ගන්නවා කියන එක ඉතිහාසය පුරාම දකින්න තියෙන තත්වයක්. වර්තමාන ගැටළුවෙදි උනත් ඒකේ කිසි වෙනසක් වෙලා නෑ.

මේ තත්වය පැහැදිලි කරන්නේ කොහොමද? 

මැදපෙරදිග සියලු මුස්ලිම් රටවල් මැද්දෙ බටහිර සහ එහි සම්ප්‍රදාය නියෝජනය කරන එකම මුස්ලිම් නොවන රට ඊශ්‍රායලය. ඒ වගේම ඊශ්‍රායලය කියන්නෙ බටහිට ජාතීන් මූලික වී මැදපෙරදිග ඇතිකරපු රටක්.ඒ නිසාම ඇමෙරිකාව කොන්දේසී විරහිතව ඊශ්‍රායලය වෙනුවෙන් පෙනී හිටිනවා කියන එක තමයි කවුරුත් පිලිගන්න පොදු මතය. 

පොදු ජනප්‍රිය මතය එහෙම උනත් ඊට වඩා ගැඹුරු බැදීමක් ඊශ්‍රායලත්,එහි වෙසෙන යුදෙව්වන් ගැනත් ඇමෙරිකාවට තියෙනවා.

මේ කියන්න හදන කාරණය පැහැදිලි කරන්න පොඩ්ඩක් ඉතිහාසයට යන්න වෙනවා. 

අතීත යුරෝපය තුල ජීවත් උන යුදෙව්වන් යනු විශාල ධනස්කන්ධයක් එකතු වී තිබු ජනකන්ඩායමක්.යුරෝපය තුල නැව් ගමනාගමන දියුණු වී එම රටවල් යටත්විජිත ඇති කර ගැනීමට පෙරදිගට, අප්‍රිකාවට එන කොට ඒ නැව් වලට සල්ලි යෙදෙව්වෙ යුරෝපයේ හිටපු රජවරු.රජවරු ගාව සල්ලි නැති වෙන කොට ඒකට විකල්පයක් ලෙස හිටියෙ යුදෙව්වො. ඒ වෙනකොටත් යුරෝපයේ  බැංකුවල බලය අත්පත් කරගෙන තිබ්බෙ යුදෙව්වො.යුදෙව්වො නැව් වලට විතරක් නෙමේ, රජවරුන්ටත් ණය දුන්නා.යටත්විජිත ඇති කරගෙන ඒ රටවලින් කොල්ල කාපු ධනය අන්තිමට එකතු උනේ යුදෙව්වන් සතු බැංකු වල. ඒ නිසාම යටත්විජිතකරණයෙන්, යුද්ධ නොකරම අති විශාල ධනස්කන්ධයක් රැස් කර ගැනීමට යුදෙව්වන් සමත් උනා. මේ තත්වය යුරෝපියන්ට නොතෙරුනා නෙවෙ. ඒ නිසාම යුරෝපීය සමාජය තුල පොදුවෙ යුදෙව්වන් ගැන අප්‍රසාධයක් අතීතයේ ඉදලම තිබුනා. අතීත වැනීසියේ වෙලෙන්දා වැනි නාට්‍ය තුල ශෛලොක් වැනි චරිත හරහා මේ අප්‍රසාදය ප්‍රකට උනා. 

මෙසේ ධනය නොතිබිච්චි යුදෙව්වන් ඊට විකල්පයක් ලෙස යොදා ගත්තේ අධ්‍යාපනය. ධනවත් නොවුනු යුදෙව්වන් හොදින් ඉගෙන ගත්තා. ඇල්බට් අයින්සට්යින් කියන්නෙ ඒ කුලකයේ ඉහලම උදාහරණයක්. 

ඒ වගේම යුරෝපය තුල වැඩවසම් ක්‍රමය බිද වැටී කාර්මික විප්ලවය සමග බිහිවු ධනවාදයේ පියවරු උනෙත් ඇඩම් ස්මිත් වැනි යුදෙව්වන්. ඊට විකල්පයක් ලෙස බිහි වූ සමාජවාදයේ පියවරු උන කාල් මාක්ස්, ට්රොස්කි වැනි උගතුන්ද යුදෙව්වන්. සමාජවාදය මහපොලොවේ ක්‍රියාවෙන් කර පෙන්වපු ලෙනින් ද යුදෙව්වෙක්.

දෙවෙනි ලෝක යුද්ධය ඇතිවන කොට යුරෝපයේ ශතවර්ෂ ගණනාවක් තිස්සෙ එකතු උන ධනයත්, දැනුමත් එකට ගොණු වෙලා තිබ්බෙ යුදෙව්වන් ගාව.හිට්ලර්ගේ යුදෙව් විරෝධය හදිසියේ පහල වීමක් නෙවෙ. පලවෙනි ලෝක යුද්ධෙදි ජර්මනියත්, තුර්කියත් එක මිටට පරාද කරන්න යුදෙව්වන් එංගලන්තය ප්‍රමුඛ බටහිර ජාතීන්ට ධනයෙන් හා දැනුමෙන් උපකාර කලා.පලවෙනි ලෝක යුද්ධයේ , ජර්මනියේ අවමන් සහගත පරාදයේ ක්‍රෝධය හිට්ලර්  යුදෙව්වන් කෙරෙහි දිගු කලා. එය යුරෝපයේ අතීතයෙ සිට පැවති යුදෙව් විරෝධය සමග හොදින් පෑහුනා. 

හිට්ලර්ගේ උමතු යුදෙව් විරෝධයත් සමග, යුදෙව්වන්ට යුරෝපය ඉතා අනාරක්ශිත උනා. මෙසේ අනාරක්ශිත උන යුදෙව්වන්  යුරෝපයෙන් පැන යන්න පටන් ගත්තා. ඔවුන්ගේ නවාතැන උනේ ඇමෙරිකාවයි.

යුරෝපය ශතවර්ශ ගණනාවක් තිස්සේ එකතු කර ගත් ධනයත්, දැනුමත්, වසර කීපයක් තුලදී ඇමෙරිකාවට සංක්‍රමණය උනා. 

මේ නව ධනයත්, දැනුමත් සමගම ඇමෙරිකාව පෙර නොවූ විරූ අයුරින් ආර්ථික හා දැනුමෙන් පෝශණය වී ලෝක බලවතෙක් විදිහට නව ජවයක් ලබා ගත්තා. 

