මේ වන විට බන්ධනාගාර කිහිපයකම නොසන්සුන්කාරී තත්ත්වයන් වාර්තා වෙනවා. ඒත් ආණ්ඩුව තමන්ගේ පරිපාලන අසාර්ථකත්වය පිළිගන්නවා වෙනුවට, මේ හැම දෙයක්ම කුමන්ත්‍රණයක් කියලා හෝ වෙනත් දේශපාලන පක්ෂවල පිට පටවන්න උත්සාහ කරනවා කියන චෝදනාව දැඩිව මතුවෙනවා.
ඇත්ත ප්රශ්නය වෙන තැනක. බන්ධනාගාරවලට රඳවන්න අනුමත ධාරිතාවට වඩා කිහිප ගුණයකින් වැඩි පිරිසක් එකට ගාල් කරලා තියෙනවා. ඇතැම් බන්ධනාගාරවල ධාරිතාවට වඩා 8, 9, 10 ගුණයක පිරිසක් ඉන්නවා. ඒ වගේ තත්ත්වයක මිනිසුන්ට නිදාගන්න ඉඩක්වත් නැති වෙන්න, සනීපාරක්ෂාව බිඳ වැටෙන්න, රෝග පැතිරෙන්න සහ ගැටුම් ඇතිවීම පුදුමයක් නෙවෙයි.
දේශබන්දුගේ "යුක්තිය" මෙහෙයුමත්, ආණ්ඩුවේ "ඉවත් වෙනු" මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළත් ලංකාවේ මත් උවදුර මුලිනුපුටා දැමුවේ නැහැ.
හැබැයි ඒ මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස බන්ධනාගාර පිරී ඉතිරී ගිය බවට විවේචන තියෙනවා. ධාරිතාව ඉක්මවා දහස් ගණනින් මිනිසුන් රඳවා තැබීමත්, රිමාන්ඩ් පිරිස වැඩිවීමත් අද බන්ධනාගාර පද්ධතියේ දැඩි අර්බුදයක් බවට පත්වෙලා.
මීගමුව, මහර, මැගසින්, කුරුවිට, පල්ලන්සේන වගේ ස්ථානවලින් ඇසෙන්නේ ඒ පද්ධතිමය අර්බුදයේ වේදනාකාරී ප්රතිඵලයයි.
හිටපු රැඳවියන් පවා කියන්නේ, ඇතැම් බන්ධනාගාරවල තත්ත්වය මිනිස් ජීවිතයකට සුදුසු පරිසරයක් නොවන බවයි. එවැනි තත්ත්වයක් තුළ මානසික ආතතිය, කලකිරීම සහ ප්රචණ්ඩත්වය වැඩිවීම ස්වභාවික ප්‍රතිඵලයක්.
ඒ වගේම රැඳවියන්ට සිදුවන බව කියන අමානුෂික සැලකීම්, මූලික පහසුකම්වල හිඟය සහ සෞඛ්‍ය සේවාවල දුර්වලතා ගැනත් දිගින් දිගටම චෝදනා එල්ල වෙනවා. මේවා විසඳන්න වගකිවයුතු අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර පරිපාලනය ප්‍රමාණවත් පියවර ගත්තේද කියන ප්රශ්නය ජනතාව අහනවා.
අනිත් පැත්තෙන්, මත්ද්‍රව්‍ය මර්දනය කියන නාමයෙන් පුළුල් වැටලීම් කරලා, සුළු වැරදි සම්බන්ධයෙන් හෝ සැකපිට අත්අඩංගුවට ගන්නා විශාල පිරිසක් දිගු කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමත් බන්ධනාගාර තදබදය වැඩිවීමට බලපානවා කියන විවේචනයත් තියෙනවා. නඩු විභාග ප්‍රමාද වීම සහ රස පරීක්ෂක වාර්තා වැනි ක්‍රියාවලීන් ප්‍රමාද වීම නිසාත් රිමාන්ඩ් රැඳවියන්ගේ සංඛ්‍යාව ඉහළ යන බව පෙනෙනවා.
