Saturday 24 November 2012

ගාසා වලට නෙලීම හෙවත් තෙල් ආයුධ හුවමාරුව. - ඒක විෂම චක්‍රයක්


සාර්ථක සැමියෙක් වීමේ මයියා ගේ රහස තමයි ගේ දොර ප්‍රශ්ණ වලදී එන 'පොඩි පොඩි' ප්‍රශ්ණ විසදීම සහ තීරණ ගැනීම, මයියා ගේ ප්‍රිය භාර්‍යාවට නැතිනම්' මයිලේඩි' ට භාර දීම. ඒකට කොරන ප්‍රතිඋපකාරයක් වශයෙන් මයිලේඩී ත් 'ලොකු ලොකු' ප්‍රශ්ණ විසදීමේ අයිතිය මයියා ට පවරා තියෙනවා. ' ලොකු ලොකු'  ප්‍රශ්ණ විසදීම යටතේ මයියාගේ විෂය පථයට අයත් වෙන එක විෂයක් වන්නේ 'අන්තර් ජාතික දේශපාලනය හා විචාරයයි'. මේ සංකල්පය යටතේ, පසුගිය ඇමෙරිකානු මැතිවරණයේදී ඕබාමා හා රොම්නිගෙ න් කවුරුන් දිනයිද යන 'මයිපවුලේ' සාමුහික තීරණය මයියා විසින් නිගමනය කෙරුනු අතර, අමෙරිකාණු මැතිවරණය හා 20 -20 බැලීමට ගන්ත ටීවී කනෙක්ශන් එක 'ඩයලොග්' ද 'පියො ටීවී' ද යන සුලු තීරණය මයිලේඩී විසින් ගනු ලැබුවා.

පර ඊශ්‍රායල් හැත්ත විසින් පලස්තීනයේ ගාසා තීරයට මිසයිල ගැසීමත් සමග නැවත වරක් 'අන්තර්ජාතික දේශපාලනය හා විචාරය' යටතේ මයියා ට අයත් විෂයපථයක් යටතේ 'මයි-අදහස' දැක්වීමේ අවස්ථාවක් මයියාට හිමි වී තිබෙනවා.

ඒ අනුව මේ සම්භන්දයෙන් මයියාගේ මතය වන්නේ මෙය හුදෙක් දේව කැමත්ත මත සිදුවන,  චක්‍රීය ක්‍රියාවලියක් බවය. මේ නිසා අද සිංහල බ්ලොග් අවකාශයේ ඇතැමුන් කරනවාක් මෙන් පින්තූර දමාවත්, ලියුම් ලිවීමත් හුදෙක් වැරදි අවබෝධයක් මත සිදු කෙරෙන්නෙන්කි :) . අපට ඇත්තේ බලා සිටීම පමනෙකි. දෙවියන් වහන්සේ ජය ගනු ඇත්තේය.




ඊශ්‍රයාල් කාරයන්ගේ ලොකුම  ආදායම අවි ආයුධ වෙලදාමය. ඊශ්‍රායල් කාරයන්ගේ පමනක් නොව ඇමෙරිකාවේ ධනවත් යුදෙව්වෙන්ගේද මේන් බිස්නස් එක ආයුධ වෙලදාමය. ආයුධ හැදුවාට වැදගත් නැත. ඒවා විකුණා ගත  යුතුය. හදන ආයුධ ඇමෙරිකාවේ විකිනුවාමත් හරි මදිය. එතකොට ශ්‍රේෂඨ ඇමරිකන්කාරයෝ එකිනෙකා මරා ගන්නේය.  හොදම විසදුම මැස්සන් මෙන් මිනිසුන් බෝ වෙන මැද පෙරදිග හා ආසියාවය. උන්ට ආයුධ විකුණුවාම , උන් ට්‍රයි කොරලා, කොරලා කොහොම හරි මිසලක් දෙකක් ඊශ්‍රායලට ගසන්නෝය. ඉන් ඊශ්‍රායල් කාරයෝ එකෙක් දෙන්නෙක් ද ස්වර්ගස්ථ වෙන්නෝය. ඒ මැරෙන එකා දෙන්නටත් එක්ක,' පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරු - එක පුන් සදෙන් දුරු වෙයි ලොව ගන අදුරු' කියලා  පලස්තීනකාරයෝ 100ක් විතර බාවනවාය. ඒ අතර පොඩි පිපෙන්නට වෙර දරන පොඩි ලමුන් සිටිනවාය.  ඒතකොට පලස්තීන කාරයන්ට තවත් මල පනිනවාය. මල පැනලා, පැනලා බැරිම තැන ගල් කැටයක් හරි ඊශ්‍රායල් පැත්තට විසි කරනවාය. ඒ පිටින් දමා තව 20-30 ස්වර්ගස්ත කරනවාය. ආයුධ විකුනා ගැනීමේ ප්‍රශ්ණයද විසදෙනවාය. පලස්තීන ව්‍යාප්තියද නැවතෙනවාය . ඒක් පුල් දෝමාලි කියන්නේ ඒකටය.එක ගලට කුරුල්ලොම දෙන්නෙක්ය.