දෙවෙනි ලෝක යුද්ධය තීරණාත්මක ලෙස ඉවර කරන්නට ඇමෙරිකාව යොදා ගත් පරමාණු බෝම්බය තනිකරම යුදෙව්වන්ගේ දැනුමෙන් හදපු එකක්.

අදටත් ඇමෙරිකාවේ මහාපරිමාණ ව්‍යාපාර ගත්තොත් මේවා අයිති වෙන්නෙ මෙසේ ඇමෙරිකාවට සංක්‍රමණය උනු යුදෙව්වෙන්ගේ පසු පරම්පරාවලටයි. සී එන් එන් වැනි මාධ්‍ය වල අයිතිකරුවන් යුදෙව්වන්. ඊශ්‍රායල් පලස්තීන යුද්ධයේදී සී එන් එන් එකේ පක්ෂාග්‍රාහී මාධ්‍ය භාවිතයේ සැබැ හේතුව මේ යටින් දිවෙන යුදෙව් සම්බන්ධයයි. එසේම ෆේස්බුක් අයිතිකරු මාක් සක්ර්බග් ද යුදෙව්වෙක්.

මේ අයුරින් ඇමෙරිකාව තුල උඩින් නොපෙනෙන, එහෙත් යටින් ඉතා සියුම්ව ගැට ගැසී ඇති යුදෙව් සම්බන්ධකමක් පවතිනවා.

ඒ නිසාම මැදපෙරදිග තමන්ගේ නියොජිතයා කියන ජනප්‍රිය මතයට වඩා එහාට ගිය ආත්මීය බැදීමක් ඇමෙරිකාවට , ඊශ්‍රායල ගැන තියෙනවා. 



Friday, 24 January 2020

ලිබියාවට මොකද උනේ?

මැද පෙරදිග , උතුරු හා මධ්‍යම අප්‍රිකානු ප්‍රදේශවල නූතනයේ පවතින විවිධ වාර්ගික හා ආගමික ගැටළු වල මූලය වන්නේ, ඉංග්‍රීසී, ප්‍රංශ  අධිරාජ්‍යවාදීන්, ඒ ඒ කලාප හැර දමා යන විට ඇති කර ගිය තත්වයයි.

යුරෝපීයන් පලමු ලෝක යුද්ධයෙන් පසුව ඔටෝමන් තුර්කීන් පරාජය කරමින් මැද පෙරදිග හා උතුරු අප්‍රිකානු  ප්‍රදේශ තම යටතට ගන්නවා. 

යුරෝපීයන් මේ ප්‍රදේශ අල්ලා ගන්නා විට මේ ප්‍රදේශ වල නූතනයේ පවත්නා ජාතික රාජ්‍යන් හෝ දේශසීමා පැවතුනේ නෑ. ඒ වෙනුවට එහි පැවතියේ විවිධ ගෝත්‍ර කණ්ඩායම් හෝ භූ විශමතා කලාප අනුව හුදකලා උන ජනකොට්ඨාශයන්.

නමුත් යුරොපීයන් මෙම ගෝත්‍ර අනන්‍යතාවයන් , ආගමික විශ්වාසයන් අනුව විවිධ ජන කොට්ඨාශ නොසලකා තමන්ට අවශ්‍ය පරිදි ( ඉංග්‍රීසී + ප්‍රංශ සේනාපතිවරුන්ගේ අභිමතය හා එකඟතාවයන් අනුව)  තම  තමන්ගේ පාලන කොට්ඨාස වෙන්ක ර ගන්නවා. මෙය  හුදු,  සිතියමක්  මේසයක් මත තබා තම තමන්ට අවශ්‍ය කොටස් වෙන් කර ගැනීමක් පමනයි. එම කොට්ඨාශවල පවතින විවිධ ගෝත්‍ර එදිරිවාදිකම්, ආගමික විශ්වාස ඔවුන් සලකන්නේ නෑ.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව අධිරාජ්‍යවාදීන් මේ භූමි කොටස් හැරදමා යන විට, මෙසේ කිසි විද්‍යානුකූල විමසීමකින් තොරව  වෙන්කර ගත් භූමී කොටස් ජාතික රාජ්‍ය ලෙස ඉතිරි කර දමා යනවා. නමුත් විවිධ වෙනස් කම්, අනන්‍යතාවලින් යුත් ජනකොට්ඨාශ වලින් සැදි , කිසිදා එකම ජනකොටඨාශයක් ලෙස නොසිටි මේ ජනකොඨ්ඨාශ වලට මේ ජාතීක රාජ්‍ය ජීරණය කර ගන්න අපහසුයි... ඒ වෙනුවට අද දක්වාම, තම තමන්ගේ අනන්‍යතා ‍රැක ගනු වස් සිවිල් යුද්ධ, වාර්ගික ගැ‍ටුම්,  ආගමික ගැ‍ටුම් වලට යොමු වී සිටිනවා.

ලිබියාව යනු මෙසේ කෘතිමව සකස් කරන ලද දශක කීපයක් පමන පැරණි රටක්. එය යුරෝපීය බලයට නතු වීමට පෙර පැහැදිලිව  කලාප 3න් යුක්ත වූ , උතුරු අප්‍රිකාවේ පිහිටි භූමි ප්‍රදේශක්.


ලිබියාවේ පිහිටීම

ලිබියාව උතුරින් මධ්‍යධරණී මුහුදටත්, නැගෙනහිරින්  ඊජිප්තුවටත්, බටහිරන් ඇල්ජිරීයාවටත්, දකුනින් සහාරා කාන්තාරය අයිති වන චැඩ්, නයිජර් රාජ්‍ය වලටත් මායිම් වෙනවා.

ලිබියාවේ උතුරු හා වයඹ කොටස ට්‍රිපොලි නුවර කේන්ද්‍රගතව පවතිනවා.  රෝම යුගයේ සිටම මේම භූමි කොටස දකුණු යුරෝපීයන් සමග සම්භන්ධකම් පෑ, වෙළහෙලදාම කල භූමි කලාපයක්.

එහෙත් ඊජීප්තුවට මායිම් වි තිබෙන ලිබියාවේ නැගෙනහිර කොටස  බෙන්ගාසී අගනුවර කේන්ද්‍රකරගෙන ඓතිහාසිකව දියුණු වූ ප්‍රදේශයක්. මෙම කොටස වැඩි පුර නැඹුරුවක් දක්වන්නේ  අරාබියට හා ඊජිප්තුවට. යුරෝපීයන් සමග ගණුදෙනුවක් ඔවුනට ඇත්තේ නෑ.