රටට ඇත්තටම අවශ්‍ය වෙන්නේ බන්ධනාගාර පුරවන ප්රචාරක මෙහෙයුම් නෙවෙයි. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධ ජාල බිඳ දැමීමයි. පාවිච්චිකරුවන් හෝ සුළු වැරදිවලට සැකපිට අත්අඩංගුවට ගත් පිරිසෙන් බන්ධනාගාර පුරවලා මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ බන්ධනාගාර පද්ධතිය තවත් බිඳවැටෙන එක විතරයි.

මෙම බ්ලොග් අඩවියේ හිමිකරු එක්සත් ජාතික පක්ෂයට කඩේ යන අයෙකි.
ReplyDeleteඑම නිසා ඔහු ශ්‍රී ලංකාවේ මේ වන විට ඉතාම කදිමට පාලනය ගෙන යන ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ මාලිමා ආන්ඩුවට එරහිව බ්ලොග් පෝස්ට් පළ කරයි.
එම නිසා අප එප්සීඅයිඩී එකේ සානි මැතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මොහුව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරනා ලෙසයි.
නාමල් ගේ
ReplyDelete//මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධ ජාල බිඳ දැමීමයි. // දැන් එතකොට මේවා වෙන්න නැහැ ?? සභාවෙන් සිනා
ReplyDeleteපරිමාණ ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක ජාල ඇත්තටම බිඳලා තියෙනවා නම්, ඒකේ ප්‍රතිඵලයක් විදිහට රටේ මත්ද්‍රව්‍ය භාවිතය අඩු වෙලා තියෙන්න ඕන නේද?
Deleteඒත් එහෙම අඩුවීමක් ගැන අපිට පැහැදිලි සංඛ්‍යාත්මක සාක්ෂි පේන්න නැහැ. පාසල් ළමයින් අතර පවා මත්ද්‍රව්‍ය පැතිරීම අඩු වෙලාද කියලා දත්ත එක්ක පෙන්නන්න පුළුවන්ද?
“අපි මහා පරිමාණ ජාවාරම්කරුවන් අල්ලනවා” කියන ප්‍රකාශය විතරක් ප්‍රතිඵලයක් නෙවෙයි. අන්තිමට බලන්න ඕනේ රටේ කුඩු අඩු වුණාද, ජාල බිඳුණාද, තරුණ පරපුරට තියෙන අවදානම අඩු වුණාද කියන එකයි. ඒකට සංඛ්‍යාත්මක දත්ත තියෙනවා නම් ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් මේකත් තවත් දේශපාලන ප්‍රකාශයක් විතරයි.
සැකයකි තිබෙන්නේ මට නං හරි දරුණු
ReplyDelete'මේවා වෙන්නෙ සැලසුම් ලෙස පෙර කෙරුණු'
වැඩේ පටන් ගන්නා විට විත් උන්නු
නෑයන් දන්නෙ කොහොමද 'ගිනි ඇවිළ යනු'
කුමන්ත්‍රණය
Deleteආණ්ඩුවෙන්ම
වෙන්න බැරිද?
ගණේමුල්ල සංජීව මරපු
වෙඩික්කාරයා...
පස්සේ
මැගසින් බන්ධනාගාරයේ
කලබලය අස්සේ
ඝාතනය වෙනවා.
ඒකත්
අහම්බයක් කියලා
අමතක කරලා දාන්න පුළුවන්ද?
සංජීව ඝාතනයේ
සැකකරුවන් ගැනත්
ගම්පහ ඔස්මන්ඩ් ගැනත්
දේශපාලන සම්බන්ධතා ගැනත්
විවිධ කතා තියෙනවා.
එතකොට ප්රශ්නය
අහන්න වෙනවා...
මේ සිදුවීම්
එකිනෙකට සම්බන්ධද?
නැත්නම්
මේ හැම දෙයක්ම
අහම්බෙන් සිද්ධ වුණාද?
ආණ්ඩුවෙන්ම කුමන්ත්‍රණයක් කළා කියලා
සාක්ෂි නැතුව කියන්න බැහැ.