මැදපෙරදිග හැම තැනම තෙල් නෑය. ඒක නිසා ඊශ්‍රායලයට ද තෙල් නැත්තේය. ඒ නිසා ඒගොල්ලො ඈමරිකාවෙන් තෙල් ගන්නේය. ඇමරිකාව තෙල් හැදුවාට ඒ ගොල්ලන්ටද තෙල් මදිය. ඒ නිසා ඇමෙරිකාව ඒගොල්ලන්ගේ යාළු චාවෙස්ගෙන් මෙන්ම සෞදි, ඉරාක තෙල් ද ගන්නේය. අවසානෙදී  කවුරු කවුරුත් තෙල් ගන්නේ මැද පෙරදිගිනි. ඔපෙක් කාරයෝ නිකන් තෙල් දෙන්නේ නැතිය. ඒවාට ඩොලර් කොල ද විසි කල යුතුය.ඩොලර් හම්බ කරන්නේ ආයුධ විකුනලාය. ඒ ආයුධ විකුණනේද මැද පෙරදිගටය. මැරෙන්නෙද උන්මය. අනිත්මට තෙල් ටිකද නැත්තේය. ඩොලර්යි තෙලුයි දෙකම නවතින්නේ ඊශ්‍රායලයේ ය.

'තෙල් - ආයුධ-ඩොලර්- මිනිස් ඔලු' චක්‍රයකි. යුදෙව්වන් ලග චක්‍රිය චින්තනය නෑලු. එගොල්ලෝ දන්නේ රේඛීය චින්තනයලු. ඒ උනාට ප්‍රශ්ණය චක්‍රීයලු. විසදුම ඇත්තේ චක්‍රීය චින්තනයේය් ලු.

'වෛරයෙන්  වෛරය නොසන්සිදේ' චක්‍රීය සංකල්පයක්ලු. එහෙත් වැඩ සිද්ද වෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තටලු. දෙවියන් සමග එකතු වීමට කැමැත්තො ඒ සදහා ආගම නාමයෙන් ස්වර්ගස්ථ කෙරෙනවලු, ඒතුමන්ගේ ‍තෝරා ගත් පිරිස උන යුදෙව්වන් ලගට, පැවැත්ම පිනිස ඕනා කරන තෙල් ටිකයි, සල්ලි ටිකයි ලැබෙනවලු. මේක දේව කැමැත්තලු.ඒ හින්දා අපට බලා ගෙන ඉන්නලු. ඒ නිසා අපි බලා ගෙන ඉන්නවා ලු. ඊට වඩා කෙංකෙඩියක් කොරන්නට අපටද බැරිය. හෙනහුරාදා ලැබුනු පොඩි නිවාඩුවෙන් පොඩ්ඩක් ජාල ගත උනා පමණය.කාලකණ්නි ආතල් එකක් නොවේමය.


 ප: ලි  : ගසා තීරයට නෙලීම ගැන ලියන්න හිතුනේ මයියා බුවාගේ පොස්ට් එකට කොටන්න ගිය කමෙන්‍ටුවකින්ය. ඒ නිසාම බුවා වෙනුවෙන් මයියාගෙන් විශේෂ ස්තූතියක් පිරි නැමේ..