ට්‍රිපොලියත් , බෙන්ගාසීයත් අතර මැද රට කොටඩ්ස ෆේසාන් යනුවෙන් හැදින්වෙන අතර, පාරම්පරිකව නෝමැඩ් වරු මේ කොටසේ වාසය කලා. ඔවුන් යුරෝපයටවත්, අරාබියටවත් වැඩි සම්බන්ධයක් නැති පාරම්පරික ජන කොට්ඨාශ වලින් යුත් ප්‍රදේශයක්.

අතීතයේ සිටම ග්‍රීක, රෝමන් හා තුර්කී ආක්‍රමනිකයන් මේ භූමී පාලනය කිරීමේදී මේ අනන්‍යතා හදූනාගෙන තම පාලනය ගෙන ගියා.

නමුත් ඉංග්‍රීසීන් මෙම බෙදීම් තමන්ගේ පාලන ත්‍රන්ත්‍රය ගෙන යාමට දේශපාලනිකව  යොදා ගත්තා.  බෙදා වෙන් කර පාලනය ( Divide and Rule)  කිරීම ලෙස මෙය භාවිතා උනා.

ගඩා‍ෆි වැනි දරුණු එකාධිපතියෙක් යටතේ රට එක්ව පැවතියත්, ගඩා‍ෆි නැති තත්වයක් තුල නැගෙනහිර ඉස්ලාම්වාදීන් වෙනම පාලන කලාපයක් ප්‍රකාශයට පත් කර ඒ වෙනුවෙන් සටන් වදිනවා.

යටත්විජිත වාදීන්ගේ මනෝකල්පිය ලිබියානු රාජ්‍යයේ දේශසීමා ‍රැකගනු වස් විවිධ අනන්‍යතා යුත් ජනකොට්ඨාශ අද දවසෙත් විවිධ වාර්ගික , ආගමික ගැටළුවල එල්ලී යුද්ධ වල පැටලී සිටිනවා.


වර්ථමානයේ ට්‍රිපොලි නුවර කෙන්ද්‍ර කර ගත් කොටස Libiya Shield Force  පාලනය කරනවා ( රූපයේ කොල පෙදෙස). මෙය  GNA  ලෙස හදුන්වනවා. මෙය එක්සත් ජාතීන් පිලිගත් ආණ්ඩුවයි. ඔවුන් අතීතය පරිදිම යුරෝපය හා තුර්කීනට  පක්ශපාතියි. තුර්කිය නේටෝ රටක්.


බෙන්ගාසී නගරය කේන්ද්‍රකර ගත් කොටස  Libian National Army  (LNA) පාලනය කරනවා ( රූපයේ රතු පෙදෙස).මෙයට අතිවිශාල භූමිප්‍රදේශයක් සහ තෙල් ලිං අයිති වෙනවා.

යටත්විජිතවාදීන්ගේ මනෝකල්පිය ලිබියානු රාජ්‍යයේ දේශසීමා ‍රැකගනු වස් විවිධ අනන්‍යතා යුත් ජනකොට්ඨාශ අද දවසෙත් විවිධ වාර්ගික , ආගමික ගැටළුවල එල්ලී යුද්ධ වල පැටලී සිටිනවා.


Monday, 13 January 2020

භූගෝලයේ සිරකරුවෝ ( Prisoners of Geography) ...

මා ඉතා මෑතකදීම කියවූ පොත Prisoners of Geography....... වසර 2015 තරම් මෑතකදී මෙම පොත පලවී ඇති නිසා මෙහි සිංහල පරිවර්තනයක් ඇතැයි මා සිතන්නේ නෑ.... එනමුත් පොතේ ඉංග්රීසි නම,  ‘භූගෝලයේ සිරකරුවන්’ නැතිනම්භූගෝලීය සිරකරුවන්’ ලෙස සිංහලට පරිවර්තනය කල හැකි යි.

පොතේ පිටකවරය



ඉංග්‍රීසී ජාතිකයකු විසින් ලියා ඇති නමුත්, මෙම පොතේ භාවිතා කර ඇති ඉංග්‍රීසී භාෂාව ඉතා සරල හා සුගමයි. බැරෑරුම් දේශපාලනයක් ගැන කථා කරන නමුත්, කතුවරයා පාවිච්චි කර ඇති භාෂාව ,  ඉංග්‍රීසී  පිලිබද  ඉහල පරිචිතයක් නොමැති අයෙකුට උවත්, කියවිය හැකි ආකාරයට ලියා තිබෙනවා.

මේ පොතේ කතුවරයා වන්නේ  ටිම් මාෂල් ( Tim Marshall) . ඔහු වෘතීය මාධ්‍යවේදීයෙක්. ඔහුගේ  තිස්වසරකට අධික මාධ්‍ය  දිවිය තුල බීබීසී, ස්කයි නිව්ස් වැනි  ප්‍රකට  මාධ්‍ය ආයතනයන්හී විදේශ පුවත් පිලිබද විශේෂඥ මාධ්‍යවේදීයෙකු වශයෙන්  කටයුතු කර තිබෙනවා. ඒ වගේම ඇමේරිකාව, යුරෝපය හා ආසියානු රටවල ස්ථානගත වෙමින් ඔහු මාධ්‍යවේදීයෙක් වශයෙන් කටයුතු කර තිබෙනවා. මේ කාලය තුල ඔහු ජාත්‍යන්තර මට්ට්මේ යුධ 12 ක් පමණ,  මාධ්‍යවේදීයෙකු වශයෙන් ආවරණය කර තිබෙනවා. මෙම පොතේ අන්තර්ගතයට, ටිම් මාෂල්ගේ වෘතීය අත්දැකිම් හා  ආශ්‍රිතව ඈදූනු දේශපාලන කාරණා ඉවහල් වී ඇති බව හොදින්ම පේනවා.. ඝාතනයට ලක් උන පාකිස්ථාන ජනාධිපතිනි , බෙනාසිර් බූතෝ මැතිණිය සමග අවසන් මාධ්‍ය  සාකච්චාවපලමු ගල්ෆ් යුද්ධයේදී ස්කයි නිවස් සේවය වෙනුවෙන්, පැය 6ක් අඛණ්ඩව කෙරුණු මාධ්‍ය ආවරණය, ඔහුගේ මාධ්‍ය ජීවීතයේ අමතක නොවන දේවල්.