හැබැයි
සැකයක් මතුවෙන්න තරම්
සිදුවීම් තියෙනවා නම්,
ඒ සැකයත්
යටපත් නොකර,
ස්වාධීනව
විනිවිදභාවයෙන්
විමර්ශනය කරන්න ඕන.
මොකද...
ඇත්ත කියන්නේ
කවුරුහරි කියන කතාවක් නෙවෙයි.
ඇත්ත
සාක්ෂිවලින්
එළියට එන්න ඕන.
ආණ්ඩුව හරි නරකයි
Deleteසි ඩී වික්‍රමරත්න ට සිය දිවි නසා ගන්න කියල
රරා ජ.... පවුල බේරුවා
කපිල kkapila චන්ද සේන ට සිය දිවි නසා ගන්න කියල රජ පවුල බේරුවා
ශාෆ්ටර් ට දිවි නසා ගන්න කියල (ආ ඒ වීපක්ෂේ ඉන්දෙද්දී ) පවුල් බේරුවා
බන්ධනාගාරෙට සෙනග පිරෙව්වා "යුක්තිය" මෙහයුඋම් කරලා විපක්ෂේ ඉන්දෙද්දී
හිරේ එවුන් අතරේ ප්‍රහ්න ඇති කරලා
සාක්කි දෙන්න හිටි එවුන් මැරුවා
මේ ආණ්ඩුව හරි නරකයි
මම හිතනෙන් ඔයිට කලින් කරෙකක්ක් බ්රේක් නැති වෙලා
විපක්ෂේ මන්ත්‍රී කෙනෙකුත් මලා ශ්‍රීපති සුරිය ආරච්චි කියල
අනුර හරි නරක ළමයෙක්
මේවයෙ ඇතුලෙ වෙන සිද්දි හිටපු රජයන් විතරක් නෙමේ, ලීක් වෙච්ච වීඩියෝ වලින් අපිත් කාලෙක ඉඳල හිට දන්නව. හැමදාම සටන් පාඨ වෙච්ච "බලධාරීන් නිදිද, බලධාරීනි මේ ඔබේ අවධානය පිණිසයි" තමා හිතට එන්නෙ.
ReplyDeleteදේශබන්දුගේ "යුක්තිය වගේ දේවල්නම් තනිකරම දේශපාලන වාසිය තකා වෙච්ච ප්‍රොජෙක්ට්. ඒ නිසා ඒව එක්ක මේ සිද්ධි ටිකක් දුරස්ව තියලයි කතා කරන්න ඕන කියලයි මට හිතෙන්නෙ.
This comment has been removed by a blog administrator.
Deleteස්තුතියි නමී, ඔබේ ප්‍රතිචාරයට. මට නම් හිතෙන්නේ මේ ආණ්ඩුවත් කරන්නේ ප්‍රායෝගික ප්‍රශ්න විසඳනවාට වඩා දේශපාලන ප්‍රොජෙක්ට් ක්‍රියාත්මක කරන එක කියලයි. ඒක දේශබන්දුගේ “යුක්තිය” ප්‍රොජෙක්ට් එකෙන් ලොකු වෙනසක් තියෙනවා කියලා මට පේන්නේ නෑ.
Deleteඋදාහරණයක් විදිහට, ජනාධිපතිගේ ගමේ කෙනෙක් නිදහස් කිරීම සම්බන්ධ සිද්ධියකට අදාළව හිටපු බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අනිවාර්ය නිවාඩු යැව්වා. පස්සේ ඒ ක්‍රියාමාර්ගය වැරදියි කියලා මානව හිමිකම් කොමිසමෙන් පවා නිර්දේශයක් ආවා. ඒත් අද වෙනකල් ස්ථිර බන්ධනාගාර කොමසාරිස්වරයෙක් පත් කරලා නැහැ.
