Friday, 7 August 2026

බන්ධනාගාර අර්බුදය: වරද කාගේද?

මේ වන විට බන්ධනාගාර කිහිපයකම නොසන්සුන්කාරී තත්ත්වයන් වාර්තා වෙනවා. ඒත් ආණ්ඩුව තමන්ගේ පරිපාලන අසාර්ථකත්වය පිළිගන්නවා වෙනුවට, මේ හැම දෙයක්ම කුමන්ත්‍රණයක් කියලා හෝ වෙනත් දේශපාලන පක්ෂවල පිට පටවන්න උත්සාහ කරනවා කියන චෝදනාව දැඩිව මතුවෙනවා.


ඇත්ත ප්‍රශ්නය වෙන තැනක. බන්ධනාගාරවලට රඳවන්න අනුමත ධාරිතාවට වඩා කිහිප ගුණයකින් වැඩි පිරිසක් එකට ගාල් කරලා තියෙනවා. ඇතැම් බන්ධනාගාරවල ධාරිතාවට වඩා 8, 9, 10 ගුණයක පිරිසක් ඉන්නවා. ඒ වගේ තත්ත්වයක මිනිසුන්ට නිදාගන්න ඉඩක්වත් නැති වෙන්න, සනීපාරක්ෂාව බිඳ වැටෙන්න, රෝග පැතිරෙන්න සහ ගැටුම් ඇතිවීම පුදුමයක් නෙවෙයි.

දේශබන්දුගේ "යුක්තිය" මෙහෙයුමත්, ආණ්ඩුවේ "ඉවත් වෙනු" මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළත් ලංකාවේ මත් උවදුර මුලිනුපුටා දැමුවේ නැහැ.

හැබැයි ඒ මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස බන්ධනාගාර පිරී ඉතිරී ගිය බවට විවේචන තියෙනවා. ධාරිතාව ඉක්මවා දහස් ගණනින් මිනිසුන් රඳවා තැබීමත්, රිමාන්ඩ් පිරිස වැඩිවීමත් අද බන්ධනාගාර පද්ධතියේ දැඩි අර්බුදයක් බවට පත්වෙලා.

මීගමුව, මහර, මැගසින්, කුරුවිට, පල්ලන්සේන වගේ ස්ථානවලින් ඇසෙන්නේ ඒ පද්ධතිමය අර්බුදයේ වේදනාකාරී ප්‍රතිඵලයයි.

හිටපු රැඳවියන් පවා කියන්නේ, ඇතැම් බන්ධනාගාරවල තත්ත්වය මිනිස් ජීවිතයකට සුදුසු පරිසරයක් නොවන බවයි. එවැනි තත්ත්වයක් තුළ මානසික ආතතිය, කලකිරීම සහ ප්‍රචණ්ඩත්වය වැඩිවීම ස්වභාවික ප්‍රතිඵලයක්.

ඒ වගේම රැඳවියන්ට සිදුවන බව කියන අමානුෂික සැලකීම්, මූලික පහසුකම්වල හිඟය සහ සෞඛ්‍ය සේවාවල දුර්වලතා ගැනත් දිගින් දිගටම චෝදනා එල්ල වෙනවා. මේවා විසඳන්න වගකිවයුතු අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර පරිපාලනය ප්‍රමාණවත් පියවර ගත්තේද කියන ප්‍රශ්නය ජනතාව අහනවා.

අනිත් පැත්තෙන්, මත්ද්‍රව්‍ය මර්දනය කියන නාමයෙන් පුළුල් වැටලීම් කරලා, සුළු වැරදි සම්බන්ධයෙන් හෝ සැකපිට අත්අඩංගුවට ගන්නා විශාල පිරිසක් දිගු කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමත් බන්ධනාගාර තදබදය වැඩිවීමට බලපානවා කියන විවේචනයත් තියෙනවා. නඩු විභාග ප්‍රමාද වීම සහ රස පරීක්ෂක වාර්තා වැනි ක්‍රියාවලීන් ප්‍රමාද වීම නිසාත් රිමාන්ඩ් රැඳවියන්ගේ සංඛ්‍යාව ඉහළ යන බව පෙනෙනවා.

රටට ඇත්තටම අවශ්‍ය වෙන්නේ බන්ධනාගාර පුරවන ප්‍රචාරක මෙහෙයුම් නෙවෙයි. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධ ජාල බිඳ දැමීමයි. පාවිච්චිකරුවන් හෝ සුළු වැරදිවලට සැකපිට අත්අඩංගුවට ගත් පිරිසෙන් බන්ධනාගාර පුරවලා මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ බන්ධනාගාර පද්ධතිය තවත් බිඳවැටෙන එක විතරයි.

9 comments:

  1. මෙම බ්ලොග් අඩවියේ හිමිකරු එක්සත් ජාතික පක්ෂයට කඩේ යන අයෙකි.

    එම නිසා ඔහු ශ්‍රී ලංකාවේ මේ වන විට ඉතාම කදිමට පාලනය ගෙන යන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමා ආන්ඩුවට එරහිව බ්ලොග් පෝස්ට් පළ කරයි.

    එම නිසා අප එප්සීඅයිඩී එකේ සානි මැතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මොහුව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරනා ලෙසයි.