ටිම් මාෂල් - පොතේ කතුවරයා

පොතේ අන්තර්ගතය ගැන කථා කරන විට, මෙහි අඩංගු වන්නේ ලෝකයේ  ප්‍රධාන රටවල් හි භූගෝලීය පිහිටීම, තමන්ගේ අන්තර්ජාතීක දේශපාලන තීරණ ගැනීමට , අන් රටවල් සමග යුද්ධය හෝ සාමය ප්‍රකාශ කිරීමට, බලපා ඇතී ආකාරය පිලිබද ඉතා විස්තරාත්මකව විශ්ලේෂණය කිරීමක්.

උදාහරණයක් ලෙස ඇමේරිකාව අංක එකේ ලෝක බලවතා ලෙස සිටීමේදී, ප්‍රධාන මුහුදු කලාපයන් දෙකක තම නාවික අණසක පැතිරවීමට  හැකි වන පරිදි ඇමෙරිකාවේ ස්භාවික භූගෝලීය පිහිටිමත්, අතින්රැසියාව ඉතා දරුණු අධිශීත මුහුදු කලාපයක සිරවීමත්, , නිසාම ලෝක බලවතුකු ලෙස පෙනී හිටීමේදී  රුසියාවට ඇතිවන ගැටළුත්ඔහු මනාව විස්තර කරනවා.

වගේම පරිසර උෂ්ණත්වය ඉහල යෑම නිසා ආක්ටික් මුහුදු කලාපය, විසි එක් වෙනි ශතවර්ෂයේදී ප්‍රධාන මුහුදු කලාපයක් විය හැකි ආකාරය සහ එහිදීරැසියාව අධිශීත මුහුදු කලාපයන්ගේ, නාවික හමුදා ශක්‍යතාවයෙන්, අනෙක් රටවල් අභිබවා යන විස්තරය, මෙම පොතේ මා සිත්ගත් තවත් කාරණයක්.

ඇමෙරිකාවේ ඇලෙස්කා ප්‍රාන්තයේ ගෙමිදුලක සිට බැලූ කලරැසියාවේ නැගෙනහිර බෝඩරය පෙනෙන නමුත්රුසියාව ඉතිහාසයේ කෙදිනකවත් තම නැගෙනහිර අර්ධයෙන් එන සතුරු ආක්රමණයක් ගැන බැරෑරුම්ව නොසලකන්නේ ඇයිද යන්නත්,  මේ පොතේ එන තවත්  රසවත් විස්තරයක්.

චීන පාකිස්තානු දේශ සීමාවත්, එය හරහා පාකිස්ථාන ග්වාඩර් නාවික වරායට ( Gwadar Port) චීන ආයෝජන ලබා දීමත්, එමගින් භූමි මාර්ග හරහාම චීනයට ඉන්දියානු සාගරයට දොර විවෘත වීමත් මෙහි හොදින් විස්තර කරනවා. මේ කටයුතු කිරීමේදී චීනයේ මුස්ලිම් ප්‍රාන්තය උන ෂින්ජියෑන් (Xinjiang) සම්භන්ධයෙන් චීනයේ මධ්‍යම ආන්ඩුවේ සැලසුම් හොදින් විස්තර කෙරෙනවා.

මෙවන් අති රසවත් අන්තර්ජාතීක දේශපාලන කරුණු , මුළු ලෝකයම අන්තර්ගතවන පරිදි, මෙම පොතෙන් ඉතා මැනවින් විස්තර කර දෙනවා.

මේ සියළු පැහැදිලි කිරීම් සදහා, කතුවරයා, වෙනුවෙන් පිලියෙල කරගත්  සිතියම් භාවිතා කරනවා. සිතියම් සමග කතුවරයා ඉදිරිපත් කරන විවිධ කාරණා ඔහුගේ අදහස් පාඨකයාට ඒත්තු ගැන්වීමට මනා පිටිවහලක් වී තිබෙනවා.

කතුවරයා යොදා ගෙන ඇති සිතියම්


මා මේ පොත කියවනු ලැබුවේ බ්‍රිටිෂ් කවුන්සිලයේ කොලඹ පුස්ථකාලය මගින්. දේශීය වෙළද පොලෙහි මේ පොත මිලදී ගැනීමට ඇතිදැයි මා දන්නේ නෑ.

කෙසේ නමුත් සමාන්‍ය ඉංග්‍රීසී දැනුමක් ඇති අයෙකුට උවත් පහසුවෙන් තේරූම් ගත හැකි ආකාරයට ලියා ඇති මේ පොත, මෑතකාලයේ මා ඉතා ආශාවෙන්ම කියවා නිම කල පොතක්

ටිම් මාශල් ඔබට ස්තූතියි.

Many Thanks Tim Marshall.....

Wednesday, 6 April 2016

මොකක්ද මේ පැනමා පේපර්ස් කියන්නේ.....

මොකක්ද මේ පැනමා පේපර්ස්......


පැනමා පේපර්ස් කියන්නේ  පැනමාවේ පිහිටි ජාත්‍යන්තර නීතී උපදේශක සමාගමක රහස්‍ය ලිපි ප්‍රමාණයක්  හෙලි වීමේ ජාත්‍යන්තරය කැලඹූ සිද්ධියකට.....

සමාගමේ නම - මොසැක් ෆොන්සේකා...පැනමාවේ සමාගමක්....


ඉතින් ඒක එච්චර ලොකු සීන් එකක්ද?


ඔව්....අපි මේ කථා කරන්නේ ඩොල්ර් බිලියන් ගානක් සීන් එකක්......මේ සමාගම විවිද රටවල පුද්ගලයන් උපයා ගත් විශාල කලු සල්ලි , ඒ කියන්නේ නිතී විරොධීව උපයාගත් මුදල්, සුදු කිරීම සදහා නිතීමය පහසුකම් ලබා දුන් ආයතයනයක් කියලයි චෝදනාව....

ඒත් මේ ආයතනය නම් මේ චෝදනා ප්‍රතික්ශේප කරනවා...


කොහොමද ඒක කරන්නේ......


එක කරන්නේ ඉතා ලිහිල් අදායම් බදු ප්‍රතිපත්තියක් හා නීතී ඇති රටවල එම කලු සල්ලි ආයෝජනය කිරීමෙන්.....