ඒ කියන්නේ, බන්ධනාගාර පද්ධතියට ස්ථිර නායකත්වයක් නැති තත්ත්වයක තමයි මේ අර්බුදයට මුහුණ දෙන්නේ. තීරණ ගන්න ඕන වෙලාවේ කවුද අවසාන වශයෙන් තීරණය ගන්නේ කියන ප්‍රශ්නයත් එතන තියෙනවා.
ඊට පස්සේ ආණ්ඩුව “යුක්තිය” වගේම තවත් දේශපාලන ව්‍යාපෘතියක් විදිහට “නවතිනnu” වගේ මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන් ඉදිරියට ගෙනාවා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ ප්‍රතිකාර හා පුනරුත්ථාපනය ගැන හරියට සැලසුම් නොකර, පොලිසියට ඉලක්ක දීලා අල්ලන අය බන්ධනාගාරවලට ගාල් කළා නම්, අන්තිමට වෙන්නේ බන්ධනාගාර පද්ධතියම පුපුරලා යන එක.
දැන් අපි දකින අර්බුදය ඒකේ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්.
මත්ද්‍රව්‍ය ජාවාරමේ ඉන්න ලොකු මෝරු අල්ලන එක වෙනුවට, ඇබ්බැහි වූවන් සහ සුළු මට්ටමේ සැකකරුවන් දහස් ගණනක් හිරේ දැම්මාම ප්රශ්නය විසඳෙන්නේ නැහැ. හිරගෙවල්වල ධාරිතාව, සනීපාරක්ෂාව, සෞඛ්‍ය පහසුකම්, පුනරුත්ථාපනය සහ නඩු ප්‍රමාදය වගේ මූලික ප්‍රශ්නවලට විසඳුම් දෙන්න ඕන.
ඒ නිසා මට පේන්නේ මේකත් දේශබන්දුගේ “යුක්තිය” වගේම, ප්රශ්නය විසඳනවාට වඩා ජනතාවට “අපි වැඩ කරනවා” කියලා පෙන්නන දේශපාලන ප්‍රොජෙක්ට් එකක් වෙලා තියෙනවා කියලයි.
සංදර්ශනයක් කරන එක ලේසියි. හැබැයි පද්ධතිය හදන එක තමයි අමාරු. ආණ්ඩුවක් මැනෙන්නේ සංදර්ශනවලින් නෙවෙයි, අවසානයේ ප්රශ්නය ඇත්තටම විසඳුවාද කියන එකෙන්.
මේක ගැටලු සහගත ප්‍රශ්ණයක් නේද? පාතාලය මර්දනය කරන්නත් ඕනෙ, ඒත් හිර ගෙවල් පිරී ඉතිරෙනවා. ඒ අස්සෙ අහන්න තියෙන නඩු ගොඩ ගැහෙනවා. අමතර විනිසුරුවන් පත් නොකර, ආණ්ඩුව පොලවෙ පස් කනවා අග විනිසුරුගෙ සේවය දික් කරන්න විතරක්.
ReplyDeleteමුළු බන්ධනාගාර පද්ධතිය වගේම පොලීසියත් දූෂිතයි. මට පේන්නෙ අපේ රටේ තියෙන්නෙ, කලු සල්ලි ආර්ථිකයක් කියලයි, ප්‍රසිද්ධියේ නොකිව්වට. සදාචාරාත්මක නූනත්. ඔය ඩුබායි, ස්විස් බැංකු එහෙමත් කලු සල්ලි වලින් වැඩ ගන්නවා, තමන්ට හානියක් නෙවෙන්න.
ඈ බං බසු තුමෝ . කොහිල කටු කනව ඉවසුව හැකි මේ බස්සෝ කොටනව ඉවසන්න නේ බැරි . කොහේද ඔහේ මෙහම එකක් දැක්කේ - ආණ්ඩුව පොලවෙ පස් කනවා අග විනිසුරුගෙ සේවය දික් කරන්න විතරක්.-
DeleteSupreme Court & Court of Appeal: Proposed amendments to Article 107(5) of the Constitution (raising the Supreme Court retirement age from 65 to 67, and Court of Appeal from 63 to 65).