24 comments:

  1. හරි හරි කොමෙන්ටුව බැලුවා.. හික්ස්.. ඔය මොන චින්තනයෙන්වත් බෑ මිනිහාගේ තන්හාවේ චින්තනය වෙනස් කොරන්ට

    ReplyDelete
    Replies
    1. මයියා ෆලෝවර් ගැජට්ටුව උඩට ගන්න...

      Delete
    2. හරි වැඩේ හරි..ඔන්න ඉස්සෙල්ලම කියපු වැඩේ කොරලා හිටියා...ඇයි මහින්ද චින්තනයෙන් ඕනා දෙයක් කරන්න පුලුවන්නේ.....ලංකාවේ නෙමයිද ඉන්නේ ආඅ :)

      Delete
    3. Please don't use respectable language to mud Israel and jews.
      We are the friends of them , jews are friends of mother lanka. If you are using Sinhalese language against her friends 'Jews Nation' then your indirectly hurting your own mother. Don't do it.

      Thanks.

      Delete
  2. ඇත්ත නේන්නං.

    //' ලොකු ලොකු' ප්‍රශ්ණ විසදීම යටතේ මයියාගේ විෂය පථයට අයත් වෙන එක විෂයක් වන්නේ 'අන්තර් ජාතික දේශපාලනය හා විචාරයයි'//
    :D

    ReplyDelete
    Replies
    1. ඒක නේනනං....

      තව එකක් තියෙනවා...ගෙදරට ගේන තේ කොල ජාතිය තීරණය කරන්නේ මයිලේඩී..හැබැයි තේ මත ලංකාවේ ආථිකයේ රදා පවත්මේ හිතකරතාවය පිලිබද පවුලේ මථය මයියගේ...

      Delete
  3. මයියා රවුමට ගමන් කරන කොට පහුවෙන දේවල් ආයිත් හමුවීම ඇරෙන්න වෙන දෙයක් වෙන්නේ නෑ හරියට සංසාර චක්‍රය වගේ වැරදුනේ කොතනද කියල දැන දැනම බුද්ධියට ඉඩ නොදී හදවතින් එල්ලිලා ඉන්න මතයේම ඉන්න කොට අයිත් ඒ වැරැද්දම නැවත නැවත කරමින් රවුමට යන එක විතරයි වෙන්නේ. හරියට ලංකාව වගේ.
    මෙම ලිපිය සම්පුරණයෙන් තමන් ආස කරන දේ ඇත්තයයි විශ්වාස කිරීම හැර වෙන යමක් නොවේ.නසුර්දීන් තමන්ගේ බොරුවට තමන්ම ඇත්තයි සිතීම වගේ.
    ලොවේ අංක එකේ කරට කර ආයුධ වෙළෙන්දා වන රුසියාව ඔබට මග හැරී යයි. රුසියාව චීනය ස්වීඩනය ප්‍රංශය ජර්මනිය ආයුධ විකුනනේ නැති සහ මැද පෙරදිග ඒවා මිලදී ගන්නේ නැති සමාන්තර විශ්වයක කතන්තරයක්ද මේ?
    ඇමරිකාවේ සහ ඊශ්‍රායිලය අපනයන ආනයන දත්ත සමග සසදා ඔබේ මේ ලිපියේ අදහස පුලුවන්නම් තහවුරු කර පෙන්නන්න.

    ReplyDelete
  4. http://en.mercopress.com/2012/08/29/us-government-sales-soared-to-66.3bn-dollars-in-2011-saudis-main-buyers

    http://www.asianews.it/index.php?l=en&art=1532

    ReplyDelete
    Replies
    1. http://www.amnesty.org/en/news/big-six-arms-exporters-2012-06-11

      Delete
    2. මේකයි උදිත,මයියා පෙන්නල තියෙන්නේ මැක්‍රො සි‍ටුවෙශන් එක...ඔයා කථා කරන්නේ මයික්‍රො සි‍ටුවෙශන් එකක් ගෑන..අපි දෙන්නටම ඕවා ගැන ඉලක්කම් වලින් කථා කරන්න අමාරුයි..මොකද මේවා ගොඩක් එලිපිට ට්‍රාන්ස්පේරන්ට් නැති හින්දා