මේ සමාගම නීතී විරෝධීද?


වෙනත් රටවල ආයෝජනය කිරීම කියන්නේ  නිතී විරෝධී වැඩක් නෙමේ...හැබැයි මේ ක්‍රමයේ තියෙන අඩු ලුහුඩුකම් පාවිච්චි කරලා විශාල කලු සල්ලි ප්‍රමානයක් සුදු වෙනවා....මේක ඩොලර් ට්‍රිලියන් 1-3 අතරෙ ගානක පට්ට ලොකු ගාණක්....

ලෝකය පුරා විහිදිලා ඉන්න මත් ද්‍රව්‍ය ජාවරම් කාරයින්...හොර අවි බිස්නස් කාරයන්, කොමිස් ගහපු දේශපාලුවන් තමන්ගේ  අයථා මුදල්  සුදු කරන්න ගන්න හදා ගත් යාන්ත්‍රනය මේකයි....

මොනාද ඒ ලිහිල් බදු නීතී තියෙන රටවල්....


බ්‍රිටිශ් වර්ජිනියා දූපත්,බහමාස් දූපත්, පැනමාව,සීශෙල්ස්,සැමෝවා වගේ රටවල්..


කවුද මේක ලීක් කලේ.....

මේක ඉස්සෙල්ලම එලියට දැම්මේ ජර්මනියේ පත්තරයක්...පත්තරේ නම නම් කියන්න ගියාම දිව උලුක් වෙනවා.... Süddeutsche Zeitung (SZ) ලේසියට sZ කියලා කියමු...

නමුත් මේක ජාත්‍යන්තරව ප්‍රසිද්ධකිරීම සදහා මූලිකත්වය ගෙන ක්‍රියා කරන්නේ අන්තර්ජාතීක ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය International Consortium of Investigative Journalists (ICIJ).... ඒක පිලිගත් හා ප්‍රසිද්ධ සංගමයක්....

කවුද මේකට අහුවෙලා ඉන්න ‍තෝරූ මෝරූ.......


රුසියාවේ ජනාධිපති වැල්ද්මියර් පූටීන් හා එයාගේ බොක්කක් වන ස්ර්ජි රෝලඩගින්... ඇමෙරිකානූ ඩොලර් බිලියන් 2 ක් විතර කියලා කියන්නේ.

එංගලන්තයේ අගමැති ඩේවිඩ් කැමර්න්ගේ තාත්තා....

අයිස්ලන්තයේ අගමැති සිග්මන්ඩ් ඩේවියෝ...ලොක්කා නම් දැනටම ඉල්ලා අස් වෙලා ලූ....

පකිස්ථානයේ අගමැති නවාර් ශෙරිෆ්.....

චීනයේ උත්තරීතර පාලක මණ්ඩලයේ සමාජිකයන් අට දෙනෙක්....

 හිටපු ඊජිප්තු ජනාධිපති මුබාරක් ගේ පුතා...

අල්ලපු රටේ අමිතාබ් බච්චන් සහ අයිශ්වර්‍යා රායී

ජත්‍යන්තර පාපන්දු සංගමයේ ලොක්කෝ....

ලංකාවත් ගැවීලද?


ඔව්...ලංකාවෙත් පුද්ගලයන් 3ක්, සමාගම් 3ක් හා ඒවායේ කොටස් හිමියන් 22 ක් ගැන සදහන් වෙනවා...තාම ඒ කවුද කොහොමද කියලා සම්පූර්ණයෙන් හෙලි වෙලා නෑ....

ඒකට හේතූව එලියට ඇවිල්ල තියෙන දත්ත ප්‍රාමානයේ විශාලත්වය...මෙය ටෙට්‍රා බයිට්ස් 2.6 පමන අති විශාල දත්ත ප්‍රමානයක්...මීට කලින් එලියට ආව විකිලීක්ස්, ස්නෝඩන් ගේ දත්ත වගේ 200-300 ගුනයකට වඩා වැඩි ප්‍රාමානයක්.... අතිවිශාල මාධ්‍යකරුවන් ප්‍රමානයක් මේ ලිපි ගොණු පරික්ෂාකරමින් යනවා..එතකන් නම් ගම් එලියට එන්න කාලයක් යනවා...


පල්ලෙහන් තියෙන්නේ සීන් එකට ගැවිව්චි රටවල්.....


අපිත් ඉන්නවා....ආඩම්බරයි නේ........


soucrce :http://www.irishtimes.com/business/panama-papers



PS: මාතලන් ලොක්කත් මේ ගැන කෙලලා ඇරලා පාන්දරම...

කෙහෙල් කොලේ කෑම, හොරා කෑම හා ඉල්ලාගෙන කෑම - Panama Papers, Corruption & Lumprice




Monday, 3 March 2014

යුක්‍රේන් වික්ටර්ට ලංකාවේ මහින්දගෙන්......

වික්ටර් යැනකෝවිච් යුක්‍රේනයේ (හිටපු) නායකයා. පොරත් ලංකාවේ දේශපාලුවො වගේ තමයි. මහින්ද මාමා චීනෙට ගොට්ට අල්ලනවා...රනිල් අයියා සුද්දට ගොට්ට අල්ලනවා...විග්නේස්වරන්ලා, සම්භන්දන්ලා ජයලලිතට ගොට්ට අල්ලනවා....මේ වගේ වික්ටර් මහත්තයා රුසියාවේ ලොක්කා පූටින් මහත්තයට ගොට්ට අල්ලනවා...වික්ටර්ගේ විරුද්ධපාක්ශිකයෝ ගොට්ට අල්ලන්නේ යුරෝපා සංගමේට, නැත්තං නේටෝ එකට...මේ කවුරු කවුරුත් අනිත් එක්කේනාගේ බෝල්ස් මිරිකන්නෙ එක එක වාසි වලට.

වික්ටර් ලොක්කගේ කථාව නම් යුක්‍රේනයේ බලශක්ති අවශ්‍යතාවය රුසියාව නැතිව  හිතන්නවත් බැරි වීමයි.....
උස වික්ටර් හා කොට පූටින්.....

වික්ටර් හා පුටීන් හාදකම නැගලා යන්නේ ගිය නොවැම්බරේ.. වික්ටර් මහත්තයා යුරෝපා සංගමයට පස්ස පැත්ත පෙන්නලා මොස්කව් පූටින් මහත්තයට හේත්තු වෙන්න ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නවා....