DeleteHigh Court & Minor Judiciary: Proposed amendments to Section 6 of the Judicature Act No. 35 of 1983 (raising High Court judges from 61 to 63, and District Judges/Magistrates from 60 to 62).
DeleteCourt Tier Provision / Legislation Current Retirement Age Proposed Retirement Age
DeleteSupreme Court 22nd Constitutional Amendment (Amending Article 107(5)) 65 years 67 years
Court of Appeal 22nd Constitutional Amendment (Amending Article 107(5)) 63 years 65 years
High Court Judicature (Amendment) Bill (Amending Section 6) 61 years 63 years
District Courts & Magistrates Judicature (Amendment) Bill (Amending Section 6) 60 years 62 y
මිට අමතරව අග විනිසුරු ගේ ධුර කාලය අවුරුදු 6 හෝ ඊට පස්සේ පත් වීමක් නම් වයස 67
Deleteස්තුතියි බස්සා, ඔබේ ප්‍රතිචාරයට. ඇත්තටම මේ ආණ්ඩුවට ලොකු ලොකු වැඩ කරන්න බැරි බව දැන් ටික ටික පේන්න තියෙනවා. කරන්න පුළුවන් පොඩිම වැඩේ තමයි ගම්වල ඉන්න මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙච්ච කොල්ලො ටික අල්ලලා හිරේ දාන එක. ඒකත් දැන් හිරගෙවල්වල ධාරිතාවය ඉක්මවා යන තරමට කරලා තියෙනවා.
Deleteහැබැයි ඒ ප්‍රශ්නයට ප්‍රායෝගික විසඳුමක් හොයනවා වෙනුවට, තමන්ගේ නොහැකියාව වෙනත් දේශපාලන පක්ෂවලට හරි, වෙනත් කණ්ඩායම්වලට හරි පටවලා ගැලවෙන්න හදනවා වගේ තමයි පේන්නේ.
ඇත්තටම මේ වගේ ප්‍රායෝගික ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනේ. නමුත් ඒ වෙනුවට විවිධ සංදර්ශන දාලා, මර්දනකාරී ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනියන එක තමයි පේන්න තියෙන්නේ.
මේ ආණ්ඩුවේ හැම වැඩකින්ම පෙනී යන්නෙ නොහැකියාව. පාතාලය මර්දනය වගේ හොඳ දෙයක් අරන් බලමු. ලොකු කුඩ්ඩො ඇල්ලුවට, රටේ කුඩු හිඟයකුත් නෑ.ඊළඟට ඉන්න එකා කුඩු බොසා වෙලා බිස්නස් එක ලෙසටම යනවා. බන්ධනාගාර ඇතුලෙ ඉඳන්ම පාතාල බිස්නස් රන් කරන්න පහසුකම් තියෙනවා කියලත් කියවෙනවා. මුළු සමාජයම අරටුවටම කුණු වෙච්ච රටක් ලංකාව.
ReplyDeleteබන්ධනාගාර ඇතුලෙ පවා කුඩු හිඟයක් නෑ. ඔය හොණ්ඩර ගනන් අල්ලන කුඩු වලට මොකද වෙන්නෙ? කියන හැටියට ඒව පාන්පිටි වෙනව කියන්නෙ. හැම දෙයක්ම අවුල්, කිසිම සැලසුමක් නැහැ.