      හැබයි ඇමෙරිකාවේ ආයුධ වෙලදාමේ මේන් මාර්කට එක මැද පෙරදිග.ඊලගට ඉන්දියාව.තුන්වෙනුව පකිස්ථානය..මේ ඇමෙරිකානු රජය මැදිහත් වී කරන වෙලදාම පමනක්ය. ඒවගේම නිත්‍යනුකූල ආයුද වෙලදාමේ වැඩිම මාර්කට් ශෙයාර් එක ඇමෙරිකාවේ.
      ඊට අමතරව මුලු ලෝකෙන්ම, පෞද්ගලික ව්‍යවසායකයන්ට ආයුධ වෙලදාමේ නිරතව වන්න දෙන්නේ ඇමරිකාව විතරයි..මෙගෙල්ලන්ගේ බිස්නස් වල විස්තර හොයා ගන්න හරිම අමාරුයි.

      ඇමෙරිකාව යුද්ද කාලේදි ලංකාවට හරි එල්ටිටිරී එකට හරි ආයුද වික්කෙ නෑ.ඒත් කොටින් ලග ඇමෙරිකානු අයුධ තියලා හම්බ උනා..ඒ අන්ඩර්වර්ලඩ් මාර්කට් එක හරහා ලබා ගත්ත ඒවා කියලා කේපී කියලා තිව්වා

      තව උදාහරන තියෙනවා..80 ගනන් වල සෝවියට් හමුදාව ඇෆ්ගනිස්ථානයෙන් එලවන්න, බින්ලාඩ්න් ඇතුලු මුජහිදීන් ගරිල්ලන්ට අයූද දුන්නේ ඇමෙරිකාව.ඒ වගේම දැන් සිරියාවේ කැරලි කරුවන්ටත් නේටෝ එක අයුධ දෙනව. කවද හරි මේ කට්ටියම ඇමෙරිකාවට විරුද්දව ආයුද අතට ගන්නවා. ඒතකොට ඇමෙරිකාව කරන්නේ දැන් ගසා වල්ට කරන වැඩේ ම තමයි....එගොල්ලන්ග එක්කෙනෙකුට අරගොල්ලන්ගේ සීයක් විතර දෙවියන් ගාවට යවනවා..එගොල්ලො ආගම නාමෙයන් දෙවියන් ගාවට යනවා..මෙගොල්ලන්ට තෙලුයි,ඩොලර් ටිකයි ගන්නවා..

      Delete
    3. Are you a conspiracy theorist?
      Believe me you have early symptoms of a psychological illness.

      Delete
  5. මේ ඔක්කොම ටිකල පවුල් සංස්ථාවට අදාල කොරගන්නත් ඇහැක් නෙව ආරෝවක් නැතුවම...
    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. කැමති විදිහක් මලේ.....ඇහැක් නං ඕනා විදිහක්...

      Delete
  6. Replies
    1. ඕබතුමාගේ කොමෙන්‍ටු හැම පාරම ස්පෑම් වෙන්නේ මොකදයි කියලා මයියා කල්පනා කොරන්නේ...ගිය පාරත් එහෙම් උනා

      Delete
  7. ඉරාන මුහුදේ දැවැන්ත ගෑස් බුබුලේ සිට ලිස්බන් වරාය දක්වා පයිප්ප නලයක් එළීම දක්වා මේ අරගලයේ පලමු පියවර දික්වෙනවා ඇත

    මේ කැකුණ තැලිල්ලේදී හබන් කුකුලන් බොහොමයක් ඇති පමණ වෙඩින් ගන්නවා ඇත
    එක ගලෙන් කුරුල්ලන් දෙකක් නොව කිහිපයක් බාගැනීමට කරටකයන් හා දමනකයන් තියුණු තරඟයක නිරතවණු ඇත

    සිංහල බාසාව උපැහැරණ වලින් කොපමණ පොහොසත්ද?

    ප්‍රේක්ෂකාගාරයේ යාබද අසුනේ සිට ලියමි

    ReplyDelete
    Replies
    1. කවර කථාද තිස්ස..මැදපෙරදිග තෙල් සල්ලි වලට වෙන දේ ගැන මයියට වඩා තිස්ස දන්නවා නෙව...