මේ තීරණේට යුරෝපා සංගමයට හිතවත් යුක්‍රේන මිනිස්සු අකමැති වෙනවා. පොරවල් බහිනවා පාරට..පොලීසියත්  එක්ක කෙලගන්නවා... නොවැම්ම්බර් වලින් පටන් ගන්න උද්ගෝෂණ ඇදෙනවා මේ අවුරුද්දටත්....මේ අතරෙදි පූටින් ලොක්කත් ෆුල් සපොර්ට් එක දෙනවා වික්ටර් උන්දැට...යුක්‍රේන රජයේ බැදුම්කර ඩොල්ර් බිලියන 15 ක් වලට පූටින් මහත්තයා ආයෝජනය කරනවා...එකෙන් තෙල් ගෑස් ලාබෙට දීලා ජනතාව ශේප් කරන්නයි දෙන්නගේ කල්පනාව..මොන උප්පරවැට්ටි දැම්මත් වික්ටර් මහත්තයට ජනතාව පාලනය කර ගන්න බැරි වෙනවා...ඒකට අපේ මහින්ද මාම..ඔය ඩොල්ර් බිලියන් 15 න් අරික් කාලක් ඒ උත්තමයට දුන්න නම් ගහක් ගලක් වගේ තියෙන ටීඑන්ඒ එකත් කෑලී කොරලයි පස්ස බලන්නේ.......කරදර අඩු උනාම වික්ටර් ලොක්කට මහින්දා මහත්තයට කියලා කුප්පියක් දාන්න ඕනේ....


දෙසැම්බරේදී උද්ගෝෂණේ තදින්ම යන වෙලාවේදි  යුරෝපා සංගම් හිතවත් උද්ගෝෂණකරුවන්, යුක්‍රේනයේ කිව් අගනුවර, නගර ශාලාව අල්ල ගන්නවා....මේ උද්ගෝෂණ කියන්නේ ඔය ජෙප්පෝ ටවුන් හෝල වල කරන 10,000 හේ 15,000 හේ උද්ගෝෂණ නෙවෙයි....මේවට ඔලු ගෙඩි ලක්ශ ගනං........



උද්ගෝෂණ අතරමැදදි පොලිස් සජීවි උණ්ඩ පහරට  මැදිව උද්ගෝෂණකරුවන් මිය යනවා...වැඩේ දුර දිග යන බව තේරේනවා...පාර්ලිමේන්තුවේ අගමැතිවරයා ඉල්ලා අස් වෙනවා...උද්ගෝෂණ මර්ධන නීතී පාර්ලිමේන්තුවෙන් ලිහිල් කරනවා....

ස්නයිපර් තුවක්කු පත්තු උන දවසේ .....


අත්ඩංගුවේ ඉන්න උද්ගෝෂණ කරුවන් සිය ගානක් නිදහස් කරන පොරොන්දුව පිට උද්ගෝෂණකරුවොත් අගනුවර මන්දිරය තමන්ගේ අතඩංගුවෙන් මුදා හරින්න කැමති වෙනවා...

වැඩේ සාමදාන වී ගෙන යන බවක් පේන්න එනවා....

සාමය ඇතිවෙලා පෑය 24 ක් ගතවෙන්නත් කලින් නාදුනන තුව්ක්කුකරුවෙකුගේ ස්නයිපර් පහරකින් උද්ගෝෂණයේ ඉන්න මිනිස්සු කීප දෙනෙක් මිය යනවා...ඒවා කාගේ තුවක්කුද කියලා සෑකයක් අපට නම් එනවා......වැඩේ ආයෙත් දෙල් වෙලා නැවත් උද්ගෝෂණ පටන් ගන්නවා.....


යුලියා නෝනා හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලා දෙන ඇග රත්වෙලා යන ටෝක් එක...
මෙන්න මේ වේලාවේ සාමයේ පරවියා...එකගතාවන්ගේ සුර දුතිකාව යුරෝපා සංවිධානය වැඩේට  බහින්නේ..යුරෝපා සංගමය මැදිහත් වෙලා දෙගොල්ලො අතර එකඟතාවයක් ඇති කරවනවා. උද්ගෝශණකරුවනුත්...වික්ටර් මහත්තයගේ සෙට් එකත් එකතු කරල හවුල් ආණ්ඩුවක් යටතේ ජන්දෙකට යන්න දෙගොල්ලෝ කැමති වෙනවා....පාර්ලිමේන්තුව වික්ටර් මහත්තයගේ බලතල සීමා කරනවා.. හිරේ හිටපු විපක්ශ නායිකාව...යූලියා ටයිමොශෙන්කෝ හිරෙන් නිදහස් වෙලා කිව් අගනුවරට එනවා....

ඒ අතින් අපේ මහින්ද ලොක්කා කොච්චර මොල කාරයෙක්ද.....බැරිවෙලා හරි ගැස්සුනෝත් පාර්ලිමේන්තුවේ  කථානායක තමුන්ගෙම අයියා.....මේ වගේ උද්ගෝශණයක් වෙලාවේ වීරයෙක් වගේ එලියට බහින්න හිටපු ජනරාල් උන්දෑ ජනාධිපති සමාව යටතේ කල එලියක් නැතුවම එලියේ...වික්ටර්ට නම් ලොක්කගෙන් ගොඩක් ඉගෙන ගන්න  තියෙනවා...

අලුත් අන්තර්පාලන රජය  දැන් අළුත් ගේමක් ගහනවා... දෙගොල්ලොම එකඟ වෙච්චි ච්න්දය පැත්තක තියලා, ඒගොල්ලො වික්ටර් මහත්තයට විරුද්ධව උසාවි වරෙන්තු නිකුත් කරන්න හදනවා....උද්ගෝෂණ වලදි සිවිල් මිනිස්සු මැරුවයි කියලයි චෝදනාව....

වික්ටර්ව අතඩංගුවට ගැනීමේ පෝස්ටර්


හිරේට යන්න වෙයි කියන බයට වික්ටර් මහත්තයා රුසියාවට පලා යනවා.....