ඒවා ගිනි තියන්න දැනට තියෙන නිතිය අනුව බැහැ . ඒවා නඩු භාණ්ඩ. ඔහේගේ මගේ උපන් රටේ ඉන්නේ අලුත් මිනිස්සු නෙමෙයි නේ . කුඩු - පාලනය -මත් ද්‍රව්‍ය ගෙනාවේ මේ ආණ්ඩුව නෙමේනේ . ලොක්ක හෙළි කොප්ටරෙන් මිගමු ගිහිල්ල ඒ පැත්තේ බොස්ව බදා ගත්ත මතකද ? ඊළඟට නාලිකාවක් දුන් මතකද හිරෙත් ගිය එකෙකුට තමන්ගේ පත්තමේ එකෙක් මරල . ඔයා කියන ටහ්රම් ලේසියෙන් ඔය පොලිසියේ ලොක්කෝ පවා එකතු වෙලා ඉන්න කුඩු බිස්නස් එක හදන්න පුලුවන්නම් ඉතින් මාරයි . මම දන්න කෙනෙක් ඉන්නව පොලිස් ලොක්කෙක් ගේමක් දීල ඇතුලට දාපු . පොර ඇතුලට ගියේ පොලිස් ලොක්ක වෙනුවෙන් . තව බන්ධනාගාර ඇතුලෙන් එලියට තොරතුරු දෙනවා . හැන්ඩ්ල් කරනවා ගැන් වලින් . එක පාර අස් කරන්න පුළුවන් ක්‍රමයක්, හදන්න පුළුවන් ක්‍රමයක් තියනව හැබැයි . ඒකට ඒ කාලේ නමක් දැම්ම ලෙනින් කියල එකෙක් - රෙඩ් ටෙරර්
Deleteලංකාවේ narrative හදන්න ඉතා දක්ෂ මංගල සමරවීර. එයාගෙන් ඉගනගෙන ඊට පස්සේ ඒවා වැඩිදියුණු කරේ ජනතා විමුක්ති පෙරමුණ. ඔවුන් මේ narratives උස්සගෙන ගියා විතරක් නෙමෙයි අලුත් ඒවා හදමින් යන්නේ. නමුත් වෙන්නේ සැබෑ ප්‍රශ්න මගහැරගැනීම . ඒ විතරක් නෙමෙයි යම් වෙලාවක් එනවා මේ narrative වලම ඔවුන් හිරවීම.
Delete// ඩුබායි, ස්විස් බැංකු එහෙමත් කලු සල්ලි වලින් වැඩ ගන්නවා, තමන්ට හානියක් නෙවෙන්න// සින්ගප්පුරුවත් එහෙමයි.කලුසල්ලි එපා කියලා කිව්වට ඒවා සුදුකරන්න මේ ආණ්ඩුවත් මහන්සි ගන්නවා . ඔය දැන් කරලියේ ඉන්න හර්බි කියන පුද්ගලයා ගැන ටිකක් හොයන්නකෝ.
දේශපාලකයන්ගේ දුෂණ ගැන උනත් බොහොම කථා අතිශෝයෝක්තියෙන් කියවුනා.
කුමන්ත්‍රණ ගැන කිව්වොත් ජනතා විමුක්ති පෙරමුණ බලය උදෙසා ආයුධ ඇරගෙන සටන් කරා. විවිධ අවස්ථාවලදී චන්ද්‍රිකාට මහින්දට සරත් ෆොන්සේකාට රනිල්ට මෛත්‍රීට අවස්ථාවාදීව උදව් කරා. එහෙම උදව් කරලා හැම අවස්ථාවේදීම ඔවුන් අමාරුවේ වට්ටලා යම් තීරණාත්මක මොහොතකදී වෙන් වුණා . හොඳම උදාහරණය යුද්ධය අවසන් කාලයේ ආණ්ඩුව බිඳ වට්ටවන්න කළ කුමන්ත්‍රණය. ඔවුන් මෙහෙයවන ලද වැඩවර්ජන ශිෂ්‍ය ව්‍යාපාර මේ හැම එකකම තිබුන එකම බල තන්හාවක දේශපාලනයක්.
දැන් ආණ්ඩුව හිරවෙන්නේ පරණ narrative වල . අලුත් කථා ගොඩනගලා තව ටිකක් යයි. ඉන්පස්සේ බලය හුවමාරුවක ආසන්න කාලය ඒ කියන්නේ චන්දය. එතැනදී ආණ්ඩුව නරක විදිහට හැසිරෙන බවට ඔවුන්ගේ දැන් හැසිරීමෙන් පේනවා. ඒවුනාට ඉතින් ඕවා එළියේ අපිට පේන නිරීක්ෂණ විතරයි. ඇත්තටම එහෙම නොවෙය් කියලා ප්‍රර්ථනා කරනවා.