      භාෂාව පැත්තෙන් නම් මයියාගේ රෙකොර්ඩ් එක එච්චරම හොද නෑ.....ඒත් ඉතින් කොහොම හරි ගොඩ දානවා..

      ප්‍රේක්ශකාගාර කථාව පොඩ්ඩක් ටියුබ් ලයිට් වගේ

      Delete
  8. අපට ඇත්තේ බලා සිටිම පමණක්ද?

    ReplyDelete
    Replies
    1. රටේ වෙන දේවල් බලා ගෙන ඉන්න එකේ.....ලෝකේ වෙන දෙවල් ගැන මක්කා කොරන්නද නගේ......දෙන දෙයක් කාලා වෙන දේයක් බලා ඉන්නවා හෑර

      Delete
  9. මේ තියරිය හොඳයි වගේ. අන්තිම සංකීර්ණම ටොපික් එකක් පට්ට කෙයාර්ලස් විදියට කිව්වම ඒකෙ පොඩි අමුතු දෙයක් තියෙනවා. මෙන්න මට සැරටම වැදුණු තැන:

    //ඊශ්‍රයාල් කාරයන්ගේ ලොකුම ආදායම අවි ආයුධ වෙලදාමය. ඊශ්‍රායල් කාරයන්ගේ පමනක් නොව ඇමෙරිකාවේ ධනවත් යුදෙව්වෙන්ගේද මේන් බිස්නස් එක ආයුධ වෙලදාමය. ආයුධ හැදුවාට වැදගත් නැත. ඒවා විකුණා ගත යුතුය. හදන ආයුධ ඇමෙරිකාවේ විකිනුවාමත් හරි මදිය. එතකොට ශ්‍රේෂඨ ඇමරිකන්කාරයෝ එකිනෙකා මරා ගන්නේය. හොදම විසදුම මැස්සන් මෙන් මිනිසුන් බෝ වෙන මැද පෙරදිග හා ආසියාවය. උන්ට ආයුධ විකුණුවාම , උන් ට්‍රයි කොරලා, කොරලා කොහොම හරි මිසලක් දෙකක් ඊශ්‍රායලට ගසන්නෝය. ඉන් ඊශ්‍රායල් කාරයෝ එකෙක් දෙන්නෙක් ද ස්වර්ගස්ථ වෙන්නෝය. ඒ මැරෙන එකා දෙන්නටත් එක්ක,' පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරු - එක පුන් සදෙන් දුරු වෙයි ලොව ගන අදුරු' කියලා පලස්තීනකාරයෝ 100ක් විතර බාවනවාය. ඒ අතර පොඩි පිපෙන්නට වෙර දරන පොඩි ලමුන් සිටිනවාය. ඒතකොට පලස්තීන කාරයන්ට තවත් මල පනිනවාය. මල පැනලා, පැනලා බැරිම තැන ගල් කැටයක් හරි ඊශ්‍රායල් පැත්තට විසි කරනවාය. ඒ පිටින් දමා තව 20-30 ස්වර්ගස්ත කරනවාය. ආයුධ විකුනා ගැනීමේ ප්‍රශ්ණයද විසදෙනවාය. පලස්තීන ව්‍යාප්තියද නැවතෙනවාය . ඒක් පුල් දෝමාලි කියන්නේ ඒකටය.එක ගලට කුරුල්ලොම දෙන්නෙක්ය.//

    ඔන්න මයියෝ ඒ ටික බ්ලොග් එකේ එල්ලුවා.

    ReplyDelete
  10. ස්තූතියි ......මෙය මා බුවාගේ පෝස්ට් එකක් අරඹයා ලියු කොමෙන්‍ටුවකි...රචනා ශෛලිය ගැන කීමට තරම් දෙයක් නැත....

    ReplyDelete
  11. Hay man, what's the problem with you ha?
    What is your school? Learn to speak well and respect people
    before publishing lies.

    Nobody does care's you. Who are you?

    ReplyDelete
    Replies
    1. Thanks for your care to send this message to me on behalf of others :))

      Delete

2222