ක්‍රිමියාව කියන්නේ යුක්‍රේනයේම කොටසක්...හැබැයි ඉතිහාසගතවම ක්‍රිමියාවට, රුසියාව එක්ක ඇයි හොදයි කම් වැඩියි......යුක්‍රේනයේ කිව් වල උද්ගෝෂණ වලට විරුද්ධව ක්‍රිමියාවේ ප්‍රති උද්ගෝෂණ පටන් ගන්නවා.....ක්‍රිමියාවේ පාර්ලිමේන්තුව මුහුණු වසා ගත් තුවක්ක්කු කරුවන් අල්ලා ගන්නවා.....ක්‍රිමියාව රුසියාවේ........



වික්ටර් මහත්තයා, රට උද්ගෝශණ කරුවන්ට පාව දීම ගැන කණගා‍ටු වෙමින් ජනතාවගෙන් සමාව ඉල්ලනවා....යුක්‍රේනයේ අනාගතය වෙනුවෙන් සටන් කරන බවට ජනතාවට සහතික වෙනවා...තමන් තාමත් යුක්‍රේනයේ නිල ජනපති බව කියා හිටිනවා.....මතකනේ සදාම් ලොක්කත් ඔය කථාවම නේ කිව්වේ....කථා දෙකක් නෑ ඒක ඇත්ත....

දැන් ඉතින් ලමයිනේ චිත්‍රපටියේ උච්චතම අවස්තාවට එනව...පයිට් එක පටාආආන් ගන්නයි යන්නේ....

පූටින් ලොක්කා නාමපද පැත්තකට දාල ක්‍රියාපද වලට බහින්නයි සුදානම....රුසියාව ක්‍රිමියාවයට හමුදාව එවනවා....දැනටමත් රුසියානු සම්බැරීන් ක්‍රිමියාවේ තියෙන රුසියා  නාවික කදවුරේ සීමා මායිම් පන්නලා.....
නාදුනන තුවක්කු කරුවන්
ක්‍රිමියාවේ මිල්ටරි මූලස්ථානය වට කර ගෙන.....
ඇත්තටම ඒ රුසියානු හමුදාව

රුසියාවේ ආක්‍රමනයට බොහෝ යුක්‍රේන වැසියන් පක්ශපාතියි......හරියට නිකං ලංකාවේ උතුරේ පොරවල් වලට මුල් දවස් වල ඉන්දියන් හමුදාව ගොඩ බැස්සම දැනෙන සනීපෙ දැනෙනවා ඇති.....

ඇමෙරිකාවෙ  ඔබාමා ලොක්කයි..යුරෝපා සංවිධානයයි පූටින් මහතයගේ වැඩේට පොඩි සද්දයක් දාලා තිබුනා...ඇෆ්ගනිස්තානේ, ලංකාව වගේ හාල් කෑලි එක්ක ෆයිට් කරාට පූටින් එක්ක හැප්පිලා දත කට පූට්‍ටු කර ගන්න කවුරුත් කැමති නෑ....උද්ගෝෂණකරුචන් ලවාම වැඩේ කර ගන්නයි වගේ  බටහිර සුදානම්...අර මොක්කුද ලවා කොස් ඇට බාවනවයි කියලා කථාවකුත් තියෙන්නේ......

දැන් ඉතින් චිත්‍රපටීයේ  නැගලම යන හරිය..අද ඉදන්වත් ටීවීඑකේ ප්‍රවීණයි...අර කුමාරියි...මේ කුමාරියි බැලිල්ල පැත්තක තියලා අල් ජසීරා  සී එන්න වෙගේ එකක් ඇල්ලුවනම් ඇස් දෙකටම අන්තිම පයිට් එක බලා ගන්න පුලුවන්....

ප:ලි ;  බලලුන් ලවා කොස් ඇට බාවනවා වගේම ක්තමයි ඌරන් කැකුණ තලන කොටහබන් කුකුලන්ට....මහින්ද මහත්තයා ජීනිවා කේස් එක ගොඩ දා ගන්න විදිහක් කල්පනා කරනවා ඇති.....


පින්තූර ගත්තේ ;

http://www.theguardian.com/uk

http://www.huffingtonpost.com/


Wednesday, 13 November 2013

සුදු වර්ගවාදයට නානසාර කුප්පියක්



මීට කාලෙකට කලින් මං බ්ලොග් පෝස්ට් එකක් ලිව්වා 'සිංහල ලේ පාරිශුද්ධ ද?' කියලා....මාතෘකාවෙන් මොකක් කියැවුනත්, ඒ ලිපියෙන් මට කියන්න ඕනා උනේ සිංහලයා දෙමලා සමගත්, දෙමලා සිංහලයා සමගත්  හොදටම ලේ වලින් කලවං බව කියන්න...එහෙමත් නැත්තං ඒගොල්ලො ලේ නෑයෝ බව කියන්න...

මේ වගේ දේවල් කිව්වම සිංහලයා පැවත එන්නේ උතුරු ඉන්දියානූ ආර්‍ය ලේ වලින් කියලා හිතන් ඉන්න අයගෙන් වගේම දෙමලා පැවත එන්නේ දකුණු ඉන්දියාවේ  චෝල, පාන්ඩ්‍ය පරපුරවලින් කියල හිතන් ඉන්න යාපනේ වෙල්ලාල පොරවල් වලටත් ඒවා එච්චර දිරවා ගන්න බෑ....

මේ වගේ තම තමන්ගේ කුලේ,පරපුර ගැන ලොකුවට හිතං ඉන්න පොරවල් ඉන්නේ ලංකාව වගේ දූපත් මානසිකත්ව තියෙන රටවල් වල විතරක් නෙවෙයි.... ලිබරල් කියලා හිතං ඉන්න ඇමෙරිකාව, යුරෝපීය රටවල් වලත් ඉන්නවා... අන්ත දක්ශිණාංශික එහෙමත් නැත්නං සුදු වර්ගවාදය කර උඩ තියං ඉන්න මේ වගේ පොරවල් විවිධ  සංවිධාන හදා ගෙන කල්ලි ගැහෙනවා....අතීතයේ ඉදන්ම තාමත්..

ඔය වගේ සුදු වර්ගවාදී සංවිධානයක් ගැන මම මුලින්ම පොඩි කාලේ දැන ගත්තේ 'ෂර්ලොක් හොම්ස්' කතන්දරයක් කියවද්දී. ඒ කථාවේ තිබ්බ 'කූ කලක්ස් ක්ලෑන්' කියන්නේ සුදු වර්ගවාදී සංවිධානයක්.

මේ ඉන්නේ කු කලක්ස් ක්ලෑන් එකේ පොරවල්..