ස්තුතියි නිහඬ පහළ මහත්මයා, ඔබේ වටිනා අදහස්වලට. ඔබ කියන කරුණු ගොඩකට මමත් එකඟයි.
ReplyDeleteඇත්තටම මටත් පේන්නේ මේ ආණ්ඩුව බලයට එන්න කලින් ගොඩනගපු විවිධ narratives සහ පොරොන්දු නිසා දැන් ඒවායේම හිරවෙලා ඉන්නවා වගේ. එක ප්‍රශ්නයක් විසඳනවා වෙනුවට තවත් කතාවක් හදලා ජනතාවගේ අවධානය වෙන පැත්තකට යොමු කරන රටාවක් ටිකෙන් ටික පේන්න තියෙනවා.
ඒ වගේම මර්දනයට අවශ්‍ය උපක්‍රමත් හිමින් සීරුවේ ගොඩනගනවා වගේ හැඟීමක් තියෙනවා. ඒක තමයි වඩාත්ම කනගාටුදායක කාරණය. මොකද තමන් හදපු narratives වලින්ම ජනතාව රවට්ටගෙන, පස්සේ ඒ narratives ආරක්ෂා කරන්න තවත් narratives හදන්න ගියාම අවසානයේ සැබෑ ප්‍රශ්න ටික තවත් දුර යනවා.
අපිට තියෙන්නේ දේශපාලන පක්ෂයක් දිනනවද පරදිනවද කියන ප්‍රශ්නයකට වඩා, මේ රටේ ආයතන ශක්තිමත් වෙනවද, නීතිය සාධාරණව ක්‍රියාත්මක වෙනවද, මිනිස්සුන්ගේ නිදහස සහ අයිතිවාසිකම් ආරක්ෂා වෙනවද කියන ප්රශ්නයයි.
ඔබ අවසානයේ කිව්වා වගේ, මේවා අපිට එළියෙන් පේන නිරීක්ෂණ විතරයි. ඇත්තටම තත්ත්වය එහෙම නොවෙයි කියලා මමත් ප්‍රාර්ථනා කරනවා. හැබැයි බලය තියෙන කෙනාගේ හැසිරීම දිහා විමසිල්ලෙන් බලන එක ජනතාවගේ වගකීමක්.
https://fb.watch/IVReFkSbL2/
ReplyDeleteමයියා කලින් ලිපියේ කිව්ව මයියා සහ විපක්ෂය ඉල්ලන දේ ලැබෙයි වගේ . සූරසේන අග විනිසුරු තුමා අයින් වෙන සයිස් එකක් තියෙන්නේ. මේ ගොල්ලන්ට මතක් වුනේ නැහැ එයාව දැම්මේ මෛත්‍රී හරි ගෝඨාභය හරි කියල . ජේ ආර් නෙවිල් සමරකෝන් ගේනවා . නමුත්උන්නැහේ ස්වාධින වුනා. ජේ අර පාර්ලිමේන්තු පනතක් ගෙනත් සමරකෝන් එලෙව්ව. ශිරාණි බණ්ඩාරනායක අන්තිමේ ස්වාධින වුනා. පාර්ලිමේන්තුව උපයෝගී කරන් මහින්ද එයාව එලෙව්ව. ඒවා තම අධිකරණයේ ස්වාධිනත්වයට එරෙහිව කරපුව. සරත් එන සිල්වා කියන එකා කෝල් කරලා හලලු තීන්දු දුන්නේ. අශිලචරම එකා.ඌත් මෙයාලට ස්වාධීනයි. ඔයාල මැරිලා ඉපදිච්ච මිනිස්සුද කොහෙද? සුරසේන ගියාට කෑමක් නැහැ එන කෙනා වුනත් ස්වාධින වෙයි. ආරංචිය රනිල් ගේ පරණ සගයෙක් බව. හැබැයි අධිකරණයේ වයස වැඩි කිරීම ඇතුළු ඒවා අකුලා ගත්තොත් මේ ආණ්ඩුවට මගේ තියන සහයෝගය නම් ඉවරයි.
ReplyDelete