    ReplyDelete
  2. //මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධ ජාල බිඳ දැමීමයි. // දැන් එතකොට මේවා වෙන්න නැහැ ?? සභාවෙන් සිනා

    ReplyDelete
  3. සැකයකි තිබෙන්නේ මට නං හරි දරුණු
    'මේවා වෙන්නෙ සැලසුම් ලෙස පෙර කෙරුණු'
    වැඩේ පටන් ගන්නා විට විත් උන්නු
    නෑයන් දන්නෙ කොහොමද 'ගිනි ඇවිළ යනු'

    ReplyDelete
    Replies
    1. කුමන්ත්‍රණය
      ආණ්ඩුවෙන්ම
      වෙන්න බැරිද?

      ගණේමුල්ල සංජීව මරපු
      වෙඩික්කාරයා...

      පස්සේ
      මැගසින් බන්ධනාගාරයේ
      කලබලය අස්සේ
      ඝාතනය වෙනවා.

      ඒකත්
      අහම්බයක් කියලා
      අමතක කරලා දාන්න පුළුවන්ද?

      සංජීව ඝාතනයේ
      සැකකරුවන් ගැනත්
      ගම්පහ ඔස්මන්ඩ් ගැනත්
      දේශපාලන සම්බන්ධතා ගැනත්
      විවිධ කතා තියෙනවා.

      එතකොට ප්‍රශ්නය
      අහන්න වෙනවා...

      මේ සිදුවීම්
      එකිනෙකට සම්බන්ධද?

      නැත්නම්
      මේ හැම දෙයක්ම
      අහම්බෙන් සිද්ධ වුණාද?

      ආණ්ඩුවෙන්ම කුමන්ත්‍රණයක් කළා කියලා
      සාක්ෂි නැතුව කියන්න බැහැ.

      හැබැයි
      සැකයක් මතුවෙන්න තරම්
      සිදුවීම් තියෙනවා නම්,

      ඒ සැකයත්
      යටපත් නොකර,

      ස්වාධීනව
      විනිවිදභාවයෙන්
      විමර්ශනය කරන්න ඕන.

      මොකද...

      ඇත්ත කියන්නේ
      කවුරුහරි කියන කතාවක් නෙවෙයි.

      ඇත්ත
      සාක්ෂිවලින්
      එළියට එන්න ඕන.

      Delete
  4. මේවයෙ ඇතුලෙ වෙන සිද්දි හිටපු රජයන් විතරක් නෙමේ, ලීක් වෙච්ච වීඩියෝ වලින් අපිත් කාලෙක ඉඳල හිට දන්නව. හැමදාම සටන් පාඨ වෙච්ච "බලධාරීන් නිදිද, බලධාරීනි මේ ඔබේ අවධානය පිණිසයි" තමා හිතට එන්නෙ.

    දේශබන්දුගේ "යුක්තිය වගේ දේවල්නම් තනිකරම දේශපාලන වාසිය තකා වෙච්ච ප්‍රොජෙක්ට්. ඒ නිසා ඒව එක්ක මේ සිද්ධි ටිකක් දුරස්ව තියලයි කතා කරන්න ඕන කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  5. මේක ගැටලු සහගත ප්‍රශ්ණයක් නේද? පාතාලය මර්දනය කරන්නත් ඕනෙ, ඒත් හිර ගෙවල් පිරී ඉතිරෙනවා. ඒ අස්සෙ අහන්න තියෙන නඩු ගොඩ ගැහෙනවා. අමතර විනිසුරුවන් පත් නොකර, ආණ්ඩුව පොලවෙ පස් කනවා අග විනිසුරුගෙ සේවය දික් කරන්න විතරක්.

    මුළු බන්ධනාගාර පද්ධතිය වගේම පොලීසියත් දූෂිතයි. මට පේන්නෙ අපේ රටේ තියෙන්නෙ, කලු සල්ලි ආර්ථිකයක් කියලයි, ප්‍රසිද්ධියේ නොකිව්වට. සදාචාරාත්මක නූනත්. ඔය ඩුබායි, ස්විස් බැංකු එහෙමත් කලු සල්ලි වලින් වැඩ ගන්නවා, තමන්ට හානියක් නෙවෙන්න.

    ReplyDelete
  6. මේ ආණ්ඩුවේ හැම වැඩකින්ම පෙනී යන්නෙ නොහැකියාව. පාතාලය මර්දනය වගේ හොඳ දෙයක් අරන් බලමු. ලොකු කුඩ්ඩො ඇල්ලුවට, රටේ කුඩු හිඟයකුත් නෑ.ඊළඟට ඉන්න එකා කුඩු බොසා වෙලා බිස්නස් එක ලෙසටම යනවා. බන්ධනාගාර ඇතුලෙ ඉඳන්ම පාතාල බිස්නස් රන් කරන්න පහසුකම් තියෙනවා කියලත් කියවෙනවා. මුළු සමාජයම අරටුවටම කුණු වෙච්ච රටක් ලංකාව.

    බන්ධනාගාර ඇතුලෙ පවා කුඩු හිඟයක් නෑ. ඔය හොණ්ඩර ගනන් අල්ලන කුඩු වලට මොකද වෙන්නෙ? කියන හැටියට ඒව පාන්පිටි වෙනව කියන්නෙ. හැම දෙයක්ම අවුල්, කිසිම සැලසුමක් නැහැ.

    ReplyDelete

2222