මේ ඔක්කොම කතන්දර මගේ ඔළුවට ආවේ මෙන්න මේ  වීඩියෝ එක දැක්කම....

ක්‍රෙග් කොබ් අවුරුදු 62 ක් මනුස්සයෙක්. වයසට ගියාට මොකද මෑන්ස් සුදු වර්ගවාදී අදහස් තියෙන පොරක්. මැන්ස්ට ඕනේ ඇමෙරිකාවේ උතුරු ඩැකෝටා නගරය සුදු වර්ගවාදී ටවුන් එකක් කර ගන්න....මෑන්ස් දවසක ටීවී ශෝ එකකට ලයිව් ගෙන්වනවා....මේ වැඩසටහනෙදී  ක්‍රෙග් මහත්තයගේ ඩීඑන් ඒ පරීක්ශණයක ප්‍රතිපලත් ඒ මහත්තයට සජීවීවම දැන ගන්න සලස්වනවා....


ක්‍රේග් මහත්තයා


DNA පරීක්ශනේ ප්‍රතිපල් ආවාම සුදු ස්වෝත්මවාදී අදහස් තියෙන් ක්‍රේග් මහත්තයගේ ඇගෙත් 12% කට වඩා තියෙන්නේ අප්‍රිකානූ කලු සමට නෑ කමක්....අසරණයා ඒක දැන ගන්නේ මිනිස්සු දාස් ගාණකගේ දෑස් ඉස්සරා....අනේ අපොයි ක්‍රෙග් මහත්තයෝ.....

ප:ලි.. ටීවී ශෝ එකකදී සජීවීව මේ වගේ අපහසුතාවය පත් උනාම ගොඩ දාගන්න විදිහ  ඥාණසාර කියලා හාමුදුරු කෙනෙක් ලංකාවේදි කියලා දෙනවා...ක්‍රෙග් මහත්තයට මේ  ගැන පොඩ්ඩක් කියල යවන්න ඕනේ...

Friday, 28 June 2013

ඇනෝනිමස් ආතල් හා ස්නෝඩෙන් ගේ ප්‍රිසමය....




නිර්ණාමිකව ලියන කියන එක ගැන සමහර පොරවල් වැරදි දකිනවා.එහෙම හිතන එකේ හරි පැත්තක් වගේම වැරදි පැත්තකුත් තියෙනවා.

තවත් අයෙකුට විරුද්ධව සනාථ නොකල චෝදනා, මඩ, ඇත්ත වගේ එලියට දාන්න ,නිර්ණාමිකව ලියන එක්කෙනාට හරි ලේසියි. ඒත් ඒකේම අනිත් පැත්ත තමයි 'තිත්ත ඇත්ත' ගෙඩි පිටින්, වදින තැනට හරියටම වදින්න ලියන්නත්,  නිර්ණාමිකත්වය උපකාර වෙනවා..

එඩ්වඩ් ස්නොඩෙන්..., මේ දවස් වල ජාත්‍යන්තර මාධ්‍යවල රස කර හපන මාතෘකාවක්. ඔහු ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක අධිකාරිය (NSA) , කරන කියන  නිතී විරෝධී වැඩ එලි කලා. 'ප්‍රිස්ම්' කියන අධි තාක්ශනික ඉලෙක්ට්‍රොනික් සෙවුම් පරික්ෂණය මගින් ඇමෙරිකානුවන්ගේ විතරක් නොවෙයි අනිත් රටවල මිනිස්සුන්ගේ ටෙලිෆොන් කථාවන්, ඊමේලයන් ආදී පෞද්ගලිකත්වයට අදාල දේවලට ඇමෙරිකානු ආරක්ෂක අධිකාරිය හොට දාන හැටි ස්නෝඩන් ලුණු ඇඹුල් සහිතව එලි කලා...

ස්නෝඩන් මෝඩයෙක් නොවයි.. ඒත් ඔහු මේ හෙලි කිරීම සිදු කරන්නේ නිර්නාමිකව ඉදගෙන නෙවෙයි. ඔහු මේ හෙලිදරවු කිරීම සදහා තමාම ඉදිරිපත් වෙනවා. නමුත් මීට කලින් 'විකිලීක්ස්' එකට තොරතුරු දුන්න ඇමෙරිකානු හමූදා නිලධාරියා, බ්‍රැඩ්ලි මෑනීං ට ඇමෙරිකාව කරපු දේ දැක්ක නිසා ස්නෝඩන් මේ හෙලි දරව් කිරීමට පෙර තමන්ගේ ආරක්ශාවට  කරන්න ඕනේ වැඩ ටික ගැන හිතලා තියෙනවා.

අපේ කට්ටිය, පණිවිඩය නොව පණිවුඩකරුවාව අල්ලගෙන උගේ ඉතිහාසය,භූගෝලය හොයන්න හරි දක්ශයි. ඒ අතින් අමෙරිකාවත් අපේ කට්ටියට දෙවැනි නෑ..

ස්නෝඩෙන් නිර්ණාමිකව එන්නෙ නැතුව තමන්ම ඉදිරිපත් වී අමෙරිකාවේ වැරදි ගැන කතා කරනවා..අවශ්‍යවන්නේ ඒ වැරදි ගැන විචාරාත්මකව කථා කිරීම මිස ස්නෝඩෙන්ව අල්ලගෙන වාත කිරීම නොවෙයි. අනිත් එක මට පේන විදිහට මෙතැනදී ස්නෝඩෙන් ගේ චේතනාව යහපත්...ඔහුට අවශ්‍යවෙන්නේ ඇමෙරිකාවේ ආදි කතෘවරුන් ගරු කල සත්‍ය වෙනුවෙන් පෙනි හිටින්න..

බලං ගියාම ලොක්කොත් සොක්කොත් වැරදි කරනවා. සොක්කො වැරදි කරන කොට ලොක්කො පොරවල් වෙලා  වැ‍රැද්ද පෙන්නලා දෙනවා...ඒ විතරක් නෙවෙයි දඩුවමුත් කරනවා..ඒත් ලොක්කෝ වැරදි කරන කොට සොක්කෝ ඒවා පෙන්වන්න ගියාම වැඩ වරදිනවා. ඔය වෙලාවට තමයි අපට ඇනෝනිමස් ආතල් හොදයි කියලා හිතෙන්නේ.....


පින්තූරේ ගත්තේ මෙතැනින්...http://www.newsday.com/opinion/walt-handelsman-1.812005

2222